25 April 2017
RSS Facebook Twitter   

ජනතා පරමාධිපත්‍යය ජ්‍යෝතිශ මිථ්‍යා දෘෂ්ටිකයින් හමුවේ හෑල්ලු වීමට එරෙහිව... - අශාන් වීරසිංහ

votingසමස්ථ ප්‍රජාවේම, නැතහොත් ඉන් බහුතරයක, සහභාගීත්වය සහිතව ක්‍රියාත්මක වන පොදු පාලන තන්ත්‍රය යන අදහස 'ප්‍රජාතන්ත්‍රවාදය' යන්නෙන් ගම්‍ය වේ. රාජ්‍ය පාලනය තුළ ප්‍රායෝගිකව දැකිය හැක්කේ පාලකයන් හා පාලිතයන් අතර ධූරාවලීගත බෙදීමක් වුවද, සංකල්පීය වශයෙන් හෝ තමන්ද රාජ්‍ය පාලනයට ඍජු හෝ වක්‍ර ආකාරවලින් දායක වන්නේය යන හැඟීම පුරවැසියන් අතර ඉස්මතු වීමට එය හේතු වෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අනිවාර්ය සාධකයක් වන මැතිවරණ පැවැත්වීමෙහි සරලතම අරමුණ ගත්තද ඉන් ගම්‍ය වන්නේ තමන් ජීවත් වන රට පාලනය කළ යුත්තේ කවුරුන් විසින්ද යන්න තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය පුරවැසියන් වෙතම පැවරීමයි. සිය පාලන ක්‍රමය හා එහි නියෝජිතයන් තෝරා ගැනීමේ පරම ආධිපත්‍යය ලෙස අප 'ජනතා පරමාධිපත්‍යය' යන්න අර්ථකථනය කරගත යුත්තේ මෙවැනි පසුබිමක් තුළය.

Read more...

පුංචි ස්වාමිගෙ දේශනාව

church 123පල්ලි යෑම අතෑරලා කාලයක්.. ඒත් මොන එකක්ද මන්දා පහුවුනු ඉරිදාවක පල්ලි යන්න හිතුණා වෙනසකටත් එක්ක.. පූජාව තිබ්බෙ පුංචි ස්වාමි... පුංචි ස්වාමිගෙ දේශනාව මුළුමනින්ම දේශපාලනිකයි. ඒ වගේම එය බයිබලයේ විමුක්ති දැක්මත් එක්ක අත්‍යන්තයෙන්ම සමපාතයි. මට පුදුමත් හිතුණා මෑත කාලයේ පල්ලියක, අල්තාරයක ස්වාමි කෙනෙක්ගෙ එහෙම දේශනයක් මං ඇහුවමයි...... Read more...

‘අනාගතයට සහතිකයක්‘ වූ ‘ටයිටනික් කණ්ඩායමේ‘ අවසන් මහ බොරුව

mr surpriseමීට වසර එකසිය තුනකට පෙර උතුරු අත්ලාන්තික් සාගරයේදී අනතුරට ලක්ව ක්‍රමයෙන් මහ මුහුදේ ගිලී ගිය ටයිටනික් නෞකාව යළි සිහිගන්වන මොහොතක් දැන් අපට උදා වී ඇත. ඒ පසුගිය ජනවාරි 8 වෙනිදා අනතුරට ලක්වූ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ රෙජීමය නම් වූ ‘ටයිටනික් නෞකාව‘ ද වර්තමානයේ දිනෙන් දින ගිලෙමින් ලබන අගෝස්තු 17 වෙනිදා සහමුලින්ම මූදුබත් වී එහි අවසානය සටහන් වන බවට දින නියම වී තිබීමය. Read more...

ජනාධිපති මෛත‍්‍රීට අභියෝගයක් වන අගමැතිවරයකු රටට අවශ්‍ය ද? - හරිම් පීරිස්

maithripala sirisena 08 01මහ මැතිවරණ ව්‍යාපාරය එන්න එන්න ම උණුසුම් වෙයි. නාම යෝජනා භාර දුන් ආරම්භයේ දී ම, දැඩි අභියෝගයකට ලක් වූ එක්සත් ජනතා නිදහස් සංධාන මැතිවරණ ව්‍යාපාරය කෙමෙන් හිස ඔසවන්නට තැත් කරනු පෙනේ. මැතිවරණ කොමසාරිස් වරයා සහ පොලිස් පති වරයා විසින් ඉතා ප‍්‍රබල ලෙස මෙතෙක් ක‍්‍රියාත්මත කරන ලද මැතිවරණ නීති. රීති. රෙකුලාසි ආදිය නිසා, සුපුරුදු බැනර්ස්, පෝස්ටර්ස්. කටවුට්ස් ආදිය දක්නට නො ලැබෙන හෙයින්, මෙතෙක් කල් රාජ්‍ය අනුග‍්‍රහයේ ශක්තියෙන් මැතිවරණ ව්‍යාපාර පවත්වා ගත් සංධානයේ මෙවර සමස්ත ඡුන්ද ව්‍යාපාරයේ ම එතරම් කැපී පෙනීමක් දක්නට නො ලැබේ. Read more...

සන්න අරුංගල් නොහොත් අන්න සරුංගල්..............දෙල්කඳ හංදිය (4)

upul shanthaඋපුල් ශාන්ත සන්නස්ගලට අඩුවකට ඇත්තේ අරුංගලයක් පමනක් දැයි හිතෙන තරමටම ඔහු වචන භාවිතා කරයි. සන්නාද හොඳ මචංවරයෙක් බව මට සිතේ. ඇසුරු කරනා බොහෝ තරුන තරුනියන් මා අමතන්නේ "මචං අංකල්" යන අනවර්ථ නාමයෙනි. මෑතකදී කුඩා දරුවෙකු මට මචං සීයා යැයිද කීවේය. ඒ රසබර කතාද සුපුරුදු ලෙස පසුව ලිවීමමට තබා ගන්නෙමි. ශබ්දකෝෂයේ වචන ගබඩාවී ඇති තරමටම මිනිසුන්, අදහස් තුලින් නිර්ව්‍යාජ වන්නේ නැති බව මගේ අදහසයි.

Read more...

ක‍්‍රීඩාව වෙනස් කරන්න

chenge the gameශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමයේ හරය මූලික වශයෙන් මෙහෙයැවෙන්නේ පරායත්ත අනුග‍්‍රාහක ක‍්‍රමයක් මතයි. 1931 දී සර්වජන ඡුන්ද බලය ලද දා පටන් මහජනතාව කටයුතු කොට ඇත්තේ, තම ආසනවල හෝ දිස්ත‍්‍රික්කවල සිටින දේශපාලඥයන්ගෙන් අතමාරු අනුග‍්‍රහ ලබන මිනිසුන් වශයෙනි. අසවල් දේශපාලඥයාට ඔවුන් සිය ඡුන්දය පාවිච්චි කරන්නේ, සමහර විට රැකියාවක් අපේක්ෂාවෙන් විය හැකිය.
Read more...

යහපාලනයට කොකා පෙන්වමින් යළි හිස ඔසවන මැර දේශපාලනය! - අශාන් වීරසිංහ

shooting 31මා UNP කාරයෙකු නොවුණද, මෙවර මැතිවරණයේදී මගේ ඡන්දය එජාපයට නොදීමට දැනටමත් තීරණය කර සිටියද, මෙය ලියන්නට සිතුණේ කවර දේශපාලනික මතවාදයක් දරන්නෙකුට වුවද එකඟ විය හැකි පොදු කරුණුවලදී කතා කිරීමේ පුරවැසි යුතුකමක් අපට තිබෙන හෙයිනි. Read more...

රාජපක්ෂගේ අන්තිම පණ්ඩිතකම - සුනන්ද දේශප්‍රිය

mr p0int‘ මං මේ අව්රුදු දෙකක් තියෙද්දි පණ්ඩිතකමක් කර ගත්තනෙ’ යැයි දුක් සිනා මුහුණකින් යුතුව කීවේ කළක් මහ රජාණන් ලෙස සෙල්පියක් ( තමන්ම ගත් තමාගේ ජායාරෑපය) පැළද සිටි හිටපු ජනාධිපති රාජපක්ෂ ය. Read more...

දේශපාලනික අවස්ථාවාදීත්වයේ පැති දෙකක්: ජැක්සන් සහසන්නස්ගල

jakaa sannaලංකා දේශපාලනයේ දූෂිතභාවයේ තරම පෙන්වන "දේශපාලනික සාදෘශ්‍යයන්" (political anomalies) කලින් කලට ඉස්මතු වේ. මෙය පරිස්සමට කියවා බැලිය යුතු තත්ත්වයකි. විශේෂයෙන්ම, නිදහසින් පසු මේ දක්වාම ලංකාවේ දේශපාලන බලය මාරු වෙමින් පවතින්නේ ප්‍රධාන පක්ෂ දෙක අත පමණක් වන අතර මේ පක්ෂ දෙකේම දේශපාලනික දැක්ම හා හැසිරීමෙහි සැලකියයුතු වෙනසක් නැති බව ප්‍රායෝගික තත්ත්වය දෙස බලන්නෙකුට ඉක්මනින්ම පෙනී යයි. මේ බව
Read more...

රට නැවත අනීතික ලොවක් කරා ගෙනයාමට අවශ්‍ය කාටද ?

wasimරග්බි ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට කරන ලද චෝදනා සම්බන්ධයෙන් නැවත විවෘත නඩු විභාගයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ පසුගිය 27 ඉල්ලා සිටියේය.
Read more...

නාග නිකලස් සහ ශයිබු නානා ගේ ඌරු මස් කඩේ


pork shopබෞද්ධ භික්ෂුන් දේශපාලනයට ආගමනය වීම ශයිබු නානා ඌරු මස් කඩයක්  විවෘත කිරීම වැනිය.
 
ඡන්දය ඉල්ලා පිණ්ඩපාතයේ වඩින උන්නාන්සේලා ජනතාවට ප්‍රකාශ කරන්නේ ජාතියේ උරුමය රැකීමේ එකම මුර දේවතාවෝ චීවරධාරී ශයිබු නනලා පමණක්ම බවයි. Read more...

 

 

විශේෂාංග