23 November 2017
RSS Facebook Twitter   

නාග නිකලස් සහ ශයිබු නානා ගේ ඌරු මස් කඩේ


pork shopබෞද්ධ භික්ෂුන් දේශපාලනයට ආගමනය වීම ශයිබු නානා ඌරු මස් කඩයක්  විවෘත කිරීම වැනිය.
 
ඡන්දය ඉල්ලා පිණ්ඩපාතයේ වඩින උන්නාන්සේලා ජනතාවට ප්‍රකාශ කරන්නේ ජාතියේ උරුමය රැකීමේ එකම මුර දේවතාවෝ චීවරධාරී ශයිබු නනලා පමණක්ම බවයි.
 
දෙමළ සටන් කරුවන් මරා දමන මහා තුවක්කු වල පිරිත් නුල් බැඳීමට පිම්මේ වඩින මේ උත්තමයනට සතේ කාසියක් අතේ ගැවීමත් අකැපය.
 
ගෞතම බුදුන් දෙසු දහම වත් මාර්ක්ස් ලෙනින් හෝ ට්‍රොට්ස්කි වත් අසා දැන කියවා උගත් කමක් ඥානයක් වර්ධනය කරගත් අය සඟ පරපුර තුල විරලය.
 
ජාතිය බේරා ගන්නට ලෙබ්බේ ගේ කෙළවර ගිනි ඇවිලවීමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ බල සේනා මස් කඩ කල්ලි කියා සිටින්නේ "අපිත් නොහිටියොත් ජාතියත් ආගමත් දෙකටම කෙලවෙන්නා" වූ වගයි.
 
බුදු දහමේ කොතැනක හෝ ජාතියක් රටක් රකින්නට ගාථාවක් සුත්‍රයක් අප නම් අසා නැත්තෙමු. එවැනි ලෞකික වැඩ පසෙකළා ලෝකෝත්තර වැඩ වලට හුදී ජනයා පෙළඹවීම  සඟ රුවනගේ රැකියාවයි. ඒත් කෙළෙස් නැසීමේ කෙළවර නිකෙළෙස් භාවයට පත්වීමේ අරමුණින් දේශපාලනයට දරණ ගසා සිටින මේ නාග මානවකයෝ ලෝකෝත්තර වැඩ ලෙස සලකන්නේ තක්කඩි කම්ය.
 
ලෝකෝත්තර වැඩ පටලවා ගත් සඟ පරපුර තුල ඉහල තැන ලැබෙන්නේ උප්පතියට පෙර තව්තිසා ට්‍රාන්සිට් තිබී, පස් මහ බැලුම් බලා  ඉහළ කුලයේ වීසා ලබා උපදින මහා නිකායේ සඟ රුවනට පමණක්ය. හතර වරිගේ ගොවි කුළ පාරිශුද්ධ නූනොත් මලවත්තෙන් අස්ගිරියෙන් උපසම්පදා නැත.
 
මහා බ්‍රහ්මයා ගේ කුමණ  හෝ මුඛයකින් පිටත වැටුණු ඉහල කුළයට පමණක් උපසම්පදාව දෙන මේ සම්ප්‍රදාය බුදු දහමේ කියා ඇත්තේ කොතනදැයි පෙන්නා දෙන ඕනෑම සංගක්කාර කෙනෙකුට මීළඟ උපන් දින උත්සවය වෙනුවෙන් නොමිලේ ඌරු මස් දෙන්නට ශයිබු නානා ගේ අනුග්‍රහයෙන් අප පොරොන්දු වෙමු.
 
සුනීත ලා සෝපාක ලා ට නිවන් දකින්නට බොදු බල හොන්ඩර කීයක් තිබුණත් කුළ වාදී බෞද්ධ සමාජයේ ඉඩ නැත්තේමය. දඹානේ ආදී වාසීනට නෝ චාන්ස්ය.
 
තමුන්ගේ අඳන කඩ මළ පහ කර ඇත්තේ වෙනකෙක් බව සිවුරැ කරට ගෙන බණ අඬගහන්නා වූ බණ පල්ලෝ සර්ව රාත්‍රීක සංග්ජායනයේ යෙදෙති.
 
ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයෝ, කොටි (පුනරුප්පතිය ලැබූ), මුසල්මානයෝ, වාමාංශිකයෝ, ඇමෙරිකානුවෝ ඇතුළු මෙකි නොකී සියල්ලෝ අපේ බොදු බල අඳනයේ පැහැරීමට මිග් යානා පවා යොදා පැමිණ සිටින්නේ සුක්ෂම කටයුත්ත කල යුත්තේ ගලබඩ හිමියෝ අඳනය ඇඳ සිටිද්දී උන් වහන්සේටත් නොදැනෙන ලෙසට හෙයිනි.
 
ජාතක කතා පොතට අනුව බෝසතුන්ගේ සපෝර්ට් එකට මිනී මැරීමේ කොන්ත්‍රාත් කලේ ශක්‍රයායි. බෝසතුන් සාගින්නේ සිටියදී හා වෙස් ගෙන ගින්නට පැන මරාගෙන මැරෙන සටන් ලොවට හඳුන්වා දුන් සක්කරයා ජූජක බමුණා මරා දැම්මේ වීදුරු හාල් ඇටයක දැමු රසායනික අවි භාවිතයෙනි.
 
අපට නම් සිතෙන්නේ බුදු දහම වෙනුවෙන් මිනී මැරීමේ සක්කරයා ගේ ජොබ් එක භාර ගෙන සිටින්නාවූ බල සේනා නායකයනට පශ්චාත් ප්‍රදේශයේ උණුහුමට දැනේනේ පඬු කඹුල් ගල් පුටුව ම නොවන බවක්.
 
බෞද්ධ සමාජයේ අබෞද්ධ කටයුතු වලට එරෙහිව නැගී සිටින්නට හෝ මීට තිස් දෙවසරකට පෙර රට පුරා සිදුවූ දෙමළ ජන සංහාරයට එරෙහිව විරෝධයක් පල කරන්නට කොමියුනිස්ට් පක්ෂයේ සඟ සහෝදරයන් වත් ඉදිරිපත් නොවීම  බුදු හාමුදුරුවනට මෙන්ම කාර්ල් මාර්ක්ස් ට කරන්නා වූ අපහාසයකි.
 
ශ්‍රී ලංකාවේ සංඝ සාසනයේ නාමයෙන් ඡන්දය ඉල්ලා සිටින සියලු නිකලස්ලා වෙත; හුදී ජනයාගේ පහන් සංවේගය වෙනුවෙන් මෙන්ම ලංකාවේ ගස් ගල් හා නෑ යකුන් වන්දනා කරමින්  එකම ජනහිතකාමී ආගම අදහන්නාවූ වැද්දන් ගේ ආත්ම ගෞරවය හා දේශ මාමක චර්යාවනට කරන්නාවූ ප්‍රණාමයක් ලෙසින්, අභියෝග පොජ්ජක් ඉදිරිපත් කරන්නෙමු.
 
විනය පිටකයේ සතර පාරාජිකා කැඩූ එකදු බික්ෂුවක් හෝ අපේ මනාපේ සිගා එන්නේ නම් ඔවුන් ඉල්ලා අස්විය  යුතු බවයි.
 
විනය පිටකය කියවීම අපහසුය. එහි එන අන්දමට සමහර ශ්‍රමණ අත් දැකීම් අන්ත ජුගුප්සා ජනකය. බයිබලය හැරුණු විට මෙවන් අත්  දැකීම් තවත් ලියැවී ඇති තැනක් දැක නැත්තෙමු. බුදුන් වහන්සේ දෙසු සතර පාරාජිකා පහත දැක්වේ:
 
1. මෙථුන ධම්ම පාරාජිකා  (ස්වයං වින්දනයේ සිට ඉහළට - ජැක්, නිල්  චිත්‍රපට සිට සාමණේර ඇබිත්ත සමාගම් ද ඇතුළුව. ස්ත්‍රී පුරුෂ සහ අපා දෙපා සහ සිවුපා සතුන්ද ඇතුලත් බව එහි සඳහන්ය.)
 
2 අදත්තාදාන පාරාජිකා (බදු දඩ නොගෙවීම, හොරබඩු ජාවාරම, බොරු කියා අරමුදල් රැස් කිරීම, එකම ගඩොළ සියදහස් වර විකිණීම, අට පිරිකර සියවරකට වඩා ආපසු විකිණීම මෙන්ම නොසන්ඩාල උපාසකයෝ තමාටම ආපසු දෙන මුවාවෙන් අට පිරිකර ලාබෙට රැගෙන ගොස් වෙනත් පනස්ලකට දුන් විට වික්ශෝපයට පත් වීම, අල්ලස් ගැනීම හෝ දීම, කොමිස් පාරමිතාව)
 
3 මනුස්‌ස විග්ගහ පාරාජිකා (මනුෂ්‍ය ඝාතක යුද්ධයට අනුබල දීම, දෙමළුන් යෝනකයින් ඇතුළු මිසදිටුවන් මරා දමන්නට අනුබල දීම, එසේ ඝාතන සිදුවෙද්ධී කසාය බිවු ගොළුවන් මෙන් නිවන් මග සොයන බණ බිණිමින් අපේ හුරලාට අපහාස කිරීම, සියදිවිහානියට ගබ්සාවට ඉඩ ලැබෙන ලෙස කටයුතු කිරීම.)
 
4 උත්තරී මනුස්‌ස පාරාජිකා (නම අරහත් කරගනිමින් රහතුන් වහන්සේ බවට පාරම් බාමින් දුක් මහන්සිවී අස්ප රේස් වලින් උපයා ගත්  පනම් හතරෙන් පාටි  දැමීම, දැන දැන බොරු කීම, පාරාජිකා වූ අයෙක් සිවුරු දරා සිටීම, රෝග සුව කිරීම ගුරුකම් කිරීමේ බලය ඇති බවට සාවද්‍ය ප්‍රකාශ කිරීම) {ඡන්ද පොරොන්දු} (ජාත්‍යන්තර මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් ඝාතනයට ලක්වීමට තරම් පොරක් බවට අධි මානයෙන් පාරම් බෑම)
 
[මුස්ලිම් අන්තවාදී හමුදා ළඟදී නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ ඔටු කුර වල සිටින ඇට මැස්සන් මරන්නට මල්ටි බැරල් ගහන්නට තරම් පශ්චාත් වේදනාවක් ඔවුනට නොමැති බවයි.]  
 
මින් එක විනය නීතියක් හෝ බින්ද එකාට ඡන්දය හෝ වන්දය දෙන්නෝ නිඝන්ටයෝ වෙති. මෙලෙස පාරාජිකාවට පත් මිනිසුන් තම දෙමාපියන් තම දෙපතුල ඉදිරියේ පසඟ පිහිටුවා වැඳ වැටෙද්දී ඒ ශ්‍රද්ධාවට කරන්න වූ නිග්‍රහය කොපමණද?   
 
මේ අභියෝගය භාරගත්තේම නැතත් නෑ යකුන් හා අපේ හුරන් ගේ ආත්ම ගෞරවය වෙනුවෙන් නොලියාම නොහැකි නිසා ලීවෙමු.
 
කිරි පල්ලේ විලවුන් හොන්ඩරයක් ගෑවත් අඳනයේ බත් මඩ  නම් .................  දුඛ දුරු කිරීමේ මාර්ගය හොයමින් සිටින පකට පුඟුලා විසිනි.

 

 

විශේෂාංග