14 December 2017
RSS Facebook Twitter   

'අමතක මතක' - අභීත පසිත

yahapalanayaඅපි පොතින් පතින් උගත් ඉතිහාසය හොඳට මතක ඇත. එහි එන රජවරුන්ට, විරුවන්ට අතිශයින් ගරු කරන අභිමානවත් ජාතියක් වන අතර ඉතිහාසයේ පාවාදෙන්නන්ගේ කතාන්දරවලින් දෑස් තෙමාගන්නා මිනිසුන්ගෙන්ද සපිරි ජාතියකි. 
 
කොහොම නමුත් අපට ඇස් දෙකෙන් දැකපු මෑත ඉතිහාසය දැන් අමතකය. අවුරුදු 30 ක් තිස්සේ පන අදිමින් ඉඳ වාසනාවට හුස්ම ගන්නට ඉඩ ලැබුණු බව අමතකය. උදේ ගෙදරින් පිටව යන තම දරුවා, පියා, ස්වාමියා යහතින් නැවතත් ගෙදර ඒදෝ යන සැකසිතින් සිටි හැටි අමතකය. නැතිව තිබූ නිදහස අපට හිමිකර දෙන්නට අද මෙන් පුරවැසි බලය, අළුත් පරපුර හෝ සාධාරණ සමාජ සංවිධාන එදා සිටියේ නැත. කෙලින්ම කිව්වොත් අද ඒකාධිපතීත්වය ගැන කතාකරන තරම් එදා ත්‍රස්තවාදයට එරෙහිව හඬක් නගන්නට සමාජ සංවිධාන තිබුණේ නැත. මිනිස්සුන්ට මතකයි කිව්වට ඔය කිසිදෙයක් අපිට නම් මතක නැත. 
 
අද සුදුවෑන් ගැන කතාකරන මහත්වරු විසින් එදා ටයර් සෑයවල්වල තරුණයන් පුච්චපු හැටි දැකපු මිනිස්සු අදටත් ඕනෑතරම් අපේ ගම්වල සිටිති. අද ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන කෑමොර දෙන මහත්වරු ගෙවල්වලට පැන හැඳුණුම්පත් උස්සගෙන ගියහැටි දැකපු මිනිස්සු අදටත් මේ රටේ ඕනෑතම් සිටිති.
 
එදා සංස්කෘතිය, සදාචාරය උගස්තැබූ තුට්ටු දෙකේ ටියුෂන් මාස්ටර්ා අද හොරු ගැන කතාකරන්නේ උසාවියෙන් තමන්ට සීල්තැබූ හොරා නම සඟවමින්ය. නාට්‍ය පිටපත් හොරකම් කර වැරදිකරුවන් වූ, ප්‍රශ්න පත්තර හොරකම් කර හසුවූ සන්නස්ගල හොරකම් ගැන කතාකරනවිට සිනාසෙන්නේ කුමන අවයවයෙන්දැයි අපට නම් නොතේරේ. ඔබට ?
 
දැන් අපට හැමදේම අමතකය. අපිද අපේ නායකයන් මෙන් ත්‍රස්තවාදියාට මිස්ට ලෙස අමතනු ඇත. රණවිරුවන් දැන් මිනීමරුවන්ය. දැන් අපි හැමදේම අලුතෙන් පටන්ගෙන ඇත. සංහිඳියාව ඇතිකරන්නට සාදුකාර දෙමින් රටපුරා ගෙනගිය ගඩොල් ගෙනත් සිරසෙන් Port City හි ස්මාරකයක් හදමින් යයි. තව ටිකදවසකින් චාරිකාවලට කොළඹ එන අයට සංහිඳියා කුළුණට පැමින සාදුකාරයක් දී යන්නට හැකියාව ලැබෙනු ඇත.
 
යහපාලන මහත්වරු කියන විදියට අඩසියවසකට පසු එළැඹුණු ස්වර්ඹනය යුගය යහපාලන දින 100
 
නාමල්ගේ ලැම්බොගිනි විකුණා අනුරාධපුර ගොවීන්ට පොහොර සහනාධාරය දී ඇත
යෝෂිතගේ ගුවන්යානය Srilnka Airline ගුවන් ගමන්වලට යොදවා මිලියන ගණනක්
එතනෝල් දැන් බෙහෙතකටවත් සොයගන්නට නැත
වෙලේ සුදාගේ කටඋත්තරයෙන් හෙළිවූ කුඩු මුදලාලිලා දැන් හිරගෙවල්වලය
කොළඹ සුරපුරයකි, ඇවිදින මංතීරුවල සුවඳ මල් වැටවල්ය
තොරතුරු දැනගැනීමේ අයිතිය ස්ථාපිත කරමින් කොළඹ වටේ අඩුකළ බඩුමිල ගැන කටවුට් ගසා ඇත
යහපාලනයේ දෙවැනි නියමුවා හෙවත් Mr. Clean දැන් මහබැංකුව සුද්දකර ඇත. දැන් මහබැංකුව පිරිසිදුය
රටහැර ගිය මාධ්‍යවේදීන් (තර්ජණවලට බියේ) නැවත පැමිණ නිදහසේ මාධ්‍ය හසුරවති 
විද්‍යාත්මක ක්‍රමයට සැකසුණු අමාත්‍ය මණ්ඩලය කඩිගුලක් මෙන් වැඩය
 
දැන් අතීතාවර්ජණයෙන් ඵලක් නැත. ඕනදේකට උත්තර ෆේස්බුක් කොල්ලො, කෙල්ලො ෂෙයා කරති. යහපාලන මහත්වරුන්ගේ මඩප්‍රචාර අවුරුදු 20 - 25 කෙල්ලො, කොල්ලො රටට බෙදන්නේ නූතන අබිලින්ලා, එන්සිනාලා මෙනි. 
 
මේ තරුණයන්ගේ දෙමව්පියන් තම දරුවන්ගේ අනාගතය ගැන නිරන්තර බියෙන් අවිනිශ්චිතව සිටි කාලයක් තිබූ බව ඔවුන් නොදන්නවා වියහැකිය. ඊටත් එහා ගිය, කුප්පි ලාම්පුවක්වත් පත්තු කරන්නට තහනම් වූ භීෂණ යුගය ගැන උන් කිසිවක් නොදනිති. බටලන්ද යනු තරුණ විමුක්තිකාමීන්ගේ රංගභුමියක් යැයි ඔවුන් සිතා සිටිනු වියහැක. කොටි අපේ හමුදා විරුවන්ට පශ්චාද්භාගය පෙන්වූ නිසා සටන්විරාම කාලයද උන්ට අමතකය. 
 
අන්තර්ජාලයට ඕනෑ දෙයක් ඕනෑම කෙනෙකුට දැමිය හැකිය. ඒවායේ සත්‍ය අසත්‍යතාවය හැමවිටම සහතික කළ නොහැකිය. සන්නිවේදන ක්‍රම හා ඒවායේ භාවිතාව දියුණුවෙද්දී අපි නැවතත් නොදියුණු සන්නිවේදන ක්‍රමවලට හුරුවෙමින් සිටිති. 
 
බුද්ධියෙන් හා හදවතින් විමසා බලද්දී ජාතියක දිශාව සමාජජාල වෙබ්අඩවිවලට අවැසි ලෙස තීරණයවීම කොතරම් අවාසනාවක්ද ? අපේ සදාචාර සම්පන්නභාවය කෙතරම්ද යනු කරුණු හරිහැටි නොදැන ඕනෑම කෙනෙකුට මඩ ගසනු ඇත. 
 
දැන් පාරම්පරික UNP කාරයා අනුන්ගේ ඔක්සිජන්වලින් නැවත පණගසා නැගිට ඇත. රනිල් මෙන් ඔව්න් ඇස්පනාපිට අප දුටු සාමය වෙනුවට මනංකල්පිත සාමයක්, සංහිඳියාවක් පසුපස අප රැගෙනයාමට සූදානම් වී ඇත. ඇස් ඉදිරිපිට දුටු සංවර්ධනය වෙනුවට නොදුටු දූෂණයකට අවි අමෝරාගැනීමට ඔබව මුලාකරනු ඇත.
 
බෙදුම්වාදයට පිඹුරුපත් සකස් කරද්දී, ත්‍රස්තයන් සමරද්දී, මහබැංකු වංචාවේදී, ජාතික ආරක්ෂාව පාවාදෙද්දී තිරයෙන් වසාතිබූ කැමරාව, යදම් දමාතිබූ පන්හිඳ නැවත ක්‍රියාත්මක වනු ඇතැයි සිතන්නට ඔබව පොළඹවනු ඇත. කොටින්ම ඔබගේ පිහිටෙන් ඔවුන් ගොඩයනු ඇත. වීරයන් පඹයන් කොට පඹයන් වීරයන් වනු ඇත. පිබිදුණු දේශය තවත් වරක් ඔවුන් විසින් වලලනු නිසැකය. දිනාගත් නිදහස පාවාදෙන බව සහතිකය. නමුත් අප සැමගේම දරුවන්ට එයින් විඳවනන්ට සිදුවනු ඇත. එබැවින් ඊනියා උගත් අවස්ථාවාදීන් වෙනුවට රටට හිතැති පාලකයන් පත්කර ගනිමින් ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු.
 
අභීත පසිත

 

 

විශේෂාංග