23 September 2018
RSS Facebook Twitter   

පැන්ෂන් ගිය ජෙනරාල්වරු ජනාධිපතිවරණයට කැඳවති!

 

majorජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ සටන මෙහෙයවීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් පිරිසක් වහාම සේවයට කැඳවා තිබේ.

Read more...

වැලිසර හමුදා කඳවුරේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ යන්ත්‍රයක් !

 yoshitha exනාවික හමුදාවට අයත් වැලිසර නාවික හමුදා කඳවුරේ මේ වන තෙක් සවිකර තිබූ ලේත් මැෂිමක් ගලවා විදේශයකින් ආනයනය කරන ලද විශේෂ මුද්‍රණ යන්ත්‍රයක් සවි කිරීමේ කාර්යය මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව එම කඳවුරේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම කාර්ය සිදුකරන ප්‍රදේශය මේ වන විට සාමාන්‍ය නාවික හමුදා සෙබලුන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත. මෙම කාර්යයේ සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ දෙවන පුත් නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතාය.

Read more...

CID ය හරහා හකීම් නිහඬ කරවීමේ තැතක්!

rouf ex

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID )  හරහා නිහඬ කොට තවදුරටත් ආණ්ඩුව තුල තබා ගැනීමේ සැලැස්මක් මේ වන විට ක්‍රියාවට නැංවෙමින් පවතින බව එකී දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ‘ලංකා නිවුස් වෙබ්' වෙත සැලකර සිටී.

Read more...

'මහින්දට පුළුවන් - චන්ද්‍රිකාට බෑ' - ශ්‍රේෂ්ඨාධිකරණය චන්ද්‍රිකා කොටු කරයි!

mr chandrika exclusiveමහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරඟ කළ හැකිද නැද්ද පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණාධිකරණ මතය (Full Bench Decision) ඊයේ සවස (11) අරලියගහ මන්දිරයට යවා ඇති අතර එකී තීන්දුව ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට තෙවනවර ජනාධිපතිවරණයට තරඟ කළ හැකි බව දැනුම් දී ඇත.

Read more...

මිලියන 4 ක් අයථා පරිහරණය පිළිබඳ රතන හිමිට චෝදනා!

 

rathana-1මේ දිනවල රජයට එරෙහිව හඬක් නගමින් විපක්ෂය හා අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරන ‘පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව රජයේ මුදල් අයථා පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම හා ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීම යටතේ නඩු පැවරීම සඳහා රජයේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

Read more...

'ලයිකා මොබයිල්' හිමිකරු හිටි අඩියේම රාජපක්ෂ විරෝධියෙකු වීමේ රහස!

 

subashඑක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්' සමාගමේ සභාපති සුභාෂ්කරන් අල්ලිරාජා මහතා මේ දක්වා සුප්‍රසිද්ධව සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ව්‍යාපාරික හිතවතෙකු ලෙසය. පසුගිය වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු වූයේද 'ලයිකා මොබයිල්' සමාගමයි. එමෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම්වලට එරෙහිව ශ්‍රී ලංකා රජයට බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ගෙන යන ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය අනුග්‍රහය සපයන ලද්දේද මෙකී සුභාෂ්කරන් අල්ලිරාජාගේ ‘ලයිකා මොබයිල්' සමාගමයි.

Read more...

‘මව්-බිම' රනිල්ට ගැසූ බෝම්බය ‘සිළුමිණ' අතේ පත්තුකර ගනී!

ranil exclusive‘කොටි තහනම ඉවත්කිරීම පිටුපස සිටි විපක්ෂ දේශපාලඥයා කවුද?' යන මැයෙන් ටී. චන්ද්‍රසේකර නැමැති ලේඛකයෙකු විසින් ඊයේ (19) 'සිළුමිණ' පුවත්පතේ පලවූ විශේෂාංග ලිපිය මේ වන විට ශ්‍රී ලංකාව පුරා මෙන්ම ජාත්‍යන්තරවද විශේෂ අවධානයක් දිනාගෙන ඇත්තේ එම ලිපිය සමග පලවූ ඡායාරූපයක් හේතුවෙනි. එම ඡායාරූපයේ දැක්වෙන්නේ එක්සත් රාජධානියේ එක් එජාප ශාඛාවක සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කරන අවස්ථාවයි. එම ඡායාරූපය යටින් සිළුමිණ පලකර තිබුනේ ‘රනිල් ලන්ඩනයේදී කොටි ඩයස්පෝරාව සමග බර කතාවක' යනුවෙනි.

Read more...

ජනාධිපතිවරණයට සල්ලි හොයන්න සපුගස්කන්ද චීනයට විකුණයි!

 

Sapugaskanda oilඉදිරි ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බොර තෙල් ගෙන්වා පිරි පහදුකරන කොටස (Crude oil refining section) චීනයේ Sinopect Engineering සමාගම වෙත පැවරීමට රජය තීරණය කර ඇත.

Read more...

සජින් සහ ක්ෂෙනුකා නෝනිස්ට එළව එළවා පහර දෙති!

khenuka sajin chrissදැනට පදවිය අහිමිවී සිටින එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට සජින් - ක්ෂෙනුකා යුගළය විසින් එළව එළවා පහර දෙමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ‘ලංකා නිවුස් වෙබ්' වෙත සැලකර සිටී. පසුගිය සිකුරාදා (03) සවස් වරුවේ විදේශ අමාත්‍යංශය විසින් ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය රජය පිලිගැනීමෙන් අනතුරුව තනතුරේ වැඩ අත්හරින ලෙසට ෆැක්ස් පණිවිඩයක් ලන්ඩනයේ මහාකොමසාරිස් කාර්යාලයට එවා තිබූ බව අප මීට ඉහත වාර්තා කලෙමු.

Read more...

මැර මන්ත්‍රීට වතිකානුවේ දොර වැසේ!

 

chriss-nonis popeශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ශුද්ධෝත්තම  ප්‍රැන්සිස් පාප් වහන්සේට නිල වශයෙන් ආරාධනා කිරීම සඳහා මේ වන විට රෝමයේ වතිකානු රාජ්‍ය සදහා ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් අතරට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සහභාගි කර ගැනීම කොළඹ අගරදගුරු  කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්  විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වතිකානු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more...

‘එදා තමුසෙලා කොහෙද හිටියෙ?' - සුසිල් බැසිල්ගෙන් විමසයි!

 susil basil exclusive‘නිකං ගොන් පාට් දාන්ඩ එන්ඩ එපා අපිට. හොරකං කරල හොරකං කරල ආණ්ඩුවට කෙලවල දැන් එනව ඒව අපේ පිට දාන්ඩ. මෙච්චර කල් අපිත් ඉවසන් හිටිය. තමුසෙ හිතුවෙ අපි පොන්නයො කියලද? මේක අහගන්නව හලෝ. මට මේ උලව් ඇමති කම නැතිවුනොත් මම හෙට ඉදන් කෝට් බෑය දාගෙන ආයිත් උසාවි යනව. තමුසෙ මොනව කරන්ඩද? තමුසෙට පුළුවන් ආයිත් ඇමරිකාවට පැනල යන්ඩ විතරයි. එකක් මතක තියාගන්නව. අපි ආයිත් තමුසෙලගෙ බොරු පාට් වලට බය වෙන්නෑ කියල' යනුවෙන් බල ශක්ති සහ පරිසර අමාත්‍ය එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂ මහතාට ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දින කීපයකට පසු මුව නොසෑහෙන සේ බැණ වැදී ඇත.

Read more...

 

 

අති විශේෂ