27 March 2017
RSS Facebook Twitter   

සිරසේ ජඩ මාධ්‍යකලාව ශ්‍රී රංගා ඔප්පුකොට පෙන්වයි ! (UPDATED)

minnal rangaකිලී මහරාජාට අයත් මහරාජා ආයතනයේ මාධ්‍ය හෙංචයියෙකු වන පුරවැසි පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට මෙවර මැතිවරණය සඳහා නාමයෝජනා නොලැබුණු අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වී තිබේ. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පසුගිය කාලයේ පක්ෂපාතීත්වය දැක්වීම වෙනුවෙනි. රංගා මාධ්‍ය කලාවට පැමිණියේ මහින්ද රාජපක්ෂ ධීවර ඇමති සමයේ ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්වෙමිනි. 
 
එසේ පැමිණි රංගා පසුව මහරාජා ආයතනයට සම්බන්ධ වූ අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ කටයුතු කරමින් සිටියදී පවා මහරාජා ආයතනයේ මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ අතර ඔහු කිලී මහරාජාගේ දේශපාලන හෙංචයියන්ගෙන් කෙනෙකි. කිලී මහරාජා විසින් රාජපක්ෂ පාර්ශ්වයේ තම නියෝජිතයා වශයෙන් රංගා ස්ථානගත කළ අතර රංගා මහරාජා ආයතනය, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් භාවිතා කරමින් සිටින ආකාරය සම්බන්ධයෙන් හොඳම නිදසුනක් පසුගිය ජූලි 04 වැනිදා ශක්ති ටීවී ආයතනය මගින් දැකගන්නට ලැබිණි.
 
 
මෙම වීඩියෝවෙහි සිංහල අර්ථය - 
 
(දුරකථනයෙන් - සර් මම මෙ වැඩසටහනට කතා කරන්න යන්නේ..
රංගා - මිහ්... කියන්න..
දුරකතනයෙන් - අපි ඒ ගොල්ලන්ට කියන්න යන්නේ අපි දවසේ වැඩ කරාට වරැවයි දාලා තියෙන්නේ කියලා .. යුනියන් එක ( කමිකරැ කොංග්‍රසය ) සත පහකට වැඩක් නෑ...
රංගා - කටි කරන්න කටි කරන්න ... ඔකගේ නම ලියාගන්න ..
ආරාධිතයා - ( වික්ෂිප්තව ) මෙ වැඩසටහන සජීවී වැඩසටහනක්ද ? ඔයා මට කිවිවෙ මෙක රේකෝඩි කරලා දානවා කියලනේ ..
රංගා - නැ නැ මෙක රෙකොඩිං තමයි .. ඒ උනාට ප්‍රශ්න අහන්න ටෙලිෆෝන් වෙලාසනින් විවෘතයිනේ ... ඉස්සෙල්ලා අපි අහනවනේ ප්‍රශ්නේ මොකක්ද කියලා ... අපි ප්‍රශ්න තොරලා බලලා, අපිට සෙටි වෙන එකයි, උත්තරයත් ඔයාට උගන්නලම තමයි දාන්නේ... ඔයාට තියෙන්නේ අනාගන්නේ නැතුව මම ඔලුව වනද්දි රංගා රංගා මෙහෙමයි කියලා උගන්නපු දේ කියන්න.. අර මාලන්ට එන්න කියන්න... තව මුස්ලිමි වැඩසටහනක් යනවා .. ඊට කලිං අපි ලැස්ති වෙන්න ඔනි ...
අපි ප්‍රශ්න අහන්න ඔනි ... නැත්තං මෙක සෙටිං වැඩක් කියලා සැක හිතෙනවනේ ... නිකං හරි ඔයාව හිර වෙනවා වගේ තේරෙනවනං ඔයාට තියෙන්නේ ඔලුව වනන්න.. එතකොට මං නවත්තනවා ... 
මාලන් වෙත යොමු වෙමින් ... ( මාලන් යනු දුරකථන ඇමතුමි ලබා ගන්නා පුද්ගලයා විය හැක) මොන වගේ ප්‍රශ්නද දැනට ඇවිල්ලා ති‍යෙන්නේ ?
මාලන් - හැමෝම ලැයිමට ඡන්ද කාලේ එනවා යනවා .. ඒ උනාට අපේ ප්‍රශ්න වලට විසදුමි නෑ කියලා තමයි කියන්නේ...
රංගා - ඒක දාන්න.. තව ..? 
මාලන් - පඩි ගැන ..
රංගා - ඒක ඔෆ් එකේ දාන්න.. ( මාලන් ඉවත් වෙයි .... නැවතත් ආරාධිතයා වෙත යොමු වෙමින් ..) දිගමිබරමිට හමිබානක බනින්න .. ( බනින විදිහ රංගා දිර්ඝ ලෙය උගන්වයි ) අපිට දේශපාලනය වැඩක් නෑ ජනතාවයි ඔනි කියලත් කියන්න .... දැං අපි වැඩසටහනට යනවා ... ඉස්සේලාම දෙන්නෙක් කතා කරනවා වතුර ගැන ..ඒකට මං කිවිව විදිහට ලැස්ති වෙන්න...)
 
රංගා විසින් මෙහෙයවන ශක්ති මින්නල් වැඩසටහනට එදින පැමිණ සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පී. ශක්තිවේල් මහතාය. මෙම වැඩසටහන බලන ප්‍රේක්ෂකයා සිතන්නේ මෙය සජීවීව විකාශය වන වැඩසටහනක් ලෙසයි. ඒ බව රූපවාහිනී තිරයේද සටහන් වේ. නමුත් මෙය පටිගත කොට විකාශය කරන වැඩසටහනකි. ජූලි 04 වැනිදා ශක්ති මින්නල් නැරඹූ බොහෝදෙනා එය මේ වනවිට පසක් කරගෙන සිටී. 
 
මින්නල් යනු හුදෙක් රංගාට අවශ්‍ය ආකාරයෙන්, රංගා සහ මහින්ද පාර්ශ්වය ඔසවා තැබීම වෙනුවෙන් සිදුකරන වැඩසටහනකි. එහි සියල්ල තීරණය කරන තීරකයා ඔහුය. ඒ සඳහා සහභාගි වෙන්නේ කවුද, අසන ප්‍රශ්න මොනවාද, සහභාගි වන පුද්ගලයා දියයුතු පිළිතුරු මොනවාද, මෙම සජීවී වැඩසටහනට දුරකතනයෙන් ප්‍රශ්න අහන්නේ කවුද, ඔවුන් අසන ප්‍රශ්න මොනවාද, එම ඇමතුම් සම්බන්ධ කරගන්නේ කුමන වේලාවටද යන සියල්ල තීරණය කරන්නේ රංගාය. එපමණක් නොව වැඩසටහනේ නිෂ්පාදකවරයා ද කටයුතු කළයුත්තේ රංගාට අවශ්‍ය පරිදිය. 
 
පසුගිය ජූලි 04 වැනිදා වැඩසටහන එදින සවස රූගත කළ අතර එහිදි වැඩසටහන අතරමැදදී පළාත් සභා මන්ත්‍රීවරයාට රංගා උපදෙස් දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ දිගම්බරම්ට අවාසි සිදුවන ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසයි. මේ වනවිට වතුකරයේ කම්කරු කොන්ග්‍රසයට තිබූ බලය අහිමිවෙමින් පවතින අතර දිගම්බරම් වතුකරය තුළ ජනප්‍රියවෙමින් සිටින හෙයින් ඔහුට එරෙහිව කටයුතු කිරීම මේ වනවිට රංගලාගේ කාර්යභාරය වී තිබේ. එයට හේතුව යම්හෙයකින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එජනිස පරාජය වුවහොත් තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අහිමි වන බැවිනි. ඒ අනුව වැඩසටහන අතරතුරදී අසන ප්‍රශ්න සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරයා දැනුවත් කරමින් ඔහු ලබාදිය යුතු පිළිතුරුද ඔහුට පවසන අතර වැඩසටහනේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබාදෙයි. ඔහුට පවසන්නේ තමා විසින් පෙරදී දැනුවත් කළ පරිදි සූදානම් කර තිබෙන දුරකතන ඇමතුම් අවශ්‍ය වේලාවේදී සම්බන්ධ කරන ලෙසයි. 
 
මෙම දුරකතන ඇමතුම් රංගා විසින් කලින් සූදානම් කර තිබෙන අතර එම ඇමතුම් ලබාදෙන්නන් විසින් ඇසිය යුතු ප්‍රශ්න ද රංගා විසින් ලබාදෙන ඒවාය. 
 
 
මේ ආකාරයෙන් එජාපයට හා දිගම්බරම්ට එරෙහිව දිගින් දිගටම මහින්ද පාර්ශ්වයට හිතවත් ලෙස මින්නල් වැඩසටහන පවත්වන අතර එය මහරාජා අධිපති කිලී මහරාජාගේ අනුදැනුමද සහිතව සිදුවේ. කිලී මහරාජාගේ ජඩ මාධ්‍ය කලාව සම්බන්ධයෙන් විටින් විට අප වෙබ් අඩවිය මගින් පුවත් පළකළ අතර ඔවුන් මේ වනවිට ජනවාරි අටවැනිදා පරාජයට පත්ව ගෙදර ගිය මහින්ද රාජපක්ෂ නැවත උත්කර්ෂයට නැංවීමේ කර්තව්‍යය ඉටු කරමින් සිටී. ඒ සඳහා එළිපිටම තම රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකා භාවිතා  කරමින් සිටින අතර එම ආයතනවල සිටින මහරාජාගේ මාධ්‍ය හෙංචයියන් ද කිලී මහරාජාගේ අවශ්‍යතාවය පරිදි රෙදි නැතිවම මහින්දට කඩේ යමින් සිටී. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මහින්ද - මෛත්‍රී හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස!

 

mahinda-maithri exclusiveඅද (26) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ ඊයේ රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව මේ වන විට අනාවරණය වෙමින් පවතී. ඊයේ රාත්‍රියේ එවැනි හමුවීමක් කථානායක නිල නිවසේදී සිදු නොවූ බව අද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ප්‍රකාශ කරන්නට යෙදුණි. එය සත්‍යක් වේ. මන්ද යත් මහින්ද - මෛත්‍රීපාල හමුව සිදුවී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බෑණා වන (සොයුරියගේ පුත්‍රයා) හිමාල් හෙට්ටිආරච්චිට අයත් මිරිහාන ගල්වල පාරේ නිවසේදීය.

Read more...

සිරසේ ලොක්කාට Magenta බොස් ගැන ලිංගික ඊර්ෂ්‍යාවක් පහල වෙලා!

maharaja ex

සිරස මාධ්‍ය ජාලයේ හැත්තෑ පස් වියැති ලොක්කා වන කිලී මහරාජාට Magenta ඇඩ්වර්ටයිසින් ආයතනයේ හිමිකරු ප්‍රශාන් සුබ්‍රමනියම් පිළිබඳව දැඩි ලිංගික ඊර්ෂ්‍යාවක් පහල වී ඇති බව සිරසේ ආරංචි මාර්ග සඳහන් කරයි. තමන්ගේ අන්ත:පුරයෙන් පෙම්වතියක් පැහැර ගැනීම නිසා කිලී මහරාජාට ප්‍රශාන් සුබ්‍රමනියම් පිළිබඳව විශාල ගැටළුවක් පැන නැගී ඇත.

Read more...

රෙජිස්ට්‍රාර් විනිසුරුගේ සොයුරියක්: යහපාලන ශ්‍රේෂ්ඨාධිකරණයේ බැඳියාවන් අතර ගැටීම්

 

court sl exශ්‍රී ලංකාවේ යහපාලන ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය වන මහේෂි ජයසේකර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ සහෝදරියකි. අන් ඕනෑම රටකට එය පැහැදිලිවම බැඳීයාවන් අතර ගැටුමක් වුවත් යහපාලන ආණ්ඩුවේ අගවිනිසුරු කනගසබාපති ශ්‍රී පවන් ඒ පිළිබඳව තැකීමක් කරන බවක් නොපෙනේ.

Read more...

රාජපක්ෂලා විසින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව විනාශ කළහැටි

bmichබණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ගොඩනගා ඇත්තේ චීන රජයේ පරිත්‍යාගයක් ලෙසයි. 1970 වසරේ ඉදිකිරීමේ ආරම්භ වූ මෙය 1973 වසරේදී විවෘත කළ අතර එය සිදුවූයේ එවකට චීන රජයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ චෞ එන්-ලායි මහතාගේ ප්‍රධානත්වයෙනි.
Read more...

මුරුත්තෙට්ටුවේ ආනන්ද මහින්ද රාජපක්ෂට මෙතරම් ආදරේ ඇයි ?

mr--abhayaramaya-EXCLUSIVEමේ දවස්වල ලංකාවේ ජනප්‍රියම පන්සල අබයාරාමයයි. එය බුදුන් වැඩියා යැයි කියන අටමස්ථාන, සොළොස්මස්ථානවලට ද වඩා ඉතා වැදගත් ආගමික ස්ථානයක් බවට පත්ව ඇත. ඒ නව මහින්දාගමනය හේතුවෙනි. මේ වනවිට මුරුත්තෙට්ටුවේ හෙද නායක හාමුදුරුවෝ

Read more...

සියලු රස සමග (සිරස) මාධ්‍ය ජාලයේ කප්පම් මාධ්‍ය කලාව ! - 01

 

PORT-CITYශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සෘජු ආයෝජනවලින් අංක එකෙහි ලා ගැනෙන්නේ China Port City ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා ලෙස කටයුතු කරන්නේ China Port City Development Company නැමති සමාගමයි. ගාලු මුවදොර ආශ්‍රිත මහ
Read more...

යෝෂිත , යසාරා සහ වසීම් ගේ ඇත්ත කතාව !

thajudeen-111ඉතාමත්ම අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්වූ වසීම් තාජුඩීන්ගේ අභිරස් මරණය සම්බන්දයෙන් යලිත් කතා බහක් ඇතිවී ඇති වී ඇති සමයක වසීම් තාජුඩීන් මරණය සම්බනද්යෙන් ඇති අභිරහස පළමු වරට 2012 ජුලි මසදී

Read more...

'ප්‍රභූ ඝාතනයක් අත ළගයි!' - විදේශ ඔත්තුසේවා අනතුරු අඟවයි!!

mr ms maශ්‍රී ලංකාව තුල ඉහල පෙලේ ප්‍රභූ ඝාතනයක් සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහල අගයක පවතින බව විදේශ ඔත්තු සේවා රජයේ ආරක්ෂක අංශයන්ට දැඩි ලෙස අවධාරණය කොට තිබේ.

Read more...

මෙරට විදේශ ඇමති මහේෂිනී කොළොන්නේ ද ?

 

Kolonneකුප්‍රකට මහින්ද-සජින් හිතවාදිනියක වන මහේෂිනී කොළොන්නේ මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යංශයේ අමාත්‍යවරයා වන මංගල සමරවීර මහතාටද ඉහළින් සිටිමින් කටයුතු කරන බව පෙනේ. ඇමතිවරයා මහේෂිනී කොළොන්නේ යටතේ කටයුතු කරමින් සිටින්නෙකු බවට පත්ව තිබේ.
Read more...

මිනීමරුවන්ට රැකවරණය සපයන පොලීසියේ බලවතා කවුද ?

ravirajපාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කරන ලද්දේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය  රාජපක්ෂගේ නියෝගය පරිදි නාවික හමුදාවේ සුදුවෑන් ඝාතක කල්ලිය වූ 'නේවි සම්පත්' ගේ කණ්ඩායම මගින් බව ඉතාම පැහැදිලිව සාක්ෂි සහිතව තහවුරු කර ගැනීමට රහස් පොලීසිය සමත්ව ඇතැයි වාර්තා වේ.

Read more...

 

 

අති විශේෂ