26 June 2017
RSS Facebook Twitter   

සිරසේ ලොක්කාට Magenta බොස් ගැන ලිංගික ඊර්ෂ්‍යාවක් පහල වෙලා!

maharaja ex

සිරස මාධ්‍ය ජාලයේ හැත්තෑ පස් වියැති ලොක්කා වන කිලී මහරාජාට Magenta ඇඩ්වර්ටයිසින් ආයතනයේ හිමිකරු ප්‍රශාන් සුබ්‍රමනියම් පිළිබඳව දැඩි ලිංගික ඊර්ෂ්‍යාවක් පහල වී ඇති බව සිරසේ ආරංචි මාර්ග සඳහන් කරයි. තමන්ගේ අන්ත:පුරයෙන් පෙම්වතියක් පැහැර ගැනීම නිසා කිලී මහරාජාට ප්‍රශාන් සුබ්‍රමනියම් පිළිබඳව විශාල ගැටළුවක් පැන නැගී ඇත.

 අපගේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවූ  Magenta ඇඩ්වර්ටයිසින් ආයතනයෙන් මහින්ද රාජපක්ෂගේ දැන්වීම් ලබාගන්නා ලෙස බැසිල් රාජපක්ෂ විසින් සිරසේ ලොක්කාට දැනුම් දී තිබේ. රුපියල් මිලියන 360 ක් වටිනා මැතිවරණ ප්‍රචාරක දැන්වීම් Magenta ආයතනයෙන් ලබා ගන්නා ලෙස බැසිල් දැන්නුවද සිරසේ ලොක්කා පවසා ඇත්තේ එම මුදලට අදාල ඒජන්සි කොමිස් මුදල Magenta ආයතනයට ගෙවිය නොහැකි බවයි. එවිට බැසිල් රාජපක්ෂ එකී ගණුදෙනුව සම්බන්ධීකරණය කළ තැනැත්තාගෙන් විමසා ඇත්තේ සාමාන්‍යයෙන් ඇඩ්වර්ටයිසින් ආයතනයකට ගෙවිය යුතු 15% ක කොමිස් මුදල Magenta වෙත නොගෙවීමට හේතුව කුමක්ද කියාය. ඊට පිලිතුරු දී ඇති සම්බන්ධීකාරකයා ‘අපෝ සර් බිලියන් එකක වැඩ දෙනව කිව්වත් අපේ ලොක්කා Magenta එකේ නම් අල්ලන්නෙවත් නෑ. දන්නැද්ද ඉතිං ප්‍රශාන් සුබ්‍රමනියම් අපේ ලොක්කගෙ කෑල්ලක් උස්සල මාට්ටු වෙලා. හේතුව ඒකයි. ලොක්කා මට කිව්වා මිලියන 360 කෙලින්ම ගන්න කියල'

ඒ අනුව සිරසේ කිලී මහරාජා Magenta ඇඩ්වර්ටයිසින් සමාගම කපා දමා රුපියල් මිලියන 360 ක මුදලක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දැන්වීම් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කෙලින්ම ලබාගෙන තිබේ. ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ රැලිවලට විශාල සෙනගක් පැමිණෙන බවට පෙන්නවීම සඳහා සහ සිරස ටීවී, රේඩියෝ අනුග්‍රාහකත්වය වෙනුවෙන් අතිරේකව තවත් මිලියන 527 ක් ලබා ගෙන තිබේ. ඒ අනුව සංස්කරණය කරන ලද දර්ශන එකිනෙක අමුණමින් සෙනග පෙන්වීම සඳහා පමණක් මෙම මුදල අයකර ඇත. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සිරස මාධ්‍ය ජාලය වෙනුවෙන් සම්බන්ධීකරණය කර ඇත්තේ කිලී මහරාජාගේ තවත් සමීපතම හිතවතියක් වන එම ආයතනයේ අධ්‍යක්ෂිකා නීඩ්‍රා වීරසිංහ විසිනි. රජය වෙනුවෙන් එය සම්බන්ධීකරණය කර ඇත්තේ චමල් රාජපක්ෂගේ දෙවන පුතා වන ශමීන්ද්‍ර රාජපක්ෂය.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක් සිරසට ගෙවා ඇති අතර එය 1:3 අනුපාතයෙන් රුපියල් මිලියන 600ක් දක්වා වැඩි කොට රුපියල් මිලියන 400 ක දැන්වීම් නොමිලේ ලබා දී ඇත. එයට හිලව් වීම සඳහා සිරසේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙසත් අතිරේකව තවත් තරංග සංඛ්‍යාත 9 ක් සිරස මාධ්‍ය ජාලය වෙත ලබා දීමටත් සිරිසේන ජනාධිපතිවරාය පසුගියදා කටයුතු කලේය. මෙම අතිරේක තරංග ආයාත සිරසට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති සුහේර් මහතාට නියෝග කරන ලද්දේ සිරසේ වෙසක් කලාපයේ තොරණ විවෘත කිරීමට පැමිණි දා කිලී මහරාජාගේ නිල කාමරයේ සිට බව සිරස ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටී.

අප විසින් මීට ඉහතදී හෙලි කරන ලද කලම්බු පෝට් සිටි ව්‍යාපෘතියේ ප්‍රතිරූපය නැංවීම සඳහා කිලී මහරාජා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් ලබාගත් අතර සිරස වෙනුවෙන් එම කාර්ය කර ඇත්තේ වැඩ සටහන් අධ්‍යක්ෂක ෂෙවෝන් ඩැනියෙල් විසිනි. පසුගියදා කලම්බු පෝට් සිටි ව්‍යාපෘතියට සුදු හුණු ගෑම සඳහා ආරම්භ කර ඇති රන්බිම ව්‍යාපෘතියේ වැඩසටහනක් ගාලු මුවදොර පිටියේ පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. රටේ ජනාධිපතිවරයා සිරස විසින් කොතරම් හෑල්ලුකර ඇත්ද යත් ඔහුව පිලිගැනීම සඳහා එදින එම ස්ථානයේ සිට ඇත්තේ සිරස වෙනුවෙන් ෂෙවෝන් ඩැනියෙල් සහ නිවේදක ප්‍රියන්ත විජේසිංහ පමනි. නමුත් ඩීල් එක ගොඩ දමා ගැනීම සඳහා කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියේ සියළුම චීන නිලධාරීන් එම උත්සවයට සහභාගි කරවා ගැනීමට සිරස සමත් වී තිබේ. මෙයින් පැහැදිලිවන එකම කරුණ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිලී මහරාජාගේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට පත්වීමයි. මහින්දට සහ ගෝඨාට කළාක් මෙන් මෛත්‍රීපාල සිරිසේනටද විනාශය කරා ‘සිරසයි පාර කියන්නේ' වනු ඇත.

 

 

 

අති විශේෂ