22 April 2019
RSS Facebook Twitter   

නෙලුම් (නිල් මානෙල්) මලෙන් අරලිය කොලයට

JCA-1ලෝකයේ අනර්ගතම ගුවන් තොටුපොල ලෙස විරුධාවලිය ලත් සිංගප්පූර්වේ චැන්ගි ගුවන් තොටුපොල එහි නවතම පර්යන්ත ගොඩනගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත්  ආරම්භ කර අති බැව් මාගේ මිතුරෙකු විසින් එවන ලද විද්‍යුත් ලිපියක සඳහන් වුනා.
මෙම පර්යන්ත ගොඩනැගිල්ල චැන්ගිහි ආභරණය ( Jewel Changi Airport ) ලෙස නම් කර ඇත්තේ, එය නිර්මානය කල මෝෂේ සෆ්දී ( Moshe Safdie ) නම් ඉතා ප්‍රසිද්ධ ගෘහනිර්මාන ශිල්පියාගේ නිර්මානය පසුබිම් කරගෙන.

ශ්‍රී ලාංකික අපටත් දැන් මෙම ගෘහ නිර්මාන ශිල්පියාගේ නිර්මානයක ජීවත් වීමට මෙන්ම පාවිචිචිකරුවන් වීමට අවස්ථාවකුත් ලැබී තිබෙනවා.

ඉතිරිය කියවන්න http://nelumyaya.com/?p=3116

මතක සැමරුම්…

 

ඌ දෙමළෙකු බව මම දැන නොසිටියෙමි...

බෝල මුහුණත්, පැහැපැත් පෙනුමත් ඌ දෙමළකු බව මුළු ලොවෙන්ම වසන් කලා වැන්න... ඒ මීට වසර ගනනකට පෙර මා අලුත් රැකියාවක් ලැබ අලුත් රටක අලුත් ජීවිතයක් ඇරඹූ මොහොතයි.. ආයතනයෙන් ලබාදුන් නවාතැනේ හොඳම කාමර සියල්ලම උදයේ පැමිණි කුරුල්ලන් හිමිකරගෙන තිබුණි... ඉතිරිව තිබූ එකම කාමරයේ මා සතු බඩු අඩුක් කරමින් සිටියෙමි... ඉඩ පාඩු ඇති කාමරයක් බැවින් තවකෙකු මෙහි පංදිචියට පැමිණීමේ අවදානමක් ඇතිබවට අපේ පහසුකම් සලසන්නා දුන් උපදෙස තවමත් මගේ සිතෙන් පහව ගොස් නොතිබුණි...

බෝල මූණා කාමරයට එබුනේ මේ අතරේදීය...

"අයියා මම කජන්... මටත් මේ කාමරේ ඉඩක් ඉල්ලගන්න කිව්වා..."

ඒ අපේ මුල්ම හමුවයි.. එතැන් පටන් ඌ මගේ රූමා විය... කිලෝමීටර ගනනක් එපිට මහ පොලව බෙදාගන්නට දෙමළු හා සිංහලයින් මරාගනිද්දී, අතේ ඇඟිලි වලින් ගැනිය හැකි වපසරියක ටයිල් පොලව අපි අපූරුවට බෙදාගනිමින් සිටියෙමු...

“ජනතාවට ආතල් සපයන්නෝ.. කජන් සහ සහෝදරයෝ...” ඒ විලාවේ උන් අනෙකුන් ඌ හැඳින්වූ අයුරුයි...යාන්තම් දෙතොල මල් පැණියෙන් පෙඟවුනු සැනින් උගේ බ්‍රේක් නැති කටට පණ එයි... කජන් යනු ඔහුගේ මුල් නම නම්, විනෝදය යනු උගේ දෙවනි නම වූ සෙයකි... අදටත් මා උපරිම විහිළු තහළුවෙන් ගතකල කාල සමයක් වේද ඒ කජන් ඇතුළු ඒ අනෙකුත් මිතුරන් හා ඒ ගෙවුනු සමාගමයයැයි මම විශ්වාස කරමි...

අපි නොරට කහවනු හූරද්දී ලංකාවේ පෙර නොවූ විරූ වෙනස්කම් සිදුවෙමින් තිබුණි..පාලකයෝ, නායකයෝ අලුත් විය.... කාලයක් තිස්සේ එතෙක් ප්‍රවෘත්ති වල අප නරඹන්නට, අසන්නට පුරුදුව සිටි පුවත් වෙනස් වෙන්නට වූයේ අසාමාන්‍යය ලෙසයි... මේ සිංහල දෙමල මුස්ලිම් බේදයක් නොමැතිව හැම ශ්‍රී ලාංකිකයාගේම සිතුවිලි හොඳට හෝ නරකට වෙනස් වුනු කාලයක් යැයි මම සිතමි... ආතතිය කෙමෙන් දැඩි වන්නට විය... ජාතිවාදයේ සුළං උඩු හුළඟටත් උඩින් හමායයි... දොරට අගුල් සියයක් දමා කාමරයේ සැඟවුනත් මටත් කජන්ටත් ඉන් ගැලවිය හැකි නොවේ...

පළමු සංඥාව ලැබුනේ මා බලාපොරොත්තු නොවුනු අවස්ථාවකයි...

" මචං මගේ සල්ලි ඉවරයි...පොඩ්ඩක් උඹේ ෆෝන් එක දීපං මට ලංකාවට කෝල් එකක් ගන්න..."

කජන් මට දුරකථනය විසිකරයි...හපා ගිල දැමුවාක් මෙන් යට භාගය නැති ඊලාම් සිතියම උගේ දුරකතනයේ ස්ක්‍රීන් සේවරයේ ලෙලදෙයි...මම එය නොදැක්කා සේ සිටීමට උත්සාහ කරමි...

මේ අතර යුද්ධය ක්‍රීඩා තරඟයක් මෙන් කෙමෙන් උණුසුම් වෙද්දී ඉන් මිදෙන්නට හැකිවූවෙකු වේදැයි මට සැක සහිතය...

"අයියා අපි සල්ලි දාලා පී.සී. එකක් ගමුද...?"

මට වඩා මාස කිහිපයක් වැඩිමල් බව පසුව දැනගත්තද ඌ දිගටම මට ආමන්ත්‍රනය කලේ අයියා නමිනි...

ලැප්ටොප් අදමෙන් සුලභ පාරිභෝගික භාණ්ඩයක් නොවුනු ඒ සමයේ කාගෙන්දෝ මිළදීගත් ඩෙස්ක්ටොප් පරිගනයක් අපේ පුංචි මේසය අරක්ගත්තේ එසේය... එකම බ්‍රවුසරයක එකිනෙකට මුවා වෙමින් ඩිෆෙන්ස්.එල්කේ අඩවියද ටැමිල්නෙට් අඩවියද ඇමිණෙයි... අපි අදාල පිටුවට පමණක් පිවිසීමට ප්‍රවේසම් වෙමු...

දිනය හරියටම මතක නැතත් ඒ සති අන්තයක් බව මගේ මතකයේ තැන්පත්ව ඇත...ගුවන් හමුදා ප්‍රහාරයකින් තමිල් සෙල්වම් මියගිය පුවත අන්තර්ජාලයෙන් කියවූ මට උන්හිටිතැන් අමතක විය... මම කජන් සෙවූයෙමි.. ඌ ගොරවමින් නිදාසිටියි...

"අඩෝ මෙන්න තොපේ ලොක්කෙක් ඉවරයි... මහ එකාටත් හෙට අනිද්දම දෙනවා ඔන්න බලපන්..."

ඌ නිදාසිටිනා ඇඳට පයින් අනිමින් මම වියරුවෙන් කෑගැසීමි...

මඳ වේලාවකින් සිහි එලවාගත් ඌ පරිගණකයට දිවගියේය... ඒ මම කජන් හඬනවා දුටු මුල්ම සහ එකම දිනයයි...

එදින ඌ සතිඅන්ත පාටිය වර්ජනය කලේය... මම ඌත් සමඟ එලියට ගොස් මගේ ගනනේ රාත්‍රී ආහාරය අරන් දුනිමි..."තමිල් සෙල්වම් මැරුවට මගෙන් පාටියක්...!" මගේ වියරු මුවින් එදා එසේ පිටනොවීම ගැන අද මම අනේකවාරයක් සතුටු වෙමි...

ඉන් පසුව බොහෝදේ උඩු යටිකුරු වුනු බව ඔබත් මමත් හොඳින් දනී... නඟර අලංකරනය වෙනුවෙන් අප සිටි විලාවද ඇතුළු ඒ ප්‍රදේශයේම ගොඩනැඟිලි පස් වී උයනක් නිමැවුනි... තනිකඩ ජීවිතයට ආයුබෝවන් කියූ අපසැම විවාහ වී පවුල් ලෙස වෙන් වෙන් නවාතැන් කරා නික්ම ගියෙමු...උතුරට වසන්තය උදාවූ අතර කජන් එහි උගේ වාසනාව උරගා බලන්නට රැකියාවට ආයුබොවන් කියලා ලංකාවට නික්ම ගියේය...

කඳුළු බ්ලෝ-ඩ්‍රයි කරන ලද අතර…රණවිරුවන් මරා දැමුණි…

දින කීපයකට පෙර නුහුරු අංකයකින් හුරුපුරුදු කටහඬක් ඇසුනි...

"අයියා ෂොප් එක පාඩුයි...ණය වගේකටත් හිරවෙලා ඉන්නේ... මම ආයේ එනවා... ජූනි මාසේ මුල...සති දෙකක් විතර ඇකමඩේශන් හොයාගන්න ඕනේ..."

"උඹ වරෙන්...අපි මොනවා හරි කරමු..."

OST-TheKiteRunnerමම පවසමි... සැබැවින්ම මම මොනවා හරි කලයුතු බව මම හොඳින්ම දනිමි...

මේ ලොව පුරා ඒ අසිරිමත් ජයග්‍රහණය සමරන මොහොතයි... මටද සමරන්නට යමක් ඉතිරිව තිබේ… අහස ගිනිගෙන දැවෙන තරම් ෂෙල් වෙඩි පිට වෙඩි පුපුරාගියත්, පොළව කැබලි වෙනතරම් මරාගෙන මැරෙන බෝම්බ පුපුරාගියත් විනාශ නොවුණු අප මිත්‍රත්වය සමරන්නට කජන් එනතුරු මම බලාසිටිමි...

http://akurublog.blogspot.co.uk/2015/05/108.html

 

යහපාලනේ හත් පොලේ ගා ගැනීම - Playing with Yaha Paalanaya

siraයහ පාලනය පටන් ගත්තේම බොහෝ අමාරුවෙන් දොවා ගත් කිරි කළයට ගොම තල්ලියක්ම එක කර ගනිමිනි. ඒ සෝමරත්න දිසානායක නම් අවස්ථාවාදි නරුමයා රූපවාහිනියට පත් කර ගනිමිනි. මාතලන් එදාම කිව්වේ අයියෝ සිරිසේන කියලාය. ජග්‍රහනයෙන් මුලා වී උන් යහපාලන ටොයියෝ කිව්වේ ගනන් ගන්න එපා මචෝ. එයා එතනට දැම්මට ගේම ගෙන යන්නේ රතන හාන්දුරුවෝ කියලාය. සම හරක් කිව්වේ අලියෙක් ඊට ඉහළින් ඉන්නවා කියලාය.

ඉන් පසු කළයට එකතු වූයේ ගොම බින්දු නොව අශූචි කඳුය. තමාගේ ලේකම් ලෙස මෙන්ම, ආරක්ෂක අමාත්‍යශයේ ලේකම් ලෙසද පත් කොට ගත්තේ, මහින්දගේ වහල් බයි රාජ්‍ය සේවකයන්ය. අඩු ගානේ ආරක්ෂාව සඳහා වත් තමන්ගේ එකෙකු උන්නේ නැති අතර, ඒ සඳහා පත් කර ගත්තේද මහින්දගේ චරපුරුෂයෝය. උන් රාජ්‍ය රහස් පමණක් නොව, පුච බෝලෙන් දාන කක්කා බෙට්ටේ සයිස් එකත් මහින්දට වාර්තා කළේය. බුලට් පිරවූ පිස්තෝල අරගෙන පැමිණි එකා, කිසි අවුලක් නැතිව ගෙදර යන්නේ උන්ගේ අනුහසින්මය.

ඇමති දූර 30 දැන් 70 ත් ඉක්මවා ගොසින්ය. බාගන්න එකාට මක්කා හෝ ඇමති අල්ලසක් දෙනවාමය. එන එකා එන්නේ යහපාලන ගේන්න නොව බිසිනොස් ටික අවුලක් නැතිව ගෙනියන්නය. බා ගැනීමේ හා නා ගැනීමේ ඉවරයක් නැතිය. දැන් ඩේලී නිව්ස් එක ගත්තාම, ඩේලී මිනිස්ටර්ලා වැහි වැහැලාය. ඇමතිකම් දෙන්න බැරි උන්ට උපදෙස් කම් දෙනවාය. කුඩු කාර මුත්තලා මදිවාට ජයරත්න එකේ නෙක්ස්ට් ඇක්ට්‍රෑක්ෂන් එකට සෙට් වෙලා ඉන්න උන් ජනපති උපදේශකයින් වෙනවාය.

ඉස්සර ගම් වල නස්කූනී උන්ට කියන්නේ, ජාතියක් ජන්මයක් නැති උන් කියලාය. මෛත්‍රිපාල ජනපති වෙන්නේත් එහෙමය. ජනපති සටනට එන මෛත්‍රිට පක්ෂයක් නැත්තේය. මක්කද කුණුහබ්බ සන්ධානයකින් ගේමට බැස්සද, ඒකත් ටැම්පරි කොම්පැනියක්ය. හරි හමන් කැම්පේන් එකක් නැතිය. බයියෝ ඒකට කැඳ හැලිය කියන්නේ නිකම් නෙමේය. එක නායකයෙක් නැතිය, ඔක්කොම උන් නායකයෝය. ලක්ෂ 25 -30 ක් තියෙන එකත්, ඡන්ද 10,000 ක් තියෙන එකත්, එකම ලැවල්ය. ඒ වගේ සම හරක් උන් හිතාගෙන ඉන්නේ ඊළඟ ජනාධිපති වෙන්නටය.

බලයට එන්නේ අවුරුදු පහෙන් ගෙදර යනවාය කියලාය. ඒත් බලය ගත්තාම, පුද්ගලයා ගෙම්බා කනපිට ගැහුවා වගේ උනේය. ශාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ බණ දේශණා තියාපු උන්නැහේ, දැන් දෙන්නේ මැදමුලනේ චන්ඩියාටත් එහා ටෝක්ස්ය. කොයි වේලෙත් ඉන්නේ මල පැනලාය. මල පැනලා තියෙන්නේ, බලය තහවුරු කර ගන්න, තමන්ගේ සෙට් එකක් හදා ගන්න වලි කන නිසාය.

ටීම් එක හදාගන්න යහපාලන කැඳයෝ ඕනා නැතිය. දැන් කුපාඩියෝ, මදාවියෝ, බුකි කාරයෝ පමණක් නොව කුඩු කාරයෝත් ඉන්නවාය. තව ටික දවසකින් මිනීමරුවෝ ඉතරක් නොව, රාජපක්ෂලාත් ඔය ටීම් එකේ උන්නොත් කවුරුවත් කළබල වෙන්න ඕනා නැතිය. එජාපයේ ගොන් අලි මෙන්ම ජහ මනයාද පරිප්පු කන්නේ, මුන් පත් කරලා උන් පොරොන්දු වෙච්චි ඒවා උන්ට කියලා කොර ගත්තේ නැති හින්දාය.

විධායකේ අහෝසි කොරනවා කියා කලේ අමූලික බොරුවක්ය. ඒවා සෙප්පඩ විජ්ජා කියා මාතලන්ලා කිව්වාම, යහපාලනේ කැඳයෝ කිව්වේ, උන්න හැටියට මලා මදිද මචෝ, අපිට ඕනා වෙලා තිබුනේ මහින්ද යකා එලවාගන්න විතරක්ය කියලාය. ඊළඟට 19 වැනි විවස්ථාව කියා තවත් සෙප්පඩ විජ්ජාවක් පෙන්නුවේය. මේ රටේ සිවිල් බුද්ධිමතුන් කියනා ගොන් වස්සෝ, පත්තර පිටු ගනන් පුරවා සාකච්ඡා දුන්නේ, කේතුමතිය අම්මට සිරි ලංකාවෙ පහළ උනා කියලාය. මාතලන්ලා කිව්වේ මුන් කරනේ අමූලික ප්‍රෝඩාවක් කියලාය.

19 සෙප්පඩ විජ්ජාවේ එකඳු හෝ කොමිසමක් ක්‍රියත්මක කරන්නේ නැතුව, විවස්තාදායක මන්ඩලේ පත් කොරන්නේ නැතිව, මන්ඩලේ එකසිය ගානට කචල් තියෙද්දී, දැන් 20 කුත් අරගෙන බලෙන් සම්මත කර ගන්න යනවාය. ඒවා මැදමුලනෙන් ට්‍රේන් වෙච්චි ගේම්ය. ඒත් ඉතින් මැදමුලනේ මුත්තාට වගේ, මේ උන්නැහේට එකෙක්වත් බය නැතිය. පක්ෂයේ මාද්දිය සාකච්ඡාවල එකෙක් කටින් කතා කරද්දි, අනිකා පුකෙන් කතා කොරන්නේ ඒ නිසාය. දවල් සිරා රෑ මරා ගේම, නැගලාම යන්නේ ඒ නිසාය. තුට්ටු දෙකේ කෑලෑ පත්තර එන්නේ ඒ නිසාය. ඒ තරමටම මෛත්‍රි පිල බංකොලොත්ය. මහින්දගේ කුජීතයෝ එක්ක හැරෙන්නවත් බැරිය.

මෙයා යන්නේ වෙනම ගමනක් බව දැන් ඔක්කෝටම වගේ තේරිලා තියෙනවාය. බලේට පත් කරන්න දර දිය ඇද්ද රනිල්ලා එක්ක කිසිම ගිවිසුමක් ගැහුවේ නෑ කියා ලොරි ටෝක් දෙන්නේ ඒ නිසාය. ඒ උනාට එදා කිව්වේ, මම ජනපති උනත්, රනිල්ට කතා කරන්නේ සෑර් කියලාය. ඒත් අද එහෙම කතා කරන්නේ මොකටෙයි කියලා හිටං, උන්නැහේට හිතෙනවා ඇතිය.

සැටලයිට් නෝනා, අවසන් ළිපියයි ඔබට ලියන්නේ..., විරහ කඳුළු පිරි දෑසින්..., කියවා හැඩුවත් මට නම් කම් නෑ..., මම අද මලෙනුයි ඉන්නේ...., කියා ලියුම් ලියන්නේ ඒ නිසාය. සෝභිතලා නාහෙන් අඩන්නේ එයාලාව පයිසෙකටවත් මායිම් නොකරන නිසාය.

සියළුම දෙනා ඡන්දයක් ඉල්ලද්දි, මහ ජන්දයට නොයන්නේ, ඔක්කෝම උන් කුජීත කරලා දාන්නටය. හැබයි ඉතින් ඒවා කරන්න ගිහින් ගූ හත වෙන්නෙත් වෙනින් කවුරුවත් නොව උන්නැහේමය. මොකෝ මේ රටේ රාජ්ජ නායකයා රනිල් නොව මෛත්‍රී කියා, මොළේ කළඳක් තියෙනා ඕනා එකෙකුට තේරෙනවාය. මැති ඇමතිවරුන් පෝලිමේ පත් කරනවා වාගෙම, ආර්ථිකේට කෙලවෙන එකත් එයාටම බාර ගන්න වෙනවාය.

මහින්දානන්ද අළුගමගේ කියන්නැහේ, මේ රටේ මෙතරම් කෙටි කාළයකින් ජනතා අප්‍රසාදයට පත් වූ රජය මෙන්ම, මෙතෙක් පහල වූ අජූතම විධායක ජනපති යන ගෞරව නම්බු නාමයන්ගෙන් දැනටමත් පිඳුම් ලබා, කිරුළු පළඳා අවසන් කොට ඇති මේ පාලනය තුල, යහපාලනය කෙසේ වෙතත්, ආර්ථික වශයෙන් බංකොලොත් වූ, අරාජික, කාළකන්නි ඒකාධිපති පාලනයක් නම් බිහිවනවා නොඅනුමාන බව නොකියාම බැරි නිසා කියා සිටිනවාය.

ඒ වගත් මෙසේය...

http://maathalan.blogspot.co.uk/2015/06/playing-with-yaha-paalanaya.html

හැත්තෑ එක කැරැල්ල​ පිළිබඳව රෝහණ විජේවීරගේ කට උත්තරය

 

roahana-71-42571 කැරැල්ලේ 13 වන විත්තිකරු රෝහණ විජේවීර 1989 නොවැම්බර් 13 දින ඝාතනයට ලක් විය. ඔහුව අත්අඩංගුවට ගැනීමට ජානක පෙරේරා මහතා සමග උලපනේ නිවසට ගිය හමුදා නිලධාරියා අද විශ්‍රාමික ජෙනරාල්වරයෙකි. ඔහුගෙන් සම්මුඛ සාකඡාවක් ලබා ගැනීමට මම උත්සාහ කළ නමුදු, එය අසාර්ථක විය. තමා කිසිවෙකුට සම්මුඛ සාකච්ඡා ලබා නොදෙන බව කියා අපගේ ඉල්ලීම ඔහු කාරුණිකව ප්‍රතික්ෂේප කරන ලදි.

71 කැරැල්ලේ පුර්ව සමයේ රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ කට උත්තරය පටිගත කරනු ලැබීය. පසුව මෙය ලේඛන ගත කරන ලද අතර පසුව එම විශාල කට උත්තරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාරාංශගත කරන ලදි. අප්‍රේල් මහ නඩුවේදී යොදා ගන්නා ලද නෛතික ලිපි ලේඛන අතර මෙම කට උත්තරය වැදගත් තැනක් ගනියි. එම ලේඛනය ආරම්භ වන්නේ මේ අයුරිනි.

රෝහණ විජේවීර විසින් රජයේ අධිනීතීඥ අයි. එෆ්. බී. වික්‍රමනායක මහතා වෙත කරන ලදුව 1971 ජූලි මස 17 වෙනිදා සිට 24 වන දින දක්වා වාර්තා ගත කර ගන්නා ලද ප්‍රකාශයේ සාරාංශයයි.

1. ජ්‍යෙෂAඨ පාඨශාලා සහතික පත්‍ර පංතිය දක්වා ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගතිමි. ඊට පසුව ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවට ගියෙමි. (ලියමන ටයිප් කොට පිළියෙළ කරන ලද්දේ ඊලියන් නානායක්කාර විසිනි)

2. 1960 සැප්තැම්බරයේදී රුසියාවට ගොස් 1964 මාර්තු දක්වා එහි සිටියෙමි. රුසියන් භාෂාව මාස 7ක කාලයක් ඉගෙන ගතිමි.

3. වෛද්‍ය අංශයේ ඉගෙන ගතිමි. ප්‍රථම විභාග 3 සමත් වීමි. ස්පාඤ්ඤ භාෂාව මඳක් ඉගෙන ගතිමි. අසනීප වීම නිසා 1964 දී ලංකාවට ආපසු පැමිණියෙමි. දේශපාලන අර්ථ ශාස්ත්‍රය උගතිමි. ලංකාවෙන් ගිය හැම දෙනෙක්ම මේ දේශනවලට සහභාගි වූහ.

4. ලෙනින්වාදය සහ මාක්ස්වාදය පිළිබඳ පොත් මම කියවීමි. ලෙනින්ගේ zz..............ZZ නම් කෘති කියවීමි. එය කාණ්ඩ 30කින් යුක්තය. මම ඒවායින් සමහර කොටස් කියවීමි. මම විවේක නිවාඩු පිට ලංකාවට ආපසු පැමිණියෙමි.

5. කටුනායකට ගොඩ බැසීමෙන් පසුව මම නාවල පාරේ ප්‍රේමලාල් කුමාරසිරි මහතාගේ නිවසේ රාත්‍රිය ගත කළෙමි.

6. චීන-රුසියන් අරගලයේදී මගේ අදහස වූයේ චීන මතය හරි බවය. මොස්කව්වලදී වුව මගේ අදහස වූයේ එයයි. රුසියාව ධනවාදය කරා ආපසු යන බවක් දක්නට තිබිණ. සෝවියට් රුසියාවට යාම සඳහා මට වීසා බලපත්‍රයක් නිකුත් නොකරන ලද්දේ මේ හේතුව නිසා යයි මම අවසානයේදී සිතුවෙමි. රුසියානු තානාපති කාර්යාලය වීසා බලපත්‍රය
ප්‍රතික්ෂේප කොට මගේ පාස්පෝට් බලපත්‍රය ආපසු එවීය.

8. තම පක්ෂයට බැෙඳන ලෙස ෂන්මුගදාසන් මට කීය. 1965 දී මම එම පක්ෂයට (පීකිං පිල) බැඳුණෙමි. ඊට බැඳී ටික දිනකට පසු පක්ෂයේ පූර්ණකාල වැඩ කටයුතු සඳහා මා යොදවා ගන්නා ලදි. පළමු කොට මම පක්ෂ මූලස්ථානයේ පූර්ණකාල ලෙස වැඩ කළෙමි. එකල මට රු. 150/} ක පූර්ණකාල දීමනාවක් ගෙවන ලදි.

9. අප පක්ෂයේ වගකිවයුතු තනතුරු උසුලන බොහෝ දෙනෙක් චීන පිළෙන් ඉවත් වී පැමිණි අයයි. ඔවුන් නම් සනත්, කරුණාරත්න, අතුල, පියරත්න, මිල්ටන්, විිමලගුණේ, මදනායක, ඩී. ඒ. ගුණසේකර, ධනපාල සහ සයිමන් අබේගුණවර්ධන යන අයයි. ෂන්මුගදාසන් යටතේ වූ ඊනියා
චීන පිලේ ප්‍රතිපත්තියෙහි ඇතැම් වැරදි මූලධර්ම ඇති බව අපට පෙනී ගියේය. ඔහුගේ පක්ෂයෙහි වංචාවත්, දූෂණයත් රජ කළා. වෘත්තීය සංගම් අංශයේ කුලවීරසිංහම් වැනි අය මුදල් සියල්ලම වංචා කළා. පක්ෂ සාමාජිකයන් බොහෝ දෙනා කලකිරීමට පත් වුණා.

10. ෂන් මැද කොළඹ ආසනය දෙමළ ඡන්ද මගින් දිනා ගැනීමට උත්සාහ කළා. ඔහුත් බාලා තම්පෝත් මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ දෙමළ ජනයා අතරයි. මේ නිසා අපි ඔහු ගැන කලකිරීමට පත් වුණා. ෂන් ගැන කලකිරීමටපත් වූ කොටස් ඔහු හැඳින්වූයේ බොරුකාරයෙක් සහ අභ්‍යන්තර ෆැසිස්ට්වාදියෙක් හැටියටයි.

12. එස්. ඩී. බණ්ඩාරනායක පීකිං පිලට බැඳුණේ 1965 අගදීය. ඔහු හයිඩ්පාක් පිට්ටනියේ රැස්වීමකදී කතාවක් පැවැත්වීමට පැමිණි විට මට මුණ ගැසුණා. ඉන්දියානු ජාතිකයන්ගේ තත්වය පිළිබඳව පැවැත්වූ දේශනයකදීද ඔහු මට මුණ ගැසුණා. මේ කාලයේදී ධර්මසේකර සිටියේ රුසියන් පිලේ. ඔහු වැඩ කළේ විද්‍යාලංකාරයේ ශිෂ්‍ය අංශයේ. 1966 අප්‍රේල් මාසයේදී මා පීකිං පිලෙන් නෙරපනු ලැබුවා.

13. කරුණාරත්න, සනත්, පියරත්න, ලොකු අතුල සහ ගුණසේකර යන මේ සියලූදෙනාම පීකිං පිලෙන් නෙරපනු ලැබුවා.

14. මා 8 වෙනි පන්තිය දක්වා ලංකා ඉතිහාසය ඉගෙන ගත්තා. ඊට පසු මා විද්‍යා අධ්‍යාපනය පටන් ගත්තා. මා අනුරාධපුර හා පොලොන්නරුව යුග පිළිබඳ ඉතිහාස පොතුත් වාමාංශික ව්‍යාපාරය පිළිබඳ පොතුත් බොහෝ ගණනක් කියෙව්වා. ඒ දිනවල මේවා බොහෝ ගණනක් මට දෙන ලද්දේ ගුණසේකර විසිනි.

15. ඩී. ඒ. ගුණසේකර මා සමඟ නුගේගොඩ ශාඛාවේ හිටියා. ප්‍රේමලාලූත් නෙරපනු ලැබුවා. අප ගොවීන් අතර වැඩ කළයුතු බවට අදහසක් අප අතර තිබුණා. මෙය මාඕ සේතුංගේ න්‍යායන්ගෙන් එකකි.
ගොවියන් විප්ලවවාදීන් කිරීමේ න්‍යාය ලෙනින් විසින් පිළිගෙන තිබේ. මේ රටේ කොමියුනිස්ට් සහ සමසමාජ අදහස් ගම්වලට කාවැදී නොතිබුණේය. ඒ නිසා මේ බැරෑරුම් ප්‍රශ්නයට මුහුණ දීමට අපට සිදුවුණා. මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ මාර්ග ගැන අපි සිත යොමු කරමින් සිටියා.

16. විප්ලවයේ පෙරමුණ ගත යුත්තේ ඉන්දියානු වතු කම්කරුවන් බව ෂන් කිව්වා. 1966 ආරම්භයේදී මට හොඳමුනි හමුවුණා. 17. ඔහු මුණගැසීමට මා කැඳවාගෙන ගියේ නාවික හමුදාවේ තිලකරත්න විසින්. නාවික හමුදාවේ 5 දෙනෙක් හෝ 6 දෙනෙක් සඳහා මම පන්තියක් පැවැත්තුවා.

19/20. 1965 මම චීන පිලේ සිටියදී පන්තියක් පැවැත්වීම සඳහා ත්‍රිකුණාමලේ නැව් තටාක අංගනයට ගියා. මට උපාලි කුරේ සහ දෙල්ගොඩ රාජා හමුවුණා. මහින්ද පලිහවඩනත් මා සමඟ නැව් තටාක අංගනයට ගියා. එහි 6 දෙනෙක් හෝ 7 දෙනෙක් සිටියා.

23/24. තමන් විප්ලවීය අරගලයක් ගැන අදහස් කරන විට පාර්ලිමේන්තුවක් ගැන අදහස් නොකරන බවත් එසේ අදහස් නොකරන්නේ නම් එවැනි ආයතන තමන්ට නැති නිසා බවත් මාඕසේතුං තමාගේ පොතෙහි කියා ඇත.

26. මම මහින්ද විෙජ්සේකර හා තවත් අය සමඟ පේරාදෙණි ගියා. විමලගුණේත් ආවා. මහනුවර පක්ෂ කාර්යාලයේදී අපි සාකච්ඡා පැවැත්තුවා.

27. චීන පිලෙන් මා නෙරපනු ලැබූ පසු 1967 අග භාගයේදී අළුත් ව්‍යාපාරයක් පටන් ගැනීමට අපි සිතුවා. අපි කිරින්දේ ගොවිපලක් ඇරඹුවා. පියතිලකත් බැඳුණා.

28. අතුල, සනත් සහ වෙනත් අය සති අන්තවලදී එහි වැඩ කළා. මිල්ටන් ලිඳක් හෑරුවා. මේ ගොවිපොල මුහුදට කිට්ටුව පිහිටුවීමට මට විශෙAෂ හේතුවක් තිබුණේ නෑ.

30. පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම සඳහා දහ පහලොස් දෙනෙක් අනුරාධපුරයට ගිය බව දෙවුන්දර අතුරු මැතිවරණයෙන් පසු සනත් මට ලියා දැන්නුවා. සනත් කලත්තෑවේ පිහිටි ඔහුගේ නිවසට පැමිණෙන ලෙස අපට ආරාධනා කළා. මමත් ගියා. පියතිලක සහ අතුලද එකතු වුණා. මා හිතන්නේ විමලගුණේත් ගියා.

31. අපි කලින් කල සනත්ගේ නිවසේදී මුණ ගැසුණා. පන්ති 5 ට පදනම් වූ මූලධර්ම පිළිබඳ එකඟත්වයකට අප පැමිනුණේ මේ සාකච්ඡා ලදීය.

33. 1967 අවසාන භාගය වන විට පක්ෂයක් පිහිටුවා ගත යුතු බව අපට ඒත්තු ගියා ධනවාදය, ප්‍රතිසංස්කරණවාදය හා ප්‍රතිෂ්ඨාපිත මාක්ස්වාදය යන මේ න්‍යායන්ට එරෙහිව දේශපාලන දර්ශනයක් පිළිබඳ වූ අරගලයක් පටන් ගැනීමට අපට සිදු විය. zzපන්ති සටනZZ යනුවෙන් හැඳින්වෙන්නේ එයයි.

34. ඇල්බේනියාවේ සිට පෙරළා පැමිණි ගූණසේකර තමා දැරූ මත අපට පළ කළා. සනත් ගේත් මගේත් මතය වූයේ අප ගොවියන් හා සබඳකම් පැවැත්විය යුතු බවත් ඔවුන්ගේ ප්‍රශ්න සොයා දැන ගතයුතු බවත් ඔවුන් හා එකට ජීවත් විය යුතු බවත් යනාදියයි. මා 1967 දී යයි කීවද ඇත්ත වශයෙන්ම ඒ 1968යි. මේ කාලය වනවිට ධනපාල රුසියානු පිලේ සිට චීන පිලට ආවා. මම එවිට ඔහු දැන සිටියා. මම ඔහු මුණ ගැසීමට ඉඩම් සංවර්ධන කාර්යාලයට ගියා. එකල ඔහු කාසල් වීදියේ සංගමයේ භාණ්ඩාගාරික විය. ඔහු රුසියානු පිලේම රැඳී සිටිය යුතු බවත් අප දේශපාලන දර්ශනය පිළිබඳ අරගලයක් අරඹමින් සිටින බවත් මම ඔහුට කීවා. zzආර්ථීක අර්බුදයZZ යන මැයින් අප දේශනය පැවත්වූයේ මෙසේයි. ධනපාලත් මමත් නොයෙකුත් කාර්ය ස්ථානවල පන්ති පැවැත්වීම සඳහා මහියංගනය සහ අනුරාධපුරය වැනි තැන්වලට ගියා.

36. කාසල් වීදියේ පන්ති 5 ම පැවැත්තුවා. 37. ඊලඟට තිබුණේ zzලංකාවේ විප්ලවය ගතයුතු මඟZZ යන පාඩමයි. (5 වෙනි පාඩම)

38. මාක්ස්වාදය පැවති අවුරුදු 150 ක කාලය තුළ කිසිම විටෙක පාලක පංතියක් සිය කැමැත්තෙන්ම පාලන බලය අන් අයට පවරා දී නෑ. 39. ඔවුන් කිසිම විටෙක තම පන්තියේ අයිතිවාසිකම් අත් හරින්නේ නෑ. කිසිම විටෙක තම සුඛොපභෝගී ජීවිත අත් හරින්නේ නෑ. කොමියුනිස්ට් කණ්ඩායමට අයත් රටවල් 82 ක් තිඛෙනවා. සමාජවාදය කරා යා යුත්තේ එක්කෝ සාමයෙන් එසේත් නැත්නම් බලය පාවිච්චි කිරීමෙන් යන මතය හැම දෙනා විසින්ම පිළිගෙන තිඛෙන්නයි. එහෙත් මේ දෙකන් ගත යුත්තේ කවර මඟද යන්න තීරණය කෙරෙන්නේ රටේ පවතින තත්වය අනුවයි. කොමියුනිස්ට් මාක්ස්වාදියා මේ දෙකෙන් කවර මඟක් වුව ගැනීමට සූදානමින් සිටිය යුතුයි.

43. අද එන්.එම් පෙරේරා ආදී අය විප්ලවයට විරුද්ධයි. එහෙත් ටික කලකට ඉහත දී ඔහු ඊට පක්ෂව හිටියා. අපි එන්. එම්. පෙරෝරාගේ එක් දහස් නවසිය හතලිස් ගණන්වල අනුගාමිකයෝ. නිසි ගෞරවය ඇතිව ඇත්තම කියනවා නම් එන්. එම්. පෙරේරා ආදී අය අපත් සමඟම, අපටත් අඩියක් ඉස්සරහින් මිනීවල කරා යා යුතුයි. මා එසේ කියන්නේ ඒ කාලයේ මේ න්‍යායන් ඇති කළේ ඒ අය නිසයි. මේවා අප අසා ගත්තේ එහෙම නැත්නම් ඉගෙන ගත්තේ ඒ අයගෙනුයි. පසුව ඔවුන් අපව අත්හැර, තමන් දේශනා කළ දේ ක්‍රියාවට නැඟීමෙන් අපව වැලැක්කුවා. කලින් ඔවුන් කියා සිටියේ zzකම්කරු පංන්තිය පුබුදුවා රුසියානු විප්ලවයක් අපිත් ඇති කරමු.ZZ යනුයි. දෙවැනි ලෝක සංග්‍රාමය කාලයේදී ඔවුන් මේ ප්‍රතිපත්තිය අනුගමනය  කළා.. මුලදී ඔවුන් තම පක්ෂය හැඳින්වූයේ විප්ලවකාරී පක්ෂයක් ලෙසයි.

44. අතුල ආදීන් පොලිස් ස්ථානවලට පහර දීම සම්බන්ධයෙන් වැරදි අදහස් ප්‍රකාශ කර තිඛෙනවා.

45. පන්ති පහ 1968 හෝ 1969 අග හරියේදී අවසන් කළා. 46. මා මුදා හරිනු ලැබීමෙන් පුසව දේශපාලන තත්වය සම්බන්ධයෙන් ලක්ෂAමන් මාදුවගේ ගෙදරදී අපි සාකච්ඡා කළා.

47. මේ කාලය වනවිට මාඕ, මාක්ස්, ලෙනින්, චේගුවේරා, පිඩෙල් කස්ත්‍රෝ, කිම් ඉල් සුං ආදීන්ගේ සියලූම කෘති අප විසින් කියවා තිබුණා. යුදහමුදා ආණ්ඩුවකට හෝ යටත් කර ගැනීම සඳහා දැරෙන ප්‍රයත්නයකට හෝ එරෙහිව රට පුරා සෑම පෙරමුණකින්ම සතුරාට පහර දීමට අපි තීරණය කළා. මුලදී මෙය තිබුණේ සිද්ධාන්තමය ක්‍රමයක් වශයෙන් පමණයි. නමුත් පසුව මෙය ආයුධ පිලිබඳ ප්‍රශ්නයක් වුණා.

48. තත්වය උග්‍ර අතට හැරීගන යද්දී පමණයි මේ මිනිසුන් පුළුවන් හැම ආයුධයක්ම එකතු කිරීමට උත්සාහ කළේ. (ආයුධ එකතු කරන ලෙසවත් පොලිස් ස්ථානවලට පහර දෙන ලෙස වත් පක්ෂය ඉල්ලා නොසිටි බව  විෙජ්වීර කියයි.)

50. සතුරා වූයේ ධනපති පංතියත් එම පන්තිය ආරක්ෂා කළ සන්නද්ධ හමුදාවත්ය.  බෝම්බ අත්හදා බැලීමේදී සිදුවූ පිපිරීමකින් පොඩි අතුලට තුවාල සිදු විය. 1970 දෙසැම්බර් 15 වෙනිදා ඔහුගේ අත කපා වෙන්කරන ලදි. වර්තමාන රජය බලයට පත් වීමෙන් පසුවත් ඔවුන් ආයුධ රැස් කිරීමට පටන් ගත්තා.

51. අතුල ආදී අය අත්හදා බැලීම් කරගෙන යන බව මට දැන ගන්නට ලැබුණේ හුඟ කලකට පසුවය. එවැනි අදහසකට අපි විරුද්ධ වුණා. ඉන්දුනීසියාවේ අයිඩිෂ්වරුන් මෙන් විනාශවී යනු වෙනුවට ඊට මුහුණ දිය යුතුය යන්න අප දැරූ අදහසයි. අප ඊට මුහුණ දීමට නම් අපට ආයුධ එකතු කිරීමට සිදුවනු ඇත. අවිආයුධ එකතු කිරීමට උත්සාහයක් තිබුණු බව මම පිළි ගන්නවා. එහෙත් ඒ කාලයේදී නොවේ. ඒ මෑතකදීය.

52. ජනවාරි මාසයේදී ලක්ෂ්මන් මහදුවගේ නිවසේදී අපි එකතු වුණා.

53. මා මුදා හැරීමෙන් පසු ඔස්මන්ගේ ලිපිනය මා විසින් පුවත්පත්වලට
දුන් විට අපට බොහෝ නිර්නාමික ලියුම් ලැබුණා.

55. අපේ පන්තිවල පිටපතක් පීටර් කේනමන් මහතාට ලැබී එය කියවූ විට ඔහුට දාඩිය දමන්නට පටන් ගත්තා. (පොලිස්පති ඔහුගේ පොලිස් අධිකාරීන් සමඟ පැවැත්වූ විශෙAෂ සාකච්ඡාවක සටහනක් ගැන විෙජ්වීර ඊලඟට සඳහන් කළේය. ඒ සාකච්ඡා සටහනේ පිටපතක් රහසිගතව ව්‍යාපාරයට එවා ඇත) සමහර ප්‍රදේශවල නායකයන් ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය නැතිව ඔවුන් ප්‍රාදේශීය පොලිස් සථානවල රඳවා නොගත යුතු බවත් එහි සඳහන් වී ඇත.

56. හිරභාරයට ගනු ලැබූ හැම දෙනෙකුගේම ඡායාරූපත් ඇඟිලි සටහනුත් ගතයුතු බව සඳහන් වී තිබුණා. දිස්ත්‍රික්කවල සිදුවන සුළු සුළු සොරකම් වලට දේශපාලන සම්බන්ධකම් තිබේද යන බවත් කැලෑවල, විශේෂයෙන්ම ගොරිල්ලා කලාප පිහිටුවීමට නියම කරගෙන තිබුණු මහනුවර කඳුකර ප්‍රදේශයේ සහ සිංහරාජ අඩවියේ අවි ආයුධ සහ පතරොම් ගැන සොයා බැලිය යුතු බවත් සඳහන් වී තිබුණා. මට ලියුම් 15ක් 20ක් පමණ ලැබුණා. මෙය මට එවන ලද විශෙAෂ ලිපියකි. වැඩි කල් යන්නට පෙර ධර්මසේකර ආදී අය පොලිස් ස්ථානවලට පහර දී ඊට අප අසු කර පලා යන බව එහි සඳහන් විය. මේ සියල්ල ගැන අපට කල් තබා අනතුරු ඇඟවීමක් කර තිබුණා. මේ ලියුම් එවන ලද්දේ
ඔස්මන්ගේ ලිපිනයටයි.

57. ජවිපෙ පුවත්පතේ නායකයා වන සිසිල්චන්ද්‍ර ඔස්මන්ගේ ලිපිනය දුන්නා. 1968 වන විට පන්ති පහ අවසන් කළා. මුල් පාඩම වූයේ zzආර්ථීක අර්බුදයයිZZ දෙවැන්න zzනිදහසZZ පිළිබඳවයි. තුන්වැන්න zzඉන්දීය ව්‍යාප්තවාදයයිZZ  හතර වැන්න zzවාමාංශික ව්‍යාපාරයZZ යි. පස්වැන්න zzලංකාවේ   විප්ලවය කළ යුතු මඟZZ යි.

59. ඊට පසු සන්නද්ධ අරගලයක් පිළිබඳ ප්‍රශ්නය ගැන සලකා බලන විට අපට පෙනී ගියේ රුසියාවේ එය නගරයේ සිට ගම දක්වා කරගෙන ගිය බවය.

60. රටේ පැවති තත්වය අනුව මාඕ සේතුං විප්ලවය ගමේ සිට නගරය දක්වා කරගෙන ගොස් අවසානයේ ජය ලබා ගත්තා. චීන විප්ලවය අනුකරණය කිරීමට ඉන්දුනීසියාව ගත් උත්සාහය නිෂ්ඵල වුණා. ෂන්ගේ න්‍යාය වූයේ චීනයේ සිදු කලාක් මෙන් අප විසින් මධ්‍යම කඳවුරු, මූලස්ථාන ප්‍රදේශ ආදිය ඇති කොට ගම්වල සිට නගර දක්වා ප්‍රහාරය
සංවිධානය කළ යුතු බවය. වෙනත් වචනවලින් කියතොත් මාඕගේ න්‍යායයි. කියුබාවේ මෙය කරන ලද්දේ වෙනත් ක්‍රමයකටය. චේගුවේරා එය බොලිවියාවෙහි අනුකරණය කිරීමට ගත් උත්සාහය නිශ්ඵල වුණා. මේ නිසා එක් රටක් අනුගමනය කළ ක්‍රියා මාර්ගය තත් රටකට සුදුසු නොවන බව අපි පෙන්වා දුන්නා. මේ සියල්ලක්ම ර\ පවතින්නේ එ ඒ රටේ පවතින තත්වය උඩය. කම්කරු පන්තියත් ගොවියනුත් දීපව්‍යාප්ත පදනමක් යටතේ සාමූහික ප්‍රහාරයක් එල්ල කළ යුතු බව අපි කියා සිටියා.

61. වෘත්තීය සංගම් හා ගොවියන් එකට එකතු විය යුතුය.

69. 1968 දී මම ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවට ගොස් ධනපාල, සනත්, අතුල සහ පියතිලක සමඟ පන්ති පැවැත්තුවා. හතර පස් දෙනෙක් පමණ පන්ති පැවැත්තුවා. මුලදී ඔවුන් සඳහා කඳවුරු පැවැත්තුවේ මා විසින් පමණයි. මුලින්ම මේ පන්ති පැවත්වීමට අප පටන් ගත්තේ අක්මීමන කරුගේ නිවසේදීයි.

70. අක්මීමන දී 2 වැනි කඳවුර පවත්වන ලද්දේ පන්ති පැවැත්වීමට නියමව සිටි ගුරුවරුන් සඳහායි. පියතිලක වැනි කිහිප දෙනෙක් කඳවුරු දෙකකට පමණ පැමැණියා. මාතර සුසිල් (වික්‍රම) ද මේවා එකකට හෝ දෙකකට පැමිණ පසුව කඳවුරු පැවැත්තුවා. අක්මීමන කඳවුරට 20 දෙනෙක් පමණ දවස් 5 ක් පැමිණියා. මේ අවුරුද්දේ ජනවාරියෙන් පසු
වෙනත් ස්ථානවල විශෙAෂ පුහුණුවීමේ කඳවුරු තිබී ඇත.

71. (නාවික හමුදාවේ) තිලකරත්න කඳවුරුවල ශාරීරික අභ්‍යාස පන්ති පැවැත්තුවා. දේශන පැවැත්වූයේ මා පමණයි. වැඩිපුර කතා කිරීම නිසා මගේ කටේ දියබුබුළු නැගුණේය.

72. අක්මීමන කඳවුරෙන් පසු වෙනත් අය මාරුවෙන් මාරුවට පන්ති පැවැත්තුවා  2 වැනි කඳවුර පවත්වන ලද්දේත් අක්මීමන කරුගේ නිවසේදීයි. සනත්, මිල්ටන්, අතුල සහ සුසිල් වික්‍රමද 2 වැනි කඳවුරට ආවා.

73. උපාලි කුරේ සහ (නාවික හමුදාවේ) තිලකරත්න තනමල්විල කඳවුරට ආවා. බටපොල අතුලත් පැමැණියා. ඔවුන් රැගෙන ආවේ කොළඹ කට්ටියයි. එනම් ඔස්මන්ඩ්, ධනපාල සහ අනික් අයයි.

74. මීට ටික කලකට පසු මිල්ටන් කුරුණෑගල කඳවුර පැවැත්තුවා.

75. ඩී. ඒ. ගුණසේකර පන්ති පැවැත්තුවා. වාමාංශික ව්‍යාපාරය පිළිබඳ විශෙAෂඥයා වූයේ ඔහුයි. කොළඹ ප්‍රදේශයේ පන්ති පැැවත්වීම සඳහා බොහෝ දෙනෙක් ඔහු යොදා ගත්තා. මිල්ටන් සහ විමලගුණේ තැපැල් දෙපාර්තමේන්තුවේ මදනායක සමඟ සම්බන්ධකම් ඇති කර ගත්තා. දෙපාර්තමේන්තුවල සේවය කළ සමහර දෙනෙකු කාසල් වීිදයේ ඉඩම් සංවර්ධන සංගම් කාර්යාලයේ පන්තිවලට ගෙන එනු ලැබුවා. මදනායක සතොස, වෝකර්ස් ආදී තැන්වලින් මිනිසුන් ගෙනාවා. ජයකොඩි කොළඹ පන්ති පැවැත්වීමට ආවා. 77. 1969 දී අපි ධර්මසේකර සමඟ වැඩ පටන් ගත්තා. කොමියුනිස්ට් පක්ෂය අත හැර අපට එකතු වීමට ඔවුන් එකඟ වුණා.

78. රුසියානු පිල සමඟ වැඩ කිරීමට අප පටන් ගත්තේ ධර්මසේකර සහ ජයකොඩි මගිනුයි. තරුණයන් දිනා ගැනීම සඳහා අපි පන්ති විශාල ගණනක් පැවැත්තුවා. අප ගිය මුල්ම විශ්වවිද්‍යාලය විද්‍යාලංකාරයයි. ඊට පසුව පේරාදෙණියේ සරත් විෙජ්සිංහ සමඟ සම්බන්ධකම් ඇති කර ගැනීමට අපට පුලූවන්වුණා. මාවනැල්ලේ වීරරත්න නම් යහළුවෙක් අතුලට හිටියා. ඔහුගේ මගින් අපට කෑගල්ලේ සරත් හඳුනාගන්නට ලැබුණා. ඊට පසු සරත් විෙජ්සිංහ, සිරිවර්ධන සහ පොඩි දිසා පන්ති පැවැත්වීමට පටන් ගත්තා.

79. සනත් අනුරාධපුරයේ පන්ති පැවැත්තුවා. ඊට පසු ඔහු ගාල්ලට මාරු කරනු ලැබුවා. අතුල කොළඹ, වේයන්ගොඩ ආදී තැන්වල පන්ති පැවැත්තුවා. සරත් කෑගල්ලේත්, පේරාදෙණියේත් පන්ති පැවැත්තුවා.

80. ධර්මසේකර කළුතරත් ජයකොඩි කුරුණෑගලත්, චන්ද්‍රසිරි පුත්තලමේත් පන්ති පැවැත්තුවා.මම කුරුණෑගල අටලූගම රාජපක්ෂගේ නිවසට ගොස් පන්ති පැවැත්තුවා. මේ අන්දමට අපි බොහෝ ප්‍රදේශවල නිතර ගොස් වැඩ කිරීමට පටන් ගත්තා. මට මහින්ද විෙජ්සේකර හඳුනා ගැනීමට ලැබුණේ ධර්මසේකර මගින්. ඉරවුර්හි පන්තියක් පැවැත්වීමට මහින්ද මා සමඟ ගියා.

81. ගුණසේකරත්, ධර්මසේකරත් විද්‍යෝදයේ පන්ති පැවැත්තුවා. ජයකොඩි විද්‍යාලංකාරයේ වැඩ කරමින් කඳවුරු පැවැත්තුවා. මුල් කාලයේදී පියතිලක පන්ති පැවැත්වීමට ජයකොඩි සමඟ ගියා. ඔහු ජයකොඩිගේ අඹ යාළුවෙක්. 1970 මැද හරියේදී අපි පක්ෂයක් පිහිටුවීමට
සාකච්ඡා කළා.

82. 1970 දී අපි පන්ති පැවැත්වීම සඳහා පක්ෂය දිස්ත්‍රික්ක මට්ටමකින් සංවිධානය කළා.

83. නොයෙකුත් පුද්ගලයන්ට දිස්ත්‍රික්ක භාර දෙනු ලැබුවා. ධර්මසේකරට භාර දෙන ලද්දේ කලූතරයි. ජයසේකරට හා පරාක්‍රමට රත්නපුරය බාර දුන්නා. සමරතුංගට සහ ප්‍රනාන්දු ට කුලියාපිටිය හා කුරුණෑගල බාර දුන්නා. කෑගල්ල හා පේරාදෙණිය බාරව සිටියේ සරත්. විද්‍යෝදය බාරව සිටියේ ගුණසේකර. සුසිල් වික්‍රමට මාතරත්, අතුලට මහනුවරත් බාර වී තිබුණා

84. නන්දන මාරසිංහ සහ ලක්ෂAමන් මුණසිංහට බාරව තිබුණේ අනුරාධපුරයයි. චන්ද්‍රසිරි හේරත්ට බාරව තිබුණේ හලාවත සහ පුත්තලමයි. සිරිවර්ධනට නුවරඑළිය බාරව තිබුණා. ඔහු හිර බාරයට ගැනීම නිසා නුවරඑළියේ වැඩ කටයුතු කඩාකප්පල් වුණා.

85. ශිෂ්‍යාධාර මුදල් වලින් අපට බොහෝ මුදල් ලැබුණා. අපට හොර රහසේ නොෙමිලේ කෑම බීම ලැබුණා. විජයවර්ධන ශාලාවේදී අපට හොඳ හැටි කන්ට බොන්ට ලැබුණා.

86. 1970 දී මාර්තු හෝ අප්‍රේල් අවසානය හරියේදී ධර්මසේකර අයින් වුණා.

87. ධර්මසේකරට නායකයා වීමට වුවමනා වුණා. ජාත්‍යන්තර ව්‍යාපාරයේ ට්‍රොට්ස්කිවරුන් සැලකෙන්නේ zzනායකත්වයෙන් තොරZZ අය හැටියටයි.

97. අපි ඛෙන්තර, මහරගම, කුරුණෑගල සහ මිද්දෙනිය යන තැන්වලත් 1968 දී කතරගම සිරිපාල අබේගුණවර්ධන ගේ ගෙදරත් කඳවුරු පැවැත්තුවා.   පැලවත්ත ඇල්පිටිය යන ස්ථානවලත් කඳවුරු සංවිධානය කළා.

101. අපි ගෙවල්වලත් පංති පැවැත්තුවා. ඩී. ඒ.  ගුණසේකරගේ ගෙදර . ධර්මසේකර ඉවත්ව ගිය පසු ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂයේ පොදු වැඩ සටහනට අනුව දිස්ත්‍රික්ක සංවිධානය කිරීමට තීරණය කරගත් අපි රහස් කණ්ඩායම්  ඇති කිරීමට පටන් ගත්තා. මේ එක් කණ්ඩායමකට 6
දෙනෙක් ඇතුළත් වුණා. කන්ඩායමකට ඇතුළත් වූ වැඩම ගණන 10 යි.
ගම් කමිටු සෑදුණේ මේ කණ්ඩායම් කිහිපයකින්. ගම් කමිටුවලට ඉහළින් ප්‍රාදේශ කමිටුත් ඒ දෙකටම ඉහළින් දිස්ති්‍රක්ක කමිටුත් විය.

102. දිස්ත්‍රික්ක ලේකම් කෙනෙක් හිටියා. අපි කොළඹ දිස්ත්‍රික්කය 5කට ඛෙදුවා. මැද කොළඹට පත් කරන ලද්දේ පොඩි විෙජ්යි. සුජී ප්‍රේමලාල් උතුරු කොළඹට. පළමුව උයන්ගොඩත් පසුව ප්‍රේමසිරිත් නුවරපාර භාරව සිටියා. නිමල් මහරගේ කැළණිය භාරව සිටියා. වසන්ත කනකරත්න මොරටුව දක්වා දකුණු කොළඹ බාරව සිටියා. ඒවා පොදු දිස්ත්‍රික්කයි. මේ සියල්ලම භාරව සිටියේ මමයි. මා පොලිසිය මඟ හැරීමට පටන් ගන්නා තෙක් සාමාන්‍යයෙන් සංවිධාන කටයුතු කළේ මායි.

103. මා හිර භාරයට ගනු ලැබීමෙන් පසු ඒ වැඩ කටයුතු කළේ සමන්, අතුල සහ කරු යන අයයි. නිමල් සමරතුංගත් ජයකොඩිත් කුරුණෑගලට පත් කරනු ලැබුවා. කුලරත්න  පෙරේරා සහ නන්දසිංහ රත්නපුරේ වැඩ පටන් ගත්තා. (ධර්මසේකර ඉවත් වීමෙන් පසු) නයනානන්ද කලූතරට
පත් කරනු ලැබුවා.

104. පළමුකොට අපි සංවිධානය වුණේ දිස්ත්‍රික්ක කමිටු මට්ටමෙනුයි. සාමූහික ගිවිසුමට අනුව සංවිධානය කිරීමේ කාර්ය පැවරී තිබුණේ සනත්ට සහ අතුලටය. මාත් එහි සිටියා නම් මා විසින් වුවත් වැඩ කරන්නට තිබුණා.

105. zzඅධිරාජ්‍යවාදීන්ගේ විනාශය පොදු ජනතා විමුක්තියයිZZ යන සටන් පාඨය නිර්මාණය කරන ලද්දේ මා විසිනුයි. මා රිමාන්ඩ් බාරයේ සිටියදී මගේ නඩුව සඳහා වැඩ කිරීමට, එනම් මා නිදහස් කර ගැනීමට සියලූම දිස්ත්‍රික්ක ලේකම්වරු අතුලගේ නිවසට රැස්ව තිඛෙනවා.

106. මා රිමාන්ඩ් බාරයේ සිට ආපසු පැමිණි විට දිස්ත්‍රික්ක කමිටු ලේකම්වරුන් රැස්කොට සාකච්ඡා පවත්වා පන්ති පැැත්තුවා. කාර්යක්ෂම සාමාජිකයෝ වැඩ පටන් ගත්තා. ඉන් පසු අපි පක්ෂ සම්මේලනයක් පැවැත්තුවා. දිස්ත්‍රික්ක ලේකම්වරුන් එක්කම ඊට ඉහළින් අපට නායකයන්ගේ කමිටු තිබුණා. දිස්ත්‍රික්ක කමිටු මට්ටමෙන් ඉහළ තීරණයක් ගත යුතුව ඇති විට, අපට සම්මේලන පැවැත්වීමට සිදුවුණා.
ප්‍රධාන ලේකම් ලේකම් වූයේ මමයි.

107. එය මා විසින්ම කර ගන්නා ලද පත්කිරීමක්. ප්‍රචාරක, අධ්‍යාපනික හා සංවිධානය යන වශයෙන් අංශ 3ක් තිබුණා. ප්‍රචාරක අංශයේ වැඩ කළේ මා පමණයි. අතුලට සහ සනත්ට ප්‍රධාන කොටම භාරව තිබුණේ සංවිධාන කටයුතුයි. පියතිලක සිටියේ අධ්‍යාපන අශයේයි. ඔහු ටික කලක් ශිෂ්‍ය අංශය භාරව සිටියා. සියලූම තීරණ ගන්නා ලද්දේ පියතිලක, කරු, සනත් සහ අතුල යන අය විසිනුයි. මා රිමාන්ඩ් භාරයට පත් වන විට, නාවික හමුදාව සමඟ සම්බන්ධකම් තිබුණා. කරු නාවික හමුදාවේ තිලකරත්න හඳුනාගෙන තිබුණා.

108. පසුව නාවික හමුදාව සමඟ සම්බන්ධකම් කරුගෙන් zzඌZZ මහතා (උයන්ගොඩ) බාර ගත්තා. රැස්වීම්, දේශන, දැන්වීම්, පොත්පත්, ලිපි මේ ආදී ප්‍රචාරය හා සම්බන්ධ සෑම දෙයක්ම පැවතියේ මගේ පාලනය යටතේයි. පත්‍රිකා පළකොට ඛෙදා හැරීම පවා සිදු වූයේ මගේ පාලනය යටතේයි.

109. සෑම ගහක්, ගලක් පාසාම අපි දැන්වීම් ඇලෙව්වා. එවිට විරාජ් කියා සිටියේ රැස්වීම්වලින් වත් දැන්වීම්වලින් වත් පළක් නොවන බවය.

110. මම වැඩ කටයුතු අතුල යටතේ මහනුවර, මාතලේ, කෑගල්ල සහ කුරුණැගල යනුවෙන් ඛෙදා හැරියා. සනත්ට භාරව තිබුණේ උඩරට ප්‍රදේශයයි. එස්. ඩී. බණ්ඩාරනායක අපේ පක්ෂයේ සිටි බව මම පිළි ගන්නවා. මාරසිංහ වැඩ කළේ අනුරාධපුරයේ. ගරුසිංහ ත්‍රිකුණාමලයේත් නිශAශංක විෙජ්වර්ධන අම්පාරේත් වැඩ කළා. ඔහුට පසුව සිටියේ ඩැනිස්ටර් ගුණසේකරයි.

111. zzවිමුක්ති සඟරාවZZ නමින් ජවිපෙ සඟරාවක් පළ කිරීමට අපි තීරණය කළා. පංති 5ද සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් පළ කිරීමට අපි තීරණය කළා.

113. zzහිංසාකාරී පොලිස් මර්දනය ධනවාදයේ මරලතෝනියයිZZ යන දැන්වීම් අපි ඇලෙව්වා.

114. අපේ හිතවතුන් ඔබට ඇති තරම් බොරු කිව්වා. කිසියම් ක්‍රියාවක් එළි වූ විට ඔවුන් සෑම විටම වරද පැටෙව්වේ කලින් චෝදනා ලැබ සිටි තැනැත්තකු පිටයි. මා විසින් එදා බොරු නම  වගයක් දුන්නේ ඒ නිසයි.
සනත් විසින් දී ඇති සංඛ්‍යා ලේඛන අනුව අපට සාමජිකයන් අට දහසක් පමණ සිටියා. විරාජ් ධනපතියන් හැඳින්වූයේ zzබාල්දි කාරයෝZZ යනුවෙනි.

116. දැන්වීම් ඇලවීමේ සියලූම කටයුතු කළේ මා විසිනුයි. මේ වැඩවලින් වැඩි හරියක් මා කළේ ටී. ඩී. ගේ ස්ථානයේ දී දැන්වීම් මුද්‍රණය කිරීමට මම ඔවුන්ට කිහිප වතාවක්ම භාර දුන්නා.

117. දිග යටි රැවුළකින් යුත්, වැරහැලි හැඳගත් තරුණයෙකුත් ඔහු පස්සේ එළවමින් සපා කෑමට තැත් කරන ලොකු බල්ලෙකුත් ඒ බල්ලා අල්ලාගෙන සිටි වළළු පැළඳි ගැහැණු අතකුත් දැක්වෙන දැන්වීමක් අපි ඇන්දා. ගැහැණු අතින් පෙන්නුම් කළේ ආණ්ඩුවය.............. මැතිනිගේ ආණ්ඩුව ලංකාදීප විකට චිත්‍රවලින් දැක්වෙන ආකාරයටයි. වැරහැලි ඇඳගත් මිනිසාගෙන් දැක්වූයේ රක්ෂා නැති උපාධිධාරිනුයි. zzලොකු බල්ලාZZ ගෙන් දැක්වූයේ ඔහුව මැ~ පැවැත්වීමට තැත් කරන ආණ්ඩුව යොදාගත් හමුදාවයි. මේ දැන්වීම් තබා තිබුණේ ඔස්මන්ඩ්ගේ නිවසේයි. එහෙත් ටී. ඩී. සිය කැමැත්තෙන්ම සනත්ගෙන් නායකත්වය බාර ගෙන තිබුණා. අප අතර මතභේද ඇතිවීමට කලින් මා දැන්වීම් දෙන්නේ ටී.ඩී. ටයි. නොයෙකුත් දිස්ත්‍රික්කවලට ඒවා තැපැල් කළේ ඔහුයි. දිවයින පුරාම එකම දවසේදී ඒාව ඇලවීමට හැකි වන පරිදි ඒවාට ඉදිරි දාතම් යොදන ලදි.

127. සීදූවේදී හිර භාරයට ගනු ලැබූ අය සංවිධායකයන්ගේ නම් හෙළි කිරීමට අකමැති වූයේ පක්ෂ කටයුතු කඩාකප්පල් වී යන නිසාය. වුවමනාවෙන්ම බොරු කියා මිනිස්සු රිමාන්ඩ් බාරයට ගියා. මා එය හොඳහැටි දන්නවා. මෙය සෑම දෙනා විසින්ම සිය කැමැත්තෙන්ම ඇති කර ගත් ගිවිසුමක්.

129. අපි බොරු කියා අනෙක් අය ආරක්ෂා කර ගත්තේ ඒ නිසයි. එහෙම නැත්නම් අපට ඔවුන්ගේ නම් හෙළි කරන්නට තිබුණා. හොඳයි අපි සිතමු මම අහු වුණා කියා. එවිට මා හිතන්නට පුලූවන් ඇයි අතුල ගැනත් හෙළි නොකළ යුත්තේ කියා. නමුත් අපේ අරමුණ වූයේ හැකිතාක් දුරට ඔවුන් වසන් කර ගැනීමටයි. - මුලින්ම මැයි 12 වැනිදා මා හිර බාරයට ගත් විට මා සනත් බොරළුකැටිය හඳුනනවාදැයි මගෙන් ප්‍රශ්න කළා. මම නොහඳුනන බව කීවා. එවිට ඔය මහත්වරු කියා සිටියා
ඔහුට උඩු රැවුලක් තිඛෙන බවත් ඔහු හික්කඩුවේ කෙනෙකු බවත්. එවිට මට ඇත්තටම පෙනී ගියා ඔහු තවදුරටත් වසන් කිරීමට උත්සාහ කිරීමෙන් ප්‍රයෝජනයක් නොවන බව. අප්‍රේල් 5 වෙනිදා ගැන මට කියන්නට තිඛෙන්නේ ඔවුන් ගත් තීරණ මොනවාදැයි මම නොදන්නා බවයි. ඒ ගැන දන්නේ පියතිලක, අතුල සහ අනෙක් පිරිස පමණයි. මා
කලින්ම දැනගෙන සිටියා පක්ෂයට මර්දනකාරී වැඩ පිළිවෙළකට මුහුණ දීමට පුළුවන්කමක් නැති බව. ඒ නිසයි මා සුසිල් ආදීන්ට කීවේ එවැන්නක් සිදු වුණොත් පසුබසින්නට කියා.

132. සන්නද්ධ හමුදා 3ත් රජයේ දෙපාර්තමේන්තුත් සම්පූර්ණයෙන්ම බාර වී තිබුණේ ඌ (උයන්ගොඩ) මහතාටයි. නාවික හමුදාවේ කටයුතු කළේ මායි. ඊට පසුව ඒ කටයුතු කරූට පැවරුවා. පසුව ඔහු එම කටයුතු ඌ මහතාට (උයන්ගොඩ) පැවරුවා.

133. විශෙAෂ ශාඛාවට අයත් මෝටර් රථවල නොම්මර ලියා ගනිද්දී නන්දසිරිව හිර බාරයට ගත්තා.

134. පොලිසිය මා හිර භාරයට ගන්නා විට මා ලඟ .22 කේ රිවෝල්වරයකුත් පතරොම් වගයකුත් තිබුණා. සිරිපාල අබේගුණවර්ධන එය මට දුන්නේ ඊට ටික දිනකට කලිනුයි. තමා එය සිරිපාලට දුන් බව පොඩි අතුල මා සමඟ කිව්වා.

135. ඊට කලින් මා කතරගම සිටියදී සුසිල් මට නොම්මර 10යේ පතරොම් තුවක්කුවක් දුන්නා. සුසිල් විසින් දෙන ලද පතරොම් 4ක් හෝ 5ක් තිබුණා.

136. ලොකු අතුල තනමල්විල කඳවුරට තුවක්කුවක් ගෙන ගියා. ඔවුන් මස් සඳහා වඳුරන් මැරුවා. මැයි 12 වැනිදා මා හිර බාරයට ගන්නා විට රිවෝල්වරය මා වාඩි ව සිටි කුටියේ මා ලඟ තිබුණා. පතරොම් තිබුණේ මගේ කලිසම් සාක්කුවේ කවරයකයි. එස්. ඩී. බණ්ඩාරනායක ඉන්දුනීසියාවේ සිට පෙරළා පැමිණි පසු මට දෙතුන් වතාවක් මුණ ගැසුණා.

137. මට ඔහු මුල් වතාවට මුණ ගැසුණේ රතු කුරුස ශාලාවේදීයි. ඒ කාලයේ මම තරුණ සංගමයේ වැඩ කටයුතු කරමින් සිටියා. 2 වැනි වතාවට මුණ ගැසුණේ හයිඩ්පාක් හි පැවැත්වුණු ෂන්ගේ රැස්වීමකදීය. ඔහු කීවා මා ගොවියන් අතර හුඟක් වැඩ කළ යුතු බව. 3 වෙනි වතාවට ඔහු මුණ ගැසුණේ බදුල්ලේ රිමාන්ඩ් භාරයෙන් මා මුදා හැරීමෙන් පසුව චීන පිලේදීයි.

138. ලක්ෂ්මන් මහදුවගේත්, ටී. ඩී.ත්, මදනායකත් මමත් කලින් වේලාවක් නියම කරගෙන එස්. ඩී. සහ ලස්සන කාන්තාවක් මුණ ගැසුණා. අපි චීන පිල අත්හැරියේ ඇයි දැයි එස්. ඩී. අපෙන් ඇසුවා. අපි ෂන්මුගදාසන් ගේ ක්‍රියා කලාපය සාකච්ඡා කළා.

140. සමාජ සංවිධානය ආදිය පිළිබඳ මාඕ ගේ න්‍යායවල සෑම අංශ= මාත්‍රයක්ම තමා පිළිගන්නා බව එස්. ඩී. කීවා.

141. අපි විරාජ් සමඟ සාකච්ඡා කළා. ඔහු සමඟ සාකච්ඡා කිරීම සඳහා අපි ප්‍රේමලාල් යැව්වා.

142. සනත්, අතුල, කමල්, ටී. ඩී. යන මේ හැම දෙනා 1970 අගෝස්තු 10 වෙනි දින පැවැත්වුණු හයිඩ්පාක් රැස්වීමට සහභාගි වුණා.

143. එස්. ඩී. බණ්ඩාරනායක අපේ කඳවුරුවලටත් රැස්වීම්වලටත් සහභාගි වුණා. ගම්පහ ප්‍රදේශයේ කටයුතු කිරීමට තමාට පුළුවන් බව ඔහු කීවා. ඔහුට වැඩිම සම්බන්ධකම් තිබුණු ප්‍රදේශය ඔහුට පැවරීම අපේ අදහස වුණා.

144. පූර්ණකාල පක්ෂ සමාජිකයකු වශයෙන් වැඩ කිරීමට එස්. ඩී. එකඟ වුණා. පොඩි අතුල වෘත්තීය සංගම් අංශයේ කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ඔහු එස්. ඩී. සමඟ සම්බන්ධකම් පැවැත්තුවා. මම වෘත්තීය සංගම් අංශය පොඩි අතුලට පවරා තිබුණා. මදනායක සහ ටී. ඩී. යන අයත්, එනම් වාත්තීය සංගම් අංශයේ කටයුතු කළ කොටසත්, එස්. ඩී. සමඟ සම්බන්ධකම් පැවැත්තුවා.

150 මැතිවරණවලින් පසුව, අවි ආයුධ සහ වෙඩි ද්‍රව්‍ය කිසිවක් එකතු නොකරන ලෙස අපි ඔවුන්ට උපදෙස් දුන්නා. එසේ වුවත් අප ලඟ ඒ වන විටත් තිබුණු ඒවා විනාශ කරන ලෙස අපි ඔවුන්ට කීවේ නෑ.

151. අපි කොමියුනිස්ට්වාදියෝ. පක්ෂයක් වශයෙන් බලන විට අපේ පක්ෂය සමසමාජ පක්ෂයට වඩා ඛෙහෙවින් ිවශාලයි. මෙයින් මා අදහස් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් හැරුණු විට දේශපාලන පක්ෂයක් වශයෙන් අපට 3 වෙනි තැන ලැබී තිුබණ බවයි.

154. මා ආණ්ඩුවට තරමක් දැඩි ලෙස පහර දුන්නේ එක් වරක් පමණයි. ආණ්ඩුව අපව මැඩලීමට අදහස් කරන බව අපට සැළවුණා. මේ ආරංචිය එවූයේ ඔස්මන්ඩ් ගේ නිවසේ අපේ පක්ෂ මූලස්ථානයටයි.

160. ධනපාලත් වෘත්තීය සංගම් අංශයේ සිටි අනෙක් සෑම දෙනාත් zzරතු ලංකාZZ පළ කිරීමට තීරණය කළා  නමුත් අතුල මෙහි වෙන යමක් දුටුවා. සිසිල්චන්ද්‍ර අතුලගේ යහළුවෙක්. මෙය පටන් ගන්නා ලද්දේ කම්කරු පන්තියේ ප්‍රශ්න පෙන්වා දීමේ අරමුණ ඇතිවයි. අප ශිෂ්‍යයින් අතර බලය තහවුරු කරගෙන සිටියත් වැඩ කරන පන්ති අතර එසේ කරගෙන නැති බව අවසාන රැස්වීමේදි මහින්ද විෙජ්සේකර කිව්වා.

161. මා ඉගෙන ගෙන ඇති හැටියට ගොරිල්ලා සටන් ක්‍රම අනුගමනය කළ යුත්තේ දුබල ප්‍රතිවාදියෙකු ප්‍රබල සතුරාට විරුද්ධව එම සතුරා දුර්වල තත්වයක සිටින විට හෝ ඔහු පසු බසිමින් සිටින විටය. zzඌZZ (උයන්ගොඩ) මහතා සන්නද්ධ හමුදා වල යම්කිසි වැඩ වගයක් කර තිඛෙන බවත් නමුත් එයින් නිශ්චිත ප්‍රතිඵල කිසිවක් ලබා නැති බවත් මම හොඳින් දැන සිටියෙමි.

162. එස්. ඒ. දිසානායක (ජාතික ආරක්ෂක) ස්ථීර ලේකම් වශයෙන් පත් කරන ලද බව මට දැන ගන්නට ලැබුණු විට මා දැන ගත්තා පක්ෂය ඉවර බව. මේ කාලය වන විට ඔවුන් ලිපි එකතු කරන්නට පටන් ගෙන තිබුණා. ඔවුන් විශාල වශයෙන් අවි ආයුධ එකතු කළේ පෙබරවාරියේදීයි. මුලදී මම එකඟ වුණේ නැහැ. එහෙත් අවසාන හරියේදී මම එකඟ වුණා. ඔක්කම්පිටියේ (බැංකුවෙන්) (සොරකම් කළ) මුදල්වලට සිදුවුණේ කුමක්දැයි මම මේ දක්වාත් දන්නේ නැහැ. අතුල රුපියල් දහ පහලොස් දහසක් එකතු කරගෙන තිබුණ බව මම කිසිසේත් දැන සිටියේ නැහැ.

163. ඔවුන් කොටුවේ බැංකුවෙන් මුදල් ගත් බව එසේ කර ටික දවසකට පසු පියතිලක මා සමඟ කීවා. zzඒ කාලයේ අපට මුදල් අවශ්‍යව තිබුණා.ZZ අවි ආයුධ හා වෙඩි ද්‍රව්‍ය එකතු කිරීම දැඩි උනන්දුවකින් කටයුතු කළේ පෙබරවාරියේදීයි. පක්ෂය තුළ අප අතර ලොකු මතභේද තිබුණා. එය තුනකට හො හතරකට ඛෙදී තිබුණා. අතුලත් සනතුත් එකමුතුව සිටියේ නැහැ. ටී. ඩී. ත් කුමානායකත් එකමුතුව සිටියා. සනත් හිටියේ අතුලටත් මටත් අතර සනත් ආදින් අතර න්‍යාය මතභේද තිුබණා.

164. මගේ පෞද්ගලික ආරකෂාව ගැන ලොකු උනන්දුවක් දැක්වූයේ සිසිල් සහ සරත් යන අයයි. ඔවුන් එය (රිවොල්වරය) ගෙනැවිත් මගේ ආත්මාරක්ෂාවට යයි කියා මට දුන්නා. ඔවුන් දුන් දේ මම තියා ගත්තා. එය ක්‍රියා කරවිය හැකි තත්වයේ තිබුණා. හුඟක්ම හොඳ එකක් නොවෙයි. එය මේ රටේ සාදන ලද්දක්. සිරිපාලත් මට එකක් දුන්නා. යුද හමුදා ආණ්ඩුවකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් අප ජීවත් වූ නිසා පොඩි අතුල ලඟ ආයුධ තිබුණා.

165. 1970 දෙසැම්බර් 15 වැනිදා බෝම්බ පිපිරීමකින් පොඩි අතුල ගේ අත තුවාල වුණා. මම පොඩි අතුලගෙන් ඇසුවා. තමා කිසියම් දෙයක් අත්හදා බලමින් සිටින විට තම අත කැඩී ගිය බව ඔහු කීවා. මා රිමාන්ඩ් බාරයේ සිටින විට එය පටන් ගෙන තිබුණේ සනත් සහ අතුලයි. ඒ ගැන මම කිසිම දෙයක් දැන ගෙන සිටියේ නැහැ. මේ සියල්ල ගැන මට සම්පූර්ණයෙන් දැන ගන්නට ලැබුණේ පෙබරවාරියේදී කියා මා හිතනවා. පාප් වහන්සේගේ පැමිණීමට ටික දිනකට කලින් 1970 දෙසැම්බරයේදී උපසේන ආදීන් කහටගස්දිගිලියේ බැංකුව මංකොල්ල කෑමට අනුරාධපුරයට ගියා. පසුව ලොකු අතුල ඇවිත් කීවේ තමා ජීවිතය බේරා ගැනීමට පලා ගොස් බේරුණු බවත් අනෙක් හැම දෙනාම අසු වූ බවත්ය.

166. ලොකු අතුල සමහර වෙලාවට වැඩ කළේ මෝඩයකු වගේ. ඔහු වැඩ කරන්නේ අමුතු ක්‍රමයකට. එහෙත් සනත් වැනි අය මොන දෙයක් කළත් ඉතා සියුම් අන්දමින් කරනවා. උදාහරණයක් වශයෙන් කියතොත් ඔක්කම්පිටියේ වැඩේ ඉතාමත් බුද්ධිමත් අන්දමින් ඉටු කර තිබුණා. පසුව මට පෙනී ගියා බොහෝ දෙනෙකුම ඉතා දක්ෂ අන්දමින් අල්ලා ගෙන තිඛෙන බව. මේ මෝඩ දේවල් නොකරන ලෙස මම අතුලට උපදෙස් දුන්නා. මේ වාගේ කටයුතුවලට බෝම්බ සහ පිස්තෝල පාවිච්චි කළ බව මම හොඳින් දැන සිටියා. මුල් කාලයේ ඒ දිනවල පොලිස් නිලධාරීන් පිළිබඳ ලැයිස්තු අපි ලොකු උනන්දුවකින් සූදානම් කළා. සෑම දෙනෙකු සෑම තැනකම එය කළා. ඊට පසු පෙබරවාරි වන විට ඔවුන් බෝම්බ සාදන්නට පටන් ගත්තා. පක්ෂයේ සෑම දෙනෙක්ම බෝම්බ සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය එකතු කිරීමට පටන් ගත්තා. පෙබරවාරි නොවේ මා හිතන්නේ දෙසැම්බර් හරියේදි කියා. වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ අපොස විභාගය පැවැත්වෙමින් තිබියදී බෝම්බ සාදමින් සිටි ශිෂ්‍යයන් දෙදෙනකු බෝම්බ පිපිරී  තුවාලව තිබුණා. මේ බව පුවත්පත්වල පළවුණා. මර්දනකාරී කටයුතුවලට විරුද්ධව තමා වැඩ කරන බව බදුලලේ දී එළිපිටම ප්‍රකාශ කොට තිුබණා. මා අතුලගේ කණ්ඩායමට නුරුස්සන බව මට පෙනී ගියා. පළමු කොටම මම වැලිමඩ  ගියා. ඒවා (බෝම්බ ද්‍රව්‍ය) එකතු කොට තිබුණේ අමුතු පිළිවෙළකට බව අපට පෙනී ගියා.

168. අප මුණ ගැසීමට බොහෝ කලකට පෙර ලයනල්, සිරිවර්ධන සහ අතුල ආකාශ ගුණ්ඩු හැදුවා. ඉතින් ඔවුන් කලින් කළාක් මෙන් පසුවත් මේවා දිගටම සෑදුවා. ඔවුන් සෑදූ දේවල් මට පෙනුණේ සෙල්ලම් බඩු වාගෙයි. නිමල් මහරගේයි මමයි එහි ගිය විට ඒවා පේරාදෙණියේදී දැක්කා. ඔවුන් බෝම්බ රොකට්වල හැඩයට ඛෙලෙක් තහඩු කැබැල්ලකින් ආවරණය කොට තිබුණා.

169. 1969 සිට සියලූම නායකයෝ පොලිස් ස්ථානවල ඇති අවි ආයුධ පිළිබඳ ලැයිස්තුවක් සමඟ පොලිස් ස්ථානවල සිතියම් එකතු කරමින් සිටියා. මේ වාගේ බොහෝ දේවල් පොඩි අතුලගේ කණ්ඩායම එකතු කරමින් සිටියා.

170. මගේ දැනීම ඇතිව ඒවා කෙරුණේ 1971 පෙබරවාරි සහ මාර්තුවලදී.
1971 දී පක්ෂයේ සෑම සාමාජිකයෙක්ම අවි ආයුධ සහ වෙඩි ද්‍රව්‍ය ඇති තැන් සොයා ගැනීම සඳහා කි්‍රයාකාරී වුණා.

173. ගොරිල්ලා සටන් ක්‍රම ගැන හැම දෙයක්ම ඔවුන් කියවා තිබුණා. ඔවුන් හුඟක් පොතපත කියවා තිබුණා. අපට වැඩි හරියක් තැන්වල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් සම්භ වුණා. නායකයන් බොහෝ දෙනෙක් භූගෝල විද්‍යාව හදාරා තිබුණා. ඒවායේ උපකාරය ඇතිව පොලිස් ස්ථානවලට පහර දෙන ලෙස ඔවුන්ට නියම කළා. හමුදාවේ ඇතැම් අයත් සිය කැමැත්තෙන්ම අපේ පන්තිවලට සහභාගි වුණා.

174. 1971 දී ඔවුන් බූට් සපත්තු එකතු කරමින් සිටි බව මම දැන සිටියා. ගොරිල්ලා භටයෙකු තුවක්කුවක් නොතිබුණත් බූට් සපත්තු කට්ටලයක් නැතිවම බැරි යයි චේගුවෙරා කියා ඇති බව කවුදෝ මට කීවා. 1971 පෙබරවාරි හරියේදී ප්‍රථමාධාර ද්‍රව්‍ය, ඖෂධ ආදිය එකතු කළා. පිටගැස්ම නිවාරණ ඛෙහෙත් විඳ ගැනීමටත් ඔවුන් පටන් ගත්තා.

175. දෙවෙනි ඛෙහෙත් රවුම විදීමට පෙර මම අසු වුණා මට ඛෙහෙත් විද්දේ අම්බලන්ගොඩ දොස්තර රාජපක්ෂ මහතායි. මා ඔහු ලඟට ගෙන ගියේ සුභසීල කොඩිකාරයි. ජනවාරි හෝ පෙබරවාරි අග හරිය වන විට පක්ෂයේ හැම දෙනෙක්ම සාමූහිකව මේවා (අවි ආයුධ) ලබා ගත්තා. අප පක්ෂ තීරණයක් අරගෙන පක්ෂයේ සියලූම සාමාජිකයන්ට දැනුම් දුන්නා. ඔවුන් සමඟ මමත් ඒ තීරණය ගත්තා.

176. මගේ දැනුම ඇතිවත් මම සහභාගි වෙමිනුත් මුළු පක්ෂයම එකතු කළා.

177. සනත්, ටී. ඩී. ව කොළඹට පත් කර තිබුණා. ඉන් පසු මම ටී. ඩී. ව ලේකම් පදවියෙන් ඉවත් කළ. අපි තාවකාලිකව ඔස්මන්ඩ් යොදා ගත්තා. වසන්ත කනකරත්න දිගටම දකුණු කොළඹ වැඩ කළා.

178. 1971 දී මම දිස්ත්‍රික්ක නායකයන්ට අවි ආයුධ සහ වෙඩි ද්‍රව්‍ය එකතු කරන ලෙස උපදෙස් දුන්නා. zzයා යුතු මඟZZ නම් වූ පන්තිවල දී, එම තත්වයන් යටතේ විපල්වයක් කළ යුතු බව මම විස්තර කර දුන් බව මම පිලිගන්නවා.

179. මාක්ස්වාදී මූලධර්ම අනුව මගේ විප්ලවය කළ හැකිව තිබුණා.

180. ප්‍රජාත්නත්‍රවාදී ක්‍රම මගින් බලය ලබා ගත නොහැකි නම් ඊලඟට ඇති අනෙක් ක්‍රියා මාර්ගය වන්නේ විප්ලවයයි. විප්ලවය යනු සන්නද්ධ අරගලයකි. මෙහි තීරණාත්මක සාධකය වන්නේ පාලක පන්තිය විසින් ගෙන ඇති ක්‍රියා මාර්ගයයි.

183. අපි ඇමක් දමා තම්පෝගේ මිනිසුන් අල්ලා ගැනීමට උත්සාහ කළා. එහෙත් ඔහු අපව බලවේගයක් වශයෙන් යොදා ගෙන අප අතරට කා වැදීමට උත්සාහ කළා. මර්දනකාරී වැඩ පිළිවෙළක් ඇති වුවහොත් ඔහුගේ ලංවෙසං කෙරෙහි අපට විශ්වාසය තබා සිටීමට නොහැකි බව එවිට අපට අවබෝධ වුණා. එහෙත් හැකි නම් අප විසින් මහා වැඩ වර්ජනයක් ඇති කරවිය යුතු බව මගේ අදහස වුණා. එසේ වුවහොත් රජය අමාරු තත්වයකට පත් වෙනවා. මම මහා වැඩ වර්ජනයක් ඇති කරවීමට සූදානම් වෙමින් සිටි බව අවංකවම කියා සිටිනවා. ඉඩම් දෙපාර්තමේන්තුවේ ධනපාල, ගුණසේකර ආදීන්ගේ ඒකාන්ත පිළිගැනීම වූයේ මර්දනකාරී වැඩ පිළිවෙළට මුහුණ දීමේ හොඳම ක්‍රමය වැඩ කරන පන්ති නැඟී සිටීමට පොළඹවාලීම බවය. මහා වැඩ වර්ජනයක් සිදුවී නම් ආනයන හා අපනයන කටයුතු අඩපණ විය හැකිව තිුබණා. එවිට
මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව ජනතාවද නැගී සිටිනවා ඇත. වෘත්තී සංගම් දේශපාලනය හසුරුවනු ලබන්නේ බලය, දූෂණය, වංචාව ආදියෙන් බව අපට ඒත්තු ගියා. බදුල්ලේ කට්ටිය, ගාල්ලේ ජනක සහ තවත් සමහර අය කියා සිටියේ මර්දනාරී වැඩ පිළිවෙළට මුහුණ දීමට හැකි එකම ක්‍රමය නම් කැලෑ වැදී අරගලය ආරම්භ කිරීම බවයි. සනත් ආදීන්ගේ අදහස වූය් අපේ කටයුතු ඉක්මන් කළ යුතු බවයි. මගේ අදහස වූයේත් එයයි. එහෙත් ජනවාරියෙන් පසු අපේ ඒකමතික අදහස වූයේ මර්දනකාරී වැඩ පිලිවෙළට මුහුණ දීම සඳහා අප සන්නද්ධ විය යුතු බවයි. අපි පක්ෂය ශක්තිමත් කොට සන්නද්ධ වී සිටිය යුතුයි.

184. තුවක්කු හා අවි ආයුධ සූදානම් කොට ගතයුතුයි. එය දීප ව්‍යාප්ත පදනමක් යටතේ සංවිධානය කළ යුතුය. නොයෙකුත් පෙරමුණු වලින් පහර දිය යුතුය. ලංකාවේ ගොරිල්ලා සටන් ක්‍රම පමණක් ප්‍රමාණවත් නොවන බව මගේ අදහස විය. පුළුල් විප්ලවයක් යන්නෙන් මා අදහස් කළේ දිස්ත්‍රික්ක 22කේම ආධාරයත් සහභාගිත්වයත් ඊට ලැබිය යුතුය යන්නය. එක විටම ප්‍රහාර එල්ල කිරීමට අපට සිදුවී තිබුණා. සටන හැම තැනකම කරගෙන යා යුතුව තිබුණා.

185. (1971 මාර්තු) 13 වෙනිදා මා හිර භාරයට ගනු ලැබුවා.

188. (පොලිස් ස්ථානවලට පහර දීම තමා විසින් සැලසුම් නොකළ බව විෙජ්වීර කියයි.)

189. අපි විප්ලවය පටන් ගනිමින් සිටියා නම් සන්නද්ධ අරගලයක් කිරීමට අප විසින් තීරණය කරන්නට තිබුණා. මර්දනකාරී වැඩ පිළිවෙළ නිසා හෝ වේවා යුද හමුදා ආණ්ඩුවක් පිහිටුවීම නිසා හෝ වේවා සන්නද්ධ අරගලය පටන් ගත යුතු වූවා නම් අපේ පක්ෂය පොලිසියටත්
සන්නද්ධ හමුදා 3 ටත් මුළු රාජ්‍ය යන්ත්‍රයටත් පහර දීමට සූදානමින් සිටියා.

190. අපේ පක්ෂය විප්ලවකාරී පක්ෂයක් නිසා මා පමණක් නොව අප හැම දෙනාම නාගරික ගොරිල්ලා සටන් ක්‍රම පිළිබඳ අත්පොත් පිංච කියවා තියෙනවා. එය පරිවර්තනය කොට තිඛෙනවා. මේවා කියවූ අපේ හිතවතුන් කිසියම් අවස්ථාවකදී ගතයුතු නියම ක්‍රියාමාර්ගය කුමක්දැයි දැන සිටියා.

191. ප්‍රායෝගික අංශයෙන් බලා, විප්ලවය සාර්ථක කර ගැනීමට පිටුබලයක් වශයෙන් මහා වැඩ වර්ජන ආදිය ඇති කිරීමට මම යෝජනා කළා.

193. කවුරු හරි විසින් ධර්මසේකරත් රොසෙන්ටලූත් මරා දැමිය යුතුව තිබුණා.

200. (ලංකාවේ ආර්ථීක අර්බුදය පිළිබඳ තම න්‍යායන් විෙජ්වීර විස්තර කරයි.)

234. ටී. ඩී. ගේ නිවසේ සිට තමා වෙත දේශපාලන කොකු නොව පුද්ගලික කොකු ගසන බව කුමානායක මා සමඟ කීවා. මා මෙයින් අදහස් කරන්නේ මේ ගෑණු ළමයි හොඳ චරිත  ඇති අය නොවන බවයි. ඊට පසු ටී. ඩී. ගේ භාර්යාව පන්ති පැවැත්වීම ගැන මට සැකයක් ඇති වුණා. ඒ මන්ද කියනවා නම් ඈට අපේ දේශපාලන පක්ෂය පිළිබඳ මොනම අදහසක්වත් අරමුණක්වත් නොතිබුණු හින්දයි.

235. ඉතින් නිසැකයෙන්ම මෙවැනි ගැහැණුන්ට පුද්ගලික හේතු තිඛෙන්නට පුළුවන්. මෙවැනි ධනවාදී සමාජයක දුවක් දෑවැද්දක් නැතිව මිනිහෙකුගේ ඇෙඟ් ගසන්නට පුළුවන් වීම විශාල දෙයක් බව ඔබ හිතන්නේ නැද්ද? ඈත් සිතන්නට ඇත්තේ ඒ අන්දමටයි. කුමානායක කීවේ සම්පූර්ණ ඇත්ත බව මට ඒත්තු ගියා. එදා සිට මා ගියේ ඔස්මන්ඩ්ගේ ගෙදරටයි. ඔස්මන්ඩ්ගේ ගෙදර නිදා ගැනීමට තැනක් නෑ. එතන ගැහැණු ළමයි හුඟ දෙනෙක් සිටියා. ඉතින් බොහෝ දිනවල මගේ කොළඹ වැඩ කටයුතු ඉවර වූ පසු මම රුහුණු කුමාරි කෝච්චියෙන්
අම්බලන්ගොඩ ගියා. මේ කාලය වන විට ටී. ඩී. ගේ වැඩිමල් දුව අතුල සමඟ සම්බන්ධකම් ඇති කරගෙන සිටියා. මට ඒ බව දැන ගන්නට ලැබුණේ zzඌZZ මහතාත් පියතිලකත් මගිනුයි. කුමානායක අල්ලා ගන්නට බැරිවූ විට ඔවුන් අතුල අල්ලා ගෙන ඇති බව මම එවිට දැන ගත්තා. මේ සම්බන්ධකම් නවත්වන ලෙස අපි  අතුල ට කීවා. ධනපති පවුල්වලට අයත් තවත් හත් අට දෙනෙකු සමඟ ඔහුගේ සම්බන්ධකම් තිබුණා. එය කුපාඩි කමම මිස වෙන දෙයක් නොවේ.

238. zzඌZZ මහතාත් ටී. ඩී. ගේ නිවසට යන්නට පටන් ගත්තා. ඔවුන් නිදහසට කියා සිටියේ ටී. ඩී. ඔවුන් එහි ගෙන්නා ගන්නා බවය. zzඌZZ එහි නැවතී සිටීම නිසා සැකයක් ඇති වුණා. ටී. ඩී. හැම දේකටම ඇඟිලි ගැහුවා. ඔහු ක්‍රමයෙන් සනත්ගේ වැඩ සියල්ලම තම අතට අරගෙන සිටියා.

238. මේ කාලයේදී මේ කුස්සියේ කාමර දෙක ඉදි කළ බව අපට පෙනී ගියා. එය ඉදිරියට ගෙන්වා ගෙන තිබුණේ ගාමිණී බාස්වයි. එම අදහසට මුල් වී ඇත්තේ කුස්සියක් සෑදීම නොව සියලූම රැස්වීම් හා සාකච්ඡා පැවැත්වීමට රහස් කාමරයක් සෑදීම බව අතුල අපට කීවා. එය ගොඩනැගීමේ අදහස අත් හරින්නට යයි අපි නියම කළත්, කුස්සි කාමරයක් ගොඩනැගුවා. එවිට සනතුත් මමත් කිසිම සැකයක් නැතිව පිලිගත්තා අතුල සියලූම නීති රීති නොසලකා මුදල් පිලිබඳ තරමක දූෂණයක යෙදී ඇති බව. ටී. ඩී. ට සෑම මාසයකම රු. 500/} ක් දෙන ලද බව අතුල කිහිප දෙනෙකුටම කියා තිබුණා. මෙය කළේ අපේ දැනුම
ඇතිව නොවෙයි. අපි එයත් තහනම් කොට තවදුරටත් සාකච්ඡා සඳහා එහි නොයන ලෙස ඔහුට කීවා. එහෙත් ඊට පසුවත් ඔහු දිගටම එහි ගියා.

මේ සියලූම කරුණු වලදී ටී. ඩී. සෑම විටම ගත්තේ ඔහුගේ බිරිඳගේ පැත්තයි. ඔහු බිරිඳට වාල්වී ජීවත් වූ කෙනෙක්. ටී. ඩී. තම්පෝගේ අතකොලූවක් වී සිටීම නිසා පොඩි විෙජ්ත්, වසන්ත කනකරත්නත් ටී. ඩී. ට විරුද්ධ වුණා............ ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ ලංවෙසේසං මහා සභා රැස්වීමක් ඇමතීමට මා යොදා ගැනීමට තම්පෝ උත්සාහ කළා. ටී. ඩී. තනතුරෙන් ඉවත් කිරීමට මට සිදු විය.

239. මා රිමාන්ඩ් බාරයේ සිට ආපසු පැමිණි පසු මගේ  අංගාරක්ෂකයා වශයෙන් ලක්ෂ්මන් මහදුවගේ පත් කරනු ලැබුවා. මිනිහා දක්ෂයා. එහෙත් මගේ අංගාරක්ෂකයා වශයෙන් ඔහු කළේ මා ලඟට වී නිදා වැටීමයි. ඒ දිනවල ඔහු හරිම කම්මැලියකු වී සිටියා.

241. මම රිමාන්ඩ් බාරයට පත් වන තෙක්ම කිසිම කෙල්ලක සමඟ සම්බන්ධකම් ඇති කර ගත්තේ නෑ. මම මගේ තාත්තාට ලොකු බයකිනුයි හිටියේ. දේශපාලනයට බැසීමට මා පෙළඹවූයේත් ඒ හේතුවයි.

243. අපේ හිතවතුන් අපේ පක්ෂයට බැෙඳන්නටත් කලින්ම ප්‍රේම සම්බන්ධකම් ඇති කරගෙන තිබුණ ඇතැම් අවස්ථාවලදී අප ඊට අනුමතය ප්‍රකාශ කළේ ප්‍රේම සම්බන්ධකම් විප්ලවය හා ප්‍රතිවිප්ලවය පදනම අනුව වර්ග කරමිනුයි. මීට හේතුව නම් ප්‍රගතිශීලී ධනපති පන්තියට අයත් ගැහැණු ළමයි - නිදර්ශනයක් වශයෙන් බටහිර පන්නයට හැඩ ගැසුණු සංකර යූ. ඇන්. පී. කෙල්ලන් - දේශපාලනය ගැන කිසිම උනන්දුවක් දක්වන්නේ නෑ. අප ඔවුන් හඳුන්වන්නේ නටන බෝනික්කන් කියායි. අපේ හිතවතුන් එවැනි අය සමඟ සම්බන්ධකම් ඇති කර ගත්තොත් අපි විනාශයි.

කෙල්ලන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. මුල් කාලයේ සිටම මම ඔවුන්ගෙන් ඈත්ව සිටියා. මම වරක් චන්ද්‍රා අක්කා ආදීන් සඳහා පන්තියක් පැවැත්වීඹට විද්‍යෝදයට ගිය විට මම ඔවුනට දේශනය පැවැත්වූයේ මෙසේ බිම බලාගෙන. කොච්චරටද කිව්වොත් සමහර සොහොයුරියෝ මාව නැවත නොඑවන ලෙස ඔවුන්ට කියා තිඛෙනවා.

245. යසෝමාගේ හැසිරීම ගැන මම විමසිල්ලෙන් සිටි බවත් ඈ ගැන මා හුඟක්ම පැහැදී සිටින බවත් මා කරුට කීවා. යසෝමා ගේ සහෝදර සිසිල්චන්ද්‍ර විරෝධය දැක්වූවා. මේ ආරංචිය මා විසින් පක්ෂයට පළ කරන බව මම කීවා. මගේ අම්මා මට දැක්වූයේ මහත් පිලිකුලක්. ඊට පසු ටී. ඩී. ආදීන් මගේ කාරණය ඔවුන්ට වැදුන පහරක් ලෙස සැලකුවා. මා පක්ෂයේ වැඩ කිසිවක් නොකොට තැන තැන නටා ගහන බවට චෝදනා කිරීමට ඔවුන් පටන් ගත්තා.

252. මගේ ප්‍රචාරක කටයුතුවලදී මහින්ද විෙජ්සේකර මට උදව් වුණා.

254. අතුලට කීවේ කැමිලෝ කියායි. කැමිලෝ කියුබාවේ චේගුවේරාගේ යහළුවෙක්ව සිටියා.

257. (මාර්තු) 7 වෙනිදා අමෙරිකානු තානාපති කාර්යාලයට පහර දීමට සූදානමක් තිඛෙන බව දකුණු කොළඹ තම යහළුවෙකුගෙන් කෙනෙක් කී බව වසන්ත කනකරත්න දැන්වූවා.

258. මේ පහර දීම මෙහෙයවන්නේ වාසුදේව නානායක්කාර හා ධර්මසේකර බව කියා තිබුණා. මාර්තු 6 වෙනිදා දිස්ත්‍රික්ක ලේකම්වරුන් ඔස්මන්ඩ් ගේ නිවසට කැඳවනු ලැබුවා. ඔවුන් කැඳවා තිබුණේ අතුලයි.
ඊට පසු අතුල පොලිසියට ඔත්තුව දෙමින් හැම කෙනෙකුම කැඳවා තිබුණා.

259. පොලිසිය මේ නිවසට කඩා පැන්නා. ඔස්මන්ඩ් හා වසන්ත හැරෙන්නට සියලූ දෙනාම බේරී පලා ගියා.

262. (මාර්තු) 13 වැනි දා මා හිර බාරයට ගනු ලැබුවා.

263. මහින්ද විෙජ්සේකර හිර බාරයට ගෙන ඇති බව මිණිපේ සෝභිත දැන්නුවා. ඊට පසු මම මාතලේටත් ගියා. ඊට කලින් මාතලේ ලංකාතිලක ගේ නිවස අසල ආයුධ එකතු කොට තිබුණා. ඔවුන් එක තුවක්කුවක් අතුලට දී තිබුණා. මා එහි යන විට ඔවුන් ලඟ තුවක්කු 3 ක් තිබුණා. රාක්කයක් සාදා ඒවා (ආයුධ) එහි තබා තිබුණා. එකක් කානු දෙකේ තුවක්කුවක්. අනික් 2 තනි කානුවේ ඒවා. මා හිතන්නේ එකක් රයිෆලයක්. තමා එය යුරෝපීය ජාතිකයෙකුගෙන් සොරකම් කර ගත් බව ඔවුන් කීවා. පියතිලකත් මමත් මාතලේ ගියා.

265. කෑගල්ලේ බෝම්බ පිපිරීමක් සිදු වී ඇති බව (මාර්තු) 10 වෙනි දා හරියේදී කරූ දැන්නුවා. සමහර දෙනෙක් මැරී තිබුණා. සමහරෙක් තුවාල වී ස්පිරිතාලයට ඇතුල් කර තිබුණා. අවමංගල්‍ය කටයුතු ගැන විස්තර දැන ගන්නට යයි මම ඔහුට කීවා. පොලොන්නරුවට සහ අම්පාරට යාම අපේ වැඩ සටහනට ඇතුළත්ව තිබුණා. අප එහි ගියා.

266. කෙලී සේනානායකත් පියතිලකත් මමත් පොලොන්නරු ගියා. නිශAශංක විෙජ්වර්ධනත් ගියා. පියතිලක අඳුනන අය පොලොන්නරුවේ සිටියා.

267. ඊට පසු බක්මීවැව හමුවීමට අපි උහනට ගියා. එහිදී පොලිසිය අපව හිර බාරයට ගත්තා.

268. කෙලී සේනානායක, නිශAශංක, ප්‍රේමරත්න හා මම හිර බාරයට ගනු ලැබුවා.

281. (තමා නීත්‍යානුකූල මාර්ගයෙන් නිදහස් කර ගැනීමට බැරි නම් අනෙක් සමාජිකයන් සමඟ සාකච්ඡා කොට සටන පටන් ගන්නා ලෙසත් දීප ව්‍යාප්ත සටනක් සඳහා දිනයක් නියම කර ගන්නා ලෙසත් තමා නිදහස් කර ගැනීමට ජවිපෙ සාමාජිකයන් 500 ක් පමණ යාපනයට එවන ලෙසත් තමා පියතිලකට නොකී බව විෙජ්වීර කියයි.)

282. (ඉහත කී ඉල්ලීම අතුලට ප්‍රේමරත්නට හා පියතිලකට කරන ලෙස තමා සිරිල්ට නොකී බව විෙජ්වීර කියයි.)

283. මා විරාජ් ප්‍රනාන්දු හඳුනනවා. මට ඔහු මුණ ගැසුණේ ලක්ෂ්මන් මුණසිංහ මගින්. මට ඔහු මුණ ගැසුණේ දෙවතාවක් පමණයි. ඒ බදුල්ලේ රිමාන්ඩ් බාරයෙන් මා පැමිණ ටික දවසකට පසුයි. අපි මුණ ගැසුණේ විමලගුණේගේ නිවසේදීයි.

284. 2 වෙනි වතාවට මට ඔහු මුණ ගැසුණේ ටී. ඩී. ගේ නිවසේදීය. එවිට ඔහු ලන්ඩනයට යාමට සූදානමින් සිටියා. කලින් ඔහු මට හඳුන්වා දී තිබුණේ ලන්ඩනයේ ශිෂ්‍යයෙක් හැටියටයි. අප වෙුනවෙන් ලන්ඩනයේ කණ්ඩායමක් සංවිධානය කිරීමටත් අපේ දැන්වීම් එහි ඇලවීමටත් මාට පුළුවන් බව ඔහු කීවා. 4 වෙනි ජාත්‍යන්තරයෙන් පසු කැඩී වෙන්වුණු ට්‍රොට්ස්කිඅයිට්වරුන් වන ප්‍රංශය, ඉතාලිය, කියුබාව වැනි අනිකුත් රටවල් සමඟ අපට සම්බන්ධකම් ඇති කර ගැනීමට කටයුතු යෙදීම ආදිය තමාට පුළුවන් බව ඔහු කීවා. එහි ගොස් ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ඔහු පොරොන්දු වුණා. ඔහු අපේ පක්ෂයට හිතවත් බවක්
පෙන්නුවා. මගේ එකම අරමුණ වූයේ විරාජ් මගින් ලන්ඩනයේ පදනමක් පිහිටුවා ගැනීමය. (තමා අවි ආයුධ හා වෙඩි ද්‍රව්‍ය ලබා දෙන ලෙස විරාජ්ට නොකී බව විෙජ්වීර කියයි.)

286. විරාජ් 1969 දී ගියා. 1971 දී ඔහු එන විට ලියුම් ගෙනාවා. ලන්ඩනයේ කණ්ඩායමක් ඇති කිරීමට හිතරක තත්වයක් ඇති බව ඔහු කීවා. ඔහු ප්‍රංශයේදී ට්‍රොට්ස්කිඅයිට් වරුන් මුණ ගැසී ඇති බව පෙනෙන්නට තිබුණා. ඔවුන් තම්පෝට දන්වා තිබුණා. එබඳු මිනිසෙක් ඔවුන් මුණ ගැසීමට ආ බව................ ඉන් පසු තම සහයෝගය අපට දෙන බවට දකුණු යේමනයේ ජාතික විමුක්ති පෙරමුණෙන් ඔහු (විරාජ්)
අපට ලිපියක් ගෙනාවා. ඒ ලිපිය කරූ ලඟ ඇති. මා කලින් අම්බලන්ගොඩදී තම්පෝ මගින් වර්ගියට් මුණ ගැසී ඇති බව ඔහු (විරාජ්) දැන සිටියා. ටී. ඩී., කරු සහ තම්පෝ සිසිල්චන්ද්‍රගේ නිවසට ආවා. රැස්වීම අමතන විට ඔවුන් මගේ ඡායාරූප දෙකක් ගෙන තිබුණා. කෙසේ හෝ අපව 4 වෙනි ජාත්‍යන්තරයට ඇද ගැනීමට ඔවුන්ට වුවමනා වුණා.

287. කලින් මම තම්පෝගේ නිවසේදී දේශපාලන කරුණු සාකච්ඡා කළා.

288. කතරගමදී මා හිර බාරයට ගැනීමට ටික දිනකට කලින් මට සුසිල් සිරිවර්ධන මුණ ගැසුණා. ටී. ඩී. විසින් මේ සුසිල්ව සිරිපාල අබේගුණවර්ධනගේ ගෙදරට කැඳවාගෙන ගොස් තිබුණා. ඔහු මා සමඟ කතා කළ මොහොතේම මට ඔහු ගැන සැක ඇති වුණා. ඔහු ශිෂ්‍යත්වයක් පිට ඇමරිකාවට ගොස් තිඛෙන බව ටී. ඩී. මා සමඟ කී නිසා ඔහු සීඅයිඒ නියෝජිතයෙක්දැයි මට සැකයක් ඇති වුණා. මේකත් හාවඩ් විශ්වවිද්‍යාලයට දෙන සීඅයිඒ ශිෂ්‍යත්වවලින් එකක් යයි මම නිකම්ම සිතා ගත්තා. ඔහු ඒ කාලයේ කෙනල් සමාජයේ සභාපතිව සිට තිඛෙනවාලූ.

289. (ඔහුට ජයන්ත යයි කීවේ සුසිල් සීඅයිඒ නියෝජිතයෙකැයි තමා සැක කළ නිසා බව විෙජ්වීර සුසිල්ට කීය.) ඉතින් මම, ඔහු කරන්නේ බාල්දි එහා මෙහා ගෙන යන එක පමණකැයි කියමින්, ඔහු කැඳවා ගෙන ඒම ගැන ටී. ඩී. චෝදනා කළා. අපි විරාජ් සමඟ පන්ති ගැන සාකච්ඡා කළ දවසේ මට ඔහු මුණ ගැසුණා. එදා ලක්ෂ්මන් මුණසිංහ, විරාජ්, සුසිල් සිරිවර්ධන සහ තවත් අයෙක් විමලගුණේගේ නිවසේ සිටියා. (විරාජ් වනාතමුල්ලට ගොස් නියම බෝම්බයක් සෑදීමට පාවිච්චි කළ යුත්තේ මොන ද්‍රව්‍යදැයි පෙන්වා දී තිබුණා.

290. ලොකු අතුල මට බෝම්බත්, තුවක්කුත් ස්වයංක්‍රිය තුවක්කුත්, ග්‍රවුන්ඩ් රිපීටරයකුත් දුන්නා. මට අම්බලන්ගොඩදී එය දීම සඳහා අතුල එය සිසිල්චන්ද්‍ර ගේ ගෙදරට බාරදී තිබුණා.යම් විදියකින් මා හිර බාරයට නොගත්තොත් සටනට එකතු වීමට මටත් අදහස ඇතිවුණා. එසේ වී නම් නිසැකවම මට එය අවශ්‍ය වෙන්නට තිබුණා.

291. පෙබරවාරි වන විට අපේ පක්ෂය අවි ආයුධ එකතු කිරීමට පටන් ගෙන තිබුණු බව මම පිළිගෙන තිඛෙනවා. රැස්වීම්වලදී එකතු වූ මුදල රු. 2600/} මම ලොකු අතුලට දුන්නා.

292. පක්ෂයේ මිල මුදල් පිළිබඳ කටයුතු මම කළේ නෑ. මුදල් එකතු කළ යුතුව ඇති බව නම් මම කීවා............ කුමානායකට   මුදල් වංචා කිරීම ගැන කතා බහක් තිබුණා.

293. ඔක්කම්පිටියෙන් මුදල් මංකොල්ල කෑවේ උපසේනයි. කහටගස්දිගිලියේ බැංකු සොරකම ගැන ලොකු අතුල මා සමඟ කීවා. හැම දෙනාම අසු වූ බවත් තමා පමණක් බේරුණු බවත් ඔහු කීවා. මම ඔහුට බැන වැදුණා. ඊට පසු කොටුවේ බැංකුවෙන් මුදල් ලබා ගත්තා. මෙය මා සමඟ කීවේ පියතිලකයි. (එදාම සංඝාරාමයේදී පියතිලක මුණ ගැසී එම මුදල් ඛෙදා ගන්නා සැටි ඔහු සමඟ සාකච්ඡා නොකළ බව විෙජ්වීර කියයි.)

අවි ආයුධ එකතු කිරීමේ කටයුතු කළේ අතුල. ඔහු පිට පළාත්වල මේවා ඛෙදා දුන්නා. මුලදී ඒවා කළේ ඔහුට වුවමනා විදියටයි. මාතර හිතවතුන්ට මුදල් අමාරුකම් තිබුණ නිසා මම සුසිල්ට (වික්‍රමට) රු. 5000/}ක් දුන්නා.

294. (බැංකුවෙන් සොරකම් කළ මුදල්වලින්) කිසියම් මුදලක් තමා පොඩි අතුලට දුන් බව (පියතිලක) කීවා. රු. 5000/} ක් ගෙන සුසිල්ට දුන්නා. එය මා පිලිගන්නවා. (කොටුවේ බැංකුවෙන්) රු. 57,000/} ක් සොරකම් කිරීමෙන් පසු එම මුදල් චන්ද්‍ර අක්කාගේ ගෙදරට ගෙන ගොස් (විද්‍යෝදයේ) සංඝාරාමයට ගෙන ගිය බව පියතිලක කීවා. කපිලට රු. 10,000/} කුත් අනුරට රු. 2000/} කුත් දෙන ලෙස තමා ඔවුන්ට කී බව දැන් විෙජ්වීර පිළිගනී.

295. (තමාගේ සහෝදරයකු වන පර්සිට රු. 5000/} ක් දෙන ලෙස පියතිලකට තමා නොකී බව විෙජ්වීර කියයි.) මම එය මාතර සුසිල්ට දෙන ලෙස ඔහුට (පියතිලකට) කීවා. ඒ මුදල් සියල්ලම පක්ෂය විසින් පාවිච්චි කළේ පුවත්පත්, පත්‍රිකා ආදිය පළ කිරීමටත් අවි ආයුධ සහ වෙඩි ද්‍රව්‍ය මිලයට ගැනීමටත් ය. ලොකු අතුල තමන්ට පක්ෂපාත අය අතර පොත් හා අවි ආයුධ ඛෙදා දෙන බව මම මාර්තු මාසය වන විට දැන සිටියා. අවි ආයුධ හා වෙඩි ද්‍රව්‍ය එකතු කිරීම හා සෑදීම ඉක්මන් කිරීමෙන් හා පුළුල් කිරීමෙන් නොපමාව පක්ෂය ශක්තිමත් කරන්නටයි මම ඔහුට (පොඩි අතුලට) කියා තිඛෙන්නට පුළුවනි.

296. ඔහු (පොඩි අතුල) (බෝම්බ) සෑදීමේ නියුක්තව සිටි බව මම දැන සිටියා. ඒවා සාදන්ට යයි මම ඔහුට කීවා..........................ඒ දිනවල ඔහු ඒවා සාදමින් සිටි බව මම දැන සිටියා. ඔහුත් ඒ බව මා සමඟ කීවා. (බෝම්බ සාදන්නකු වූ විෙජ්පාල තමා නොහඳුනන බව විෙජ්වීර කියයි.)

297. මම කවදාවත් බෝම්බයක් දැක නෑ. (1970 දී රොසෙන්ටල්  වාත්තු මඩුවකදී සෑදූ පාත්‍රයක් බඳු (ඊයම් බෝල) සැම්පල් බෝම්බයක් ජයකොඩි තමාට පෙන්නූ බව විෙජ්වීර ඊට පසු පිළිගනියි.

298. මම අතුල සමඟ නෙළුන්දෙණි ගොස් තිඛෙනවා. (විප්ලවය අසාර්ථක වුවහොත් නොයෙකුත් තැන්වලට තමන්ට පසු   බැසීමට සිදුවන බවත් තමා නොකී බව විෙජ්වීර කියයි.)

300. (මාර්තු 6 දා) ලොකු අතුල රහසිගතව දිස්ත්‍රික්ක ලේකම්වරුන් කැෙඳව්වා. ඔහු මා පමණක් නොව මාතර සුසිලූත් මේ රැස්වීමට නොකැඳවා අත් හැරියා.

301. මා උසාවියට යන විට මා වෙුනවෙන් පෙනී සිටීමට නීතීඥයෙකු යොදා ගැනීමට මා අදහස් කරන්නේ නෑ. මගේ පක්ෂයේ සාමාජිකයන් ලොකු ලොකු සොරකම් කරගෙන යමින් සිටි බව මම දැන සිටියා.

305.   සම්පතී ඇගේ දෙමව්පියන් විසින් මගේ දෙමව්පියන්ගේ ගෙදරින් ආපසු කැඳවා ගෙන ආවා. කමනී ද මහින්ද විෙජ්සේකර ගේ ගෙදරට කැඳවාගෙන ගියා. ඇගේ දෙමව්පියන්ට ඊට විරුද්ධ වීම නිසා ඈ ආපසු
ගෙදර කැඳවාගෙන ආවා.

306. ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන් වැඩ කරනවාටත් විරුද්ධ බව මම දැන සිටියා.

310. මම සුනන්දුට රු. 500/} ක් දුන්නා. තුවක්කු මිලදී ගන්ට විය හැකියි. හොඳයි, තුවක්කු මිලදී ගන්නට බව මා කියනවා. දේශපාලන මණ්ඩලයක් (පොලිට් බියුරෝවක්) වශයෙන් පැවති සාකච්ඡා වැඩි හරියකට පැමිණි අයගේ නම් මේවාය: සනත්, ලොකු අතුල, කරූ, ධනපාල, ටී. ඩී., ගුණසේකර. මේ අය සාකච්ඡාවලට ආවා. උයන්ගොඩ සහ කුමානායක අන්තිම හරියේදී ආවා.

311. සිසිල්චන්ද්‍ර වාගේම සුනන්දත් ආවා. ඔවුන් කැඳවන ලද්දේ බදුල්ලේ ප්‍රශ්නය ගැනයි මගේ අංගාරක්ෂකයා වශයෙන් ලක්ෂ්මන් මා සමඟ ගියා. අනුර එහි සිටියා. 313. (විෙජ්වීර ගම් කමිටු ගැනත් දිස්ත්‍රික් කමිටු ගැනත් සඳහන් කරයි.)

314. කොළඹ කොටස් 5 කට ඛෙදා තිබුණා. මැද කොළඹ දිස්ත්‍රික් ලේකම් වූයේ විෙජ්රත්නයි. (පොඩි විෙජ්). උතුරු කොළඹ දිස්ති්‍රක් ලේකම් වූයේ චුක්කියි (ප්‍රේමරත්න). ටී. ඩී. (සිල්වා) මැද කොළඹ දිස්ත්‍රික් ලේකම්. ලොකු අතුල වැඩ කළේ නුවරපාරේ. ඔහු මුළු උඩරටම වැඩ කිරීමට පටන් ගත් පසු ඔහු නුවර පාර zzඌZZ මහත්තයාට භාර දුන්නා. ඊට පසුව ප්‍රේමසිරි කියා කෙනෙක් සිටියා. නිමල් මහරගේ ට භාරව තිබුණේ කෝට්ටේයි.

315. වසන්ත කනකරත්න සිටියේ දකුණු කොළඹ. පොඩි විෙජ්ට කලින් එහි ඔස්මන්ඩ් සිටියා. මේ අය නිතර නිතර මාරු වුණා. ඒකාබද්ධ වූ මේ 5ම බාරව සිටියේ ටි. ඩී. යි. පසුව ටී. ඩී. ගේ තැන ඔස්මන්ඩ්ට දුන්නා. ධනපාල කටයුතු කළේ වෘත්තීය සංගම් අංශයේ. මදනායක හා පොඩි අතුල ඔහුට මෙන්ම ටී. ඩී. ටත් ඩී. ඒ. ගුණසේකරටත් උදව් වුණා. පියතිලක වැඩ කළේ ශිෂ්‍ය අංශයේ. නිමල් වසන්තට පවරා තිබුණේ විද්‍යාලංකාරයයි.

316. විද්‍යෝදය විශ්වවිද්‍යාලය භාරව සිටියේ මහින්ද විෙජ්සේකරත් පූජ්‍ය දේවසිරිත් අනෙක් අයත්ය. කොළඹ විශ්වවිද්‍යාලය භාරව සිටියේ සුනිල් රත්නසිරිය. මුළු ප්‍රචාරක අංශයම මෙහෙයවූයේ මමයි. ඉන්පසු මහින්ද විෙජ්සේකර හොඳ කථීකයෙක් නිසා මම ඔහු ගත්තා. මම ඩී. ඒ. ගුණසේකරත්, කොටවිල දේවසිරිත් ගත්තා. පත්‍රයේ කටයුතුවලට පොඩි ලකී උදව් වුණා. මම විෙජ්වර්ධනත් ගත්තා.

317. zzඌZZ (උයන්ගොඩ) මහතා ලිපි සම්පාදනය කළා. මෙරිල් ජයසිරි වෘත්තීය සංගම් අංශයේ කටයුතු කළා. මුලදී සනත් ගාල්ලේ වැඩ කළා. සුසිල් මාතර සිටි බව මම දැන සිටියා.

318. පැන්ටිස් අයියා සිටියේ හම්බන්තොට. ගරුසිංහ සිටියේ ත්‍රිකුණාමලයේ. සුසිල් ලියනගේ සිටියේ පොලොන්නරුවේ. වීරකෝන් බණ්ඩා සිටියේ නුවරඑළියේ.

319. නන්දන මාරසිංහ පන්තිත් කඳවුරුත් පැවැත්තුවා. ඔහු ප්‍රචාරක අංශයේ සිටියා. ෙජ්මිස් සමරතුංග මෙන්ම ජයකොඩිත් සිටියේ කුරුණෑගල. සරත් විෙජ්සිංහ සිටියේ කෑගල්ලේ. කමල්ද සිල්වා සිටියේ පුත්තලමේ. කුලරත්න පෙරේරා සිටියේ රත්නපුරයේ.

320. මුලදී නුවරපාර භාරව තිබුණේ උයන්ගොඩටයි. පන්ති පැවැත්වීමට ඔහු ඉතා දක්ෂයි. ඔහුට නාවික හමුදාවේ කටයුතු බාරදුන්නා. ඊට පසු මේ වැඩ කටයුතු කළේ කරුයි. සන්නද්ධ හමුදා 3 සඳහා පන්ති පැවැත්තුවේ ප්‍රේමපාලයි. කඳවුරු පැවැත්වීමෙහි ලා මහත් කාර්යක්ෂමතාවක් ඔහු පෙන්නුම් කළා.

332. කොරියානු තානාපති කාර්යාලය කිම් ඉල් සුං පිළිබඳ පොත් බහුලව ඛෙදා හැරියා. අපේ හිතවතුන් සමහරෙකු ලඟ මේ පොත් බහුල ලෙස තිබුණා. ධනපාල ලඟ මේවා විශාල ගණනක් තිබුණා.

333. මා චීන පිලේ සිටියදී ගොරිල්ලා සටන් ක්‍රම පිළිබඳ චිත්‍රපට ගණනාවක් මම දැක්කා.

338. ෂන්මුගදාසන් මේ රටේ විප්ලවකාරී පක්ෂයට ලොකුම හානිය සිදු කර ඇතිතැනැත්තෙකි.

341. තරුණයන් හරියට උදේ 9.00 ට හෝ 10.00 ට දක්නට ඇති හිරු එළිය වාගේ යයි මාඕ සේතුං කියා ඇත.

(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි - වෛද්‍ය රුවන් එම් ජයතුංග)

 

පුරුෂ ලිංගයට ලේ කාන්දුවීම පිණිස යුරේනිගේ බෝක්කුව සේල් දමා විකිණීම

yureni-noshika-yellow-wallpaperමනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්කරු විශ්වාස කරයි. පෙර සටහනකින්ද පැවසූ පරිදි යමෙක් උසස් හෝ පහත් යැයි වෙන කළ යුතු වන්නේ එම තැනැත්තාගේ ක්‍රියාවෙන් මිස උත්පත්තිය අනුව නොවේ.

එය එසේ වුවත් ලෝකය කෙතරම් දියුණු යැයි සැළකුවත්, ඈත අතීතයේ සිටම වත්මන දක්වාම තවමත් ලෝකයේ ආර්ථිකය සහ පරිපාලනය සහමුළින්ම පාහේ හසුරුවන්නේ පිරිමියා විසිනි. මෙම කාරණාව ඉතාම හොඳින් තෙරුම් ගෙන ඇත්තේ වෙළඳ ප්‍රචාරකයන්, අලෙවිකරුවන් සහ ඔවුන් විසින් හසුරුවන ලබන (ජඩ) මාධ්‍ය විසිනි. පුරුෂයා සහ පුරුෂ ලිංගය පිනවීම මූලිකවූ වෙළඳ පොළ හැසිරෙන අන්දම පිළිබඳ හසල දැනීමක් ඇති මොවුහු ඉතා සූක්ෂ්මව සහ කල්පනාකරීව තම පණිවිඩය ස්ථානගත කිරීමට දනිති.

Dolce-Gabbana-Fashion
Dolce & Gabbana – “Gang Rape” add

මෙහිදි බොහෝ විට සිදුවන්නේ කාන්තාවක (හෝ පුරුෂයෙකුව) මනුෂ්‍යයෙක් ලෙස ස්වභාවික තත්ත්වයෙන් සැලකීම වෙනුවට විරුද්ධ ලිංගිකයන් හට සිය ලිංගික සතුට ලබා ගැනීමේ මෙවලමක් (objectification) ලෙසට ප්‍රතිනිර්මාණය කිරීමයි. මෙම ලිංගික මෙවලම්කරණය (sexual objectification) මඟින් පිරිමියා හට කාන්තාවගේ කැමැත්ත ඇත්තේ මෙවැනි පිරිමියෙකුට යැයි ඒත්තු ගන්වති (“No woman ever says no to Winchester”), කාන්තාව හට පිරිමියාගේ කැමැත්ත ඇත්තේ මෙවන් කාන්තාවකටයැයි ඒත්තු ගන්වති.

objectifying 40පෙර පැවසූ ලෙසින් වෙළඳ පොළ ප්‍රධාන ලෙසම හැසිරෙන්නේ (සහ හසුරුවන්නේ) පිරිමියා පිනවීමට බැවින් “බොහෝ විට” ඔවුන්ගේ ප්‍රචාරණ ව්‍යාපෘති වල මෙසේ ලිංගික මෙවලමක් බවට පත් වන්නේ කාන්තාවයි.

මෙයට සරල උදාහරණ ලෙසින් පසුගිය සමයේ අතිශයින් ජනප්‍රිය වු බටහිර ගීත වල රූප රචන (සහ පද රචනා) සළකා බලන්නැයි මම ඔබෙන් ඉල්ලමි. රොබින් තික් ගේ “Blurred lines” (youtube නැරඹුම්: මිලියන 395) , නිකි මිනාජ් ගේ ඇනකොන්ඩා (youtube නැරඹුම්: මිලියන 470), ජෙනිෆර් ලෝපෙස් ගේ “Booty” (youtube නැරඹුම්: මිලියන 138) සහ පිට් බුල්ගේ බොහොමයක් සිංදු මඟින් කාන්තාවගේ නිරුවත සහ ලිංගිකත්වය සිල්ලර ලෙසින් අලෙවි කරන ලදි. මෙම රූප රචනා youtube මඟින් තමා වයස 18 වැඩි බවට දැක්වීමෙන් ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි නිසා, පරිපූර්ණ කාන්තා ශරීර සහ පහත් ලිංගිකත්වය මඟින් නව යොවුන් වියේ පසුවන දරුවනගේ මනසට ලබාදෙන පණිවිඩයද සුබදායක නැත.

maxresdefault

(බ්ලොග්කරු විශ්වාස කරනා ලෙසට නිරුවත සහ ලිංගිකත්වය යනු මහා රාත්‍රියේ බිංගෙයක් ඇතුලේ මුළු ලෝකයටම හොරෙන් සැඟවිය යුතු, මඩෝල් දූවේ ඉස්කෝල මහත්තයා මෙන් මඟ හැර ගිය යුතු මහා කුණුහරපයක් නොවේ. එහෙත් එය කලාව, සංගීතය, වෙළඳ ප්‍රචාරණය සහ ක්‍රීඩාව වැනි සෑම දෙයකටම සම්බන්ධකරගෙන බලෙන් ඔබ්බවා උත්කර්ෂයට නැංවිය යුතු මහා මැජික් එකක්ද නොවේ.)

මෙම මානසික බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසින් යෞවනියන් විසින් පරමාදර්ශී ශරීරය සහ ගතිගුණ හිමි ඇත්තිය වීමට උත්සාහ කරන අතර යෞවනයින් විසින් එවන් කෙනෙකු සිය පෙම්වතිය සේ සොයයි. එම පරමාදර්ශී සුරූපී, කාමුක චරිතය වීම යෞවනියකට ජයග්‍රහණයකි. එවන් යෞවනියක් පෙම්වතියක් කරගැනීම යෞවනයෙකුට ජයග්‍රහණයකි.

ඇමරිකාවේ දරුවන් ආශ්‍රිතව තමන් වයසින් වැඩුනු පසු නියැලීමට අපේක්ෂා කරන රැකියාවන් සම්බන්ධව කරණ ලද සමීක්ෂනයකදී, වයස 10 අඩු දරුවන් ස්ත්‍රී සහ පුරුෂ වෙනසකින් තොරව එක හා සමාන රැකියා සඳහන් කරන ලද අතර, වයස 13 ~ 18 කාණ්ඩයෙන් ගැහැණු දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිරූපණ ක්‍රේෂ්ත්‍රය තම සිහින රැකියාව ලෙසින් සළකුණු කරද්දි පිරිමි දරුවන්ගෙන් වැඩි පිරිසක් ක්‍රීඩා කේෂ්ත්‍රයට අදාල රැකියාවක යෙදීම තම කැමැත්ත ලෙස දක්වන ලදි.

girl

වෙනත් සමීක්ෂණයක දැක්වුනේ කුඩා දැරියන් දස දෙනෙකුගෙන් සත් දෙනෙකු (7/10) විද්‍යා විෂය ප්‍රිය කළත් ඔවුන්ගෙන් සැබෑ ලෙසම විද්‍යාව හදාරන්නේ දස දෙනෙකුගෙන් දෙදෙනෙකු බවයි (2/10). එසේ පැවසීමට හේතුව ලෙසින් ඔවුන් දක්වන්නේ මාධ්‍ය මඟින් විද්‍යාඥයන් ලෙස බොහෝ විට දක්වන්නේ පිරිමි චරිත නිසා විද්‍යාව “පිරිමින්ගේ දෙයක්” (boys thing) ලෙස සළකන බවයි.


පිරිමියා ප්‍රියකරන්නේ මෙවැනි කාන්තාවන් යැයි මාධ්‍ය මඟින්ම උගන්වන සිහින් සිරුරැති, පිරිණු පියයුරු ඇති, පුළුලුකුලක් ඇති කාන්තාවන් උදේ හවා මාධ්‍ය මඟින් පොදු සමාජයේ මනස වෙත දමා ගසමින් සිටිති. විද්‍යාවෙන් වෙන්වී යන යෞවනියන් සිය පරමාදර්ශී චරිත (role models) බවට පත් කරගන්නේත්, සිහින කුමරියන් කරගන්නේත් මාධ්‍ය මඟින් දමා ගසන මෙම ප්‍රතිරූපයන්ය (“තරු”).

මෙම “තරු” මාධ්‍ය ඉදිරියට පැමිණ තම ශරීරයන් තමාට අවැසි අකාර වලට භාවිත කිරීමේ නිදහස (choice) සහ එලෙස භාවිත කිරීමේ අරුමය විස්තර කරයි. මෙම සුළුතර පිරිසගේ කතා මාධ්‍ය මඟින් අසා සිටින බහුතරයක් වන සාමාන්‍ය යෞවනියන්ද සිහින මවන්නේ ඔවුන් සේ නිදහස් වන්නටය. තමාගේ ශරීරය තමාට ඕනෑ සේ පාලනය කරන්නටය.

පොදු සමාජය විසින් සිය සාර්ථකත්වය තිරණය කෙරෙන ප්‍රධානතම මිම්මක් ලෙස තම ශරීරය භාවිත කරන සහ මෙය මෙසේ යැයි ප්‍රචාරක ව්‍යාපෘතීන් මඟින් මනසට කාවද්දන සන්දර්භයක් තුළ යෞවනියෝ ස්ව කැමත්තෙන්ම එම ගෞරවය සහ සැලකිල්ල ලබා ගැනීමට තමා ලිංගික මෙවලමක් ලෙස විරුද්ධ ලිංගිකයින්ට ඉදිරිපත් කිරීමට පෙළඹෙති සහ එය ලඟා කර ගැනීමට මහන්සි ගනිති.ආලේපන තට්ටු පිට තට්ටු මුහුණේ උලන්නේ එබැවිනි, (බටහිර රටවල) ප්ලාස්ටික් සැත්කම් මඟින් ඇහිබැමි, දෙතොල්, පියයුරු, නිතඹ වැනි ශරීරාංග වෙනස් කරගැනීමට තරුණියන් පෙළඹෙන්නේ මෙහි ප්‍රතිපල ලෙසිනි. මාධ්‍ය මෙහෙයවන්නන් විසින් නිර්ණය කරන ලද පරිපූර්ණ ශරීර (perfect body) තමා සතු නොවීම නිසා බටහිර රටවල යෞවනියෝ මානසික රෝග වලටද ලක් වෙති.

මේ නිසා පොදු සමාජය තුළ ගැහැණියකට වත්මනේ සැලකිලි සහ අවදානය ලබා දෙන්නේ ඇයගේ අනන්‍යතාව, ගතිගුණ, අධ්‍යාපනය, ආකල්ප, ජයග්‍රහණවලට අනුව නොව ඇයගේ ශරීරය මඟින් විරුද්ධ ලිංගිකයින්ගේ ඇස් පිනවීමට ඇති හැකියාවටය.පෙර ලිපියකින් පැවසූ පරදි කිසිදු ස්විශේෂි කලා හැකියාවක් නොමැති කිම් කාඩැශියන් බටහිර සමාජය තුළ “චරිතයක්” එසේත් නොමැතිනම් “තරුවක්” වන්නේ මේ සන්දර්භය තුළය.

collage

තම නිදහස ගැන පරම්බාන එම “තරු” වෘතිමය ලෙස සිය ලිංගිකත්වය විකුණති. වෙළඳ ප්‍රචාරණ වැඩසටහන් වලට පෙනී සිටිති, වෙළඳ සන්නාම ප්‍රවර්ධකයන් (brand ambassadors) වෙති , මුදල් උපයති, සුඛෝපභෝගී ජිවිත ගත කරති. සරලවම ඔවුන් විසින් කරනු ලබන්නේ මිලියන ගණනින් කෙරෙන ව්‍යාපාර වල සහ ඔවුන්වම ලිංගික මෙවලම් සේ භාවිත වන සමාජ ක්‍රමයක සිය කැමැත්තෙන්ම තමාවම විකිණීමට සැලැස්වෙති.

එක් අතකට ඔවුන් අත්විඳින්නේ සිය ශරීරය තමාට ඕනෑ විදිහට භාවිතා කිරීමේ (විකිණීමේ) පුද්ගල නිදහසයි (personal choice) .

https://www.youtube.com/watch?v=KtPv7IEhWRA


“පුද්ගල නිදහස” පිළිබඳව සාකච්ඡා කිරීමේදි ඉන්දියාවේ දීපිකා පෝඩුකෝන් නම් නිළිය විසින් “වෝග්” ආයතනය වෙනුවෙන් සිදු කළ “My Choice” (මගේ නිදහස) ව්‍යාපෘතියට ඔබගේ අවදානය යොමු කිරීමට මම කැමැත්තෙමි. කාන්තාවන් 99 දෙනෙකු තමන්ගේ අයිතිය හෝ නිදහස පිළිබඳව විවිධාකාරයෙන් දක්වන අදහස් සමූහයක එකතුවක් “My Choice” විඩියෝවෙන් දැක්වේ.


මෙම ව්‍යපෘතිය තුළ (මෙම ලිපියේ ඉහළින් දක්වු පරිදි) දීපිකා පොදුකෝන් විසින් විස්තර කරණු ලබන්නේ ඇයගේ නිදහසයි, ඇයගේ අයිතියයි (#mychoice).

දීපිකා පොදුකෝන් හට කියවන්නට ලියාදෙන පිටපතේ ඇති ලෙස, ශරීරය නිරාවරණය කර ගැනීම හෝ ආවරණය කර ගැනීම ඇයගේ අයිතියයි (#mychoice), කවුරුන් සමඟ ලිංගිකව එක්වන්නේද නැතිද යන්න ඇයගේ අයිතියයි (#mychoice), විවාහ වීම හෝ නොවීම ඇයගේ අයිතියයි (#mychoice).

ගැහැණියක වේවා පිරිමියක වේවා කවරෙකුගේ පුද්ගල නිදහස හෝ අයිතිය පිළිබඳව කිසිදු විවාදයක් හෝ ප්‍රශ්නයක් බ්ලොග්කරුට නැත. ප්‍රශ්නය වන්නේ දීපිකාලා පවසන “මගේ නිදහස” සහ සැබෑ ඇගේ ” මගේ නිදහස” යන දෙක එකක්ද යන්නයි. සැබෑ ඇයට ඇති මූලීකම ප්‍රශ්නය විවාහයට පිටින් ලිංගිකව එක්වීමට නොහැකිවීම, ඕනෑම වේලාවක ගෙදරට පැමිණීම, ඕනෑම කෙනෙකු සමඟ යහන් ගතවීමට වඩා, තමාව ලිංගික මෙවලමක් (sex toy) ලෙසින් නොව, යන්ත්‍රයක් (washing machine, cooker) ලෙසින් නොව, වෙළඳ භාණ්ඩයක් (show room material) ලෙසින් නොව හැඟීම් දැනීම් ඇති තවත් එක් මනුෂ්‍යයෙකු ලෙසින් පිළිගැනීමක් ලැබීමයි.

එසේම දීපිකාලා දැන හෝ නොදැන ඉටු කරමින් සිටින්නේ ඇයව මෙහෙයවන මාධ්‍ය මුදාලිලාගේත්, අලෙවිකරුවන්ගේත් “My Choice” එක මිස දිනපතා දුක් විදිවිදින සැබෑ ඇගේ “My Choice” එක නොවන බව බ්ලොග්කරුගේ පුද්ගලික අදහසයි.

සිය පුද්ගලික දේශපාලන අරමුණු ඉටුකරගැන්ම උදෙසා අමු අමුවේ පෙනී සිටීම (කඩේයාම), සිය රටේ ජනතාවගේ කඳුළු ඔවුන්ටම විකිණීම, නීති විරෝධී ව්‍යාපාර මඟින් සරි කරගත් කළු සල්ලි සුදු කර ගැනීම, මුදල් උදෙසාම අවර ගණයේ නිර්මාණ විකාශනය කරමින් රසාඥතාවන් මොට කිරීම යන කරුණු වලට දැනටමත් වගකිව යුතු මෙම අසික්කිත ශ්‍රී ලාංකික ජඩ මාධ්‍යයන්ද ක්‍රමයෙන් ප්‍රේක්ෂක අවදානය ලබා ගැනීමේ පහත් උපක්‍රමයක් ලෙසින් කාන්තා නිරුවත විකීණීමද ආරම්භ කොට තිබෙනු ඉතාම මෑතකදි බ්ලොග්කරු විසින් කරණු ලැබු නිරීක්ෂණයක්.

මෙම ක්‍රියාව සිදුවන්නේ වැඩසටහන් ඉදිපත් කරන්නියන් හට කලවා නිරාවරණය වන පරිදි කෙටි ඇදුම් අන්දවා ඔවුන් අසුන් වල හිදුවා කලවා වඩ වඩාත් නිරාවරණය වන පරිදි කැමරා කෝණයන් ලබා ගනිමින් ඉතාමත් සිල්ලර මට්ටමිනි. මෙය වරක් දෙවරක් සිදුවන්නක් නොවන් සිතාමතා සතිපතා සිදුවන්නක් බව බ්ලොග්කරුගේ නිරීක්ෂණයයි. උදාහරණ ලෙසින් “Derana Music Online (Yureni)”, “Derana Tea Party with Nehara”, “Hiru TV Niro and the Stars” වැනි වැඩසටහන් දැක්විය හැකිය.

https://youtu.be/uDSLopQ9SgM

සමහරක් විට මෙම වැඩසටහන් වලට ලිංගිකත්වය උලුප්පමින් පෙනී සිටිම වෙනුවෙන් යුරෙනී නොශිකාට, නෙහාරා පීරිස්ට හෝ නිරෝෂා පෙරේරාට අදාල නාලීකාවලින් ගෙවන්නේ ඉතා ඉහළ මිළක් වන්නට පුළුවන, සමහරක් විට යුරේනී, නෙහාරා හෝ නිරෝෂා එසේ පෙනී සිටින්නේද එය දැන දැන ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් වන්නටද පුළුවන. එනයින් බලන කළ එහි සිදුවන්නේ වෙළඳ පොළේ සිදුවන වෙළඳ ගණුදෙනුවකි. සරලවම පවසන්නේ නම් තමන්ගේ කලවා හෝ යටි ඇදුම ලෑල්ලේ දමා විකිණීම යුරේනීගේ choice එකකි “My Choice”, නෙහාරාගේ choice එකකි “My Choice” නිරෝෂාගේ choice එකකි “My Choice”.

එම “තරු” වල “My Choice” ගැන බ්ලොග්කරුට විවාදයක් හෝ තර්කයක් නැත. ඔවුන්ද කෙසේ හෝ ජීවත් විය යුතුය.

යුරේනී, නෙහාරා හෝ නිරෝෂාගේ කලවා ලෑල්ලේ දමා විකුණා (ජඩ) මාධ්‍යක් මඟින් මුදල් හම්බකර ගැන්මට බ්ලොග්කරු එරෙහි වන්නේ, පිරිමියාගේ පුරුෂ ලිංගයට ලේ කාන්දු වීම පිණිස ගැහැණිය හසුරුවා, ඇය ලිංගික මෙවලමක් බවට පත් කර තිබීමේ පදනමිනි, මෙම “තරු” තම පරමාදර්ශ කරගෙන විද්‍යාව අතහැර අවිද්‍යාව වැළඳගන්නා දැරියන් පිළිබඳව උපන් සංවේගයෙනි.

විද්‍යාව අතහැරීම හෝ අවිද්‍යාව වැළඳ ගැනීම එම දැරියන්ගේ “My Choice” එකක් බව පිළිගැනීම හැර වෙනින් choice එකක් අවසානයේදි බ්ලොග්කරුට ඉතිරිවී නැත.

ලිව්වේ – මාලන් සහ ජේමිස් බණ්ඩා

-https://asammathasatahan.wordpress.com/2015/06/15/my-choice/

අන්ගම්මන සුමනගේ රෙද්දේ තුත්තිරි හෙවත් එක්තරා බෝධියක කතාවක්

bodhi-tree“මේවා මේ බුදු හාමුදුරුවෝ බුදු වෙච්චි ගහේ කොළ.

මේවා විකුණන්න බෑ උඹලට.

මොන කම්පැනියෙන්ද ගෙනාවෙ ?

මං මේ හොඳින් කියන්නෙ …

වරෙන් යමං පොලිසියට.

වාංග වාංග, යමන් පොලිසියට !”

මේ මඩකළපු ප්‍රදේශයේ වෙළඳසලක් තුළ “අම්පිටියේ සුමනරතන යතිවරයා ” ලෙස හඳුන්වා ගත් චීවර ධාරියෙක් විසින් දේශනා කර වදාළා වූ සදහම් පණිවිඩයක් අඩංගු වීඩියෝවක අසන්නට ලැබුණු කොටසකි (මෙම “යතිවරයා” මීට පෙරද කිහිප අවස්තාවකදීම කතා බහට ලක්වෙන අන්දමේ සිදුවීම් ගණනාවකටම මුහුණදුන් අයෙකු බවද සඳහන් කළ යුතුය.) එකී “යතිවරයා” අත කාන්තා ඇඳුමක් තිබූ අතර එහි බෝ කොළයට සමාන ලෙස රටාවන් මෝස්තරයක් සටහන් වී තිබුණි.

මේ විලම්බීතය බලනා අතර තුර මට සිහිවුණේ තවත් එක්තරා බෝධියක කතාවකි.

එකී බෝධිය පිහිටා තිබුණේ (නොඑසේ නම් වැඩසිටියේ) එක්තරා රාජ්‍ය ආයතන ගොඩනැඟිල්ලක පිටතින් පිහිටි වැසිකිළියක වහළ මතය. වැසිකිලී වල තෙක් ඇද තිබූ මුල් නිසා සරුවට වැඩී සිටි බෝධීන් වහන්සේගේ මූල ධාතූන්ගේ වර්ධනය කරණකොට ගෙන වැසිකිළි වල පුපුරා අපද්‍රව්‍ය ඉවත ගලන්නට වූ අතර ඊට ම මායිම් ව තිබූ ඉඩමේ සීමා තාප්පය ද මූලයන් හි ආක්‍රමණයට ගොදුරු වී (සමාවෙන්න සදහම් චාරිකාව හෝ ධර්ම ප්‍රචාරණය වැන්නක් යොදා ගත්තාට පව් නැත) බිඳ වැටෙන්නට ආසන්නව තිබූ හෙයින් බෝධිය මුලිනුපුටා දැමීම අත්‍යාවශ්‍ය කරුණක් වීය. අදාල ආයතනයෙන් ම කැඳවුණු සේවකයින් දෙදෙනෙක් ආදාල බෝ ගස කපා බිම හෙළා මුල්ද උගුළුවා ඇදගෙන ගියාට කිසිවෙකු පරළ වූයේ නැත. කැපූ එකා පවා කොතරම් බොදුනුවෙකු වුවද ඔහුද ඊට වැඳ නමස්කාර කළේ නැත. අදාල බෝ ගසෙහි උරුමය පිළිබඳව ද සැක කරන්නට එතරම් දෙයක් නොතිබූණේ දිනකට දහස් ගණනකගේ පූජා ලබනා ප්‍රසිද්ධ බෝධියක් පෙනනා ආසන්න මානයක තිබූ බැවිනි.

කාක බෝ වුව පිය උරුමය ඉතා ම ආසන්න දශමයක් දක්වා කීමට හැකියාව තිබියදී ද කිසිවකු කළබල නොවූයේ ඒ බෝධිය පෙරකී ‘යතිවරයා’ කියූ පරිදි බුදු හාමුදුරුවෝ බුදු වෙච්චි එකත් එකත් සමඟ සම්බන්ධයක් නොමැති නිසාද? නැතිනම් දකුණේ උන් අර ‘යතිවරයා’ තරම් බොදුනු නොවූ නිසාද? නැතිනම් කාක බෝධී ගැලෙව්වාට පවු නැති නිසාද?

කොළඹ නගරයේ වුවද ඇවිද යන විටෙක සැලකිල්ලෙන් බලන්නේ නම් තාප්ප මත, පැරණි ගොඩනැඟිලි බිත්ති මත බෝ පැළයක් දෙකක් දැක ගන්න ලැබීම විරල නොවේ. ඒත් කිසිවෙක් ඒවාට මල් පහන් සුවඳ දුම් තබා වැඳවැටෙන්නේ නැති අතර, ආධාරකය මත මුල් දුවා තර්ජනයක් වීමට පෙර උගුළා දමන්නට ද මැළිවෙන්නේ නැත. ඒ අනුව, අහඹු ලෙස යම් අවස්ථාවාදියෙකු විසින් ඉබේ පැළවුණු බෝ ගසක් අත්පත් කරගෙන එතැන පන්සලක් ඇටවූ අවස්ථාවක හැර යම් විශේෂිත ස්ථානයක පිහිටනා වූ බෝගස් හැර සෙසු බෝ ගස් පූජනීය ලෙස ගැනෙන්නේ නැති බව පැහැදිලිය. එසේ නම් අර කාන්තා ඇඳුමේ සටහන්ව තිබුණේ කාක බෝ කොළයක් වීමට බැරිද?

අනෙක් අතට බෞද්ධ සාහිත්‍යයෙහි බුදු වරුන් 28 දෙනෙකු පිළිබඳව සඳහන් වෙයි. ඒ සියල්ලන් ට බෝධිය වූයේ ගෞතම බුදුන් පිට දුන් ඇසතු බෝ ගස් නොවේ. ඒ බව සඳහන් වන්නේ මෙලෙසය.

තණ්‌හංකර බුදුරජාණන් වහන්සේගේ බෝධිය රුක්‌අත්තන ගසය.
මේධංකර බුදුරජාණන් වහන්සේගේ බෝධිය කෑල ගසය.
සරණංකර බුදුරජාණන් වහන්සේගේ බෝධිය පළොල් රුකය.
කොණ්‌ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ බෝධිය සල් ගසය.
මංගල බුදුරජාණන් වහන්සේගේ බෝධිය නා ගසය.
සුමණ බුදුරජාණන් වහන්සේගේ බෝධිය නා ගසය.
රේවත බුදුරජාණන් වහන්සේගේ බෝධිය නා ගසය.
සෝභිත බුදුරජාණන් වහන්සේගේ බෝධිය නා ගසය.
අනෝමදස්‌සී බුදුරජාණන් වහන්සේගේ බෝධිය කුඹුක්‌ ගසය.
පදුම බුදුරජාණන් වහන්සේගේ බෝධිය මුරුත ගසය.
නාරද බුදුරජාණන් වහන්සේගේ බෝධිය මුරුත ගසය.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බෝධිය සල් ගසය.
සුමේධ බුදුරජාණන් වහන්සේගේ බෝධිය බක්‌මී ගසය.
සුජාත බුදුරජාණන් වහන්සේගේ බෝධිය හුණ ගසය.
පියදස්‌සී බුදුරජාණන් වහන්සේගේ බෝධිය කුඹුක්‌ ගසය.
අත්ථදස්‌සී බුදුරජාණන් වහන්සේගේ බෝධිය සපු ගසය.
ධම්මදස්‌සී බුදුරජාණන් වහන්සේගේ බෝධිය රත්කරව් ගසය.
සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගේ බෝධිය කිහිරි ගසය.
තිස්‌ස බුදුරජාණන් වහන්සේගේ බෝධිය පියා ගසය.
ඵුස්‌ස බුදුරජාණන් වහන්සේගේ බෝධිය නෙල්ලි ගසය.
විපස්‌සී බුදුරජාණන් වහන්සේගේ බෝධිය පුලිල ගසය.
සි‚ බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇටඹ ගසය.
වෙස්‌සභු බුදුරජාණන් වහන්සේගේ බෝධිය සල් ගසය.
කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බෝධිය නුග ගසය.
කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ බෝධිය දිවුල් ගසය.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බෝධිය මහරි ගසය.
එසේම අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බෝධි වෘක්‍ෂය වන්නේ නා ගසය.

ඇසතු බෝ ගස පමණක් පූජනීයව සළකන නිසා ලංකාවේ බෞද්ධයින් අදහන්නේ “ගෞතම බුදුදහම” පමණක් විය යුතුය.

නොඑසේ නම් සුජාත බුදුරජාණන් වහන්සේගේ බෝධිය වූ උණ ගස්, අනෝමදස්‌සී බුදුරජාණන් වහන්සේගේ බෝධිය වූ කුඹුක් ගස් කපනා උන් දිවස් උල හිඳුවන්නට වන අතර ඵුස්‌ස බුදුරජාණන් වහන්සේගේ බෝධිය වූ නෙල්ලි ගසෙන් නෙල්ලි හෝ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ බෝධිය වූ දිවුල් ගසෙන් දිවුල් කඩනා උන්ගේ හිස්ගසා දමන්නට වනවා ඇත. සි‚ බුදුරජාණන් වහන්සේගේ බෝධිය වූ ඇටඹ ගස ගැන කවර නම් කතාද ?

අනෙක් අතට බෝ ගසකට යම් පූජාවක් කිරීමට යමෙකුට අවශ්‍ය නම් වතුර දැමීම හොඳවන අතර වතුරට ගොම හෝ යූරියා මිශ්‍ර කළ හැකි නම් එය බෝ ගසේ පාර්ශ්වයෙන් වඩා ඵලදායී විය හැකිය. දිනපතා බිම වැටී වේලී යන, පන්සල් වල අතුගා පුළුස්සා දමන බෝ කොළ රැක ගැනීම ඔතරම්ම වැදගත් වන්නේ නම් “බෝ කොළ සුරකින්නන්ගේ සංගමය” ලෙසින් සංවිධානය වී මුහුණු පොත මඟින්ද වෛරය වැපිරවිය හැකිය.

තමන්ට වඩා උසස් වූ ධර්මය තම ගුරු තන්හි තබා ගන්නැයි වදාළ ගෞතම බුදුන්ගේ අවිහිංසාවාදී දහම වෙනුවට, පිට දුන් බෝගසෙහි කොළයට සමාන රූපයක් පවා අල්ලාගෙන වෛරය වැපිරවීම අද දවසේ සිංහලබෞද්ධයන් (තනි වචනයකි) දහම වී ඇත. බුදුන් අනිමිස ලෝචනයෙන් ඇසිපිය නොහෙළා සතියක් බලා හිඳීමෙන් පෙන්වා දුන්නේ තමාට සෙවණ දුන්, වර්ෂාවෙන් ආරක්ෂා කළ ගසට තම කෘතගුණ සැළකීම විනා ඒ ගසේ කොළයක්, නාරටියක්, දල්ලක්, මුලක් අරක්ෂා කිරීම සහ ජූජනීයත්වයට පත් කර වන්දනා කිරීම නොවන බව යැයි කීම සිංහලබෞද්ධයන්ගේ (තනි වචනයකි) පුෂ්ප විකසිත කිරීමක් වුවද නොකියාම බැරිය.

” මහණෙනි, කල්ක්‍රියාව මෙපරිද්දෙන් නම් තොපට බෝධිය කොතෙක් ආසන්න වේද එපමණට ම බුදුන් ද දහම ද දුරස් වන්නේ ය”

අජාන් බ්‍රාහ්මණ හිමිගේ කතාවකින් ම අවසන් කරන්නේ නම් ,

වරක් පුද්ගලයකු අචාන් චා හිමිගෙන් “ඔබ ඉදිරියෙහි යමෙක් ත්‍රිපිටක පොතක් වැසිකිළියට දැමුවොත් ඔබ කුමක් කරන්නේද ” කියා ඇසූ පැණයට ඔහු මඳ සිනහවකින් පිළිතුරු දුන්නේ;

“මොනවා කරන්නද ? ජලනළ කාර්මිකයෙක් කැඳවනවා” කියා ලු ය.

මුහුණු පොතින් ඩර්මය සුරකීන සයිබර් විරුවෙකුට අචන් චා හිමියන් කියු දෙය ඇසුනේ නම්;

“මොන බී.ඉ.ඉ.ඉ.ප් හාමුදුරුවෙක්ද? මුන් ඩොලර් පිල්ලී.

මේ බී.ඉ.ඉ.ඉ.ප් ට සල්ලි එන්නේ නෝර්වේ වලින්.

යකෝ බී.ඉ.ඉ.ඉ.ප් නැඟිටපියව් මෙන්න බුද්ධාගම ඉවරයි!

මේ අපේ ඩර්මය බී.ඉ.ඉ.ඉ.ප්!”

ලිව්වේ – රුවන් නෙලූ

https://asammathasatahan.wordpress.com/2015/06/14/story-of-a-boo-leaf/

මල්ෂා කුමාරතුංගගේ නයිට් ක්ලබ් ෆොටෝ හා සුචරිතවාදය

Malsha Kumarathunරාජපක්ෂ කල්ලියේ ජාතිවාදී සමාජ මාධ්‍ය කල්ලිය විසින් මල්ෂා කුමාරතුංග රාත්‍රී සමාජ ශාලාවක සිටියදී ගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කරමින් වෛරී ප්‍රචාරයක් ආරම්භ කර තිබේ.

ඔවුන් බලාපොරොත්තු වූ ලෙස ම එයින් මල්ෂා කලබලයට පත් ව තිබෙන බව ඇය සති අන්තයේ පුවත්පත්වලට දී තිබෙන සම්මුඛ සාකච්ඡාවලින් පෙනේ. ඇය කියන්නේ ඇය බොන්නේ වයින් පමණක් බවයි. එසේම, නයිට් ක්ලබ් යන්නේ සිය සැමියා සමග බවත්, දුම්බොන ඡායාරූප කෘත්‍රිමව සැකසූ ඒවා බවත් කියන්නට ඇය උත්සාහ කරයි.

නයිට් ක්ලබ් යන එක, මත්පැන් වඩියක් තොල ගාන එක, දුම් උරන එක හා නටන එක අපට නම් කුණුහරුපයක් නො වේ. ලංකාවේ නගර, ගම් හැම එකක ම මේවා විවිධාකාරයෙන් සිදු වේ. ඒවාට කාන්තාවෝ ද සහභාගි වෙති.

ලංකාවේ කුහක පිරිමි මේවා කරති. එහෙත්, තමන්ගේ ගැහැනුන්, පෙම්වතියන් ඒවා කරන එකට විරුද්ධ ය. එසේ කරන ගැහැනු නරක චරිත යයි සිතති. එහෙත්, ඔවුන් සමග ‘වරදෙහි' බැඳෙන්නට ලොල් වෙති.

උන්ගේ ගැහැනු උන්ට වාල්කම් කරති. බත් තම්බති. බත් කති. මහත් වෙති. හෙම්බත් වී ඇඳට වැටෙති. මිනිස්සු ඇඟ උඩ නැග ඉක්මණින් මබැස අනෙක් පැත්ත හැරී නිදා ගනිති. ගෑනු ඒ වෙලාවට එක්කෝ වහලේ පරාල ගනිති. නැතිනම් ඔලුවෙ කැක්කුම ගෙන මගහරිති. සමීක්ෂණයක් කර බැලුවොත් ලංකාවේ ගැහැනුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සුරතාන්තය නො දන්නා බව හෙළිදරව් වනු ඇත.

ඔය ජීවිතයට හෙළ කුල කාන්තාව යයි කියනු ලැබේ. මේ කුල කාන්තාවෝ ද තමන් නො ලබන සැප ලබන රාජපක්ෂ පවුලට කතිරය ගසති.

මහින්දගේ සල්ලිවලින් අන්තර්ජාලයේ සැරිසරමින් දවස පුරා මල් කඩමින් සිටින හොර උපාසක වෙබ් සුචරිතවාදියෝ ජාමෙ බේරා ගැනීමට කාට හෝ මඩ තලියක් ගසා මහින්දවත් රවටති.

පසුගිය දිනෙක මොවුන් කළ ප්‍රචාරයක කියැවුණේ හිරුනිකා කර උස සාරි අඳින්නේ පිටේ බුදුරුවක් පච්ච කොටා තිබෙන නිසා ය කියා ය. වෙන කාගේදෝ පච්චයක රුවක් ද එහි දක්වා තිබිණි.

දේශපාලනයට එන කාන්තාවන් අධෛර්යවත් කිරීමත්, දේශපාලනය කරන ගැහැනුන්ගෙන් පවිත්‍රා වන්නිආරච්චි වැනි අද්භූත සත්වයන් නිර්මානය කර ගැනීමත් හැර අන් කිසිවක් මේ පුරුෂෝත්තමවාදී, ප්‍රතිගාමී වෛරී ප්‍රකාශවලින් සිදු වන්නේ නැත.

මේවාට මුහුණ දීමේදී කාන්තාවන් එඩිතර විය යුතු ය. ඔව් මම නයිට් ක්ලබ් ගියා තමයි. බිව්වා තමයි. සිගරැටුත් බිව්වා තමයි. මට ඕනැ මිනිහෙක් එක්ක හැමනෙනවා තමයි. ඉතින් තොට මොක ද කියා අහන්නට කාන්තාවන්ට පරම අයිතියක් තිබේ.

ඒවායේ හොඳ නරක තීරණය කිරීම පෞද්ගලික කාරණයක් මිස සමාජමය දෙයක් නො වේ. දේශපාලනය කළ යුතු වෙලාවට දේශපාලනය කළ යුතු ය. රෑට ඇඳට ගියාම දේශපාලනය නො ව රති කෙළිය කළ යුතු ය. උදේට ප්‍රබෝධවත්ව අවදි විය හැක්කේ එවිට ය. සමාජ වෙබ් අඩවිවල මෙවැනි කුහක ප්‍රචාර ගෙන යන අය වනාහි ලිංගික සැප නැති අසහනකාරයෝ ය.

මල්ෂාගේ දේශපාලනය ගැන අපට විශේෂ ඇගයීමක් නැත. එහෙත්, මේ පුරුෂෝත්තමවාදය දේශපාලනයේදී පරාජය කළ යුතු ය.
http://www.w3lanka.com/2015/06/blog-post_59.html

බැරි වෙලාවත් සහ See no evil , hear no evil , speak no evil

seenoevilමේ

දැක්කද මාතර ගඟ

මොන ? නිල්වලා ?

නෑ නෑ ජන ගඟ

ආ ඒකද , ඒත් මේ සැරෙත් ඇවිත් නෑ නේද

නෑ නෑ ආවා වගේ, නෑ වගේ

මම මේ හිතුවේ , මේ වැඩේ ඔක්කොටම වඩා ලේසියි නේ . .. පොරොන්දු දෙන්න ඕනේ නෑ , ආවට පස්සේ පොරොන්දු ඉටු කරන්න ඕනෙත් නෑ

ඔව් ඒකත් එහෙම තමා

අනික බැරිවෙලාවත් ආවොත් , කාටවත් වග කියන්න ඕනෙත් නෑ , වග වෙන්නෙත් නෑ ... මොකෝ ඉල්ලලා නෙමෙයි , කන් කරච්චලෙන් බේරෙන්නනේ එන්නේ

මට හරියට වෙනස තේරුනේ නෑ

ඒක තමා

***


මේ ඇහුනද ? කෝ මේ රාක්කෙ තියලා තිබුන වඳුරෝ තුන් දෙනා

මොන වඳුරෝ ද

අර කට වහ ගෙන , ඇස් වහගෙන , කන් වහගෙන හිටපු see no evil, hear no evil, speak no evil උන් තුන් දෙනා

මම මේකාව මේ උඩින් තියලා , අනිත් එවුන් දෙන්නා අර පැත්තෙන් තිබ්බා

එහෙම හරියන්නේ නෑ උන් තුන් දෙනාම එකට තියන්න ඕනේ , ඔයා මේ අස් කරන්න ගියාම ඔක්කොම අවුල් කරනවා

එහෙමද

ඒක නෙමෙයි , අපේ පරණ අගමැති තුමන්ලාටත් ජනාධිපති උපදේසක තනතුරු දීලා ලු නේ , මේ පත්තරේ තියෙන්නේ

එහෙමද

පලි :

වරමක් වගේ නෙමෙයි , කන්නලව් කරලා බාර දුන්නොත් වැඩේ වෙනස් ය . වරම නම් දුන්න විදියටම ආපහු ගන්න පුළුවන්ය .. නමුත් අනෙක ඊට වෙනස්ය. කෙනෙක් මට කීවේ යහ පාලනය , ලෙඩා මලත් බද සුද්දයි වගේ එකක් කියලාය. . එතකොට අප්පච්චිට කරන කන්නලව්ව , ලෙඩෙන් නම් මැරෙන්න දෙන්නේ නෑ කියා , ඔහුව ගෙනවින් ගඟේ දැමීමක් වැනිය .

අනෙක් අතට දුන් වරම නම් , වෙනස් දෙයක් වෙනස් විදියට කිරීමට මිස , පරණ විදියටම වෙනස් දෙයක් කරන්නට සැදීමට හෝ වෙනස් විදියකට පරණ දෙයම කිරීමට නොවේ.

-http://pinchpoints.blogspot.co.uk/2015/06/see-no-evil-hear-no-evil-speak-no-evil.html

සැරසිලිසේන / Sarasillysena

imagesQS0QPJS1සකල සිරි ලන්කා වාසීන් ගේ සහ බකල සිරි ලන්කා වාසීන් ගේ සියලුම ප්‍රස්න විසඳූ ජනාදිපති වෙලා ඉන්නා හාදයා ගේ අලුත්ම අවදානය ජාතික කොඩිය වෙත ය.

ඔහු ගේ චන්දදායකයන් ව සතුටු කිරීමට ජාතික කොඩිය ඉවතට ගෙන ඒ වෙනුවට සින්හයා නොමැති සැරසිලි කොඩියක් තනන්න යැයි ඔහු අන දී ඇතැයි පත්තර වල පල වේ.

රනිල් තුමා විසින් සැරසිලි කොඩිය ඉදිරියට ගේන ජනාදිපති වත් ඉදිරියට ගන්නේ සැරසිලි වලට පමනක් නිසා එතුමා ගේ නමත් "සැරසිලිසේන" ලෙස වෙනස් විය යුතු යැයි ස ර ස තුමා යෝජනා කර සිටී.

-http://mallepol.blogspot.co.uk/2015/06/sarasillysena.html

මහින්ද මාතර ඇවිත්... - Mahinda at Matara

 

mahinda2මහින්ද සමඟ නැගිටිමු වැඩ සටහනේ සාමාජිකයකු සමඟ නිදාගෙන නැගිට්ට මහින්ද මහත්තයා, දනි පනි ගා ලෑස්ති උනේ අභයාරාමේ පැත්තේ රවුමක් ගසා එන්නටය. අද එහේ ගිහින් හරියන්නේ නෑ, මාතර යන්න තියෙනවා නේද කියා ඇසු සිරිලිය මැතිනියට, අම්මට හුඩු ඇත්ත නේන්නම් යකෝ කියා උත්තර දීපූ මහින්ද මහත්තයා, හාමිනාගෙන ඇහුවේ කෝ මාව කාපු ලොකු එකා කියලාය.

එහෙම කතා කරන එක වැරදියි නේද මෙයා කියපු හාමිනාට හිටපු ලොක්කා කිව්වේ, එයාට ඉතරක් නෙමෙයි නේ මෙයා, දැන් මම ඕන එකෙක් ගැන කියන කොට ඉස්සරහට ඒ කෑල්ල දාලා තමයි හලෝ කතා කරන්නේ කියාය. සිරිලියත් එක්ක ටික වෙලාවකින් එතනට ආපු නාමල් බේබී දැක්ක ලොක්කා කිව්වේ, අම්මට හැමනියන්, මූ මගේ කට් එකත් වවාගෙන නේද යකෝ කියලාය. කට් එක නැත්නම් මම නොට්ටිගෙ පුතා වෙනවනේ තාත්තේ කියපු නාමල කිව්වේ, මේක දැක්කාම අරුන්ට තාත්තා මතක් වෙලා, යුනිෆෝම් එකේ ගූ හුලිජ්ජා ගියාම ප්‍රශ්ණ ඇහිල්ල කෙසේ වෙතත් ඒවා හෝදා ගන්න සෑහෙන වෙලාවක් යාවි කියලාය.

මහින්ද කට් එකත් එක්කම රහස් පොලීසියට ගියපු නාමල්ගෙන් පොලීසියේ උන් ඇහුවේ රැස්වීමට වතුර බෝතලයක් අරගෙන ආවේ මොකෝ කියලාය. සිරිසේන දෙන වතුර බිව්වොත් හෙම වකුකඩු ලෙඩේ හැදෙන නිසා, පියුරිපයි වෝටර් බොටල් එකක් අරගෙන යන්නවත් යහපාලනේ තුල ඉඩක් නැද්ද කියලාය. හදිස්සියෙන් වත් වතුර බෝතලේ පත්තු උනා නම් හෙම අම්මට හැමිනිලා තියෙයි නේද කියා අහපු පොලොස් කොට්ටෝරුවෙකුට නාමල් කිව්වේ, ඕන එකෙක්ට ඕන දෙයක් කිව්වත්, ජීවීතේට පොලිට්‍රික්ස් නොදාපු අපේ අම්මට මක්කත් හෙම කියනවා නෙමෙයි කියාය.

අපේ ආන්ඩුවක් ආවම, එකේ මහ එකාගේ ඉඳලා පොඩි එකාට යනකන් ගල් පෝරියල් එකක් දීලා ස්වර්ගස්ත කරනවා කියලා ඩී වී උපුල්වන් දෙයියෝ ගිරිය යටින් කෑ ගහපු වෙලාවේ, ඌගේ හොම්බට දෙකක් අනින්නේ නැතිව අප්පුඩි ගැහුවේ මොකද කියලා ඇහුවාම නාමල් කුමාරයා කිව්වේ එ යකා හොඳ වැඩියි අපි ආවයින් පස්සෙ තොපි ඔක්කොම ඇට දෙකෙන් එල්ලනවා කියලාය. ඒක අහුපු ඔක්කොම උන්ගේ ඇට හිරි වැටුනු අතරේ ජුන්ඩා පයිත්තියංම වෙලා ගියේය.

අනේ සෑර් ඇත්තටම අපේ මහින්ද සෑර් ගේ ආන්ඩුවක් ආවොත් හෙම එහෙම කොරනවාද සෑර් කියා අහපු කොන්ද කැඩිච්චි ටිකක් උසස් නිළධාරියෙකුට නාමල් කිව්වේ. උපුල් හොඳයි ඕයි, අපේ බාප්පා නම් කිව්වේ සුදු වෑන් එකේ රවුමක් එක්ක යනවැයි කිව්වා කියලාය. එතකොට අප්පච්චි කිව්වේ මොකක්ද සෑර් කියලා අහපු එකෙකුට නාමල් කිව්වේ, එයා ආයෙත් ආවොත් හෙම පොලීසියේ සෙට් එකම කරුණා අම්මාන්ට බාර දෙනවා කියලාය.

තව මොනවද තමුසෙලාට දැන ගන්න ඕනා කියා අහපු නාමලගෙන් නස්කූනි කොස්සෙක් ඇහුවේ බැසිල් බාප්පා මොකුත් කිව්වේ නැද්ද කියලාය. එයා නම් කිව්වේ මුන්ට කීයක් හරි දීලවත් මේ ඇම්බියුලන්ස් රයිඩ් එක නවත්තලා දියන් යකෝ කිව්වා කියලාය. පොලිස් සැලුට් මැද්දේ එලියට අප්පු පුංචි මහින්ද මහත්තයා කිව්වේ, අපි වැරදි කරලා නෑ, අපිත් මේ වැරදි කළේ කව් ද කියලා හොයන්න හෙන ගේමක් ගෙනියනවා කියලාය.

අභයාරාමෙට යන කිට් එකෙන්ම මාතර ගියපු ලොක්කා, ඩලස්ලයි ගෙදරට ගියපු වෙලාවේ, ලොක්කා ඩලස්ගෙන් ඇහුවේ කෝ ගොනෝ එනවයි කියපු හැත්තෑවද අසූවද කියලාය. හැත්තෑව අසූවම ගෙදරට ගෙනාවනම් අවුරුදු දෙක තුනක විස්කි ටික මුන් පැයෙන් දෙකෙන් ගහන නිසා, උන්ට කෙලින්ම මීටමට එන්න කිව්වා කියලාය. දැන් බස් කීයක විතර සෙනග ගෙනාවද කියලා අහපු ලොක්කට ඩලස් කිව්වේ සෑර් මීටිමට ඇවිත්ම බලන්නකෝ මේ සැරේ ගේම කොහොමද කියලාය.

මූ කට ඇරියොත් කියන්නේ කෙප්ප බව දන්නා ලොක්කා කිව්වේ, එහෙනම් තමුසෙ යනවකෝ මම ඕක පටන් ගත්තයින් පස්සේ එනවා කියලාය. අනේ සෑර් එනවා නේද?, නැත්තන් මට පොළොව පලාගෙන යන්නයි වෙන්නේ කියපු ඩලසාට ලොක්කා කිව්වෙ, තමුසෙ වගේ මම කෙප්ප ඇද බාන්නේ නෑ ඕයි එනවා කිව්වොත් එනවා කියලාය.

ඩලස් ගියයින් පස්සේ ආතල් එකටත් එක්ක දී මූට කෝල් එකක් ගත්ත ලොක්කා කිව්වේ, තමුසෙටත් මාර චෑන්ස් නේද ඕයි වදින්නේ කියලාය. කියලා වැඩක් නෑ සෑර් යහපාලනෙනුත් කන්ටේනර් දෙක තුනක් ඇද ගත්තනම්, ජයරත්නලාටත් සෑර්ලාට වගේම වගේම මැරියට් හෝටලයක් අම්බුළුවාවේ හදාගන්න පුළුවන් නේ කියලාය. තමුසෙගෙ වෙලාව හොඳයි ආයෙත් අගමැති කම උනත් හම්බ වෙන්න බැරි නෑ කියපු මහින්ද මහත්තයාට දී මූ කිව්වේ, ඔව් ඔව් සෑර් මෙයත් යන්නේ සෑර්ගෙම අඩි පාරේ නිසා, එහෙම චෑන්ස් එකක් වදින්නත් බැරි කමක් නෑ කියලාය.

ඩලසයාගේ කෙප්ප ෂුවර් නැති නිසා, ඉස්ටේජ් එක පැත්තෙන් යන්නේ නැතිව, මහින්දත් එක්ක නැගිටින්න ඉන්න වහල්ලු මැද්දෙන් එච් ආර් ජෝතිපාල ඉස්ටේජ් නගිනවා වගේ ආපු මහින්ද මහත්තයා වාහනෙන් බැහැලා ගිහින් ඉස්ටේජ් එක දිහා බැලුවාම, ඩලස් කොටා ඇර, කියපු සිරි ලංකා කාරයෝ එකෙක්වත් නැති නිසා යන්න හැරුනාම, එතන උන් කිව්වේ ඉන්න සෑර් අපි සෑර්ව ඇම් ජී දනුෂ්ක වගේ කරෙන්ම ගෙනියන්නම් කියලාය. නෑ නෑ මම ජීප් එකේම යන්නම් කියා පත කෙප්පයක් ඇද ඇරිය ලොක්කා, ජීප් එකට නැගලා ඩැයිවර් සුසිරිපාලට කිව්වේ, ඩලස්ගේ අම්මට හැමිනෙන්න දාලා අකුරැස්ස පාරට දාලා හයිවේ එකේ
කොළඹ යමන් කියලාය.

-http://maathalan.blogspot.co.uk/2015/06/mahinda-at-matara.html

 

යුග ගනනාවක් අපව බියට පත් කල ඩ්‍රැකියුලා මිය යයි

draculachristopher-lee-1ක්‍රිස්ටෝෆර් ලී අපට මුණ ගැසෙන්නේ ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවෙනි. 70 ගනන් වලදී එම්පයර් එකේ, පැරණි මැජෙස්ටික් එකේ , රීගල් එකේ අප බියෙන් ගැහෙමින් ක්‍රිස්ටෝෆර් ලී ගේ චිත්‍රපට නැරඹුවෙමු. අප දැන් DVD You Tube යුගයට පැමිණ සිටියත් ක්‍රිස්ටෝෆර් ලී හ​ට අපව බිය ගැන් වීමට හැකි විය​.

ක්‍රිස්ටෝෆර් ලී ,බෙලා ලුගෝසි , ෆ්‍රෑන්ක් ලැංගිලා වැනි අති ප්‍රකට ඩ්‍රැකියුලා නළුවන්ටත් වඩා ප්‍රතිභාවක් පෙන්විය​. ඩ්‍රැකියුලා චරිතය පමණක් නොව මෑන් විත් ද ගෝල්ඩන් ගන් හි ෆ්‍රැන්සිස්කෝ ස්කැරමැංග ලෝඩ් ඔෆ් ද රිඞ්ස් හි සරුමාන් වැනි චරිත මගින් ද ඔහු අමරණීය විය​.

ක්‍රිස්ටෝෆර් ලී ගේ Dracula (1958 ) චිත්‍රපටය රූපාවාහිනිය ලංකාවට පැමිණි කාලයේ එනම් 1979 ජාතික රූපාවාහිනිය මගින් පෙන්වීය​. කළු සුදු රූපාවාහිනී බහුලව තිබූ තාක්‍ෂණයද නොදියුණු ඒ කාලයේ අප ඩ්‍රැකියුලා වෙනුවට දුටුවේ අඳුරු සෙවනැලිය​.

Dracula: Prince of Darkness චිත්‍රපටය දැකීමට පෙර 1975 පමණ කාලයේ එම චිත්‍රපටය ඇසුරෙන් ලියන ලද සිංහල චිත්‍ර කතාවක් කියවූවා මතකය. ක්‍රිස්ටෝෆර් ලී රඟපෑ Scars of Dracula බැලීමට පෙර ඒ අනුසාරයෙන් ඩීමන් ආනන්ද ලියන ලද ඩ්‍රැකියුලා සිටුවරයා පොත පාසලේදී ගුරුවරුන්ට හොරෙන් කියවූයෙමි.

Dracula Has Risen from the Grave චිත්‍රපටය 1987 දී ලන්ඩනයේ අඳුරු රාත්‍රියක ඥාතියෙකුගේ නිවසේ සිට රූපාවාහිනියෙන් තනිවම නැරඹුවෙමි. චිත්‍රපටය අවසානයේදී මා නින්දට ගියේ ධම්මපදය පොත කොට්ටය යට තබාගෙනය​.

Dracula A.D.1972 නරඹන ලද්දේ විඩියෝ කැසට් ලංකාවට පැමිණි මුල් කාලයේදීය​. එසේම In Search of Dracula වාර්තාමය චිත්‍රපටය (මෙහි හඞ ක්‍රිස්ටෝෆර් ලී ගේය​) ද මෙහිදී මතකයට නැගේ. Taste the Blood of Draculaචිත්‍රපටය ගැන වෛද්‍ය කීත් චැප්මන් නිතර කතා කලේය​. ඔහු කාලයක් හලාවත රෝහලේ ශල්‍ය වෛද්‍යවරයා විය​. වෛද්‍ය කීත් චැප්මන් ගේ විස්තර කතාවෙන් පසු මම එම චිත්‍රපටයද නැරඹුවෙමි .තවද The Satanic Rites of Dracula You Tube මගින් නැරඹුවෙමි

මෙලෙස ක්‍රිස්ටෝෆර් ලී ගේ සියළුම ඩ්‍රැකියුලා චිත්‍රපට නැරඹීම පිළිබඳ අතුරු කතා තිබේ. නමුත් මේ සියළු චිත්‍රපට වලට පොදු සාධකය වූ "බිය " නොඅඩුව අපට ලැබුණි. පසු කාලයක Friday the 13th , A Nightmare on Elm Street, Child's Play ( Chucky), Halloween (Michael Myers) වැනි චිත්‍රපට බලන කිසිදු බියක් නොදැනුනත් ක්‍රිස්ටෝෆර් ලී දකින වාරයක් පාසා ගත සීතල වූ බව කිව යුතුය​.

අන්ධකාරයේ කුමාරයානෙනි ඔබට සුභ රාත්‍රියක්


වෛද්‍ය රුවන් එම් ජයතුංග

-http://transyl2014.blogspot.co.uk/2015/06/blog-post_12.html

 

 

නෙළුම් යාය සහෘද සමුහය