16 October 2018
RSS Facebook Twitter   

රෙජිස්ට්‍රාර් විනිසුරුගේ සොයුරියක්: යහපාලන ශ්‍රේෂ්ඨාධිකරණයේ බැඳියාවන් අතර ගැටීම්

 

court sl exශ්‍රී ලංකාවේ යහපාලන ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය වන මහේෂි ජයසේකර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ සහෝදරියකි. අන් ඕනෑම රටකට එය පැහැදිලිවම බැඳීයාවන් අතර ගැටුමක් වුවත් යහපාලන ආණ්ඩුවේ අගවිනිසුරු කනගසබාපති ශ්‍රී පවන් ඒ පිළිබඳව තැකීමක් කරන බවක් නොපෙනේ.

 

එය වත්මන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට වැළඳී තිබෙන එක ව්‍යාධියක් පමණකි.

අගවිනිසුරු පදවියේ කිහිපවතාවක්ම වැඩ බැලූ විනිසුරු චන්ද්‍රා ඒකනායකගේ සැමියා, තිස්ස ඒකනායක, 2010 ජනපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රචාරක කළමනාකරුවෙකි. එකල ඔහුගේ කාර්යාලය තිබුනේ අරලියගහ මන්දිරයේය.
නිසි සුදුසුකම් සහිතව හෝ රහිතව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ගතව ගිය සමයේ ශ්‍රී ලංකාවේ ඉහල අධිකරණවලට කරන ලද පත්වීම් සියල්ල දේශපාලන පත්වීම් ලෙස සැලකිය හැකිය.

එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන පරිදි දැන් අධිකරණයට ජනාධිපති මන්දිරයෙන් දුරකතන ඇමතුම් නොලැබුන පමණින් මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද අධිකරණය දැන් හදිසියේම ස්වාධීන වී ඇති බවක් තක්සේරු කිරීම අනුවන කමකි.

මහින්ද රාජපක්ෂ සිය සමීපම මිතුරකු බව ප්‍රසිද්ධියේ පිළිගත් ඊවා වනසුන්දර විනිශ්චයකාරවරිය, ගෝඨාභය රාජපක්ෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් පැහැදිලි වන පරම සත්‍යය එයයි.

නීති විද්‍යාලයේදී මහින්ද රාජපක්ෂගේ සමකාලීනයකු වූ අගවිනිසුරු ශ්‍රී පවන්, ගෝඨාභයගේ පෙත්සම් විභාගයෙන් විනිසුරු බුවනෙක අලුවිහාරේ ඉවත් වූ පසු වෙනත් විනිසුරුවරයකු පත් නොකොට ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලකට එය විභාග කිරීමට අවසර දුන්නේ අයි?

අනෙක් අතට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින්ම සිටියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පවා අගවිනිසුරු ශ්‍රී පවන් පත්කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් දී මහින්ද රාජපක්ෂ විසින් සති දෙකකින් සම්මත කරගනු ලැබූ කුප්‍රකට 18 වැනි සංශෝධනය යටතේ ඔහුට පැවරුණු බලතල ප්‍රකාරය.

රාජපක්ෂ පරිපාලනය පමණක් නොව යහපාලනයේ ඇතැම් මැති ඇමැතිවරුන්ද සැබෑ ස්වාධීන අධිකරණයක් දැකීමට අකමැත්තක් දක්වන බවත් නොරහසකි.

ජනාධිපතිවරයාගේ සමීපම සගයකු වන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි කුප්‍රකට දෝශාභියෝග පරීක්ෂණයේ ‘විනිසුරුවරයෙකි’.

අමාත්‍ය සේනාරත්න සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ දෙදෙනාම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යලි අගවිනිසුරු පදවියට පත්වනු දැකීමට කැමැත්තක් නොදැක්වීම හේතුවෙන් යලි පදවියේ වැඩ භාරගෙන දිනක් ඇතුලත විශ්‍රාම ගන්නා මෙන් ඇයට බලකරනු ලැබිණ.

මේ තත්වය හමුවේ මහින්ද රාජපක්ෂ පරිපාලනයේ සෙවනැලිවලින් පමණක් නොව වත්මන් ආණ්ඩුවේ ඇතැම් කොටස්වලද ග්‍රහණයෙන් අධිකරණය බේරා ගෙන, සැබෑ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ.

19 වැනි ව්‍යවස්ථා සශෝධනය සම්මත වීමත් සමඟම අලුත් පත්කිරීම් සඳහා ව්‍යවස්ථාදායක සභාවට අවස්තාව සලසා දෙමින් ඉහල අධිකරණවල සියලු විනිශ්චකාරවරුන් ඉල්ලා අස්විය යුතු බවට රාවය පුවත්පතේ කර්තෘ කේ ඩබ් ජනරංජන ඇතුළු ප්‍රජාත්‍රන්ත්‍රවාදය උදෙසා වූ ක්‍රියාධරයන් ඉල්ලා සිටින්නේ මේ තත්වය නිසාය.

එම ඉල්ලීම යලි යලිත් රාව ප්‍රතිරාව නැංවීමට කාලය එළඹ තිබේ.

 

 

 

අති විශේෂ