22 April 2019
RSS Facebook Twitter   

ඇටේ දමා කටේ බේර ගන්න පනේ


ruwanකාළෙකට පස්සෙ , මතක විදියට සොඳුරු සුව අසපුවට ලිපියක් එක් කරන්නේ මාස දෙකකින් විතර. විවිධාකාර වෙනසවීම් , අවිවේකය , වගේ කාරණාවන් ගණනාවක් මේ ප්‍රමාදයට හේතුවුනා. ඒත කාළෙකට පස්සේ “සිංහල බ්ලොග් පරිශ්‍රයට“ ඇවිත් බලත්දි හිතට සතුටක් වගේම පුංචි දුකකුත් ඇති වුනා . සතුටනම් .... අළුත් බ්ලොග් ගණනාවක් එක්වී තිබීම , දුක නම් තිබුණු බොහොම රසවත් , නිර්මාණශිලී වගේම දැනුමක් ලබා ගන්නට තිබුණු බ්ලොග් ගණනාවක් යාවත්කාලීන වන බවක් පෙනෙන්නට නොතිබීම .

පිංතුරය ගත්තේ සිංදු ඇනෝ ගේ පිටුවෙන්
කෙසේ වෙතත් නිවාඩුවක් ලැබුණු දවසේ පුළුවන් සටහන් ටිකක් කියවගෙන යත්දි විශේෂ යමක් ඇස ගැටුන , ඒ අපේ රටේ දක්ෂ වයලීන වාදකයෙක් වුනු රුවන් වීරසේකර සංගීතවේදියා රෝගාතුරව සිටින බව . තව දුරටත් මේ ගැන කියවත්දි දැන ගන්නට ලැබුණෙ ඔහු දියවැඩියා කෝමා තත්තවයෙන් තවමත් පෙළෙන බව (පුවත් පත් වාර්තා අනුව) .

මේ හේතුව ඔස්සේ යමින් , ඔහුට ඉක්මන් සුවය පතමින් දියවැඩියාවේ එක්තරා සංකූලයක් , නැත්නම් අපදාවක් ගැන ලියන්නටයි අද උත්සාහ කරන්නේ . ඒ Hypoglyemic coma හයිපෝග්ලයිසීමික් කෝමා (මේකේ නියම සිංහල වචනය දන්න කෙනෙක් එකතු කළොත් එය වටිනවා) .

එහෙම නම් තවත් වැල්වටාරම් නැතිව මාතෘකාවට ඇතුළු වෙමු. මුලින්ම මේ තත්ත්වයේ මූලය හෙවත් දියවැඩියාව ගැන පොඩ්ඩක් කතා කරල ඉමු.


“දියවැඩියාව“ කියූ පමණින්ම අපේ හිතට එන්නෙ මොනවද ? සීනි එක්ක තරහ වෙච්ච , තුවාල හොඳ වෙන්නෙ නැති , අැස් වල පෙනීමත් අඩුවෙන තව කරදර ගණනාවක් එක්ක දවස ගානේ පෙති ගහමින් හරි ඉන්ජෙක්ෂන් විදිමින් හරි ජීවත් වෙන්නට සිදුවෙන “කරදරකාර“ ලෙඩක් . අපේ රටේ හුඟ දෙනෙකුට දියවැඩියාව පිළිබඳ යම් අවබෝධයක් තිබෙන නිසා වැඩි පුර ඒ ගැන කියන්න යන්නෙ නැහැ. නමුත් සරළ මතක් කිරීමක් කළා කමක් නැහැනේ ?

පුංචි පහේ මං කාළේ ඉඳළම දන්න විදියට අපි ගන්නා ආහාර බඩට ගියාම දිරවන්න පටන් අරගෙන , අවසානයේ එහි තිබෙන පෝෂණ කොටස් ඉතාර සරළ මට්ටමට දිරෙව්වට පස්සෙ බඩවැල් ඕස්සෙ අපේ ලේ වලට උරා ගන්නවා . මේ විදියට උරා ගන්න පෝෂක කොටස් අතර ලොකු ප්‍රෝටින් හදන පුංචි එකා “ඇමයිනෝ අම්ල“ , බඩ තඩි කරන තෙල් කුට්ටිය හදන්න සහයෝගය දෙන මේද අම්ල වගේම “ඇන්ජිම දුවන්න“

AZ d0489-1http://www.connecttoresearch.org/images/pubs/AZ_d0489-1.jpg
ඕන කරන “පැට්‍රෝල් වගේ (මෙහෙ විදියට නම් ගෑස් වගේ) “ වැඩ කරන ග්ලුකෝස් ප්‍රධාන තැනක් ගන්නවා , මීට අමතරව විටමින , විවිධ ඛනිජ අයන වර්ග , ජලය එහෙමත් උරාගන්නවා අපේ ලේ නහර ඇතුලට . මෙ හැමෝගෙන්ම මගේ කතාවට වැදගත් “ග්ලුකෝස් “ ලේ වලට උරා ගෙන නහර ,“ පාරවල් “දිගේ ඉස්සරහට යත්දි , ලේ වල පාවි පාවි ඉන්න “ඉන්සියුලින්“ කියන ටැක්සියේ උදව්වෙන් අපේ සෛල ගෙවල් වලට ළඟා වෙලා , සෛල ඇතුලට ගිහින් එයාට කන්න බොන්න දෙනවා . එහෙම සෛල ගෙවල් වලට ගියාට පස්සෙත් ලේ නහර කියන පාරවල් වල “ග්ලුකොස් “ වැඩිපුරා එකතු වුනොත් ඒ වැඩි පුර ටික අක්මාවට කැන්දගෙන ගිහින් නවාතැන් දෙනවා අක්මාව ඇතුලේ .

හැබැයි දියවැඩියාවෙදි වෙන්නේ මොකක්ද ? නොම්මර එකේ දියවැඩියාව (Type I Diabetic mellitus) තත්ත්වයේදි ඇඟ ඇතුලේ “ඉන්සියුලින් ටැක්සි“ ඇඟ ඇතුලේ හැදෙන්නෙම නැහැ ( මොකද ඉන්සියුලින් හදන ෆැක්ටරි ඇත්තෙම නැහැ කියල කියමු ) , ඉතින් එයාලගේ ඇඟේ ග්ලුකොස් සෛල වලට ගෙනියන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ , ඒ කියන්නේ එයාගේ ඇඟේ සෛල වලට ජීවත් වෙන්න බැරිව යනවා . ඒ නිසා තමයි මේ රෝගීන්ට ඉන්සියුලින් විදිීම අනිවාර්ය , හුඟක් වෙලාවට මේ තත්ත්වය පුංචි දරුව කාළෙම මතුවෙනව . හැබැයි ටිකක් වයසට ගිහින් මතුවෙන්නත් පුළුවන් .

 67032307 diabetes typeshttp://news.bbcimg.co.uk/media/images/67032000/gif/_67032307_diabetes_types.gif
දෙවන වර්ගයේ දියවැඩියාවෙදි වෙන්නේ එක්කෝ ඇඟ ඇතුලේ හදන ඉන්සියුලින් (හරියට ටැක්සි කාර් වගේ) අවශ්‍යතාවට ප්‍රමාණවත් නැහැ , එහෙම නැත්නම් ඉන්න ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ නැහැ . ඒ නිසා තමයි මේ අයට බොහෝ වෙලාවට දියවැඩියා පෙති දීල ඉන්සියුලින් පණ ගන්වල , සෛල එක්ක ගණු දෙනුව හරියට කරවන්න උත්සාහ කරන්නේ .

මේ කෝක වුනත් අපි හිතමු ලෙඩාගේ ඇඟ ඇතුලේ ඉන්සියුලින් නැහැ , නැත්නම් හරියට වැඩ කරන්නේ නැහැ කියල. දැන් කෑමට ගන්න දේවල් ජීරණය වෙලා සාමාන්‍ය විදියටම ලේවලට ග්ලුකෝස් එකතු වෙනවා , ඒත් මේ ග්ලුකෝස් සෛල ඇතුලට ගෙනියන්න ක්‍රමයක් නැහැ ‍, ලේ වල ගොඩගැහෙනවා , මෙන්න මේ තත්ත්වයේදි තමයි ලෙඩාට “සීනි වැඩි වෙලා“ කියල දොස්තර මහත්තයා දියවැඩියා පෙති හරි ඉන්ජෙක්ෂන් හරි නියම කරන්නේ . ඔන්න දැන් තමයි අපෙ කතාවට වැදගත්ම තැන .

අපි දැන් මෙහෙම හිතමු , අපෙ ලෙඩා දොස්තර මහත්තය කියන විදියටම දියවැඩියා බෙහෙත් ගත්ත , කියපු වෙලාවට කෑම බීමත් ගත්ත , දැන් මොකද වෙන්නේ ලේ වලට එකතු වෙන “ග්ලුකෝස්“ බෙහෙත් වලින් උනන්දු කරන ඉන්සියුලින් වල උදව්වෙන් ලේ වල අනවශ්‍ය තරමට ගොඩගැහෙන්නෙ නොදි සෛල වලට යනවා , ඒ කියන්නෙ සෛලත් හොඳට ජීවත් වෙනවා , ලේ වලත් ඕන කරන තරමට ග්ලුකෝස් තියෙනවා , ඒ එක්කම එහෙට මෙහෙමට දුවන ඉන්සියුලින් ටැක්සිත් තියෙනවා , හදිස්සියක් වුනොත් සෛලයට පුළුවන් ටැක්සියකට පොඩි කෝල් එකක් දාල ඕන කරන “ග්ලුකෝස් ටිකක්“ ගෙන්න ගන්න . ඒ කියන්නේ දැන් ලෙඩාට දියවැඩියාව තිබුණත් “හොඳින් පාළනය කරගෙන තිබෙනවා“ .

නමුත් ,
අපේ ලෙඩා දොස්තර මහත්තයා කියන විදියට හරියටම බෙහෙත් ටික බිව්වා , නැත්නම් විදගත්තා , හැබැයි වෙලාවට කෑම ගත්තේ නැහැ . දැන් මොකද වෙන්නේ. ඉන්සියුලින් තිබුනට දැන් සෛල වලට කන බොන දේවල් “ ග්ලුකොස් “ අඩුයි , ඒත් සෛල වලට කෑම ඕන, මොනව කරන්නද ? ඉන්සියුලින් දැනට ලේවල ඉතිරි වෙලා තියෙන “කෑම , ග්ලුකෝස්“ ටික අරගෙන ගිහින් සෛල වලට දෙනවා , වැඩේ තාවකාලිකයි , ඊළඟට ආයෙත් සෛල වලට බඩගිනි වුනාම කෑම ඉල්ලනවා , දැන් ඉතින් දෙන්නේ මොනවද ? වෙනද නම් අක්මාවේ තියෙන ගබඩාවෙන් හරි ගෙනත් දෙන්න පුළුවන් ,ඒත් අද ඒ ගබඩාවේ වැඩත් හරියට කෙරෙන්නෙ නැහැ . දැන් කෑම නැහැ , ඒත් සෛල කෑම ඉල්ලනවා , සෛල කිව්වට ඇඟේ අනිත් සෛල වලට කෑම නැතිව ටිකක් දුෂ්කර ක්‍රියාවක් කරගෙන ඉන්න පුළුවන් වුනත් (දැන් හයිපෝගල්යිසිමික් වුනත් තවම හයිපොග්ලයිසිමික් කෝමා තත්ත්වයට පත් වෙලා නැහැ ) , මොළයෙ සෛල වලට ඕන වෙලාවට කෑම නැති වුනොත් ජීවත් වෙන්න අමාරුයි , ඒ කියන්නේ මොළයෙ සෛල වලට අවශ්‍ය ග්ලුකෝ්ස් ප්‍රමාණය නොලැබුණොත් මොළයේ සෛල මිය යන්නට තිබෙන ඉඩ වැඩියි , මොළයේ සෛල මිය ගියොත් , ඒ අඩුව පුරවන්නට අළුතිත් සෛල පැටවු හැදෙන්නෙ නැති නිසා ( ඒ කියන්නේ ඇඟේ අනෙක් දේහ සෛල මිය ගියත් අළුත් සෛල පැටවු ඇවිත් ඒ අඩුව පුරවනවා ) සිදුවෙන විනාශය විශාලයි , එ් වගේම නැවත නිවැරදි කරන්නට බැරි හානියක් සිදුවන්නේ .මෙන්න මේ විදියට මොළයට නරක බලපෑමක් කරන තත්ත්වය අපි වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ Hypoglycaemic coma කියලා ( Hype කියන්නේ “අඩුවීම“ , Glyca කියන්නේ “සීනි“ emia කියන්නෙ “ලේ වලට coma කියන්නේ සිහිමුර්ජාවට . )

දියවැඩියාවෙදි ඇතිවන්නට පුළුවන් ඉතාම භයානක හදිසි සංකූලයක් තමයි මේ Hypoglycaemic coma තත්ත්වය. මෙතැනි මම භයානක කියන වචනය යොදා ගත්තේ නිසි ලෙස ප්‍රතිකාර නොලදොත් “මරණීය“ වන්නට හෝ ජීවිත කාළය පුරාම පවතින දුබලතාවක් එක්ක සිටින්නට ඉඩ පාදන තත්ත්වයක් නිසා.

දැන් අපි මෙ Hypoglycaemic coma කියන තත්ත්වය පිළිබඳව තව දුරටත් සවිස්තරව කතා කරමු ,

ලේ වල සීනි ප්‍රමාණය , 70mg/dl (3.9 mmol/l) ට වඩා අඩුවුනු අවස්ථාව Hypoglycaemia විදියටයි නම් කරන්නේ , මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් මේ කතා කළ සිදුවීම , ඊට අමතරව අදාල රෝගියා දියවැඩියා ඖෂධ (හෝ ඉන්සියුලින්) අධිමාත්‍රාවක් ගැනීම , එහෙම නැත්නම් ප්‍රමාණයට වඩා ව්‍යායාම කිරීම , නැත්නම් ප්‍රමාණයවත් ආහාර නොගැනීමත් ( විශේෂයෙන්ම අදාල රෝගියා මධ්‍යසාර පානය කළේ නම් සිහි කල්පනාව දුර්වල වෙන්න ඉස්සර සීනි , පිෂ්ඨය අඩංගු ආහාරයක් ලබා ගැනීම හරිම වැදගත්) , මේ තත්ත්වයට හේතුවක්.

diabetessymtomsපටන් ගන්න හැටි
මොනවද රෝග ලක්ෂණ , මුලින්ම කියන්න ඕන මේ (හයිපෝග්ලයිසිමික් තත්ත්වය ඇති වන්න දියවැඩියාවෙන් පෙළෙන කෙනෙක්ට , ඒ කියන්නේ ඔහු හෝ ඇය දන්නවා තමන්නේ ලේ වල සීනි මට්ටම පිළිබඳ සැලකිල්ලෙන් ඉන්න එක වැදගත්බව . මුලින්ම එන්න පුළුවන් පොඩි හිසේ රුදාවක් ,බොඳ වෙලා පේන ගතියක් , බර ගතියක් එක්ක බඩගින්නක් , දියවැඩියාවට ප්‍රතිකාර ගන්න කෙනෙක් හුඟක් සැලකිලිමත් විය යුතු ඒත් හුඟ දෙනෙක් නොසලකා හරින රෝග ලක්ෂණ දෙකක්මේ . තවත් ටික වෙලාවකද ඇඟගැහෙන ගතියක් , වෙව්ලීමක් අසාමාන්‍ය විදියට දහදිය දැමීමක් ඇති වෙන්න පුළුවන් , ( මේක රෑ නිදා ගතිත්දි සිදුවුනොත් ඇඳ රෙදි තෙමෙන තරමට දාඩිය දාල තියෙන්න පුළුවන් ) දැන් හොඳ කල්පනාවෙන් කෑමට යමක් , විශේෂයෙන්ම සීනි සහිත කෑමක් බීමක් නොගත්තෝත තව ටිකකදි පපුව තදින් ගැහෙන බවත් එක්කම කල්පනාව ටිකක් අඩුවටව දැනෙන්ට ඉඩ තිබෙනවා , මෙතැනින් එහාට ගියාම රෝගියා ටිකක් නොසන්සුන් නැත්නම් කළබලකාරී හැසීරීමක් සමහර විට අපස්මාරය රෝගියෙක් වගේ ගැස්මක් පෙන්වන්නත් පුළුවන් . දැන් රෝගියා එක්ක කතා කළොත් ඔහු හෝ ඇය ලබා දෙන උත්තර තේරුම් ගන්න හරිම අමාරුයි , හරියට මත්පැන් වලින් පදම් වුනු කෙනෙක් දෙන උත්තර වගේ පැහැදිල නැති “බර හඬක් “ විතරක් ඇහෙන්න පුළුවන් . (නමුත් රාත්‍රියේ නින්දට ගිය වෙලාවකට නම් මේ සමහර ලක්ෂණ හදුනාගන්නට සිදුනොවන්න පුළුවන් , මක්නිසාද මොළයට අවශ්‍ය ග්ලුකෝස් නොලැබීමත් එක්ක දුර්වල වන , මොළයේ සෛල , නිදමතක් , කල්පනාව අඩු ගතියක් ඇති කරන නිසා ) .

මේ ලක්ෂණ දිහා වැඩි වෙලා බලා නොහිට ඉක්මන් ප්‍රතිකාරයක් ලබා දීමයි වැදගත් . විශේෂයෙන්ම රෝගියාට දැනෙනවා නම් තමන්ට දියවැඩියාව ඇති බව සහ මතුවන ලක්ෂණ ඔස්සෙ Hypoglycaemia තත්ත්වයක් දැයි සැක මතුවනවා නම් බව ඉක්මණින් ආරක්ෂිත තැනකට යන්න , (මේ රිය පදවන අතරේ නම් ඉක්මණින්ම ආරක්ෂිතව රිය නවතා ) වාඩි වෙන්න , තමන් සන්තකයේ ඇති “සිනි මේස හැදි දෙකක් “ විතර කටට හලා ගන්න , නැත්නම් හකුරු කෑල්ලක් , ටොෆියක් (වඩාත්ම හොඳ ග්ලුකෝස් ටිකක් තිබුණානම්) ඊට පස්සේ පුළුවන් නම් පළතුරු බීමක් , සීනි දාපු තේ ටිකක් බොන්න , ( බොන්න දෙන්න ) . බොහෝ විට විනාඩි කිහිපයකදි මතු වුනු ලක්ෂණ ක්‍රමයෙන් අඩුවන බවක් දැනෙනවා , නමුත් කළබල වෙන්න එපා , දැන්ම නැගිටල දුවන්න හදන්න එපා , වඩාත් හොඳයි තවත් කෙනෙක්ගේ සහයෝගය ඇතිව ටික වෙලාවක් රැඳී ඉන්න එක . ( තිබනවා නම් ග්ලුකගන් එන්නත සමට විදගන්නට අවස්ථාව ) මේ අතරේ තමන් ළඟ තිබෙනවා නම් ලේ වල සීනි මට්ටම මනින උපකරණය , පරික්ෂණය කරගෙන දැනට තිබෙන සීනි මට්ටම සටහන කර තබා ගන්න , මොකද තව ටිකකින් රෝහලට ගියාම ඒ දත්ත හුඟක් වැදගත් වන නිසා.

තත්වය යහපත් මට්ටමට පැමිණුනා නම් මේ අවදානම් අවස්ථාව අමතක වන්නට පෙර ළඟම තිබෙන රෝහලට ගිහින් වෛද්‍යවරයෙක් හමුවන්න , මක් නිසාම Hypoglycaemia තත්ත්වය එන්නට හේතු සාධක නැවත සොයා බැලීම හුඟක් වැදගත් නිසා තවත් කීවොත් Hypoglyceamic coma තත්ත්වයට පත්නොවී සිටිම හුඟක්ම වැදගත් නිසා . එතැනදි තමන්ට ඇති වුනු ලක්ෂණ , ඊට පෙර තමන් ඖෂධ ගත්තාද නොගත්තාද වල , කෑම වේල ගත්තාද මග හැරුනාද කියන එකත් වෛද්‍යවරයාට පවසන එක තමන්ගේ ජීවිතයේ ආරක්ෂාවට වැදගත්.

අවසානයේ කියන්න තියෙන දේ කෙටියෙන් කීවොත් ,

දියවැඩියාවෙන් පෙළෙනවා නම් නිසි ලෙස වෛද්‍ය සායනයට යන්න , ඖෂධ නියම වෙලාවට , නියමිත ප්‍රමාණයට ගන්න , පුළුවන් නම් ගන්නා ඖෂධ , ගත් වාර ගනණ , වෙලාව පොත් පිංචක සටහන් කර ලබා ගන්න. ලබා දෙන උපදෙස් වලට අනුකූලව නියමිත කාළ අන්තරයෙන් නොවරදවා ආහාර වේල ගන්න. හැම වෙලාවකම තමන් ළඟ ග්ලුකෝස් ටිකක් , සීනි ටිකක් ටොපියක් දෙකක් , (මාතෘකාවේ ඇටේ කීවේ මේකටයි හොඳේ ) බිස්කට් ටිකක් ළඟ ගන්න. ඒව තිබුණට මතක ඇතිව කට පරිස්සම් කරගන්න . වැදගත්ම දේ රෝගය ගැන , දියවැඩියාවේදි ඇතිවිය හැකි Hypoglycaemia වැනි සංකූල පිළිබඳව දැනුවත්ව ඉන්න , අන්තිමට යන හැම තැනකම තමන්ගෙ රෝග විනිශ්චක කාඩ් පතේ පිටපතක් අරගෙන යන්න . මේ රටවල නම් විශේෂිත අත්පලදනා , පච්චයන් පවා මේ සඳහා යොද ගන්නවා (මේ පව්ව ගැන මීට ඉස්සර කතා කළා වගේ මතකයි මෙන්න මේ ලිපියෙදි http://www.nursinglk.com/2013/07/138_15.html ) .

එහෙම නම් මේ සියල්ල නිවැරදිව කරගෙන ගියොත් දියවැඩියාවෙන් සහ මෙවන් සංකූල වලින් විය හැකි ආපදාවන් අවම කරගන්න පුළුවන් වේවි .

ලිපියේ නිමාවේ නැවතත් අපේ මධුර වයලීන ස්වරයෙන් සිත් සතන් සහනාලූ රුවන් වීරසේකර සංගීතවේදියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි . ( මෙම ලිපිය තුල ඔහු පිළිබඳව සටහන් කළ ඔහු මේ විට රෝගාතුරව සිටින්නේ කිනම් තත්ත්වයක් නිසා දැයි මම නිසි ලෙස නොදනිමි , නමුත් සිංදු ඇනෝගේ මෙම ලිපියෙන් ඔබට තවත් තොරතුරු ලබා ගත හැකි වේවි , http://sinduano.blogspot.ca/2015/05/blog-post_14.html - ස්තුතියි සිංදු ඇනෝට )

ඔහු පිළිබඳ මේ විඩියෝවට ඔබේ නෙත සිත යොමුවනු ඇතැයි උදක්ම අපේකෂා කරමි .

https://www.youtube.com/watch?v=-8avjZMYzx4

-http://www.nursinglk.com/2015/06/171-hypoglycaemic-coma.html

සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්

pairsජිජැක් ගේ කතාවෙන්  පස්සේ කෙලින්ම හිතුන දෙයක් තමා අපි සෝවියට් දේශය විවේචනය කලත් දුෂිත සමාජවාදය කියල, තව කොපමණ හොඳ දේවල් තිබුනද කියන එක. එකක් තමා කෑම. මේ පෝලිම්  ගැන නෙමේ කියන්නේ. කොම්පෝත් හෙවත් පලතුරු යුෂ බීම හා ආහාර ගැන. සෝවියට් එළවළු  කඩවල හා සුපර්මාර්කට් වලත් නිතර දකින්න තිබුන දෙයක් තමා පලතුරු යුෂ බීම. කොපෙක්  විස්සක් වගේ සුළු මුදලක් පමණයි.

සමහර විට ඊටත් අඩුයි.  එවෙලේම හදල දෙනවා පෙයාර්ස් වලින්. නැත්නම් ඇපල් හෝ දොඩම් යුෂ. සිනි ඕනේ නම් දාගන්න පුළුවන්. තිබහම නැත්නම් පෝලිමේ ඉඳන් මේවා බොන්න යන්නේ නැහැ. කඩේ මේවා ගන්න තිබ්බත් කලාතුරකින් තමා ගත්තේ.

එතකොට කොමියුනිස්ට්  පක්ෂයේ හොර ගෙඩියන්ට තිබ්බ කඩවල වික්කේ  පිටරට එව්වා. කේ ජි බි කට්ටියටත්, විදේශික ශිෂ්‍යයෝ අඳුනන කට්ටිය ටත් ඉතින් පිටරට බීම  වර්ග ගණන් පුළුවන්.

ඉතින් ගොර්බචොව් ගේ පාලනය ආවහම රට පොඩ්ඩක් විවෘත වුනා නේ.  ඔන්න ඉතින්  පෙප්සි කෝලා, කොකා කෝලා එන්න ගත්ත. සීනි දාල හදපු දොඩම් යුෂ හෙවත් දොඩම් පාට  ෆැන්ට ආව. ස්ප්‍රයිට් ආව. මමත් ඉතින් රූම් එකට එනකොට අරන් එනවා ගොඩක්. මගදී බොන්නෙත් ඒවා. යාලු වෙලා ඉන්න ගෑල්ලමයි ඉල්ලන්නෙත් ඒවා. පාටියක් දැම්මත් දැන් අර "ලාභ ජරා" සෝවියට් පලතුරු යුෂ වෙනුවට හොයන්  යන්නේ මේවා. මමත්  වැඩියෙන්ම කැමති වුනේ පෙප්සි බොන්න.

දැන් අවුරුදු විස්සකින්  විතර ඉස්සරහට එමු. එංගලන්ත ජිවිතයට. අපේ ළමයින්ට කොකා කෝලා , පෙප්සි දෙන්නේ නැහැ. ඇසිඩ් එනවා. සීනි වැඩියි. සීනි හොඳම නැහැ. අපි දැන් බොන්නේ දුඹුරු සීනි. සුදු සීනි ඇඟට  පුරුදු වුනහම කොකේන් වගේලු. තනිකර කෙමිකල් ප්‍රොඩක්ට් (සමාවෙන්න රසායනික නිෂ්පදනයක්) එකක්.  මම දැන් සිනි දාන්නෙත්  නැහැ තේ වලට. ගහක කොළ වලින් හදපු රස කාරකයක් භාවිතා කරන්නේ.  ළමයින්ට පෙයාර්ස් වලින් හදපු යුෂ බිම නැතත් දොඩම් යුෂ දෙන්නේ දුඹුරු සීනි දාල. ගෙදර පිටිපස්සේ බිරින්දෑ ඇඹුල් චෙරි ගහක් හිටෙව්වා. ඇඟට ගුණයි කන එක බොන එක. එයා  ඒකෙන්  ජෑම් හදනවා . ඇඹුල් බිමක් හදනවා. නින්ද නොමැති කමට, කෑම  දිරවන්න, හන්දි  පත් රුදාවට හොඳයි. ඒ දවස් වල කීසෙල් කියල පහල පින්තුරේ තියෙන ඇඹුල් චෙරි වලින් හදපු බීමක් සෝවියට් දේශයේ තිබ්බ. (පහල පින්තුරය)  මම කටේ තිබ්බේ නැහැ. දැන් තමා දන්නේ ඒවායේ හොඳ .

එංගලන්තේ ස්මුතී කියල බිමක් ආව. දැන් හරි ජනප්‍රියයි. සෞඛ්‍ය සම්පන්නයි. තනිකරම පලතුරු යුෂ කෙසෙල්, ස්ට්‍රෝබෙරි ආදිය එකට දාල හදන්නේ. ටිකක් ගණනුත් වැඩියි. ටිකක්  ලං වෙලා බලන කොට මේ අර සෝවියට් දේශයේ තිබ්බ ලාභ පලතුරු යුෂ බිම එකමනේ කියල තේරෙනව. එංගලන්තේ සීනි වැඩි , ලුණු වැඩි බීම ලාභයි. ගුණ වැඩි යුෂ වර්ග හෙම ගණන්. ලාභ ඒවා ජරාව. 

අර සෝවියට් විද්‍යාඥයෝ ආහාර  දෙපාර්තමේන්තුවේ  පරීක්ෂණ කරලා මිනිසුන්ට බොන්න හොඳයි කියල දුන්න ඒවා සෝවියට් වැසියෝ ගනං ගත්තෙත් නැහැ. අපි ගණන් ගත්තෙත් නැහැ. ඇයි  ඔක්කොම ලොකු පොරවල්,  නිලධාරියෝ බීවෙත් පිටරට ඒවනේ.

ගොර්බගේ කාලෙම ආපු තව දෙයක් තමා බ්‍රොයිලර් කුකුළු මස්.  මම ටිකක්  සීනියර් වෙච්ච කාලේ  ඉතින් කඩේ වැඩ කරන අඳුනන රුස්සෝ රුස්සියෝ ලවා  ගන්නව. පෝලිම තිබුනත් නැතත්. අපේ හිටි පොෂ් ලංකාවේ කෙල්ලෝ  හෙම සමුහ ගොවි පලවල සෝවියට් කුකුළු මස් වලට කිව්වේ රබර් වගේ ඇදෙන ෆ්‍රීස් (ශීත  කරන ලද ) කරලා තිබ්බ ගං කුකුල්ලු කියල. සමුහ ගොවි පලවල හදන ජරාව.  ඒ වගේද හොලන්ඩ් පැත්තේ ඉඳං  එන  බ්‍රොයිලර් කුකුල්ලු. ඒ පැත්තෙන් හුලන් වැදිලා ආවත්  සැපට රහයි. සැපට හැදිච්ච ලොකු රසවත් කුකුල්ලු. 

දැන් ආයෙත් අවුරුදු විස්සක් විතර ඉස්සරහට එමු. බ්‍රොයිලර් කුකුල්ලු කියල කියන්නේ දවස් 28 විතරක් ජිවත් වෙන කුකුල්ලු. උන් ඉන්නේ පුංචිම පුංචි හතරැස් කොටුවක. උන්ව මහත් කරන්න ඕනේ නිසා ඇවිදින්න දෙන්නේ නැහැ. උන් කරන්නේ කන එක විතරයි. දවස් 28 කින් නියම මහතට ආවහම මස් මඩුවට යවනවා. 

මේ කුකුලන්ට ස්ටේරෝයිඩ්ස් දෙනවා (හෝමෝන) මහත් වෙන්න. ඒවා අපේ ඇඟවල් වලට හොඳ නැහැ.  කැන්සර් (පිළිකා) වුනත් හැදෙන්න පුළුවන් වෙන විධිහේ බෙහෙත් උන්ට දෙනවා. ප්‍රති ජීවක ඖශධ වගේ දේ. ඉතින් මොකද කරන්නේ. දැන් අපි ගන්නේ ෆ්‍රී රේන්ජ් චිකන් ඒ කියන්නේ දුවල පැනල නිදහසේ ෆාර්ම්  එකේ හිටපු කුකුල්ලු. එහෙම නැත්නම් කෝර්න් ෆෙඩ් හෙවත් ඉරිඟු කන්න දුන්  "නිදහස්" කුකුල්ලු. එහෙමත් නැත්නම් ඔර්ගනික් කුකුල්ලු - ඒ කියන්නේ කාබනික අහරගන්න  අර කූඩු  අස්සේ හිර නොවී ඉන්න එවුන්. දැන් වැඩේ මේ කුකුළු මස් ඔක්කොම ගණන්. කිලෝ එකක් පවුම් 6-8ක් විතර. රුපියල් 1200-1400 විතර. හැබැයි අර දින 28 බ්‍රොයිලර් එවුන් පවුම් 3ටත් අඩුයි සමහර වෙලාවට. 

මම පසුගිය අවුරුද්දක ලංකාවට ආපු වෙලේ මල්ලිත් එක්ක සුපර්මාර්කට් එකකට ගියා. පොර කුකුළු මස් ගන්න කොට මම කැමති වුනේ නැහැ. පෙනුමට අර බ්‍රොයිලර් වගේ. මම ඇහුවා ගං  කුකුල්ලු නැත්ද කියල මල්ලි ගෙන් . පස්සේ කැරකිලා කැරකිලා පොඩි කඩේකට  ගියා. මල්ලි කණු කුණු ගෑව , මේක හරියට සුද්ධ වෙලත් නැහැ, සුපර්මාර්කට්  එකේ වගේ හොඳ  පාටක් නැහැ. මේ ගම්වල ගෙවල් වල හදන කුකුලොනේ, කියල. මං  කිව්වා හරි ඒකම තමා  ඕනේ කියල. 

සමුහ ගොවිපලවල් කුකුලන්ට නිදහසේ  ඇවිදින්න කරන්න නිදහසත් තිබ්බ. හැබැයි ගං කුකුල්ලු කියල අපි කැමති වුනේ නැහැ. වෙජිටේරියන් වුනා නම් වඩා ලේසියි. ඒත් වැඩක් නැහැ ගහන පලිබෝධ නාශක ප්‍රමාණය දිහා බැලුවහම.

ලංකාවේදී  A/L කරන කාලේ මගේ යාළුවෙක් එක්ක උදේට දුවනවා. යාලුව රගර් ගහපු නිසා හොඳට ව්‍යායාම කරන කෙනෙක්.   එන ගමන් කිරි පැකට් එකක් බොනවා අරගෙන.  මුකුත් ප්‍රශ්නයක් නැහැ. සෝවියට්  දේශයේ ස්මිතානා කියන යෝගට් වගේ පානය ට  මම හරි කැමතියි.  ඒ වගේම කෙෆිර් කියන යෝගට් පානය. අපේ හිටිය වඩුගේ කියල සීනියර් අය්යා කෙනෙක්. එයා ගෙන්  තමා ඒක බොන්න පුරුදු වුනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. 

අවුරුදු විස්සක් ඉදිරියට එමු . පහුගිය අවුරුදු දහය ඇතුලත හරිම අමාරුවෙන් හිටියේ. බඩේ අමාරුවක් නිසා. බඩ  පිපෙනවා. මොනවා කෑවත් හිටපු ගමන් පලු වගේ එනවා. රෑට නිදා ගන්න බැහැ  හුස්ම හිර වෙනවා. ටින් කෑම , බෝතල් කෑම , චීස්  කිරි පොඩ්ඩක් වත් බොන්න බැහැ. යෝගට් කන්න බැහැ. ක්‍රීම්  දාපුව කන්න බැහැ.  ජර්මනියේදී ට්‍රයි කරා ඔර්ගනික් (ඓන්ද්‍රිය නැත්නම් ස්වභාවික)  කිරි. ඒත් හරි ගියේ නැහැ. ජීපී (ආණ්ඩුවේ පවුලේ දොස්තර) ට කිව්වහම අසාත්මිකතාවය තියෙන එක හොයා ගන්න කියා කිව්වා මිසක් මුකුත්  කලේ නැහැ. පස්සේ ඔෆිස් එකෙන් දෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයෙන් ගියා චෙක් කරන්න. පවුම් 2000 ක විතර රක්ෂණයෙන් ගෙව්වා එකට. පරීක්ෂණ දහයක් විතර කරලා කිව්වා මට කිරි වල තියෙන ලැක්ටෝස් හරි යන්නේ නැතිලු. (lactose intolerance). මට මල පැනපු පාර කන්සල්ටන්ට් එක්ක වාද කලා . එහෙම නම් කොහොමද මම පොඩි  කාලේ කිරි බිව්වේ ලංකාවේදී. රුසියාවේදී බිව්වා ප්‍රශ්නයක් වුනේ නැත්තේ මොකද වගේ දේ? මිනිහ කිව්වා කිරි වල ප්‍රශ්නය ආසියාවේ හැමෝටම තියෙනවා කියල. අපි හරියට පරිණාමය වෙලා නැහැල්ලු. මැරෙන්න හිනා ගියා ඒක අහල. ඉන්දියාවේ කිරි ඔච්චර බොන්නේ ඇයි කියල ඇහුවම කට උත්තර නැති වුනා පොරට.   පස්සේ මම ඉන්දියාවට ගිය වෙලේ 2008 විතර, ඉන්දියන් තේ බිව්වා කිරි වලින්ම හදන වතුර නොදා. පස්සේ යෝගට් කෑව. තව කිරි වලින් හදන බිම බීව. කිසි ප්‍රශ්නයක් නැහැ.

ඔය අතරේදී මට කල්පනා වුනා මගේ ළමයි පුංචි කාලේ කිරි බොන කොට , යෝගට් කන කොට අසාත්මික තාවක්  ආව නේද  කියල.  අපි පාට  පාට, ගණන් යෝගට් නැතුව සරල  ඔර්ගනික් යෝගට් දුන්නම හරි ගියා. 

ළමයි නිකන් කිරි වලට පුරුදු වුනා  වගේ දෙයක් වුනේ. (ලොකු දුවට ආයෙත් ඒක  හැදිලා දැන් ). ඔය අතරේදී ගිය එංගලන්තේ ගොවිපලක් බලන්න. ළමයි ව එක්කන් ගියා චාරිකාවක් නිසා. එතැනදී දැක්ක  දෙයින් මට වැටහුනා මගේ ප්‍රශ්නය. එතන එළදෙනුන්ට තණකොළ දුන්නත් කන්නේ නැහැ වගේ  දැක්කේ. උන් කන්නේ පොඩි දර කෑලි  වගේ (පුන්නක්කු නොවේ) ජාතියක්. අහල බලන කොට ඒ ගව ආහාර වල  ස්ටෙරෝයිඩ් (හෝමෝන ජාති) , ප්‍රති ජීවක ඖෂධ, විටමින් ජාති , කිරි වැඩි පුර එන්න මොකක්ද රසායනිකයක් වගේ දේවල්  දාල හදපු කෑමක්. ඉස්සර හරක් හා බැටළු මසුත් තිබිල තියෙනවා. අර හරකුන්ට හැදුන  CJD ලෙඩෙන් පස්සේ මස් අඩංගු කෑම දීම තහනම්. ඒත් මාළු තියෙනවා මන් හිතන්නේ. තණකොළ කන්නේ නැති හරක්. මට වෙලා තියෙන්නේ මේ කිරි වල තියෙන  රසායනික වලින් එන අසාත්මික තාවයක්.  හොයල බලන කොට මේ එළකිරි වල වෙනම ප්‍රෝටීන් වර්ග වගයක් නිපද වෙනවා. කෘතීම ඒවා. ජර්මනියේ පමණක් නොව මුළු යුරෝපයේම කිරි වල එහෙමයි.  ඒවායෙන්  සමහර අයට අසාත්මික තාවයන් ඇති වෙන්න පුළුවන්. ඉන්දියාවේ කිරි මට බොන්න පුළුවන් වුනේ ඒවා වල මේ අමුතු  ප්‍රෝටීන් වර්ගය නැති නිසා. දැන් මිල අධික කිරි වර්ගයක් එනවා A2 කියල. අර කිරි වලින් අසාත්මිකතාව ඇති කරන ප්‍රෝටීන් එක අයින් කරපු. ඉස්සෙල්ල එහෙම අමුතු කිරි හදල දැන් ඒවා වලින් ප්‍රෝටීන් අයින් කරලා ආයි වැඩි ගානට විකුනනව. අර සමුහ ගොවිපලවල් වල තිබ්බ විධිහට  සාමාන්‍ය  තණකොළ කාල හැදෙන එළදෙනුන්ගේ  කිරි වල මේ ප්‍රශ්න නැහැ. හැබැයි සෝවියට් රජය අන්තිම කාලේ බටහිර ක්‍රම අත්හදා බැලුව.

ඒ කාලේ සමාජවාදී රටවල් තිබ්බ ප්‍රශ්නයක් තමා අහර විකුණන කඩවල පෝලිම්. ඒවා ගැන මිට කලින් කතා කරලා තිබෙන නිසා මෙතන ලියන්නේ නැහැ. ඇයි ඒවා ඇති වුනේ කියල. එක පවුලේ අම්මා  පෝලිමේ එක තැනක. දුව හෝ පුතා තව තැනක. සැමියා තව කොනක. එතකොට තම වැඩිපුර දොඩම් මල්ලක්, කෙහෙල් ටිකක්, මස් ටිකක් ගණන් පුළුවන්. ඒවා වල වැසියන් නැවත ඒ ක්‍රමයටයන්න කැමති නැහැ. ධනවාදී ක්‍රමයේ අහාර කොච්චර නුගුණ වුනත්. ගණන් වැඩි වුනත්. 

හැබැයි ඉතින් දැන් බටහිර ඉන්න අපි ආපහු  නැවත යනව.  සරල ක්‍රම වලට. වඩා  සෞඛ්‍යයට හිතකර වගා  ක්‍රම වලට. මස් මාළු නිෂ්පාදනයට.  හිමින් හිමින් සමාජවාදයට යනවද? මොකද ඩෙන්මාර්ක් වල මේ පැත්තෙන් හුඟක් ඉහලයි තත්වය. මේ සමාජවාදය ලෙනින්, ස්ටාලින්, මාඕ, විජේවීර කියූ විධිහට නොව වෙනස් විධිහට හැඩ  ගැසෙමින් එනවා වත්ද? 

  http://kolambagamaya.blogspot.co.uk/2015/06/blog-post_5.html

කල්ලල් ලෑ බොල්ලත් ලෑ ඉල්ලත් ලෑ- අපි නොදන්න ඩයබිටීස්

diabetesඑක්සිත්:හලෝ කොහෙද මේ උදෙන්ම?

චරිත්:මම මේ යූරීන් එකක් චෙක් කරගෙන එන ගමං මචං බ්ලඩ් ෂුග(ර්) මචං

ඒ හඬේ මහ උජාරුවක් තිබ්බද මන්දා. බ්ලඩ් ෂුගර් (ව්‍යවාහාරික වචනය ) හරි හයි බ්ලඩ් ප්‍රෙෂ (ර්) තියෙනවා කියන්නෙ නිකං සල්ලිකාරයොන්ට හැදෙන ලෙඩක් වගේ මෙයා හිතන් ඉන්නෙ. මට හිතුනෙ එහෙම

කතා කරන ගමන්ම සිගරට් එකක් පත්තු කරගත්ත එක්සිත්, චරිත් දිහාවටත් සිගරට් පැකට් එක දික් කළා.

මටත් ඉතින්ං කටකලියාව අරං යන්නත් බැරි වුණා.

මම: ඔය ලෙඩේ තියෙන අයට සිගරට් බොන්න හොඳ නැහැනේ? 

මා දිහා නොරිස්සුමෙන් බැලුවා එයා . "වෙන මොනවද හොඳ නැත්තේ දොස්තර නෝනේ? " කියලා ඇහුවා.


මම:  නුසුදුසු දේවල් කන්න හොඳ නැහැ.

        ව්‍යායාම නොකර ඉන්න හොඳ නැහැ.
        බ්ලඩ් ප්‍රෙෂර් කන්ට්‍රොල් නොකර ඉන්න හොඳ නැහැ.
        සුදුසු බරක් පවත්වගෙන යන්න ඕනි.
        දුම්කොළ බාවිතය හොඳ නැහැ

චරිත්:ඕක ඉතින් කවුරුත් කියන බනේනෙ? යමුද තේ එකක් බොන්න?

අපි තුන්දෙනාම ළඟ තියෙන කඩේකට ගිය තේ බොන්න.


චරිත්: අපිට ශෝර්ට් ඊට්ස් ගේන්න. කොකා කෝලා එකයි නන්ගි මොනවද බොන්නේ. 

මම:මට වතුර බෝතලයක් 


චරිත්: නංගි කාල මරණං අකාළ මරණං කියල දෙකක් තියෙනව නෙ? කාලම මැරෙමු. ඔන්න ඔහෙ කන්න ළමයෝ ( සුහද ආරධනාවක් චරිත්ගෙන්) 


මම: එක සැරේ මැරෙනව නම් කමක් නැහැ අය්යේ. විඳවන්න වෙනව නේ? අපිට විතරක් නෙවි අපි ළඟ ඉන්න අයටත් 

අන්ධභාවය
වකුගඩු නරක්වීම
පාද කපා ඉවත්කිරීමට වීම
හෘදයාබාද
අංශබාගය 
ලිංගික ශක්තිය හීනවීම වගේ ලෙඩ හැදෙන්න පුළුවනි

චරිත්: අම්මෝ ඔයා මාව බය කරනවද?


මම: අනේ නැහැ අය්යේ.දියවැඩියා වර්ග දෙක තියෙනවා අය්යා දන්නවද?


පළමු වර්ගය ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් ඩයබිටිස්  කියල කියන්නේ.ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් දින පතා ගන්නම වෙනවා ඒ අයට .ලේ වල සීනි මට්ටම අධිකව වැඩිවෙලා "අධි ග්ලූකෝසියාව" හරි සීනි මට්ටම  හොඳටම "අඩුවෙලා අවග්ලුකොසියාව"  හරි ලේ වල එකතුවෙන කීටෝන්  කියන විෂ අම්ල එකතු වෙලා කිටෝ ඇසිඩෝසියාව  ඇතිවෙන්න පුලුවන් .සිහිමුර්ජා වෙන්න පුළුවන් මේ සංකූලතා තුනෙන්ම.


චරිත්: මට නම් ඇත්තේ දෙවෙනි වර්ගය වෙන්න ඕනි


මම:ලංකාවේ දියවැඩියා රොගීන් ගෙන් 95% කම දෙවෙනි වර්ගයේ අයළු 

චරිත් :   අම්මෝ ඇති යන්තම් 

මම : ඒ මොකෝ ඒ ?


චරිත් : ඔයා "ළු" කිව්වා . මම හිතුවේ ඔක්කොම දන්නවා කියලා 


මම: නැහැ ඉතින් සංඛ්‍යා ලේකන දැන් වෙනස් වෙන්න පුළුවනි නේ ?

දෙවෙනි වර්ගයේ අය අග්න්‍යාසයට පුළුවනි නැවත ඉන්සියුලින් හදන්නත් ඒව හරි විදිහට ක්‍රියාත්මක කරන්නත්

චරිත් : එහෙම වෙන්නේ කොහොමද ?


මම: දෙවෙනි වර්ගයේ දියවැඩියාව තියෙන අයගේ ඉන්සියුලින් නිෂ්පාදනය වෙනවා එත් ඒවා හරි විධියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ එකට තරබාරුවත් හේතුවක් .ඉන්සියුලින් තිබිලත් නිසි විධිහට ක්‍රියාත්මක් වෙන්නේ නැති එකට " ඉන්සියුලින් ප්‍රතිරෝධය " කියලා කියනවා .පෙති බිව්වට විතරක්ම  මදි . බර අඩු කරගන්නත් ඕනි .
දන්නවද බල්ලොන්ටත් ඔය ලෙඩේ හැදෙනවා. කොහොමද දන්නවද බල්ලෝ මහත වැඩිද කියල බලන ලේසිම ක්‍රමය?
උන්ගේ ඉල ඇට ලඟ පොඩ්ඩක් අත ගෑවම තෙල් තට්ටුව මහතට අහුවෙනවා නම් එයා මහත වැඩියි 
..
චරිත් : බල්ලොන්ගේ විතරද අල්ලලා කියන්න පුළුවනි ?

(වහෙන් ඔරෝ කිව්වද මන්දා )


මම : ම් ම්  ම් ම්  ම් ම්  ම් ම්  බල්ලොන්ගේ වගේම කොල්ලොන්ගේත් බඩ හරියේ මස් ටික අඟල් 2කට වඩා වැඩි නම් එයා මහත වැඩිලු .


චරිත්: ඒ කිව්වේ මට තේරුනේ නැහැ 

එකසිත් : ඇයි  ඉතින් තේ  කෑ වේ නැත්තේ   ?


මම: පපුවට පහලින් මාපට ඇඟිල්ල තියලා ඉතුරු ඇගිලි හතරින් බඩ  මිරිකන්න වගේ අල්ලනකොට අඟල් 2කට වඩා වැඩි මස් ප්‍රමාණයක් අහුවෙනවා නම් මහත  වැඩියි කියලා කියන්නේ .


එක්සිත් : ඩොක්ට කෙනෙක් වෙන එකත් ආතල් වැඩේ නේද බන් ඇයි ඉතිං හැම එකීගෙම 


මම: ඔන්න පටන් ගත්තා.එයාලා උසට හරියන බර තියෙනවද කියල බලන චාර්ට් එකක් ළඟ තියන් ඉන්නේ .


එක්සිත්: අපි දන්නවා හලෝ ඒක . දන්නේ නැති දෙයක් කියනවකෝ 

ඔයාගේ බර කිලොග්‍රම්  වලින් මැනලා  ඒක  ඔයාගේ උස මිඉටර් ගානෙන් බෙදලා ඒ එන උත්තරේ ආපහු උසෙන් බෙදුවම එනවා BMI  එක . ඔයාගේ බර 75 ක නම් උස 1. 7 m  නම් 75 / 1.7 = 40 යි  40/17 = 22. 9

BMI 
ඉතින් බර අඩු  = <18.5
සාමාන්‍ය බර  = 18.5–24.9 
බර වැඩි = 25–29.9 

අධික ස්ථූල  = BMI of 30 or greater

කාටද ඕව ගණන් කරන්න පුලුවනි?


calculate BMI type කරල  google සර්ච් කරන්නකෝ ගාන හදලම දෙනවා

ඉතින් බොඩි මාස් ඉන්ඩෙක්ස් (BMI ) එක වැඩිනම් ඩයබිටීස් දෙවෙනි වර්ගය හැදෙන්න ඇති ඉඩ කඩ වැඩි

චරිත්:ඉතින් අපිට ගැලපෙන බර හොයාගන්න ක්‍රමයක් තියෙනවද?


මම:ඔව්.උස සෙන්ටිමීටර් වලින් අරගෙන ඒකෙන් 100 ක් අඩු කරන්න ලැබෙන උත්තරය  0.9 න් වැඩි කරන්න


උදාහරනයක් කියන්නම් මගේ උස සෙන්ටිමීටර 170 නම් 100ක් අඩු කළාම 70 යි  උත්තරය ( 70 )  0.9 න් වැඩි කලාම 63යි  


ඒ කියන්නෙ මගෙ උසට ගැලපෙන බර කිලෝග්‍රෑම 63 යි

එක්සිත්:රෝග ලක්ෂන මොනවද?


මම:සිරුරේ ඇති වෙන වෙහෙස

ඈලි මෑලි දුබල ගතිය
අධික පිපාසය
අධික බඩ ගින්න
නිතර නිතර මුත්‍ර පිටවීම
ඇස් පෙනුම අඩුවීම හෝ බොඳවී යාම
අතේ පයේ හිරි ගතිය හෝ දැවිල්ල
තුවාල සුවවීමට කල්යාම
ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගය අවට ඇතිවන දිලීර අසාදන
පිරිමින්ගේ මුත්‍රා පිට කරන ප්‍රදේශය පෙර සම පුපුරා වනවීම
ලිංගික ශක්තිය දුර්වල වීම
මේවගෙන් කීපයක් තියෙන්නත් පුළුවනි නැතිවෙන්නත් පුළුවනි

එකසිත්: අප්පෝ මාත් චෙක් කරගත්තොත් හොඳයි. ෆාමර්සි එකෙන් බැරිද?


මම: ඩොක්ටර් කෙනෙක් කන්සල්ට කරන එක තමා හොඳ


එකසිත්: ඩොක්ටර් මොනවද චෙක් කරන්නේ?
මම: 1. ඒ වෙලාවෙම (RBS ) (Random Blood Sugar )අහඹු රුධිර සීනි පරීක්ෂාව කරයි

2.පැය 12ක් නිරාහාරව ඉඳල ග්ලූකෝස් මට්ටම බලයි දියවැඩියාව නැත්නම් 126 /dl ට වඩා අඩු විය යුතුයිනිරාහාර රුධිර සීනි පරීක්ෂාව ( FBS ) ( Fasting Blood Sugar ) 
3.මුඛ ග්ලූකෝස් දැරීමේ හැකියාව(Oral Glucose Tolerance Test)පළමු නිරාහර රුධිර පරීකෂණයක් කරල.. ඊට පස්සේ ග්ලූකෝස් ග්‍රෑම් 75ක් වත්‍ර මි.ලි.300 ක් දිය කරල බොන්න දීල පැය භාගෙකට වරක් රුධිරයේ ග්ලූකෝස් මට්ටම මනිනව.
4. (HBAIC) තුන්මස් පරීක්ෂාව. මේකෙන් බලන්නේ දිය වැඩියාවා හොඳින් පාලනය වෙමින් තියෙනවද බලන එක

චරිත් :ග්ලූකොමීටර් එකක් කියන්නෙ මොකද්ද?


මම:රුධිරයේ ඇති ග්ලුකෝස් මට්ටම  තමන්ටම මැන ගන්න පුළුවන් උපකරණයක්. හරිම ලේසිලු.ඇඟිල්ල චුට්ටක් සිදුරු කරල රුධිර බින්දුවක් ඒකෙ තියෙන පටියට දාල තප්පර කිහිපයකින් තොරතුරු සටහන් වෙනවා කියල තමා කියන්නෙ

මම:ඉතින් දියවැඩියාව ඇති අය පරිස්සම් වෙන්න ඕනි මොනව ගෙන්ද දන්නවද?
හැමදාම කකුල හොඳට සෝදල තෙත මාත්තු කරල විපරම් කරන්න ඕනි පුන්චි හරි තුවාලයක් තියෙනවද කියල

එක්සිත්: ඒ මොකෝ ඒ? මූ නම් බජාර් එකේ හොඳ කකුළක් තමා නංගි


මම:හොඳ කකුළ රැකගත්තෙ නම් ඉතින් මැරෙන්න තමා වෙන්නෙ.පාද සංරක්ෂණය  සහ දන්ත  සංරක්ෂණය  වැදගත් කියලනේ කියන්නේ .

කකුල් වලට රුධිරය සැපයෙන ප්‍රධාන රුධිර නාල වල සිදුවන විනාශය , රුධිර කේශනාලිකා  වන විනාශය පාද වලට සැපයෙන ස්නායු දුර්වලවීම නිසා මුල  සිටම පාද රැකගන්න ඕනි , සුළු කැපීම් සිරිම ගල් තැලුම් ඇඟිලි කරු අතර වනවිම ,කටු පිළිකා කලින්ම හදුනගන්න  පුළුවංනේ එකයි එහෙම කියන්නේ 

චරිත : අය්යො දැන නම් එපා වෙනවා නේ 

මම: එහෙම කියන්නේ ඇයි ? ලෙඩේ හදුනාගෙන පරිස්සම් වෙලා හිටියම හරිනේ?

තහනම් අහාර ටිකයි නේ තියෙන්නේ? තහනම් අහාර වෙන්නේ ග්ලුකෝස්, සුදු සිනි . රතුසිනි, සුකිරි, මී පැණි , කිතුල් පැණි උක් පැණි උක් දඩු , සිනි බෝල, චුයින්ගම් චොකලට් දොදොල් මසකට්‍ ජුජුප්ස් , අයිස්ක්‍රීම් , කෝඩියල් පැණි බිම , සිරප් වර්ග , කැවුම් , වටලප්පන් , පේස්ට්‍රි   වර්ග කේක් දෝසි පුහුල් දෝසි , ෆැන්ටා 


චරිත්: අම්මෝ ඇති ඇති කන්න හොඳ ඒව ටිකක් කියන්නකො


මම: ඕන තරම් කෑවට කමක් නැති ඒවා ටිකක් කියන්නද?ගෝවා, නෝකෝල්, සලාද ලීකස් තක්කාලි දඹල ගොටුකොළ කන්කුං මුකුණුවැන්න පතෝල වැටකොළු බණ්ඩක්ක පොලොස් කෙසෙල් මුව කොහිල මාළු මිරිස් මිංචි සාරණ තම්පලා නිවිති,
ම්.ම්.ම්.ම්ම්.ම්
කෝපි රණවරා පොල්පලා සීනි නොදැමූ තේ මමයිට වෙජිමයිට බෙලිමල් සින්නි නොදමා කෘතීම ලෙස රස කළ ජෙලටින් වර්ග 

එතකොට ජම්බු දිවුල් නෙල්ලි වෙරළු ලොවි දෙළුම් බෙලි පැනිකොමඩු පත්තක්කා

පමන දැන ගත යුතු අහාර නැත්ද මුකුත්?
මෙහෙමයි. අපි ගන්න කැලරි ප්‍රමාණය තමා වදගත්

බත් නම් වරකට කොප්ප 2ක්
පාන් වරකට පෙති 2ක්
විස්කෝතු 1/2 ක්
නූඩ්ල්ස් කෝප්ප 1ක්
ඉඳි ආප්ප 4ක්
රොටී නම් පොඩි 2ක්
තෝසෙ 2ක්

ඔක්කොම එක සැරේ නෙවිනෙ?මම; නැහැ කොස් දෙල් බතල මය්යොක්කා අර්තාපල් නෙළුම් අල,කෙසෙල් ගෙඩි, පැණි දොඩම්, අලි පේර ( 1/4) ෆැශන් ෆෘට්, කජු පුහුලන් තැඹිලි ඇපල්

චරිත්: ඇති ඇති කෙටියෙන් කියන බැරිද?

මම:මෙහෙමයි ඉතින් පැනිරස / පිටි සහිත අහාර හොඳම නැහැ

චරිත්:මත්පැන් එතකොට සිගරට්?

මම:අහන්න දෙයක්ද? හොඳම නැහැ

ඩ්‍රින්ක්ස් ගන්න කොට බයිට්ස් කන්න තවත් හොඳ නැහැ. අනික බිව්වම අනිත අය දන්නෙත් නැහැනෙ සූර් ද නැතිනම් කෝමා එකක්ද කියලා

චරිත්: එතකොට කල්ලල් ලෑ බොල්ලත් ලෑ ඉල්ලත් ලෑ වගේ නේ

මම: එහෙම නැහැ ඉතින් කෙඳි සහිත ආහර ටිකක් වැඩිපුර කෑවම හරිනෙ?

කන ප්‍රමාණය ගැන හිතට මදි නම් කෑම වේල් කිහිපයක් 6ක් විතර හැබැයි චුට්ට චුට්ට කෑවනම් හරිනෙ?

ඊට පස්සේ ව්‍යායාම කරල හිටියම හරි

චරිත්: ලෙඩ්ඩුන්ට හොඳය ව්‍යායාම කරන්න?

මම : මොකද නැත්තේ? පලවෙනි එක දියවැඩියාව කියන්නේ රෝගයක් නෙවි .සමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවනි

දිය වැඩියා රෝගීන්ට මේකෙන් වාසි ගොඩක් වෙනවා කියන්නද?
1. බර පාලනය වෙනවා
2. සීනි මට්ටම පාලනය වෙනවා
3. ල් ඩ්ල් අඩු වෙලා හ් ඩ් ල් වැඩිවෙනවා
4, රුධිරවාහිනී වල සිරවීම වැලකෙනවා
5, මල බද්ධය අඩුවෙනවා
6,සුව නින්දක් ලැබෙනව
7.ගත යුතු ඖෂද  ප්‍රමාණය අඩු කරන්න පුලුවන් වෙනවා
8. හෘද පෙනහළු අස්ථි ශ සන්ධි වඩාත් ශක්තිමහ් වෙනවා
9.සිතටත් ගතටහ් සනීපයක් දැනෙනව
10 කකුල් වලට සැපයෙන රුධිරය වැඩිවෙන නිසා කකුල් වල ඇතිවෙන සංකූලතාවයපහවී යනවා


** දියවැඩියාවෙන් පෙලෙන කෙනෙක් විනාඩි 20 ක් විතර වේගයෙන් ඇවිද්දොත් ,රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඩෙසි ලීටරයට මිලි ග්‍රෑම් 2ක් විතර අඩු වෙනවා කියල තමා කියන්නෙ

තව ගැලපෙන ව්‍යායාමය ඩොක්ටර් කෙනෙක්ගෙනම් අහල තීරණය කරන්න ඕනි 

චරිත්:අපිට කොයින්ද නංගි ජිම් යන්න සල්ලි
මම :1 වේගයෙන් ඇවිදීම
2. පිහිනීම
3. බයිසිකල් පැදීම
4. කබඩි 
5.නැටීම
6. ටෙනිස්
7,බැඩ්මින්ටන්
8. ටේබල් ටෙනිස්
9.සින්දුවක් දාගෙන කාමරේ ඇතුලෙ නැටුවත් ඇති කියන්නෙ  සල්ලිම ඕනි නැහැ .වුනත් කමක් නැහැ කියලනේ කියන්නෙ

එක්සිත්: ඒක නෙවි . මම කියවලා තියන්ව දියවැඩියාව තියෙන අය කාර්ඩ් එකක් සාක්කුවේ දාගෙන යන්න ඕනි කියලා

චරිත්: ඒ මොකටද?

මම: මම දිය වැඩියාවෙන් පෙළෙමි මගේ හැසිරීමේ වෙනසක් ඇති උනොත් කරුණාකර සීනි මේස හැඳි 2ක් වතුරේ දිය කර පොවා විනාඩි 10ක් ඇතුලත සිහිය නාවොත් රෝහල් ගත කරන්න  . කියලා ලියල 
නම:.....
ලිපිනය:
දුරකතන අංකය
ඩොක්ටර්ගෙ නම / දුරකතන අංකය

හැබැයි ඉතින් මම ඕක කියෙව්වේ පොතකින්, ලංකාවෙත් එහෙමද දන්නෙ නැහැ

චරිත් :ඉතින් දියවැඩියාව වැඩිවෙලාද දන්නෙත් නැහැනෙ

මම: ඔව් ඒත් ඩොක්ටර්ස් ලා කියන්නෙ වැඩි උනොත් අපි බලාගන්නම් අඩුම ගානෙ සීනි දාපු කිරිතේ එකක් හරි දීල එක්ක එන්න කියලා
 

යහපාලනයට කුඩ්ඩන්ද මැරයන්ද ඇතුලත් වේ - Good Governance with drug dealers and thugs

yahapalanakuddoකරුණු සිඳුවෙමින් තිබෙනා ආකාරයට, යහපාලනය තුලද සිඳුවන්නේ කලින් සිඳුවූ සිද්දි දාමයන්ම බවත්, එකම වෙනස තනතුරු කීපයක පුද්ගලයන් වෙනස් වීමක් බවත් කනගාටුවෙන් උනත් කිව යුතුමය. නායකත්වයට පත්වූ දිනයේ පටන් ඇදගෙන නානා රනිල් විකුම්සිංහ 2004 දී ඉල්ලගෙන කෑවේ කොටි එක්ක ආතල් එකක් ගන්න ගොසින්ය. කොහේදෝ යන පොට්ට චෑන්ස් එකකින් 2015 පින් අගමැතිකමක් ලද්දේ වුවද, දින කීපයක් යන්නට මත්තෙන් ඉල්ලගෙන කෑවේ සිංගප්පුරූවේ නයෙක් රෙද්ද අස්සේ දාගෙනය.

මේ රටේ අති බහුතරය වූ ජහ මනයා පමණක් නොව සම හරක් දේශපාලුවන්ද සිතාගෙන ඉන්නේ මේ රටේ නායකයා රනිල් වික්‍රමසිංහ කියලාය. ඒ ඉතරක් නොව රනිල් උන්නැහෙත් හිතාගෙන ඉන්නේ එහෙමමය. කෙනෙක් ඒක පරසනැලිටි ප්‍රොබ්ලම් එකක් කියා හිතනවා නම්, ඒක රෝන්ග් ඩිසිසොන් එකක්ය. එකෙක්වත් රනිල්ට නායකත්වය දුන්නේ නැතුවා පමනක් නොව, අම්මට සිරි ලංකාවේ විවස්ථාවද මක්කද සෙප්පඩ විජ්ජාවට අනුව, මේ රටේ නායකයා තවමත් "විධායක" ජනාධිපතිමය.

අවුරුදු හැටපන් කෝටියක් විතර වැඩවසම් ගෝත්‍රික ක්‍රමයකට හුරු පුරුදු වූ ගෝත්‍රිකයන් වෙසෙනා රටක නායකත්වයට පත්වෙන එකා හිතන්නේ, ඌට එහා පොරක් නැතෙයිය කියලාය. ජය මනයා හිතන්නේ පෙර කල පවට යටත් වැසියෝ වෙලා ඉපදිලා කියලාය. උන්ට රජෙකුගෙන් තොරව පැවත්මක් නැත්තේය. එහෙව් හරක් රජ්ජුරුවන්ට උගේ වාහේ පමණක් නොව දුව උනත් දෙනවාය. එහෙම දීලත් සැටිස් නැති නිසා, සජ්ජුරුවෝ කැමති නම්, තමන්ගේ පුච බෝලේ උනත් රාජ සන්තක කොරනවාය. ඒ ඉතරක් නොව, ඝනයා හිතාගෙන ඉන්නේ බ්‍රාහ්මනයෝ කියලාය.

ඔය විධායකේ තිබුනා හෝ නැතා කියා, එදා ඉඳන්ම නායකත්වයට පත්වෙන එකා මැරෙණකල්ම නාකියා වෙලත් නායකයාය. විධායකේට නාකි ජේ ආර් පප්පා වාර දෙකක් දුන්නේ, ජනාධිපති කමේම මැරෙන්න හිතාගෙන මිසක් ප්‍රජාතන්තර වාදෙට ගරු කරලා හෙම නෙමේය. කොහේදො යන කරුමයකට උන්නැහේ මළෙත් නැතිය. ජෙප්පෝ ජේ ආර් මරමු කියා තාප්ප කෑවාට, ජේ ආර් මරා ගන්නත් බැරු උනාය. අන්තීමට උනේ, උන්නද මළාද නැතිව දිවිය ළෝකේ වඩින්නටය.

මට රජ සැප නම් එපෝ කියාගෙන වෙස්සන්තර අප්පුහාමි වගේ බලේට ආපු සිරිසේන උන්නැහේටත් වෙලා තියෙන්නේ ඒ සැන්තෑසියමය. නිර්මාල්ලා සොභිත හාන්දුරුවෝ ජනපති කමට වඩම්මන්ට සැරසෙන කොට, මාතලන්ලා, නිර්මාල්ලා එලපු පාවඩ ඉරා වීසී කර දැමුවේ අතීතයේ උන් හරක් වත් නොකල දෙයක් මේ උන්නැහෙලා කොරන්න යන නිසාමය. එහෙනම් ඉතින් මේ රට යන්නේ සංඝරත්නයටය. එතකොට සිද්ද වෙනදේ නොලිව්වාට, ඕනාම ගොනෙකුට හිතා ගන්න පුළුවන්ය.

යහපාලනේ ඇදගෙන නෑවේ හොරෙකුට බැක් කරලාය. අර්ජුන මහේන්ද්‍රන්ගේ සීන් එකේදි කොන්දක් තියෙන නායකයෙක් නම් තීරණය ගන්න ඕනා රටේ නායකයා මිස දෙවනියා නෙමේය. එහි වගකීම සම්පූර්ණයෙන්ම ඔහුගේය. මහින්ද මහත්තයාගෙන් හා වහලුන්ගෙන් එන පීඩනය වලක්වා ගන්නට කුඩු කාරයන්, මදාවියන් හා නීල කාස හොරුන් රෙද්ද අස්සේ දාගන්නවා නම්, මේක යහපාලනය වන්නේ නැතිය. අනික ජහ මනයාට වගතුවක් නැති විවස්ථාන සංසෝධන ගෙනාවාට, උන්ගේ බඩ පිරෙන්නේ නැතිය.

ඔය සෙප්පඩ විජ්ජා අර මහින්දගේ වහලුන් වගේ මේවායෙන් ආතල් ගන්නා ගොන් හරකුන්ට නම් පට්ට සොමියක් දෙනවා ඇතිය. ඒත් මිනිස්සුන්ට හතේ හත වැදිලාය. බඩු මිළ අහස උසය. මිනිස්සුන්ගේ රස්සාවල් වලට කෙල වෙලාය. මාස 6 ක් යන කොට යහපලනේට ඡන්දෙ දීපු එකෙක් හොයා ගන්න බැරි තරමට වැඩේ දෙල් වෙලාය. ඩදුන්න උන්ට යහමින් පාචනය නම් යනවාය.

ඊයේ පෙරේදා 20 සම්මත කොර ගන්න කලින්, උන්නැහේ වික්ටෝරියා පාක් එක පොඩි පාට් එකක් දැම්මේය. පොඩි කීවාට පොඩියෙන්ම ගන්නත් නරකය. එයා කියන විදියට හැම එකාම එයා කැමති දේ කොරන්න ඕනාය. එයාගේ දෙවන සෙප්පඩ විජ්ජාවටත් හැම එකාම කැමති වෙන්න ඕනාය. ඒකට කියන්නේ යහපාලනය කියලා නම් නෙමේය. අපි දන්න විදියට ඒකට කියන්නේ එකාධිපතිවාදය කියලාය. එහෙම එක එකා කියන විදියට නටන්න ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කොරන එකා කැමති නැතිය.

මීට කලින් උන්නැහේ ටැපික් පොලිස් රාළහාමි මරන්න ගිය මහින්ද මහත්තයාගේ ළඟම ඥාතියාට ඇමති කමක් දුන්නේය. (හේමාල් ගුණසෙකර) කුඩු ලන්සාට ආසනයක් බාර දුන්නේය. ඌට කුඩු ලන්සා කියන්නේ මොකෑ කියා, සම හරක් අපෙන් අසන්න පුළුවන්ය. එහෙම උන්ට කියන්න තියෙන්නේ, මොන ජල්බරි දැම්මත්, සජින් වාස්ට කුඩු සජින් කියා කියන්නේ නෑ කියලා විතරය.

වික්ටෝරිකා පක් එකේ ගෙම්බර් දාපු දවසේ එතනට ඇවිල්ලා උන්නේ, හිටපු එකාටත් කියන කියන විදියට නටා, ඉස්සරහටත් ඒ විදියටම නටන්න කැමති උන්ය. තගරිය දැම්මේ කඩුවෙල බුද්ධදාස, මැරවින් සිල්වා, කුඩු දුමියා, බුකි තිලංගයා වගේ උන් වට කරගෙනය. උන් රජා පිනවා උන්ගේ ගේම් ගෙනියන්න ඕන තුප්පහි වැඩක් කොරනා උන්ය. දේශපාළණයේ සක්කිලි වැඩ වන කළෑ පත්තර ගහන්නේ එහෙම උන්ය. එකට කාපු එකා පාවා දෙන්නේ එහෙව් උන්ය. කරුමේ කියන්නේ, සෝබිතලා, රතනලාත් එහෙව් කාළකන්නින්ගේ ඒවාට ඇවිල්ලා දහම් දෙසනා එකය.

ඒ වගත් මෙසේය...

-http://maathalan.blogspot.co.uk/2015/06/good-governance-with-drug-dealers-and.html

මගේ සිහිනය

funnyclown

 


මම මහින්ද අයියට කඩේ ගිහින් , යුනියන් එකත් කඩේ යවලා අපේ යුනියන් එක පාවලා දුන්නා, දේශපාලනේ යුනියන් එක ඇතුලට ගෙනත් ඒක විනාශ කරලා දැම්මා කියලා සමහරු කියනවා. එහෙම කියන්නේ ඇත්ත දන්නේ නැති අය.

මට යුනියන් එක විනාශ කරන්න ඕනෑ වුනේ නැහැ. ඇත්තම කියනවා නම් මට යුනියන් එකක් ඕනෑ වුනේම නෑ. මට ඕනෑ වුනේ වෙන දෙයක්.

අනික් හැමෝටම වගේ මටත් සිහිනයක් තිබුනා. ඒක පොඩි හීනයක් නෙවේ. ඒ හීනේ හැබෑ කරගන්න පුලුවන් උනා නම් සමහර විට අපේ යුනියන් එකේ අයියලා, මල්ලිලා අක්කලා නංගිලාටත් පොඩි සප් එකක් දෙන්න ඉඩ තිබුනා.

මම හවසට හවසට අරලිය මන්දිරේට ගිහින් මහින්ද අයියාට සපෝර්ට් කලේ ගොඩක් දුර දිග බලලා.

මහින්ද අයියා දිනුව නම් මම හිතන් හිටියේ මොනවා හරි කරලා කුරුණෑගල දිස්ත්‍රික්කෙන් මහ චන්දේට ඉල්ලන්න. ඒකට ඕනෑ පසුබිම හදා ගන්න තමා මම ඒ දවස් වල නාථ ලාගේ කට්ටියත් එක්ක එකතුවෙලා පොහොර වලට විරුද්දව කතා කලේ. මොකොද නැත්නම් මම කෙනෙක් ඉන්නව කියලා දන්නේ අපේ කස්ටිය විතරනේ.

ඉතින් චන්දේ දිනලා සෞඛ්‍ය ඇමති වෙන එක තමා මගේ පැලෑන. එක පාරට ඇමති කමක් ගන්න බැරි වුනොත් උප ඇමති වෙලා ඊ ලඟට ඇමති වෙන්න.

ඊටත් පස්සේ හිමිහිට අගමැති වෙලා අන්තිමේ දී ජනාධිපති වෙන්න.

ජනාධිපති වුනාම වෙන වැඩ කරලා වෙලාවක් තිබුනොත් බැරියැ අපේ කට්ටියගේ ප්‍රශ්න විසඳන්න.

අපි දකින හීන මොනවා වුනත් මගේ හිතේ පොඩි කුකුසක් තිබුනා මට නොමිනේෂන් නොදෙයිදෝ කියලා. මොනවා කිව්වත් අපේ දොස්තර කට්ටිය ඉන්නේ 15000ක් විතරනේ. එකෙනුත් මට චන්දේ දෙන්නේ 2000ක් විතර.ඉතින් ඇත්තටම කිව්වොත් ගම්සභා චන්දයක් දිනාගන්න බැරි තත්වයක් නේ තියෙන්නේ. අනික මම අපේ යුනියන් චන්දේ දී දාන වැඩ කිඩ ඔය මහ චන්දේකදී දාන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නේ,

ඒක හින්දා මම කෝකටත් කියලා ප්ලෑන් බී එකකුත් තියාගෙන හිටියේ.

ඒක තමා සෞඛ්‍ය අමාත්‍යාංශේ ලේකම්කම.

ඒත් අන්තිමට මොකද වුනේ. මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි කිව්ව වගේ මගේ මහින්ද අයියා පැරදුනා නේ.

ඉතින් මම දැන් ආපහු අපේ යුනියන් එකේ සභාපතිකොමට ඉල්ලනවා. ඔයාලා මට චන්දේ දෙන්න හොඳේ. මොනවා කරන්නද දුක තමා.

කොහොමට ඉන්න හිටපු මිනිහෙක්ද?

-http://bitternight.blogspot.co.uk/2015/06/blog-post_7.html

 

Start to save a life- STaRT to recognize a STROKE

stroke
පසුගිය අප්‍රේල් මස අවුරුදු නිවාඩුවට බදුල්ලේ සිට ගාල්ල බලා එමින් සිටියදී පිට පිට ලැබුනු දුරකතන ඇමතුම් වලින් දැනගන්නට ලැබුනේ එතරම් සුභ දායක ආරංචි නොවේ. ගාල්ලේ සිටින මගේ බිරිඳගේ පියා හදිසි අසනීප තත්වයකින් (ක්ලාන්තය, වමනය හා සෙම පිටවීම වැනි රෝග ලක්ෂණ සහිතව) ලඟම පිහිටි රජයේ රෝහල වෙත රැගෙන ගිය බවත්, එතනින් ගිලන් රථයකින් වහාම කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යැවූ බවත් රැගෙන යන විට ශරීරයේ එක් පසක් පණ නැති සෙයක් දක්නට ලැබුණු බවත් ඒ ආරංචි අතර විය.

හැඬූ කඳුලෙන් යුතුව තොරතෝංචියක් නැතුව රට වටේම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මිතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ සිට රෝහල් කම්කරු ශ්‍රේණිය දක්වා වූ සියලු දන්න අඳුනන උන් වෙත කතාකරමින් විස්තර අහන බිරීඳ හා දරු දෙදෙනාවද පරිස්සමින් රැගෙන වහා වහා කරාපිටිය රෝහල වෙත කෙලින්ම රිය පැදවූ මට අවසානයේ සැනසුම් සුසුමක් හෙලිය හැකිවූයේ...

"වෙලාවට ඔයගොල්ලන් බල බල ඉන්නෙ නැතුව ඉක්මණට ඉස්පිරිතාලෙකට එක්ක ගියේ.. ගණන් ගන්නේ නැතුව අත් බේත් කර කර එහෙම ඉඳල තව පැයක් හමාරක් පරක්කු උනානම් හැමෝටම කණගාටු වෙන්න වෙනවා.. දැන් බය වෙන්න දෙයක් නෑ. බ්ලඩ් ක්ලොට් එකක් හිරවෙලා ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා. දැන් හරි බෙහෙත් දුන්න.. වෙන කම්ප්ලිකේෂන්ස් මොකුත් නැත්නම් බලල දවස් දෙකකින් විතර ගෙදර යන්න පුළුවන්" යන දේව (වෛද්‍ය) වචනය කණ වැකුණායින් පසුවයි.

වෘත්තීය ජීවිතයේදීද නොයෙක් වර මේ 'ස්ට්‍රෝක්' නැත්නම් ආඝාතය ගැන අසා ඉගෙන කරගෙන සිටියත් එහි නියම බැරෑරුම්කම මට හරියටම දැනුනේ එදායි. එහෙත්..

මා දැනට රැකියාව කරන ස්ථානයේ ඉදිකිරීම් කළමණාකරු මා මිත්‍ර තරුණ ඉන්ජිනේරු මහතාට මගේ මාමණ්ඩියට තරම්ම ආඝාතයෙන් 'එතෙර වීමට' පහසු වුනේ නෑ. දැනට මාසයකට ආසන්න කාලයකට පෙර හදිසියේ ඇතිවුණු රෝග තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලක සතියකට වැඩි කාලයක් නේවාසික ප්‍රතිකාර කොට අද වන විටත් සාමාන්‍යය තත්වයෙන් රාජකාරී කර ගැනීමට නොහැකිව නිවසේ සිට ප්‍රතිකාර ලබමින් ඔහු පසුවෙනවා. මාස දෙකක් ඇතුලත ඒ මා අත්දුටු දෙවෙනි 'ආඝාත' තත්ත්වයයි.

ඊයේ මූණුපොතේ සරමින් සිටියදී අහම්බෙන් දක්නට ලැබුණු ලිපියක් නිසා මේ සටහන තැබීමට මට සිත්වූවා. මා වෛද්‍ය වරයෙක් නොවන නිසාත් ඒ ගැන වැඩි දැනුමක් නැති නිසාත් ඒ සටහන 'පමණක්' මෙසේ සිංහලට පරිවර්තනය කර දැක්වීමට අදහස් කරනවා. අඩුපාඩු වැරදි ඇතොත් සාකච්ඡා කරමු.

සටහන් කලේ: Angie Kassabie

මාගේ මිතුරන් සියළු දෙනාගෙන්ම මෙය කියවන ලෙසත් එකිනෙකා අතර බෙදා හදා ගන්නා ලෙසත් මම ඉල්ලා සිටිනවා. ඔබ මේ සරළ කාරණා කිහිපය දැන සිටියොත් සමහර විට යම් දිනෙක යම් අයෙකු මරණයෙන් ගලවාගැනීමට ඔබට හැකිවේවී.

ආඝාතය හඳුනා ගැනීම සඳා අළුත් සහ සරල විදියක්! ඔබ මෙය තවත් දසදෙනෙකු අතර බෙදා ගත්තේනම් ඔබ යමෙකුගේ ජීවිතයක් ගලවා ගත් බවට සතුටු වීමට ඔබට හැකිවේවි. ආඝාතය නැත්නම් ලේ කැටියක් නිසා සිදුවන මොළයට ලේ ගමනාගමනය වීම අවහිර වීමේන් ඇති වන රෝග තත්වය හඳුනා ගැනීමට සරළ ක්‍රියාකාරකම් හතරක් මේ සමඟ ඉදිරිපත් කර ඇත.

මැදි වයස් කාන්තාවක් වූ ජේන් වරක් උත්සවයක් අතරතුර පය පැකිළී වැටුනා. වටේ සිටි අය ඇය වෙනුවෙන් වෛද්‍ය සහය ලබා ගැනීමට තැත් කළත් ඒ උත්සව අවස්ථාවට බාදා කිරීමට මැළි වූ ඈ, එය තමාගේ අළුත් පාවහන් යුවල නිසා වූ බවත් වෙනත් කිසිදු අපහසුතාවයක් නොමැති බවත් අඟවා දිගටම පාටියට සහභාගී වෙමින් සිටියා.

නමුත් ටික වේලාවකට පසු ඇගේ හිතවතුන්ට ඇගේ සැමියා විසින් දන්වනු ලැබුවේ දැඩි අපහසුතාවයකින් සිටි ජේන්ව රෝහල් ගත කල බවයි. එදින හවස හය පමණ වන විට ආඝාතය නිසා ඇතිවූ මොළයේ මරණය හේතුවෙන් ජේන් සදහටම දෑස පියා ගත්තා. වෛද්‍ය මතය වූයේ මුල් අවස්ථාවේදී ඇය වටා සිටි අයට ඇගේ රෝගය හඳුනා ගැනීමට හැකියාවක් තිබුණා නම් ජේන්ව ජීවත් කල හැකිව තිබූ බවයි.

මේ සටහන කියවීමට ඔබට ගත වන්නේ සමහර විට මිනිත්තු කිහිපයක් පමණයි.

ස්නායු වෛද්‍යවේදියෙකු පවසන්නේ මුල්ම අවස්ථාවේ රෝග ලක්ෂණ හඳුනා ගෙන පැය තුනක් ඇතුලත රෝගියෙකු සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කලොත් ආඝාතය නිසා ඇතිවන රෝගී තත්වයන් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කළ හැකි බවයි. ඒත් එය එතරම්ම පහසු නෑ.

ආඝාතය නිසා ඇතිවන රෝග ලක්ෂණ හඳුනා ගැනීම එතරම් ම පහසු නෑ. අවාසනාවකට මෙන් ඒ ගැන අපේ නොදැනුවත්කම නිසා මේ තත්වය තවත් දරුණු වෙනවා. අහල පහල සිටින්නන් විසින් රෝගය හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා හා ඒ වෙනුවෙන් ගත කරන කාලය තුලදී අදාල රෝගියාගේ මොළයට මෙමඟින් ඉතා විශාල හානියක් සිදුවීම වළක්වන්න බෑ.

වෛද්‍යවරුන් මීට පෙරදී මෙම රෝගය හඳුනා ගැනීම සඳහා සරළ ක්‍රියාකරකම් තුනක් හඳුන්වා දී තිබුණා. ඒවා STR ලෙස පහසුවෙන් මතක තබා ගත හැකියි.

S- Smile - ඔබ ඉදිරියේ සිටින රෝගියාට සිනහා වන ලෙස පවසන්න.

T- Talk- ඔහුට හෝ ඇයට එක දිගට කියවෙන වචන දෙක තුනක වාක්‍යයක් පවසන ලෙස පවසන්න. උදා: මම ඔබට ආදරෙයි.

R- Raise both arms- ඔහුට හෝ ඇයට තම අත් දෙකම එකවර ඉහලට ඔසවන ලෙස දන්වන්න.

රෝගී පුද්ගලයා මින් එක ක්‍රියාකාරකමක් හෝ කිරීමට නොහැකි තත්වයෙන් සිටිනවානම් ඔහු වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු කරන්න. ඔබේ රෝගියා ආඝතය නැතිනම් ලේ කැටියක් සිරවීම නිසා මොළයට ලේ ගමනාගමනය අවහිර වීමේන් මොළයේ ශෛල විනාශ වෙමින් මරණය කරා වේගයෙන් ලං වෙමින් සිටිනවා විය හැකියි. රෝගියා වෛද්‍යවරයා වෙත රැගෙන යන්නාට මේ සියළු විස්තර පැවසීමටද මතක තබා ගන්න.

ආඝාතය හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලබන අලුත්ම ක්‍රියාකාරකම වන්නේ රෝගියාගේ දිව පරීක්ශා කර බැලීමයි. ඔහුට හෝ ඇයට තම දිව එළියට දික් කර පෙන්වන ලෙස කියන්න. එය වකුටු වී, ඇද ගැසී හෝ එක් පසෙකට ගමන් කර ඇත්නම් එයද ආඝාතයේ පූර්ව නිමිත්තක් විය හැකියි. වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුකරන්න.

මගේ කොටස මම ඉටු කරා යැයි සිතමි. එතකොට ඔබ?

පරිවර්තනය (සමහර කොටස් ඉවත් කර) අවසානයි.

දැන් ක්‍රියාකාරකම් හතරක් ඇති නිසාත් එය STRT (Smile, Talk, Raise both arms, Tongue) ලෙස මතක තබා ගන්නවාට වඩ අපට දැනෙන මතක හිටින ලෙස STaRT ලෙස මතක තබා ගැනීම පහසු වේයැයි මම සිතමි. ජීවිතයක් බේරා ගැනීමට දැනුමක් එක්කර ගැනීම වෙනුවෙන් වෙන්කල ඔබේ කාලයට ස්තූතියි.

-http://kalahitha.blogspot.co.uk/2015/06/start-to-save-life-start-to-recognize.html

නුවණ තිහේ ගමරාළ බයියා

 

fun7සිරිකොතේ අතුගාන එකාගේ නමවත් දන්නේ නැති, කාත්තනකුඩි ප්‍රා දේශීය සභාවේ සභාපතිගෙ නමවත් දන්නෙ නැති මගේ දේශපාලන දැනුම ඉතා අල්ප බව ඇනෝ කෙනකු විසින් දිගින් දිගටම පෙන්වා දීම නිසා, තවදුරටත් දේශපාලන කාරනාවල් ගැන ලියන එක සුදුසු නැති බව තේරුම් ගෙන සාමාන්‍ය කතාවක් ලියන්නට කල්පනා කළෙමි.

එකෝමත් එක කාලෙක ගමරාළ කෙනකු උන්නේය. මේ ගමරාළට දියණියක් ද උන්නාය. නිසි කළ වයස එළැඹුනු පසුවත් දියණිය කොල්ලෙකු එක්ක සෙට් වුනේ නැති බැවින් දීග දෙන්නට සුදුසු තරුණයෙක් හොයා දෙන ලෙස ගමරාළ විසින් කපුවන්ට දන්වන ලදී.

මනුස්සයෙක් සම්පූර්ණ වෙන්නට නම් ඔහු සතුව ඥාණයන් තිස් දෙකක් තිබිය යුතු බව මොකක්දෝ බණ පොතක තිබී කියවා ඇති ගමරාළ කපුවන්ට විශේෂයෙන්ම සඳහන් කළේ යෝජනා කරන මනමාලයන්ට නුවණ තිස් දෙකක් තිබිය යුතු ම බවය.

සියල්ල දත් කපු මහත්තුරු “ඕකේ“ කියා වැඩේ භාරගත්තා මිස මොකක්ද මේ නුවණ තිස් දෙක කියා ඇසුවේ නැත. ඒ කපුවන්ගේ හැටි ය. ඔවුන් තමන් නොදන්නා දෙයක් අසා දැනගන්නා ජාතියේ එවුන් නොව තමන් දන්න දේත් නොදන්න දේත් අනුන්ට කියා දෙන ජාතියේ එවුන් ය. අවාසනාව නම්, බණ පොතේ කියා තිබුනු නුවණ තිස් දෙක මොනවාද කියා ගමරාළ ගොයියාටත් කිසිම මතකයක් නොතිබීමයි.

නුවණ තිස් දෙකේ මනමාලයන් සෙවීම කපුවන්ට කළ නොහැකි විය. ගේන ගේන එකාගෙන් ගමරාළ අහන පළමුවැනි ප්‍රශ්නය වූයේ නුවණ කීයක් තිබෙනවාද යන්නයි. එහෙම ප්‍රශ්නයකට උත්තර දන්න එකෙක් හොයාගැනීමට හැකි වූයේ නැත. දැන් දැන් කෙල්ල ගෙදරට නාකි වී ගෙන එයි. මේ නොකෙරෙන දීගයකට මනමාලයන් හෙවීමෙන් තමන්ගේ කාලයත් ශ්‍රමයත් නිකරුණේ වැය වන බව තේරුම් ගත් කපුවෝ ද ගමරාළ මගහරින්නට පුරුදු වූහ.

මේ අතරතුරේදී කපටි කමින් වැඩි එක්තරා කපුවකු පැමිණ ගමරාළට අමුතු යෝජනාවක් කළේය. ඒ මෙසේය.

“ගම මහත්තයෝ, නුවණ තිස් දෙකේ කොල්ලො මේ කාලෙ හොයන්න අමාරුයි. හිටියත් උන් අපි එනකන් ඉන්නෙ නෑ, හොඳ ළමිස්සියක් හොයාගෙන එක් තැන් වෙනව. මට හම්බවුනා ඉලන්දාරියෙක්. හැබැයි මිනිහට තියෙන්නෙ නුවණ තිහයි. මේ දැරිවිත් ගෙදරට නාකි වෙන එකේ ඔය සුළු අඩුපාඩුව ගැන නොහිතා ඒක කරළ දාමුද?“

කපුවාගේ කතාව ඇත්තක් බව ගමරාළටත් වැටහුණේය. තවත් බලා සිටීම මෝඩ කමකි. වැඩේ තීන්දු විය.

**************************************************************************

දියණිය දීග දීමෙන් දින කීපයකට පසුව ගම දෙමහල්ලෝ දියණිය සහ බෑණා බලන්නට ගියෝය. ගෙදර ඉස්තෝප්පුවේ ඇණබකවාගෙන සිටිනා බෑණා ගමරාළට දුර තියාම දකින්නට හැකි විය.

“අපි පිටත් වුනු වෙලාව හොඳයි, බෑණන්ඩියත් අද ගෙදරට වෙලා ඉන්නෙ“ ගමයා පැවසීය.

“අනේ වාසනාවන්“ ගම හාමිනේද පිළිතුරු බැන්දාය.

ගෙදරට ගොඩ වූ ගම ජෝඩුව දුටුවේ කණස්සලයෙන් සිටිනා දියනියයි.

“ඇයි දරුවො කණගාටුවෙන්“

“අප්පච්චිලා කොරන්නෙ හරිම වැඩ තමයි. මාව මේ බන්දල දීල තියෙන්නෙ නිකමෙකුටනෙ. උදේ ඉඳන් රෑ වෙනකන් උඩ බලාගෙන ඉන්නවා. මෙලොව වැඩක් කොරන්නෙ නෑ. මං මේ හේන ටිකක් එළි පෙහෙළි කරල දැම්ම මොනවහරි හිටවගන්න එපායැ අල බතල ටිකක්වත්.“

වැඩේ අස්පට් බව දැනගත් ගමරාළ කෙළින්ම ගියේ කපුවා හමුවීමටය.

“මං කිව්වනෙ ගම මහත්තයෝ මිනිහට නුවණ දෙකක් අඩු බව. ඉතින් එ වුනාට තමුන්නැහැ කැමති වුනා නොවැ?“

“ඉතින් බං දෙකයිනෙ අඩුයි කිව්වෙ. තියන එව්ව තිහෙන් මොනව හරි කරන්න බැරුවයැ.“

“මේකනෙ ගම මහත්තයො වැඩේ. මිනිහගෙ අඩුපාඩු නුවණ දෙක මොනවද කියල දන්නවද?
මිනිහ හිතල මතල යමක් කරන්නෙ නෑ.
මිනිහට කවුරුවත් කියන දෙයක් මිනිහා කරන්නෙ නෑ.
ඔය දෙක ඇරුණම මිනිහගෙ වෙන අඩුපාඩුවක් නෑ“

ඔන්න ඕකයි කතාව.

හැබෑට පෙඩරල් කියන්නෙ පෙට්රල් වගේ ජාතියක්ද?
“රට ගිනි තියන පෙඩරල් යෝජනා“ කියල පත්තරේක තිබුන.
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $$$$$$$$$$$$$$$$$$

පින්තූරය ගත්තෙ http://www.sinhalajanakavi.com/2012/08/blog-post.html අඩවියෙන්.

http://mobile-mage-sithiwili.blogspot.co.uk/2015/06/blog-post.html

 

ජනතාවගෙන් කොටසක් මහින්ද පසුපස යන්නේ ඇයි?

mahinda
ලංකාවේ දූෂිත වන්නේ දේශපාලකයන් හා නිලධාරීන් පමණක් නො වේ. ජනතාව ද අතිශය දූෂිත ය.

සුදුසුකම් නැතිව දේශපාලනයෙන් රස්සා ගත් අයට, නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර හෝ මහජන මුදලින් වැටුප් ලබන අයට, මහජන මුදලින් කළ කොන්ත්‍රාත් ආදියෙන් යටි මඩි ගසා ගත් අයට, ආණ්ඩුවේ කඩ අඩු කුලියට ලබා ගැනීමේ වරප්‍රසාද ලත් අයට, කැළෑ කපන්නන් ඇතුළු පරිසර සංහාරයන්ගෙන් මුදල් ගරා ගන්නන්ට, මහජන මුදලින් කුණු කොල්ලෙට පොහොර ගන්නා අයට, දේශපාලකයන් ඇසුරින් වාසි ලබා ගත හැකි මැරවරයන්ට, වැඩි සමාජ ඇසුරක් නැති, රූපවාහිනියෙන් යැපෙන ගෘහනියන්ට ආදී සැලකිය යුතු පිරිසකට මහින්ද වීරයෙකි.

මේ අය අතරින් විශේෂයෙන් ම දෙමළ මුස්ලිම් සංහාරයට කැමති ජාතිවාදීන්, සුළුතර ආගම්වලට වෛර කරන සිංහල බෞද්ධ ආගම්වාදීන්, ස්ත්‍රීන් හා ලිංගික සුළුතරයන් හෙළා දකින්නන් ඇතුළු ස්වෝත්තමවාදීන්ට මහින්ද වීරයෙකි. මන්ද, ඔහු හැමවිට ම එවැනි පසුගාමිත්වයන් සමග සිටින්නෙකි.

ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව හිමිකම් තබා තමන්ගේ හිමිකම් ගැනවත් නො දනිති. ඔවුන්ට මහින්ද රජෙකි. මහින්දගේ පවුල රජ පවුලකි. ඔවුන් කා තමන් ළඟට වැටෙන කටුව රජ බොජුනකි. මහින්දලාගේ බොරු ප්‍රචාරවලින් ඔවුහු අන්ධ වී සිටිති.

මේ වනාහි අනුකම්පා කළ යුතු, එසේම, අයාලේ යන්නට නො දී කෙවිටෙන් දැක්කිය යුතු හරක් පට්ටියකි. මෙයට ජනතාව යි කියා ද සමහරු කියති.

මෙම සමාජ තීරය සුවිසල් එකක් වුණත්, එය රටේ බහුතරය නො වේ. මහින්ද ජනාධිපතිවරණය පැරදුණේ එහෙයිනි. දැන් මේ සමාජ කණ්ඩායම වේගයෙන් හැකිළෙමින් සිටිති. එහෙත්, ඔවුන් මත යැපෙන මහින්ද ඇතුළු දේශපාලකයන් දිගට ම ඔවුන් ගොනාට අන්දාගෙන යන නිසා රටේ සිදු වන සාධනීය වෙනස්කම් ඉදිරියේ ඔවුහු බාධාකාරී වෙති.

එහෙත්, මෙම පසුගාමී සමාජ බලවේගයට රටේ අනාගතය තීරණය කරන්නට දෙනවා ද යන්න ගැන ගැඹුරින් සිතිය යුතුව තිබේ.

මෙම සමාජ තීරය ඇමතීම අත්‍යවශ්‍ය ය. එහෙත්, ඒ ඔස්සේ පමණක් ඔවුන් මිථ්‍යාවෙන් මුදා ගැනීම හෝ යථාර්ථය අවබෝධ කර දීම හෝ කළ නො හැකි ය. මෙම සමාජ කණ්ඩායම සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ කිසියම් බුද්ධිමත් මෙහෙයවා ගැනීමකි. ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම, ජවිපෙ වැනි පක්ෂ මේ පිළිබඳ ගැඹුරින් සිතිය යුුතු ය. ඔවුන් මෙම බලවේගය වෙත පිවිසිය යුතු ය. ඔවුන් දැනුවත් කළ යුතු ය. ඒ වෙනුවෙන් වෙන ම ප්‍රචාරණ යාන්ත්‍රණයක් සකස් විය යුතු ය.

http://www.w3lanka.com/2015/06/blog-post_9.html

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය - අහම්බෙන් රජවූ මිතුරා.

 

zRhythmic
අද වන විට බෙන් ෆිල්ම්ස් හි ගතකළ ජීවිතය පිලිබඳ මගේ සිත තුළ තිබු විවිධාකාර මතකයන්හි මකුළුදැල් බැඳී දුර්වර්ණ වෙමින් පවතින්නේ කාලයාගේ බලපෑම නිසාවෙනි. නමුත් මතකයන්හි එක කොණක් ආයාසයෙන් එළියට ඇද්ද විට බොහෝ මතකයන් ඒ සමග පැටලී එයි. බෙන් ෆිල්ම්ස් මතකයන් මා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ගතකළ කාලය සහ ටෙලි නාට්‍ය වලට සම්බන්ධවෙමින් ගතකළ ජීවිතයේ මතක වෙන්කර ගැනීමට නොහැකි තරමට එකිනෙක එකට පැටලී පවතී.ඒ හේතුවෙන්ම කතාවක් එක දිගට නොලියා හුදෙකලා සිද්ධීන් වශයෙන් මතකයන් එළියට දැමීමට මා පෙළඹෙමි.තවද මේ කතා ලියන්නේද මගේ සුපුරුදු භාෂා විලාසයෙන් නොව ලිඛිත භාෂාවෙනි.එම භාෂාව මේ කතා ලිවීමට ගැලපේ යැයි මා සිතමි.

මා බෙන් ෆිල්ම්ස් ආයතනයට නවතින්නට පැමිණියේ මගේ හිතවතෙකු වූ දේශාගේ අනුග්‍රහයෙනි.එවකට බෙන් ෆිල්ම්ස්හි වැඩ කලේ දේශාත් රුවන් සහ ප්‍රභාත් යන දෙදෙනාත්ය.රුවන් සහ ප්‍රභාත් බෙන් ෆිල්ම්ස් හි නැවතී සිටි අතර විවාහකයෙකු වූ දේශා අරංගල ඔහුගේ නිවසේ සිට උදේ පැමිණියේය.ඇත්ත වශයෙන්ම ඔහු විවාහ වුයේ මා බෙන් ෆිල්ම්ස් ආයතනයට පැමිණි පසුවය.එතෙක් ඔහු සිය පෙම්වතිය වූ රංජනීගේ බත්තරමුල්ලේ නිවසේ සිට පැමිණියේය.තුෂාර ආයතනයට එකතු වුයේ බොහෝ පසු කලෙකය.හිරිමල් තරුණ වියේ පසුවූ රුවන් සහ ප්‍රභාත් තියෙන වැඩක් අවසන් කර කුමක් හෝ කඩෙන් ගෙනවිත් හෝ උයාගෙන හෝ කා බී ඉතා නිහඬ ජීවිතයක් ගතකලෝය.එයට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නට ඇත්තේ අහළ පහළ අය සමග නොගැටී නිහඬව ජීවත්වන ලෙසට බෙනට් විසින් කරන ලද්දාවූ අවවාදය විය යුතුය.තවද ඔවුන් දෙදෙනාම මත්පැන් හෝ දුම් පානය නොකළහ.මා ඊට හාත්පසින් වෙනස් වයසින්ද ඔවුන් දෙදෙනාට වඩා මුහුකුරා ගිය රැඩිකල් චරිතයක් වීමි.මේ සම්බන්ධයෙන් තව බොහෝ තොරතුරු ඉදිරියට ලියැවෙනු ඇත.

භීෂණ සමයේ රූගත කිරීම් ආරම්භ කළ ටෙලි නාට්‍යයේ කැමරාව මෙහෙයවීම සිදුකලේ කේ ඒ ධර්මසේන විසිනි.නමුත් මුළු චිත්‍රපට ක්ෂේත්‍රයම ඔහු හැඳින්වුයේ කිචි ධර්මේ නමිනි.එසේ නොමැති නම් කිචියා විය.රූපගත කිරීම් අවසන්වන්නට ප්‍රමාදවූ බොහෝ දිනවල ධර්මේද අප සමග නවතින්නට බෙන් ෆිල්ම්ස් එකට එයි.අපි හතර දෙනාගේ රෑ කෑම සඳහා නිෂ්පාදනයෙන් අපට රුපියල් දාහක් හෝ එක්දාස් පන්සීයක් ලැබේ.බොරැල්ලට අවුත් පළමුවෙන්ම රිට්ස් සිනමා ශාලාවට පහළින් ඇති වයින් ස්ටෝස් එකෙන් බෝතලයක් මිළදී ගන්නෙමු.රාත්‍රියට කෑම මිලදී ගන්නට හෝටලයකට යන්නට සුදානම්වූ විට ධර්මේ එයට එරෙහි වෙයි.'ඔය කඩවල ජරාව කනවට වඩා ඒ සල්ලිවලින් අඩුම කුඩුම ටික අරං ගිහිං අපි උයාගෙන කමු' යි ඔහු කියයි.ධර්මේ රසට ඉවීමෙහි සමර්ථයෙකි.බෙන් එකට එන ඔහු ඇඳුම් මාරුකර කුස්සියට වැදී උයන්නට පටන් ගනී.මම ඔහුට සහාය වෙමි.එකල මට ඉවීම තබා හට්ටියක් වළඳක් අල්ලන්නට තරම්වත් දැනුමක් නොවීය.පසුකලෙක කණ්ඩායමකට වුවත් උයා දෙන්නට තරම් ශාස්ත්‍රය ප්‍රගුණ කරගැනීමට මුල් ආරම්භය වුයේ කිචි ධර්මයා සමග උයා දමාගත් අඩිතාලමයි.ධර්මේ බත් මුට්ටිය ලිප තබා පරිප්පු උයන්නේ නිවිති කොළද එකතු කරමිනි.නිවිති කොළ නැති දවසක පරිප්පුවලට දැමීමට මොනවා හෝ කොළ වර්ගයක් ගෙනෙන ලෙස ඔහු මට කීවේය. මම ලිඳ ළඟ වැවී තිබු වැල් පෙනෙල පඳුරක් ගලවා ගෙන ගොස් දුන් විට ධර්මේ එහි කොළ කඩා සෝදා පරිප්පු හැලියට දැම්මේය.කරවල සුද්ද කර ලූනුද කපා තෙල් දමයි.තවත් මොකක් හෝ එළවළුවක් උයයි.කෑම සුදානම් කර අවසන්වූ පසු රුවන්ටත් ප්‍රභාත්ටත් කන්නට කියා ධර්මේ ඇඟ සෝදන්නට යයි.උන් දෙන්නාද නිදිමත පෙරමින් ඇවිත් කෑම කා ආපසු නින්දට යති.මමත් ධර්මේත් බෝතලයටද වග කියා කෑම කා නිදාගනිමු.

බෙන් ෆිල්ම්ස් හි උදේට කෑම පිළියෙළ කිරීමක් නැත.හැමදාම උදේ කෑම කඩෙන්ය.රූපගත කිරීම් තිබෙන දවසට උදේට කණ්ඩායමක්ම එන බැවින් කෑම වැඩිපුර අවශ්‍යවේ.වියදම් සියල්ල නිෂ්පාදනයෙන් බැවින් අත දිගහැර වියදම් කරන්නට මා පැකිළෙන්නේ නැත..එවැනි දිනවල බොහෝ විට මම උදේ කෑම සඳහා ඉඳිආප්ප ඇනවුම් කරමි.අපට ඉඳිආප්ප සැපයු ආච්චිලා දෙන්නෙක් ඒ ළඟ පාත සිටියෝය. මේ දෙදෙනා අතර තරඟයක් ඇතිවුනේ බෙන් එකට ඉඳිආප්ප සැපයීමේ ඉතා වාසිදායක ඇණවුම ලබාගැනීම සඳහාය.මම දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි මාරුවෙන් මාරුවට ඔවුන් දෙදෙනාට ඇණවුම් ලබාදීමට වගබලාගත්තෙමි.එමෙන්ම ඉඳිආප්ප විශාල තොගයක් අවශ්‍ය වන දිනවලදී දෙදෙනාගෙන්ම මිලදී ගනිමි.මේ ආච්චිලා දෙන්නාද ඉතා ඕනෑකමින් අපට ඉඳිආප්ප සැපයුවෝය.ඒ දෙන්නාගේ නම් දැන් මට මතක නැතිවීම කණගාටුවට කරුණකි.ඔවුන් අපට ඉඳිආප්ප දෙන්නේ පරිප්පු හෝ අලහොදිද පොල් සම්බෝලද සමගය.දවසක් එක් ආච්චි කෙනෙකුගෙන් ලැබුණු පොල් සම්බෝලය කටට ගන්නට බැරි තරම් ඇඹුල් රසැති විය.මම මේ ගැන සොයා බැලුවිට ඒ දිනවල දෙහි ඉතා මිළ අධික නිසා ඇය දෙහි වෙනුවට පොල් සම්බෝලයට විනාකිරි මිශ්‍රකර ඇති බව දැනගතිමි.දෙන්නාම භාජන සමග මුදල් ගෙනයන්නට හවස පැමිණෙති.ඒ ආවිට මම ඇයට අවවාද කර නැවත එවැනි දෙයක් කලොත් ඉඳිආප්ප ගැනීම නවත්වන බව කීවෙමි.ඉන්පසුව ඇය එම වැරැද්ද නොකලාය.
එක් සති අන්තයක අප රූපගත කිරීමකට ගියේ දළුගම සරසවි චිත්‍රාගාරයටය.එදින උදේ සිට නන්දා මාලිනිය ගයා තිබු 'මංගලම් සුබ මංගලම් සුහදානනේ' යන ගීතයේ රූපගත කිරීම කරන්නට යොදාගෙන තිබුණි.තිර පිටපතට අනුව ප්‍රධාන නිළිය මේ ගීතය ගයමින් සිය සැමියා වන රජු ඉදිරියේ රැඟුම් දක්වයි.ඒ අනුව රැජින සෙල්වනායගම් කලායතනයට ගොස් අදාළ නර්තනය පුහුණු වන ලෙස බෙනට් ප්‍රධාන නිළියට කීප වතාවක්ම දැන්වුවත් ඇය කම්මැලිකමට ඒ කීම ගණනකට නොගැනීම හේතුවෙන් නැටුම කරන ලද්දේ ඇය නොමැතිව රැජින සෙල්වනායගම් කලායතනයේ ශිෂ්‍යාවන් විසිනි. ප්‍රධාන නිළිය විසින් කරන්නට තිබු නර්තනය කලායතනයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක් විසින් ඉදිරිපත් කරන ලදී.ගීතයේ කියැවෙන්නේ සුහදානනේ යන්නයි.එය දේවියට කීමට හැකිවෙතත් නාටිකාංගනාවක් රජුට සුහදානනේ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කෙසේද?නමුත් දැන් කරන්නට දෙයක් නැත.ගීතය පටිගත කරන්නට පෙර මේ වග දැනසිටියා නම් රජිඳානනේ හෝ නිරිඳානනේ යනුවෙන් වෙනස් කරන්නට තිබිණි.

කෙසේ වුවද එය සංකීර්ණ රූගත කිරීමක් විය.රැජින සෙල්වනායගම් සමග ඇගේ කලායතනයේ රංගනය හදාරන උදේ පිපුණු මල් වැනි සුන්දර ශිෂ්‍යාවන් විස්සක් පමණ සිටියෝය.ඔවුන් දුටුවිට රැජින මොන තරම් ප්‍රවේශමකින් ටෙලියේ නැටුමට ශිෂ්‍යාවන් තෝරා තිබුනිදැයි මට සිතුනි.සියලු දෙනාගේම පාහේ දෙමව්පියන්ද පැමිණ සිටි බැවින් ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදෙන්නට අපට අවස්ථාවක් නොවීය.දෙගොඩහරි වයසට පැමිණ සිටියද රැජින ඇගේ ශිෂ්‍යාවන්ටත් වඩා පියකරු යැයි විනෝද් මා සමග කීවේ ඇය දුටු පමණින්මය.මමද එය එකහෙළා අනුමත කළෙමි. රෑ වුනොත් ළමයින්ව ගෙදර එක්කරගෙන යන්නට පැමිණි දෙමව්පියන් පිරිසක්ද නිෂ්පාදන හා කාර්මික කණ්ඩායමද එකතුවූ කළ සෑහෙන සංඛ්‍යාවකි.මේ සියළු දෙනාගේම කෑම බීම අවශ්‍යතා සහ ප්‍රවාහනය අපේ උර මත පැටවී තිබිණි.පැමිණ සිටි අයට උදේ කෑම ලබාදී ධර්මේත් මමත් නුවර පාරේ තිබුන පොඩි කඩයකට ගියේ ප්ලේන්ටියක් බී දුමක් අදින්නටය.

අප තේ බී ආපසු එමින් සිටිනවිට සයිකලයක් පැදගෙන ගිය කෙනෙක් නැවතී ධර්මේට කතා කළේය.ඔහු ධර්මෙගේ හිතවතෙකි.ඒ ළඟපාත පදිංචි කරුවෙකි.නිවාඩු දවසේ උයන්නට ගෙදරට එළවළු මාළු ටිකක් ගෙනියන්නට මාකට් එකට ගිය බව ඔහු කීවේය.අපි රූගත කිරීමක් කරන බව දැනගත් ඔහුටද ෂූටිං බලන්නට එන්නට උවමනාවක් ඇතිවිය.අපි දෙදෙනා ඔහුද සමග චිත්‍රාගාරයට ගියෙමු.දැන් රූගත කිරීම් සඳහා දර්ශන තලය කඩිමුඩියේ සුදානම් කෙරෙයි.ආලෝකය නිසි පරිදි සකසයි හැඳ පැළඳගෙන සිටි නාටිකාංගනාවන්ගේ මුහුණු හැඩ ගන්වයි.ට්‍රැක් එලා ඩොලිය නිසි පරිදි ධාවනය වන්නේදැයි බලයි.ධර්මේට වැඩ ගොඩකි.මේ අතර රජුගේ චරිතයට පෙනී සිටින්නට තෝරාගත් පුද්ගලයා පැමිණ නැත.බෙනට් මුණ රතුකරගෙන යටි රැවුල කසමින් සිටී.'රජාට වාඩිකරවන්න කවුරු හරි හොයපල්ල මල්ලි' ඔහු කියයි.අපි හැම තැනම රජෙක් සොයමු.මේ අතර ධර්මෙගේ හිතවතා බෙනට්ගේ ඇස ගැටිණි.ඔහුගේ අවාසනාවට ඔහු දේහධාරී පැහැපත් පුද්ගලයෙකි.ඒ පුද්ගලයාගේ වං හුං හොයාගත් බෙනට් ධර්මෙ කැඳවා 'ධර්මෙ උඹේ යාළුවව රජාට ඉන්දවන්න පුළුවන් වෙයිද අහල බලපංකො' යි කිවේය.අපි ගොස් ඔහුට කතාකළෙමු.ඔහු එක්වරම අකමැති විය.පසුබට නොවූ අපි ඔහුට රඟපාන්නට දෙයක් නොමැති බවත් කරන්නට ඇත්තේ රජාට ඇඳගෙන සිහසුනේ වාඩිවී විටින් විට හිස සලමින්ද හිනාවෙමින්ද ඔහු ඉදිරිපිට රැඟුම් දක්වන්නාවූ කෙල්ලන්ගේ රංගනය දෙස බලා සිටීම බවත් මිහිබට සුරංගනාවන් බඳු වූ මේ නවයොවුන් රූමතියන්ගේ ගැස්සෙන නැලැවෙන අඟ පසඟ දෙස හිතේ හැටියට බලා සිටින්නට ලැබීමම වුවත් කෙනෙකුට කලාතුරකින් ලැබෙන වාසනාවක් නොවේදැයි කියා ඔහුගේ හිත හැදුවෙමු.අවසානයේ ඔහු කැමති විය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ කලිසම් කමිස ගලවා රජ ඇඳුම් අන්දවන ලදී.මාල වළලු පළඳවා වේෂ නිරුපණය කර සර්වාභරණයෙන් සරසා හිසට ඔටුන්නක්ද දමා ගෙනවුත් දර්ශන තලයේ ඉන්දවුයෙමු.රූගත කිරීම් ආරම්භ විය.අපි සැනසුම් සුසුම් හෙලා පසෙකට වී බලා සිටියෙමු.දර්ශන එකින් එක රූගත කෙරෙමින් පවතී.මධ්‍යාහනයද ලඟාවිය.දැන් දැන් රජතුමා වෙතින් මඳ නොසන්සුන් ගතියක් පලවන බව මම නිරීක්ෂණය කළෙමි.රූගත කිරීම මඳකට නවත්වන විට ඔහු නැගිට ගොස් කැමරාව පිටුපස සිටින ධර්මේට යමක් කියයි.දෙතුන් වරක් මෙසේ සිදුවන විට මම මේ ගැන ධර්මෙගෙන් ඇසුවෙමි.'ඌට ගෙදර යන්න ඕනැ කියන්නෙ,උයන්න බඩු ගේනකල් ගෙදර බලාගෙන ඉන්නවලු.දැම්මම ඉවරවෙන්නෙ නැද්ද අහනවා' ධර්මෙ කියයි. රජාගේ කතාව ඇත්තය. ගෙදරට එළවළු රැගෙන පාරේ යමින් සිටි එකාව අපි රජාට ඇන්දුවෙමු. ඔහු අපේ ප්‍රශ්නය විසඳුවේය.දැන් අපි ඔහුගේ ප්‍රශ්නය විසඳිය යුතුය.එසේ නොමැතිව ඔහු ගැන නොසලකමින් අපි අපේ කාර්යය පමණක් සපුරා ගන්නා විට ඔහු නැගිට රජ ඇඳුම් ගලවාදමා යන්නට ගියොත් කුමක් කරන්නද? නැවත මුල සිටම රූගත කරන්නට සිදුවේ.මෙවැනි සුළු දේවල් නොසලකා හැරීමෙන් බරපතල පාඩු හෝ විනාශයන් සිදුවන බව මා අත්දැකීමෙන් දනිමි.කාරණය බැරෑරුම්ය.

මම බෙනට්ටද කතාකර දැන්මම එන්නට නොහැකි වන බවට රජාගෙන් පණිවිඩයක්ද සහිතව බඩු මල්ල චන්දරේ අතේ රජාගේ ගෙදරට පිටත් කෙරුවෙමි.චන්දරේ සිය වාහනය හයර් කරමින් අපේ නිෂ්පාදන කණ්ඩායමට එකතු වූ විනෝදකාමියෙකි.මෙවැනි කුණු කොන්ත්‍රාත් කළමනාකරණය කර ගැනීමෙහි ගජ හපනෙකි.චන්දරේටද වූ අකරතැබ්බයක් ඇත එය පසුව කියමි.චන්දරේ පිටත්වී ගොස් ආපසු පැමිණියේ බාරදුන් රාජකාරිය අකුරටම කල බවට ආඩම්බරයෙන් කයිය ගසමිනි.විස්තරය ඇසු රජු මදක් සන්සුන් විය.එතැන් පටන් එක දිගටම කරගෙන ගිය ගීතයේ රූගත කිරීම අවසන් වුයේ එදින මැදියම් රාත්‍රියේය.එතෙක් රජා ඉවසිල්ලෙන් වාඩිවී සිටියේය. රෑ කෑම ලබා දෙනවිට රජාට අඩියක්ද ගැස්සුවේ උගේ හිතේ අමාරුව පහව යන්නටය. මුළු දවසක් පුරාවටම නටා මහන්සිවී සිටි රැජින සෙල්වනායගම් කලායතනයේ සුන්දරියන් කණ්ඩායම වෙහෙසට පත්ව මැලවුණු මල් මෙන් වැටුණු වැටුණු තැන්වල හිඳගෙන සිටියෝය. නාටිකාංගනාවන් මෙන්ම අපිද බොහෝ වෙහෙසට පත්ව සිටියෙමු.'එක දවසකට හරි උඹව රජ කෙරුවෙ මමනෙ යකෝ' යි කියමින් ධර්මේ රජාට විහිලු කළේය.මුහුණේ පාට සෝදාගත් රජු අපෙන් සමුගෙන සයිකලයේ නැගී ගෙදර ගියේය.පැමිණ සිටි සියලු දෙනාටම ගෙවල්වලට යන්නට පහසුකම් සැලසු අපි සුපුරුදු පරිදි බෙන් එකට ගියෙමු. ධර්මේ සමග ඉන්පසුවදටෙලි නාට්‍ය කීපයකට සහභාගී වන්නට ලැබුණද මා බෙන් ෆිල්ම්ස් ආයතනයෙන් සමුගැනීම හේතුවෙන් අපේ ආශ්‍රය දුරස් විය.මම පෞද්ගලික ජීවිතයේ කාර්ය බහුල වීමි. ධර්මේ ඊට අවුරුදු පහළොවකට පමණ පසුව මා නොසිතු විලස අකාලයේ අවසන් ගමන ගියේය.එකල මා ශ්‍රී ලංකාවේ නොසිටියෙමි. ඔහුගේ අවසන් කාලය ගැන මට කීවේ සරත් අයියාය.සරත් අයියා අදටත් චිත්‍රපට හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩකරන ප්‍රවීණ නිෂ්පාදන කළමනාකරුවෙකි.

-http://helapakade.blogspot.co.uk/2015/06/2.html

 

නීලකාස හොරුන් ගැන අනුර කුමාර... - Alibaba and the thieves

 

rajapakse-cartoonමාතලන්ගේ මස්සිනාලා ඇවිත් ගම්වල අහිංසක මිනිස්සුය. අහිංසක කිව්වට චන්ඩි කමෙන් නම් නෙමෙයිය. ෂේප් නම් ෂේප්ය, වලි නම් පුල් ෂෙප්ය. එයාලා අහිංසක අසරණ පොරවල් වෙන්නේ තොරතුරු දැන ගැනීම මගින්ය. ඊයේ අනුමත වෙන වෙලාවේ කස්ටියගේ කතා බහ උනේ, මහින්දාගමනය ගැනය.

මහින්ද මහත්තයාගේ ගරු රඟපෑම් වලින් කැට් රැට් සෑදී, ෆූලූට් කාරයා පස්සේ යන රැට්ස්ලා වාගේ, මහින්ද මහත්තයා පස්සෙන් යන අන්ත අසරණයෝය. දැණුවත් වීම, වයර්ලස් හා රූප පෙට්ටිය මගින් පමණි. පත්තරද කියවයි. ඒත් දේශපාළණය නෙමේය. බූත, මළ පෙරේත හා හොල්මන් කතා පමණි. දේශපාළණ විස්ලේසොන කියවන්නේ නැති තරම්ය.

එයාලා හිතාගෙන උන්නේ, මහින්ද මහත්තයා නැති කරන්නේ, සිල්වලා කියාය. ඒ කියන්නේ දුමින්ද හා මර්වින්ලා කියාය. රාජපක්ෂලා සිද්ධාර්ථ ගෞතම පරපුරේ අය කියා ජැකා අඹරපු ගුලිය එකසිය ගානට වළඳපු උන්ය. එයාලාට අනුව රාජපක්ෂලා පෙර පින් ඇත්තෝය. ජී ඇල් පීරිස්ලා ළොවේ ඉන්නා ළොකුම මහාචාර්යවරයාය. බන්ධුලයා ආර්ථික විජ්ජා උස්තාද්ලාය. ඩලස්ලා මහා පත්තර කාරයෝය. එයා පත්තර කාරයෙක් උනාට වඩා පොත් කාරයෙක් උනා නම්, නොම්මර එකේ පොත් කාරයෙක් කියා කියන්න තිබුනේය.

ඒත්, දැන් දැන් ලැබෙනා තොරතුරු හේතුවෙන් එයාලා ඉන්නේ පොඩ්ඩක් හෙල්ලිලාය. එහෙව් අන්ත අසරණ මිනිසුන් දැණුවත් කිරීම අපගේ යුතුකමය. හොරා කෑම රාජපක්ෂලා කළද, රනිල් විකුම්සිහලා කළද හොරකමමය. උන් රකිනා එකා මොකා ඌවද, ඒ යකා කොරන්නේ හොරකම අනුමත කිරීම මිස වෙන කිසිවක් නොවේ.

අම්මට සිරි ලංකාවේ දේශපාලුවන්ට සමගාමීව හොරකම දූෂණය හා වචංවද එක පෙලට ගමන් කරන්නේය. යහ පාලනය තුලද, තමන්ගේ එකාට හොරකම් කර ආතල් එකේ සිටීමට හැකි වාතාවරණයක් ඇති බව රහසක් නොවේමය.

නීලකාස හොරුන් ගැන අනුර කුමාර දිසානායක කියනා මේ කතාව මාතලන්ට එව්වේ මාතලන්ගේ බොක්කක් විසිනි. මේ වීඩීයෝව සිරි ලංකික හැම එකාම බැලිය යුතුම වීඩියෝවකි. ජෙප්පෝත් නැත්නම් මේ රටට මොකාගේ සරණද කියා හිතා ගැනීමටත් බැරිය.

https://www.facebook.com/anurakumara/videos/463190753835377/
දින 100 දී තෝරු මෝරු අතහැරලා හාල් මැස්සෝ ඇල්ලුවේ ඇයි ?ජනතාව දැනගතයුතු දින 100 යේ රහස්...
Posted by Anura Kumara Dissanayake on Friday, 29 May 2015

 

-http://maathalan.blogspot.co.uk/2015/06/alibaba-and-thieves.html

 

බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged

GM-4පසුගිය දා නිවාඩු පාඩුවේ නිවසේ ගත කළ දිනයක උදෑසන මා ජිවත්වෙන ගමේ පොඩ්ඩක් කරක්-ගැසුවේ ව්‍යායාමය පිණිසයි.

අපේ ගමේ වාහන යනෙන මාර්ග දෙපස ද, කුඩා ජලාශ සහ වන රොදවල් අසලින් ද, පයින් ගමන් කරන්නන් ගේ සහ බයිසිකල්වලින් යන්නන් සඳහා මාවත් සකසා ඇත. මේවා සාදන්නට ඇත්තේ පැරණි ගොවිපළක් කොටස්වලට කඩා මේ ගම ගොඩ නැගූ ඉඩම් සමාගම වුවද, ඒවා අද නඩත්තු කෙරෙන්නේ අප ගෙවන වරිපනම් මුදලින් අපේ ගම අයිති නගර සභාව විසිනි.

එහි දී ගත් ඡායාරූප කිහිපයක් ඇවිදින අතරතුරම වත්පොතේ පළ කළෙමි.

මේ ප්‍රදේශ අමුතුවෙන් පිරිසිදු කිරීමක් කෙරෙනවා මා දැක නැති වුවද කැළි-කසළින් තොරව පිරිසිදුව තිබෙනවා ඒ ඡායාරූපවලින් හොඳින් පෙනුණි.

මේ ඡායාරූපවලට අදාළව වත්පොතේ පැවති කෙටි අදහස් හුමාරුවක දී, ලංකාවේ කොළඹ නගරය අවට පිහිටවා ආරක්‍ෂක හමුදාවල සේවයෙන් නඩත්තු කරන්නට යෙදුණා යැයි කියවුණු ඇවිදින මංතීරුවල අද තත්වය ගැන තොරතුරු හෙළිවුණි. එහි දී දැන ගන්නට ලැබුණේ ඒ නොමිලේ සැපයුණු නඩත්තු කටයුතු දැන් සිදු නොවන බැවින් ඒ පෙදෙස් ක්‍රමයෙන් ජරාජීර්ණ වී ඇති බවයි.

මෙයට හේතුව ගෝටා නම් චරිතයක් දැන් සේවයේ නොමැති කම බවද කියවිණි.

මට වැටහුණු පරිදි මේ තත්වය සම්බන්ධයෙන් සමහරුන් ගේ අදහස කෙටියෙන් මෙසේය.

අපට යන යන තැන රිසි රිසි ලෙස කැළිකසළ විසි කිරීමේ නිදහස තිබිය යුතුය.
තවත් පිරිසක් තම රාජකාරියේ කොටසක් ලෙස ඒ කුණු ඉවත් කළ යුතුය.
ඒ පිරිසිදු කිරීමේ සේවාව නොමිලයේ සැපයිය යුතුය. එනම්, ඒ සඳහා ආරක්‍ෂක හමුදා තම කොස් කොටන කඩු යොදා ගත යුතුය.
අපට ඒ පිරිසිදු කිරීම් සම්බන්ධව ප්‍රජා වගකීමක් දැරීමට හෝ මූල්‍යමය සම්මාදමක් කිරීමට හෝ නොහැකිය.
ගෝටා නමැති චරිතය නැවත කරළියට ගෙන ආ විට සියල්ල ඉටුවෙනු ඇත.

මගේ අවසාන නිගමනය වූයේ, මේ ගෝඨා ගැන මැසිවිලි නගන අයට සිදු වී ඇත්තේ ඔවුන් ගේ බුද්ධිය වසා ගෙන බයි-කම ඉස්මතු වීම බවයි.

මෙය ඉතා කනගාටුදායක තත්වයක් බව අමුතුවෙන් කිව යුතුව නැත.

කලකට පෙර බුද්ධිය වසා ගෙන ජාත්‍යාලය පෙරට ගත් දස දහස් ගණනක පිරිසක ගේ ජීවිත නිරපරාදේ විනාශ වී යනු අපි දුටුවෙමු.

වාසනාවට මෙන් බුද්ධිය වසාගෙන බයි-කම මතු වූ විට ඒ ආකාරයේ විනාශයක් නම් සිදු නොවෙනු ඇත.

අවසාන වශයෙන් කිව යුත්තේ කුණු කන්දල් තිබිය යුත්තේ කුණු බක්කියේ ම බවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉදිරි සතියේ කුණු කතා කීපයක් ලිවීමට අදහස් කරමි. මේ සම්බන්ධයෙන් සජ්ජාගේ පඩංගුව බ්ලොගයේ පළ වූ බොක්කෙන් ම ලියන ලද අපූරු ලිපියකට පාර මෙන්න.
http://padanguwa.blogspot.com/2015/05/blog-post_14.html

http://rasikalogy.blogspot.co.uk/2015/06/rubbish-must-be-garbaged.html

 

 

නෙළුම් යාය සහෘද සමුහය