25 April 2017
RSS Facebook Twitter   

දුම්කොල සමාගමෙන් ආණ්ඩුවට රුපියල් බිලියන 43.7 ක ආදායමක්

cigarettවසරේ පළමු මාස හය තුළ ලංකා දුම්කොල සමාගම රජය වෙත රුපියල් බිලියන 43.7 ක ආදායමක් ලබාදී ඇති බව ලංකා දුම්කොල සමාගම පවසයි. ඒ සුරාබදු සහ අනෙකුත් බදු ලෙස ලබාගත් ආදායමයි. පසුගිය වසරේ පළමු මාසය හය සමග සැසඳීමේදී එය රුපියල් බිලියන 7.8 ක හෙවත් සියයට 18 ක වර්ධනයකි. 
 
සුරාබදු දෙපාර්තමේන්තුව මේ වනවිට අඛණ්ඩව නීතිවිරෝධී මත්පැන් හා දුම්වැටි සම්බන්ධ වැටලීම් සිදුකරන අතර මෙම වසරේ පළමු මාස හය තුළ
නීතිවිරෝධී දුම්වැටි වැටලීම් පමණක් 582 ක් සිදුකර තිබේ. මෙහිදී රුපියල් මිලියන 189 ක වෙළඳපොල වටිනාකමින් යුතු දුම්වැටි අත්අඩංගුවට ගෙන ඇති අතර එමගින් අත්කරගෙන ඇති ආදායම රුපියල් මිලියන 6.3 කි. 
 
සියලු බදු ගෙවීමෙන් පසු දුම්කොල සමාගම රුපියල් බිලයන 5.5 ක ලාභයක් අත්කරගෙන තිබේ. දුම්වැටි අසුරණවල රූපමය අවවාද සඳහන් කිරීමේ ප්‍රතිශතය සියයට අසූවක් දක්වා වැඩිකිරීම සම්බන්ධයෙන් මාර්තු මාසයේදී හඳුන්වා දුන් නීතියට අනුව එම කටයුතු සඳහා සමාගම පළමු මාස හය වෙනුවෙන් රුපියල් මිලියන 118 ක් වැයකර තිබේ. 

 

 

ව්‍යාපාරික