25 April 2017
RSS Facebook Twitter   

රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර මාර්ග පද්ධතිය පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක්

adams bridgeමේ දිනවල කතාබහට ලක්වී ඇති ලංකාවේ තලෙයිමන්නාරම සහ දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් අතර මාර්ග පද්ධතිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. දුම්රිය මාර්ගයකින් සහ අධිවේගී මාර්ගයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරන ලෙස ඉන්දියානු රජය සූදානම් වේ. ආසියානු සංවර්ධනය බැංකුවට ඉන්දියානු රජය විසින් මේ සම්බන්ධයෙන් උපදෙස දී තිබේ. 
මෙම මාර්ගය පාළම් මත දිවෙන ආකාරයෙන් සහ උමං මාර්ගවලින් ද සමන්විත වන බව වාර්තා වේ. ඉන්දියානු රජයේ ප්‍රවාහන හා අධිවේගී මාර්ග අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් මහතා මේ බව ඊයේ (03) ඉන්දීය රාජ්‍ය සභාවේදී ප්‍රකාශ කර තිබේ.
 
කෙසේ වෙතත් නව මාර්ග පද්ධතිය සම්බන්ධයෙන් ශක්‍යතා වාර්තාවක් කැඳවීම සඳහා මෙරට රජයේ අනුමැතිය තවමත් හිමිවී නොමැත. 

 

 

ව්‍යාපාරික