22 April 2019
RSS Facebook Twitter   

ඔෆිස් කතාවක්

officeසාමාන්‍යයෙන් රජයේ ආයතන වල දී යම් ගැටළුවක දී තීරණ ගන්නේ ඉහළ නිළධාරීන් , ලිපිකරුවන්ට තියෙන්නේ ඒ තීරණය අදාළ අයට ලිපි මගින් දැනුම් දීම.
 
එතන දි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ලිපිගොනු හරහා…. ලිපිකරුවා හෝ ලිපිකාරිණිය කරන්නේ තීරණය අවශ්‍ය වන අදාල ලිපිය ,ගොනුවේ අමුණලා . සිද්ධිය ගැන අතීත කතාව පොඩ්ඩක් කෙටියෙන් සඳහන් කරලා , තමන්ගේ අදහසක් එහෙම තියනව නන් තීරණය ගන්න ලේසි වෙන්න
Read more...

ජීවිතේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමී

daya de alvis*ඔබ අතින් රචනා වූ රාම කුමරුනේ ගීතය මහත් ආන්දෝලනයකට තුඩුදුන් ගීතයක්. අපි එතැනින් කතාව පටන් ගනිමු.
 
මම ඉගෙන ගත්තේ මහනුවර අම්පිටියේ කාමල් හිල් කන්‍යාරාමයේ. එහිදී අපිට කියවන්න නියමවෙලා තිබුණේ ඉංගී්‍රසි පොත්පත් පමණයි. ඔය අතරේදී අපේ විදුහලට අලුතින් සිංහල ගුරුවරියක් පත්වෙලා ආවා. එතුමිය තමයි අපේ විද්‍යාලයේ පුස්තකාලයට සිංහල පොත් ගත්තේ.
Read more...

17 වසරක සාපයක් යලිත් ඕනද?

murderවර්ථමාන දේශපාලන පිටිය නිරීක්ෂණය කලාම මහින්ද ප්‍රමුඛ පරන හොර නඩය අන්ත පරාජයක් ලබන බව පේන්න තියෙනවා.
 
එහෙම වෙලා UNPයට 1977දි JR ලැබුනා වගේ ලොකු බලයක් ලැබුනොත් කියලා හිතුවාම එන්නේ ලොකු භීතියක්.
 
JRගේ බෑනා රනිල් ජේ.ආර්.ට එහා ගිය භයානක නායකයෙක් නොවෙයි කියලා චරිත සහතික දෙන්න විදිහක් කොහෙත්ම නෑ.
 
Read more...

වට වංදනාව නොහොත් Circle Pilgrimage

wataආයිත් බස්සෙක නවත්තන්නෙ දවාලට කන්න කියල. අතරමග තියෙන පංසලක් හොයාගෙන පංසල් මිදුලෙං බස්සෙක ගාල්කරල බාප්ප යනව පංසලේ හාමුදුරුවො මුනගැහෙන්න. පංසල් වත්තෙ ඉඳං දවල් කෑම ගන්න අවසර ඉල්ලන්න. කොයි පංසලේවත් ඒකට එපා තියන්නෑ.
Read more...

වැස්ස…!! (Is it going to rain?)

nude womenඋදේ වරුවේ ඉතා සිහින් වැහි පොදක් වැටී තැනින් තැන තෙමුන තාර පාරේ මා වෙනදා මෙන්ම ඇවිදිමින් සිටියෙමි. ලෝකය පුරාම මේ වෙලාවට සිදුවන හැමදේම ඒකාකාර යැයි සිතෙන තරමටම පාර තොටේ හමුවන, ඇස ගැටෙන හැම දෙයම ඒකාකාරී වී ඇත.
Read more...

තළවකැලේ ගියෙමි, සංවේගයට පත් වීමි.......෴

thalava1ගිය මාසේ 30 වෙනිදා 'අපි ට්‍රිප් යමු ද' කියලා හිමාෂි (හිමාෂි කරුණාරත්න) කිව්වම නිකං ඉබ්බා දියට දැම්මම දැන් නෑවේ කිව්වා වගේ ංහා කිව්වා එකෙන්ම. බ්ලොගර්ස්ලාගේ ට්‍රිප් එකක්ලු, කට්ටිය 35ක් විතර සෙට් කරගන්න ඕනිලු අනං මනං කතා ටිකක් කිව්වම මාත් ඉතින් දන්න අඳුනන බ්ලොගර්ස්ලා සෙට් එකකට විස්තරේ කිව්වා. ඒත් ගොඩක් දෙනෙක් අදිමදි කරා. කොහොමහරි සත්සරයා මේකට සෙට් කරගන්න මට පුළුවන් වුණා.

මෙන්න මේ සබැඳියේ ගමන ගැන වැඩි විස්තර තිබුණා...

කොහොමින් කොහොමහරි ගමන පිටත් වුණා. අවිස්සාවේල්ල-කිතුල්ගල-ගිනිගත්හේන හරහා මඟ දෙපස සිරි නරඹමින් මීට කලින් කවදාවත් මුණ නොගැහුණ බ්ලොග් කරුවන් එක්ක මුහු වෙමින් හෙමින් හෙමින් තළවකැලේට සේන්දු වුණා. ඒ අතරමඟදි ඩෙවෝන් ඇල්ල වගේම සෙන්ට් ක්ලෙයාර් ඇල්ලේ සිරි නරඹන්නත් අමතක කරේ නෑ....

ඩෙවෝන් ඇල්ල ළඟඳි... මම, සම්පත් අයියා, සත්සර, හිමාෂි සහ සුමිත් අයියා

තළවකැලෙන් මොකක්දෝ බැනර් එකක් ප්‍රින්ට් කරගත්තට පස්සේ අපිව ලිඳුළ කියන ගමට බොහොම පරිස්සමින් අරගෙන යන්න අපේ අති දක්ෂ ඩ්‍රයිවර් අයියට පුළුවන් වුණා( ඒ පාර බස් එකකට යන්න ගොඩක් අමාරු බොහොම පටු පාරක්...). :D

කෑම ටිකක් පරක්කුයි කියලා පලනි අයියා (පලනි විජයකුමාර්) කිව්ව නිසා අපි ලිඳුළ ගමේ තිබුණ ඉස්කෝල දෙකක් බලන්න ගියා. මේ ගමනේ නියම අර්ථය හරියටම මට අවබෝධ වෙන්න ගත්තේ ඒ ඉස්කෝල දෙකට ගියාට පස්සේ. ඉස්සෙල්ලම ගියේ ලිඳුළ ගමේ තිබුණ ප්‍රාථමික ඉස්කෝලෙකට. එදා සෙනසුරාදා දවසක් වුණත් ඉස්කෝලේ චූටි ළමයි කිහිපදෙනෙක් හිටියා. එයාලගේ ගුරුතුමියත් එක්ක. ඒ ශිෂ්‍යත්ව පන්තියේ ළමයි ලු. එයාලගේ ටීච එයාලට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් අමතර පන්තියක් කරනවා. අපි එක එක්කෙනා ඒ ක්ලාස් එකට ඇතුළු වෙන වාරයක් ගානේ ඒ ළමයි 'වෙල්කම් සර්, වෙල්කම් ටීචර්' කියලා කියන්න ගත්තේ හරිම අහිංසක විදියට. බෑන්ඩ් කණ්ඩායමක් ප්ලේ කරලා පිළිගැනීමේ ගීත කියලා බෙර ගහලා පිළිගන්න එයාලට වත්කමක් නැතත් බොහොම අහිංසක විදියට ඒ දරුවෝ අපිව පිළිගත්ත විදියට ඒ අහිංසක කමට ඉස් ඉස්සෙල්ලම ආදරේ හිතෙන්න ගත්තා.

කලා හිත බ්ලොග් එක ලියන කළ්‍යාණ මිත්‍ර අයියා (සුමිත් අයියා)  ඒ දරුවෝ එක්ක බොහොම කුලුපගව කතා කරා(ඇත්තටම කතා කරා කියන එක වැරදියි. කතා කරන්න උත්සාහ කරා.) අපේ සෙට් එකේ සිංහල කාටවත් දෙමළ භාෂාව කතා කරන්න බෑ. ඒ ළමයින්ගේ වචන වලට ඇහුම්කන් දෙන්න බැරුව ඒ වෙලාවේ අපේ හිත් වලට ලොකු අසරණකමක් ලැජ්ජාවක් දැනුණා. සුමිත් අයියාගේ 'සිංහල වචන' වලින් අපි හැමෝගෙම හිත් වල තිබුණ වේදනාව එළියට දාන්න චූටි උත්සාහයක් ගත්තා. ඒ වචන ඒ විදියටම 'දෙමළ වචන' කරන්න පලනි අයියා පුළුවන් උපරිමය කරා. ඒ දරුවන්ට ඉගෙන ගන්න ඕනි පොඩි පොඩි දේවල් ටිකක් ගෙනියන්න මේක සංවිධානය කරපු ලංකාඩේලි ආයතනය අමතක කරලා තිබුණේ නෑ. වයිට් බෝඩ් එකක්, වගේම සිංහල-දෙමළ-ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ඒ දරුවන්ට ඒ මොහොතෙම පරිත්‍යාග කරේ තවත් අවස්ථාවක මීට වඩා දෙයක් මේ දරුවන්ට දෙන්න ඕනි කියන ඒකායන අරමුණ ඇතුව.

පරිත්‍යාග කරන මොහොත....

ශබ්දකෝෂය ඒ දරුවන්ට දුන්න ගමන්ම ඒ පොඩි උන් ටික ඒක වටේට එකතු වුණා. ෆොටෝ එකකට ගන්න වගේ බොහොම අපූරුවට ඒක වටේ එකතු වුණේ ඒ වගේ දෙයක් මීට කලින් කවදාවත් දැකපු නැති ගානට (ඇත්තටම ඒක එහෙම වෙන්න ඇති කියලා පස්සේ හිතුණා..).

ඩික්ෂනරි එක වටකරගෙන....

ඒ ළමයින්ගේ චූටි ඉස්කෝලෙන් පිටත් වෙලා අපි ආවේ ග්ලේනිගල්ස් දෙමළ විද්‍යාලයට. ඒ ඉස්කෝලේ සාමාන්‍ය පෙළ වෙනකං අධ්‍යාපන පහසුකම් තියෙන ඉස්කෝලයක්. 'අධ්‍යාපන පහසුකම් තිබෙන' කියලා කිව්වට ඒක බොහොම දුෂ්කර ඉස්කෝලයක් කියලා අපිට තේරුණේ කැඩිච්ච සිංහල භාෂාවෙන් හදවතේ තිබුණ කතාව වචන කරන්න උත්සාහ කරපු විදුහල්පතිතුමාගේ කතාව ඇහුවම.

අපි වාඩි වෙලා හිටපු පන්තිකාමරේට ඉස්කෝලේ ඇඳුමින් සැරසුණ ළමයි එකාදෙන්නා පිරෙන්න පටන්ගන්නවත් එක්කම විදුහල්පතිතුමා කතාව පටන් ගත්තා. (නිවාඩු දවසක් වුණත් ඒ ළමයි හිටියේ ඉස්කෝලේ ඇඳුමින්. අපි එනවා කියලා දැනගෙන, ඒ විදියට එන්න කියලා ළමයින්ට උපදෙස් දෙන්න ඇත්තේ විදුහල්පති තුමා වෙන්න ඇති.)

මේ එතුමගේ වචන වලින් මගේ හිතට ගොඩා..ක්ම දැණුන වචන ටිකක්......
"බලන්න මේ ළමයින්ගේ මූණු දිහා. පව්. ගොඩක් අසරණ ළමයි. මේ වගේ ළමයි හැමදාම මේක ඇතුලෙම පරවෙලා යනවා. මං මේ ඉස්කෝලේ වැඩ බාරගත්තේ 2014 අවුරුද්දේ. ඒ වෙනකං මේ ඉස්කෝලෙන් ඕ ලෙවල් පාස් වුණේ අවුරුද්දට එක්කෙනෙක් වගේ. ඒත් මං ආවට පස්සේ මේකට හේතු හොයලා බැලුවා. කරන්න පුළුවන් හැමදේම කරා. කොහොමහරි ළමයි උනන්දු කරලා ගිය අවුරුද්දේ රිසල්ට් ටිකක් වැඩි කරගන්න පුළුවන් වුණා. මගේ ඔෆිස් එක ළඟ රිසල්ට් දාලා ඇති. ටිකක් බලන්න.

"ඒක බලනකොට ඔයලට තේරෙයි මේ ළමයි හැමෝම ඉංගිරිසි ෆේල්. මේ ඉස්කෝලෙට ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉන්නවා. ඒත් එයා තළවකැලේට කිලෝමීටර් 50ක් විතර ඈත. තළවකැලේ ඉඳන් මෙහෙට ත්‍රී වීල් එකක 350ක් විතර ගන්නවා. ඉතින් ඒ නිසා අර ටීච මෙහෙට එන්න ටිකක් අදිමදි කරනවා. මුලදි සතියට දවස් 2ක් විතර ආවා. දැන් එහෙමවත් නෑ. පව් මේ ළමයි. ඔය මහත්තුරු පුළුවන් නම් ඉස්සෙල්ලම ඒ ප්‍රශ්නෙට මොනාහරි දෙයක් කරලා දෙනවා නම් මේ ළමයි වෙනුවෙන් ඒක ලොකු උදව්වක්."

මේ දේවල් එකින් එක ඇහෙනකොට මහා සංවේගයක් හිතේ ඇති වෙන්න ගත්තා...
"දැන් මේ මහත්තුරු ආපු වෙලේ ඉඳන් ළමයින්ගේ ෆොටෝ ගන්නවා. මට ඒකට මුකුත් කියන්න බෑ. ඒත් එහෙම අවසර නෙතුව ඉස්කෝලෙකට ඇවිල්ලා ෆොටෝ ගහන එකෙන් මට ඉන්ක්වයරි එකකට එන්න කියයිද දන්නෙත් නෑ. එක සැරයක් එහෙම වුණා. අපි මේ ළමයින්ට අරවා දෙන්නම්, මේවා දෙන්නම් කියලා ෆොටෝ ගහගෙන ගිහින් අන්තිමට දේශපාලන පක්ෂෙකින් ඒ ෆොටෝ පත්තරේ දාලා ආටිකල් එකක් කරලා තිබුණා. අනේ මේ මහත්තුරු මාව ඒ වගේ තත්වෙකට පත් කරන එකක් නෑ කියලා මං හිතනවා."

කාගෙවත් වැඩි අවධානයක් නොලැබුණ වතුකරේ ඉන්න මේ අහිංසක දරුවන්ට උදව් දෙන්නම් කියලා සමහර රාජ්‍ය නොවන සංවිධාන වලින් ඇවිත් මේ විදියේ ෆොටෝ ගහන් ගිහින් ආයේ පැත්ත පලාතේ පස් පාගන්නේ නැති බව විදුහල්පති තුමාගේ නොකියූ වචන වලින් අපිට තේරුණා. ඒ ආයතන වල 'හිත උණුවෙන නියෝජිතයෝ' ෆොටෝ කෑලි ටිකක් පෙන්නලා මව් සංවිධානයෙන් දත ගලවන හැටි මට මැවිලා පෙනුණා. පව් අසරණ දරුවෝ...

මේක මේ දරුවන්ගේ ජාතියේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපිට වැටහුණා. තමන්ගේ ජාතියේම යැයි කියාගන්න බොහොමයක් දේශපාලඥයෝ මේ පැතිවල ලයිට් කණුවක් කණුවක් ගානේ අරක්ගෙන ඉන්නේ ඒ පැත්ත තමන්ගේ කියලා ප්‍රදර්ශණය කරන්න. ඒත් ඡන්දෙ කාලෙට විතරක් මේ පැත්තේ පස් පාගන මේ උදවිය ආයේ මේ දිහා හැරිලාවත් බලන්නැති විත්තිය වැඩි දුරට කතා කරනකොට අපිට තේරුණා. සමහර විට ඒ උදවියගේ උවමනාව මේ ළමයි හොඳට ඉගෙන ගන්නේ නැතුව ඉන්න එක වෙන්න ඇති. හොඳින් ඉගෙන ගත්තොත් මේ දරුවෝ ලොකු වුණ දවසකට වතු වල තේ දලු කඩන්න, ඒ වැඩ කරන්න කට්ටිය නැති වෙනවනේ. ඉතින් ඒ නිසා මේ විදියේ අඩු සැලකිලි මේ පැත්තට ඇති කියලා මට හිතුණා.
ඒත් මේ අහිංසක දරුවෝ.... ඒ දරුවන්ටත් රටේ අනිත් දරුවන්ට වගේම ඉගෙන ගන්න අයිතියක් තියෙනවා. ඒත් මේ දරුවන්ට ඒ වරප්‍රසාද ගොඩක් අහිමි කරලා තියෙන්නේ හරියට මේ දරුවෝ මොකක්හරි ලොකු වැරැද්දක් කරලා වගේ...

දෙමළ ජනයා වෙනුවෙන් කිය කිය කෑ මොර දුන්න ප්‍රභාකරන්වත්, දැන් TNA එක වත් මේ අයට මුකුත් සෙතක් කරන්නේ නැතුව ඇතිද.. ඒ ප්‍රශ්නේ මම මගේ යාලුවෙක්ගෙන් ඇහුවා. නෑ බං. යාපනේ දෙමළ කියන්නේ කුලයෙන් උසස් අයලු. වතුකරේ අය කුලයෙන් පහත්ලු. දෙමළ අය අතරේ ඔය කුල ප්‍රශ්නේ ගොඩක් තියෙනවා. ඒ නිසා කුලයෙන් උසස් අය කුලයෙන් පහත් අය උඩට එනවට කැමති නෑ....හ්ම්ම්ම්ම්

ඉතින් මේ අහිංසක දරුවෝ මුළු රටෙන්ම කොන් වෙලා නේද කියලා බොහොම වේදනාවක් හිතට දැණුනා. අරන් ගිහිපු බොහොම සුළු පරිත්‍යාග කිහිපයක් ඒ ඉස්කෝලෙටත් දෙන්න සංවිධායකවරු ඉදිරිපත් වුණා....

විදුහල්පතිතුමාට විජය අයියා ශබ්දකෝෂයක් පරිත්‍යාග කරන මොහොත..
තෑගි වටකරගෙන ඉන්න ඒ දරු දැරියන්....

ඉදිරියේදී මේ දරුවෝ වෙනුවෙන් යමක් කරන අධිෂ්ඨානෙන් අපි ඒ ඉස්කෝලෙන් පිට වෙලා ආවා....

පසු සටහන :

අපේ ගමනේ දෙවන දවසේ  ලිඳුළ ගමේ එක ඉස්කෝලෙක ග්‍රවුන්ඩ් එකේ කාන්තා ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරලා තිබුණා. විවිධ පැති වලින් ඒකට ටීම් 11ක් සම්බන්ධ වෙලා හිටියා.

තරඟ ආරම්බයට පෙර කණ්ඩායම් පෝලිමේ...
තරඟය අතරතුර...
 
කුසලාන...
තරඟය අතරතුර අපේ අය..
ඩ්‍රයිවර් අයියා, මම, සත්සර, රූපේ(සත්සරට පිටුපස), හිමාෂි, උපුල් අයියා, මලිත..
ටජ්මහල්, මුම්ටාස් සහ සාජහාන්.....:D

ඒ තරඟයේ සියලු බරපැන නෙළුම්යාය බ්ලොග් සංසදය සහ අඩයාලම් සංවිධානයෙ එකමුතුවෙන් දරලා තිබුණා. තරඟ සියල්ල අවසානයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණා. ඒත් එක්කම විශේෂ දෙයක් සිදුවුණා. සිංහල බ්ලොග් ලිපි පළවෙන්න තියෙන නෙළුම් යාය වගේම දෙමළ භාෂාවෙන් ලිපි පළකරන්න තාමරෛකුලම් කියන වෙබ් අඩවිය විවෘත කිරීම හිමාෂි කරුණාරත්න සහ පලනි විජයකුමාර් අතින් සිදු වුණා...

සංකේතාත්මකව තාමරෛකුලම් විවෘත කරන අවස්ථාව...

ගමනේ සියලු මිහිරි මතකයන් එක්ක ඒ වගේම හිතේ කොනක ඉපදුණ ලොකු සංවේගයකින් මුලු හිතම පුරවගෙන ආපහු එන්න පිටත් වුණා. යනකොට කටින් පිටවුණ වචන සේරම ගොලු වෙලා එනකොට නිෂ්ශබ්දව හිටියේ මහන්සියටත් වඩා හිතේ තිබුණ දුකට වෙන්න ඇති......

ගමනට සම්බන්ධ වුණ හැමෝම ඉතාම මිත්‍රශීලී උදවිය. සත්සර, හිමාෂි, සුමිත් අයියා, රූපේ, මලිත, අලුපාට ලියන රනා(උඹේ නම මතක නෑ බං), ඇනෝපීලිස්, විජය අයියා, සම්පත් අයියා සහ අක්කා, අනිත් අක්කා(නම මතක නෑ), උපුල් අයියා, නිශාන්ත අයියා, කටුස්සා, දයා අයියා, ඩ්‍රයිවර් අයියා, ගමනේ අවසන් අදියරේදි සම්බන්ධ වුණ US වල අයියයි අක්කයි :D , එතකොට හිමාෂිගේ ඔෆිස් එකේ අනිත් අයියයි හැමෝම ආදරෙන් මතක් කරන ගමන් මේ ලියමන අවසන් කරනවා...
ආයෙත් දවසක මුණ ගැහෙමු..........

http://sithuwilihanthana.blogspot.co.uk/2015/07/nelumyayathalawakele.html

තාමරෛකුළම් මැද පිපුණු හෘදයාංගම නෙළුම් කැකුළු.. Inside out of 'Journey to Thalawakele' by Katussa

nelum"ජීවිතේ කියන්නේ මොකද්ද සර්....?"
එදා මීරියබැද්ද නාය යාමේදී තම පවුලේ සාමාජිකයන් අහිමිවූ තරුණයෙක් මාධ්‍යවේදී කැමරාවක් ඉදිරිපිටදී ඇසූ ප්‍රශ්නයට මාගේ හිත ගොඩක් සංවේදී වුනා.එදා ඔහු එම ප්‍රශ්ණය අසනවිට තෙත්වුන දෙනෙතෙන් රූපවාහිනිය නැරඹූ අයුරු මට තාමත් මතකයි.ඒ ප්‍රශ්නයම මටත් අහන්න වෙයි කියලා එදා මට නිකමටවත් හිතුනේ නෑ.
"ජීවිතය කියන්නේ මොකද්ද බං...?"
නෙළුම් යාය විසින් තලවකැලේ බලා ගිය නෑගමන අවසානයේ හිතට නැගුන එම ප්‍රශ්නය මම උඹලා ඉස්සරහා අතාරිනවා.හැබැයි ඒ උඹලාගෙන් උත්තර බලාපොරොත්තුවෙන්නම් නෙමෙයි.උඹලාගෙන් මනුස්සකම බලාපොරොත්තුවෙන්.
අවසාන මොහොත දක්වාම නොයනවායි කියා තීරණය කරතිබූ එම නෑගමනට සහභාගීවුවේ  කමියාගේ දැඩි පෙරෙත්තය නිසාමයි.ඒත් ඒ ගමන අවසානවූවේ එම ගමනට සහභාගීවීම හොඳද නරකද කියලා සිතාගන්න බැරි සිතුවිල්ලක මාගේ සිත අතරමංකරමින්.ගොඩගම හංදියෙන් බස් රථයට ගොඩවුනේ "තවත් එක් ට්‍රිප් එකක්" යනවා කියන සිතුවිල්ලෙන්.නොයෙක් විහිළු කතා,අල්ලාප සල්ලාපයෙන් දෙසවන් පිනවමින් ,මෙතෙක් හමුවී නොතිබූ අයවළුන් හදුනාගනිමින් ,හිමාශිට කෑම වෙලාව මතක් කර කර වදදෙමින් බස් රථයේ ඩ්‍රයිවර් අයියාගේ දක්ශකම නිසාම පයින් ඇවිදින්න තිබුන දුර ගොඩක් අඩුකරගන පලනි විසින් නවාතැන් සපයාතිබූ ස්ථානය අසලටම වාගේ බස් රථයෙන්ම යන්න අපිට පුළුවන්වුනා.එම නිවසට යනවිට කට්ටියම හිටියේ හොඳ බඩගින්නේ.පුටුවලට වාරුවෙලා නිවසේ තිබූ රූපවාහිණියට ඇස් අලෝගන ක්‍රිකට් තරඟය බැළුවේ පලනි ඇතුළු කණ්ඩායම කොයි වෙලාවි බත් පිගාන ගෙනත් දේවිදැයි නොයිවසිල්ලෙන්.ඒත් බත් පිගාන වෙනුවට පලනි ගෙනාවේ අසුබ ආරංචියක්.
"කෑම තව ටිකක් පරක්කුයි...එතකම් අපි අර ඉස්කෝලෙට ගිහින් එමුද...?"
හිටිය ඔක්කොගෙම වාගේ මූණූ රොටිය වගේ වුනා.(හැබැයි හිමාශිගේ මූණනම් වෙනස් වුනේ නැතුව ඇති.ඒකාට ආමාශයක් උප්පත්තියෙන්ම පිහිටා නැති බව කෑමවේල් 3ක් අවසාන වෙනකොට අපි තේරුම්ගත්තා.)
"කොච්චර දුරද...?"
"එහෙමට දුරක් නෑ...ළඟයි...විනාඩි 15ක් විතර යන්නේ..."
කන්නත් නැතුව මෙතනට වෙලා රබං ගන්න'යෑ....
"යමු...එහෙනම් ගිහින් එමු..."කවුරුහරි කෙඳිරිගෑවා.
පලනිගේ විනාඩි 15 රබර් විනාඩි 15ක් කියලා තේරුම්ගන්න කට්ටියට වැඩිවෙලාවක් ගියේ නෑ.නහයෙන්,කටින් පමණක් නොව සමහර එවුන් පසුපසින් පවා හුස්මගනිද්දී, ෆිල්ටර්කොට කටින් එළියට පනිද්දී යන්තම් විනාඩි 40න් විතර අදාල පාසලට අපි ගියා.එතකොට වෙලාව 1.30ට විතර ඇති.අනේ දෙවියනේ.....සෙරප්පු දාගත්තු, කැඩුණු සපත්තු දා ගත්තු,කහ ගැහුණු කමිස,ගවුම් වලින්,නැත්තන් කහපාට මකාගන්න ඕනෑවටත් වඩා නිල් යෙදූ කමිස,ගවුම් වලින් සැරසුන පොඩි එවුන් ටිකක් ලේන්නු අරගන ගිය දත් නැති කටවලින් හිනා වෙවී තමන්ගේ ටීචර් එක්ක අපි එනදිහා බලන් ඉන්නවා. බඩගින්න,පයින් ඇවිදපු මහන්සිය නිසා යන්තමින් වගේ හිත කොනක තිබුන නොරිස්සුමම මගේ ආත්මාභිමානය පුච්චලා දැම්මා, අළුවත් ඉතුරු නොකර.වැඩිම වුනොත් අපි එක පැයක් හෙන බඩගින්නේ ඉන්න ඇති.ඒත් ඒ පොඩි එවුන්....සමහර විට උදේ ඉදන් බඩගින්නේ උන්ට ගෙනත් දෙනවයි කියපු තෑගි හම්බවෙනකම් එතන වෙන්න ඇති.තෙත්විච්ච ඇස් අනිත් එවුන්ට නොපෙන්වා ඉන්න අසාර්ථක රංගනයක නිරතවුනේ මම විතරක්නම් නෙමෙයි.හැබැයි ඒ ඉස්සල්ලාම එළියට පැන්න කඳුළු අතරේ පොඩි එවුන් ගැන ඇතිවුන අනුකම්පාවට වඩා තමන් ගැනම ඇතිවුන ලැජ්ජාව දියවෙලා තිබුනා කියලා මම කිවුවොත් එතන හිටපු ගොඩක් එවුන් මාත් එක්ක එකඟවෙයි.

තමන් ගැනම ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හිටිය අපේ එවුන්ව උස්සලා පොලවේ ගහන්න එතන හිටපු පොඩි එවුන්ට තප්පර 10ක්වත් ගියේ නෑ.අපි මේ රටට එන සංචාරකයෝ එක්ක කතාකරනවා. රැකියාවේදී, අධ්‍යාපන කටයුතුවලදී හමුවන විදේශිකයෝ එක්ක අදහස් හුවමාරු කරගන්නවා.සමහර වේලාවල් වලදී අපේ කියලා බල්ලෙක්වත් නැති දේශ දේශාන්තරවල නතරවීගන විදේශිකයෝ එක්ක රැකියාවල යෙදෙනවා.ඒත් එතන හිටපු අපි එකෙක්ටවත් කොළඹ ඉදන් කිලෝ මීටර 200ක් විතර ඈතින් ඉන්න අපේම පොඩි එවුන් ටිකක් එක්ක අදහස් හුවමාරු කරගන්න බැරුව අසරණවුනහැටි.....මතක් වෙනකොටත් මැරෙන්න තරම් ලැජ්ජයි.තමන් දෙමළ වීම නිසාම දෙමළන්ට මේ රටේදී අමුතු අසාධාරණයක් ඇතිවුනේ නෑ කියන බක පඬීස්ලාට එම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඉස්සල්ලා ඔවුන්ව මේවගේ පොඩි එවුන් ගොඩක් මැද්දේ තනිකලානම් ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන ඈයන්ට වචන ගොඩක් ඉතුරුකරගන්න තිබුනා.කොහොමින් කොහොම හරි ඒ පොඩි එවුන් මැද්දේ හරිම ආදරණීය විදිහට හෝරාවක් විතර ගෙවුනා.ඒ අයට ගෙනාපු තෑගි ටික ඒ පොඩි අත්වලට දෙනකොට උන්ගේ ඇස් දිහා තෙත් නොවුන දෑසින් නොබලපු අපේ එකෙක්වත් එතන නොහිටින්න ඇති.එතනදී ආදරය ,ලෙංගතුකම,සහෝදරකම එක්කම ලැජ්ජාවත් අඩුනැතුවම පොදිගහගත්තු අපි අනිත් පාසලටත් යන්න සූදානම් වුනේ ආපහු එනවා කියන පොරොන්දුව ඒ පොඩි එවුන්ට ලබාදෙමින්.යකෙක් කන්න තරම් බඩගින්නේ හිටපු එවුන්ගේ බඩ වගේම හිතත් ඒ පොඩි එවුන් උන්ගේ ආදරයෙනුත් අපේ ආත්මාභිමානයට සිදුකල පහරදීමෙන් ඇතිවුන ලැජ්ජාවෙනුත් පුරවලා තිබුන නිසා එකෙක්වත් කෑම ගැනනම් කතාකලේ නෑ ආපහු.අපේ කට්ටියගේ කඳු නැගීමේ දක්ශකම දැකලා බයවෙලා හිටපු පළනිලගේ ඇත්තෝ ඊළඟ පාසලවෙත යාමට අපිට වෑන් රථයක් සූදානම් කරලා තිබුනා.අර මලියා ,හිමාශි වගේ සද්ධන්ත එවුනුත් පටවගන ජපන් කාරයන්ටත් දුක හිතෙන විදිහට වෑන් එක කෙඳිරිගගා අදාල තැනට ආවා.ඒ පාසල සා.පෙළ දක්වා පන්ති තිබුන, ප්‍රදේශය හා සාපේක්ශව සැලකීමේදී පිළිවලකට තිබුන පාසලක්.නොයෙක් වසරවල් වල පොඩ්ඩෝ ගොඩක් අපි එනවා කියලා බලන් ඉඳලා බැරිමතැන ගෙවල්වලට ගිහින්.ඒත් වැඩිවෙලා යන්න කලින් අපි ආවා කියන ආරංචියට රෑන් රෑන් ආපහු එන්න ගත්තා පාසලට.එහි විදුහල්පතිතුමාට සිංහළ කතාකරන්න පුළුවන්.ඔහු හා කතාකරද්දී අපට වැටහුනු ආකාරයට ඔහු යමක් කරන්න ඕනේකම තියන අවංක පුද්ගලයෙක්.අපේ වචනයෙන් කියනවානම් පාසල දියුණු කිරීමේ ඇම්මෙන් පෙළෙන මුල් ගුරුතුමෙක්.අජිත් අයියේ ,නෙළුම් යාය සංවිධායක මහත්වරුනී,ඔහු කල කතාවේ එක් කොටසක් මම මෙතන සටහන් කරන්නම්; මතක තබා ගන්න.ඉදිරියේදී සටහන් කිරීමට බලාපොරොත්තුවන එක් කරුණක් නිසාවෙන්.
"ගොඩක් කට්ටිය මෙහාට එනවා.මොනවා හරි දෙයක් දීලා තව දේවල් අරගන එනවා කියලා පොරොන්දු දීලා පොටෝ ගහගන යනවා.ආපහු පැත්ත පලාතේ එන්නේ නෑ...."
එතන ඉදපු පොඩි එවුන් එක්කත් ආදරයෙන්, ලෙංගතුකමෙන් හා ලැජ්ජාවෙන් හෝරා එකහාමාරක් විතර කාලය ගතකරපු අපි අපහු එන්න එළියට බැස්සා.විදුහල්පතිතුමා හිටපු හින්දද මන්දා පාසල ඇතුලේ මීයන් වගේ හිටපු ඔවුන් එළියට ඇවිත් අපිට දක්වපු හිතවත්කම.....අපිට එන්න නොදී අපිව වටකරගන දක්වපු සෙනෙහස....කවදහරි දවසක මැරෙන වෙලාවෙත් අපිට මතක්වේවී.

ආපහු නවාතැන වෙත ඇවිත් හිතේ තිබුන ලැජ්ජාවටද මන්දා පලනිලාගේ නිවෙස්වල ඇත්තන්ටත් බය හිතෙන විදිහට දිවා ආහාරය ගන්න පුළුවන්වුනා අපි කට්ටියටම.ඔන්න ඉතින් ඒකත් ඉවරවෙලා වෙවුල වෙවුල නාගන කියාගන රාත්‍රී සංදර්ශනයත් හමාර කරමින් නින්දට වැටුන කට්ටිය පහුවදා උදෑසනින්ම පිටත්වුනා නෙළුම්යාය සංවිධානය කරලා පවත්වන කාන්තා ක්‍රිකට් තරඟාවලිය තිබුන පාසලට.කණ්ඩායම් 6ක් පමන සහභාගී වෙනවායි කියා තිබුනත් එතනට ගියහම එතන කණ්ඩායම් 12ක් විතර හිටියා.කාන්තා ක්‍රිකට් තරඟාවලියක් කිවුවහම අපේ එවුන් දහසක් බලාපොරොත්තු තියන් හිටියත් අනේ එතනට ගියහම කණ්ඩායම් 10ක විතරම හිටියේ අපේ එවුන්ට "අංකල්" යැයි අමතන තරමේ "තරුණියෝ"ය.යන්තම් අපේ එවුන්ගේ පිණකට කටපුරා "නංගි"යි කියා ඇමතිය හැකි තරුණියන් සිටි කණ්ඩායම් දෙකක් තිබුනි.ඉතින් අපේ එවුන් ඒ කණ්ඩායම් 2 දිහා බලාගන සිතූ සිතුම්, පැතූ පැතුම් එම නංගිලාටද වැටහුනු බැවින් කොහේ හිටියත් කෙල්ලෝ කෙල්ලොමයි කියන කතාව සනාතකරමින් එවුන්ද මල් මල් සිනා, රැවුම් ගෙරවුම් නොඅඩුව අපවෙත ලබාදුනි.ඒ අතරින් අපිට පේන්න බාර් ගහපු මුම්ටාස්, මුම්ටාස්ගේ නැගෙණිය, අර කහපාට තොප්පියක් දාගන හිටපු ටජ්මහල් කැප්ටන්,රෝස පාට පිලේ දිග නංගීව සොයාගන අපේ එවුන් නැවතත් තළවකැලේ නොගියොත් එයද පුදුමයකි.බිඳකුඳු විශ්වාසකල නොහැක්කේ අපි අතර සිටි පොඩිම එකා වූ මලියාය.ටජ්මහල් කැප්ටන්ට සිතින් පෙම් බැඳීම නිසා මානසිකව ඔද්දල්වූ ඌගේ මානසිකත්වය යළිඳු යතා තත්වයට පත්වූවේ නැවත නිවෙස්බලා එන ගමනේ රංවල ආසන්නයේ හෝටලයක වූ වැසිකිළියක පැය භාගයක් පමන ගතකිරීමෙන් අනතුරුවය.කොහොමින් කොහොම හරි තෑගිත් දීලා ,නංගිලත් එක්ක පොටෝත් අරගන හවස 5ට විතර දවල්ටත් කාලා අපි නැවතත් කොළඹට එන්න පිටත්වුනා.ඒ එන අතරමගදී මේ ට්‍රිප් එකේ පළවෙනි පාරට "අපි කමුයි "කියා හිමාශි පැවසීම අපි කාටත් අදහාගන්න බැරි දෙයක්වුනා.කට්ටිය බෑ බෑ කියද්දි හිමාශි හොටල් 3-4ක් ළඟ වාහනේ නතර කෙරෙවුවත් ඒ හෝටල්වල කෑම තිබුනේ නෑ.ඒකෙන් අපි එක දෙයක් තේරුම් ගත්තා.ඒ හිමාශිගේ උප්පත්ති කේන්දරේ ග්‍රහ පිහිටීම් අනූව ඒකාට බඩගිනි නොවෙනවා සේම ඒකා සමග සිටින සියල්ලටම බඩගින්නේ සිටීමට සිදුවන ග්‍රහ යෝගයක් පිහිටා තිබෙන බවයි.කොහොම හරි හිමාශි වචනේ පිටකරලා පැයකට විතර පස්සේ කෑමත් කාලා නිවෙස්වලට එන්න අපිට පුළුවන්වුනා.
තොරණේ විස්තර ඉවරයි.දැන් අපි මාතෘකාවට එමු.

මේක ලිවුවේ ගමන් විස්තර, ආගිය තොරතුරු ඔබ ඉදිරියේ දිග හැරීමටනම් නෙමෙයි.ජීවිතයේ වැඩියෙන්ම දුක හිතුන,වැඩියෙන්ම ලැජ්ජා හිතුන, වැඩියෙන්ම සතුටු හිතුන ගමනක ඇතුලත සැඟවුන කතාවක යථාර්තය තුලින් ඔබට,මට අපේම වූ පොඩි එවුන් වෙනුවෙන්,අපේම වූ මිනිසුන් වෙනුවෙන් කලහැක්කේ කුමක්දැ'යි යන්න පිළිබඳව යම්කිසි හැඟීමක් සිත් තුල ජනිත කිරීමටය.මේ විදිහට දුක්විදිමින් ඉගනුම ලබන්නේ අප ගිය මේ වතුකරයේ පොඩි එවුන් පමණක්ම නෙමෙයි.මේ විදිහේ දරුවන් මේ රටේ සෑම තැනකම පාහේ විසිරී ජීවත් වෙනවා. අපි කොටහේනට, පංචිකාවත්තට, අතුරුගිරියට, හොරණට, අකුරැස්සට, මාතරට, රඹෑවට, ගම්පහට,කුරුණෑගලට ආදී වශයෙන් කොහේ ගියත් ප්‍රධාන'යැයි කියන පාසල් සමූහයෙන් වෙන්වුන පාසල්වල මෙවනි දරුවන් දුලභ නෑ.එවන් පසුබිමක අපි එදා තළවකැලේදී දුටුවේ දහස් ගනනක්වූ වරප්‍රසාද නොලත් අපේම දරුවන්ගෙන් ටික දෙනෙක් විතරයි.අපිට බෑ ඒ හැම දෙනාගෙම ජීවිත සුවපත් කරන්න.අපිට බෑ ඔවුන්ගේ හැම අඩුපාඩුවක්ම සපුරලන්න.ඒත් අපිට පුළුවන් අඳුරට සාප නොකර එක පහණක් හරි දල්වන්න.හරියට නෙළුම්යාය සංවිධායකයන් කලාවගේ.එදා ඒ ඉස්කෝලෙට ගිහින් සිය ගනනක් ළමුන් ඉන්න තැනකට සපත්තු ජෝඩු කීපයක් දෙද්දී මගේ හිත දොස් කිවුවා.මටත් ගොඩක් දුක හිතුනා.ඒත් දැන් ඒ ගැන හිතද්දී එහෙම හරි දෙයක් දෙන්න පුළුවන්වුන එකගැන විශාල සතුටක් හිතට දැනෙනවා.අජිත් අයියේ; (අජිත් අයියාව මේකට ඇදලා ගන්නේ බහුතරයක් හදුනන නෙළුම්යාය සංවිධායක ඔහු බැවිනි ) එදා ඔය ගමන ගැන තවත් ටිකක් හරි දැනුවත් කලානම් අපිට තව ටිකක් හරි වැඩිපුර දේවල් ඒ පොඩි එවුන්ට දෙන්න තිබුනා.එදා ගමනට ආපු වගේම නොආපු බහුතරයක් දෙනා ඔවැනි ත්‍යාග ලබාදීමක් ගැන දැනුවත්වෙලා හිටියේ නෑ.එහෙම වුනානම් ඒ එකෙක්වත් ඔය පිංකමට සහභාගීවීම කර අරින්නැති බව මම හොඳාකාරවම දන්නවා.අඩුමගානේ පෑන් පැන්සල් ටිකක්වත් උන් දෙනවා.මේ උත්සහා කරන්නේ ඔබලාගේ කාර්යය හෑල්ලු කිරීමටනම් නෙමෙයි.එදා සිදුවුන අඩුපාඩුවක් පෙන්නලා දෙන්න හදන උත්සහයක් විතරමයි.සමහර විට මෙවැනි තත්වයක් ඔබලාද බලාපොරොත්තු නොවුනා වියහැකිය.ඒත් මේ ගමන ඔබලා මෙතනින් නවත්වනවා'යැයි මම නොසිතන නිසාම ඔබලාට මෙන්ම අප සැමටත් ඒ සිදුවූ අඩුපාඩුව මගහරවා ගැනීමට අවස්ථාව ඇතිබවද මම විශ්වාස කරමි.තවද ඔබගෙන් ඉල්ලාසිටින අනිකුත් ප්‍රධානතම ඉල්ලීමනම් එදා එම පාසල්වලට අවශ්‍ය භාන්ඩ බෙදාදීමේ සද්කාර්යය තවත් පාසල් කරා ව්‍යාප්ත කීරීමට මත්තෙන් මෙම පාසල් දෙකේ සුවපත් කිරීමට නොහැකිවුන පොඩි සිත් සුවපත්කර සිටිමු'යි යන්නයි.ඉහතදී අප දෙවනියට ගිය පාසලේ මුල් ගුරුතුමාගේ කතාව උදෘත කලේත් එම හේතුව නිසාමය.ඒ සඳහා මීට වඩා පුළුල් වැඩ පිළිවලක් යොදාගමු.සහයෝගය දෙන්න කැමති අපගේ සහෝදර බ්ලොග් කරුවන්ගෙන් ඒ සඳහා උපකාර ලබාගමු.අජිත් අයියලාට තව උපකාර සපයාගැනීමට මාර්ග ඇත්නම් ඒවාද යොදාගනිමු.අර විදුහල්පතිතුමා පැවසූ ආකාරයට බොරුකාරයන් නොවී ඒ කටයුතු සිදුකරලා ඊළඟ අදියරට කකුළ උස්සමු.

ඊළඟ අදහස ගැන කියන්න කලින් මේක කියවලම එන්න.
"සිරාගේ කාමරේ - ලොකු දුව බැඳලා "

කියන්න අදහස් කරපු දේ පැහැදිලි ඇතැයි සිතනවා.සමහර විට තරමට වඩා වැඩි අදහසක් වෙන්න පුළුවන්.නැතිනම් අපිට කිසිසේත්ම අදාල නැති කටයුත්තක් කියලා හිතෙන්න පුළුවන්.ඒත් අඩුමගානේ ඔය කටයුත්තේ සම්බන්ධීකාරක කටයුත්තවත් නෙළුම් යාය හරහා කරන්න පුළුවන්නම් මෙවැනි මල් වට්ටියකට අත ගහන්න කැමති ,මල් වට්ටි නැතිනිසා උඩබලන් ඉන්න වෙලා තියන ගොඩ දෙනෙකුට ලොකු උපකාරයක් වෙයි.කවුරුහරි අඩුමගානේ එක දරුවෙකුට මාසෙකට රු.1000ක් දුන්නත් ඒ දරුවන්ට ඒක මහමෙරක් වේවි. ඒ පොඩි එවුන්ට පොතක්-පෑණක් ගන්න, විවේකකාලේදී කන්න බනිස් ගෙඩියක් අරගන්න ඒ මුදල ගොඩක් වටිවී.

දැන් අජිත් අයියේ මේ ගමන යද්දී මම වගේම ගමනට සහභාගී වූ බහුතරයක් බ්ලොග්කරුවන් දැණුවත්ව සිටි කාරණා 2ට එමු.ක්‍රිකට් තරඟය හා තාමරී කුළම් වෙබ් අඩවිය විවෘත කිරීම.ක්‍රිකට් තරඟාවලිය ගැනනම් කතා කරන්න දෙයක්නෑ.කවදාවත් ඔවුන්ට නොලැබුන අවස්ථාව ලබාගන්න ඔවුන් බොහොමත් උනන්දුවෙන් ක්‍රීඩාකලා.ඒ අවස්තාව ඒ දූවරුන්ට මහමෙරක් තරම්වුනා.ඔවුන් ඒ අවස්ථාව හොඳින් රස විඳිමින් මහත් සේ ප්‍රීතියෙන් ගෙවා දැම්මා.එවැනි අවස්ථාවක් ඔවුන් වෙත ලබා දුන්නාට නෙළුම් යායට බොහොමත් ස්තූතියි.ඒත් තාමරී කුළම් විවෘත කිරීමනම් සම්පූර්ණයෙන් අසාර්ථකයි.මේස රෙද්දකින් වහලා තිබුන බැනර් එකක් විවෘත කරමින් වෙබ් සයිට් එකක් ඕපන් කරනවා මම දැක්කමයි.දැන් කරන්න තියෙන්නේ තාමරී කුළම් නැවත විවෘතකිරීම නොව එම වෙබ් අඩවිය දෙමළ කියවන ජනතාව අතර ප්‍රසිද්ධ කිරීමට ප්‍රවර්ධන කටයුතු සිද්දකිරීමයි.කන්න බොන්න දීලා මුන්ව තලවකැලේ එක්කගන ගියා මදැයි කියලා හිතෙනවනම් සමාවෙන්න අජිත් අයියේ.කරන හම දේකටම හොඳයි හොඳයි කියල මුරුංගා අත්තේ තියන්න අජිත් අයියා පාර්ලිමේන්තු අපේක්ශකයෙක් නෙමෙයිනේ.මේ ලෝකේ ඉපදුණු ගමන් ඇවිදපු ළමයි හිටියේ උපාසක අම්මලා රවට්ටපු කතාවල විතරයි.හැම පොඩි එකෙක්ම ඇවිදින්න ඉස්සල්ලා බඩගාලා,දණගාලා ,වැටිලා තමයි ඇවිදින්න පටන්ගන්නේ.බලෙන් ඇවිද්දන්න ගියොත් පොඩීකාගේ කකුල බකල් වෙනවා.එතකොට මුළු ගමනම බකල්.අජිත් අයියලා ඒක හොඳට දන්නවා කියලා මම හොඳට දන්නවා.ඒ නිසා මේ යන ගමනෙදිත් වැටුනට, තුවාල උනට වැඩිය හිතන්නේ නෑ කියලත් මම දන්නවා.එහෙම උනා කියලා මේ ගමන නවත්තන්නේ නෑ කියලත් මම දන්නවා.ඒ ගමන යනකොට ;ඒ ගමනට ආශිර්වාද කරන ,තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ ගමනට සහයවෙන්න බලාගන ඉන්න කට්ටියකුත් ඉන්නවා කියන එක අමතක නොකර ඔළුවේ තියාගන්න.

හරි...නෙළුම්යායේ ඇත්තෝ ඉවරයි.දැන් අපේ එවුන්.මම දන්නවා.මේ බ්ලොග්කාරයෝ අතර ජීවිතේ ගොඩක් දුක්වින්ද එවුන් ඉන්නවා.ඒ වගේම කිසිම දුකක් කරදරයක් නැතුව ළමා කාලය ගතකරපු එවුන් වගේම රත්‍රං හැන්ද කටේ ගහගන ආපු එවුනුත් ඉන්නවා.ඒ කවුරු වුනත් අපි ඔක්කොම මනුස්සයෝ.මෙතන ඉන්න බහුතරයක් දෙනා තමන්ගේ දෙමාපියන්ට මෙන්ම නිදහස් අධ්‍යාපනයට පිංසිද්ධ වෙන්න යමක් කමක් ඉගනගන ඒ පිහිටෙන් කීයක් හරි හම්බකරගන්න ඇත්තෝ.මිනිස්සු විදිහට ඉපදුණු අපි අපිට ලැබුන අවස්තාව තවත් කාටහරි උදාකරලා දෙනවනම් ,ඒ දේ නිසා ඒ මනුස්සයා සතුටින් ජීවත්වෙනවනම් මේ ලබාගත්තු මනුස්ස ආත්මය ඇතුලේ අපිට සතුටුවෙන්න තවත් දෙයක් තියනවද?මේ පොඩි එවුනුත් ඒවගේ අපේ උදවු ලැබෙන්නම ඕනේ පිරිසක්.ඔවුන් මහාලොකු දේවල් අපෙන් ඉල්ලන්නේ නෑ.ඔවුන්ට ඕනේ අඩුපාඩුවක් නැතුව ඉගනගන්න අවශ්‍ය වටපිටාවක් විතරයි.මතක තියාගන්න.ඔවුන්ගේ අම්මලා තාත්තලා බහුතරයක් දිනකට රුපියල් 625/=ට දාඩිය වගුරවන කම්කරුවන් වග.ඒ වගේම බහුතරයක් අධික මත්පැන් පානයට ඇබ්බැහිවූවන් වග.එහෙම පරිසරයක ජීවත්වෙන මේ පොඩි එවුන්ටත් ඒ වගේ අනාගතයක් උරුම නොවන්නට තියන එකම ගැලවීමේ මාර්ගය අධ්‍යාපනය විතරමයි.ඒ නිසා පුළුවන් ආකාරයට මේ සද්කාර්යට අපිත් සම්මාදන්වෙමු.ගෙදර වැඩට කෙල්ලෙක්, වත්තේ වැඩට මිනිහෙක්, ළමයා බලාගන්න ගෑනියෙක්, කඩේ වැඩට කොල්ලෙක් හොයාගන වතුකරයට යනවා වෙනුවට තමන්ගේම දරුවෙක් බලන්න යනවා කියන හැඟීමෙන් එහාට යමු.තමන්ගේ දරුවා  කියන හැඟීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට සහයවෙමු.එතකොට අපි උඹලා මැරුන දවසට දෙවියොත් අපිත් එක්ක හිනාවේවි, හදවතින්ම.

කටුස්සා....

 
අජිත් අයියාගේ හිත රිදිලා වගෙයි.ඒත් හිත රිදෙන්න තරමට දෙයක් කියවුනාද කියන එකනම් මට සැකයි.මේක ලියුවේ කරපු කටයුත්තේ සමාලෝචනයකට මිසක ඒ කටයුත්ත සිදුකල හා මෙහෙයවූවනට දොස් පැවරීමටනම් නොවේය.එසේ සිදුකලේද මේ කටයුත්ත තාමත් නිමනොවූ කටයුත්ට්තක් බැවු මා විශ්වාසකරන නිසා එහි ඉදිරි කටයුතු මීටත් වඩා ක්‍රමවත්ව සිදුකිරීමට ඔබලා හට අදහසක් ලබාදීමට පමණකි.

දුන්න තෑගි මදියි කියලා කිවීමට ප්‍රධානතම හේතුවනම්;
ළමුන් දෙදෙනෙකු සිටින පවුලක එක් දරුවකුට පමණක් කිසිවකුගෙන් තෑග්ගක් ලදවිට අනිකාගේ මුහුනේ ඇතිවන වෙනස්වීම දියනියන් දෙදෙනෙකුගේ පියකුවන ඔබහට අමුතුවෙන් කියාදීමට මට අවැසිනැත.බොහෝ වේලාවල් වලදී ඔවුන්ගේ එම ඊර්ශ්‍යාව එම මොහොතට පමණක් සීමාවන අතර පසුව ඔවුන්ට ඒ කිසිම දෙයක් මතක නැත.ඒ ඔවුන් ළමුන් බැවිනි.එහෙත් දුකින් සිටින එකාගේ මූණ දකිනවිට අපට ඇතිවන දුක බොහෝ කාලයක් අපේ සිතින් පහව යන්නේ නැත.ඒ අප වැඩිහිටියන් වන බැවිනි.මා එම කරුණ මෙතනදී සටහන්කලේද එදා ඇතිවූ කම්පනය හා දුක නිසාවෙමිනි.ඒ පොඩි එවුන් වෙනුවෙන් තව මොනවාහරි අපිට කරන්න තිබුනා'යි කියන පශ්තාපයෙනි.ඔබ කල කාර්යය අවතක්සේරු කිරීමට කිසිදු උත්සහයක් එතන නොමතිබව තරයේම සිහිතබා ගන්නාමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

හිමාශි;
ඇගේ සංවිධාන ශක්තිය හෝ ඇය ඉටුකල කාර්යයභාර්යය පිළිබඳව කිසුඳු ගැටළුවක් එදා ගමනට සහභාගීවූ කිසිවකුගේ සිතේ ඇතිවීමට කිසිඳු ඉඩකඩක් නැත.ඒ ඇය එම කාර්යය ඕනෑවටත් වඩා හොදින් ඉටුකල බැවිනි.ඒ පිළිබඳව ඔබලාගේ මෙන්ම අපගේත් ගෞරවය ඇයට ලැබිය යුතුමය.මෙම ලිපියේදී හිමාශි පිළිබඳව වැඩිපුර සටහන්වුවේ පොඩි බයිටකට මිස ඇය පිලිබඳව අංශුමාත්‍රයක තරමටවත් අප්‍රසාදයකින් නොවේය.ඇය මෙන්ම දයා නෙත්තසිංහ, උපුල් නිශාන්ත, නිශාන්ත ප්‍රියදර්ශන යන සහෝදරයින්ද සුමිත් කළනසිරි නම් අපේ කමියාද සංවිධාන කටයුතු සදහා දැක්වු සහයෝගය අගය කලයුතුමය.එම කරුණ පිළිබඳව යම්කිසි සිත් රිදීමක් ඇතිවූයේනම් සමාව ඉල්ලාසිටින අතර හිමාශි ඒ පිළිබඳව කිසිසේත් මා සමග අමනාප නොවේයයි මා විශ්වාස කරන්නේ ඇය 2 වසරේ පොඩි එකෙකු නොවන නිසාවෙමිනි.

කෑම සහ බීම;
කිසිඳු සැලකිල්ලක් ගතයුතු නොවන මාතෘකාවකි.ඒ පිලිබඳව සැලකිලිමත්වෙමින් ගමන් යන්නේනම් යන්නේ මෙවැනි නෑගම් නොව මීටවඩා වෙනස් අකාරයේ ගමන්ය.ඒම කරුණ පිළිබඳව සම්පූර්ණයෙන් අමතක කර දමන්න.

\\ඊළඟ සැරේ යනවා නම් සංවිධායක හැටියට කටුස්සව දාමු\\
හීනෙකින්වත් නොසිතන්න.මෙම දිනවල ඇතිවී තිබෙන ගැටළුකාරී තත්වයන් නිසා මම කවුදැයි මටම අමතකව ඇත.එදා ගමනට සහභාගී වුවේද සති අන්ත දිනවල රජයේ කාර්යයාල වසා දමා ඇති නිසාවෙනි.මෙම ලිපිය ලිවුවේත් "නයිට් මේල්" එකේ එනගමන්.කමියා සහ ඇනෝපීලිස් ඒ පිළිබඳව හොදින් දන්නවා.ඉහත සදහන් කල පරිද්දෙන්ම හිමාශිගේ සහ කමියාගේ සංයෝගය කිසිසේත්ම වෙනස්කලයුතු නැත.

\\ඒ නිසා ලබන සැරේ මම නම් එන ආධාර ගන්නවා කවුරු මොනවා කීවත්\\
කිසිම අවුලක් නැත.කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ මෙවැනි කටයුතු සිදුකල යුතුමය.ඕනෑ එකෙකුට ඕනෑම දෙයක් කිව හැකිය.එහෙත් අර පොඩි එවුන්ට සතුටක් දිය යුතුමය.ඒ ඕනෑම විවේචනයක් ඒ පොඩි එවුන්ගේ සිනහ ඉදිරිපිට නිශ්ප්‍රභාවන හෙයිනි.

ජය වේවා.....
කටුස්සා

http://katusuhadawatha.blogspot.co.uk/2015/07/inside-out-of-journey-to-thalawakele-by.html

මහින්දට ආ අභිරහස් දුරකථන ඇමතුම කුමක්ද?

Hellපසුගිය සඳුදා උත්සවයකට සහභාගි වෙමින් සිටි හිටපු ජනාධිපතිවරයා හදිසියේ ලැබුණු දුරකථන ඇමතුම නිසා එම ස්ථානයෙන් පලා ගිය බව ප්‍රවෘත්ති විකාශ තුලින් දැක ගන්නට ලැබුණි.
 
ඔහු එසේ පලා ගිය එසේ ගිය හේතුව සොයා ගිය අපට දැන ගන්නට ලැබුණේ විශ්මයජනක කථා පුවතකි.
 
එම දුරකථන ඇමතුම ලැබීමට මොහොතකට කලින් ඔහු කියමින් ඇති කථාව මෙබඳුය.
 
" අපි මේ රටේ දූෂණය, බොරුව, වංචාව නැති කරනවා,  සාමකාමී පරිසරයක් අති කරනවා ,  ජාතික ආරක්ෂාව තහවුරු කරනවා"
 
ඒ මොහොතේ සිදු වූ  දුරකථන දෙබසේ  කියවුනේ මෙවැන්නකි.
 
" සර්, මේ දැන් භූ ගර්භ විද්‍යාතනයෙන් අපේ සුසිල් ඇමතිතුමාට කෝල් එකක් ආවා"
 
"ඒ මොකක්ද සුසිල්ට ප්‍රශ්නයක්ද,"
 
"සුසිල්ට ප්‍රශ්නයක් නැහැ සර්, ඔය සර් ඉන්න තැන පොලව පැලෙනවලු, ඉක්මනට ඔතැනින් පැනගන්න සර්"
 
ඉන්පසු සිදු වූ දෙය කවුරුත් දනිති.

මහින්ද පිල සාර්ථක ඉනිමක් අවසන් කර තිබේ!

Mahinda Cricketපළමු තරඟයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබූ මහින්ද පිල, මේ වන විට දෙවන තරඟය ජය ලබා ඇති බව පැහැදිලිය. ඒ ශ්‍රීලනිපයේ සහ එජනිසයේ බලය නැවත අත්පත් කරගැනීමෙනි. කෙසේ වුවද, වඩා වැදගත් තරඟය වනුයේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට දින නියම වී ඇති, තරඟාවලියේ ජයග්‍රහණය තීරණය කරන, අවසන් හා තුන්වන තරඟයයි.

ලංකාවේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන්නේ බහුතර ඡන්දයෙනි. මේ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරදා පැහැදිලි බහුතරයක් ලැබූ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හයවන ජනාධිපතිවරයා විය.

පරාජිතයා වූ මහින්ද රාජපක්ෂ ඡන්ද පනස් අට ලක්ෂයක් ලබාගනිද්දී, මෛත්‍රීපාල සිරිසේන ඡන්ද හැට දෙලක්ෂයක් ලබා ගත්තේය. බොහෝ දෙනා විශ්වාස කරන පරිදි මහින්ද රාජපක්ෂගේ ඡන්ද ඔහුගේම ඡන්ද වන අතර මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ඔහුගේම ඡන්ද නොවේ.

මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද වලින් බහුතරය එජාප ඡන්ද වුවද ඒ ප්‍රමාණය එයින් අඩකට වඩා වැඩි විය නොහැක. ඉතිරි ඡන්ද අතර ටීඑන්ඒ ඡන්ද හා ජවිපෙ ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක්ද, මුස්ලිම් හා ඉන්දියානු දෙමළ දේශපාලන පක්ෂ වල ඡන්ද සුළු ප්‍රමාණයක්ද ඇති අතර හෙළ උරුමය කණ්ඩායමද ඇතුළුව එජනිසයෙන් බිඳී ආ කණ්ඩායම විසින් රැගෙන ආ ඡන්ද යම් ප්‍රමාණයක්ද විය.

මේ සියල්ල එකතු කළත් ලක්ෂ හැටදෙකක් හැදෙන්නේ නැත. ලක්ෂ හැටදෙක හැදුනේ දේශපාලන පක්ෂ මඟින් කෙලින්ම පාලනය කළ නොහැකි ඡන්ද විශාල ප්‍රමාණයක් ඉහත ගොඩට එකතු වීමෙනි. මේ ප්‍රමාණය ලක්ෂ දහයකට වැඩි මිස අඩු නොවූ බව මගේ තක්සේරුවයි. මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පිලිබඳව කලකිරුණු, ජවිපෙ සමඟද මතවාදීව එකඟ විය නොහැකි සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි තුන්වැනි බලවේග වලට නිකමට මෙන් ඡන්දය දුන් කොටස්ද, බොහෝවිට ඡන්දය භාවිතා නොකළ අයද, එජනිසයට පෙර ඡන්දය පාවිච්චි කළ නමුත් රාජපක්ෂලා නොඇදහූ කොටස්ද විය.  රාජපක්ෂ රෙජීමය සමඟ විරසක වූ  මුස්ලිමුන්ගේ ඡන්ද විශාල ප්‍රමාණයක්ද මේ ගොඩට එකතු විය.

මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති ධුරය ඔහු හිමි කරගත්තේ එහි වටිනාකමට වඩා ඉතා අඩු මිලක් ගෙවමිනි. ආර්ථික විද්‍යා භාෂාවෙන්නම් ඔහුට භාණ්ඩය මිල දී ගැනීම සඳහා විශාල සහනාධාරයක් ලැබුණේය. වෙනත් අයගෙන් සම්මාදම් එකතු කර මෙසේ අඩු මිලට භාණ්ඩයක් හිමි කරගත් විට පුද්ගලයෙකුට එහි සැබෑ වටිනාකම නොදැනේ. ඔහුට දැනෙන වටිනාකම ඔහු ගෙවූ මිලයි.

අනෙක් අතට මේ භාණ්ඩය හිමිකර ගැනීම සඳහා තනි පුද්ගලයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේනට වඩා ඉතා ඉහළ මිලක් ගෙවීමට සුදානම් වූ මහින්ද රාජපක්ෂට එය හිමිකර ගත නොහැකි විය. මේ නිසා නොසන්සිඳුණු ඉල්ලුමක් ජනිත විය. භාණ්ඩයක් සඳහා නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති විට එය ලබා ගැනීම සඳහා දැරෙන උත්සාහයන් ඉතා බලවත්ය.

දැන් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් වී ඇති අතර මේ සටහන පළවන විට නාමයෝජනා බොහෝදුරට සකස් කර අවසන් වී තිබේ. මහ මැතිවරණයක අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය තීරණය වන ආකාරයටම නොවේ. නෛතික පදනම කෙසේ වුවත් මහ මැතිවරණයේදී ඡන්දයක ආන්තික බලය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වේ.

ජේආර් හඳුන්වා දුන් සමානුපාතික මැතිවරණ ක්‍රමය මඟින් මහජන නියෝජිතයින් තෝරා ගැනෙන්නේ එක් එක් දේශපාලන පක්ෂය ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට (රවුම් කිරීමෙන් පසුව වුවද) හරියටම සමානුපාතිකව නොවේ. උදාහරණයක් ලෙස නියෝජිතයින් අටදෙනෙකු පත් කර ගන්නා (බදුල්ල, පුත්තලම වැනි) දිස්ත්‍රික්කයකදී තුන්වැනියට වැඩි ඡන්ද ගන්නා කණ්ඩායමේ ඡන්ද ප්‍රමාණය 6%කට පමණ සීමා වන තත්ත්වයක් යටතේ එක් වැඩි ඡන්දයකින් මුල්තැනට එන කණ්ඩායමට මන්ත්‍රී ධුර 5ක් හිමිවන අතර දෙවන කණ්ඩායමට හිමි වන්නේ මන්ත්‍රී ධුර 3ක් පමණි.

පසුගිය ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක 12කදී මෛත්‍රී ඉදිරියෙන් සිටි අතර මහින්ද ඉදිරියෙන් සිටියේ දිස්ත්‍රික්ක 10කදී පමණි. මේ අනුව ඡන්ද පදනම් එසේම පවතීනම් රටේ බහුතර ඡන්දයද ලබා ඇති මෛත්‍රී පිල ඉදිරියෙනි. එහෙත්, ඒ මේ ඡන්ද ගොඩවල් දෙකම ඇලුමිනියම් ලෙස සැලකුවහොත්ය. කවුරුත් දන්නා පරිදි මෛත්‍රීගේ හැට දෙක ඇලුමිනියම් නොවේ. සෙරමික්ය.

හැට දෙකේ වූ එකම මහා පොදු සාධකය මහින්ද විරෝධය වූ අතර කෙසේවත්ම මෛත්‍රීට ඇති කැමැත්ත නොවීය. මෛත්‍රීට ඇති කැමැත්ත මඟින් පෙන්නුම් කළේ මහින්දට ඇති විරෝධයයි. මෙහිදී 'මහින්ද' වුයේ පුද්ගලයෙකු නොවේ. පුද්ගලයෙකු වටා පෙළගැසුණු කණ්ඩායමක් සහ ක්‍රමයකි. මේ මහින්ද විරෝධය පිටුපස තමා සහයෝගය දක්වන දේශපාලන පක්ෂය බලයට පත් කර ගැනීමේ කැමැත්ත, යහපාලනයට ඇති කැමැත්ත, දූෂණ විරෝධය, නීතියේ අධිපත්‍යය බිඳවැටීම පිළිබඳව ඇති විරෝධය, රාජ්‍ය අනුග්‍රහය ලැබූ ජාතිවාදයට ඇති විරෝධය හෝ බය, පෞද්ගලික හේතු, හැමදාම දකින කුකුළාගේ කරමල සුදුවීම, යුද්ධය අවසන් කිරීමේදී ඇති වූ තත්ත්වයන් පිළිබඳව ඇති විරෝධය, රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීම පිළිබඳව පැවති බිය වැනි හේතු එකක් හෝ කිහිපයක් මුල්විය.

මෛත්‍රී ඉදිරියෙන් සිටි උතුරු පළාතේ වැඩි බලය ඇත්තේ දෙමළ සන්ධානයටය. ඔවුන් මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇත්තේ වෙනම කණ්ඩායමක් වශයෙනි. කවර ලෙසකින් මැතිවරණයට ඉදිරිපත් වූවද නැගෙනහිර පළාතේ ඉතිරි දිස්ත්‍රික්ක වල මෙන්ම නුවරඑළියේද වැඩි බලය ඇත්තේ සුළු ජාතික දේශපාලන පක්ෂ අතේය. මේ ඇතැම් පක්ෂ ප්‍රධාන ධාරාවේ කවර හෝ කණ්ඩායමක් හා එක් වීමට ඉඩ ඇතිවුවද අවසාන වශයෙන් වැඩි නියෝජනයක් හිමි වන්නේ ප්‍රධාන ධාරාවේ පක්ෂයකට නොවේ.

ජනාධිපතිවරණයේදී මෛත්‍රී ජයගත්, බහුතරය සිංහල බෞද්ධ, වන අනෙකුත් ඇතැම් දිස්ත්‍රික්ක වලදී ප්‍රතිඵලය පැවතුණේ මහමැතිවරණයකදී මහින්ද පිලට වාසිදායක වන පරිදිය. විශේෂයෙන්ම බදුල්ල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක වලදී ජවිපෙ ඡන්ද ඉවත් කළ විට මහින්ද පිල පැහැදිලිවම ඉදිරියෙන්ය. ජවිපෙ වෙනම තරඟ කරද්දී, හෙළ උරුමයද ඇතුළු මෛත්‍රී පිල එජාපය සමඟ එක්ව තරඟ කරන තත්ත්වයක් තුළ වුවද මේ කණ්ඩායමට ඉදිරියෙන් සිටීමේ හැකියාව තිබුණේ කොළඹ, මහනුවර සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්ක කිහිපයකදී පමණි. එසේනම් මහින්ද පිල වෙනම තරඟ නොකර එජනිස නාමයෝජනා ඉල්ලමින් මෛත්‍රී පසුපස ආවේ ඇයි?

රහස ඇත්තේ පනස් අටේ සංයුතියේය. හැටදෙක මෙන්ම පනස් අටද සෙරමික් මිස ඇලුමිනියම් නොවීය.

මහින්දට ඇති කැමැත්ත මහා පොදු සාධකය වූ පනස් අට හැට දෙක තරමටම විෂමජාතීය එකතුවක් නොවීය. එහෙත්, මේ පනස් අටේද පැහැදිලි ප්‍රභේද තිබුණේය. ඒ අතර, ප්‍රභාකරන්ගෙන් වූ පීඩනයට වඩා මහින්දගේ පීඩනය අඩුයැයි සිතූ අඩුම වශයෙන් ලක්ෂ දෙකක්වත් වන ශ්‍රී ලාංකික දෙමළ ඡන්දදායකයින්ගේ සිට, මහින්දගෙන් කෙළින්ම ආර්ථික වාසි සැලසුණු කණ්ඩායම්, යුද ජයග්‍රහණය වෙනුවෙන් තවදුරටත් කළගුණ සැළකිය යුතුයැයි සිතන්නන්, මහින්දගේ සංවර්ධන ව්‍යාපෘති අගය කරන්නන්, නැවත යුද්ධයක් ඇති නොවීමටනම් මහින්ද තව කලක් බලයේ සිටිය යුතු යි සිතන්නන් මෙන්ම රනිල්-චන්ද්‍රිකා සමඟ සසඳමින් අඩු නරක තෝරාගන්නන්ද විය. මේ කණ්ඩායම් සියල්ලක්ම බොහෝ දුරට මහින්ද මහින්ද වීම නිසා මහින්දට කැමති වූ අය ලෙස හැඳින්වීමෙහි ලොකු වරදක් නැතැයි සිතමි.

කෙසේ වුවද, පනස් අටේ ගොඩේ සිටියේ මහින්ද මහින්ද වීම නිසා මහින්දට කැමති වූ අය පමණක් නොවේ. මහින්ද (ඇතුළු පිරිස) ශ්‍රීලනිපය වන නිසා මහින්දට ඡන්දය දුන් විශාල පිරිසක් මේ ගොඩේ සිටී. මහින්ද රටේ ජනාධිපති වූ නිසාත්, මහින්ද වටා දේශපාලන බලය තිබුණු නිසාත්, මහින්ද පැරදවීම සිතීමටවත් නොහැකි නිසාත් මහින්දට ඡන්දය දුන් අයද විශාල ප්‍රමාණයක් මේ ගොඩේ සිටියේය. මේ දෙවන හා තුන්වන කණ්ඩායම් වල විශාලත්වය පිළිබඳව නිවැරදි තක්සේරුවක් කාට නැතත් දේශපාලනයෙන් තෙම්පරාදු වී ඇති මහින්දටත්, විමල්-ඩලස් වැනි ඔහු වටා දිගටම සිටි ඇතැම් අයටත් තිබුණේය. (ජනාධිපතිවරණයට පෙර ගණන් වරද්දා ගැනීම වෙනම කාරණයකි.)

ශ්‍රීලනිප බෙදීමකදී මහින්දට මහින්ද වීම නිසා ලැබුණු ඡන්ද අහිමි වීමේ අවදානමක් තිබුණේ නැත. 'මරලා හෝ ගත්තේ නැත්තේ ඇයි?'දැයි මහින්දගෙන් විමසන, මහින්ද දිනවීම සඳහා විමල්-වාසුලා සංවිධානය කළ රැළි වලට සහභාගී වන කොටස් කවර තත්ත්වයක් යටතේ වුවද මහින්දව ප්‍රතික්ෂේප නොකරනු ඇති අතර මහින්ද සමඟ ඕනෑම තත්ත්වයක් යටතේ හිටගන්නා පාර්ලිමේන්තු කණ්ඩායම දිනවීමට මේ ඡන්ද උවමනාවටත් වඩා ප්‍රමාණවත්ය. රැළි වලට සහභාගී නොවූවත් වත්පොත් හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා මහින්ද වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින කොටස්ද සිටින්නේ මේ පනස් අටේ පළමු කාණ්ඩය තුළය.

මුල සිටම රනිල්ගේ සිහිනය වීයැයි සිතිය හැකි, මහින්ද හා මෛත්‍රී පිල් ලෙස ශ්‍රීලනිපය ප්‍රධාන එජනිසය දෙකට බෙදෙන තත්ත්වයකදී එජාපයට කෙලින්ම සැලසෙන වාසිය වූයේ උතුරු-නැගෙනහිර හැර අනෙකුත් දිස්ත්‍රික්ක වල මුල් තැනට ඒමෙන් ලැබෙන බෝනස් ආසන පමණක් නොවේ. පනස් අටේ තුන්වන කාණ්ඩය අධෛර්යමත්ව ඡන්දය භාවිතා නොකර සිටීමෙන් සහ එයින් කොටසක් එජාපය වෙත ආකර්ෂණය වීමෙන් ලැබෙන වාසියද එහි විය. ඒ අනුව, බෙදීමක් තුළ මහින්ද පිලට මෙන්ම මෛත්‍රී පිලටද මේ ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් අනිවාර්‍යයෙන්ම අහිමි වීමට නියමිතව තිබුණි.

පනස් අටේ දෙවන කාණ්ඩයේ ඡන්ද හිමිවිය හැකිව තිබුණේ ශ්‍රීලනිපය ලෙස මහජනතාව විසින් හඳුනාගැනෙන කණ්ඩායමටය. මෙය වත්මන් මහජන නියෝජිතයින්ගෙන් වැඩි ප්‍රමාණයකගේ සහයෝගය ලැබෙන කණ්ඩායමයි. ආරම්භයේදී මේ පිරිස මහින්ද පිලේ සිට මෛත්‍රී පිල වෙත දෝලනය වෙමින් පැවතිණි.

හැටදෙකේ අස්ථිර භාවය මත පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සඳහා පනස් අට එක මිටට තබා ගැනීමේ වැදගත්කම මහින්ද පිල මුල සිටම අවබෝධ කර ගත්තේය. මහින්ද පිලට අවශ්‍ය වූයේ රාජ්‍ය බලය නැවත ලබාගැනීමට මිස ඔවුන්ගේ කණ්ඩායම නැවත පාර්ලිමේන්තුවට යවා ගැනීම පමණක් නොවේ. ඔවුන්ගේ උපක්‍රමික පසුබෑම සහ පුනරාගමනය මේ අනුව තේරුම් කළ හැකිය.

ශ්‍රීලනිප බෙදීමකදී  එහි ලොකු කොටස තමන් වෙත රඳවා ගැනීමේ හැකියාව මහින්ද පිල සතුව මුල සිටම තිබුණේය. ඕනෑම තත්ත්වයක් යටතේ මහින්ද සමඟ හිටගැනීමට සූදානම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30කට වැඩි ප්‍රමාණයක් සිටි අතර මෛත්‍රීට එවැන්නන් සිටියේ දෑතේ ඇඟිලි වලටත් අඩුවෙනි. ඉතිරි බහුතරය මහින්දට හෝ මෛත්‍රීට විශේෂ පක්ෂපාතීත්වයක් නොමැති වැඩි වාසියක් ඇති තැනට එක් වීමට බලා සිටි පිරිසකි. නුදුරේම පෙනී පෙනී තිබුණු මැතිවරණය හමුවේ දැන්ම හෝ මැතිවරණයෙන් පසුව ලබාගන්නා වරදානයන්ට වඩා ඔවුන්ට වැදගත් වූයේ කෙසේ හෝ තම පාර්ලිමේන්තු අසුන රැක ගැනීමයි.

මෛත්‍රීගේ ජයග්‍රහණයෙන් පසුව මහින්ද පිලේ ජනතා නියෝජිතයෝ එකිනෙකා මෛත්‍රී පිලට එකතු වන්නට විය. මේ ප්‍රවණතාව මේ අයුරින්ම පැවතියේනම් ශ්‍රීලනිපය දෙකඩ වී පාර්ලිමේන්තුව තුළ මෛත්‍රී පිල විසින් මහින්ද පිල ගිලගෙන මහින්ද පිල සාපේක්ෂව දුර්වල කණ්ඩායමක් විය හැකිව තිබුණි. එය එසේ වීනම්, පාර්ලිමේන්තුවෙන් පිටතදී, පනස් අටේ කණ්ඩායමේ තුන්වන කොටස විසින් මහින්ද පිල පරාජිතයින් ලෙස හඳුනාගැනීම තුළින් මේ දියවීම එහිද සිදුවනු ඇත. ඔවුන්ගෙන් කොටසකගේ නවාතැන්පල එජාපය විය හැකිව තිබුණි. පනස් අටේ කණ්ඩායමේ දෙවන කොටසද මහින්ද හා මෛත්‍රී පිල් අතර බෙදී යනු ඇත.

මෛත්‍රී විසින් ශ්‍රීලනිප සභාපතිත්වය එහි මිල ගෙවා ලබා ගැනීමට ඉඩ නොතබා සහනාධාරයක් ලෙස ඔහු වෙත ලබාදීමෙන් සිදුකෙරුණේ මේ ක්‍රියාදාමය වෙත තිරිංග යෙදීමකි. දැන් මහින්ද නැතත් පනස් අටේ කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වය ඇත. ඡන්දයෙන් පරාජය වූ ඔවුන්ට තමන්ගේම ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක් තවදුරටත් තිබේ. නායකයා අවිනිශ්චිත වීම ප්‍රශ්නයක් නොවේ.

මහින්ද හෝ මෛත්‍රී වෙනුවෙන් ඕනෑම තත්ත්වයක් යටතේ පෙනී සිටීමට සුදානම් නොවූ බහුතර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වූයේ මීළඟ මැතිවරණයේදී සිය මන්ත්‍රී ධුරය රැකගැනීමටය. මුලදී පෙනෙන්නේට තිබුණු ආකාරයට මෛත්‍රී සමඟ සිටගැනීම මේ සඳහා වැඩි පිටිවහලක් සැපයුවේය.

පනස් අටේ තුන්වන කාණ්ඩය ගිලිහීයාම වලකා ගත හැකි වූයේ රාජ්‍ය බලයේ අයිතිය තමන් වෙත තවදුරටත් ඇතිබව තහවුරු කිරීමේ හැකියාව මතය. කෙසේ වුවද, රාජ්‍ය බලයේ අයිතිය ශ්‍රීලනිපයට බව තහවුරු කිරීමට රනිල්ගේ එජාපය සමඟ තරඟ කළ යුතු වූ අතර මේ තරඟයේදී මෛත්‍රීගෙන් ශ්‍රීලනිපය අපේක්ෂා කළ විශේෂ උදවු ඔවුන්ට ලැබුණේ නැත. මෛත්‍රීගේ උදාසීන ප්‍රතිපත්තියෙන් වාසි සැලසුණේ එජාපයටය. මේ තත්ත්වය යටතේ එජනිස පාර්ලිමේන්තු කණ්ඩායමේ මැදපෙළට මෛත්‍රී සමඟ සිටගැනීම පිළිබඳව සැක සංකා මතු වන්නට විය. මෙය අනිවාර්යයෙන්ම සිදුවන බව මහින්ද පිල මුල සිටම දැන සිටියේය.

විමල්-වාසු කණ්ඩායමේ රැස්වීම් මාලාව මූලිකවම අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුවෙන් පිටත පනස් අටේ කණ්ඩායම දියවීම වලක්වාගැනීමටය. පරාජය ජයග්‍රහණයක් ලෙස පෙන්වීම ක්‍රමෝපායයේම කොටසකි. දෙවනුව, මැතිවරණ ජයග්‍රහණය වඩා සහතික වන්නේ මෛත්‍රී සමඟ නොව මහින්ද සමඟ සිටීමෙන්ය යන්න පාර්ලිමේන්තුවේ එජනිස මැද පෙලට ඒත්තු ගැන්වීමටය. මේ උපක්‍රම බොහෝ දුරට සාර්ථක වූ අතර එහි වෙනත් අතුරු ප්‍රතිඵලද තිබේ.

මෛත්‍රීට ඡන්දය දුන් කණ්ඩායමේ අපේක්ෂාවන් සිතූ පරිදි ඉටු වී නැත. මේ අනුව, හැට දෙක තුල වූ නිර්පාක්ෂික කොටස් හැට දෙකෙන් ගැලවී යාම ප්‍රවණතාවක් විය යුතුය. විමල්-වාසු කණ්ඩායමේ ක්‍රියාකාරීත්වහි අතුරු ඵලයක් ලෙස මේ නිර්පාක්ෂික කොටස් වලට තව දුරටත් මහින්ද විරෝධය පවත්වා ගැනීමට අවශ්‍ය උත්තේජනයද නොමිලයේම සපයනු ලැබීය.

මහින්දට එජනිස නාමයෝජනා දුන් වහාම ඇති වූ සෘජු ප්‍රතිඵලය මෛත්‍රී සහ ඔහුට ඡන්දය දුන් හැට දෙකේ කණ්ඩායම අතර ඇති ඓන්ද්‍රීය සම්බන්ධතාව බිඳ වැටීමයි. මහින්ද කණ්ඩායම විසින් ඇටවූ ක්‍රමෝපායික උගුලේ මෛත්‍රීපාල සිරිසේන සිර විය. (එය සිදු වූ ආකාරය වෙනම සාකච්ඡා කළ යුතුය.)

මෛත්‍රී විසින් මහින්දට නාමයෝජනා දෙනු නොලැබීනම් කුමක් විය හැකිව තිබුණේද? එසේනම්, මහින්ද පිලේ විමල්-වාසු ඇතුළු පිරිසට වෙනම තරඟ කිරීමට සිදුවනු ඇත. මේ කණ්ඩායම සමඟ මහින්ද ඡන්දයට ඉදිරිපත් වේද යන්න තීරණය විය හැක්කේ ඔවුන් වටා පෙළගැසෙන කණ්ඩායමේ ශක්තිය මතය. කණ්ඩායම් පෙළගැසෙන ආකාරය කෙසේ වුවත්, අවසානයේදී මෛත්‍රී සමඟද ශක්තිමත් කණ්ඩායමක් ඉතිරි වනු ඇත. ඔවුන් බොහෝ විට තුන්වන කණ්ඩායම වනු ඇති නමුත් දුර්වල කණ්ඩායමක් නොවනු ඇත. රනිල්ගේ එජාපය මුල් තැනට පැමිණෙනු ඇති අතර රනිල්-මෛත්‍රී එකතුව පාර්ලිමේන්තුවේ බහුතරය සහිත සභාගයක් පිහිටුවද්ද්දී මහින්ද පිල විපක්ෂයේ ප්‍රබලම කණ්ඩායම වනු ඇත. බහුතරය නොලබන රනිල්ගේ එජාපය සමඟ හවුල් ආණ්ඩුවකට එකතු වන හෙළ උරුමය සහ ශ්‍රීලනිප මෛත්‍රී පිල සංඛ්‍යාත්මකව කුඩා විය හැකි වුවද ඔවුන්ගේ ආන්තික බලය විශාල වනු ඇත. කෙසේ වුවද, මේ ඉඩකඩ මේ වන විට මහින්ද පිල විසින් අහුරා තිබේ.

මහින්දගේ පනස් අටෙහි පළමු හා දෙවන කොටස් ඔවුන් විසින් මේ වන විට ග්‍රහණයට ගෙන ඇති අතර තුන්වන කොටස රඳවා ගැනීම ඔවුන් හමුවේ තවදුරටත් ඇති අභියෝගයකි.

අනෙක් අතට, මෛත්‍රීගේ හැටදෙකේ බොහෝ දෙනෙකු තමන්ගේ මුල් බලාපොරොත්තු බිඳගෙන ඇති නමුත් ඔවුන්ගේ මහින්ද විරෝධය තවමත් පහව නැති නිසා, ඇත්ත වශයෙන්ම විමල්-වාසු කණ්ඩායම විසින් තවදුරටත් මුවහත් කරනු ලබ ඇති නිසා, මේ ඡන්ද හැටදෙලක්ෂය තව දුරටත් එසේම පැවතීමට ඉඩ ඇතත් ජවිපෙ හා ටීඑන්ඒ ඡන්ද ඉවත් කළ විට මේ ගොඩ මහින්දගේ ගොඩට වඩා කුඩා වේ. එජාප ඇතුළු පෙරමුණෙහි ජයග්‍රහණය සඳහා රාජ්‍ය බලය හා දිනීමට ඇති වැඩි ඉඩකඩ පෙන්වා මහින්ද ලබාගත් තුන්වන කාණ්ඩයේ ඡන්ද වලින් කොටසක් බිඳ ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වන අතර මහින්ද ප්‍රධාන එජනිසයෙහි ජයග්‍රහණය සඳහා මේ ඡන්ද රඳවා ගත යුතුය.

ජයග්‍රහණය අවසාන වශයෙන් තීරණය කරන මේ ආන්තික ඡන්ද ලබාගැනීමටනම් රාජ්‍ය බලයේ සංකේතය වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අයිතියට ඇති හිමිකම අත්‍යවශ්‍ය සාධකයකි. පුද්ගලයෙකු වශයෙන් මෛත්‍රීපාල සිරිසේනට කෙලින්ම පාලනය කළ හැකි ඡන්ද ප්‍රමාණය පොළොන්නනරුව දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයා තීරණය කරන ඡන්ද විසිපන්දහසක පමණ ප්‍රමාණයක් පමණක් වුවද තවත් වසර හයකට බලය ඇති විධායක ජනාධිපති වරයා ලෙස ඔහු විසින් සංකේතවත් කරන රාජ්‍ය බලය විසින් ඡන්දදායකයින් ලක්ෂ ගණනකගේ තීරණ වලට බලපෑමක් කරනු ඇත.

මේ නිසා ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේනට මඩ ගැසීමක් වෙනුවට ඔහු සිටින්නේ තමන්ගේ පිලේයැයි පෙන්වීම සඳහා කෙරෙන උත්සාහයන් දෙපාර්ශ්වයෙන්ම දැක ගැනීමට හැකි වනු ඇත.

(දේශපාලන විශ්ලේෂකයෙකු හෝ දේශපාලන විද්‍යාව පිලිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා ඇත්තෙකු නොවන ඉකොනොමැට්ටා මෙහි සටහන් කර ඇත්තේ ඔහුගේ සිතට දැනෙන දේවල් මිස න්‍යායාත්මක කරුණු නොවේ. ඒවා නිවැරදි නොවීමට ඇති ඉඩකඩ ඉකොනොමැට්ටා විසින් පිළිගන්නා අතර, වෙනස් අදහස් හෝ විවේචන ඉදිරිපත් වුවහොත් ඉකොනොමැට්ටාගේ අදහස් තහවුරු කිරීමට උත්සාහ නොදරනු ඇත. ඡායාරූපය www.colombotelegraph.com වෙබ් අඩවියෙනි.)

-http://economatta.blogspot.co.uk/2015/07/blog-post_11.html

නරක හා නරකම

Lab Reportබැඳපු ජෝඩුවක් දවසක් දොස්තර වෙතට
ගියේ බිරිඳගේ ලෙඩකට බෙහෙතක් ගන්න
ලේ සහ මුත්‍රා දෙක ටෙස්ට් කරන්න කිව්වා
පහුවෙනිදා රිපෝට් අරං දෙන්නා ආවා


දොස්තර තැන නළලේ රැලි ටිකක් නංවලා
සැමියව වෙන කාමරයක් වෙත කැඳවාලා
වාර්තාවෙ හැටියට මට කියන්න වෙන්නේ
නරක එකක් හා නරකම තවත් එකක්නේ

මොකක්ද ඩොක්ටර් ඒකෙන් නරක තොරතුර
කියන්නකෝ මගේ හිතට නොකර කරදර

ඔබේ බිරිඳ පිළිබඳ ඇති නරක තත්ත්වය...
ගොනෝරියා විශේෂයක් වැළඳිලා ඇත...
ජීවිතේට එක පාරයි එය පිළිබඳව...
අසා ඇත්තෙ මමත් මෙතන එයයි ගැටලුව...

ඒක නරක තත්ත්වයනම් ඊටත් නරක...
තවත් දෙයක් ඇතිද ඩොක්ට, කියන්න ඒක

මේ ගැන අහලා තිබුණේ එකම එක වරයි
ඒකත් මට කිව්වෙ මගේ යාලුවෙක් තමයි

මිනිහා මේ පැත්තෙ ඉන්න පශු වෙදා තමයි
ලෙඩේ හැදිල තිබුනෙ අපේ බල්ලාට තමයි

තදියම්කාරයන් සනසන මෛත්‍රීගේ ප්‍රකාශය

Maithripala Ranilඅවසානයේදී ජනාධිපතිතුමා කට ඇර තිබේ.

හැමෝම බනිද්දී අපි එතුමා සමග සිටියමු. ඔහු අප විසින් බලයට පත් කර ගන්නා ලද ජනාධිපතිවරයා ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රීලනිපයේ තිබුණු තත්වය තුළ ඔහුට මහින්දට නාමයෝජනා දෙන එක වළක්වා ගන්නට බැරි විය. මහින්දට නාමයෝජනා දුන් පසු දුමින්ද සිල්වාට, මර්වින් සිල්වාට, සජින් වාස්ට දුන්නා ය නො දුන්නා ය කියා වෙනසක් නැත. ඔවුන්ටත් දුන්නා නම් ඉවර ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ භාවිතාව තුළ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදයයි. පුරවැසි බලය පවා පසුගිය දිනවල හඬතැලුවේ මෛත්‍රීපාල පක්ෂය තුළ අධිකාරවාදී විය යුතු බව කියා ය. අපි ජනවාරි 08දා කළ විප්ලවයේ ප්‍රජාතාන්ත්‍රික හරය අමතක නො කළ යුතු ය.

මෛත්‍රී - මහින්ද දීගයක් සිදු නො වන බව ජනාධිපතිගේ ප්‍රකාශයෙන් සුපැහැදිලි වේ. එසේම, කුමක් හෝ වැරදීමකින් හෝ සන්ධානය දිනුවත් මහින්දට අගමැතිකම ලැබෙන්නේ නැති බව පැහැදිලි ය. එහෙම වුණොත් මහින්ද ඉල්ලං කන්නේ සුසිල් ප්‍රේම ජයන්තගෙන් වන්නට පුළුවන. නිමල් සිරිපාල මහින්දට විපක්ෂ නායකකමවත් දෙයි ද?

මෛත්‍රී පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස් විය යුතු නැත. ශ්‍රීලනිපය සොරුන්ට ප්‍රාණ බුක්තියට දෙන්නේ කුමට ද? මහින්ද ක්‍රමය අහෝසි කර, සමාජය නවීනත්වය කරා ගෙන යන්නට ශ්‍රීලනිපය ගොඩ ගත යුතුව තිබේ. මෛත්‍රීට ඒ සඳහා ශක්තිය දිය යුතු ය.

“මේ ඡන්දයේ දී මම මධ්‍යස්ථව ඉන්නවා.සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට බලධරයනට උදව් කරනවා. ඔබ වෙනුවෙන් දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය අපහරණය කරන්න එපා."

http://www.w3lanka.com/2015/07/blog-post_52.html

 

 

නෙළුම් යාය සහෘද සමුහය