20 February 2018
RSS Facebook Twitter   

අනාගත යුද හමුදාපති පිළිබඳව යුද හමුදාවෙන් නිර්දේශයක්

SL-Army-Logoවත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් RMD රත්නායක විසින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් යුද හමුදා සේවයෙහි යෙදී සිටිමින් හමුදා නීතියට පටහැනිව ප්‍රසිද්ධියේ සිදුකළ දේශපාලනික කාර්යයන් සලකා බැලීමේදී ඔහු අනිවාර්යයෙන් ම යුද අධිකරණයක් ඉදිරියට පමුණුවා දඬුවම් කළ යුතුය.

නමුත් ඡන්දය පැවති දින මැදියම් රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී හිටපු ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් සිදුකිරීමට සැරසුණු නීතිවිරෝධී හා අතිබිහිසුනු ක්‍රියාවලියට දායක නොවීමේ හේතුව පදනම් කරගෙන ඔහුට දඬුවම් නොකර ඔහුගේ සේවා දිගුව අවසන් වන 2015.02.22 දින විශ්‍රාම යැවීම සුදුසු බව කාරුණිකව පෙන්වා දෙමි.
ඊළඟ යුද හමුදාපති තනතුරට තේරීමට ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින නිළධාරීන්ගේ විස්තර පහත දක්වා ඇත. මෙම විස්තර ඉදිරිපත් කිරීමේදී කිසිම පක්ෂග්‍රාහකින් තොරව අදාල නිළධාරීන්ගේ පසුගිය ක්‍රියාකාරකම් හා හැසිරීම් රටාව පිළිබඳව ඇති තොරතුරු නිවැරදි ලෙස විශ්ලේෂණය කර අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මෛත්‍රී පාලනය පිළිබඳව ඉදිරි දැක්මට ගැලපීම පිළිබඳව ද සැලකිල්ල දක්වා කරුණ ඉදිරිපත් කර ඇති බව කාරුණිකව පෙන්වා දෙමි.
නි/50911 මේජර් ජනරාල් AWJC ද සිල්වා - යුද හමුදාපති තනතුරට සුදුසුය.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය 2015.08.21) (කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි)
යුද හමුදා සේවාකාලය තුළදී කිසිම විනයවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොමැත. උත්තම සේවා  පදක්කම ලැබී ඇත. යුද්ධයේදී දක්වන ලද නිර්භීතතාවය වෙනුවෙන් RWP පදක්කම ලැබී ඇත. PSC හා NDC පාඨමාලා හදාරා සමත් වී ඇත. ඉංග්‍රීසි හා විෂය දැනුම ඉහළ මට්ටමක ඇත. බලසේනාධිපතිවරයෙක්, සේනාංකාධිපතිවරයෙක් හා ආරක්ෂක සේනා ආඥාපතිවරයෙකුලෙස සේවය කර ඇත. යුද හමුදාපති තනතුරට සුදුසු තත්ත්වයේ පෞරුෂත්වයක් හා නිරෝගීකමක් ඇත. නිළධාරීන්/සෙබළුන් පිළිබඳව නිවැරදි තක්සේරුවකින්, පක්ෂග්‍රහකත්වයකින් තොරව සාධාරණව කටයුතු කර ඇත. මහත්මා ගතිගුණ ඇතිව සෘජුව කටයුතු කර සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේ විශ්වාසය දිනාගෙන ඇත. යුද හමුදාව තුළ හා ඉන් පිටත හැසිරීම උසස් තත්ත්වයක ඇත.
නි/50916 - මේජර් ජනරාල් LWCBB රාජගුරු -යුද හමුදාපති තනතුරට සුදුසු නැත.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2015.07.07 - නිළයේ උපරිම කාලසීමාවට පත් වූ දිනය - 2014.02.05)
පවරන ලද රාජකාරි වගකීමකින් යුක්තව ඉටුකර නැත. දැනට ද නිළයට සුදුසු තනතුරක් ලබාදී නැත. රාජකාරියට වඩා පෞද්ගලික කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදෙයි. PSC හා NDC පාඨමාලා හදාරා නැත. ඉංග්‍රීසි හා විෂය දැනුම ඉහළ මට්ටමක නැත. යුද හමුදාපති තනතුරට සුදුසු තත්ත්වයේ පෞරුෂත්වයක් නොමැත. සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේවිශ්වාසය දිනාගෙන නැත. යුද හමුදාව තුළ හා ඉන් පිටත හැසිරීම උසස් තත්ත්වයක නොමැත.
නි/ 50870 මේජර් ජනරාල් MP පීරිස් - යුද හමුදාපති තනතුරට සුදුසු නැත.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2016.08.11 - නිළයේ උපරිම කාලසීමාවට පත් වූ දිනය - 2014.02.28)
ආරක්ෂක සේනා ආඥාපතිවරයෙකු ලෙස සේවය ඉටුකර නොමැත. ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට දඬුවම් ලබාදුන් යුද අධිකරණයක සභාපති ලෙස කටයුතු කර ඇත. රාජකාරියට වඩා පෞද්ගලික කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදෙයි. හිටපු ආරක්ෂක ලේකම්ගෙ සමීපතමයෙකි. සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේ විශ්වාසය දිනාගෙන නැත.
නි/50890 - මේජර් ජනරාල් SWL දවුලුගල -යුද හමුදාපති තනතුරට සුදුසු නැත.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2016.01.24 - නිළයේ උපරිම කාලසීමාවට පත් වූ දිනය - 2014.02.28)
යුද හමුදාපති තනතුරට සුදුසු තත්ත්වයේ පෞරුෂයක් නොමැත. PSC පාඨමාලා හදාරා නැත. ඉංග්‍රීසි හා විෂය දැනුම ඉහළ මට්ටමක නැත. සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේවිශ්වාසය දිනාගෙන නැත. ඕපදූපසොයන කේලාම් අසන නිළධාරියෙකු ලෙස ප්‍රසිද්ධය. කේලාම් අසා ඒ අනුව කටයුතු කිරීමට කැමැත්තක් ඇත. හිටපු ආරක්ෂක ලේකම්ගේ ගජබා රෙජිමේන්තුවට අයත් ඔහුට සමීපතම අයෙකි.
නි/50919 - මේජර් ජනරාල් RMJA රත්නායක -යුද හමුදාපති තනතුරට සුදුසු නැත.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2016.04.15 - නිළයේ උපරිම කාලසීමාවට පත් වූ දිනය - 2014.03.01)
ආරක්ෂක සේනා ආඥාපතිවරයෙකු ලෙස සේවය ඉටුකර නොමැත. PSC හා NDC පාඨමාලා හදාරා නැත. ඉංග්‍රීසි හා විෂය දැනුම ඉහළ මට්ටමක නැත. යුද හමුදාපති තනතුරට සුදුසු තත්ත්වයේ පෞරුෂත්වයක් හා නිරෝගිකමක් නොමැත. සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේවිශ්වාසය දිනාගෙන නැත.
නි/50982 - මේජර් ජනරාල් JC රඹුක්පොත -යුද හමුදාපති තනතුරට සුදුසුය.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2015.07.07 - කොළඹ ආනන්දු විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.)
යුද හමුදා සේවා කාලය තුළ කිසිව විනයවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ නැත. උත්තම සේවා පදක්කම ලැබී ඇත. යුද්ධයේදී දක්වන ලද නිර්භීතභාවය වෙනුවෙන් RSP පදක්කම ලැබී ඇත. PSC හා NDC පාඨමාලා හදාරා ඇත. ඉංග්‍රීසි හා විෂය දැනුම ඉහළ මට්ටමක ඇත. බලසේනාධිපතිවරයෙක්, සේනාංකාධිපතිවරයෙක් හා ආරක්ෂක සේනා ආඥාපතිවරයෙකු ලෙස සේවය කර ඇත. සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේවිශ්වාසය දිනාගෙන නැත. යමක් සැළසුම් කර එය උසස් මට්ටමකින් ඉටු කිරිමේ හැකියාව ඇත. යුද හමුදාව තුළ හා ඉන් පිටත හැසිරීම උසස් තත්ත්වයක ඇත.
නි/50987 - මේජර් ජනරාල් SR මානවඩුගේ -යුද හමුදාපති තනතුරට සුදුසු නැත.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2016.07.12 - නිළයේ උපරිම කාලසීමාවට පත් වූ දිනය - 2014.08.10)
තම බලතල සීමාව ඉක්මවා කටයුතු කර ජෙනරාල් සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නා ලදී. සක්‍රීයව දේශපාලන කටයුතුවල යෙදුනු බවට සාක්ෂි ඇත. හිටපු ආරක්ෂක ලේකම්ගේ සමීපතමයෙකි. සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේවිශ්වාසය දිනාගෙන නැත. යුද හමුදාපති තනතුරට සුදුසු තත්ත්වයේ පෞරුෂයක් නොමැත.
නි/50991 - මේජර් ජනරාල් NAJC ඩයස්  -යුද හමුදාපති තනතුරට සුදුසු නැත.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2015.12.25 - නිළයේ උපරිම කාලසීමාවට පත් වූ දිනය - 2014.08.10)
PSC පාඨමාලා හදාරා නැත. ඉංග්‍රීසි හා විෂය දැනුම ඉහළ මට්ටමක නැත. යුද හමුදාපති තනතුරට සුදුසු තත්ත්වයේ පෞරුෂයක් නොමැත. මත්පැන් පානයට අධික කැමැත්තක් දක්වයි. ශරීරයට දරාගත හැකි සීමාව ඉක්මවා මත්පැන් පානය කරයි. අධික ලෙස බීමත්ව හමුදා වාහනයක් අනවසරයෙන් එලවා අනතුරට ලක් වී තුවාල ලබා වාහනය විනාශ කර ඇත. සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේවිශ්වාසය දිනාගෙන නැත. හිටපු අගවිනිසුරු මොහාන් පිරිස්ගේ සමීප ඥාතියෙකි. හිටපු ආරක්ෂක ලේකම්ගේ ගජබා රෙජිමේන්තුවට අයත් ඔහුට සමීප අයෙකි.
නි/50997 - මේජර් ජනරාල් SAAL පෙරේරා -යුද හමුදාපති තනතුරට සුදුසු නැත.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2015.08.27 - නිළයේ උපරිම කාලසීමාවට පත් වූ දිනය - 2014.08.10)
PSC පාඨමාලා හදාරා නැත. ඉංග්‍රීසි හා විෂය දැනුම ඉහළ මට්ටමක නැත. යුද හමුදාපති තනතුරට සුදුසු තත්ත්වයේ පෞරුෂයක් නොමැත. සක්‍රීයව දේශපාලන කටයුතුවල යෙදුණු බවට ප්‍රබල සාක්ෂි ලැබී තිබේ. පුස්තකාලයක පොත් ගැනීමට දුන් මුදල් වංචා කිරීම සෙවීමට පත්කළ මූලික පරීක්ෂණ උසාවියකදී වැරදිකරු වී ඇත. බොහෝ වංචා දූෂණවලට සම්බන්ධ බවට සාක්ෂි ඇත. හිටපු ජනාධිපති ආර්යාවගේ කිට්ටු ඥාති සම්බන්ධයක් ඇත. වත්මන් නාවික හමුදාපතිගේ සොහොයුරා ය.
නි/50940 - මේජර් ජනරාල් M හතුරුසිංහ -යුද හමුදාපති තනතුරට සුදුසු නැත.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2016.01.03 - නිළයේ උපරිම කාලසීමාවට පත් වූ දිනය - 2014.09.15)
PSC පාඨමාලා හදාරා නැත. ඉංග්‍රීසි හා විෂය දැනුම ඉහළ මට්ටමක නැත. යුද හමුදාපති තනතුරට සුදුසු තත්ත්වයේ පෞරුෂයක් නොමැත. සක්‍රීයව දේශපාලන කටයුතුවල යෙදුණු බවට ප්‍රබල සාක්ෂි ඇත. LTTE සංවිධානයේ ප්‍රබලයෙකු සමග සම්බන්ධයක් තිබූ බව ජෙනරාල් සරත් ෆොන්සේකාට නිරීක්ෂණය වි තිබිණි. සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේවිශ්වාසය දිනාගෙන නැත. හිටපු සෙබළියක් හා විවාහ විම නිසා ඇයට යුද හමුදාවේ පළමු මැතිනිය (First Lady) විම ප්‍රශ්නගත වේ.
නි/50944 - මේජර් ජනරාල් AKS පෙරේරා -යුද හමුදාපති තනතුරට සුදුසු නැත.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2016.09.30 - නිළයේ උපරිම කාලසීමාවට පත් වූ දිනය - 2014.09.15)
PSC පාඨමාලා හදාරා නැත. ඉංග්‍රීසි හා විෂය දැනුම ඉහළ මට්ටමක නැත. යුද හමුදාපති තනතුරට සුදුසු තත්ත්වයේ පෞරුෂයක් නොමැත. මත්පැන් පානයට අධික කැමැත්තක් දක්වයි. ශරීරයට දරාගත හැකි සීමාව ඉක්මවා මත්පැන් පානය කරයි. රාජගිරිය ඔබේසේකර වලව්වට හොර ඔප්පු සෑදීමේ චෝදනාවට වසර 07 ක් යුද හමුදා සේවයෙන් ඉවත් කරන ලදී. සක්‍රීයව දේශපාලන කටයුතු කළ බවට ප්‍රබල සාක්ෂි ලැබී ඇත. හිටපු ආරක්ෂක ලේකම්ගේ ගජබා රෙජිමේන්තුවට අයත් ඔහුගේ සමීපතම අයෙකි.  සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේවිශ්වාසය දිනාගෙන නැත.
නි/60017 - මේජර් ජනරාල් UAB මැදවල -යුද හමුදාපති තනතුරට සුදුසුය.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2016.12.02 - කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.)
යුද හමුදා සේවා කාලය තුළ කිසිම විනයවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ නැත. උත්තම සේවා පදක්කම ලැබී ඇත. PSC පාඨමාලා හදාරා ඇත. ඉංග්‍රීසි හා විෂය දැනුම ඉහළ මට්ටමක ඇත. බලසේනාධිපතිවරයෙක්, සේනාංකාධිපතිවරයෙක් හා ආරක්ෂක සේනා ආඥාපතිවරයෙකුලෙස සේවය කර ඇත. යුද හමුදාපති තනතුරට සුදුසු තත්ත්වයේ පෞරුෂත්වයක් හා නිරෝගීකමක් ඇත. හමුදා විද්‍යාපීඨයේ, මාණ්ඩලික විද්‍යාලයේ සහ කොතලාවල විශ්වවිද්‍යාලයේ හිටපු ප්‍රධාන උපදේශකයෙකු වේ. පෞද්ගලික කටයුතුවලට වඩා රාජකාරි කටයුතුවලට ප්‍රමුඛත්වයක් ලබාදෙයි. මහත්මා ගතිගුණ ඇතිව සෘජුව කටයුතු කර සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේ විශ්වාසය දිනාගෙන ඇත.
නි/50998 - මේජර් ජනරාල් HCP ගුණතිලක -යුද හමුදාපති තනතුරට සුදුසු නැත.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2016.03.01 - නිළයේ උපරිස කාලසීමාවට පත්වන දිනය 2015.08.31)
ජෙනරාල් සරත් ෆොන්සේකාට දඬුවම් ලබාදුන් නඩුවට යුදසේවා ලේකම් ලෙස සහාය වී ඇත. ජෙනරාල් සරත් ෆොන්සේකාට හිතවත් නිළධාරීන් කිහිප දෙනෙකු ම අස්කිරීමට යුදසේවා ලේකම් ලෙස ක්‍රියා කර ඇත. ජෙනරාල් සරත් ෆොන්සේකාට හිතවත් නිළධාරීන්ට යුදසේවා ලේකම් ලෙස දඬුවම් මාරුවීම් ලබාදී ඇත. සක්‍රීයව දේශපාලන කටයුතුවල යෙදුනු බවට ප්‍රබල සාක්ෂි ඇති හිටපු ආරක්ෂක ලේකම්ගේ ගජබා රෙජිමේන්තුවට අයත් ඔහුට සමිපතම අයෙක් වන මේජර් ජෙනරාල් AKS පෙරේරාගේ මස්සිනාය. සිද්ධාන්ත (THeory) මත ම කටයුතු කරන ප්‍රායෝගික(Practical) දැනුම අඩු නිළධාරියෙකි. ඉක්මන් කේන්ති ගෙන ඉක්මන්තීරණ ගන්නා නිළධාරියෙකි. සමස්ත යුද හමුදා නිළධාරීන්ගේ හා සෙබළුන්ගේ විශ්වාසය දිනාගෙන නැත.
නි/50999 - මේජර් ජනරාල් AM පෙරේරා -යුද හමුදාපති තනතුරට සුදුසු නැත.
(වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2016.02.19 - නිළයේ උපරිස කාලසීමාවට පත්වන දිනය 2015.08.31)
නායයාමෙන් අවතැන්වූවන්ට ආධාර බෙදාදීමේදී දේශපාලන කටයුතුවල යෙදුණු බවට ප්‍රබල සාක්ෂි ඇත.  ඉක්මන් කේන්තිගෙන කුණුහරුපයෙන් නිළධාරීන්ට/සෙබළුන්ට කතාකරන, ඉක්මන් තීරණ ගන්නා නිළධාරියෙකි. නිළධාරීන්/සෙබළුන්ගේ ප්‍රශ්නවලදී අමානුෂිකව කටයුතු කරන නිළධාරියෙකි. සිද්ධාන්ත (THeory) මත ම කටයුතු කරන ප්‍රායෝගික(Practical) දැනුම අඩු නිළධාරියෙකි. යුද හමුදාපති තනතුරට සුදුසු තත්ත්වයේ පෞරුෂයක් නොමැත. සමස්ත යුද හමුදා නිළධාරීන්ගේ හා සෙබළුන්ගේ විශ්වාසය දිනාගෙන නැත.

 

 

අති විශේෂ