20 June 2018
RSS Facebook Twitter   

විපක්ෂ බලවේගය මට්ටු කරන්න වැඩ බලන පොලිස්පතිවරයෙක්!

 

anura illangakoonඉදිරි ජනාධිපතිවරණ සමයේදී විපක්ෂයේ බලවේගවලින් එල්ල විය හැකි තර්ජනයන්ට මුහුණදීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නම්කිරීමට ජනාධිපතිවරයා ඊයේ (25) තීරණය කර ඇතැයි වාර්තා වේ.

Read more...

'Bread Talk' අවන්හල කොල්ල කෑ හොරුන්ට ගෝඨාගේ රැකවරණය!

 

bread talkමරදාන පොලිස් වසමේ, ඇස්වාට්ටුව හන්දිය අසළ පිහිටි 'Bread Talk' සුපිරි අවන්හලෙන් රුපියල් තුන් ලක්ෂ හැට පන්දාස් පන්සිය අසූ දෙකක් (රු.3,65,582/-) වටිනා මුදල් හා දේපොළ සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සැකකරුවන් හා ඊට අදාළ අනෙකුත් පාර්ශවයන් පිළිබඳව පරීක්ෂණ අත්හිටුවන ලෙස ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇත.

Read more...

ගෝඨා ඉන්ද්‍රන්ට එරෙහි විනය පරීක්ෂණ හකුලා ගනී!

 

gota exclusiveජූනි 15 වෙනිදා අලුත්ගම නගරයේ මුස්ලිම් කඩසාප්පු වලට පහරදීම සම්බන්ධයෙන් බඩුත් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළ කලුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වී. ඉන්ද්‍රන් මහතාට එරෙහිව රාජකාරී පැහැර හැරීමේ චෝදනාව යටතේ සිදු කිරීමට නියමිත වූ විනය පරීක්ෂණය අකුලා ගැනීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. Read more...

ජාලියටත් වල කැපුවේ සජින් වාස්!

 

 

jaliya sajin ex1ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට ශ්‍රී ලංකා විදේශ සේවයෙන් ඉවත්ව යාමට වලකපා ඇත්තේද, ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සේවයේ සිටි ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණනාවක් ගෙදර යැවීමට මැදිහත් වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන බව විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු අප හා පැවසීය.

Read more...

අල්ලස් කොමිසම ජනාධිපති ඥාතියා නිදොස් කොට නිදහස් කරයි!

allas ex-1 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මව් පාර්ශවයේ ළඟම ඥාතියෙකු වන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මහරගම නැගෙනහිර ශාඛාවේ තක්සේරු කරුවෙකු වූ යසලාල් සමරසිංහ දිසානායක නැමැත්තාට එරෙහිව තිබූ අල්ලස් චෝදනාව පසුගිය දා අල්ලස් හෝ දූෂන කොමිසම මගින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවිය එම තැනැත්තාව නිදොස් කොට නිදහස් කර ඇත.

Read more...

ලංකාවේ විශිෂ්ඨතම ‘දේශපාලන තීරු රචකයා' රට හැර යාමේ සූදානමක්!

gurada vigrahaya-exclusive1ශ්‍රී ලාංකේය සිංහල පුවත්පත් කලාවේ ප්‍රවීණතම දේශපාලන තීරු ලිපි රචකයා වූ උපුල් ජෝශප් ප්‍රනාන්දු මහතා රට හැර යාමට තීරණය කර ඇතැයි ‘මව්බිම' පුවත්පතේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

Read more...

රාජ්‍ය බුද්ධි අංශය පොලීසිය නොමග යැවීම අලුත්ගම ගැටුමට හේතුවයි!

 

sis exclusive


පසුගිය 15 වන දා අලුත්ගමදී ඇති වූ ජාතිවාදී ගැටුමට මූලික හේතුව වූයේ රාජ්‍ය බුද්ධි සේවය විසින් (SIS) එම මෙහෙයුමට අදාළ පොලිස් නිලධාරීන්ට නිවැරදි තොරතුරු ලබා නොදීම බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. Read more...

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය කොටි තහනම ඉවත් කිරීමට යයි!

uk-indiaමේ වන විට තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලොවපුරා ලැයිස්තු ගත කර ඇති ‍දෙමළ විමුක්ති කොටි සංවිධානයේ (LTTE) තහනම ඉවත්කිරීම සඳහා ඉන්දියාව සහ මහ බ්‍රිතාන්‍ය සලකා බලමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයකින් ‘ලංකා නිවුස් වෙබ්' වෙත වාර්තා වේ. Read more...

 

 

අති විශේෂ