22 April 2019
RSS Facebook Twitter   

වනචර දොස්තර ඉදිරියේ රෙද්ද ඉස්සීම , නර්ස්ලාගේ ලොකුකම් , මිඩ්ඩයිෆ් ගෑණුන්ගේ හණමිටි පණ්ඩිතකම් මැදින් අති උතුම් මව් පදවිය ලැබීම...

Newborn-photography-father-and-childසජ්ජා  තාත්තෙක් වෙච්ච කතාව කියල ටික දවසකට බ්ලොග් ලෝකෙන් අයින් වෙන්න හැදුවත් පුරුද්දට සහ මේකට ඇති ලැදියාව නිසාවට පොඩි ඉස්පාසුවක් ලැබුණු ඇසිල්ලක  ආයෙමත් මේ සම්බන්ධයෙන් යමක් කොටන්න හිතුන. පියවරුන්ගේ සංගමයට බොහොම ලෙන්ගතුකමෙන් එක්කාසු කරගන්න කතාකරපු හැමෝ දෙනාටම වගේම සුපුරුදු දයාබරත්වයෙන් සුභපතපු හැමෝටම ආයෙත් පාරක් ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා. හැමෝටම ස්තුතියි!

මගේ ආදරණීය බිරිඳත් එක්ක එක වහලක් යටට වෙච්ච දවසෙ ඉඳන් හුරතල් පොඩි එකෙක් ගෙදරට ගේන්න අපි දෙන්නට පුදුම හදිස්සියක් තිබ්බෙ. දැනට අවුරුදු 3කට කිට්ටු වෙච්ච අපේ දීගෙ කාලසීමාව ඇතුළත සති තුනකට කළින් ඉපදුනු පුංචි කෙළිපොඩ්ඩ දිහා ඇස් පිය නොහෙළා ආදරයෙන් බලාගෙන දරු සුරතල් විඳින්න අපි දෙන්නට අවස්ථාව ලැබිල තියනවා. ඒ නමුත් අපේ පුංචි කෙල්ලට ඊට කලින් සහෝදරියෝ දෙන්නෙක් සහ ස්ත්‍රී පුරුෂ බව පවා තීරණය නොවුනු වැඩිමහල් සොයුරෙක් හෝ සොයුරියක් ඉඳල තියනවා. මගේ සහ බිරිඳගේ ශරීර වල යම් සංකූලතා හේතුවෙන් හෝ අපි දෙන්නගෙ නොලැබීම නිසාවට ඒ තුන්දෙනා අපට නැති උනා.අපේ ජීවිත වල අතිශය පෞද්ගලික කාරණා මේ ආකාරයට හෙළිකරලා බ්ලොග් එක හිට් කරගන්න කාලකන්ණි අදහසක් මගේ නැති බව මේක කියවන හැමෝම දන්නවා.ඒත් මේ දේවල් කියන්න හෙළිකරන්න හිතට ආවෙ මේ සම්බන්ධ යම් අදහසක් , මේ ක්ෂේත්‍රයේ තියන මගඩි ගැන දැනුවත් වීමක් මේක කියවන හැමෝටම වැදගත් වේවි කියල හිතුනු නිසාවට. හත් පාරක් ගහෙන් වැටිච්ච එකා "ගස් වෙදෙක්" වෙනවා කියල කතාවක් තියනවනෙ. ඒ වගේ තමා මේ කියන්න යන කාරණා සම්බන්ධයෙන් මට සහ මගේ බිරිඳට තියන අත්දැකීමුත් එක්ක ඕනෙ නම් අපි දෙන්නට උපදේශන සේවයක් උනත් පටන්ගන්න පුළුවන්.

බබෙක් ලැබෙන්න ඉන්නවා කියල දැනගත්තට පස්සෙ ඒ බව ප්‍රදේශයේ මිඩ්වයිෆ් නෝනව දැනුවත් කළාම උන්දැ ඇවිත් ලියල දෙනව කාඩ් එකක්. බොහොම බැරෑරුම් කමට කරුණු කාරණා අහල ඒකෙ එව්ව සටහන් කොරල "මේක නැත්තං ළමයට ඉපදෙන්නත් තහනම්"විදියේ පඬි ටෝක් ටිකක් කාරිය දීල ප්‍රදේශයේ ගර්භනීය සායනයට අනිවාර්යෙන් සහභාගී වෙන්න කියල නියමයක්  දාල "ෆෝලික් ඇසිඩ් ටැබ්ලට්" දවසගානෙ ගන්න කියල දැනුවත් කරල එතෙන්දි හම්බවෙමු කියල උන්දැ යනව යන්න. ඔය අතරතුරේදි ප්‍රසව සහ නාරිවේදී විශේෂඥ වෛද්‍ය වරයෙක් චැනල් කොරගන්න එක තමුන්ගෙ වැඩක්. උන්දැව හම්බවෙලා ෆාමසියෙන් ගන්න දෙන ගිනිගණන් යකඩ, කැල්සියම් පෙති වල සමහරක් වර්ග වලට ෆෝලික් ඇසිඩ් අන්තර්ගතවෙලා තියන වර්ගත් තියනවා. ඒ සම්බන්ධව මිඩ්වයිෆ් උන්දැට කිව්වොත් නොක්කාඩුවට වගේ බලල "එකට කමක් නෑ ෆෝලික් ඇසිඩ් බොන්න" කියල කියනවා අහගන්න පුළුවන්. මන්තරේ ජපකොරන්නා වගේ "ෆෝලික් ඇසිඩ් ෆෝලික් ඇසිඩ් " කියාගත්තගමන් ගෙදරට එන උන්දැලාට ලොකු දොස්තර මහත්තුරු දෙන බේත් ඇලජික්. සමහර විට උන්දැල ඒ ගැන දැනුවත් නැතුව ඇති.

ගැබිණි සායනයට ගියාම එතන අතුගාන එකාගේ ඉඳන් දොස්තර වෙනකල්ම ලොකුකම් කෙනහිලිකම් වලට මූණ දෙන්න බඩකුත් උස්සගෙන ඉන්න වෙන්ඩ අම්මලාට සිද්ධවෙනව.අටෙන්ඩන්ලා , නර්ස්ල "ලෝඩ් පකීර්ල" වගේ මේස ගාව වාඩිවෙලා අතෙන්ට යන්න,මෙතෙන්ට යන්න, අරක අරගෙන එන්න, මේක කරගෙන එන්න කියල විධාන දිදී දවසම එතන බඩදරු අම්මලට සැර දම දමා රස්තියාදු කරවන එක ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල ක්‍රමේ වෙන්නැති.බඩවලුත් උස්සගෙන තුනටියට අතතියාගෙන බොහොම අමාරුවෙන් සායනේ  එහාටයි මෙහාටයි ඇවිදින අම්මල දැක්කම දුකේ බෑ.

අපේ අල්ලපු පොඩි නගරයේ ඉස්පිරිතාලෙ ගැබිණි සායනේ භාරව හිටපු දොස්තර කමටත් නිගාවක් වෙච්ච " කාලකන්ණි දොස්තරයා " සම්බන්ධ අපිට මූණ දෙන්න වෙච්ච කාරනාවක් මේ එක්කම කියල දාන්නම්. උගේ සායනෙට යනකොටම වටේපිටේ ළමයි හම්බවෙච්ච ගෑණු උදවියගෙන් ඌ ගැන ඒ තරම් හොඳ කතා නෙවෙයි අහන්න ලැබුනෙ. "දොස්තර මහත්තය හරි සැරයි, පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ බණිනවා" විදියේ ආකල්ප තමයි ඒ උදවියට තිබුනේ. ඕන මගුලක් වෙද්දෙන් කියල අපි දෙන්නත් ගියා සායනේ දවසෙ ඉස්පිරිතාලෙට. අම්මලා සෑහෙන දෙනෙක් එතන හිටිය. තාත්තලව ඇතුලට ගන්නෙ නෑ. (අපි ඒ වැඩේට සම්මාදම් වෙලා නැති නිසා වෙන්ටැ) හැබැයි ඉතිං ප්‍රයිවට් හොස්පිටොල් එකේ ලොකු දොස්තර මහත්තය නං සීසර් කොරනවද කියල අහල, කවදද ගන්න ඕන? බබාව ගන්න නැකතක් තියනවද? කියල අහල ඔයාටත් තියටර් එකට එන්න පුළුවන් කැමරාවකුත් ගේන්න පුළුවන් කියලත් කිව්ව. ඒ සෙල්ලං කොහෙද ආණ්ඩුවෙ එව්ව වල. කිලිනික් එකට අපේ උන්දැට යන්න කියල මං පාරට වෙලා ඉන්න උනේ ටික වෙලාවයි. මෙන්න අපේ උන්දැ අඬාගෙන එනව. "යං සුදූ ගෙදර" කියාගෙන. ඇහුවට ඇහුවට කියන්නෙ නෑ මොකද කියල. හිටින්කෝ අරුන්ගෙන් අහගන්න කියල එතෙන්ට යන්න හදනකොට අතේ එල්ලිලා මොරදෙනව. සෙනගත් බලාගෙන. ඕන මගුලක්, ඔයාට මුකුත් ප්‍රශ්නයක් නෑ නෙ. එහෙනං යමු ගෙදර කියල ගෙදර ආවාමයි විස්තරේ කිව්වෙ. වැඩකරන සේවා ස්ථානය , තනතුර කාරිය අහල VOG කවුද කියලත් අහල දොස්තරය ලොකු ටෝක් ටිකක් දීල.ලොකු ලොකු දොස්තරලා ඇල්ලුවට වැඩක් නෑ , අපි ගාවට එන්න වෙනවා අන්තිමට , හැමදාම ක්ලිනික් එන්න ඕන අනිවාර්යෙන්, ඔයගොල්ල හිතාගෙන ඉන්නෙ සල්ලි විසිකලාම ඔක්කොම හරි කියල, වගේ නානාප්‍රකාර පොර ටෝක් දීල. අපේ උන්දෑ ඊළඟ වතාවේ ක්ලිනික් එකට එන්න විදියක් නෑ ඩොක්ටර් අනිවාර්යෙන් එදාට වැඩට යන්න ඕන, ඊටපස්සෙ වතාවේ ඉඳල දිගටම එන්නම් කිව්වම අරූ අපේ මායියට හොඳටෝම බැනල. ඒ පාර තමයි මුන්දෑ අඬාගෙන ඇවිත් තියෙන්නෙ.

ආපහු ගිහිං මුගේ හොම්බට දෙකක් අනිනවද එහෙමත් නැත්තං මොකද්ද ගන්න ක්‍රියාමාර්ගේ කියල හිතාගෙන එලියට බැස්සෙ යන්නෙපා කියල ගෙදර මිනිස්සු දෙස් දෙවොල් තියද්දි. ඉස්පිරිතාලෙට යනගමන් මං කල්පනා කළේ මූට හොම්බට ඇන්නොත් මොකක් වෙයිද කියල.අනිවාර්යෙන් කූඩුවෙ ලගින්න වෙනව. හරියට හරි. යනවා පොලිසි. අදිනවා මූට ලෙඩක් නීතියෙන්ම. ගියා පොලිසියට . දරුවකු ලැබීමට සිටින මවකට බැනවැදී ඇගේ මානසිකත්වය බිඳ දැමීම යටතේ ලිව්වා ඇන්ට්‍රියක්. ඇන්ට්‍රි නොම්මරත් එක්ක ඒකෙ පොටෝ කොපියකුත් අරගෙන ආව ගෙදර. ගෙදර ආවාමයි මුගේ තව තව කෙළි එළියට ආවේ. වටේපිටේ ගෙවල් වල ළමයි හම්බවෙන්න ඉන්න සහ ලැබුණු අම්මලට අපේ අම්ම මේ සිද්දිය කියල. මූ නොම්මර එකේ කොබෙක්. අම්මලාගේ බඩ පරීක්ෂා කරන වෙලාවට මූ ෆෝන් එක කණේ ගහගෙන කෝල් එකක ඉන්න මුවාවෙන් අනවශ්‍ය තැන් අතපතගානවලු. උඩ ගෙදර මල්ලි මූට ඔය සීන් එක නිසා ගහන්නත් ගිහිං. ඔය දේවල් මිනිස්සු හංගගෙන ඉන්නෙ. ලැජ්ජාවට කියන්නෙ නෑ. ඒ නිසාවට මේ වගේ ගස් බල්ලො බාධාවක් නැතුව දිගටම තමන්ගෙ ලිංගික අසහනේ , පිටකරගන්නව. ඔය ඔක්කොම ටික දාල පොලිස් පැමිණිල්ලේ කොපියකුත් එක්ක දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ අදාළ තැන් ඔක්කොටම ලිපි මගින් පැමිණිලි කළා. මාස දෙකක් ගියතැන අසහන දොස්තරයට ස්ථාන මාරුවක් ලැබිල කොහෙටහරි මකබෑවුණා. අලුත් ඉස්පිරිතාලේ ඉඳන් ඌ පරණ පුරුදු දේවල් ආයෙමත් කරගෙන යනව ඇති.

තවත් නමගිය නාරි හා ප්‍රසව දොස්තර කෙනෙක් හිටිය (දැනුත් ඉන්නවා) ස්කෑන් යන්ත්‍රයේ ආධාරයෙන් අනියම් සංසර්ගයේ යෙදෙන. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍රය මගින් කුසේ ඉන්න දරුවා නිරීක්ෂණය කිරීම තුලින් දරුවාගේ සංකූලතා වගේම මවගේ සංකූලතා, දරුවාගේ නිරෝගී බව සහ ගැහැණු පිරිමි බව නිර්ණය කිරීමට නවීන තාක්ෂණය නිසා දැන් අවස්තාව උදාවෙලා.ගර්භාෂයෙන් බැහැරව කළලය ස්ථාපිත වීම වගේ සංකූලතා හඳුනාගැනීම සහ දරුවාගේ නිරෝගීබව නිර්ණය කිරීම තමයි මෙහි ප්‍රධානම ප්‍රයෝජනය. ස්කෑන් යන්ත්‍රයේ ප්‍රධානව මම දන්නා විදියට ප්‍රෝබ (probes) දෙකක් තියනවා ( ඔය දෙකට කියන නම් මම දන්නෙ නෑ . බඩේ ජෙල් වර්ගයක් ආලේප කරලා ඒ මත තබන උපකරණය සහ යෝනි මාර්ගයෙන් ඇතුළු කරන උපකරණය) ඔය දෙකෙන් යෝනි මාර්ගයට ඇතුළු කරන ප්‍රෝබය මගින් මම දන්නා තරමින් ඉතා පැහැදිලි දත්ත ලබාගන්න පුළුවන් වගේම නොයෙකුත් සංකූලතා හඳුනාගැනීම ලෙහෙසියෙන් කරන්න පුළුවන්. ඒ ප්‍රෝබය ( නම වැරදි ඇති මම කියන)කොන්ඩමයකින් ආවරණය කරලා තමයි භාවිතා කරන්නෙ (ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම වළක්වන්න). එම උපකරණය සෑම ස්කෑනින් එකකදීම භාවිතා කරන්නෙ නෑ. නමුත් මම මුලින් සඳහන් කරපු දොස්තර වරයා එන හැම රෝගියාම පරීක්ෂා කරන්නෙ ඒක භාවිතා කරමින්. ඔහු එමගින් යම් මානසික වින්දනයක් ලබනවා ඇතැයි සැක කිරීමට අසා දැනගත් ආරංචි ඕපදූප ප්‍රමාණවත්. මේ හැම අවස්ථාවකදීම අපි හැමෝම අසරණයි. කිලිනික් එකකට,ස්කෑන් එකකට ගියාම තමුන්ගෙ මනුස්සයව එලියට දාල කර්ටන් එකකින් වහල ඔක්කොම ඉවරවෙලා අන්තිමට මොනිටර් එකට එබෙන්න විතරල් ඇතුලට ගන්නකල්  දොස්තර සහ නර්ස් ගෑණු හැසිරෙන විලාසය දැක්කම හිතට එන කුණුහරුප ගැන මෙතන ලියන්න බෑ. මම නෙවෙයිද ළමය ජාතක කරන්න සම්මාදම් වෙලා තියෙන්නෙ, දොස්තරයි නර්ස්ලයි විතරද අපේ උන්දැගේ ඒ අවයවේ දැකල තියෙන්නෙ, අපේ උන්දැට බබෙක් හම්බුනේ සුදූ ඇත් පැටියෙක් ඇඳ වටේ කැරකුණු නිසාද කියලත් ඒ වෙලාවට හිතෙනව.

ආණ්ඩුවේ ඉස්පිරිතාල වල සුදූ රෙද්දකින් වහපු මිණී අපි දැකල තියනව. ආණ්ඩුවේ ඉස්පිරිතාල මෝචරි ගාවට මල්ශාලා වල නම් ගහපු හර්ස් යනව එනව අපි දැකල තියනව. පුද්ගලික රෝහල් වල? එහෙම දැකල නෑ නේද? මොකද ඒ? ඒවා වලදී මිනිස්සු මැරෙන්නෙ නැත්ද? මැරෙනවා.ඒත් මිනී බේස්මන්ට් එකට ගෙනියන්න වෙනම පිටිපස්සෙ ලිෆ්ට් එකක් තියනවා. ඒව ගන්න මල්ශාලා වල නම ගහපු වාහන එන්නෙ නෑ. එක්කො ඉස්පිරිතාලෙ රථයකින් බොඩිය මල්ශාලාවට ගෙනිහින් දෙනවා. එහෙමත් නැත්තං නම නොගහපු වාහනයක් මල් ශාලාවකින් ඉස්පිරිතාලෙට එවනවා. ඒ දේවල් වල වැරද්දක් මම දකින්නෙ නෑ. හැබැයි මතක තියාගන්න රෝහල් රථයකින් මිණිය මල් ශාලාවට ගෙනිච්චොත් ඉස්පිරිතාලෙ නම රකින්නත් අපි ගෙවන්න ඕන.

ළදරුවෙක් මේ ලෝකෙ එළිය දැකල එක හුස්මක්හෝ අරගෙන මැරුණොත් ඒත් ඒ දරුවාගේ උපත ලියාපදිංචි කළයුතුයි. උප්පැන්න සහතිකය සහ මරණ සහතිකය කියන දෙකම එකපාර ලියාපදිංචි කරන්න වෙනව. දහසක් දුක්, සිතුවිලි හිතේ පෙරලි කරද්දී  උප්පැන්න සහතිකයේ මියගිය දරුවාට නමක් යොදන කාරණාවේ ඉඳන්  මීමුත්තා ලංකාවේ උපන්නෙක්ද කියන කාරණාව වෙනකල්ම පෝරම පුරවල මරණ සහතිකේ පොරමයත් පුරවල මල්ශාලවට දුවල ඒ කටයුතු කරන විදියත් ඔලුවෙ හොල්මං කරද්දී මිනිහෙකුට පිස්සු නොහැදුනොත් ඒකත් පුදුමයක්.එක ළඟ දවස් දෙකකදි ඔය අත්දැකීමට මට මුහුණ දෙන්න සිද්ද උනා. පෝරම දෙක පුරවල ඉවරවෙලා "මේකට ගෙවීමක් කරන්න ඕනැද?" කියල ඇහුවම එතන හිටපු (හිතක් පපුවක් නැති) රෙජිස්ටාර් "සන්තෝසෙන් දෙන දෙයක් බාරගන්නව" කිව්වම දුන්න රුපියල් දාහ ඌ බොහොම සන්තෝසෙන් සාක්කුවෙ දාගත්ත. දෙවැනි දවසෙ මං ඒ ගැන අහන්න ගියෙ නෑ. මේ ගැන සඳහන් කලේ ඒ වගේ දේවල් රෙජිස්ටර් කිරිල්ල ඒ වගේ වේලාවකදී  කොයි තරම් අමානුශිකද කියල හිතන්න සලස්වන්න. මම නම් හිතන්නෙ ඒ වගේ විශේෂ අවස්තා වලදී ඒ දේවල් ඉස්පිරිතාලෙන්ම කරන්න ඕන කියලයි.

දහඅටේ පෙට්ටිය කියල එකක් අහල තියනවද? මල්ශාලා වල පොඩි දරුවන් මිහිදන් කරන්න යොදාගන්න පුංචි පෙට්ටියට කියන නම තමයි ඒ.. ඒකෙ දිග අඟල් දහඅටක් විතර නිසා එහෙම කියනවද මම දන්නෙ නෑ. රජයෙන් පඩියක් ගෙවද්දිත් ඒ පෙට්ටිය වළලන්න පස් පිඩලි දහයක වළක් කපන්නත් පගාව ඉල්ලන මිනිස්සු ඉන්න රටක් මේක.

අපේ ජාතිය වඳ වීගෙන යන ජාතියක්. ඒ නිසා පුංචි පවුල රත්තරං කතා නවත්තල පුළුවන් තරම් පරපුර බිහිකරන්න කියල දැන් දැන් කට්ටිය කිව්වට ඉස්පිරිතාල, ක්ලිනික් වලදී බඩදරු අම්මලාට සලකන විදිය දැක්කම ළමයි හදන්න හිතෙන්නෙ නෑ. ඇටෙන්ඩන් ගෑණු අම්මලට දෙන ත්‍රිපෝෂ පැකට් දෙක දෙන්නෙ හරියට නිකං ඒවා උන්ගෙ දේවල් වලින් ගෙනත් දෙනව වගේ. ඉස්පිරිතාල කියන්නෙ දේවාල නෙවෙයි. දොස්තරවරු කියන්නෙ දෙවිවරු නෙවෙයි. සල්ලි ගෙවන මාතෘ නිවාස වල තත්වයත් අර විදිය නම් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල තත්වය කොහොම ඇත්ද? ඒ ගැන අයෙත් වතාවක් ලිපියක් ලියන්න ඕන.

දිග වැඩියි හොඳටෝම ... තවත් කියන්න කාරණා ගොඩක් තිබුණත් හෝද හෝද මඩේ දානව වගේ මගේ හිත මමම රිද්දගන්නෙ නැතුව මේක මෙතනින් ඉවර කරන්නම්. ඔය කියපු විස්තර ටික කිව්වෙත් ඔය දේවල් වලින් කට්ටිය යම් දැනුවත් වීමක් ලබයි කියල හිතුනු නිසාවට. දවසට පැය තුනක් විතර නිදාගන්න හම්බවෙන මේ දවස් ටිකේ ලැබුණ පුංචි ඉස්පාසුවක මේක එක හුස්මට ලියල දැම්මෙ. ආයෙත් වතාවක් කට්ටියටම ස්තුති කරන ගමන් මෙතනින් නවතින්නම්.පුංචි කෙළිපැටික්කි සනීපෙන් ඉන්නවා...

-http://padanguwa.blogspot.co.uk/2015/06/blog-post.html

හෙදකම්

walking-nursesදුෂ්කර එක ගම්මානෙක - තිබුණා එක සායනයක්
හෙදියන් තිදෙනෙක් සමගින් - ‍ඩොකෙකුත් උන්නා
 
සායනයේ සියලුම දෑ - මේ සිව්දෙන ඉටු කෙරුවා
ගමේ සියලු දෙනගෙන් නිසි - සැලකුම් ලැබුවා
 
නිතරම එක ටීම් එකක් - ලෙසින් සේවෙ කළ නිසාම
මේ සිව්දෙන හොද මිතුරන් - බවට පත්වුණා
 
එක දවසක් නර්ස් කෙනෙක් - තේ පානය අතරතුරේ
"‍ඩොක්ටට පොඩි ජෝක් එකක් - කරමුද" ඇහුවා
 
පහුවෙනිදා තුන්දෙනාම - තමන් කරපු විහිලුව ගැන
මහ හයියෙන් හිනා වෙවී - විස්තර කෙරුවා
 
"මිනිහගෙ වෙද නළාව තුළ - පුළුං කුට්ටියක් ගැහුවා
ලෙඩ හදවත් නැවතීදැයි - දොස්තර බැලුවා"
 
පළවෙනියා දෙස බලාපු - දෙවනි හෙදිය මෙහෙම කියයි
"මම නම අමතක නොවෙනා - විහිලුවක් කලා
 
මිනිහගෙ බෑගයෙ තිබිච්ච - කොන්ඩම් සේරම අරගෙන
ඉදිකටුවෙන් සිදුරු කරල - නැවතත් දැම්මා..."
 
"ඔයා කළේ මොකක්ද“ යැයි - තුන්වෙනියා ‍දෙස බලද්දි
මෙන්න බොලේ ඒකිට සිහි නැතිව වැටීලා.

ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරකි

mahajana1

 

ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරක් බව අපි නැවතත් අවධාරණය කරමු.

මේ වන විට රාජපක්ෂවාදී සොරු දත මැදගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක් කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලා පසුගිය කාලයේ සොරකම් කර මුදල් යොදවා ඡන්ද කර දිනා ගන්නට ය.

මේ සිහිනය සැබෑ කිරීමට ඉඩ නො දිය යුතු ය. මහජනතාව ලෙස අපි නැවතත් මේ සොරුන්ට බලයට පත් වන්නට තිබෙන සියලු මාර්ග අවහිර කළ යුතු ය.

අපි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ මේ සොරුන්ට අනුග්‍රහ දක්වන්නට නො වේ. සොරුන් දේශපාලනයෙන් අතු ගා දමන්නට ය.

ඔවුන්ට නාම යෝජනා දී ඔවුන් පරද්දන්නැයි අපෙන් ඉල්ලන්නට එපා.

මේ චෞර කැලත මහින්දට ම භාර දෙන්න.

ශ්‍රීලනිපයෙන් අලුත්, දක්ෂ පිරිසකට අවස්ථාව දෙන්න.

අපි පාර්ලිමේන්තුව පිරිසිදු කරමු.

(මෙම පෝස්ටර් ෆේස්බුක් මගින් බෙදා හරින ලද ඒවා ය. ඒවායේ නිර්මානකරුවන්ට ස්තුතියි.)

 

අලිබබා මෙන්ම හොරුද එළවමු

 

BUP DFT DFT-1-38කියමනට කියන්නේ, හවුලේ කැඳත් එපා කියලාය. කේන්දර කෙප්ප සුමනයාගේ අනාවැකි කෙලවලා ගියද, බයියන්ගේ අනාවැකි සියල්ල සත්‍ය කරමින්, මෛත්‍රී, රනිල්, සෝභිත, රතන, නිර්මාල් හා තවත් හතලිහක් ඉතර එක්කාසු වී කාල් ගාමින් සිටි කැඳ හැලි ආන්ඩුවට කෙලවෙලාම ගියේය. එහෙම උනේ නිකං නෙමේය. දින 100 න් රට හදනවා කියා අම්බ පචයක් කෙලලාය. මහින්ද මහත්තයා අවුරුදු දෙකක් තියෙද්දී ඉල්ලගෙන කෑවා වගේම, මෛත්‍රී රනිල් කැඳ ආන්ඩුවට කෙලවෙලා ගියේ ඔය දින 100 කෙප්පය නිසාය. අන්තිමට ඒ පචේ වහන්න පච 100 ක් නොව, නහුතයක්ම කියන්න උනේය. අන්තීමේදි, එකාට එකෙක් නැතිව ඔක්කෝම පච් වෙලාම ගියේය.
 

මේකට කෙල වෙලා ගියේ රටේ උන්ගේ වාසනාවටය. ඔය සිරි ලංකා එකේම, මහ එකා නොහොත් බන්ඩාරනායක උන්නැහේගේ ප්‍රියාදර භාර්යාව වූද, මැටි මෝල් ගොන් හරකුන්ගේ අම්මා වූද, සිරිමාවෝ අම්මන්ඩිත් හවුලක් අරගෙන 70 බලයට ආවේය. අන්තීමේදි උන් සැට් එක මේක හිඟන රටක් කොලේය. උන්ඩුක පුඡ්චය, අක්මාව, මහ බඩ වැල්, කුඩා බඩවැල් ඔක්කෝම පිටේ ඇලුනේය. ඉතියෝපියාවේ වාගේ ඇවිදින ඇටසැකිලි හා කුණු බක්කියේ ආශ්චර්ය හොයන ජනතාවක් ඉතිරිකර, ඇපත් නැතිව 8 ට බැහැලා ගෙදර ගියේය.

 
හවුල් කෙරුවාව එහෙමය. ඕනම තැනක නායකයෙක් සිටිය යුතුය. මහින්දටත් කෙල උනේ එකාධිපතියෙක්ය කිව්වාට, නියම එකාධිපතියෙක් උනේ නැති එකය. එයා කොටහලු ගෙවල් ගානේ යද්දි, රට පාළණය කලේ ඇමරිකන් බ්‍රදර්ලා දෙන්නාය. අන්තීමේදි කෙල වෙලා ගියෙත් ඒ නිසාය. ජේ ආර් පප්පා මෙන්ම ප්‍රේමදාස උන්නැහෙද නියම නායකයෝ විය. ප්‍රේමදාසගෙන් පස්සේ අලි පාටියටත් හතේ හත වැදුනේය.
 
රනිල් මෛත්‍රී පච ආන්ඩුව කෙලිය තරම් කෙලියේ අම්බ පිස්සුමය. එහෙම උනේ රනිල් අගමැති වෙලා මෛත්‍රිපාල උන්නැහේ ජනාධිපති උන නිසාය. කැබිනට් එකේ හිටියේ අලි පාටියේ උන්ය. උන් කියනා විදියට වැඩ කරන්න අකමැති, රතනෙලා, චම්පිකලා, සිරිසේන ලොක්කා රනිල් එක්ක කෙටෙව්වේය. අන්තීමට ගිලිය නියමෙටම කා ජනතාවට පොරොන්දු උන 30 වෙනුවට 80 කටම හොරා කන්න සෙට් කොරලා දුන්නේය. තව ආවා නම් තවත් දෙනවාය. අන්තිමට මහින්දගෙයි මෙයාගෙයි කිසිම වෙනසක් නැති වෙලාම ගියේය. නාගෙන ගියපු ආන්ඩුව රීලා හත්පොලේ ගාගත්තේ අර්ජුන මහේන්ද්‍ර හින්දාය. අතිමේදි ඒ යකා බේරගන්න පාර්ලිමේන්තුව විසුරුවන්න කිව්වේ හොරකම් කරපු එකාට තියෙන තියෙන ආදරේ නිසා මිසක්, වෙන මළදානයකට නෙමේය.
 
කොහොමින් කොහොම හරි නියම ගේමක් තියෙන්නේය. මීට පස්සේ මහින්ද ලොක්කාට ගස් අස්සේ හැංගෙමින්, සෙනග මැද්දෙන් ඇවිත් මෝඩ චූන් දෙන්න ඕනා නැතිය. පන්සල් ගානේ බූට්ස් දාගෙන ගිහින් ගොන් බයියන්ට ආතල් දෙන්න ඕනත් නැතිය. දැන් ඉතින් සංධානෙන් හරි නැත්තන් වෙන බඩකඩිත්තුවකින් හරි ඉස්ටේජ් නගින්නම වෙනවාය. ඒ වගේම, මෛත්‍රිපාල උන්නැහේ මොකාද කියලත් ඉස්සරහට නියමට හොයා ගන්න පුළුවන්ය.
 
යහ පාලනේ ගේනවා කිව්වාට එයා ගෙනාපු යහ පාලනයක් නැතිය. 19 කියන්නේ අමූලික බොරුවක්ය. අන්තීමට එයාගේ සෙට් එකක් හදා ගන්න කුඩු ලන්සලා, බුකි තිලංගලා ඉතරක් නොව, ට්‍රැපික් රාළහාමි මරන්න ට්‍රයි කරපු මිනිමරු කාළකන්නිත් රෙද්ද අස්සේ දාගත්තේය. එයා නටන්නේ චම්පිකගේ පදයටය, චම්පික බලන්නේ සිරි ලංකා නිදහස් පක්ෂේ ලීඩර් වෙලා, ඊළඟ ජනාධිපති වෙන්නටය. එහෙම උනොත් රත්නේ අගමැති වෙන නිසා, උන්නාන්සෙත් චම්පික රජා කිරීමේ ගේමේ පෙරමුණේම ඉන්නවාය.
 
සෝභිතලා, නිර්මාල්ලා, ජයම්පතිලා, අන්ත අසරණ වෙලාය. තැටි රත් වෙච්ච වෙලේ පුච්චන්න හිරපු රොටි අඟුරු වෙලා, කටේ පිට්ටු හිරවෙලා, පුඛ මූට්ටූ වෙලා පැෆරල් එකේ මාර්තු 12 එල්ලිලා, ඒක පස්සෙන් යනවාය. නියම සීන් එක කියන්නේ, මෛත්‍රිපාලාලාත්, රනිල්ලාත් ඒකට අත්සන් ගහනා එකය. දෙපැත්තේම කම්බ හොරු, මිණීමරුවෝ, කුඩුකාරයෝ, බඩුකාරයෝ, බඩු ඉස්පොට් කාරයෝ, බාර් කාරයෝ වැහි වැහැලාය. මාර්තු 12 ප්‍රකාශනේ තියෙන ඒවා කොරන්න ගියොත් හෙම, පක්ෂ දෙකටම කෙල වෙලාම යනවාය.
 
කොහොමින් කොහොම හරි, ඒ ප්‍රකාශනයෙන් කියනවා වාගෙම මාතලන්ටත් කියන්න තියෙන්නේ අවුරුදු ගානක් රට කාපු කම්බ හොරුන්ට නම් ආයේ චෑන්ස් එකක් නම් දෙන්න එපා කියලාය. උන් අවුරුදු ගානක් හොරා කාලා, දැන් ඉන්නේ මළ පෙරේතයෝ වාගේය. හිරගෙවල් වල ඉන්න උන් තැබිය යුත්තේ හිර ගෙවල් වල මිස රටේ නීතී සම්පාදනය කොරනා තැන නෙමේය. එතන් ඉන්න ඕනා මේ රට හදන්න පුළුවන් උන් මිස, තම තමන්ගේ පරම්පරා හදන්න එන උන් නෙමේය. රට කරවන තැන්වල තියන්න ඕනා වැදගත් මහත්තුරුන්ය. එහෙම බැලුවාම, එහෙම සෙට් එකක් ඉන්නේ ජෙප්පෝ ගාව ඉතරය. උන් හොඳයි කිව්වාට එකෙක්වත් උන්ට දෙන්නේත් නැතිය.
 
දෙයියන්ගේ නාමෙන් අලිබබා ගෙදර ඇරියා වාගෙම, හොර කල්ලියත් ගෙදර යවනවා නම් මේ ඡන්දයෙන් රටට වැඩක් වෙනවාය. හොරුන්ට ආදරේ කොරනා බයියෝ වගේ උන්ට කියන්න තියෙන්නේ, අනික් උන්ටත් තොපෙ උන් කෑවා වගේ කන්න චෑන්ස් එකක් දියන් කියලාය. ටොයියන්ට කියන්න තියෙන්නේ ටයි කෝට් ගැහුවත් හොරා හොරාමය කියලා විතරය. ඒ නිසා, මහ පක්ෂ දෙකේ කම්බ හොරු ටිකවත් ගෙදර යවන්නට පුළුවන් නම් ජහ මනයා කියන්නේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා මී හරක් රැලක් නොවනා බව මේ කාළකන්නින්ට දැනෙන්නට පුළුවන්ය.

 

හන්තාන සිහිනේ

hanthanaරොබරෝසියා මල් වැටුන පුංචි පාර දිගේ මම හෙමිහිට ඇවිදන් ආවා. හිතේ තිබුනේ පුදුමාකාර විදිහක සතුටක් වගේම නිදහසක්. සරසවි ජීවිතේ මුල් කාලය පහුකරමින් හිටිය නිසාමද මන්දා ඒ තරම් වගකීමක් හිතට නොදැනුනේ. ඒ හන්දම වෙන්න ඇති සුන්දර හන්තානට හිතේ හැටියට පෙම් කරන්න පුරුදු වුනේ. ඒක ඇත්තටම හරියට හීනයක් වගේ. මට නිතරම දැනුනේ මම හීනයක් අතර ජීවත් වෙනවා වගේ. එක ලස්සන සුන්දර හීනයක්.

පාරේ ඈත කෙලවරින් ඇවිදන් ආව ඔහු මගේ මතකය කල්පනාව හරි

ඉක්මනට මගෙන් උදුරලා ඈතට අරන් ඔහු ලගම නතර කර ගත්තා. හරියට මායාවක් වගේ. එක අතක හිර වුන මහා බරසාර පොත් මිටිය එක්ක ඔහු ඇවිදන් ආවේ ඔහුගේම කල්පනාවක. උපැස් යුවලට යටින් ඒ ඇස් දිහා බලන්න හිතුනා. ඒ තරමටම ඒ ඇස් වල තිබුනේ ආඩම්බරකාර ලස්සනක්.

අවුරුදු එකහාමාරක් පුරාවට මේ පාරේ වගේම නිතරම දේශණ වලදි අපි හමුවුනා. හැමදේකටම වැඩිය මගේ හිත තිබුනේ ඔහු ලග. හැබැයි හුඟාක් රහසින්. දේශණ අතරවාරයේ ඔහුගේ ලෝකයට වෙලා හැංගෙන්න උත්සාහ කරපු වාර ගාන සටහන් පොතේ ලියවිලා තියෙන අකුරු වලට වැඩිය හුඟාක් වැඩියි කියලා විතරක් මම දන්නවා.

ඔහු මාව පහුකරන් ගියා. හරියට හුළඟක් වගේ. මාව දැක්කද, නොදැක්කා වගේ ගියාද? හිතේ කලබලේ දුවන ප්‍රශ්ණ එක්ක මම නැවතිලා ඔහු දිහා බලාගෙන හිටියා. ඒ පියවර අරමුණක් දිහාවට ඇවිදන් ගියා. ඔහුගේම අරමුණක්. ඒක කොහෙත්තම මම නෙමෙයිද?

බලා වැලපෙමි
නෙළාගනු බැරි
හන්තාන
සිහිනේ...

***

ඒ ඇස්, බොහොම දුරක ඉදන් උනත් අදුන ගන්න පුළුවන් අරමුණක් ඒවයේ හැංගිලා තිබුනේ. සමහරවිට අපේ ඇස් නිතරම මුණ ගැහුන නිසාද දන්නේ නෑ මට ඒක බොහෝම ඉක්මනට තේරුම් ගන්න පුළුවන් උනේ. රොබරෝසියා මලින් වැහිලා ගිය වසන්ත මට අළුත් එකක් නොවුනට මේ වතාවේ එකේ වෙනසක් තිබුනා. ඇත්තටම කාලෙකින් නොවින්ද තරමේ අමුතුම හැඟීමක්.

මම ඒ ඇස් මඟ ඇරලා යන්න උත්සාහ කලා. හැමදාමත් වගේ. ඇයව හමුවීම ඒ තරම්ම අහම්බයක් නොවුනත් මේ දේවල් මඟ ඇරලා යන එක මට ආයාසයක් වුනා. පිණි වැස්සෙන් ඇයව බේරන කුඩය යට හැංගුන ඇස් මොන මොනවද හරි ඉක්මනට කතා කරනවා වගේ පෙනුනත් ඒ දිහා කෙලින් බලන්න තරම් හයියක් මගේ හිතේ තිබුනේ නෑ.

පොත් මිටිය ඇඟිලි වලට තද කරන් ඇය ලගින් නික්මිලා ගියේ කිසිම වෙනසක් නොදැනෙන්න. සමහරවිට ඇයට දැනෙන්නත් ඇති. ඒත් ඒ ගැන හිතන්න තරම් ඕන කමක් මගේ හිතේ තිබුනේ නෑ. ඇය කොහොත්තම නොදකින, දකින්න උත්සාහවත් නොකරන මහා පවුරක් අපි අතර බොහෝම ශක්තිමත්ව තිබුනා. මම හිටියේ ඒ පවුරෙන් එහා පැත්තේ. ඇය, මට තවත් එක ශි‍ෂ්‍යාවක් විතරමයි.

දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන
ළඳුනේ..
සංසාර සිහිනේ...

***

හැන්දෑව වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. ජීවිතේ තව දකින්න ඉතුරු මොනවද කියලා හිතෙන තරමටම ඇත්තටම ඒ හැම දෙයක්ම සුන්දරයි. ඈත කඳු මුදුන් අස්සේ ඉර හැංගිලා යන්න පටන් ගත්ත වෙලේ ඉදන් හැම දෙයක්ම වගේ හරි අපූරුවට වෙනස් වෙලා යන්න ගිහින්.. මෙහෙම වෙලාව ගෙවෙද්දී තත්පර ගනින්න මම හරි ආසයි. ඒ හැම දෙයක්ම වෙනස් වෙන්නේ හුඟාක් හෙමින් කියලා තේරුම් ගන්න.

තැන් තැන් වල හුදෙකලා උන පෙම්වතුන් ඔවුන්ගේම ලෝක වල තනි වෙලා. දවස තිස්සෙම ගෙවුන දේවල් ගැන කතාකරන්න මොන තරම් නම් දේවල් ඇත්ද? මම, තනි උන හැඟීමක් විතරක් හිතට ලං කරගෙන කෙලවරක වෙලා ඒ හැම දෙයක්ම දිහා බලාගෙන හිටියා. මටත් ඒ වගේ පෙම්වතියක් වෙන්න තිබුනනම්.

මලින් වැහිලා ගිය තණ බිස්ස දිගේ මම ඇවිදන් ගියා. අරමුණක් නැතුව. හැබැයි හැඟීමක් එක්ක. ආදරේ අකුරු කරන්න නොදන්න තරමේ අමුතු දෙයක් නොවුනට ඔහු ලගදි ඒ හැම දෙයක්ම වෙනස් වෙලා ගිහින්. මම නිරුත්තර වෙලා ගිහින්. හිතේ ඉතුරු වෙලා තියෙන්නේ හීනයක් විතරක්ම උනත් හීනය කියන්නේ හැමදාමත් හිතේ තියාගෙන රස විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මගේ හිත දැන් මටම තේරුම් කරලා දෙන්න පටන් අරන්.

වැහි පබළු යට
රඟමඬල මැද
ඔබේ දෑතේ
තුරුලු වෙන්නට...

***

මම ඈත ඉදන් ඇය දිහා බලාගෙන හිටියා. තණ බිස්ස අතර ගමන හරියට භාවනාවක් වගේ. කොච්චර වෙලා බලාගෙන හිටියත් ඈතකට යවන්න බැරි හැඟීම හදවතින්ම තුරුලු කර ගන්න මට ඕන වුනා. ඒත් හැම දෙයක්ම හිතන තරමටම ලේසි නැහැයි කියලා මතක් කරලා දෙන්න තරම් මගේ හිත දැන උගත් වීම ගැන මම හිත යටින් සතුටු වුනා.

කාලය ඔහේ ගෙවිලා යන්න ඇති. ජීවිතෙන් වැඩි කාලයක් තේරුමක් නැතුවම ගෙවිලා ගිහින්. ජීවිතේ කොනක ඉතුරු උන අසාර්ථකව ගිය හැඟීමක් එක්ක පොර බඳින කාලය හුඟාක් වැඩියි කියලා හිතට දැනුනත් සමහර දේවල් වලින් ඒ තරම් ඉක්මනට පැනලා ගිහින් නතර වෙන්න අමාරුයි. කොච්චර අකමැති උනත්, කොච්චර දරන්න බැරි උනත් හිත හැම වෙලේකම ඒ බර විද දරාගෙන ඉන්නවා.
ඇය, ජීවිතේ එක අන්තයක්. ඒ අන්තය මට ලඟා වෙන්න බැරි තරම් දුර ඈතක එකක් උනත් හිත නිරායාසයෙන්ම ගිහින් නතර වෙන්නේ එතන. ඒ හිත කැමතිම ඒ දේට නිසා වෙන්න ඇති. එක මොහොතකට මට හිතුනේ ඈ ඉන්න තැනට ගිහින් නතර වෙන්න, කතා බහ කරන්න. හරියට අනික් හැම පෙම්වතුන්ම වගේ. ඒත් අපි පෙම්වතුන් නෙමෙයි. එහෙම බැඳීමක් ඇති වෙන්න තරම්වත් පුළුවන් දුරක අපි නොහිටියත් දවසක ඒ අනන්තය ලගට ලං වෙන්න බැරි වෙයිද? ඒත් ඒ වෙද්දී ඇය කොතනක නතර වෙලා ඉදීවිද?

බිසෝ හැරගිය
ළසෝ රඟහල
අමාවක අඳුරේ..
නොයනු මැන
ළඳුනේ...

***

අවුරුදු හතරක් නොදැනිම ගෙවිලා ගිහින්. කාලයත් හරියට මිරිඟුවක් වගේ. ලං වෙද්දී අපෙන් හුඟක් ඈතට අපිටත් නොදැනිම ඇදිලා ගිහින්. උපාධිය ගෙවුන කාලේ මහන්සියට ගෙනාවේ සැහැල්ලුවක් උනාට හිතේ තිබුන නොසංසුන් කම ඊට වඩා තදින් දැනුනා. මම, මගේ දෑස හෙවුවේ ඔහුව. හැමෝගෙන්ම ඈත් වෙලා තනිවෙලා හිටිය ඔහු ලගට මම ඇවිදන් ගියා.

ගෙවුන කාලයෙදී හීනයට යන්තමින් පණ ඇවිත් තිබුනත් ජීවත් වෙන්න තරම් හුස්මක් පිඹින්න ඔහුටත් මටත් පුළුවන් කමක් තිබුනේ නෑ. ඒත් මම බලාගෙන හිටියා. ඔහු ඒ හුස්ම පොද වෙලා එනකන්. ඒ බලාපොරොත්තුව අතරෙන් කාලය හෙමීට පැනලා ගිහින්.

මම ඔහුගේ විඩාපත් මුහුණ දිහා බලාගෙන හිටියා. ඒ ඇස්, වෙනදා වගේම මගෙන් හැංගෙන්න උත්සාහ කලා. මගේම ඕනකමට ඒ ඇස් මගේ දිහාට කරලා නතර කරගත්තේ ආයෙම දුරස් නොකරන්න හිතාගෙන. ඔහු දවසක ඒවි. මගේ හිත අනිත් හැමදෙයකටම වැඩිය තදින් විශ්වාස කලා. මම ඔහුගේ ගොරෝසු අත මගේ හිතට ලං කරලා තදින් අල්ල ගත්තා. ඒ කාලයක් පුරාවට කියන්න බලාපොරොත්තු උන, හිතට බරක් උන ඒ හැඟීමෙන් හිත නිදහස් කර ගන්න.

වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම්
ගී අහන්නම්...

***

ඒ ඇස් වලින් බේරිලා යන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. අනිත් හැම දවසකම ඒක හුඟාක් ලේසියෙන් කලා උනත් අද මට ඒක කොහෙත්තම කරන්න පුළුවන් දෙයක් උනේ නෑ. ඒ වචන වල තිබුනේ මහා බරක්. මටත් දරා ගන්න බැරි තරමේ බරක්. මෙච්චර කාලෙකට ඒ හිත මේ හැම දෙයක්ම හංගගෙන හිටිය හැටි ගැන හිතන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ.

හැම දෙයක්ම අපෙන් ඈත් වෙලා හමාරයි. ඇයත් මමත් තනි උන මොහොතක හැම දේම නතර වෙලා වගේ හැඟීමක් විතරයි හිතට දැනුනේ. කාලෙකට පෙර මංඟල මුදුව ගැලවුන දෑත ඇගේ පපුවට තුරුලු කර ගෙන කඩාගෙන වැටෙන කඳුළු වලට ඉඩ දී ගෙන ඇය බලාගෙන හිටියා. මට ඒ දේ නතර කරන්න ඕන කමක් තිබුනත් හිත මට අවනත නැති තැනකයි හිටියේ.

මට ඇයට කියන්න දෙයක් හිතා ගන්න බැරි උනා. මම කලේ ඒ ඇස් දිහා බලාගෙන ඉන්න එක විතරයි. ඒත් ඒ ඇස් මගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු උනා. මේ මඟහැරෙන්නේ අන්තිම අවස්ථාව කියලා මගේ හිත හොදටම දැනන් හිටියා. එකම එක පුංචි සිතුවිල්ලක මේ අවස්ථාවත් මඟ අරින්න ඕනකමක් හැංගිලා තිබුනත් මගේ හිත මාව ආපස්සට ඇද්දේ මේ හැම දෙයක්ම අතරේ ඇයත් මගේ හිතට හුඟාක් තදින් ලං වෙලා හිටියා නිසා.

 

සොඳූරු ඒ සඳ
දියේ එන්නම්
ඉඳිනු මැන
සොඳුරේ..

හන්තාන අරණේ....

******

බලා වැලපෙමි
නෙළාගනු බැරි
හන්තාන
සිහිනේ...

දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන
ළඳුනේ..
සංසාර සිහිනේ...

වැහි පබළු යට
රඟමඬල මැද
ඔබේ දෑතේ
තුරුලු වෙන්නට...

බිසෝ හැරගිය
ළසෝ රඟහල
අමාවක අඳුරේ..
නොයනු මැන
ළඳුනේ...

බලා වැලපෙමි....

වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම්
ගී අහන්නම්...

සොඳූරු ඒ සඳ
දියේ එන්නම්
ඉඳිනු මැන
සොඳුරේ..

හන්තාන අරණේ....
ගායනය : පණ්ඩිත් අමරදේව සමග උමාරියා
පද රචනය : ජානක සිරිවර්ධන
සංගීතය : අරුණ ගුණවර්ධන
******

-http://dineshumagiliya.blogspot.co.uk/2015/06/blog-post.html

එකම එක කුසෙන් බිහිවී එකට හැදෙනවා

 

dharmarathnaඑකම පවූලේ සොයූරන් සිව්දෙනකුගෙන් යූත් මෙරට ප්‍රථම ගායක කණ්ඩායම ලෙස "ධර්මරත්න සහෝදරයෝ" බිහි වූයේ මීට දශක හතරකට උඩදීය. ඔවූන්ගේ ප්‍රථම ගී තැටිය වර්ෂ 1967 නොවැම්බර් මස නිකුත් විය. ඔවූන්ගේ ප්‍රථම ගීතය වන "වැස්ස වහිනවා" ට අමතරව, "පූංචි හූරතලා", "කඳුකරේ", "නොන්ඩි කිරා" යන ගීත ද එහි අඩංගු විය. කොළඹ ගවූරි කෝපරේෂන් සමාගමේ "පිලිප්ස්" ලේබලය යටතේ එම ගී තැටිය නිෂ්පාදනය කළේ පැටිරික් කොරේරා මහතාය. නමූත්, "ධර්මරත්න සහෝදරයෝ" සැබැවින්ම උපත ලැබූවේ වර්ෂ 1965 අග භාගයේ කොළඹ කොල්ලුපිටියේ මෙතෝදිස්ත විදුහලේ පැවැති දීපව්‍යාප්ත ගායනා තරගයකින් දෙවන ස්ථානය දිනා ගනිමිනි. "ධර්මරත්න සහොදරයෝ" නමින් ඊට ඉදිරිපත් වූයේ මෙල්රෝයි ධර්මරත්න සහ දැනට දිවියෙන් සමූගෙන සිටින රොනල්ඩ් ධර්මරත්න යන දෙසොහොයූරන් පමණකි. ඉන් ෙෙධර්යමත් වූ ඔවූන්ගේ මෑණියෝ, එවකට යූග දිවියට පිවිස සිටි ක්‍රිස්ටි සහ මැක්ස්වල් යන සොයූරන් දෙදෙනාද එක් කරගෙන "ධර්මරත්න සහෝදරයෝ" නමින් අලුතින් ගායක කණ්ඩායම ආරම්භ කළහ. වර්ෂ 1982 දී දිවියෙන් සමූගන්නා තුරුම ගායක කණ්ඩායමේ පාලකවරිය ලෙස කටයූතු කළේ මවයි. "පිලිප්ස්" ලේබලය යටතේ නිකුත් වූ ඔවූන්ගේ ඊළඟ ගී තැටියට, "කලකට පෙර ඒ බෙත්ලෙහෙම්", "මායා", "ගොවි මාමා", "ශිරි ලංකා" යන ගීත ඇතුළත් විය. "කලකට පෙර" ගීතය එදා මෙදා තුර සෑම නත්තල් සමයකම කිතුණූ සහ ක්‍රිස්තියානි දේවස්ථානයන්හිද නත්තල් ගී සංදර්ශනවල ද කැරොල් ගීතිකාවක් ලෙස ගායනා විය. "සූරිය" ලේබලය යටතේ නිකුත් වූ ඔවූන්ගේ දෙවන ගී තැටියට, "රාජකුමාරි" "මූතු මැණිකේ", "වැහිදාක ගගනෝදරේ", "බොරුවට අඬ අඬ" නම් ගී සතර ඇතුළත් විය. ගායක කණ්ඩායම විසින් තනි ගායනයක් විලසින් ඉදිරිපත් කරන ලද ප්‍රථම ගීතය "වැහිදාක ගගනෝදරේ" වන අතර, එය ගායනා කළේ මැක්ස්වල් ධර්මරත්නය. එසේම, මෙම ගීත තැටියේ තිබූණූ අනෙක් සූවිශේෂත්වය නම්, එවකට ජනප්‍රියව සිටි ශිරෝමී ප්‍රනාන්දු නම් ළමා ගායිකාව (ධර්මරත්න සහෝදරයන්ගේ සොයූරියගේ දියණිය) කණ්ඩායම සමග ගායනා කළ "බොරුවට අඬ අඬ" යන ගීතය ද ඊට ඇතුළත් වීමයි. මින් නොනැවතුණූ "ධර්මරත්න සහෝදරයෝ"කණ්ඩායම, "මංගල මං", "සූර සරදියල්", "කුමරි මගේ", "මෙඩිකල් කොල්ලෝ", "සහෝදරයො හතර දෙනා", "කෙල්ලනි මේ අහපල්ලා", "හලෝ ඩල්සි" යනාදී ගීත රාශියක් වෙළෙඳ ගී තැටි සඳහා ගායනා කළහ. ඒ අතර, ඔවූන් ප්‍රථමවරට ප්‍රවීන ගායිකා සූජාතා අත්තනායක සමග ගායන කළ "රොමියෝ ජූලියටි" නම් ගීතයද විය. "ධර්මරත්න සහෝදරයෝ", මෙරට අන් ගායක කණ්ඩායම් අතරින් වෙනස් වන සූවිශේෂ හේතුව නම්, ඔවූන් මෙතෙක් ගායනා කළ සෑම ගීතයකම පද රචනය සහ තනූ නිර්මාණය ඔවූන් විසින්ම කිරීමයි. මූල් යූගයේ ඔවූන් ගැයූ ගීත කිහිපයක තනූ නිර්මාණය රොනල්ඩ් විසින් කරනූ ලැබූ මූත් පසූකලෙකදී ඔවූන් ගැයූ සෑම ගීතයකම පද රචනය හා තනූ නිර්මාණය කළේ මෙල්රෝයි ධර්මරත්න ය.
 (විස්තර උපුටා ගත්තේ දිවයින පත්තරයෙන් )
 

සහෝදරයෝ හතර දෙනෙක් ගීත ගයනවා

පුංචි කොල්ලෝ හතර දෙනෙක් මව් උකුලේ නැලවුනා
දරු නැළවිලි ගීයක් ඇගේ මුවින් පිට වුනා
ඇගේ පියසටහන් ඔස්සේ සංගීතේ බිහිවුණා
පුංචි කොල්ලෝ දුර යන බව මවට තේරුනා

එකම එක කුසේන් බිහිවී එකට හැදෙනවා
එකට එකතුවී සංගීතය පතුරනවා
වැස්ස වහිනවා වැස්සේ සිරිය දකිනවා
සහෝදරයෝ හතර දෙනෙක් ගීත ගයනවා
අපි සහෝදරයෝ හතර දෙනා රස හැඟුම් මවනවා ...

මතුපිට රතු රෝස කුසුම් මතුරපු කාලේ
යටින් තියෙන්නේ කටුබව දෙපයට තේරේ
මවගේ ඔවා එලිය දුන්නා යද්දී කළුවරේ
ආව ගමන මතක් වෙලා කඳුලැලි වැගිරේ ..
එකම එක කුසේ ...

විසකුරු නයින්ගේ නොපෙනෙන මැණිකක් තිබුනා
ඒ මැණික ලබාගන්නට අපි හරිම වෙහෙසුනා
සමහර අය අපයන මඟ අහුරා තිබුනා
මැණික ගන්න හුඟදෙනෙක් උදවු උනා
එකම එක කුසේ ...

ගායනය - ධර්මරත්න සහෝදරයෝ

 

හෝ වැස්ස වැහිනවා

ඈත හිමින් වලා රොදක් පාවෙනවා
සීත සුලන් කැරලි ගැසී තදින් හමනවා
ආලෝකය අඳුර විසින් ගිලලා දමනවා
මහා වැස්සක් හිටිහැටියේ කඩා හැලෙනවා
හෝ වැස්ස වැහිනවා ...//

කානු දිගේ මහා ජයටම වතුර ගලනවා
ගෑනු තුන්දෙනෙක් කුඩ යට ගමන් කරනවා
කුණාටුවේ සැර ගතියට ගස් කැරකෙනවා
වෙලේ තියන පොඩි පැල්පත් පියඹා යනවා
හෝ වැස්ස වැහිනවා ...//

විදුලි කොටනවා සැරටම අකුණු ගහනවා
පාරේ ඉන්න කොළු කුරුට්ටෝ වැස්සේ නානවා
ජෙමිසාගේ කඩය වේලපහින් වසනවා
අහස කුමාරයා තවම කඳුළු සලනවා
හෝ වැස්ස වැහිනවා ...//

ගායනය - ධර්මරත්න සහෝදරයෝ

 

අව්ව පායලා

කඳු සිකර තුළින් හොරෙන් හොරෙන් එබිල බලනවා
හිරු කුමාරයා හිනා වෙමින් ‍රැස් පතුරනවා
අඳුරට පහණකි මුළු ලොව එළිය කරනවා
වැසි ඉවරයි සං‍තෝසයි අව්ව වැටෙනවා ...
අව්ව පායලා .. අව්ව පායලා ...//

ලිං කානු අගල් වතුර හිඳී හොඳට වේලිලා
පිං කරපු ලෙසින් ගොයම් කරල් රනින් දිලිසිලා
කුණාටුවට මැලවුන ගස් සිනා මවාලා
වෙලේ තියෙන පැල්පත්වල සතුට පිරීලා
අව්ව පයාලා ...

වැස්සට ගෙට ගත් පැදුරු ගෝනි එළියේ දමන්නේ
පිට්ටනියට රැස්වෙන කොල්ලෝ පන්දු ගසන්නේ
ජේමිසාගේ කඩයට අද සෙනග පිරෙන්නේ
වැසි ඉවරයි දුක ඉවරයි රබන් ගහන්නේ

අව්ව පායලා ....

ගායනය - ධර්මරත්න සහෝදරයෝ

 

කඳුකරේ ...

කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ ..//
තරුණයෙක් සිටි සිදාදියේ
කඳුකරේ වෙත පිටව ගියේ
සඳකැන් වැගිරෙන රාත්‍රියේ
ඇවිදින්නට ආසාව තියේ ...
කඳුකරේ පරිසරේ
බෙදනවා සුව නිරන්තරේ ...//
කඳුකරේ පාළුව බින්දා
කඳුවැටි ඇගේ ගී රස වින්දා
මිහිරක් කඳුකරයට කැන්දා
ගෙන එන නම ඇයගේ නන්දා ..//
මිහිරියේ ගැමිලියේ
කඳුකරේ මනහාරියේ ..//
ලස්සන මල්ගොමුවල් අස්සේ
යයි කඳුකර මාවත ඔස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ
ප්‍රේමෙන් උමතුව හැම තිස්සේ
කඳුකරේ කඳුකරේ
කඳුකරේ රසයක් ඉතිරේ ..//

 

ගායනය - ධර්මරත්න සහෝදරයෝ

 

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ...//
 
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එ‍ඬේරු ‍මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ
 
මරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ
‍ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට ‍පිටුපෑවේ
වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී
 
මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා
 
ගායනය - ධර්මරත්න සහෝදරයෝ
 
 
වාසිටි කොල්ලෝ
නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ
කේසර සිංහයෝ අපියි වාසිටි කොල්ලෝ
සතුටින් ඉන්නේ හන්තානේ රජදහනේ
කේසර සිංහයෝ අපියි වාසිටි කොල්ලෝ
 
මැණිකෙල මැණිකෙලා උඩරට පැත්තේ
නෝනලා නෝනලා කොළඹ පලාතේ ......
මැණික උනත් නෝන උනත් නවක වදේමයි
බිඒ බිඒ ගන්නයි එන්නේ
ලෙක්චර් ලෙක්චර් අහගෙන ඉන්නේ
ඩිග්රි ඇතත් සැලකිලි
ඩිග්රි නැතත් සැලකිලි
ගෑනු  උනත් පිරිමි උනත්
එකම සැලකිලි
 
නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ...//
 
ගායනය - ධර්මරත්න සහෝදරයෝ
 
 

 

අබයාරාමයේ විත්ති

 

cartoon1බයාරාමෙ චෛත්‍යය පිටිපස්සෙ බෝ ගහේ කොළ හත අටක් එක පාරටම හමාගෙන ආපු හුළඟට ගැලවිල අතුපතරින් බිමට වැටුන.වැලි මලුව අතුගගා හිටපු එතුමා ඒ දිහා බලල දත්මිටිකෑවා.
 
" අම්මාපල්ල..මේ අතුගෑවිල්ලෙ ඉවරයක් නෑනෙ..කොච්චර අතුගාපං...කොච්චර අතුගාපං ආයම කොළ වැටෙනව..ආයම කොළ වැටෙනව." 
 
එතුමා හිටියෙ මේස් බැනියමක් ඇඳල සුදු සරම වලාපොට ගහගෙන. කුරහං සාටකේ බෝ ගහේ අත්තක වනල තිබ්බෙ දාඩිය ටිකක් වේලෙන්ට. මේ දවස්වල ඒ සාටකේ කොයි වෙලාවෙත් දාඩියෙං තෙත බරි වෙලා. ඇයි අප්පච්චියේ කීයක් නං කියල වැඩද?
 
අම්මාපල්ල ඇත්තම කිව්වොත් ජනාදිපති කාලෙටත් වඩා මට දැන් නෙව වැඩ වැඩි..එතුමා අතුගාන එක ටිකකට නවත්තල ඉදලෙ මිටට නිකට තියාගෙන කල්පනා කලා. ඒ කාලෙ මට ඒ හැටි වැඩක් තිබ්බ එකක්ය. ඔය රැස්වීමකට දෙකකට ගිහිල්ල රුපියල් පන්සීය ගානෙ දීල නොමිලේ ලංගම බස් වල පටවගෙන ආපු සෙනඟ මගෙ පින්තූර උස්සගෙන ජයවේවා කියල කෑගහනකොට ඒ දිහාට අතක් උස්සල දත් වහල්ල විරිත්තල හිනාවෙන්ටයි, ළමයෙක් දෙන්නෙක්ට හංකිචි කවල උඩ දාන්ටයි, වයසක බබලතෙක්ගෙං ආ..කොහොමෙයි අම්මේ දැං සැපසනීප එහෙම ? කියල අහන්ටයි...ට්‍රැක් කිට් එක ගහගෙන උදේට උදේට ගෝල්පේස් එකේ දුවන්ටයි, සතියකට සැරයක් ජාතික පුවත්පත්ය කියන පත්තර කඩමාලුවල කත්තුරුල කියල ඉන්න පක්කලියන්ට අරලියගහ මන්දිරේට එන්ට කියල කුරහං තලප එක්ක උදේ කෑම වේලක් දෙන්ටයි, ඔය වගෙ පොඩි පොඩි ගංසබා වැඩ ඇරුනු කොට ඒ කාලෙ තමං එහෙමට කරපු දෙයක් නැතිබව මතක්වී එතුමාට හීල්ලුණේය.
 
ඊට අමතරව වැඩක් හැටියට කලානම් කලේ විපස්සෙං බිලී බාගන්නා මන්තිරිලට ඇමතිකංවල පත්තීම් ලිපි ප්‍රදානය කිරීමය. හිටපු ලේකං තුමා පත්තීම් ලිපිය දුන්නම, ඒක එතුමාගේ දෑත් සත්තිමත් කොරන්ට හිතාගෙන විපස්සයෙං ආන්ඩුව පැත්තට බඩ පිනුමක් ගහපු කරනං කාරයාට දීමේ රාජකාරිය කලේ එතුමාය. ඒ වෙලාවෙ සමහර කරනං කාරයෝ දෙකට නැමී තමං ගාව වැඳ වැටුන හැටි මතක් වෙලා එතුමාගේ දෑසට කඳුලු පුරාගෙන ආවේය.
 
පත්තීං ලිපි ප්‍රදානය එතුමා ජනාදිපති කාලේ කොරපු ප්‍රධානම රාජකාරිය බව දවසක්දා කිව්වේ වෙන කවුරුවත් නොව එතුමාගේ ඇඹේණියන්මය. නැතහොත් ආර්යා තොමෝමය. විපස්ස නායකයාට ටෙම්පල් ටිරීස් එකට එන්ට කියා කෝපි කෝප්පයක් එහෙම පිලිගන්වා එහාට මෙහාට පිල්මාරු කරන එක නවත්තමුය, නව දේසපාලු සඟිස්කුරුතියක් ගොඩනඟමුය කියල පොරොන්දු වෙලා සතියක් යන්ට පෙර විපස්සයේ හත් අට දෙනෙක් බිලී බාගත්තු හැටි මතක් වෙලා එතුමාට සෑහෙන කාලෙකට පස්සෙ හීං හිනාවක්ද ගියේය. පුදුම වෙන්ට දෙයක් නැත. තමංගෙ බලේ රැකගංට ඒ වගේ ඕනෑම පජාති වැඩක් කරන්නට එතුමා එක මොහොතක්වත් පැකිලුනේ නැත..
 
ඒ ඔක්කොම සුකුරුත්තං වැඩ කෑලි ජනවාරි අටවෙනිදායිං පස්සෙ කෙලවෙලාම ගියහැටි මතක් වෙනකොට බඩ පපුව දාගෙන යන්නේ හම්බන්තොට ලෝකයේ ලොකුම වතුර වල විවෘත කරපු දා සුබ මොහොතිං දොර ඇරියාම මූදෙ වතුර හාරපු වලට ගලාගෙන ආවා වගේය.
 
මේ දවස්වල එතුමාට ජනාදිපතිකාලෙටත් වැඩිය වැඩ රාජකාරි අදිකය. උදේම අබයාරාමෙට එතුමා බලන්ට කියල එන දුරබැහැර ජහමනයා හම්බවෙලා වචනයක් දෙකක් කතාකරන්ට ඕනෑය.කුජීතවෙලා ගිහිල්ල මාස හයකටත් කිට්ටුවුනත් තාමත් පුදුමසතා බලන්ට වගෙ මිනිස්සු එන එකේ අඩුවක් නැත.
 
" මේ මෝඩ හැතිකරේ..මොන මඟුලකට මාව බලන්ට එනවද මන්ද...මුං ඔක්කොම එකයි. ළමයි මගෙ අතට දීල මනාපෙ අර සිරිසේනයට දුන්න " 
 
හවස් වෙනකල් තාප්ප උඩ නැඟගෙන, ජනෙල් කූරුවල තනිඅතින් එල්ලීගෙන අර හන්දියක් හන්දියක් ගානේ අදාදිනේවා...අදාදිනේවා කියා යටිගිරියෙං කෑගහන ලොතරැයිකාරයෙක් වගේ මෙගාපෝං වලිං එලොවටත් නැති, මෙලොවටත් නැති, සම්ප්‍රප්ඵලාප දේසනාකොට පාංකියාගන්නට බැරිවුනහම එතුමාටම ඔයාකාර හිතුනාවුනත් එහෙම මිනිස්සු ඇවිල්ල අතපත ගාලා " අනේ අපොයි ඇඟේ හැපෙයි පාරෙ උංට මාරකේ..." කියල එහෙම යනවට එක අතකට එතුමා බොහොම කැමතිය.
" අනේ අප්පේ...මේ ඉන්නෙ හඳපාන වාගෙ...මූණ කට බලමුකො ඇස්වහක් කටවහක් නෑ රත්තරන් පාටයි...." ගමේ ගොඩේ වයසක ආච්චිලා හැරමිටි ඇන ඇන ඇවිත් එහෙම කියනකොට එතුමාගේ මූණ කට සිරියාවන්ත හිනාවකිං වැසීයන්නේය.
 
" හප්පච්චියේ කොහොම හිටපු මමද අද මේ පන්සලක අගුපිලකට වෙලා දංබත් කකා ඉන්ට වෙලා තියෙන්නෙ ඇබිත්තයෙක් වගෙ.."
 
නොදැනීම එතුමාට හෙලුනු සුසුම අසන්නට එතන හිටියේ අබයාරාමේ ලොකු හාන්දුරුවන්ගේ සුවච කීකරු බලු දණ්ඩා පමණි. ඒ බලු රාල ඒ නායක උන්නාංසේ බුදුන් වදාල ධර්මය පරිදි සකල ජනයාහට නිවන් දොරටු විවරකොට දීම ලබන ආත්ම භාවය වනතුරු ටෙම්පරරිලි පෝස්පෝංකොට නේස් නෝනලාගේ විමුක්තිය වෙනුවෙං සිවුර කරටගත් කාලයේ පටං එතුමා එක්ක පයුරුපාසානේ යෙදී පංසලේම වාසය කරන තිරිසනෙකි.
 
බෝ මලුව පාමුල වැතිරී සිටි ඒකා බණ මඩුව පිටිපස්ස පැත්තෙං එන යකඩ තලන සද්දෙට ඇහැරී කං උස්සා ජුංඩක් වෙලා ඒ පැත්ත බලා හිට වරක් දෙවරක් බිරුවේය. ඒ සද්දයට අතීතාවර්ජනයෙන් මිදුනු එතුමාද කඳුලු පිහදාගෙන ඒ පැත්තට ගියේය. බණ මඩුව පිටුපස තාවකාලිකව අටවාපු ටකරං මඩුවක චීන්නු හත් අටදෙනෙක් වටවී හැලි අරක්කු පෙරන බැරල් එකක් වගේ මොකක්ද එකක මලකඩ කඩති. ඒ අතර බැරල් එක වගේ එකේ ඇදවෙලා තියන තැං කෙලිං කොරන්නට කුලුගෙඩි දෑත බදා උස්සා දේයි දේයි යන අනුකරණයෙන් බැරල් එකට තඩි බාති. පරණ බැනියමක් සහ හම ගිය කොට කලිසමක් ඇඳගත් උස මහත තරුණයෙක් ඒ ලඟම තියෙන ලාම්පුතෙල් බූලියක් උඩ වාඩිවී ඒදෙස බලා ඉඳියි.
 
" චිංචි පුතා..මොකද තවම ඕකෙ මලකඩ කඩල ඉවරයක් කරගන්ට බැරිවුනාද ළමයො? " එතුමා අත්දෙක ඉණට තබාගෙන ඇසුවේය
 
" නෑනෙ ඩඩා, බලන්නකො මේකෙ හැටි...මේ යක්කු එක්ක බෑනෙ. අපිට මේ මලකඩ කාච්ච පරන ලදරමක්නෙ මුං විකුණල තියෙන්නෙ... " එහෙම කීවෙ ලාම්පුතෙල් බූලිය උඩ වාඩිවී හිටිය තරුණයාය. ඒ එතුමාගෙ බාල පුත්‍රරත්නය නොහොත් චිංචි පුතාය.
 
ලෝකේ ලාබාලම අබ්බියාවකාසගාමියා වෙන්නට පෙරුම් පිරුවේ අපේ මේ චිංචි පුතාය. එතුමාගේ පවුලේ කස්ටියට බැරිදෙයක් නොමැත.චිංචි පුතා ලාබාලම අබ්බියාවකාසගාමියා වෙන්නට ආචාරිය උපාදියක් නොහොත් ඩොට්ටරේට් එකක් කරනවාය කියාත් ඒ දවස්වල පත්තරවල පලවුනේය. ඒ අතර එතුමාගේ ආර්යාව පත්තරවලට කිව්වෙ චිංචි දොස්තර කෙනෙක් වෙන්නට ඉගෙන ගන්නවා කියාය. ඒ මොකවුනත් චිංචි පුතා ආමි රගර් ටීම් එකේ කැප්ටන්කම කලා කියලා නම් මට මතකය. අනික් ළමයි දෙන්නත් ආමි සහ නේවි රගර් ටීම් වලට සෙල්ලං කලෝය. අයිය මලෝ තුංදෙනාම සිරි ලංකා රගර් ටීම් එකටද නිතරඟයෙන් තේරී පත් වූවෝය.
 
රගර් කියන්නෙ අර දෙපැත්ත උල් බෝලෙ අරගෙන මෙලොව සිහියක් නැතුව දුවන, ඔලුව කියල එකක් නැතුව කඳබඩ විතරක් තියෙන, ඕනම කෙනෙකුට කිසි අවුලක්නැතුව කොරංට ඇහැක් සෙල්ලමක් නිසා පුත්තු තුංදෙනාම කිසිම අවුලක් නැතුව රගර් ක්‍රීඩකයන් උනෝය. යන්තමට වත් රාජ කුමාරවරු පොල්පිති බැට් එකක්වත් අල්ලලා හුරුවක් නොතිබිච්චි එක හොඳට ගියේය. නැහ්නං ඔය තුං දෙනාම සුටුස් ගානකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට දාන එක එතුමාගේ මල්ලිලා එක්තුවෙලා හතර අතේ කොමිස් ගැහුව එක වගේ ඉස්තිරය.
 
ඒ චීන්නු වටවෙලා තඩි බාමින් උන්නු හැලි අරක්කු බැරල් එකක් වාගේ එක චීනයෙං එතුමා සල්ලි දීලා ගත්තු චන්ද්‍රිකාවය.. ඕක ගත්තු අලුතම ලෝකෙ වටේ රවුම් බාගයක් ද කොහෙද ගියා කියලා ඒ කාලෙම පත්තරේක තිබ්බාය. ශ්‍රී ලංකාවටද දැං චන්ද්‍රිකාවක් තියනවාය කියා ඩිනමින පත්තරේ එහෙම ඒ දවස්වල කිව්වේ පොල්ගෙඩි සයිස් අකුරු වලින් යුතු සිරස්තල දාලාය.
 
" අනේ අප්පේ කොච්චර දෙයක්ද? රට සුකිත මුදිත කරලා අපිට දැං තිබ්බ ලොකුම අඩුපාඩුව ඒකය. දැං ඔන්න එතුමාට පිංසිද්ද වෙන්ට ඒ අඩුපාඩුවත් සම්පූර්ණයි නෙවද? " 
 
එහෙම කියමින් අපි කවුරුත් ඒ දවස්වල චන්ද්‍රිකාව සිංහ කොඩියකුත් ගහගෙන, ලෝකෙ වටේ යනවා යනවා බලන්ට, කමින් හිටපු බත්පත පැත්තක දමා, මිදුල් වලට පැන්නෙමු.ඇස් රිදෙන තුරු උඩබලා හිට ජයගෝසා ද නැඟූවෙමු. එතුමාගේ පිංතූර කෝටුවල ගහලා හිට උඩට උස්සලා දස අතේ වනමින් ඔල්වසරන් දුන්නෙමු. ඇඳ පැලඳ හිටි සරං, කලිසං, සාරි, සහ එතනිං ගිහාම ගවුං ගලවා හිස වටා සිසාරවමින් ඔල්වරසං දුන්නෙමු.
 
ඔය චන්ද්‍රිකාව චීන්නුංගෙං ගත්තේ තනිකරම මැදමුලන එතුමාගේ ප්‍රම්ප්‍රාගත හේනේ කුරහං විකුණලා ගත්ත සල්ලිවලිං නිසා ලෝකෙ වටේ රවුම් බාගයක් දිව්වට පස්සෙ ඒක කොට උඩ ගියපු එකගැන එතුමාගේ කොයියම්ම තරහ කාරයෙකුට වුනත් වැරැද්දක් කියන්ට බැරිය. දැං ඔය නැව් නේන වරාය, මොනරු පිල්විදහාගෙන නටන ආසියන්තරා පිට්ටනිය, විහාරමහාදේවී උද්දියානෙ හදපු රංගසාලාව වගෙ අටමගල් වලට වුනත් එතුමාගේ නම දාගත්තු එක ගැන කාටවත් එක වචනයක්වත් කියන්ට බැරිය. ඒ එකක්කත් මහජන සල්ලි වලින් හදපුවා නෙවෙයිය. එව්වා ඔක්කොම හැදුවෙ මැදමුලන එතුමාගේ පාරම්පරික කුරහං හේනේ ආදායමිං බව දන්නෝ දනිති. ඒ ගැන නොදැන ආඩපාලි කියන්නෝ ඉස් මුදුනට බැටං පොලු පාරක් පත බෑවිලා මොළගෙඩිය සුට්ටක් හෙල්ලුනාට පසු ඇත්ත සිද්දිය අවබෝද කරගන්නෝය. ඒ කාලේ වැඩ සිද්ද වුනේ අන්න එහෙමය.
 
" හරි..චිංචි පුතා..එහෙනං වැඩේ කරගෙන යන්ටකො..මට යන්ට තියෙනවා වැලිකඩ.." එතුමා එතනින් පිටවී මල් දෝවනය කරන වතුරමල ගාවට ගියේ මූණ කට ටිකක හෝදාගෙන දිනපතා වැලිකඩ යන ගමනට ලෑස්තිවෙන්ටය. එතුමාගේ ගෝල බාලයිංගෙං සීයට පණහක් දැං ඉන්නේ එක්කෝ වැලිකඩ රිමං එකේය. එහෙම නැත්තං ඇප මතය.
 
" හපෝයි මුංට මෙව්ව කරන්ට කියල මම කිව්ව එක හැබෑව..ඒත් අහුවෙන්ට කරන්ටය කියල මම කිව්වද? මුං දැනගන්ට එපාය කරන මඟුලක් අහුනෙවෙන්ට කරන්ට. ඒකෙනුත් මටමයි කරදරේ..ඇයි මේ තක්කඩි බලන්ට හිරගෙදර යන්ට එපාය.."තොල් මතුරමින් එතුමා මූන කට හෝදා ජාතික බැනියම දෙතුං වරක් ගසලා දාලා එහෙම ඇඳගත්තේය.
 
ඒ එක්කම අබයාරාමෙ ගේට්ටුවෙං ගාල කඩාගත්තා වාගෙ ඇතුල් වුනේ පනහක හැටක පමණ සේනාවකි. ඒ එතුමාගේ ගමේ කට්ටිය බව එතුමා අඳුනාගත්තේ සෙනඟ තලේ ඉස්සරහිම්ම එන ගුණේරිස් අයියා දැකීමෙනි. ගුණේරිස් එතුමා මුල්කිරිගල අතුරු මැතිවරනය කාලෙ හිරේ හිටිය දවස්වල ඉඳලම එතුමාට පණ වුනත් දෙන්නට තරම් සූදානම් හිතවතෙකි.
 
" මොකද ගුණේරිස් අයියා?..." එතුමා ඇසුවේ කුරහං සාටකේ කරේ දමාගන්නා අතරේය.
 
" ඔබතුමාට මේ පාර මහ චන්දෙට අපේක්සකකම ලැබෙන පාටක් නෑ වගේ නේද? " ගුණේරිස් අයියා ලඟටම කිට්ටුවී හෙමීට ඇසුවේය.
 
එතුමා මුලිම්ම ලෝඩ් පකීර් වගේ කෙලිම්ම ඉල්ලා හිටියේ අගමැති අපේක්සක කමය. ඒක හරි නොයන බව දැනුනුවිට ජාතික ලයිස්තුවෙං පාර්ලිමේන්තුවට රිංගන්ට බැලුවේය. ඒකත් කෙලවුනු තැන නිකං අපේක්සක කමක්වත් ඉල්ලා සිටියේය. ඒකත් එකහෙලාම ප්‍රතික්සේප විය.
 
" ඒකනෙ බලාපංකො ගුණේරිස් අයියෙ..මේ මිනිස්සුංට කිසිම කෙලෙහි ගුනයක් නැති හැටියක්.මට අපේක්සක කමවත් නොදෙන හැඩක් තමයි තියෙන්නෙ.." එතුමා එහෙම කීවේ බෝමත්ම කනගාටුවෙනි.
 
" ඔබතුමා කිසිදේකට බයවෙන්ට එපා..කවුරු නැතිවුනත් ඔබ තුමාට අපි ඉන්නව. අපි මේ ආවෙ ඔබතුමාට යෝජනාවක් අරගෙනයි. ඔබතුමා මේ රටට වැඩක් කරන්ට ඕන තව දුරටත්. ඒක වලක්වන්ට කාටවත්ම අපි ඉඩ දෙන්නෙ නෑ." 
 
" ඒක නේන්නං ගුණේරිස් අයියෙ බලාපංකො..මම මේ චන්ද ලක්ස හතරකිං පැරදිලත් ගෙදර යන්නෙ නැතුව රෑ දවල් දෙකේ මේ දඟලන්නෙ කිරිපණු ගායටද? නෑ...මගේ රට ජාතිය ආගම වෙනුවෙන් ( දේයි..දේයි..දේයි..තුංවරක් පපුවට ගසාගනී. ගුණේරිස් අයියා ප්‍රධාන පිරිස තූස්නිම්බූතව බලා හිඳිති ) මගේ අනුපමේය සේවය තව දුරටත් ලබාදීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නේද? ඇයි මේ මිනිස්සු මට ඒකට ඉඩ නොදෙන්නෙ? "
 
" හරි..හරි..ඒක තමයි අපිත් කියන්නෙ..ඔබ තුමාගෙ සේවය තවදුරටත් අපිට ( මේ මොහොතේ එතුමා යලිත් දෙවරක් පපුවට ගසා ගනී. දේයි..දේයි...) අවශ්‍යයයි.. අපි ඒකට යෝජනාවක් කරන්ටයි මේ තකහනියක් ආවෙ. "
 
" හරි මොකක්ද ඉතිං ඔය යෝජනාව? රට ජාතිය වෙනුවෙං මැරෙනකල්ම සේවය කරන එක තමයි මගේ එකම අදිෂ්ඨානය…"
 
" අපේ යෝජනාව මෙහෙමයි…….. ඔබතුමා....."
 
එතුමා මේ අවස්තාවේ අත ඔසවා කතාවට ගුණේරිස් අයියාගේ කතාවට බාදා කලේය..." මට අමතක වුනානෙ අර රට ජතිය වෙනුවෙං කියල කිව්ව වෙලාවෙ පපුවට ගහ ගන්ට..හරි කමක් නෑ..දැං ගහගමු..දේයි..දේයි..හරි පපුවට ගහගෙන ඉවරයි කියමුකො.දැං මොකක්ද ඔහෙලගෙ යෝජනාව…"
 
" අපේ යෝජනාව මේකයි. දැං මේ හෙට අනිද්දම වගෙ ප්‍රාදේසීය සබා චන්දෙත් තියනවනෙ. ඔබතුමා ඉල්ලන්ට මැදමුලන ප්‍රාදේසීය සබාවෙ සබාපතිකමට. මොකද කියන්නෙ? කැමතියි නේද? "
 
" අපොයි ගුණේරිස් අයියෙ මං කැමතියි…..මං කැමතියි….මං කැමතියි…...රට , ජාතිය වෙනුවෙන්…" ( දේයි...දේයි...දේයි )
 

 

කමල් දේශප්‍රිය සහෝදරයා- සමු ගැනීමේ සටහනක්

kamaldeshapriyaඅපේ කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෙක් වූ කමල් දේශප්‍රිය නොහොත් සෙනෙවි සහෝදරයා ඊයේ මිය ගියේය. 87/89 කාලයේ ශිෂ්‍ය නායකයෙක් ලෙසත් ඉන්පසුව 1995 පමණ වනතුරු විනාශයෙන් පසු නැගී සිටින්නට වෙර දැරු ජවිපෙ මුල් පෙලේ නායකයෙක් ලෙසත් කමල් දිගටම ක්‍රියාකාරි දේශපාලනයේ යෙදී සිටියේ තම වෛද්‍ය අධ්‍යාපනයත් කැප කරමිනි.

ජවිපෙ සමග ඇති වූ ගැ‍ටුම් නිසා එය හැර ගිය කමල් පසු කලෙක විමල් වීරවංශගේ ජනිපෙ සමග එක්ව තම කීර්ති නාමයට හානි කරගත්තද විමල් ලාගේ ගමන ගැන අවබෝධ කරගත් පළමු මොහොතේම ඔහුගෙන් ගැලවී යන්නට පසුබට නොවුනු කමල් එයින් පසු බොහෝ දුරට හුදකලා දිවියකට පසු බැස්සේය.

ඔහුගේ දේශපාලන ගමන් මග ගැන බොහෝ දෙනෙකුට බොහෝ ප්‍රශ්න තිබිය හැකි වුවත් මිනිසෙක් වශයෙන් ඔහු පෙන් වූ උතුම් ගුණාංග නම් ඔහුගේ දේශපාලන සතුරන්ගේ පවා ගෞරවයට ලක් විය..එසේම ඔහු තම මිතුරන්ට ආදරණීය මිතුරෙක් විය

කමල් දේශප්‍රිය මාන්නප්පෙරුම , ආදරණීය සෙනෙවි සහෝදරයා, ඔබට සුභ රාත්‍රියක්.

අමාවක  

පියවරුන්ගේ දිනයේ මගහැරුණු සටහනක් - A tribute to a father

Thespiritfatherhood

 

ආදර තාත්තේ,

පියවරුන්ගේ දිනය පහු වෙලා. මට සමාවෙන්න මට ඔබ ගැන ලියාගන්න විවේකයක් නැති උනාට. ඇත්තටම විවේකයක් නැතිවට වඩා තිබ්බේ ලියන්න දේවල් ගොඩක් තියන නිසා කොතැනින් ආරම්භ කරන්නද කියල හිතාගන්න බැරුව ලතවෙච්ච එක. එක අතකට මම මෙහෙම හිතන එක අමුත්තකුත් නෙවෙයි, ඔබ දන්නවා ඇතිනේ රැකියාවක් කරනකොට දරු පවුල උනත් අමතක වෙනවා කියල. ඉතිං මම ඔබේ දුව වෙච්චිකොට ඒ ගතිය අතැරෙයි කියල හිතන්නේ කොහොමද? මම හැබැයි ටිකක් විතර ඔබෙන් අපගමනය වෙලා, ඉඳල හිටලා ඔබව මතක් කරනවා.

අද මම මේ ඉන්න තැනට එන්න ඔබ කරපු උදව් උපකාර ඇත්තටම මහා මෙරක් වගේ. වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මොකද ඒ කාලේ අපි පොඩි නිසා අපිට නොතේරුණත් , දැන් වැටහෙනවා ඔබේ අමාරුකම්.

මම පොඩිම එකෙක් කාලේ ඔබ විදෙස්ගතවෙනකොට අම්මයි, මමයි, අය්යයි , නංගියි තට්ට තනියෙන් මොකක් කරගනිද කියල ඔබට බයක් හිතෙන්න නැතුව ඇත්තේ අම්මම්මා අපිත් එක්ක හිටපු නිසා බව මට වැටහෙනවා. ඒ උනත් ඒ ගැන ඔබ වදවෙන්න ඇති කියල මට දැන් හිතෙන්නේ ඔබේ පවුලේ කවුරුහරි කාලෙන් කාලෙට අපේ අම්මගේ බත්මුට්ටියට වගකියන්න එවන්න ඔබ අමතක කලේ නැති නිසා. එයාල ඇවිත් ගෙදර ඉඳන් , ගෙදර කැණිමඩල ටික ටික කියතෙන් කපන බව පුංචි අපිට නොතේරුණත්, අපේ අම්මා එයාලව හොදින් පෝෂණය කළා. එයාලා හොදින් හිටියා, මොකද දවල් දවසේ කන්තෝරුවේ නැහිලා නැහිලා එන අම්මගෙන් බත් ටිකක් කන්න බලාගෙන කොහෙවත් යන්නේ නැතුව ඉන්න කියලා ඔබ උපදෙස් දීලා තියෙන්න ඇති. ඊටත් ඔය තියෙන දෙයක් අතපතගාගෙන ගියාට ඔබගේ අමනාපයක් නැති බවත් එයාල දැනගෙන ඉන්න ඇති. රැකියාවක් කරන්න මහන්සි වෙන්න එයාලට අමාරුයි නේ.

ඒ හැමදේටම වඩා අම්මගේ උත්සාහයෙන් ඒ දවස්වල හදපු ගෙදර නොයෙකුත් වැඩවලට ගේන ජාති අඩුවක් නැතුව තියෙද්දී ඒවා අපතේ නොයවා තමුන්ගේ දරුපවුල් වලටත් බුක්තිවිඳින්න තිබ්බ එකම මදැයි. ගෙදර බිත්ති ඇදේට බැන්දත් , හදපු ලීබඩු බොල් උනත් ගමෙන් ගෙනාපු අයට වචනයක් කියන්න අම්මට යුතු නැහැ කියල ඔබ කොහොමත් කියල තිබ්බ නිසා ඈ නිහඬව හිටියත් අපි දන්නේ නැහැනේ ඈ ඒවගේ ගණන් තැබිල්ල ගැන සැක කළා කියල?

ඒ කොහොම උනත් සම්පුර්ණයෙන් ගෙයක් හදන එක ලේසි වැඩක් නෙවෙයි කියල මට වැටහෙන්න අරින්න ඔබ අපුරු උපක්‍රම යොදාගත්තා. ගේ හදන එක එකපාරටම නතර කලේ ,සම්පුර්ණ නොකරපු ගෙදර ජනෙල් නැතුව ගෑනුලමයි දෙන්නෙක් එක්ක ඉන්න එක එතරම් දෙයක් වෙන්න බැහැ. ඊටත් ඒ දරුවන්ගේ ඉගෙන ගැනිල්ල කියන්නේ අපේ අම්මා හිතපු තරම් 'මැරෙන්න' දෙයක් නෙවෙයි. කොහොම ඉගෙනගත්තත් අන්තිමට හම්බකරන්න තමයි ඕනේ. නැද්ද? ඒකනේ මගේ උපාධියෙන් පස්සේ ඇහුවේ
'දැන් කීයද ඔයාගේ වටිනාකම?'
කියල.

ඇත්තටම මේ අධ්‍යාපන ක්‍රමය අපිට එහෙම එකක් කියල දීල තිබ්බේ නැහැ, ඔබ කියනකල්. ඩිප්ලෝමාවකින් පටන්ගෙන , අම්මගේ උපාධි සහතිකෙන් හදාගත්ත හොර කොපියකින් උපාධියක් ගත්ත ඔබට ඇත්තටම ඒ ගැන වැටහීමක් තියෙනවා මට වඩා. ඊටත් විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ ගතකරපු බෝඩිම් ජිවිතේදීත් සල්ලි කියන්නේ 'ගස් වලින් කඩන' දෙයක් නෙවෙයි කියලත් ඩිරාම් 20,000 කින් රුපියල් 5000ක් වගේ ලොකු මුදලක් මාසිකව එවන්න ඔබට පුදුම කට්ටක් කන්න වෙනබවවත් අපිට වැටහිලා තිබ්බේ නැහැ.

ඊටත් අපි විතරක්ද, තව කීදෙනෙක් පෝෂණය කරන්නද ඔබ? අපේ අම්ම නොකියපු කොටස් වලදී මම තේරුම් ගත්ත දෙයක් තමයි ඔබ  උණුවෙන කෙනෙක් කියල. නැහැ මම කිව්වේ පවුලේ අය කෙරෙහි නෙවෙයි, අම්ම;මම;නංගි ; අය්යා කියන අය ඇරුනම අනිත් අය ගැන. වැඩියෙන්ම ගැහැනුන් ගැන. කොතරම්ද කියනවා නම් අපේ අම්මට අපිව බලාගන්න වැඩට කෙනෙක්වත් තියාගන්න ලැබුනේ නැති වෙලා. එක්කෙනෙක්ට නෙවෙයි, ගෙනාපු හැමෝටම ඒ විදියට සලකන්න ඔබ කටයුතු කරපු නිසා මට හිතග්ගන පුළුවන් මම වැරදි නැහැ කියල. ඔබේ කරුණාවට පින්සිද්ද වෙන්න එයාල අපේ අම්මට වඩා සැප සම්පත් විඳගෙන , අම්මට කන්න දෙයක්වත් ඉතුරු නොකර , ඔබේ යහනත් බෙදාගෙන ජිවත් වෙලා තිබ්බ. නොදෙන්න දරුවෝ කාලේ අපිට ඕව නොතේරුනාට දැන් තේරෙනවා ඔබේ කරුණාව. දරුවන්ට කිරිදෙන අම්ම කෙනෙක්ට කොහොමත් කිරි එරෙන එකේ, වතුර ටිකක් බීලා පුළුවන්නේ කිරි ටික පොවන්න. අම්මට තේරෙන්නේ නැහැ ඕව.

එහෙම දුක් මහන්සියෙන් ගොඩනගාගත්ත පවුල් වලට ඔබේ අම්මත්, පියත් දෙන්නම උදව්කලේ කැමැත්තෙන්. අපේ අම්මට කොහොමත් රැකියාවක් තියෙන එකේ, ඒ දරු පවුල් වලට මොන හවුහරණක් ද? ඒ නිසා වෙන්න ඇති වාසගම උනත් දෙන්න ඇත්තේ. පස්සේ කාලෙක ඒ දරුවෝ එක්ක ජිවත් වෙන්න හිතාගෙන හිටියත් ඔයාව එයාල එලෝ ගත්ත එකත්, ඔයාගේ ගොඩගහපු සල්ලි ටික 'කඩාගත්ත' එකත් වැරදියි තමයි. නැතුව ඉතින් නීතියෙන් ගන්න ගියොත් ලැබෙන්නේ නැහැනේ, ඒ නිසා එහෙම කරන්න ඇති.

මට මතක උනා, ඒ දවසක් මගේ කොටහළු දවසේ ඔබ කොතරම් හොඳට රඟපෑවද කියල. එදා ඔබේ ඒ 'එක' බිරිඳකගේ දරුවෙක් අසනීප වෙලා, විදුලි පුවතක් ඇවිත් තිබ්බ. කොටහළු මගුල් වගේද එහෙම දෙයක්? අම්මම්ම හංගලා තියලා ඔබේ අතේ තිබ්බ විදුලි පුවත අරගෙන ඔබ ගියේ මෙහෙ දේවල් බලාගන්න 'ඕනෑතරම්' කට්ටිය ඉන්න නිසා බව මම දන්නවා. ඒ අතින් අපේ අම්මගේ අම්මා උනත්, අම්මට 'මේ දීගේ අතෑරලා යමං' කියල අම්මට කරදර කලත් ,අම්මම්මට ඔයා ආදරේ වෙන්න හේතු ඕනේ තරම් තිබ්බ.

හැමදේටම වඩා අපිට නියපිටින් පහරක් ගහලා නැති නිසා ඔබ නියම පියෙක් කියල මම බය නැතුව ඕනේ කෙනෙක්ට කියනවා. ඒ උනත් දරුපවුල අතෑරලා පිටරටක වෙන බිරිඳක් අපුරුවට තියාගෙන ඉන්නකොට, තමුන්ගේ දරුවා රෝල් එකෙන් අපගමනය වෙලා තාත්තගේ අඩුව වහන පුතා ගැන ඔබ වදවුන බව මම දන්නවා. එකනේ ඒ දරුවා 'හදාගන්න' කියලා පොලිසියේ යාළුවන් ලව්වා බොරු චෝදනාවක් දාල පොලිස් කූඩුවේ දම්මලා ගස්සමුද කියල අම්මගෙන් අහලා තිබ්බේ. අම්මා අකමැති වෙච්ච නිසා තමයි ඒ දරුවා ඔබට දැන් බය නැත්තේ නේද? අය්යව හදාගන්න ඔබ නොකරපු උත්සහයක් නැතිබව දන්නවා.

අය්යා අම්මව 'අනවශ්‍ය' විදියට ආරක්ෂා කරපු නිසා තමයි අම්ම ඔයා කියන දේවත් අහන්නේ නැතුව වගේ හිටියේ. කරදඬු උස්මහත් වෙනකොට, ඇත්ත බොරු කරලා කියන මිනිස්සු විසින් අය්යව ඔයාට විරුද්ධව උසිගන්නන්න ඉඩ තිබ්බ නිසා ඔයා පුර්ව ක්‍රියාමාර්ගයක් ගත්ත බව මට දැන් වැටහෙනවා. ඒ කොහොම වෙතත් සල්ලිකාරයෝ වගේ රටට පෙන්නලා ,වළඳ ලෙවකාල ජිවත් වෙන හැටි අපි ඉගෙන ගත්තේ ඔබගෙන්.

ඩිරාම් දස දහස් ගණනින් ගන්නා පඩිය ඔබ ඉතුරු කලේ අපි වෙනුවෙන්ම වෙන්නත් ඇති. කොහොමත් ඔබ අපිට ඉඳල හිටලා කතා කරන කාලේ කිව්වෙත් ඒවා ඔබේ 'ලේ සහ කඳුළු' බවයි. වෙන්න ඇති. අපිට ඒවගේ වටිනාකමක් නැහැනේ. ඊටත් එහෙ හිටපු අම්මට වඩා පෙනුම තිබ්බ , පාස්පෝර්ට් එකේ ඔබේ බිරිඳ විදියට සඳහන් ගැහැනුන්ට වියදම් කරන්න ඒවා මදි උනාද දන්නෙත් නැහැ. පාස්පෝර්ට් එකේ කොහොමත් ඔබේ වයසත් අඩුවෙන් සඳහන් වෙන එකේ, බැරිද අපේ අම්මට වඩා තරුණ කෙනෙක්ට ඔබේ බිරිඳ වෙන්න දෙන්න?

මොන තර්ජනේ කලත් අතේ තිබ්බ රස්සාව අතාරින්න අකමැති අපේ අම්මා වගේ නෙවෙයි ඒ ගැහැණු. සල්ලි හම්බ කරන්න උපන් දක්ෂයෝ. අම්මව කසාද බැන්දෙත් එයාගේ පඩිය ගන්න කියල ඔබගේම කටින් කියඋනත්, ඈ එය නොදුන්න එක අසාධාරණයි නේද? පඩිය ඔබේ අතේ තියන කෙනෙක් කියල විස්වාසේ තියාගෙන ඈ කසාද බඳිනකොට කොතරම් බලපොරොත්තු තියෙන්න ඇද්ද ඔබේ හිතේ? එකනේ කොහොමහරි කරන්න ඕනේ කියල හිතල ඇගේ කෙන්දරේට ගැලපෙන්න කේන්දරයක් ඔබ හදාගත්තේ?

කොහොමත් ඔබේ ඇත්ත උපන් දිනේ දන්නේ ඔබ විතරයි වෙන්න ඕනේ. එක එක ලියකියවිලි වල එක එක දින. ඔක්කොම හොර සහතික නිසා හොඳයි, නැත්තම් එකට එකක් ගැලපෙන්නේ නැතුව යනවනේ. එක අතකට ඔබ පිටරට රස්සවේම හිටපු නිසා මිසක්, ලංකාවේ නම් වැඩි දවසක් කරන්න ලැබෙන්නේ නැතිවෙයි.

ඉතිරිය බලන්න

 

නිදි යහනේ නෑ සහනේ - Sex Advice

photodune-අද කාලේ ඕන මළදානයකට සයිබරේ වගේ, ඒ කාළේ තිබුනේ පත්තරය. අදටත් පත්තර බිසිනොස් එක නැගලා යන බිසිනොස් එකක්ය. පත්තරේ එලියට එන කාළය අනුව එක කැටගොරියක් යනවාය.  දිනපතා පත්තර, සතිපතා පත්තර, සති අන්ත පත්තර කියලාය. මාස් පතා එන පත්තරවලට වඩා තියෙන්නේ සඟරාය. ඉස්සර මාසෙකට සැරයක් යන පොරෝගැරෑන් එකක් රූපවාහිනියේ ගියේය. ඒකට කිව්වේ "නන්දන වින්දන" කියලාය. අන්තීමටන උනේ කාන්තාවන්ට මාසෙකට සැරයක් හැදෙන ලෙඩේ "නන්දන වින්දන මාසික විවිධ ප්‍රසංගය" වීමය.

ඊට අමතරව පත්තර එක එක කැටගොරිවල යනවාය. ළමා පත්තර අදටත් තියෙනවාය. ඒ කාළේ තිබුන ජනප්‍රියම ළමා පත්තරේ "මිහිර" පත්තරේය. මිහිර පත්තරේ ආවේ සඳුදාය. ඊට පස්සේ "විජය" ආවේය. අද නම් කප්පරක් ළමා පත්තර තියෙනවාය. අද කාළේ නැති උනත්, ඒ කාළේ වැඩිහිටි පත්තරත් හෝ ගාලා තිබුනේය. අපේ කාළේ කොල්ලන්ට ඒ කාළේ වැල ෆිල්ම් තිබ්බේ නැති නිසා, ඔය පත්තර නැගලාම ගියේය.

වැඩේ පටන් ගත්තේ "සිනා" පත්තරෙන්ය. ඒකේ තිබුනේ ජෝක්ස් විතරය. ඊට පස්සේ, කියවන කොට කූරූ කෙලින් වෙන පත්තර පඩංගු වැල වගේ එන්න පටන් ගත්තේය. සරණ, නව සරණ, අර සරණ මේ සරණ කියා නහුතයක්ම තිබුනේය. ඩී ආර් විජේවර්ධන මාවත කෙලවරේ තියෙන පොත් සාප්පුවලින් ගානක් ගෙවලා  අරගෙන එන රිටර්නබල් ප්ලේබෝයි වර්ගයේ සඟරා වලට කෙල වෙලාම ගියේ, මේ පත්තර නිසාය.

පස්සේ කාළේක ඕවා නැති වෙලා ගියත්, කොල්ලෝ, කාන්තා පත්තර කියවන්න ගත්තේ, ඒවායේ පොඩි පොඩි ආතල් කෑළී ගිය නිසාය. අදටත් ඉස්කෝලේ සැක්ස් උගන්නන්නේ නැති නිසා අපේ උන් ජාලෙන් සැක්ස් හොයලා ගිනස් පොතේ නම ලියව ගන්නවා වාගේ, වල් පත්තර නැති උනයින් පස්සේ, සැක්ස් ඉගෙන ගත්තේ කාන්තා පත්තර වලට පිහිට වෙන්නටය. අර කුණුහබ්බ පත්තර කාමර අස්සට වෙලා හංගාගෙන බැලුවා උනාට. කාන්තා පත්තර කියවන්න එහෙම අවුලක් උනේ නැතිය.

අම්මා හරි අක්කා හරි ගේන පත්තරෙන්, කිසි අවුලක් නැතිව සැක්ස් කෑල්ලක් දෙකක් කියවපු කොල්ලෝ අනන්තවත් උන්නේය. ඔය පත්තර වල ඔක්කෝටම කළින් කියවන කොටහ උනේ, "නිදි යහනේ නෑ සහනේ" තීරුවය. ඒකේ තිබුනේ එක එක ඇන්ටිලාට අක්කිලාට තියෙන සැක්ස් පොබ්ලම් හා ලව් පොබ්ලම්ය. මේ කුස්සෙන්ස්වලට ආන්සර්ස් දුන්නේ ඔක්කෝම කාන්තා පාර්සවේ උන්දලාය. ඒ නිසා සමහර පත්තරවල මේ තීරුව ගියේ, සුරංගි අක්කාගෙන් අහන්න, අර අක්කාගෙන් අහන්න, මේ අක්කාගෙන් අහන්න කියලාය. එහෙම උත්තර දෙන්න අක්කලාම ගන්න ඇත්තේ, අයියලා උත්තර දෙන්න ගියා නම්, ජනගහනය වැඩි වෙන නිසා වෙන්න පුළුවන්ය.

මාස් සුද්දිය හරියට වෙන්නේ නැති ඒවා පටන්, ඇඟ කෙට්ටු වීම, මහත් වීම, කකුලේ මයිල් තිබීම, පියවුරු එල්ලා වැටීම, ඔළුවේ උකුනෝ සිටීම, කිහිල්ලේ මයිල් තිබීම වගේම සැමියා තෘප්තිමත් නොවීම, ඒ යකා වෙන එකකට කෙටීම් ඉතරක් නොව, සමහර ගෑණුන්ට ස්ත්‍රී නිමිත්ත තියෙන තැනයි, පිරිමින්ගේ ඇඟ තියෙන තැනයි කියලා දුන්නේත් මේ අක්කිලාය.

ඕන් ඔය අස්සේ තරුණයන්ටත් පත්තරයක් ආවේය. නම "තරුණයා"මය. ඒකේ උත්තර දුන්නේ අයියලාය, පුරස්න ඇහුවෙ මල්ලිලාය. ගොඩක් උන්ට තිබුන පුරස්නේ උනේ අතේ මරණ එකය. සමහර උන් කිව්වේ පස් වරක් පහ විසි පහයි කියලාය. පුරස්නේ උනේ එහෙම කොරාට අවුලක් නැද්ද අහලාය.

-ඉතිරිය කියවන්න

 

සමාජ ජාල අවකාශය, කවිය හා කලාව

social media1අතීත පරම්පරාවල කවියො තමන් පත්තර වල කවි පිටු වලට කවි ලියල ඒව පළවෙනකන් බලන් හිටපු හැටි, එහෙම පල උනහම සතුටු උන හැටි කියනව අහල තියෙනව. ඒත් වර්තමාන පරම්පරාවට එද්දි අද දවසෙ තරුණ කවියො සම්පූර්ණයෙන්ම නැතත් බොහෝ දුරට පුවත් පතක තම කවිය පලකරගන්න ඉස්සර තරම් උනන්දුවක් දක්වන බවක් පේන්න නෑ. හේතුව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්, එදා නවක කවීන්ට තම නිර්මාණ සමාජයට ගෙනියන්න තිබ්බෙ මාධ්‍ය දෙකයි. එකක් පොතක් විදිහට මුද්‍රණය කරන එක, අනික පුවත් පතක, සඟරාවක පලකරන එක. ඒත් අද දවසෙ කවීන්ට හරි ඒ ධාරාවේ නිර්මාණකරුවන්ට තමන්ගෙ නිර්මාණ සමාජය සමඟ බෙදා ගන්න ක‍්‍රමවේදයන් විවර වෙලා තියෙනව. මූලිකවම ඒ සමාජජාල මාධ්‍ය හරහායි. වෙහෙස මහන්සි වෙලා ප‍්‍රකාශකයො හොයාගෙන පොත් ප‍්‍රකාශ කරන්නත් ඔවුන් අතර එතරම් උනන්දුවක් නෑ.  මොකද නිර්මාණ කරුවෙක් විදිහට ඔවුන් තම නිර්මාණ ඊට වඩා පහසුවට රසිකයින් අතරට ගෙනියනව මෙම සමාජජාල මාධ්‍ය හරයා. පත්තරයක කවියක් පල උනත් ඊට වඩා තෘප්තියක් එම පත්තර පිටුව තමන්ගේ සමාජජාල අවකාශන් තුළ පල කිරීමෙන් ඔවුන් ලබනව. මෙතනදි පුවත් පත් ලෙස සතුටු වෙන්නත් කාරණයක් නැතුවම නොවෙයි, ඔවුන් එම පුවත් පත් පිටු ෆේස් බුක් වැනි අවකාශයන් තුළ පලකිරීමෙන් සතුටුවෙන්නෙ මගෙ කවි පත්තරවලත් යනවා යන්න සමාජයට ප‍්‍රකාශ කිරීම හරහායි. ඒ අනුව පුවත් පත් කවි පිටුවලට තවමත් සමාජයේ වටිනාකමක් පවතිනව කියන කාරණයත් ඔප්පු වෙනව.
සමාජ ජාල මාධ්‍ය අවකාශය කලා ක්ෂේත‍්‍රය ඇතුළෙ සුවිශේෂීයි. මේ වෙබ් අඩවි නිර්මාණකරුවන්ට අසීමිත නිදහසක් ලබාදෙනව. ව්‍යාකරණ සීමා, සංස්කෘතික සීමා, ඉඩකඩ සීමා මේ ආදී සියල්ල අභිබවමින් තමන්ට රිසි පරිදි තම හැගීම් වචන, රූප කරන්නට ඔවුන්ට ඉඩකඩ විවරවෙනව. තාක්ෂණයේ දියුණුවත්, එම තාක්ෂණය සුළභවීමත් එක්කම මේ සමාජ ජාල අවකාශය භාවිතා කරණ පිරිසත් පුළුල් වෙන්න ගත්ත. ඊට සාපේක්ෂ මේ අවකාශයෙ නිර්මාණකරුවන් ප‍්‍රමාණයත් වේගයෙන් ඉහළ ගියා. ඒ තුළ සයිබර් අවකාශයේ කවීන්ගේ සංගම් වැනි දේවල් ඇතිවුණා. සමාජ ජාල වෙබ් අඩවි හරහා හදුනාගත් ඔවුන් පසුව සුහද හමු වැනි දේ සංවිධානය කරමින් එකතුවුණා. කවි සංවාද වැඩසටහන්, කාව්‍ය සංග‍්‍රයන් එළිදැක්වීම් වැනි විවිධ කටයුතු මේ සාමූහිකයන් හරහා සිදුවුණා. සාමාන්‍ය කවි පොතක්, පත්තර කවි පිටුවක් වගේ නෙමෙයි මෙහිදී කවියට සෘජුවම තම රසිකයින්ගෙ ප‍්‍රතිචාර ලැබෙනව වගේම ඔවුන් සමග සංවාදගත වෙන්නත් අවකාශය උදාවෙනව.
මෙහිදී කවියට අමතරව විවිධ නිර්මාණාත්මක අදහස් දැක්වීම්, සරළ කෙටි චික‍්‍රපට වැනි විවිධ කලාත්මක අත්හදා බැලීම් මෙම අවකාශය තුළ දැකගත හැකියි. ”ගප්පියා” වැනි ප‍්‍රධාන මාධ්‍ය වලින් බැහැරව මෙම සමාජ ජාල අවකාශය හරහාම තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගනිමින් ජනපි‍්‍රයවූ නිර්මාණකරුවන් අපට හමුවන්නේ මෙම අත්හදා බැලීම් තුළින්ය. මෙම නිර්මාණ කරුවන් අතර එම සමාජ ජාල අවකාශයටම අනන්‍යය විවිධ වදන්, රූප, කාටුන් චරිත ආදිය පවතින අතර නිර්මාණකරුවන් මේවාද තම නිර්මාණයන් සදහා දායක කරගනී. මීළග නිර්මාණය පලවෙනතුරු බලා සිටින රසික ප‍්‍රජාවන්ද ඇතැම් නිර්මාණකරුවන් වටා එක් වී සිටී.
මෙම සමාජ ජාල අවකාශය දෙස බලන කල සමාජය මුහුණ දෙන අනන්‍යතා අර්බුදයද මැනවින් පැහැදිලි වේ. බොහෝ දෙනෙකු (හැමෝම අඩු වැඩි වශයෙන්) කවි හා වෙනත් නිර්මාණ මෙහි පලකරන්නේ අන් කිසිවකට නොව තමන් කියාද කෙනෙකු සිටින බවට බාහිර සමාජයට අගවන්නටය. සරළව පොරක් වීමටය. මෙහිදී තම නිර්මාණ තුළ විප්ලවීයත්වය, රැුඩිකල්කම, රස්තියාදු උපසංස්කෘතික ලක්ෂණ, මත් ද්‍රව්‍ය භාවිතය පෙන්වීමට මෙම බොහෝ දෙනෙක් උත්සුක වෙයි. එය අසාර්ථක නැත. එම වෙනස් බවට බොහෝ දෙනෙකු නිතැතින්ම ආකර්ෂණය වෙයි. නමුත් මේ බොහෝ දෙනෙකු සංවාද තුළ අදහස් දක්වද්දී වගේම පෞද්ගලික ජීවිත වලට එබී බලන විට පැහැදිලිවන කාරණයනම් ඔවුන් බොහෝ විට අතිශය ගතානුගතික බවයි. තවද ඒ විකල්ප භාවිතයන් අප සමඟ එක්ව කි‍්‍රයාකාරීත්වයට නගන්නට අප යෝජනා කරණ විට ඒ බොහෝ දෙනෙක් විවිධ තර්ක, හේතු දක්වමින් අපව මගහරී. යථාර්තයනම් එම බොහෝ නිර්මාණකරුවන් පිටුපස එම නිර්මාණ හරහා ආකර්ෂණයක් ලබා ගැනීමෙන් ඔබ්බට අන් යමක් නොමැති බවයි.
කෙසේ නමුදු මෙම අවකාශයේ කලා කරුවන් විකල්ප අදහස් සමාජ ගත කිරීමේදී සාධනීය කාර්්‍යය භාරයක් ඉටුකරයි. එසේම ඔවුන්ගේ නිර්මාණ ආශ‍්‍රයෙන් ගොඩනැගෙන සංවාදයන්ද බැහැර කල නොහැක. එසේම දේශපාලනිකව මෙම අවකාශය භාවිතා කිරීම පිළිබදව විකල්ප ධාරාවේ දේශපාලනය තුළ සිටින පක්ෂ හා සංවිධාන විශේෂයෙන් අවධානය යොමුකළ යුත්තේ එම මාධ්‍ය අවකාශය දිනෙන් දින දියුණු වෙමින් අද වන විට එදිනෙදා ජීවිතයේ අංගයක් බවට එය පත්වෙමින් ඇති බැවිනි. මිනිසුන් තොරතුරු ලබා ගැනීමට මෙන්ම තම සමාජ සම්බන්ධතා පවාත්වාගෙන යාම සදහාත් මෙම සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කිරීම තුළ එදිනෙදා ජීවිතයේ ඔවුන්ට සමීපතම මාධ්‍යය බවට එය පත්ව ඇත. එබැවින් කවිය මෙන්ම අනෙකුත් කලා මාධ්‍යන් වෙතද එය දැඩිව බලපානු ඇත.
 

 

 

නෙළුම් යාය සහෘද සමුහය