22 April 2019
RSS Facebook Twitter   

මිනිස් වර්ගයාගේ ගමන් මඟ වෙනස් කල හැරවුම් ලක්ෂ්‍යයන් හතක් – The Seven Turning Points In Human History

laksha hathaමනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමන් මඟ සහමුලින්ම වෙනස්කල සිදුවීම් එතරම් සුලභ නැත. වසර දෙලක්ෂයකට ආසන්නයැයි මානව විද්‍යාඥයින් ගණනය කොට ඇති මේ පෘථිවිය මත මිනිසාගේ ජීවිත කාලය තුල මිනිස් වර්ගයාට උපරිම බලපෑමක් කල එවන් අතිසුවිශේෂී සිදුවීම් හතක් පිළිබඳව පසුගියදා විද්‍යාර්ථීන් පිරිසක් අන්තර් ජාතික මට්ටමින් පැවැත්වුනු සමීක්ෂණයකින් අනතුරුව තොරතුරු හෙළිකලහ.
 
Read more...

මෙතේ බුදුන් පහල විය!!! සාදු කියපියව් ඩෝ ..

President maithripala Sirisenaදුක , දුකට හේතුව , දුක නැති කිරීම , දුක නැතිකිරීමේ මාර්ගය කියාදුන් ගෞතම බුදුන් ගෙන් පසුව මෛත්‍රී බුදුන් ගේ ආගමනය හැම බෞද්ධයෙක්ගේම ප්‍රාර්ථනාව ය. ගෞතම බුදුන් ගේ පිළිම හදනවා වගේම මෛත්‍රී බුදුන් ගේ පිළිමත් මේ විභීෂණ ඉඳ හිට තැන් තැන් වල දැක ඇත. නිවන් දකින්න  මධ්‍යම ප්‍රතිපදාව ගෞතම බුදුන් ඉගැන්නුවා වගේ ම දෙයක් මෛත්‍රී බුදු හාමුදුරුවොත් අනාගතේ උගන්නනු ඇත.

බුද්ධාගමේ මෛත්‍රී බුදුන්ගේ පහළවීම වෙන්නේ කොයි කාලේද කියල අපි දන්නේ නැති වුනත් මේ ඉල්ලන්කාවේ දේශපාලනේ ඇතුලේ නම් මෛත්‍රී බුදු කෙනෙක් පහල වී ඇති බව දැන් දැන් පෙන ලකුණු වලින් බොහොම පැහැදිලි වෙන කාරණයක් ය. ඒ බුදුන් වෙන කවුරුවත් නොව අපේ ඔනරබල් මෛත්‍රීපාල සිරිසේන වීම පට්ටම ආතල් ෆීලින්ග් එකය.

එක එච්චරටම ආතල් වෙන්නේ උන්නැහේ හොඳින් වගේම නරකින් , කෙක්කෙන් වගේම කොක්කෙනුත් මේ රටේ බයි පරපුර ට මෙන්ම ටොයි පරපුරටත් දේශපාලනය ඇතුලේ නිවන් දකින හැටි කියා දෙන්න පටන් අරන් තියෙන හින්දය.

උන්නැහේ නිවනට මග කියාදෙන්න පටන් ගත්තේ පහුගිය නොවැම්බර් 21 වෙනිදා හස්ත කර්මාන්තය අතැරලා දාල හස්ති  සහ සහෝදරයින්ගේ කර්මාන්තය එක්ක එක්කාසු වෙලා බයි පරපුර තුෂ්නිම්භූත කරවා නනනත්තාර කරවා හොම්බ සමග  පශ්චාත් භාග දෙකත් බිම අනනවා ය. ඒ ඓතිහාසික PROJECT එක දැකල ඇස නිලංකාර වෙච්ච බයි පරපුර ට මෛත්‍රී ව ද්‍රෝහියෙක් , කන පතේ පහරපු  හිවලෙක් , කන්න දීපු අත  හපාකාපු බල්ලෙක් විය . ඒ මෛත්‍රී ම ටොයි පරපුරට ජාතික වීරයෙක්, රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වෙච්ච නූතන දියසේන කෙනෙක් විය. කොහොම හරි මේ මනුස්සයා ඒ වෙනකන් රට යට කරන් හිටපු වනචර එකාධිපතියාව ගෙදර යවන්න සමර්ථ වෙලා ඉල්ලන්කාවේ ජනාධිපති පුටුව අල්ල ගත්තේය.

නිවන් මග ක්ලාස් එකේ මුල් හරිය ඒ විදියට බයියන්ට  කියාදීලා  සති දෙක යන්න පෙර තමන්ව හිවලෙක් බල්ලෙක් ද්‍රෝහියෙක් කියාපු එවුන්ගේ ඒ සක්කිලි ගුබ්බෑයමේ ම සභාපති කම අල්ලාගෙන එකාධිපතියා ගාව ඉතුරුවෙලා තිබ්බ සකලාමනවමත් අයිති කර ගත්තේ ය. සක්කිලි ගුබ්බයම අල්ලගන්න කොට ම සිරිසේන උන්නැහේ ඊලග නිවන් මග ටොයි පරපුරට උගන්නන්න යන බව හැමෝටම වගේ ලාවට ලාවට මීටර් වේගෙන ආවේය.

ටොයි පරපුරේ ඒ නිවන්මග පන්තිය ගැන ලාවට පත්තු වෙලා තිබ්බ කොළ ලයිට් එක තව ටිකක් තද පාටකට හැරුනේ තමුන්ව සෙත්තපෝච්චි කරන්ට කියල හිටං හිටපු ගුබ්බැයාමේ සක්කිලි සැට් එකක් තමුන්ගේම කැබිනට් අල්මාරියේ ඔනර්බල් මිනිස්ටර් ලා බවට පත් කලාට පස්සෙය.

වනචර එකාධිපතියාගේ අස්ථි ගෝල දෙක රහ කර කර සූප්පු කරපු කුඩු දී මුත්තායි, බඩු වික්‍රමයයි තමුන්ගේ ඇඩ්වයිසර් ලා විදියට පත් කරගන්න කොට ම ටොයි නිවන් පාඩම බොහොම හොඳින් තේරුම් ගන්න සමහරුන්ට පුළුවන් විය. ඒ මොකද කියනවා නම් උන් දෙන්නා දන්නේ කුඩු ගේන්නයි බඩු ගහන්නයි විතරක්ම හින්දා ත් කොයි වෙලෙත් "මරා සරනං ගච්චාමී " මතුරන හින්දාත් එහෙවු දෙන්නෙක් ගෙන් එව්වා ඇරෙන්න වෙන කිසිම ජාතියක දෙයක් ඇඩ්වයිස් කියල ගන්න නැති නිසාත් ය.

දැන් ක්ලාස් එකේ අමාරුම පාඩම උගන්නන වෙලාව ය. ටොයියන්න්ට මේ පාඩම් අල්ලගන්න එක පට්ට අමාරුය. එත් ඉතින් හරියට අල්ලගත්තොත් ආයේ ලොවෙත් අමතක වෙන්නේ නැත. පොර ටෝක් දී ගෙදර යවපු වනචර එකාධිපතියාට ආපහු ගුබ්බෑයමට එන්න ට්‍රයි එකක් දෙන්න චාන්ස් එකක් මේ වෙනකොට අපේ දේශපාලනයේ මෙතෙ බුදුන් ලබා දී  ඇත.

නිවන් ක්ලාස් එකේ පෙන්නපු මේ අලුත් ප්‍රැක්ටිකල් එග්සාම්පල් එක හින්දා මීට මාස අටකට කලින් තමුන්ට ජාතික වීරයෙක් වෙච්ච මිනිහා අද ටොයි පරපුරට ද්‍රෝහියෙක් , කන පතේ පහරු හිවලෙක් , කන්න දීපු අත  හපාකාපු බල්ලෙක් වී ඇත.
තමුන්ට   ද්‍රෝහියෙක් , කන පතේ පහරු හිවලෙක් , කන්න දීපු අත  හපාකාපු බල්ලෙක් වෙච්ච මිනිහා බයි පරපුරට අද ජාතික වීරයෙක් ය.

අවසාන විග්‍රහයේදී මෛත්‍රීපාල කිසිම කෙනෙක් වෙලා නැත.
විභීෂණ අහල තියෙන විදියට "නිවන" කියන්නේ කිසිම දෙයක් නැති තැනක් ය. ඒ නිසා කිසිම කෙනෙක් නොවන විදිය දන්නා කෙනෙක්ට හැර වෙන කිසිම කෙනෙක්ට දේශපාලනේ නිවන් දකින හැටි කියා දීමට පුළුවන් වෙන්නටද බැරිය.

ජනාධිපතිවරනෙට කලින් බයියන් තුෂ්නිම්භූත කල නූතන මෙතෙ බුදුන් මහා චන්දෙට කලින් ටොයියියන්වද තුෂ්නිම්භූත කර ඇත.  එහෙම වෙන්න හේතුව අවුරුදු ගානක් තිස්සේත් එක එක  ගුරු  ල ඇවිත් කොච්චර මහන්සි වෙලා ඉගැන්නුවත් ඉල්ලන්කා දේශපාලනේ නිවන් ක්ලාස් එකේ එක මැට්ටෙක් වත් ඒ පාඩම් හරියට ඉගෙන ගෙන පාඩම් කරලා සත්‍යාවබෝධය ලබාගත්තේ නැති වීමය . ප්‍රතිපත්ති වල වැදගත්කම කොච්චර ඉගැන්නුවත් එව්වා පැත්තක තියලා පර්සනැලිටීස් පාඩම් කර කර හිටපු හින්දා ක්ලාස් එකේ එකෙක්වත් "S" එකකින් එහාට එක්සැම් පාස් වුනේත්  නැත.  හරිහමන් විදියේ ප්‍රතිපත්ති පාඩම් කලා නම් ඉස්සරහට ගත්තා නම් එක එක රට වල කොලනියක් වෙන්න මේ රටට සිද්ධ වෙන්නේ නැත.
.
දේශපාලනේ ඇතුලේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත කියලා කව්දෝ මන්දා එකෙක් කවදාදෝ මන්දා කියල තිබිලා තියෙනවා ය. ඒ කතාව ඇත්ත ය. ඒ ඇත්ත , නෝමල් ඇත්තකට එහා යන්නේ  ඒ කියන්නේ පට්ටම ඇත්තක්  වෙන්නේ ඉල්ලන්කවෙදී ය.

තියරිටිකලි දේශපාලනය  කියන්නේ ප්‍රතිපත්ති මත ගොඩනැගෙන සංකල්පයක් වුනත් ඉල්ලන්කාවේ දේශපාලනය යනු ප්‍රතිපත්ති නොව , පුද්ගල චරිත, එක එක හුළං, ඇඳුම් පැළඳුම් , බිස්නස් වගේ දේවල් වලින් හැදිච්ච කර්මාන්තයක් බව දේශපාලනේ මෙතෙ බුදුන් කියාදෙන පාඩමය.

ඉල්ලන්කාවෙන් සුද්දාට නිදහස දීපු දා ඉඳන් අද වෙනකන් සිද්ද වුනේ ඕකය. තේරුම් ගන්නේ බොහොම ටික ය.

මේ දවස්වල කියාදෙන නිවන් පාඩමේ ලොකුම වෙනස හැම තියරියකටම ප්‍රැක්ටිකල් එග්සාම්පල් එක වෙන්නේ පාඩම උගන්නන්න ගුරු ම වීම ය. හැම බිස්නස් එකේම කරන අලුගුත්තේරු වැඩ සේරම උන්නහෙම කරලා පෙන්නලා දත කන්නේ අපිට නිවන් මග පෙන්නීමට ය.

මොලේ තියෙනවා නම් දැන් බයි ටොයි දෙගොල්ලොම ක්ලාස් එකේ පාඩම් හොඳට මතක් කරගත යුතුය. අමාරු තැන් තව දෙතුන් පාරක් කියවා බලා නොතේරෙන  තැනක් තියේනම් දන්නා එකෙක්ගෙන් අහගෙන ළඟ එන එක්සෑම් එකට ලැස්ති විය යුතුය.  නිවන් මග හරියට තේරුම් නොගත්තොත් තව ආත්මයක් හෝ ආත්ම ගානක් දේශපාලන සංසාරේ කරක් ගසන්න සිද්ධ වෙන්න පුළුවන.  එක ඉතින් ඉර හඳ වගේ නොව ඊටත් වඩා ෂුවර් බව කියන්න විභීෂණ ඉන්න ඕන කමක් නැත.

ඉවර කරන්න කලින්  කියන්න දෙයක් ඇත. නිවන් ක්ලාස් එකේ ඊලඟ පාඩම බයි පරපුරට බව වැඩ සිද්ද වේගෙන යන විදියෙන් තේරුම් ගන්න පුළුවන. ක්ලාස් එකට යන්න සිද්ද වෙන හැමෝටම කියන්නේ "කල්පනාවෙන් , සාවධානව පාඩම අහගන්න " කියලා ය. පන්තියේ පිස්සු කෙලින්නේ නැතුව පාඩම හොඳට අහගෙන තේරුම් ගත්තොත් හැමෝටම සෞඛ්‍ය සම්පන්න ය.

එහෙනම් අදට ඇති වගේ..

ගොහින් එන්නං ok????

-----

ආ..අමතක වුනානේ...
මෛත්‍රී බුදුන් පහල වෙලා ඉන්න වෙලේ සාදු කියපියවූ ඩො...

-http://vibheeshana2.blogspot.co.uk/2015/07/blog-post_4.html

රාජපක්ෂ යලි ඉපදීම සමාජ ප‍්‍රගතියට තර්ජනයකි

mahinada rajapaksaහින්ද රාජපක්ෂ නැවත බල දේශපාලනයේ මාතෘකාවක් වී තිබේ. ජනවාරි 08 වන දාට පසු මොහොතකට පෙනෙන්නට තිබුණේ ඉතිහාසයේ ඔහුගේ භූමිකාව අවසාන වූ බවයි. බොහෝ දෙනා යුක්ති යුක්ත ලෙස අනුමාන කළ ලෙස බලහත්කාරයෙන් ජනාධිපති පුටුවේ රැදී සිටීමේ තදබල සූදානමක් ජනවාරි 08 වන දා මැතිවරණ පරාජයෙන් ඉක්බිති ඔහුගේ පාර්ශවයෙන් පෙන්නුම් වූයේ නැත. ජනාධිපතිධූරය මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ද භාර දුන් හෙතෙම මැදමුලනට ගියේය. බැලූ බැල්මට ‘හකුලාගෙන යාමක් ’ ලෙස දිස්වූවත් එය හුදෙක් උපක‍්‍රමික පසුබැසීමක් බව පෙනෙන්නට තිබේ. දැන් එලැඹෙන මහ මැතිවරණයට තරග වැදීමේ සිය සූදානම ඔහු ප‍්‍රකාශයට පත්කොට තිබෙන අතර පෙනෙන්නට තිබෙන ආකාරයට ජනාධිපති සිරිසේනට එම සූදානම පිලිගැනීමට බල කෙරී ඇත.

රාජපක්ෂ ‘නැවත ගෙන ඒමේ’ ව්‍යාපෘතිය උග‍්‍ර සිංහල ජාතිකවාදය මත පදනම් වූවකි. රාජපක්ෂගේ මැතිවරණ පරාජය ඔහුගේ ක්ෂමාලාපකයින් විසින් විස්තර කරන ලද්දේ ‘සුලූ ජාතික ඡන්ද’ නිසා සිදුවූ දෙයක් වශයෙනි. එය රාජපක්ෂ විසින් ද ප‍්‍රකාශ කරන ලදී. මෑතක දී පුවත්පත්වලට දුන් සම්මුඛ සාකච්ඡුවක දී බැසිල් රාජපක්ෂ ද කියා තිබුණේ උතුරේ ඡන්ද සංවිධානාත්මකව රාජපක්ෂට විරුද්ධව පාවිච්චි කළ නිසා මැතිවරණය පරාජය වූ බවයි. පසුගිය කාලයේ විමල් වීරවංශ ආදීන් මූලික කරගෙන රාජපක්ෂවාදී ප‍්‍රචාරක ව්‍යාපාරයේ මුඛ්‍ය තේමාව වූයේ ද සිංහල ජාතිකවාදයයි. රාජපක්ෂ නැති වූ පසු රට කොටින්ට යනවා ආදී කථා එවැනි බලවේග විසින් සංවිධානය කළ ‘වෙනස සැපද?’ ආදී සම්ම්න්ත‍්‍රණවලදී පුනරුච්චාරණය කෙරිණ.

‘රාජපක්ෂවාදය’ වූ කලී ග‍්‍රාමීය පසුගාමීත්වය, සිංහල වර්ගවාදය සහ දූපත්වාදී මුග්ධත්වය මිශ‍්‍ර කොටගත් අජූව දේශපාලන ප‍්‍රවර්ගයකි. 2005 න් පසු සිදුවූ එක් දේශපාලනික විතැන් වීමක් නම් මෙන්න මේ අජූව දේශපාලන ප‍්‍රවර්ගය දකුණු ලංකාවේ හෙජමොනික දේශපාලන මොඩලය බවට පත්වීමයි. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම්, බලතල බෙදීම ආදී නූතන ප‍්‍රජාතාන්ත‍්‍රීය ව්‍යාපෘතියට අයත් සියලූ සංකල්ප ඒ යටතේ ජෝක් බවට පත්විය. දෛනික ජීවිතය හමුදාකරණයට ලක්කිරීම ස්වභාවික දෙයකට හැරවිණ. විශාල ආයෝජනයක් මත නඩත්තු කරන ජාතික ආරක්ෂක රාජ්‍යයක් පිහිටුවනු ලැබූ අතර මෙම රාජ්‍යයට සිංහල ජනතාව අතර සහයෝගය දිනාගැනීම සඳහා සාහසික ලෙස දෙමළ හා මුස්ලිම් ජනතාවට එරෙහි වර්ගවාදී ප‍්‍රහාර පාවිච්චියට ගන්නා ලදී.

ජනවාරි 08 වන දා රාජපක්ෂ පරාජය වීම එක්තරා විදිහකට රාජපක්ෂවාදය තුළ ආන්තිකකරණයට ලක්වූ ජනකොටස් විසින් ගසනු ලැබූ කැරැල්ලක් ලෙස විස්තර කළ හැක. ශ‍්‍රීලනිපය තුළ ඇති වූ අභ්‍යන්තර භේදය හා ජාතික හෙළ උරුමය රාජපකෂ සමග ඇති කරගත් ගැටීම නිසා රාජපක්ෂගේ සිංහල ඡුන්ද පදනම යම් දෙදරීමකට ලක්විය. මේ දෙදරුම සුලූ ජාතික කොටස්වල අති බහුතර විරෝධතා ඡන්දය සමග සංයුක්ත වී රාජපක්ෂව පරාජය කළ ඡුන්ද ලක්ෂ 62 නිර්මාණය විය.

රාජපක්ෂ පාලනය විස්ථාපනය කරන ලද්දේ විවිධ බලවේගවලින් සමන්විත තාවකාලික ආණ්ඩුවක් විසිනි. එහි ප‍්‍රධානතම සංරචකය වන එජාපය නව ලිබරල්වාදය මත පදනම් වූ ප‍්‍රභූවාදී දක්ෂිණාංශික පක්ෂයකි. ගෝලීය ධනවාදය සමග ලංකාව සුමටව ආබද්ධ කිරීම සඳහා අවශ්‍ය කෙරෙන ආයතනික ප‍්‍රජාතාන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ සමූහයක් එය විසින් පසුගිය කාලයේ යෝජනා කරනු ලැබීය. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සාපේක්ෂව ගත්තත් මෙම ප‍්‍රතිසංස්කරණ ඉතාම සීමිත ප‍්‍රතිසංස්කරණයන්ය. රාජපක්ෂ සිය හෙජමොනිය ගොඩනගාගන්නේ සිංහල ජාතිය මත පදනම්ව නම් වික‍්‍රමසිංහ සිය හෙජමොනිය ගොඩනගා ගැනීමට උත්සාහ කරන එක් අක්ෂයක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන බවට වූ පොරොන්දුවයි. ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක අතර ඇති වී තිබෙන දෙබෙදුම එයාකාරය.

මෙලෙස ප‍්‍රභූවාදී පක්ෂ දෙක ඉහලින් සිට දේශපාලනය සංවිධානය කරද්දී වැඩකරන ජනයා ඇතුලූ නිර්ප‍්‍රභූ ජනතාවන්ගේ  ස්වාධීන දේශපාලන ප‍්‍රකාශනයක් නොපවතින තරම්ය. සමසමාජ - කොමියුනිස්ට් දේශපාලනය බලවත් වී තිබූ ‘40 - ‘70 දශකවල වැඩකරන ජනතාව මෙරට තීරණාත්මක දේශපාලන බලවේගයක් ලෙස සංයුක්ත වී සිටියේය. එනම් ප‍්‍රාග්ධනය පමණක් නොව ශ‍්‍රමය ද අඩු වැඩි වශයෙන් දේශපාලනිකව සංවිධානය වී තිබුණි. එහෙත් ශ‍්‍රමය මේ වනවිට දේශපාලන සාධකයක් ලෙස පවතින්නේ අතිශය දුර්වල අඩියකය. මෙය ප‍්‍රබල සාධකයක් ලෙස එසැවී ගන්නා තුරු දේශපාලනය ප‍්‍රභූවාදී බලවේග විසින් හසුරුවනු ඇත.

කෙසේ වූවද පහළ පාන්තික ජනයා ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස සංවිධානය කිරීමේ දෘෂ්ටිකෝණයෙන් ප‍්‍රශ්නය දෙස බලන්නේ නම් ඒ සඳහා තිබෙන මාරාන්තික තර්ජනයක් ලෙස රාජපක්ෂවාදය හඳුනාගත යුතුමය. ඒ අනුව ඉදිරියට එලැඹෙන කාලය තුළ මෙරට වාමාංශික හා ප‍්‍රගතිශීලී බලවේග වල කාර්යය ද්විත්ව ස්වභාවයක් ගනී. පළමුව රාජපක්ෂවාදයට එරෙහි සමා විරහිත අරගලයක් පවත්වා ගත යුතුය. මෙය විශේෂ අවධාරණයක් සහිතව පවත්වාගත යුතු අරගලයකි. ජාතිවාදය බලවත් වීම  ඕනෑම විදිහක වාමාංශික හා ප‍්‍රගතිශීලී දේශපාලනයක මග අහුරයි. රාජපක්ෂවාදයේ නැගීමට එම නිසා මාරාන්තික ලෙස එරෙහි විය යුතුය.

දෙවනුව ධනේශ්වර ලිබරල් කොටස් විසින් ඉදිරිපත් කරන සටන් පාඨ එම කොටස්වලටම ලගා විය නොහැකි මට්ටමට රැඩිකල්කරණය කළ යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතිකාව පහළ පාන්තික ජනයාගේ සහ වෙනත් පීඩිත ජනකොටස්වල දෘෂ්ටිකෝණයෙන් ප‍්‍රතිනිර්වචනය කිරීම මෙයට ඇතුලත්ය. එනම් උද්ඝෝෂණය කිරීමේ පූර්ණ නිදහස, ජාතික ආරක්ෂක රාජ්‍යය විසුරුවා හැරීම, වැඩවර්ජන අයිතිය, වෘත්තීය සමිතිවලට පූර්න නිදහස, ජාතික පීඩනය අවසන් කිරීම ආදියේ සිට අධ්‍යාපන අයිතිය, සෞඛ්‍යය සඳහා ඇති අයිතිය, පරිසරය සඳහා ඇති අයිතිය දක්වා. වාමාංශයේ ඉදිරි ගමන වැටී තිබෙන්නේ මෙන්න මේ ද්විත්ව උපාය මාර්ගය ඔස්සේය.

-http://ramachandrageadaviya-ramachandra.blogspot.co.uk/2015/07/blog-post.html

රණවිරුවාගේ සිට ඝාතකයාගේ භූමිකාව දක්වා

suni
යාපනයේ මිරුසිවිල්හිදී දරුවන් දෙදෙනෙකු ඇතුළු ද්‍රවිඩ ජාතික සිවිල් පුරවැසියන් අටදෙනකු අමානුෂික ලෙස ගෙල කපා ඝාතනය කිරීම ඇතුළු චෝදනා 17කට වරදකරු වූ යුද හමුදා මාණ්ඩලික සැරයන් රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට මරණ දඬුවම නියමවී තිබේ. යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ විශේෂ විමර්ශන අනුඛණ්ඩයක සේවයේ යෙදී සිටි මෙම සෙබළා බොහෝ ක්‍රියාන්විත වලට සහභාගි වී ක්‍රියාන්විතයේදී තුවාලද ලබා සිටි යුද අත්දැකීම් බහුල පුද්ගලයෙකි. මොහු මෙම ඝාතන කරන ලද්දේ ක්‍ෂිතිමය යුද ආතතියට ලක්වී සිටීම නිසා බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. එසේ නැතහොත් විශේෂිත දුර විහිදුම් ක්‍රියාන්විත වල යෙදුනු දක්‍ෂ සොල්දාදුවෙකු අමු අමුවේ ළමුන්ගේ බෙලි කපන්නේ නැත​.

තිස් අවුරුදු යුද්දය නිසා මෙවැනි යුද ආතතියට ලක්වී සිටින සොල්දාදුවෝ බොහෝ දෙනෙක් සමාජයේ සැරිසරති. යුද ආතතියට පත් වූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මා ඇතුළු වෛද්‍යවරු කිහිප දෙනෙක් යුද හමුදා රෝහලේ ඒකකයක් ස්ථාපිත කලෙමු. මෙම ඒකකයට වෛද්‍ය සමන්ත වාකීෂ්ට , වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු වැනි වෛද්‍යවරුද පූර්ණ සහාය ලබා දුන්හ​. මෙම ඒකකය සාර්ථල ලෙස ක්‍ෂිතිමය යුද අත්දැකීම් වලට ලක් වූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවට (PTSD) ගොදුරු වූ සොල්දාදුවන් රැසකට ප්‍රතිකාර ලබා දෙන ලදි.

දිනෙන් දින ජනප්‍රිය වන මෙම ඒකකයේ සාර්ථකතාව නොඉවසූ ඉරිසියාව , කුහකකම සහ මෝඩකම ඉහට ගැසූ යුද හමුදා රෝහලේ එක්තරා අණ දෙන නිලධාරියෙකු විසින් මෙකී ප්‍රතිකාර ඒකකයට බොහෝ බාධා පමුණුවා අවසානයේදී එය වසා දමන ලදි. ඔහු සිතුවේ එම පියවර මගින් මෙම ඒකකයේ සේවය කරන ලද වෛද්‍යවරුන්ට කෙළවනු ඇතැයි සිතාය​. ඔහුගේ අනුමානය වැරදී ගියේය​. එම ඒකකයේ සේවය කරන ලද වෛද්‍යවරු අද දින ලෝකයේ ප්‍රධාන පෙලේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සේවය කරති. ඔහුගේ ක්‍රියාව නිසා කෙළ වූයේ යුද්දයේ බර ඇද්දාවූ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක වැනි ගම් වලින් පැමිණි යුද ආතතියට ලක්වූ සොල්දාදුවන්ටය​, යුද ආතතිය නිසා ඝාතන සිදු කොට පසුව බෝගම්බර බන්ධනාගාරයේදී දිවි නසාගත් මේජර් අනුරුද්ධ විජයබාහු වැනි නිලධාරීන්ටය​.

2009 යුද්දය අවසානයත් සමග මේ වන විට සොල්දාදුවෝ 400 අධික ප්‍රමාණයක් දිවි නසාගෙන තිබේ. බොහෝ සොල්දාදුවෝ මිනීමැරුම් ස්ත්‍රී දූෂණ වල යෙදී දඞුවම් විඳිති. යුද ආතතියට ලක්වී සිටින සොල්දාදුවෝ බොහෝ දෙනෙකු නිසි ප්‍රතිකාර රහිතව සමාජ ප්‍රචණ්ඩත්වයේ යෙදෙති. ඉදිරි කාලයේ තව තවත් රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක මේජර් අනුරුද්ධ විජයබාහු වැන්නවුන් මතු වනු ඇත​.

මේ සමාජ ව්‍යසන වල​ට වග කියන්නේ කවුද ?

සායනික අත්දැකීම් බහුල අන්තර්ජාතික අවධානයට ලක්වූ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු ඇතුළු අනෙකුත් වෛද්‍යවරුන්ගේ සේවය යුද හමුදාවට සහ යුද්දයේ බර ඇදි සොල්දාදුවන්ට අහිමි කළ ඉරිසියාව , කුහකකම සහ මෝඩකම යන තුන් දොසින් පිරි නිලධාරියා මේ සමාජ ව්‍යසන හමුවේ කියන්නේ කුමක්ද ?


වෛද්‍ය රුවන් එම් ජයතුංග

-http://transyl2014.blogspot.ca/2015/07/blog-post_4.html

මහින්දට රහසින් පෙම් කරමි – (අ)දේශපාලනික සටහනක්

he with s “මාලන් තාමත් මහින්දට අකමැතිද?”

චැට් වින්ඩෝවකදි මට හමුවන මගේ අතීතය මගෙන් අසයි.

“මම තාමත් මහින්දට අකමැතිද?”

මම මගෙන්ම අසමි.


මගේ පියා (හිටපු) වාමාංශිකයෙකු වූයෙන් ඔහුගේ පරම්පරාවේ බොහෝ වාමාංශිකයන් සේම අප නිවසේද කුසට රස මසවළු නැතත් ගතට කසී සළු නැතත් කියවා බලන්නට පොත් පත්තර තිබුණි.

කුල්ලකින් උගුලක් අටවා කුරුල්ලෙකු අල්ලා ගන්නට උත්සහ ගන්නා කොළු ගැටයා කුල්ලේ බොහෝ ඈතක සිට උගුල දක්වා වී ඇට විසුරුවයි. වී ඇට විසීරි ඇත්තේ උගුලට යැයි නොදත් කුරුල්ලා ඈත සිට වී ඇටයෙන් ඇටය කා දමමින් කුල්ල යටට පැමිණි විට කොළු ගැටයා කුල්ල ඔසවා සිටින ලී කැබැල්ල ඈතක සිට ලණුවකින් ඇද පෙරළා දමයි. කුරුල්ලා උගුලට හසුවෙයි.

තාත්තා මා කියවීමට ඇබ්බැහි කළ ක්‍රමයද මෙයට සමානය.

පින්තුරූ පොත්, ළමා පත්තර, ළමා පොත් ඔස්සේ කුඩා වියේදීම මහ පොත් කියවන්නට ඔහු මා ඇබ්බැහි කළේය. මා ඔහුගේ උගුලට හසුවී ඇති බව දැනගත් පසු, පොත් රාක්කයෙන් මා කිය විය යුතු යැයි ඔහු සිතන පොතක් ඔහුගේ මේසය මත තබා යයි. මම එය කියවා නැවත පොත් රාක්කයෙන් තබමි. ඔහු නැවතත් පොතක් මේසය මත තබා යයි.

“මහල්ලා සහ මුහුද”

නිවසට වී සිය අඹු දරුවන් මුණුබුරන් සමඟ තම සැදෑ සමය ගත කරන, බණක් අසන, භාවනාවක් කරන, ක්‍රියාශීලී නොවන එනම් මා එතෙක් දැක ඇති සියළු මහල්ලන්ට වඩා වෙනස් මහල්ලෙකු ජිවිතයේ මුල් වරට තාත්තා මේසය උඩ තබා ගිය පොතකින් මට මුණ ගැසෙයි.

මාළුවෙකු අල්ලා ගැනීමට නොනවත්වා මුහුදු යන, එසේ ගොස් අල්ලා ගන්නා මාළුවා සමඟ සටන් කරන, මෝරුන් සමඟ නැවත සටන් කරන සන්තියාගෝ නම්වූ ඒ මහල්ලා;

“මිනිසෙකු විනාශ කළ හැකිය, පරාජය කළ නොහැකිය” යැයි කුඩා මට කියා දෙයි.


මට සරත් ෆොන්සේකා සිහිවේ.

මම ඔරලෝසුව වසර පහක් ආපස්සට කරකවිමි.

මීට වසර පහකට පෙර (2010 අගෝස්තු) එක් දිනයක ලොව හොඳම හමුදාපති ලෙසින් ඔවුන්ම හඳුන්වා ඔසවා ගෙන ගිය සරත් ෆොන්සේකා නම් වූ මහල්ලෙකු, එකල රජකම් කළ මහ රජුගේ සහ මළනුවනගේ උදහසට ලක්වීමෙන් පැළඳ සිටි තරු ගලවා අහසට විසිකර උස්සා වාහනයකට බලෙන්ම පටවා කුදලාගෙන ගොස් සිර කරන ලදි.

යුද්ධය අනුමත නොකළත්, තරු පහේ ෆොන්සේකා නිකන්ම නිකන් ෆොන්සේකා බවට රූපාන්තරණය වීමෙන් මා ලද කම්පනය, එකල ලියු “හැන්දෑව | හෙට එච්චර කළුවර නෑ” බ්ලොග් අඩවියට මම මුදා හළෙමි.
“නිකන්ම නිකන් ෆොන්සේකා”

විදුලි පංකා ගලවා දමන ලද කාමරයක සිරකරන ලද, බිම එළන ලද මැක්කන් සහිත මෙට්ටයක නිදාගත්, පෙණහැල්ලේ තුවාළ සහිත හුස්ම ගැනීමේ අපහසුතා ඇති මේ මහල්ලා (නිකන්ම නිකන් ෆොන්සේකා) මාධ්‍ය කැමරාවක් දකින සැණින් අත් දෙකම ඔසවා සිනාසී ආචර කිරීම, උසාවියට ගෙන යන විට ලැබෙන නිමේෂයක තම විරෝධය ප්‍රකාශ කිරීම දැකීමෙන් ඇතිවුන හැඟීම “ආසයි මං පියාඹන්න II” ලෙසින් සයිබර් අවකාශයට මුදා හළෙමි.

sf

මම වත්මනට එමි.

කිසිවිටක කිසිවෙකුට නොදැමුණු තරු පහේ ෆීල්ඩ් මාශල් සරත් ෆෝන්සේකා ගැන මම නොලියමි.

ඒ වෙනුවට වෙනත් මහල්ලෙකු ගැන ලියමි.


“නිකන්ම නිකන් රාජපක්ෂ”

එකළ අගමැති ජෝන් කොතලාවල මහතාගේ රත්මලානේ නිවසට පැමිණි ඩී. ඒ රාජපක්ෂ මහතා පිළිගැනීමට පෝටිකෝවට ආ කොතලාවල මහතා, වාහනයේ සිටි කුඩා කොළු ගැටයාට,

“ඒයි කොල්ලා උඹත් ඇතුළට වරෙන්”යැයි කියු බවත්

එයින් කෝප වුනු ඒ කොල්ලා අගමැතිතුමාට තමා සූප්පු කරමින් සිටි අඹ ඇටයෙන් දමා ගැසූ බවත්

“මේකානම් කවදා හරි රටේ ඉහළටම යනවා” යැයි කොතලාවල මහතා පැවසූ බවත් මා අසා ඇත.

නොම්බර එකේ සෙල්ලක්කාර ජනනායකයෙකු වූ කොතලාවල අගමැතිතුමාගෙන් නියත විවරණ ලද මේ කොල්ලා බෙලිඅත්තෙන් පාර්ලීමේන්තු යන්නේ ලංකා ඉතිහාසයේ අඩුම වයසෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයා ලෙසය.

එහෙත් ඔටුන්න හිමි අනුර කුමරු හමුවේ කොල්ලාට රජකම බොහෝ දුර විය.

mr-and-anura

කොල්ලා ජය ගත්තේය, පරාජය වූයේය, දඟ ගෙයි ගියේය, දාම් ඇද්දේය, ලණු ඇඹරුවේය, පාදයාත්‍රා ගියේය, වළලපු මිනී ගොඩ ගත්තේය, ජිනීවාට දුක කියන්නට යන්න හැදුවේය, නළා පිම්බේය, අහසින් වඩින ලද මැතිණිය රජකරවන්නට අකමැත්තෙන් වුව උර දුන්නේය. කම්කරු ප්‍රඥ්ඥප්තිය ගෙන ආවේය, සාගර විශ්ව විද්‍යාලය ආරම්භ කළේය.

photo-3

ශ්‍රී රෝහණ ජනරංජන විපක්ෂ නායක වූයේය.
වම්බොට්ටා මිය ගියේය.

අගමැති ජෝන් කොතලාවලගෙන් නියත විවරණ ලද කොල්ලා ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දහතුන්වැනි අගමැති විය.

“ලංකාව අවසන් වතාවට එක්සේසත් කළ තුන්කල් දුටු ජන මූල නායකයා” ගේ සිට “පවුල් පාලනය මඟින් ලංකාව ආර්ථිකව බංකොලොත් කළ චීනයට රට විකුණා දැමූ තම විරුද්ධවාදීන් දරුණු ලෙස මර්දනය කළ අධර්මිශ්ට පාලකයා” දක්වා පැතිරෙන පරාසය තුළින් වරණයක් තෝරා ගැනීමෙන්;

2004 නොවැම්බර් 19 <——————-> 2015 ජනවාරී 08 දක්වා කාල පරාසය නොයෙකුත් අය නොයෙකුත් අයුරින් තම රිසි ලෙසින් වර නඟති.

මම ඒ ගැන නොලියමි. (එහෙත්, කිසිවක් කිසිදා අමතක නැත.)


“මුත්තේ පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න” කවුදෝ කියනු මට ඇසුනි.

අගමැතිට අඹ ඇටයෙන් දමා ගැසු කොල්ලා දැන් මහල්ලෙකි.

මහින්ද නම් ඒ මහල්ලා මාතර රැළියකට හදිස්සියේ පැමිණ අතවනා යනු මම බලා සිටියෙමි.

mr

මට මහ මුහුදේ සටන් වදින සන්තියාගෝ නම් මහල්ලා සිහිවේ.

“මිනිසෙකු විනාශ කළ හැකිය, පරාජය කළ නොහැකිය”


අපි කැමති වුවත් නැති වුවත් සමහර මිනිසුන් මඟ හැර යා නොහැකි බව පමණක් අවසනට සටහන් කර තබමි.

මහින්දාගමනය හෙවත්, ඔබාමා ලංකාවේදී චීනාට පැරදීම - Xi Jin Pin Defeat Obama in Sri Lanka

Pic Obama Xiයහ පාලනයක් ඇති කිරීමට පත් කල ඔලමොට්ටල නායකයකු නිසා, මෙතෙක් පැවති මිලෙඡ්ච්ම හා කෘර මැතිවරණ සටණ දැක බලා ගැනීමට අපේ ජහ මනයාට වාසනාව පෑදිලාය. පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ඕවර් මැච් හා විස්සයි විස්සේ මැච් සැට් එක කැන්සොල් කොලත් අවුලක් නැතිය, ඩී වී උපුල්ලා, රත්තරන්ලා, මහින්දානන්දලා, සොයිසලා, ජොනීලා, දයාසොරිලා ගොබ්බ අලියන්ට එලවා එලවා ගහනවා බලා ආතල් එකේ හොඳම එකෙන් ගන්න පින් ලැබෙනවාය.
 

සිඳූ වූයේ කුමක්ද කියා ඉස්ටේසොන් ඉස්සරහා රුහුණු කුමාරි සයිස් බැනර් එල්ලගෙන, හොල්මන්ද බේරේ පොල් කොල වෙලා,  මෛත්‍රීපාලගේ පලු අරින ආචාර්ය මහාචාර්ය වරුන්ගේ පොල් ගෙඩි සයිස් ඔළු ගෙඩි වලට වැටහුනේ නැති වුවද, මාතලන් වගේ හාල්පාරුවන් නම් සෝමරත්න දිසානායක නම් කාළකන්නියා රූපවාහිනියට පත් කල වෙලේ පටන්ම කිව්වේ, වෙන්නට යන්නේ පුද්ගලයන් වෙනස් වීමක් මිස, ක්‍රමයේ වෙනසක් නොවනා බවමය.

 
මාතලන් කිසි අවුලක් නැතිව කිව්වේ, 19 කියන්නේ අමුම අමු සෙප්පඩ විජ්ජාවක් බවය. අර්ජුන මහේන්ද්‍රගේ කේස් එකෙන් අලින්ට අසූචි නාගන්න දී, උන් කවර් කරන්නේත් ගේමේම එක කොටසක් ලෙස බවත් අපි පැහැදිලිවම කිව්වෙමු. මළහත්තිලව් 20 ක් උස්සාගෙන විත් ඒක සම්මත නොකිරීමේ වරදත් ගොන් අලින්ට පවරා, මෛත්‍රීපාල උන්නැහේ මම බබා පාට් එක අපූරුවට රඟපෑවේය.
 
එජාප ශ්‍රි ලංකා පක්ෂ දෙකේම ඉතිහාසයේ මෙතෙක් පහළවූ හාල්පාරුම් නායකයන් දෙදෙනෙකුගේ එකතුවෙන්, මේ රටේ සිඳූවූ දරුණුම ආර්ථික අවපාතයට රට මුහුණ දුන්නා මෙන්ම, (අපරාදේ කියන්නේ මෙළෝ හසරක් නොදන්න විස්කි මැඩම්ගේ කාලයේ වත් ආර්ථිකයට මේ තරම් කෙල වූයේ නැත. අනික ඒ කාළේ පිරබාහරන් මහතාද මැක්සිමම් ආතල් දුන්න කාලයක්ය.) මෙතරම් කෙටි කලකින් තුඃ නොදෝමකින් කියනා තත්වයට පත් වූ ආන්ඩුවත් මෙයම වන්නේය. එකෙකුට එකෙක් ගල් ආඳ ගේම් දෙමින් ගෙනගිය පාලනය අවසාන වන්නේ, දෙන්නාටම කෙල වීමෙන්ය
 
යහපාලනයට ඡන්දය දුන් ටොයියන්ද කියන්නට පටන් ගත්තේ, මේ වගේ ගොබ්බ ආන්ඩුවක් පත් කර ගත්තාට වඩා මහින්ද මහත්තයා උන්නා නම් මීට වඩා දස දහස් වරක් හොඳයි කියාය. ඇත්තටම මහින්ද පැරදුනේ රජයේ දේපල යටි මඩි ගැසූ නිසාවත්, ජාතිවාදියකු වූ නිසාවත් නොවේ. සාමාන්නිය ජහ මනයා කියන උන්ගේ බඩට කෙලි නිසාමය. 70-77 වගේම මහ උන් කෑවාට පොඩි උන්ට දුන්නේ නැති හින්දාය. රනිල් ආවත් හොරකම් කොරනවා නම්, ඒ යකා කොරන්නෙත් හොරු රකිනා එක නම්, ඇත්තටම රනිල්ට වඩා මහින්ද දහස් ගුණයක් හොඳය.
 
මෛත්‍රී නොමිනේසොන් දුන්නත් නොදුන්නත්, මහින්ද හා මහින්දගේ කල්ලිය අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එනවාමය. අපේ උන් කැමති, මහාචාර්ය හරේන්ද්‍ර සිල්වාට වඩා, සාරුවා සුනිල් දියවන්නාවේ ඉන්නවාටය. ජස්ටිස් වරාවැවට වඩා, ජරාවැඩ වලට නමගිය දියවන්නාවේ බඩු ගැසු, සරත් නන්ද සිල්වාටය. දියවන්නාවා ගාව බඩු ගහනා එක, දියවන්නාව තරණයට කොලිපිකේසොන් එකක් වෙන්නේ එහෙමය. සුමිත්‍රා රාහුබද්දලාට වඩා, පබා, මාලනීලාටය. ඒ අපේ අති සෙරේස්ට සඟිස්කෘත්‍යද මක්කද රෙද්දේ හැටිය.
 
මේ ජන වින්නානේද කොඩිවිනේද මක්කද එකට ගැලපෙන අපූරු රජෙක් 2005 දී මේ රටේ බුද්ධිමත් ජනතාවට දෙවියන් වහන්සේ එව්වේය. රාවණා එනකන් බලාගෙන උන්න උන්ට, රාවණා ඉතරක් නොව එයාගේ මල්ලී විභිසොනත් හම්බ උනේය. යෙසුස් වහන්සේ එනකන් බලාගෙන ඉන්නා උන්ට, යේසුස් නොව දෙවියන් වහන්සේම රැවුලකුත් වවාගෙන සාටකේකුත් පොරවාගෙන ආවේය.
 
රැවුල හා සාටකේ, ඔබාමලාට කැමරන්ලාට දිරෙව්වේ නැති උනාට, ඉස්සර දත් බැඳපු, දැන් දත් ගලවන චීනාට අල්ලලාම ගියේය. උන් කළේ බුදු හාන්දුරුවොන්ටත් නෑකම් තිබුන නිසා, ඇමරිකන් කාරයා කොලනියක් කොර ගන්න දඟලපු අම්මට සිරි ලංකාව, උන්ගේ කොලොන්යක් කොර ගන්නා එකය.හොරා කන උන්ට හිතේ හැටියට හොරා කන්න දෙමින්, හම්බයන්ගේ තොට ඉතරක් නොව, කොළොම් තොටත් උන්ගේ කොර ගත්තේය.
 
ඒක මදි නිසා, මුහුද ගොඩ කොරලා, පෝට් සිටියකුත්  හදා ගන්න ගියේය. ඇරොප්ලේන් බාන්න මත්තලත් හදා ගත්තේය. කොටින්ම තව අවුරුදු 3-4 ක් ගියා නම්, සිංහයන්ගේ දේශය සිංගප්පූරුවක් කොරන්න ගියේය. ඒකට නියම බුලට් බඩුවකුත් ලොක්කා ළඟ උන්නේය. ඒ ඝෝඨාභය යෝධයාය.
 
මේ එකඳු සංවර්ධන වියාප්පුරුතියක් හෝ ඝෝඨාභයගේ කොළොම්පුරේ සිරියාව, ගෙදර යැවුවායින් පස්සේ වත් මාතලන් විසින් විවේච්නය නොකලේ, මේවා යුගයේ අවස්සියතාවයන් නිසාය. බැසිලුත් කොමිස් කෑවද පුංචි බන්ඩා හා එකතුව ක්‍රෙඩිඩ් කොන්ට්‍රෝලින් වැඩේ ගානට ගෙන ගියේය.
 
යහපාලන හාල් පාරුවන්ට කොරන්න බැරි උනේත් එයමය. හොරුන්ට දෙන්න එපා කියමින් පැෆරල් එකේ උන් උස්සාගෙන යන පෙස්සම, රෝල් කරලා රෙද්ද උස්සා පස්ස පැත්තේ ගහගත්තා නම් අගේය. මොකෝ ලංකාවේ ළොකුම හොරා කියපු එකාට, යහපාලනයේ වෙස්සන්තර අප්පුහාමි, මහා කතිර යුද්දෙට නියත විවරණ දීලාය. දැන් උන්නැහේ කියනා නිසා අනික් උන්ටත් දෙන්නම වෙනවාය.
 
අපේ උන් මොන බයිලා ගැසුවද, ඔතන ගියේ ඉන්ටර්නැසොනල් පොලිටිකල් ගේමක්ය. යහපාලන බූරුවෝ මහ බලවතා බවට පත් වෙමින් ඉන්නා චීනා අමතක කොට, ඔබාමාගේ එළිසබත්ලාගේ පුක ඉඹින්න ගියේය. එහෙම පුක ඉඹිනා එක මහා ළොකු කමක් කියලා ඉස්ටේජ් ගානේ කෑ මොර දුන්නේය. දැන්, උන්ට අපට දෙනවා තියා, උන්ගේ උන්ටවත් දෙන්න බැරිව කෙලවෙලා ඉන්න උන්ය.
 
මහින්දගේ සැට් එකට බැක් කොලේ චීනාය. අත දිග ඇර මුදල් වියදම් කොළේය. චීනා සිරසේ ගඩොල් වන්දනාව මාර්ගයෙන්, මෙළෝ දැක්මක් නැති නායකයා අපූරුවට බා ගත්තේය. මහින්දට නොමිනේසොන් ලැබෙන්නේ විමල් නිසාවත්, දිනේස් නිසාවත්, මංගොන්පිල නිසාවත් වාසු නිසාවත් නේමය. චීනා නිසාය. අනුරාජපුරේ මීටමට මහින්දත් එක්ක මෛත්‍රීත් නැග්ගොත ඒවා මහා ළොකු දේවල් නෙමේය.
 
අනිවාරයයෙන් ඡන්දෙන් පස්සේ රට කරවන ගේම ගෙනියන්නේ මහින්ද හා මෛත්‍රි අතරය. මාතලන් කලින් කීවාක් මෙන් රුසියාවේ පුටින් මෙන්, ඉන්දියාවෙ සෝනියා මෙන්, නැවතත් රට පාලනය කොරන්නේ මහින්දය. මෙළෝ රහක් නැති රනිල් හා බටහිර කරේ තියාගෙන ටයි කෝට් ගහගෙන රඹ ටෝක් දෙන ඉකොනොමිස්ට්ලාට, ආයෙත් විපක්සෙට වෙලා ආතල් එකේ ඉන්නට පුළුවන්ය. මොකෝ උන් කොරන්න ගිහින් හත් පොලේ ගාගන්නවාට වඩා, කරන්න පුළුවන් කිය කියා විපක්ෂෙම ඉන්න එක එයාලාගේ පෝර්සනැලටිවලටත් ප්ලස් මාක් එකක් වෙනවාය.
 
ජෝතිසා කාරයෝ හඳහන් බැලුවාට, විශ්ව ශක්තියෙන බයිලා ගැහුවාට වැඩක් නැතිය. අද ළෝකය දුවන්නේ බලය ධනය හා කොමිස් කුට්ටි මතය. ඒ සියල්ල වැඩියෙන් තියෙන්නේ චීනා ළඟය. ඒ නිසා දින්නේ මහින්ද නොවේය. චීනාය. ඒකට මාතලන් මනාපය.

ජනපති මහින්ද, අගමැති සිරිසේන කථා වස්තුව.. The Story behind President MR & PM Siraa

sirisenanදිනය - 2014 - 11 - 19
ඉස්තානය - අරලිය ගහ මන්දිරය..

මහින්ද මහත්තයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ඩිනර් පාටියකි. සුපුරුදු පරිදි දියවන්නාවේ පිස්සන් කොටුවේ, කුඩු කාරයෝද, එතනෝල්කාරයෝද, බුකි කාරයෝද, රේප් කේස් කාරයෝද, බාර් කාරයෝද, ගංජා කාරයෝද, වමේ හිඟන්නෝද, රිලවුන්ද, අරුන්ද මුන්ද, කොටින්ම කියතොත් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා ඔක්කෝම හාල්පාරුවෝ පිරී සිටිති.

අනික් හාල්පාරුවන්ගෙන් අම්බානක අමාරුවෙන් ෂෙප් උන් ජනාධිපති තුමා සිරා වෙත පැමිණෙයි.

සිරා පොඩ්ඩක් එනවකෝ මට තමුසෙත් එක්ක පොඩි කතාවක් තියෙනවා. තමුසෙ මොනවද කන්නේ.

හැමදාම පරිප්පුම කාලා එපා වෙලා සෑර්. ආප්පයක් කන්න කියලා බැලුවේ..

එහෙනම් කන මළදානෙකුත් පිඟානකට දාගෙන තමුසෙ එනවකෝ පැත්තකට..

හරි සෑර් මම බිත්තර ආප්ප දෙකකුත් දාගෙන සං ගාලා එන්නම් හිටන්..

අනෙක් හාල්පාරුවෝද ජනාධිපති තුමා පස්සෙන් වැටෙයි, දනින් වැටෙයි, බිම පෙරලෙයි..

හරි හරි ඕයි වඳින්න පුළුවන් පස්සේ, තමුසෙලා අම්මට හැමිනෙන්නේ නැතිව පැත්ත්තකට වෙනවැයි.. මට මේ සිරා එක්ක පොඩි ඩිස්කසොන් එකක් තියෙනවා..

මොකද සෑර් මේ කවදාවත් නැතිව. ඇපොයිමන්ට් එකක් ඉල්ලුවත් ගන්න බැරි වෙලාවේ..

හරි හරි අයිසේ තමුසෙ දන්නවා නේ මට අට අනූවක් වැඩ තියෙනවය කියලා, කී දෙනෙකුට කියලා ඇපොයිමන්ට් දෙන්නෙයි ඕයි..

ඇත්ත සෑර් ඇත්ත ඇත්ත

තමුසෙට අරුන් සෙට් එක කතා කරනවා නේද..?

මොන සෙට් එකද සෑර්...?

උඹ බබා... නිකං පලයන් බං යන්න.. අර පොදු අපේක්ෂකයෙක් හොයන සෙට් එක..

මොන පිස්සුද සර්.. අපි යනවද සර් දාලා හිටන්..

යන්න වෙනවා ඕයි... යන්න වෙනවා...

පිස්සුද සර්.. සර් දාලා අපි කොහේ යන්නෙයි හිටන්..

සිරා... මෙහෙමයි රජෝ කේස් එක.. සුමනයා කිව්වා මට කෙලවෙන්නයි යන්නේ,,, ඒ නිසා මොකක් හරි ගේමක් ගහන්නය කියලා...

මොන සුමනයද සර්..?

කේන්දර සුමනේ බං.. කේන්දර සුමනේ..

හුටා ඌ මොකක්ද සෑර් කිව්වේ හිටං..?

ඒ යකා කියන්නේ මට අවුරුද්දක් ඉතර අපලයිලු... ඉතින් එතකන් රුසියාවේ පුටින් වගේ, ෂුවර් එකෙකුට බලේ දීලා, ආයේ ෂේප් එකේ පොරක් වගේ සීන් එකට එන්නෙයිලු..

ඉතින් සෑර් මට කතාකොලේ....., උපදේසයක් හෙම ගන්ට වෙන්ඩෑ.... ඇයි සර් ඔය අසූ හාරදාහක් ඉතර ඉන්න උපදේසකයෝ ඉන්නේ....

උන් දන්න රෙද්දෙ උපදෙස්... උන්ගේ පවුල් අවුල් උනාමත් උපදෙස් ගන්නේ මගෙන් බං... ඔය සුමනයා කිව්වා නේ පුලන්නොන්ට දෙන්නය කියලා...

මට තේරුණා සෑර්...., මට තේරුනා.... දැන් සෑර් මගෙන් අහන්නේ... සෑර්ද, ගෝඨාභය සෑර්ද, නාමල් සෑර්ද හොඳයි කියලා හිටන්...?

පිස්සුද යකෝ...., රාජපක්ෂලා එකෙක් ෂුවර් නෑ.. උඹ එදා ඉඳන් අනේ අපොයි නොකියා කඩේ යන එකා නේ..

ඒක ඇත්ත සෑර්... අපිටත් එහෙම්මමැයි...

මම ගේමට දාන්න යන්නේ ඔහේව..

මේ මාව.. බම්බුව තමයි... මම කොහොමද සෑර් කන්න දුන්න අත හපාකන්නේ හිටන්..?

ඔව් යකෝ සුමනේ කිව්වෙත් උඹලු නියම බඩුව..

ඇත්ත සෑර්...., මැඩමුත් කතා කලා....., ඉතින් සෑර් මොකා ආවත්, කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා නම් මේ පාරත් ගොඩනේ..

උඹට තේරෙන්නේ නෑ සිරා... මම පරදින්න ඕන.. ඒත් අරුන්ගේ පොද්දෙකුට පැරදුනොත්, මට ආයේ බලේ ගන්න බෑ සුමනයා කිව්වත්.., ඒ නිසා තමයි උඹව දාන්නේ මචං

සිරගේ උගුරේ බිත්තර ආප්ප කෑල්ලක් හිරවේ...

පොඩ්ඩක් හිටහන් මචං මම පිට අතගාන්න.. අම්මට හුඩු කඳුළුත් ඇවිල්ලා..

මට ඇඬෙනවා සෑර්...

අඬන්න ඕන නෑ මචං... මේක මේ විදියට උනේ නැත්නම් මටයි අඬන්න වෙන්නේ..

ඉතින් සෑර් රනිල් ඉල්ලුවත් පරදිනවනේ...

පිස්සුද බං දැන් තියෙන සිටුවේසොන් එකට පොල් පිත්තක් ඉල්ලුවත් දිනනවා.. ඒත් දිනන එකා මගේ එකෙක් වෙන්න ඕන.. ඔබාමා කියන්නේත් එහෙමයි..

මොකා ඔබාමා.. ? පිස්සු කෙලින්න එපා මචං... ෂොරි ෂොරි සෑර්..

 
ඔව් යකෝ...., ඔබාමා කියන්නෙත් මේ ළෝකෙට ඔබාමලා දෙන්නෙක් ඕන නෑ කියලා.. මෝදිත් කිව්වා ඇමරිකන් කාරයන්ට වඩා රනිල් ෂුවර් නෑ කියලා.. ඒ නිසා උන් ඔක්කෝම උඹට සප් එක දෙයි හොඳෙයි.. අනික මචෝ,,,, උන් මට අදින ගේම් වලින් බේරෙන්න තියෙන එකම සිස්ටම් එකත් ඒකයි..
 
එතකොට සෑර් මම දින්නා කියමු .. එතකොට කැබිනට් එක..?
 
උඹත් එක්ක යන්න තව හාල්පාරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් එනවා.. උඹ ආපු ගමන් උන්ටයි රනිල්ගේ සෙට් එකටයි පෝස්ට් දෙනවා..
 
එතකොට අපේ උන් සෑර්...?
 
උන්ට ටික කාළෙකට නොකා ඉන්න කියනවා...
 
ඒත් සෑර් ජනාධිපති කමට කෙලෙ වෙනවනේ මම ආවෝත්.. අරුන් කියන්නේ ජනපති ක්‍රමේ නැති කරනවයි කියලනේ හිටන්...
 
පිස්සුද බං....,  ඕක අයින් කොරනවැයි මොළේ කළඳක් ඇති එකෙක්..., ඕක අයින් කරනවට එකෙක් කැමති නෑ මචං.. ඔය මොකක් හරි බොරුවක් දාහන්.. මම අර පිස්සු විතාරනට කියලා, ජයම්පතියා සෙට් කරන්නම් ඌ දෙයි නියම ගේමක්..
 
ඒත් සෑර් ඒ කැබිනට් එක ජනප්‍රිය උනොත්..?
 
එහෙම වෙන්නේ නැති ගේමකුත් සෙට් කරලා තියෙන්නේ බං.. උඹ කියහන් දවස් 100 න් රට හදනවැයි කියලා..
 
දවස් සීයෙන්..? දවස් සීයෙන් කොහොමද් සෑර්...., අපි අවුරුදු ගානක් හම්බ කරපුවා අරුන් හම්බ කොරන්නේ..?
 
උඹ පඬියා නොවි මං කියන එක කොරහන්කෝ..
 
හරි සෑර්.. හරි, හරි,...... එතකොට සෑර් පැරදිලා මැදමුලනට යනවා..
 
ආ.... ඔය තේරෙන්නේ ගොනාට වගේ.. එහෙම නිකං යන්නේ නෑ බං.. මම කුමන්ත්‍රණයක් කොරනවා..
එතකොට උඹට මාක්ස් එනවා..
 
ඉතින් සෑර් කොහොමද ආයෙත් ගේමට එන්නේ..
 
මම මචං උඹට පක්ෂේ සභාපති කමත් දෙනවා..
 
ඒක අරයා ඉල්ලයිද දන්නේ නෑ..
 
එයැයිට දෙන්න ඕන නෑ බං.. දෙනවා කියලා ගොනාට අන්දහන්.. පව් නේ බං.. කාගේ උනත් බන්ඩගේ දරුවෙක් නේ..
 
හරි පක්ෂේ සභාපති කම දීලා හිටන්..
 
එහෙම දීලා...., පක්ෂේ උන්ට කියලා උඹට ගේම අදිනවා..
 
උඹ කියනවා, මම උඹව මරන්න එනවය කියලා... මම කියනවා, උඹ මාව මරන්න එනවැයි කියලා.. උඹ උඹේ හරක් ටික දක්කහන්.. මම මගේ හරක් ටික දක්කන්නම්..

එතකොට සෑර්, බැසිල් සෑර්...

ඌව කොහොම හරි කපලා දාහන්.., ඇතුලට දැම්මත් කමක් නෑ.. උඹලට ඉතරක් නෙමෙයි බං...., මටත් හෙන වනයක් වෙලා තියෙන්නේ..., මැඩම්ට පෙන්නන්නත් බෑ.. බේබිලට පෙන්නන්නත් බෑ...

 
ඉතින් සර් බලේට එන්නේ...?
 
දවස් 100 ඇතුලේ, අවුරුදු ගානක් පරිප්පු කාපු උන්, ආපු ගමන් ගේම් දෙනවා.. අපි ඒවට අංචි අදිනවා.. උඹ උන්ට බැක් කරනවා..
 
එතකොට උඹයි අරුනුයි නෝන්ඩි වෙනවා.. මම දිගටම ගේම අදිනවා.. උඹ කොටියට රට දෙනවා කියනවා. හොරු රකිනවා කියනවා.. මේකද යහ පාලනේ කියනවා..
 
ඉතින් සෑර් දවස් 100 න් ඡන්දෙට යනවා හිටන්..
 
පිස්සුද යකෝ... දවස් 100න් බැරි නිසා, දෙසීයක් විතර නාන්න දෙනවා.. ඔබාමලා, එළිසබෙත්ලා, මෝඩිලා ඔක්කෝම පුක පෙන්නනවා.. චිනට කියනවා සතයක් දෙන්න එපා කියලා..
 
ඉතින් සෑර් ඉතින් ඉතින්..?
 
ඕන් ඊට පස්සේ අම්මගේ රෙද්ද ලිහනවා...
 
කාගේ අම්මගෙද සෑර්.. ?
 
අම්මගේ රෙද්ද නෙමෙයි බං.. පාර්ලිමේන්තුව...
 
විසුරුවලා හිටන්...?

බැසිල්ට නොමිනේසොන් නැතෙයිය කියනවා... ඒ වෙනුවට ඝෝඨට දෙනවා..

ඉතින් සෑර් මේ සැරේ ඝෝඨා අරින්න ගත්තොත්...?

එහෙම ආවොත් එයාට ජිනීවා නඩුවට යන්නෙයි කියලා, ඔබාට කියනවා ඇමරිකාවට ගන්නෙය කියලා..

මාර පොරක්නෙ සෑර්... ඇනේ සෑර් ඔය මොළේ අපිට තිබුනා නම්..

එක තිබුනේ නෑති එක හොඳයි.. එහෙනම් ඩඩ්ලියා ළෝකේ ළොකුම කෝටිපතියා වෙනවා... උඹ කියනවා මහින්ද නැතිව පක්ෂෙට දිනන්න බෑ... ඒ නිසා මහින්දට කැම්පේන් එක දෙනවා කියලා...

 
ඉතින් සෑර් මම නේ සභාපති..?
 
ඒකනේ ගොනෝ කිව්වේ අරකිට හෙම දෙන්න එපාය කියලා..
 
හරි හරි ඊට පස්සේ සෑර් අගමැති වෙනවා.. එහෙම වෙලා මට දෝෂාභියෝගේ ගේනවා.. මම ඒකෙන් පරදිනවා.. අනේ සෑර්...,, ඊට පස්සේ මම ගෙදර යන්න වෙනවනේ හිටන්.. මට වෙන්නේ වැලි රාජු වගේ වැලි අදින්නද එතකොට... නැත්නම් සම්පෙට යන්නද....?
 
පිස්සුද යකෝ...., ඊට පස්සේ මම උඹට ලිස්ට් එකෙන් අරගෙන අගමැති කරනවා..
 
අනේ සෑර් මට පුදුම ආසාවක් තිබ්බේ සෑර් රටේ අගමැති වෙන්න.. එහෙනම් ෂුවර් නේද සෑර්... සිරා නේ...
 
සිරා.... සිරා.... මගේ බුදු සිරෝ.... ෆුල් සිරා..... යකෝ මහින්ද කවදාවත් කරනවයි කියපු දෙයක් නොකර ඉඳලා තියෙනවද.. මම ජනපති.... උඹ අගමැති..
 
ඇනේ තැන්කිව් සෑර්...!!!
 
එහෙනම් සෑර් මම හෙටම අරුන් එක්ක සෙට් වෙනවා...

අතුරලියේ රත්න විසින් රචිත, වීරවංශයෙන් උපුටා ගන්නා ලදුව, ගවේසොනසීලී මාද්දිය වේදී මාතලන් විසින් ලියා පල කරන ලදි....

බලුපැටවුන්ගේ පණ රැකදුන් අපේ කාලයේ පුංචි වීරයාට ඔබේ වටිනා එස්.එම්.එස් මනාපය ලබා දෙන්න!

haveyouseenthiscow“ටීවි අළුත් කරන සිරස” යැයි අපට එකල උගන්වා තිබිණ.

නිමල් ලක්ශපතිආරච්චිගේ “සිරස” අළුතෙන් කළ බම්බුවක් නොමැති බව දැන ගන්නේ පසුකාලීනව අන්තර්ජාලය ඇසුරු කරන්නට ගත් පසුය. ලැජ්ජා සිතෙන අන්දමින් බටහිර රූපවාහිනි වැඩසටහන් වල ලෝ බජට් කාබන් කොපි සිරි ලාංකික ආලින්දයට ලංකික මාධ්‍ය මුදලාලි විසින් වඩම්මා තිබුණි.

ce

එහිම දිගුවකි “American Idol” රියැලිටි වැඩසටහන, කාබන් පිටපත් කරමින් 2006 වසරේ “සිරස” සිරි ලංකාවේ ටෙලිවිශනයට හදුන්වා දුන් “සිරස සුපර් ස්ටාර්ස්”.

සිරස සුපර්ස්ටාර් පළමු වැඩසටහනට වැලිවේරියේ සිට කොල්ලෙක් ආවේය.

කොල්ලා හැඩය, අමුතු තාලයේ තොප්පියක් පැළඳ සිටියේය, මුහුණේ තිබුණ කැළලද ඔහුට ලස්සනක් එක්කළේය.

ඔහු ගිටාරය ඔහුට ඕනෑ විදිහට නටවා, නිතර අසා ඇති ගීයක් ඔහුට ඕනා විදිහට අමුතුම තාලයකින් ගැයීය.

කීන දම් මිටක් කඩන් ආ..ආ..ආ..වා මගේ.එ.එ.එ. නංගෝ
කාටවත් නෙවෙයි නඟාටයි මේ ආ..ආ..ආ.. නංගෝ”

කෙල්ලෝ “ශි..හා..හා..හා..හා..න්” වැළඳ ගනිද්දි කොල්ලෝ ශිහාන්ට ඊර්ශ්‍යා කළහ.

ශිහාන් ටීවි අළුත් කළේය.

hqdefault

ශිහාන්ගේ ගායන හැකියාව අතිවිශිෂ්ට නොවෙතත්, අති දක්ෂ අන්දමින් ශිහාන් ඔහුගේ ස්වරූපය වෙළඳ සන්නමයක් (brand name) බවට රූපාන්තරණය කරගෙන තිබුණි. ශිහාන්ට අනන්‍යය වූ හැඩය සහ වර්ණය, ඔහුටම අනන්‍යය වූ විකිණුම් මූලය (unique selling proposition) විය. ශිහාන් උණු කැවුම් මෙන් විකුණුනේත් ඔහු පෙනී සිටි වෙළඳ භාණ්ඩ විකුණුනේත් ඒ නිසාය.

බ්ලොග්කරුට ශිහාන් මිහිරංග අළෙවිකරණයේ වටිනා පාඩමක් ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීය.

ප්‍රකට ග්‍රන්ථකතුවරයෙකු, අළෙවිකරුවෙකු වන සෙත් ගොඩින් (Seth Godin) දේශනයක කියු දෙයක් බ්ලොග්කරුට සිහිවෙයි,

“ඔබ ගම්බද පෙදෙසෙක වාහනයක යනවිට දෙපසින් පෙනෙන ගවයන් දෙස ඔබගේ අවදානය යොමු කරන්නේ නැත. ඒ ඔබ දකින ගවයන් සියල්ලම එක හා සමාන වන නිසාය. එහෙත් එකහා සමාන ගවයන් අතරේ ඔබ දම්පැහැති ගවයෙකු දකීනම් වාහනය නවත්වා දම් පැහැ ගවයා සමඟ සෙල්ෆියක් ගැනීමට ඔබ උත්සාහ කරයි. ඒ ඔබ මින් පෙර දම් පැහැති ගවයෙකු  දැක නැති බැවිනි” (සෙල්ෆි කොටස එක් කරනු ලැබුයේ මා විසිනි.)

ඔහු තවත් උදාහරණයක් ගනී,

“ඔබ සුපිරි වෙළඳසැලෙන් කිරි මිළඳී ගැනීමට යයි. රාක්කයේ ඇති සෑම කිරි පැකට්ටුවකම (carton) එකහා සමානව milkmilkmilk, milk ලෙසින් ලියා ඇති බැවින්, ඒ අතරින් කුමක් තොරා ගන්නේදැයි තීරණයට කිරීමට නොහැකිව ඔබ අපහසුතාවට පත්වේ. එහෙත් එක් කිරි පැකට්ටුවක “silk” කියා ලියා තිබුණහොත් ඔබේ අවදානය එම පැකට්ටුව දිනා ගනී.

ඔබ දන්නවාද එක් කිරි කොම්පැණියක් “silk” ලෙසින් ඔවුන්ගේ ලේබලය වෙනස් කිරිමෙන් පමණක් ඔවුන්ගේ විකුණුම් තුන් ගුණයකින් ඉහළ ගිය බව?”

සෙත් ගොඩින් අපට කියා දෙන්නේත්, ශිහාන් අපට ඔප්පු කර පෙන්වන්නේත් එකම දෙයකි. එනම් බඩුවක් විකුණන්නට නම්, එය වෙළඳ පොළේ තරඟයට තබා ඇති අනෙක් බඩු වලට වඩා අනන්‍යය හා සවිශේෂ බව පාරිභෝගිකයනට ඒත්තු ගැන්විය යුතු බව.

සිරස සුපර්ස්ටාර්ස් පළමු තරඟයේ (season 1) ගමේ දුප්පත් කොල්ලා වූ අජිත් බණ්ඩාර නඟරයේ හැන්ඩි කොල්ලා පරාජය කළේය. දෙවන තරඟයේ (season 2) මීගමුවේ දුප්පත් කතෝලික සුරේන්ද්‍ර පෙරේරා පරදා රත්නපුරයේ දොස්තර (හොඳ) පුතා ජයග්‍රහණය කළේය.

“පබා” ටෙලිනාට්‍යයයේ පීඩිත පන්තියේ අහිංසක තරුණියකගේ චරිතයට පණදුන් එහෙත් 13 වැනි සංශෝදනය ගැන මෙළෝ දෙයක් නොදත් උපේක්ෂා ස්වර්ණමාලී කරූ ජයසූරිය පරදා ගම්පහින් පාර්ලිමේන්තු ගියාය. සමීක්ෂණයකින් හෙළිවූයේ 2005 ජනාධිපතිවරණයේදි ඡන්ද දායකයන් පිරිසක් රනිල් වික්‍රමසිංහට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දුන්නේ ඔහුගේ බුරුසු රැවුල නිසා බවය. (ඒ අවස්තාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනන්‍යය විකුණුම් මූලය (unique selling proposition) වුයේ ඔහුගේ බුරුසු රැවුලයි.)

upeksha-swarnamali-to-support-18thc2a0amendmentගායන තරඟයක ගායනයට හෝ ප්‍රසාංගික හැකියාවට මුල් තැන ලැබිය යුතු වුවත්, ඡන්දයකදි අපේක්ෂකයාගේ දේශපාලන ඥාණයට, පරිණතභාවයට හෝ භාවිතාවට මුල්තැන දිය යුතු වුවත් අවදානය ලැබී තිබුනේ වෙනත් පරිභාහිර කාරණා වලටය. එය කෙතරම් සුදුසු දැයි තීරණය කිරීම මම ඔබට භාර කරමි.

gggggg

ශිහාන් මිහිරංගගේ සිට අද දක්වා ගතවුනු දස වසරක කාලය තුළ රියලිටි කලාව බොහෝ වෙනස්කම් වලට ලක්ව තිබේ. තවදුරටත් වෙන්ඩ ශිහාන්ලාට, වෙන්ඩ පබාලාට වෙළඳ පොළක් නොමැත්තේ රියැලිටිය තුළ තරුවක් වෙන්නට සටන් වදින “වෙන්ඩ තරු” තමන් දන්නා සියලුම ශිල්පයක්ම මේ වන විට දක්වා අවසන් බැවිනි. ඒ නිසා වෙන්ඩ තාරකාවන් ප්‍රේක්ෂකයාහට සාර්ථකව අලෙවිකිරීමට ඔවුනගේ අනන්‍යය විකුණුම් මූලයන් සොයා වෙනදා ගවේශනය නොකළ ඉසවු කරා යොමුවීමට මෙම තරඟකරුවන්ට ඔසවාගෙන යන පිරිසට සිදුව තිබේ.

බ්ලොග්කරුගේ අදහස වන්නේ, මෙම වෙන්ඩ තරුවල ඒ අනන්‍යය විකුණුම් මූලය අති විශිෂ්ට ගායන හැකියාවක් සහ අති විශිෂ්ට ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් වන්නේ නම් එය රියැලිටි ප්‍රේක්ෂකයාත්, රියැලිටි තරඟකරුවාත් දෙදෙනාම එකවර ලබන ජයග්‍රහණයක් (win-win) බවයි.

එහෙත් එය බ්ලොග්කරුගේ තවත් එක් ෆැන්ටසියක් පමණි.

“රියැලිටිය දුකක් වෙද්දි ෆැන්ටසිය සැපක්”

-https://asammathasatahan.wordpress.com/2015/06/20/reality-star/

ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරකි

mahajana1ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරක් බව අපි නැවතත් අවධාරණය කරමු.

මේ වන විට රාජපක්ෂවාදී සොරු දත මැදගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක් කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලා පසුගිය කාලයේ සොරකම් කර මුදල් යොදවා ඡන්ද කර දිනා ගන්නට ය.

මේ සිහිනය සැබෑ කිරීමට ඉඩ නො දිය යුතු ය. මහජනතාව ලෙස අපි නැවතත් මේ සොරුන්ට බලයට පත් වන්නට තිබෙන සියලු මාර්ග අවහිර කළ යුතු ය.

අපි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ මේ සොරුන්ට අනුග්‍රහ දක්වන්නට නො වේ. සොරුන් දේශපාලනයෙන් අතු ගා දමන්නට ය.

ඔවුන්ට නාම යෝජනා දී ඔවුන් පරද්දන්නැයි අපෙන් ඉල්ලන්නට එපා.

මේ චෞර කැලත මහින්දට ම භාර දෙන්න.

ශ්‍රීලනිපයෙන් අලුත්, දක්ෂ පිරිසකට අවස්ථාව දෙන්න.

අපි පාර්ලිමේන්තුව පිරිසිදු කරමු.

(මෙම පෝස්ටර් ෆේස්බුක් මගින් බෙදා හරින ලද ඒවා ය. ඒවායේ නිර්මානකරුවන්ට ස්තුතියි.)

එතකොට අපි හාල් කෑලි..??

modern-slave'සංවර්ධනය' යන්නට නානාප්පර නිර්වචන අටෝරාසියක් ඇතිබව ගස්ලබ්බාට මතකය.ඕ ලෙවෙල්  කොරද්දී සංවර්ධන අධ්‍යයනය නම් විශයකදී ඒවා පාඩම් කළ බවත් යාන්තමට මතකය.ඒත් දැං ඒවා මතක නැත.ත්‍රී ඉඩියට් පිලුම් එකේ වගේ 'ඩෙෆිනිශන් ක්‍යා හේ?' කියා අහන විශයන් ඉක්මනින් අමතක කර හිත නිදහස් කර ගැනීම ගස්ලබ්බාට හොඳට පුරුදුය. හදිසියේම සංවර්ධනය මතක් උනේ මල කෙලියක් නිසාය. කෙලිය නම් මේකය.

දැං ගෙදරට ඉතිරි වී ඇති එකම එකා නිසා විප්‍රවාස ගත වීම කල් දම දමා (දැං නම් ඇඟිලි ගනිමින්) උන්නු නිසා හා නොහිතපු විදිහට ලයිෆ් ප්ලෑනට කෙල වූ නිසා ගස් ලබ්බා ලඟ තැන්පත් මුදලක් නැති ය.මුදල් අවශ්‍යතාවය නිසා ගස්ලබ්බා කලේ බැංකුවක සරණ පැතීම ය.මක්ක ද යත් සමාන සුදුසුකම් ඇති සමාන රැකියා වල යෙදෙන අනිත් ලබ්බන්ටත් බොහොම ලෙහෙසියෙන් ණය මුදල් අනුමත කරගැනීමට හැකි වූ නිසා ය.කොටින්ම ලීසිං එකකට වඩා වාසි ලැබෙන ණය යෝජනා ක්‍රම ලබාගැනීමට අවශ්‍ය සාමාජිකත්ව පවා ගස්ලබ්බා ලබාගෙන තිබූ නිසා හිතේ කොනක වත් සැකයක් තිබුනේම නැති ය.

කෙල උනේ බැංකුවට ගිය විටදී ය.

ඉල්ලන කිසිම දෙයක් දෙන්නට විදිහක් නැත..

පේ ශීට් තියෙනවාද සර්?
නැත.
සැලරි මොන අකවුන්ට් එකටද එන්නෙ සර්?
මට ලැබෙන්නෙ කෑෂ්.
එහෙනම් ඊ.පී.එෆ්/ ඊ.ටී.එෆ් එහෙම?
ඒවා කැපෙන්නෑ..
'ඔයා' ඉන්නෙ මොකකද?
චීන ඉදිකිරීම් සමාඟමක.
සොරි.. මේ තත්වෙ උඩ නම් අපිට මුකුත් කරන්න බෑ.
හ්ම්.. තැන්කිව්..

බැංකුවට මුකුත් කියන්නට බැරිය.පොඩි අපිට ණයක් දෙන්නට යට ඇඳුමේ පාට පවා බලපාන බව අපි දත යුතුය.
ගස් ලබ්බා ඊලඟට බැලුවේ ඇටයක් මිරිකා හෝ වැඩේ කරගන්නටය.
බැංකු යාලුවෙකුට කෝල් කර විස්තරය කියූ පසු ඌ කීවේ
'මචං උඹ අවුල් ගන්න එපා.. උඹේ ඩෙසිග්නේශන් එක වත් පඩිය වත් වැඩක් නෑ.. බැංකුව පැත්තෙන් ගත්තාම උඹයි  දවස් කුලියට වැඩ කරන එකෙකුයි අතර වෙනසක් නෑ.. කොටින්ම අපේ ගෙදර පොල් කඩන එකා ආවත් කියන ටිකම තමයි උඹටත් කියන්න තියෙන්නෙ ' කියලා ය.

රෙන්න තියන පුක හපාගත්තොත් රීලා හමාර නිසා ගස්ලබ්බා පුක හපාගත්තේ නැතිවාට ඊට වඩා අප්සට් හැඟීමක් දැනෙන්න වූ බව අමුතුවෙන් කියන්න ඕනා නැති ය.

රටේ සංවර්ධනයට ත් බිඳක් හෝ දායක වන ශ්‍රමිකයන්ට උරුම මේක ද?

දැනට ලංකාවේ වැඩ කරන ඇතැම් කොම්පැණි දකුණු ආසියාවේ බ්ලැක් ලිස්ට් වී ඇති ඒවා බවට කව්දෝ කීවා මතක ය.
අතලොස්සක් කොම්පැණි සේවකයන් ගෙන් අයකර ගන්නා ඊ.පී.එෆ්/ඊ.ටී.එෆ් ගෙවා පේ ශීට් ලබා දී වැටුප් නියමිත දිනට බැංකු ගත කර ක්‍රියාත්මක වෙයි.ඔවුනට අපගේ ගෞරවය හිමිවන බවත් කිව යුතුම ය.

නමුත් බහුතරය??

බහුතරය වැඩ කරන්නේ එදා වේල කන්ස්ට්‍රක්ශන් තියරියට ය.

ඕන නම් ඉඳලා වැඩ කරපං... නැත්තං පලයං.. වැඩිය කතා කරනවා නම් කොහොමත් පලයං.. යන්න මුංගේ දේව වචනයයි.

එක්තරා කොම්පැණියක සේවකයින් අයිතිවාසිකම් ඉල්ලා සටනට බැස 'ලේබර්' එකෙනුත් ගෙන්වා ගත් කතාවක් මතකයට එන නිසා එයත් කිව යුතුය.

'ලේබර්' එකෙන් එනවා කියා පණිවිඩයක් ලැබූ සැනින් වැඩ කරමින් සිටි කම්කරුවන් කීප දෙනාද වන ලැහැබ් වල සැඟවූයේ උන්ට හෙල්මට් එකක්,සපත්තු දෙකක් වත් නොතිබූ නිසා ය.
'ලේබර් මහත්තුරු'  කට උත්තර ගත්තේ ලොකු ලොකු කතා කිය කියා ය.ඔපීසිය ඇතුලට ගිය උන් පසු පසම 'බ්ලැක් ලේබල්' බෝතල් ද ගිය වග දැක්කේ කීප දෙනෙක් පමණක් බවත් කිව යුතු ය.

අවසානයේ 'ලේබර්' මහත්තුරුන් ගේ උපදෙස් පරිදි කොම්පැණිය පහුවදා ලියුමක් එව්වේ 'ඊ.පී.එෆ්/ඊ.ටී.එෆ්' නැතිව වැඩ කරන්නට මෙයින් එකඟ වන බවට අත්සන් කොරන්නට ය.නොකල එවුන් ගෙදර ය.

පෝය නිවාඩු ය.නමුත් පඩි කපනවා ය.
හිමි නිවාඩු ගත්තොත් ලැබෙන පඩිය කුට්ටි ගණනින් අඩුවන්නේ ය.යකාගේ කැල්කියුලේශන් ය.

මේ චීන්නුන්ගේ විතරක් තියෙන ප්‍රස්නයක් නෙමෙයි ය.
වැඩිමනක් කොම්පැණි කාරයන් කොරන වැඩක් ය.මොකාට උනත් 'කුලී වැඩ කරන්නා' යන මට්ටමින් ඉහලට
ඔලුව උස්සන්න ලැබෙන්නේ දෑතේ කර්මාන්තයක් හෝ හොරකමක්, වංචාවක් කළොත් විතර ය.

කියන්න කෙනෙක් නැත. කොරන්න දෙයක් නැත.
දමල ගහල යනවාට මුන් කැමති ය.
එතකොට තවත් අඩුවට එන්නට බුරුතු ගණන් සෙනග ය.
මොකද දැං රස්සා නැති ය.ප්‍රොජෙක්ට් නැති ය.
පටං ගන්න ඒවා සේවකයින් බඳවා ගන්නේ කුණු කොල්ලෙට යමර නීති වලට ය.
ඒත් යන්නට පොරේ ය.
හුදී ජනයා අසරණ ය.

එකෙක් ආසියාවේ ආශ්චර්යක් පෙන්නන්න ගිහින් හත්පලේ ගා ගත්තේ ය.
අනෙක් උන් යහපාලනයක් කියා පුක් වෙන්දේසියක් පටන් ගත්තේ ය.

ඔන්න ආයෙත් මුං චංදෙකට එන්නේය.
හිතෙන්නේ හරහට දාලා......
අපෝ.....යි......!!

-http://gaslabba.blogspot.co.uk/2015/06/blog-post.html

මගහැරුණද? නැත්තම් මගහැරියද?

 

ws Girl and moon 1280x1024ටික දවසකට මගෙ බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුන නිසා බ්ලොග් එක පාළුවට ගිහින් කියල හිතෙනවා. ඒ වගේම කාගෙවත් බ්ලොගකට ගොඩ වෙන්නත් බැරි උනා. ඒ ගතිය නැති කරල දාන්නත් එක්ක මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනා. කියන්න හදන්නෙ බ්ලොග් එකක් ගැන පොඩි ඔත්තුවක්. ඇත්තටම ඔත්තුවක් දෙන්න දේකුත් නෑ. ඒ බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුදු ගාණක් වෙනවා. නමුත් මට හිතෙනව ඒ බ්ලොග් එක අපේ ගොඩ දෙනෙක්ට මගහැරිලා කියල. එක්කො මගහරිනවා වෙන්නත් පුළුවන්. වැල් වටාරම් නැතුව කෙලින්ම කියන්නම්කො. මේ කියන්න හදන්නෙ   << කඳු >> බ්ලොග් එක ගැන. ගොඩ දෙනෙක් මේ බ්ලොග් එක ගැන දන්නවා කියල මට හිතෙනවා. ඒ වගේම සමහරු අනං මනං කියයි කියලත් හිතෙනවා."අපෝ ඒකෙ කමෙන්ට් එකක් දැම්මට රිප්ලයි එකක් වත් දාන්නෙ නෑ""එයාගෙ ලොකු කමට වෙන්න ඇති කමෙන්ට් කරන්නෙ නැත්තෙ, අපි යයි එයාගෙ බ්ලොග බලන්න" ඔය වගේ නොයෙකුත් ජාති කියනවා ඇති කියල මට හිතෙනවා :D. ඇත්තටම කමෙන්ට් එකක් දැම්මට රිප්ලයි කරන්නෙ නම් නැහැ තමා ලේසියකට. මට හිතෙන්නෙ බ්ලොග් එක කරන අයිතිකාරියට තියෙන කාර්යබහුලත්වය වෙන්න ඇති ඒකට හේතුව.
 
ඒ මොනවා උනත් කඳු බ්ලොග් එකට ගිය ඕන කෙනෙක් දන්නව කොයිතරම් හැකියාවක් තියෙන කෙනෙක්ද ඒක ලියන්නෙ කියල. සිංහල භාෂාව හසුරවන අපූරුව ඒ බ්ලොග් එකෙන් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. ලස්සන කවි වර්ග, කතා ආදිය හිත ඇදිල යන විදිහට ලියල තියෙන හැටි දැක්කම කමෙන්ට් වලට රිප්ලයි නොකළත් හොරෙන් හරි ගිහින් බලන්න හිතෙන එක හැම කෙනෙක්ටම සාමාන්‍ය දෙයක් වෙන්න ඇති කියල මට හිතෙනවා. ඒ වගේම හැම පෝස්ට් එකකටම යොදාගන්නා ඡායාරූපයේ අයිති කරුවාගේ නම හෝ අඩුම ගානෙ අරගත්ත තැන හරි ලින්ක් එකත් එක්ක දාන එකත් සුවිශේෂයි. අපි නම් ගොඩ දෙනෙක් ඒක කරන්නෙම නෑ (මාත් ඇතුළුව) :D. අපි කරන්නෙ ඕන ඡායාරූපයක් අපේ වගේ දාන ඒකනෙ.  මේ බ්ලොග් එක ලියන්නේ සශිකා අමාලි මුණසිංහ කියන අක්කා. මම කියන්නෙ කඳු අක්ක කියල. කඳු බ්ලොග් එක ලියනවට අමතරව වෙනත් මාධ්‍ය වලට ලිපි එහෙමත් ලියනවා මම දැකලා තියෙනවා. සිංහල භාෂාව හැසිරවීම ගැන නම් කියන්න දෙයක් නැහැ.
 
ඉතිං මේ කඳු අක්ක ගැන කීවේ වෙන මොකකටවත් නෙමේ. කොයි තරම් වැඩ රාජකාරි මැද්දෙ හිටියත් මට සුපුරුදු සංගීත උණ අඩු වෙන්නෙ නෑනෙ. මම ඉතිං කඳු බ්ලොග් එක බලනවා සාමාන්‍යයෙන්. එහෙම බලද්දී ලස්සන කවි පේලි ටිකක් පළ කරලා තිබ්බා එක පොස්ට් එකක "ප්‍රේමයයි සොඳුර ඔබ ගැන" කියන මාතෘකාව දාලා.
<<මෙතනින් ඒ පොස්ට් එකත් බලන්න පුළුවන්>>
 
ඒක දැක්ක හැටියෙ මට ඕනවුනේ කොහොම හරි ඒකට මම දන්න සංගීතෙ පාවිච්චි කරලා සිංදුවක් විදිහට නිර්මාණය කරන්න. කඳු අක්කගෙත් කැමැත්ත ඇතුව මම ඒක නිර්මාණය කළා. ගීතය නිර්මාණය කරද්දී කඳු අක්කා විසින්ම මුල් නිර්මාණයේ තිබ්බ පද පේළි දෙකක් වෙනස් කළා. මේ තියෙන්නේ ඒ පද ටික.
 
සඳ සරස නොමැති බව දැන 
සඳ නෙළා ගෙනත් අහසට 
මල් සුවඳ කැමති බව දැන 
තුරු සියක් මවා හිනැහෙන 
මා කුරුළු පියාපත් සිඹ 
දොර කවුළු පියන් හැර ගෙන 
කඳු ඉසහි රැඳෙන දේදුණු 
පැහැ කරයි සතුට ගැන ගැන 
 
ගඟ ඉවුරු අසළ හිඳ වෙණ 
වයයි මිහිරි තුඩගින
රළ අතර විහිද උපදින 
පැතුම් ඉපිද  මිය යන 
 
කඩවසම් ඉවුරු ගඟ ළඟ 
නවතින්න බැරිද අසමින 
දෑසමන් මලකි හිනැහෙන 
ප්‍රේමයයි සොඳුර ඔබ ගැන 
 
ඉතින් මේ පද පේළි ටිකට මගෙ හිතට ආව මෙලඩි එක දාල ගීතය නිර්මාණය කරලා මගේ යූටියුබ් චැනල් එකට අප්ලෝඩ් කළා. ඇත්තටම මේ ගීතය ගායනා කරන්න ඕනෙ ගායිකාවක්. මම ගායිකාවක් කොහෙන් සෙට් කරගන්නද මේවා කියන්න. දැනට ඉතින් මම ම ගායිකාවගෙ පාට් එකත් කලා. පස්සෙ හොඳ කෙනෙක් හම්බුනොත් කියන්න දෙනවා.

මම මේ ගීතය පළවෙනි පාරට මල්ටි ට්‍රැක් විදිහට හැදුවා. ඒ කියන්නෙ ෆෝන් එකෙන් සිංදුවේ කෑලි කෑලි රෙකෝඩින් කරලා පස්සෙ ඒ ටික එකතු කළා(ඔහොම තමා ඔයාලා හරි ලස්සනයි කිය කියා අහන ඔක්කොම සිංදු හදන්නෙත් ශබ්දාගාර වල. එකම වචන ටික හරියටම කියවෙනකන් පස් හය පාරක් කියනවා. මමත්  බොහොම ප්‍රාථමික මට්ටමින් ඒ වැඩේ කරා). කෑලි එකතු  කළේ ඇඩෝබි ඔඩිෂන් කියන මෘදුකාංගය පාවිච්චි කරලා. මේවා  ඔක්කොම පර්යේෂණාත්මක මට්ටමේ නිර්මාණයන්. ඒ එක්කම පුළුවන් විදිහට තාක්ෂණයත් මුහු කරන්න උත්සාහ කරනවා. අඩු පාඩු තියෙනවනම් පෙන්වා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා. පහළින් යූටියුබ් වීඩියෝව සහ වීඩියෝ එක  බලන්න බැරි අයට ඕඩියෝ එක දාල තියෙනවා අහන්න. අහල බලන්නකො මොකද තත්වෙ කියලා :D. අහන ගමන්ම පිං අතේ වැඩකුත් කරගන්න හැමෝටම අවස්තාවක් තියෙනවා. මගෙ බ්ලොග් එකේ ගැජට් එකක් එල්ලලා තියෙනවා දකුණු අත පැත්තෙ උඩම. ඒකෙ තියෙන්නෙ යූටියුබ් කියල රතුපාට බට්න් එකක්. ඒක ක්ලික් කරලා මගෙ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මහා පිං කමකට දායක වෙන්න හැම කෙනාටම පුළුවන් ;).

<<මෙතනින් ක්ලික් කරලා ඕඩියෝ එක අහන්න>> 


මෙන්න යූටියුබ් වීඩියෝ එක බලන්න.
 
 
 
එහෙනං ගිහිං එන්නම්.
ජය වේවා!!!

 

 

 

නෙළුම් යාය සහෘද සමුහය