26 June 2017
RSS Facebook Twitter   

ලංකා IOC පාඩුයිලු

l iocලංකා ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා IOC) මේ වනවිට පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ කාර්තුව තුළ ඔවුන් අත්කරගෙන ඇති ලාභය සටහන් වන්නේ රුපියල් මිලියන 171 ක් ලෙසයි. එය පසුගිය වසරේ අදාල කාර්තුවට සාපේක්ෂව සියයට 86 ක පහළයාමක් බව වාර්තා වේ. 
 
මෙම කාර්තුවේදී ලංකා IOC සමාගම නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණයද සියයට 18.7 කින් පහළ ගොස් ඇති අතර ඔවුන් ලබාඇති සමස්ත ආදායම රුපියල් බිලියන 17.4 කි. 
මේ වනවිට මෙරට ඉන්ධන සහනාධාර මිලකට අලෙවි කිරීම නිසා ලංකා IOC සමාගම මෙවැනි අසීරුතාවයකට පත්ව තිබේ. ඉන්ධන අලෙවියට සාපේක්ෂව සමාගමේ අනෙකුත් ආදායම් ද පහත වැටී තිබෙන බව වාර්තා වේ. 

 

 

ව්‍යාපාරික