14 December 2017
RSS Facebook Twitter   

ජාතියේ කඳුළු කථාව

black july 261983 ජූලි 23 වන දින සිට අදට අවුරුදු තිස් දෙකක් ගෙවී ගොසිනි. අවුරුදු තිස් දෙකක් යනු තරුණයෝ මහළු වියටත්, ළදරුවෝ තරුණවියටත් පත්වීමට තරම් සෑහෙන කාලයකි. මේ දීර්ඝ කාලය තුල පොත පතින්ද, ජීවත්වීමෙන් ද ලද හැකි දැනුම අප‍්‍රමාණය. මේ අයුරින් දැනුමෙන් පෝෂණය වීම අප පරිනත වීම යයි කියමු.

1983 ජූලි 23 වන දින නොහික්මුණු සන්නද්ධ තරුණයන් පිරිසක් කළ නොමනා කි‍්‍රයාවක් දෙතුන් සිය ගුණයකින් වැඩිකොට කටකතා මාර්ගයෙන් දකුණට පැමිණියේය. එවිට දකුණේ දේශපාලන අනුග‍්‍රහය ලත් මැරයෝ, අවශේෂ පටු අවස්ථාවාදී ජනයාද පොළඹවාගෙන දකුණේ දෙමළ ජනයාට එරෙහිව අවි අමෝරා ගත්හ. එකී තත්වය සමනය කිරීමට එවකට පාලන බලයේ සිටි ජේ.ආර්. ජයවර්ධනට අපමණ හැකියාවක් තිබුණු නමුත් ඔහු තුන් තිස් පැයක් ගෙවෙන තෙක් එකී නරි රැුලට වීදිවල නිදහසේ සැරි සරන්නට ඉඩ දෙමින් පොලිසිය හා හමුදාව බැරැුක්කවලට සීමා කළේ ය. එහි ප‍්‍රතිඵලය වූයේ මිල කළ නොහැකි දකුණේ දෙමළ ජනයාගේ දේපළ හා ජීවිත විනාශ වී යාමයි. උදේ හවස බණ කියන, බණ අහන රටක ජනයා මේ සා ම්ලේච්ඡු ආකාරයට හැසිරුණේ කෙසේදැයි සිතා ගැනීම මහත්සේ අසීරු විය. කිසිදු දේශපාලනමය කි‍්‍රයාවකට සම්බන්ද නොවූ, බොරැුල්ලේ හෝ මරදානේ සිය ජීවිකාව කරගනිමින් සිටි කඩල වෙළෙන්දෝ ඒ කඩල ගිනි උදුනටම දා මරා දැමූහ. සපත්තු හදන සපතේරුවෝ, කුඩ හදන ඡුත්තගාහකයෝ වැනි එදිනෙදා වේල ගැට ගසා ගන්නා සමාජයේ අති දිළිඳු කොටස් මහමඟ විලාප නගමින් ම්ලේච්ඡු මරණයට පත්වූහ. මරණයෙන් ගලවාගෙන රැුකවරණ දීමට සමත් උසස් මැද පංතික සිංහල මිතුරෝ ඒ අහිංසකයන්ට නොවූහ. එහෙත් උසස් මධ්‍යම පංතික දෙමළ ව්‍යාපාරිකයන්ට හා වෙනත් සමාජයේ උසස් දෙමළ ප‍්‍රභූ ජනයාට සිය සිංහල ප‍්‍රභූ මිතුරන්ගේ සුවිසල් නිවෙස්වල රැුකවරණ ලැබී නිරුපද්‍රිතව යාපනයට පිටත් කර හැරිණි. වැල්ලවත්ත ආසි‍්‍රත දෙමළ ජනයාට ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි මැරයන් වැලැක්වීමට දේශපාලකයන් උනන්දු වුවත්, මුඩුක්කු හෝ කොළඹ වතු ආසි‍්‍රත ජනයාට පහර දීම වැලැක්වීමට දේශපාලකයෝ උනන්දු නොවූහ. උදාහරණයක් වශයෙන් එවකට එක්සත් ජාතික පක්ෂ රජයේ ප‍්‍රබල ඇමතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ නිවසේ දෙමළ බෙදුම්වාදයට කිසියම් ආකාරයකට සම්බන්ධ පෙඩරල් පක්ෂයේ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ පුත් චන්ද්‍රාසන් රැුකවරණ ලැබූ බව කියැවේ. කුමාර සංගක්කාර සිය සුප‍්‍රකට කෞඩි‍්‍ර දේශනයේදී තම පියා විසින් බොහෝ අනතුරට පත් දෙමළ මිතුරන්ට තම නිවසේ නවාතැන්දුන් අයුරු පවසයි. 1983 කළු ජූලියෙන් වඩා පීඩාවට හා මරණයට පත්වූයේ එවැනි රැුකවරණලාභී දෙමළ ජාතිකයන් නොව එදිනෙදා වේල සවිකරගත් කාගේවත් රැුකවරණයක් නැති අහිංසක දුගී දෙමළ ජනයාය.

එක්තරා ආකාරයකට 1983 කළු ජූලිය දෙමළ ජනයාට ආශිර්වාදයක් විය. දෙමළ ජනයාගෙන් සැදුම්ලත් ශී‍්‍ර ලංකාවට මහත්සේ බලපෑම් කළ හැකි ඩයස්පෝරාවක් නිර්මාණය වූයේ එම ඛේදවාචකය නිසාය. 1983 කළු ජූලිය නිසා විපතට පත් දෙමළ ජනයා කොළඹ නගරයේ විවිධ තැන්වල පිහිටි රැුඳවුම් කඳවුරුවල ලූහ. එම එක් කඳවුරක් භාරව සිටි එවකට සමාජ සේවා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු දැනට ටොරොන්ටෝවේ පදිංචිව සිටී. ඔහු පවසන ආකාරයට කැනේඩියානු රජය එකී අනාථයන් වැඩි පිරිසකට ගුවන් ටිකට්පත් පවා ප‍්‍රදානය කරමින් කැනඩාවට ගෙන්වා ගත්තාය. මේ ආරංචියට විපතට පත් නොවූ ඉහළ පැලැන්තියේ දෙමළ මහත්වරු පවා දවසකට දෙකකට එකී කඳවුරුවලට පැමිණ පදිංචි වී ඒ අනුසාරයෙන් කැනඩාවට පැමිණ තිබේ.

1983 කළු ජූලිය ආසි‍්‍රත ඛේදවාචකය විපතට පත් දෙමළ ජනයා හා සමස්ත දෙමළ ජනයා විසින් අමතක කරනු ඇතැයි සිතිය නොහැකිය. එමෙන්ම එවන් සිදුවීමක් තමන්ගේ ඇස් මානයේ සිදුවූ බව සිංහලයන් විසින්ද අමතක කළ යුතු නොවේ. දේශපාලකයන්ගේ වරදින් රට සංවර්ධනයෙන් හා වෙනත් අයුරින් ප‍්‍රපාතයට ගොස් ඇතත් අප දෙජාතියම අයත් වන්නේ ලොව සංවර්ධනය වූ ජාතින් දෙකකටය. ඒ ජාතින් දෙකම වෙන වෙනම වසර දහස් ගණනක් තිස්සේ සංවර්ධනය වූ ජාතිකමය මෙවලම් සමූහයක හිමිකරුවන්ය. ඉන් පළවැන්න එකී ජාතින් දෙක වහරන හා පරිහරණය කරන භාෂා දෙකය. සිංහලය ඉන්දු ආර්ය හා වෙනත් ප‍්‍රකාශන භාෂාවන්ගෙන් මනාව පෝෂණය ව හැදී වැඩුණු පරිපූර්ණ භාෂාවකි. දෙමළ භාෂාවද එසේය. එයද සිංහලය මෙන්ම ඉන්දු ආර්ය හා වෙනත් ප‍්‍රකෘති භාෂාවන්ගේ පෝෂණය ලබමින් වසර දහස් ගණනක් තිස්සේ පෝෂණය වූ පරිපූර්ණ භාෂාවකි. දෙමළය හා සිංහලය එකිනෙක අතර පෝෂණය ලබමින් දියුණු විය. චිරාත් කාලයක් හෘද සංයෝගීව ශී‍්‍ර ලංකාව නම් මනරම් භූමිය ආඩ්‍යත්වයට පත් කිරීමට මේ භාෂා දෙක වහරන ජනයා කැපවූහ. ලංකාවේ ශී‍්‍ර නාමය ඉහළ නැංවීමට මේ දෙජාතියටම අයත් උගත්තු සිය බුද්ධිමය ධනය නොමසුරුව වැය කළහ.

1983 කළු ජූලියට වගකිව යුතු පාර්ශ්ව තමන් අතින් සිදු වූ වරදක් බවත් එමගින් පොදු ජාතිකත්වයට බරපතළ හානියක් සිදු වූ බවක් පිළිගන්නට තිස් දෙවසරක් ඉක්ම ගිය අද වුවත් සූදානමක් නොමැත. ප‍්‍රධාන පක්ෂ සියල්ලෝම පාහේ ජනතා විමුක්ති පෙරමුණ 1989 දී සිදු කළ වරදට ස්වයං විවේචනයක් කළ යුතු බව කියති. එහෙත් ජාතියේ ඉරණම වෙනස් කළ ජූලි මහා ඛේදවාචකයේ නිර්මාතෘවරුන් වන ඔවුන්ට එ් ස්වයං විවේචනය වලංගු නැත. නිදහස ලබාගැනීමට ආසන්න කාලයේත්, ඉන්පසුවත් ජාතින් අතර නොහොඳ නෝක්කඩු නොතිබුණාම නොවේ. එහෙත් ඒවා දේශපාලකයන් අතරට බොහෝ දුරට සීමා විය. එහෙත් 1983 දී එය ජනතාව අතර ගැටුමක් බවට පත්වී අද දක්වා ඇදී යන නොහොඳ නෝක්කාඩුවක් බවට පත් වී ඇත.

අප මේ ලියන කථාව මේ කියවන ඔබ සමහර විට දැනගෙන සිටියා විය හැකිය. එහෙත් එය මෙසේ නැවත සඳහන් කරමු. 1959 වර්ෂයේදී ලංකාවට පැමිණි සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ අගමැතිතුමා ආපසු සිය රටට ගොස් පැවසුවේ තමා සිංගප්පූරුව ගොඩනගන මාදිලිය සොයා ගත් බවත් එනම් තමාගේ ඉලක්කය වන්නේ ලංකාවේ මට්ටමට සිංගප්පූරුව ගොඩ නැගිීම බවත්ය. එහෙත් සිංගප්පූරුවට ශී‍්‍ර ලංකාවේ සංවර්ධන මාදිලිය ගැලපුනේ නැත. හොරකම, දූෂණය, දේශපාලන තන්ත‍්‍රයේ ඉහවහා යමින්ද, ජාතින් අතර හා පක්ෂ අතර මාරාන්තික ගැටුම් ඇතිකර ගනිමින් ද ශී‍්‍ර ලංකාව ගමන් කළ අනුවන ගමන නැගී එන ජාතියකට අනුගමනය කිරීමට සුදුසු එකක් නොවන බව ලී ක්වාන් යූ පසුව මැනවින් අවබෝධ කරගත්තේය. එහෙත් ජාතින් අතර ගැටුම් ඇති නොවන සේ තත්වයන් කළමනාකරණය කරගත්, දූෂණය හා හොරකමට සහමුලින්ම වැට බැඳි, විනය හා සදාචාරය පාලනයේ විධික‍්‍රමය බවට පත් කළ කොළඹ නගරය තරම් කුඩා වූ මේ හුරතල් දේශය තමන්ගේම මාවතක යමින් ලංකාව මෙන් දහස් ගුණයක සංවර්ධනයක් අත් පත් කර ගත්තේය.

1993 දී ලී ක්වාන් යූ මහතා නැවත වරක් සිය මැතිවරණයේදී දේශනයක් කරමින් මෙසේ කියයි. ‘ඔබට ජාතින් අතර ගැටුමින් තොරව හා සමගියෙන් යුතුව මේ අත්පත්කරගත් සංවර්ධන මාවතේ ඉදිරියට යාමට අවශ්‍ය නම් අපගේ ඡුැදචකැ.ි ්ජඑසදබ පක්ෂයට ඡුන්දය දෙන්න. එසේ නැතිව, ජාතින් අතර ගැටුමින් යුතු, සංවර්ධනය ගසා කෑමක් බවට පත් කරගත්, විනයක් නැති, ශී‍්‍ර ලංකාව වැනි රටක් ඔබට අවශ්‍ය නම් උදරනැර.ි පක්ෂයට ඡුන්දය දෙන්න. ු ශී‍්‍ර ලංකාව ජාතින්ගේ ප‍්‍රශ්නය සාමකාමීව විසඳා නොගැනීම පිළිබඳ කාරණය නිසා රට බිඳ වැටී ඇති අයුරු ලී ක්වාන් යූ මහතා ලියූ ඛැැ ණම්බ හැඅල ඵහ කසෙැකදබට ජය්කකැබටැථ ීසබට්චදරු.ි ඊසකසබටම්ක න්‍දමරබැහ කෘතියේ සවිස්තරව ඉදිරිපත් කර ඇත.

බෞද්ධාගම මුල් කර ගත් මහා සංස්කෘතියක් ගොඩ නැගී තිබුණු පුරාණ කාලයේ ජාතිකත්වයට ඉහළින් සිතීමට සිංහලයාටද හැකියාව තිබිණි. ඒ බුද්ධාගමේ අභ්‍යන්තරික ගැඹුර ජනයාගේ හෘද සාක්ෂිය මත තැන්පත්වීම නිසාවෙනි. ලංකාවේ උතුරු නැගෙනහිර කලාපයේ ඇතැම් ප‍්‍රදේශවල ඉතා පැරණි කාලයට අයත් වෙහෙර විහාර හා බෞද්ධ නටබුන් දක්නට ලැබේ. ඒවා විනාශමුඛයට පත්වෙන්නට පටන් ගත්තේ ඈත කාලයේ විසූ දෙමළ මිනිසුන් අතින් නොව මෑතකදී දේශපාලන අවල කෙලියට ගොදුරු වූ මිනිසුන් අතිනි. අපගේ සංස්කෘතික තොටිල්ල වූ රජරට වැව් අමුණුවල, ගම් නියම්ගම්වල නම් ගම් දෙමළ වූයේ (වෙරුංකුලම, පෙරියන්කුලම, බුලන්කුලම ආදි වශයෙන්* දෙමළ බලපෑම දකුණුකරයට ඇතිවූ නිසාය. අපගේ සිංහල භාෂාවේ ව්‍යාකරණ විවරණය වන සිදත් ස`ගරාවේ මූලාශ‍්‍රය දෙමළ ව්‍යාකරණ විවරණයන් ආශ‍්‍රයෙන් රචනා වවූයේ දෙමළ භික්ෂුවක අතිනි. දෙමළ නම් ගම් අපගේ සිංහල භාෂා ව්‍යවහාරයේ නොමඳව පවති.
උඩරට ගිවිසුම වැනි සිංහල ජාතියට බලපෑ වැදගත් ලියවිල්ල සඳහා අත්සන් කළ නිලමේවරුන් අතරින් ගලගම හා ගලගොඩ දිසාව හැර අන්සියලූම නිලමේවරු අත්සන් කොට ඇත්තේ දෙමළ භාෂාවෙනි. මේ ආකාරයට ප‍්‍රධාන ජාතීන් තුන අතරම අනන්‍ය සබඳතාවන්ගේ ඉතිහාසයක් තිබිණි. බෞද්ධකමේ සාර ධර්ම මත පදනම්ව අනෙක් මත ඉවසූ සිංහලයා සාමයෙන්ද සංහිඳියාවෙන් ද සිටියේය. එහෙත් පසු කාලීනව එ් තත්ත්වය සම්පූර්ණයෙන්ම කණ පිට පෙරලූණි. එ් තත්වය තුළ ප‍්‍රධාන ජාතින් දෙක අතරින්ම සත් ගුණවත් මිනිසුන් වෙනුවට රණකාමියෝ වීරයෝ බවට පත්විය. මෑත කාලින දෙමළ සමාජයට ගෞරවයක් ගෙන දුන් මහාචාර්ය සිවතම්බි හෝ මහාචාර්ය කෛලාසපති වෙනුවට රණකාමිත්වයට උඩ ගෙඩි දුන් ඇන්ටන් බාලසිංහම් දෙමළ සමාජයේ වීරයන් බවට පත්විය. කලාවට මහඟු සේවයක් කළ මහාචාර්ය සරච්චන්ද්‍රට හෝ මහා ගත්කරු මාටින් වික‍්‍රමසිංහට වඩා වර්ගවාදය දේශනා කළ මහාචාර්යවරු සිංහලයන් අතර වීරයෝ විය. මහා දහම් පහනක් දල්වමින් මිනිසුන් ආලෝකමත් කළ බලංගොඩ ආනන්ද මෛති‍්‍රය මාහිමියන් වෙනුවට, වෛරය දෙසමින් ගිනි අවුලූවන මහනකමත් බණ දහමුත් නැති වෛරී භික්ෂූන් ගරු බුහුමන් ලබති. උතුම් පූජ්‍යපාදයෝ ලෙi නාම ගැන්වෙති.

1983, අපගේ නූතන ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. එමගින් විවරවූ ජාතින් අතර පැල්ම නැවත එක් කිරීම අප හැමගේ වගකීමකි. එවැන්නක් යළි ඇති නොවීමට අප සැමදා වග බලා ගත යුතුය.

උපුටා ගැනීම - http://iranamvila.blogspot.ca/2015/07/blog-post.html

 

 

විශේෂාංග