16 October 2018
RSS Facebook Twitter   

ගජ මිතුරන්ට සවාරි යන්න ‘ශ්‍රී ලංකන්' භාරදේ!

 

sl airline editedමේ වන විට මර ඇඳේ පණ අදිමින් සිටින ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය' ඉතා ඉක්මනින්ම මරණයට පත් කිරීම සඳහා රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව රනිල්ගේ ගජ මිතුරන් පිරිසකට භාර දී ඇති බව වාර්තා වේ.

 

මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ උගත් මිතුරෙකු වන අජිත් ඩයස් මහතා පත්කොට ඇති අතර ඉතිරි අධ්‍යක්ෂකවරුන් ලෙස රඛිත ජයවර්ධන, මහින්ද හාරිදාස් සහ නෙරංජන් දේවා පත්කොට තිබේ.

මෙම අධ්‍යක්ෂකවරුන් සියළුම දෙනා වැඩිපුරම ගුවනේ ජීවත්වන උදවිය වේ. ශ්‍රී ලංකන් සභාපති අජිත් ඩයස් මහතා දැඩි ක්‍රිකට් ලෝලියෙකි. ක්‍රිකට් මැච් බැලීම ඔහුගේ දෛනික කටයුත්තකි. එය ශ්‍රී ලංකාව සහභාගි වන ක්‍රිකට් තරඟවලට පමණක් සීමා වූවක් නොවේ. මෙතරම් කල් අතින් ගෙවා ගුවන් ගමන් ටිකට් පත් ලබාගත් අජිත්ට සිය පන්තියේ මිතුරා වන අගමැති රනිල් කර ඇත්තේ විශාල උදව්වකි.  

අනෙක් පුද්ගලයා වන්නේ ලන්ඩනයේ පදිංචි රඛිත ජයවර්ධනයි. රඛිත අවම වශයෙන් සිය ව්‍යාපාරික කටයුතු සඳහා සතියකට සැරයක් හෝ ලන්ඩන් හා කොළඹ අතර ගමන් කරන්නෙකි.

මහින්ද හාරිදාස් නවසීලන්තය පදනම් කරගෙන ශ්‍රී ලංකාව හා ව්‍යාපාරික කටයුතුවල යෙදෙන තැනැත්තෙකි. ඔහුද රඛිත මෙන්ම සතියකට දෙකකට සැරයක් නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර යෑම් ඊම් කරනු ලබන්නෙකි.

නෙරංජන් දේවා යනු යුරෝපීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. ඔරිජිනල් යූඑන්පී කාරයෙකු වන නෙරංජන් දේවා මහින්ද රාජපක්ෂගේ තුරුල්ලේ සිට ජනවාරි 09 වෙනිදා පාන්දර යහපාලනයට බල්ටි ගැසූවෙකි.

මොවුන් සියළුදෙනා කලින් කියූ ආකාරයටම වැඩිපුර ජීවත් වන්නේ ගුවනේය. ඉස්සර සම්පූර්ණ ගුවන් ටිකට් පත් මුදලම ගෙවා පියාසර කළද රනිල් වික්‍රමසිංහ රාජකීය මිතුරා නිසා දැන් ගෙවීමට සිදුවී ඇත්තේ ඉස්සර මුදලින් 10%ක් පමනි. මොවුන් සැම දෙනාම කෝටිපති ව්‍යාපාරිකයන් නිසා ගුවන් ගමන් යන්නේ ව්‍යාපාරික පන්තියේ(Business class)  හෝ පලමු පන්තියේ(First Class)ය. මොවුන්ගේ ව්‍යාපාරික මොලය කෙසේද යත් දැන් ඔවුන් මිලදී ගන්නේ සාමාන්‍ය පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත්ය. ඒ සඳහා ගෙවන්නේ 10% ක මුදලකි.  පසුව එම සාමාන්‍ය පන්තියේ ටිකට් පත් ප්‍රමුඛතාවය ලබාගෙන ව්‍යාපාරික පන්තියට  Upgrade කරගනු ලබයි. කොහොමද ටිකිරි මොලේ?

අජිත් ඩයස් නිසා කපිල චන්ද්‍රසේනටත් හඳ පායයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති අජිත් ඩයස් මහතා නිසා ගෙදර යාමට නියමිතව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ට හොඳ කාලයක් ලබා ඇති බව වාර්තා වේ. එම හොඳ කාලය ලබා ඇත්තේ කපිල චන්ද්‍රසේන ගේ මස්සිනා වන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා නිසාය. අරවින්ද හා කපිල දෙමස්සිනාවරු වෙති. අරවින්දගේ බිරිඳ අනුෂාගේ නැගණිය ඌෂා විවාහ වී සිටින්නේ කපිල චන්ද්‍රසේන සමගය.

අරවින්ද හා ශ්‍රී ලංකන් සභාපති අජිත් ඩයස් ව්‍යාපාරික හවුල්කරුවෝ වෙති. ඔවුන්ගේ ව්‍යාපාරය ‘ලවාසා ප්‍රයිවෙට් ලිමිටඩ්' නම්වේ.  ‘Barista Coffe' අන්තර් ජාතික සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ  මෙකී ලවාසා ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමයි. එම සමාගමෙන් 70% ක හිමිකරු වන්නේ අරවින්ද සිල්වාය. එකී ව්‍යාපාරික සම්බන්ධතාවය මත කපිල චන්ද්‍රසේන යහපාලනය යටතේද සුරක්ෂිතය. එකී සුරක්ෂිතභාවය සිවිල් ගුවන් සේවා අමාත්‍ය ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග යටතේද කපිල චන්ද්‍රසේනට ලැබී තිබේ.

 

 

 

අති විශේෂ