19 December 2018
RSS Facebook Twitter   

සියලු රස සමග (සිරස) මාධ්‍ය ජාලයේ කප්පම් මාධ්‍ය කලාව ! - 01

 

PORT-CITYශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සෘජු ආයෝජනවලින් අංක එකෙහි ලා ගැනෙන්නේ China Port City ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා ලෙස කටයුතු කරන්නේ China Port City Development Company නැමති සමාගමයි. ගාලු මුවදොර ආශ්‍රිත මහ
මුහුදේ අක්කර 268 ක් ගොඩකරමින් ඉදිවන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ආයෝජනය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.6 කි. මෙම ව්‍යාපෘතිය අනූනම අවුරුදු බද්දකට යටත්ව ඉදිකෙරේ. පළමුව මෙය සම්පූර්ණයෙන්ම (සින්නක්කර) චීනයට අයිති වන සේ සැළසුම් කර තිබුණද නව රජය එය 40%  ක් චීනයටත් 60% ක් ශ්‍රී ලංකාවටත් අයිති වනලෙස නැවත එකඟවන ලදී. 
 
මෙහි මුල් කොන්ත්‍රාත්තුව අත්සන් කරනු ලැබූයේ චීන රජය වෙනුවෙන් එහි අගමැතිවරයාත් ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්ය. මුල් අදියරේදී කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් (Feasibilty study) හෝ පරිසර ඇගයීමකින් තොරව ඉදි කෙරුණු මෙම ව්‍යාපෘතිය නිසා ගාලු මුවදොර ආශ්‍රිත මහ මුහුදේ රැළි බිඳෙන රටාව පවා වෙනස් වෙමින් එය කොළඹ වරායේ නැව් ගමනාගමනයට පවා අහිතකර බලපෑම් ඇති කරන ලදී. 
 
මෙම අනර්ථකාරී පාරිසරික බලපෑම් පිලිබඳව ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් හා පාරිසරික සංවිධාන දිගින් දිගටම දැඩි විරෝධයක නියැලුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙන්ම වෙබ් අඩවි, බ්ලොග්කරුවන්ගෙන් ලැබුණේ නොමද සහායකි. මෙම විරෝධතා ව්‍යාපාරයේ ඉහළින්ම කැපී පෙනුණු මාධ්‍ය ආයතනයක් වූයේ කිලී මහරාජාට අයිති සිරස මාධ්‍ය ජාලයයි. පරිසරය වෙනුවෙන්ම කැපවන බව පෙන්වමින් සිරස මාධ්‍ය ජාලය China Port City ව්‍යාපෘතියට උදේ සිට රෑ වනතුරු තම මාධ්‍යජාලයන් හරහා බඩකට පුරා පහර දෙන ලදී. ඔවුන් මෙම ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා CCTV පන්නයේ කැමරා දෙකක් හොර රහසේ ව්‍යාපෘති භූමිය එල්ල කරගෙන ගාලු මුවදොර පිටියේ සවිකළ අතර එමගින් ලබාගන්නා දර්ශනවලින් උදේ සිට රෑ වනතුරු විශාල විරෝධතා ව්‍යාපෘතියක් දියත් කරන ලදී. සිරසට අනුව ලංකාවේ මෙතෙක් සිදු කෙරුණු අතිශය විනාශකාරී නරකම ව්‍යාපෘතිය Port City ව්‍යාපෘතියයි. 
 
දිගින් දිගටම තමන් වෙත එල්ල කෙරෙන මෙම මාධ්‍ය ප්‍රහාරයන්ගෙන් ගැලවී Port City ව්‍යාපෘතියේ ප්‍රතිරූපය ඉහළ දැමීම සඳහා China Port City Development Company විසින් Phoenix - Ogilvy PR සමාගමට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත. එය ඩොලර් මිලියන ගණනක එකක් බව ආරංචි වූ සිරසේ කිලී මහරාජා වහාම ක්‍රියාත්මක වී තමන්ගේ කණ්ඩායමක් හොර රහසේම China Port City Development සමාගමේ ප්‍රධාන විධායක Dr. Lin හමුවීම සඳහා යවා තිබේ. එසේ සමාගමේ ප්‍රධාන විධායකයා හමු වූ කිලී මහරාජාගේ කණ්ඩායම ඔහුට පවසා ඇත්තේ සිරසෙන් Port City ව්‍යාපෘතියට එරෙහිව කෙරෙන සියලුම ප්‍රචාර නවත්වා දැමිය හැකි බවත් ව්‍යාපෘතියේ ප්‍රතිරූපය ඉහළ දැමීමේ කටයුත්ත තම මධ්‍ය ජාලය තුළින් කළහැකි බවයි. සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව China Port City Development Company ප්‍රධාන විධායක Dr. Lin නැමැත්තා කොන්ත්‍රාත්තුව Phoenix - Ogilvy PR සමාගම කපාදමා සිරසට ලබාදීමට කැමැත්ත පළකොට තිබේ. 
 
මෙම සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සඳහා කිලී මහරාජා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් ඉල්ලා ඇත. එහි මුල් අදියරේ කටයුතු සඳහා China Port City Development සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 03 ක් හෙවත් රුපියල් ලක්ෂ 4000 කට ආසන්න මුදලක් ලබාදී තිබේ. මෙම මුදල සිරස මාධ්‍ය ජාලය අයත් කැපිටල් මහරාජා සමාගම වෙත China Port City Development සමාගම විසින් සම්ප්‍රේෂණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ FCIB (Foreign Currency Investigation Bureau) මගින් තහවුරු කොට ඇත. 
 
මෙසේ ඇමරිකානු ඩොලර් මිලියන 03 ක අත්තිකාරම් මුදල් ලබාගත් කිලී මහරාජාගේ සිරස මාධ්‍ය ජාලය China Port City ව්‍යාපෘතියට සුදුහුණු ගෑමේ ව්‍යාපෘතිය දැන් අරඹා ඇත. එය ඔවුන් හඳුන්වන්නේ 'රන්බිම ව්‍යාපෘතිය' වශයෙනි. දැන් සිරස ගමින් ගමට ගොස් මෙම රන්බිම ව්‍යාපෘතිය ඔස්සේ ගඩොලින් ගඩොල ඉදිවන සාම ස්මාරකයක් ගැන උදේ සිට රෑ වනතෙක් සිය මාධ්‍යජාලයන් ඔස්සේ විකාශනය කරනු ලබයි. ඔවුන්ට අනුව මෙසේ ඉදිවන සාම ස්මාරකය නෙළුම් කුළුනට වඩා උස එකකි. Port City ව්‍යාපෘතියේ විනාශකාරී, අනර්ථකාරී තත්ත්වයන් ඩොලර් මිලියන 03 ක් වෙනුවෙන් අමතක කරඇති සිරස මාධ්‍යජාලය දැන් රන්බිම ව්‍යාපෘතිය වර්ණනා කරමින් සිටී.
 
 
වෙසක් තොරන්වලිනුත් සිරස කප්පම් ගත්ත හැටි ඊළඟට බලාපොරොත්තු වන්න..........!
 
 

 

 

 

අති විශේෂ