20 February 2018
RSS Facebook Twitter   

FB ජනකථා 06 : කෝ ඒක.... ඒක තමයි මේක

 

1904132 632718296874947 8249699116699851852 n

" ඈ බං කඩේ වහලනේ. මේ යෝධයා කොහෙ ගිහින් ද ? "

" මුදලාලියා නම් වෙසක් පෝයටවත් කඩේ වහන එකෙක් නෙමේ. මේ මනුස්සයට අතුරු ආන්තරාවක්වත් වුනාද ? "

" මොකද බං දැන් අපි කරන්නේ ? වෙන කඩ...... ඕහ් ! මේ යකා නම් විදුලි පුටුවේ යැව්වත් මැරෙන එකක් නෑ. ඔය කියනකොටම එන්නේ...... "

" මොකෝ මුදලාලි මේ කඩේ වහලා ? අපි මේ ආපහු යන්ඩත් හදලා.... "

" පොඩි අවුලක් ආවා බං. තව කඩයක් දාන්ඩ හැදුවා. සල්ලි ටිකක් හිරවුනා..... "

" එතකොට මුදලාලි අපි බඩු ගන්නේ ? "

" බයවෙන්ඩ එපා බං. ඔය එහා පැත්තේ අලුත් කඩයක් තියෙන්නේ. මං දන්න අඳුනන එකෙක්. පව්නෙ බං මං ඌට බඩු ටිකකුත් දුන්නා... "

" ඒත් මුදලාලි අපට මුදලාලි වාගේ වෙන එවුන් ෂුවර් නෑ. උගෙ බඩු කොහොමද දන්නෙත් නෑනේ.... "

" බයවෙන්ඩ එපා යෝධයෝ.. මගෙ බඩුමයි උගෙත් තියෙන්නේ. නම විතරයි වෙනස්. මේක ආශ්චර්ය... ඒක යහපාලනේ... බය නැතුව ගනිල්ලා... හ්ම්...... මං යනවා... මාව බලන්ඩ කට්ටියක් එනවා කීවා. එහෙනං... අපි ගියා ඕන්..... හරිය.............. "

" එහෙමයි මුදලාලි... අපිත් වෙලාවක එන්නම්කො හැලපයක් කාලා කහට උගුරක් බීලා යන්ඩ.... "

 

මේ පාර ජනකථාව ලිව්වේ - ජගත් චන්දන අධිකාරී

 

බොරදිය පොකුණ” සෑම තත්පරයක් පාසා ජීවිතය කියවීම

 

Bodidiya pokuna

ඇය ගාර්දිවසම් දෝන පද්මා ආරියලතා නොහොත් ගෝතමියයි. සත්යිජිත් මාඉටිපේගේ “බොරදිය පොකුණ” චිත්රරපටයේ කතා නායිකාව ඇයයි. ඇය සමාජ සම්මතයට අනූව කිසි පෙනුමක් නැති කටකාර යුවතියකි. ඇය හා මනා රූ සපුවක් හිමි මංගලා ද තැම්පත් චාම් ගතිගුණ වලින් හෙබි සුවනීතා ද ( සමාජ නිර්ණයන්ට අනූව) එකම ස්ථානයක රැකියාව කරන අතර එකම බෝඩිමක වෙසෙයි. ඔහු විපුලය. පත්තිනි හේවාරාලලාගේ විපුලය. ඔහු යුද හමුදාවේ සේවය කරයි. මාඉටිපේ “බොරදිය පොකුණ” කේන්ද්රපගත කරන්නේ මෙම චරිත හරහාය. මෙයින් මගේ මනස කළඹන්ගේ ගෝතමීය. ගෝතමීව මුලින්ම අපිට හමු වන්නේ පාසලෙන් ප්රතතික්ෂේප වන දර්ශනයකිනි. මෙතැන් පටන් ඉතා සංවේදී ලෙස ඇය මාගේ සිත තුල ඇති කරන්නේ දරුණු හිස් බවකි.
අප බලාපොරොත්තුවන ආදරය, පිලිගැනීම, තේරුම් ගැනීම අපට නොලැබෙන තැන අපට ඇති වන්නේ දරාගත නොහී දුකකි. කුඩා කාලයේ අපේ බලාපොරොත්තු ඉතා අහිංසකය. ඒවා සීමා සහිතය. නමුත් එවැනි අහිංසක ආශාවක්වත් කුඩා කාලයේ දී අපට නොලැබෙද්දී අප හඬනවා හැරෙන්නට වෙන මොනවා කරන්න ද? නමුත් වයසින් මුහුකුරා යද්දී සමාජය හා උරෙන් උර ගැටෙද්දී අප ශරීරයෙන් වර්ධනය වෙද්දී කුඩා කළ ඇට මස් ලේ නහර වලට නොදැනෙන ප්රේ මයෙන්, ලිංගිකත්වයෙන් අපේ සිත පිරෙද්දී, ඒ දේවල් අපට බලා ගන්නට බැරි කාලකන්නිකමක් අප තුල තිබේ නම් කළ යුත්තේ කුමක්ද? ඒ අපට උරුම වූවක් ද? උරුම කර දුන්නක් ද?
ගෝතමීගේ ජීවිතයේ ඇති ඛේදවාචකය මා දුටුවේ සමස්ත සමාජයේම ඛේදවාචකයක් ලෙසයි. අප සමාජයේ බොහෝ සුන්දර මිනිසුන් ලෙස ජීවත් වෙමු. කුටුම්භය තුළ ඒ සඳහා අපට හිමිවන්නේ සුවිශේෂී තැනකි. නමුත් ඇතුළාන්ත ජීවිතය ගත් කළ ගෝතමීගේ ජීවිතයට සමාන වූ ද එසේ නැත්නම් වෙනස් මනෝ ලිංගික සංකීර්ණතාවලින් හෙම්බත් වී මළ මිනිසුන් වී ඇත් ද?
නමුත් බොහෝ විට එය ලොවට නම් රහසකි. මෙවැනි වූ පරිසරයක් මත දිග හරින ගෝතමීගේ චරිතය අපිට සමීප කර ගැනීම බලෙන් සිද්ධවන්නක් නොව එය අපේ සිතුවිලි හා සමග නිරායාසයෙන් සිද්ධවන්නකි. විපුල හෝ වේවා වෙනයම් කාගේ හෝ වේවා ලිංගික සංතර්පණයක් බලාපොරොත්තු වන ගෝතමී බලෙන් ලිංගික සුවය ලබද්දී එය මා සාධාරණීකරණය කළෙමි.
සමාජ සම්මතයට අනූව එය නොහොබිනා ක්රිියාවක් ලෙස දැකීමට පුලුවන. නමුත් ප්රේසමය හා ලිංගිකත්වය ජීවිතේ උපරිම වශයෙන් ලබන මංගලා වැනි චරිත හමුවේ ප්රේමමය, ලිංගිකත්වය, පිළිගැනීම මේ කිසිත් නොලබන ගෝතමී කොයිතරම් නම් දැඩි මානසික ආතතියක ඇති ද? එහෙයින් ඒ හැඟුම් කෙසේ හෝ නතු කර ගැනීමට වෙර දැරීම කිසිවෙකුටවත් බැහැර කළ හොහැක.
ඉරිතලා ගිය පොලොවකට වැස්සක් හෝ නොලැබෙද්දී පොලොව කුමක් කරමුද? එය අහසේ වරදක් ද? වැස්සේ ද නැත්නම් කර්කශ පොලොවේ ද? අපේ වහරින් කියන පිරිමි පුලුටක් හෝ ඇයගේ ඇඟේ දැවටෙන්නට ඇයව පිලිගන්නට අකමැති සමාජ සංස්ථාවේ සම්මත ලකුණු ක්රරමයේ ඍණ අගයක් ඇයට උරුම කර දී ඇති නිසා ද? ගෝතමීගේ උතුම් හදවත ගැන මිනිස්සුන්ට නොදැනෙන්නේ ඇයි?
ගෝතමීට නැති වී තියෙන අයිතීන් දිනා දීමට මගේ සිත හා උත්සාහ දරන්නේ ගෝතමියගේ චරිතයේ සුවිශේෂීත්වය හරහා මගේ ප්රීතිබිම්භය මා ගෝතමී තුලින් දකින නිසා පමණක් නොවේ. හැම මිනිස් ජීවිතයකම ලොවට නොපෙන්වන අඳුරු පැතිකඩක් අප හැම තුළම පවතින හෙයිනි. නමුත් එය කඩතිරි වලින් වසන් කර තබමු. කෙසේ හෝ වේවා ඇතුළාන්ත ජීවිතය හෙළි කරන කළ ගෝතමීලා නැති වෙන්නට බැරිය. අවාසනාවට රූපය සඳහා වැඩපුර ලකුණු ලබාදෙන මූලධර්මයේ දී හදවත හා මිනිස්කම වැනි ආත්මීය සාධක සඳහා අඩු අගයක් නැත්නම් අවතක්සේරුවක් ලබාදීම කොතරම් හීනමානද? එම සාධක තීරණය කරනු ලබන්නේ හදවත නැති මිනිසුන් නම් කම් නැත. නමුත් හදවත්වලට දොරගුලු දා සමාජ පොදු සාධක දෝත් මුදුනින් පිළීගනිමින් තම හදවතේම කොතරම් මානුෂිය කාරණා වළදමා තිබේ ද?
විපුල හා මංගලා ලිංගික සුවය හා ඒ මොහොතේ දී ජීවිතය විඳීම බලා ස්වයං වින්දනයේ යෙදෙන ගෝතමී ඉන්පසු තම කාමරයේ ස්වයං වින්දනයේ යෙදෙන ගෝතමී පිලිබඳව මසිතේ ඇතිවන්නේ දැඩි අනුකම්පාවකි. ලස්සන ගැහැණු හා පිරිමින් නටන දෙස බලා අහිංසක සතුටක් ලබන්නට ඇයට ඉතිරි වීම ඇයගේ වරදක් නොවේ. ඇයට සමාජය කෙරෙහි වෛරයක්, කුහකකමක්, පිළිකුලක් ඇතිවීම අරුමයක්ද? තමා සේවය කරන තැන අඹරැල්ලා ගෙඩිය රසවිඳින ගැහැණු අවසානයේ ගෝතමීට ඉතුරු කරන්නේ අඹරුල්ලා ඇටය පමණි. පසුව ආයතනයේ නිලධාරිනියගෙන් බැණුම් අසන්නේ ද ඇයයි. ඉදින් ඇය එම දුක තුනී කරන්නට දරණ උත්සාහය සාර්ථක වූ පසු අහිංසකව සතුටු වීම ඉමහත් සාධාරණය. මේ ක්රිනයා ඉතාමත් පොදුය.

විපුල හා එක්වීමට පසුත් ගෝතමී විපුල සොයා යන්නේ හුදු ලිංගිකත්වය පමණක් අපේක්ෂා කරන නිසාද? නැත්නම් මාතෘත්වයේ අපේක්ෂාව හිත ඇතුලේ හටගෙන ඇති නිසාද? කෙසේ හෝ විපුලට දාව උපදින දරුගැබ හමුවේද ඇය අන්ත අසරණ ගැහැණියක වෙයි. දරුගැබ විනාශ කිරීම සඳහා විපුලගේ මිතුරන් බල කරන නිසා සියල්ල හැරදා යන ගෝතමී දරුවා ප්රකසූත කර දුම්රියපළක දමා යන්නේ ඇය තුළ මාතෘත්වයේ අගය නැති නිසා නොවේ. ඇය හුදු වීරවරියක් නොවන්නේ එහෙයිනි.
මෙවැනි සංකීර්ණ මනෝභාවයන් ඉතා සියුම් ලෙස අධ්යෙනය කර “බොරදිය පොකුණ” හරහා ගෙනනා මාඉටිපේ මේ හැම චරිතයකින්ම ඉතා සියුම් ලෙස සමාජ හා ජීවිත විග්රබහ කරයි. එසේම මිනිස් හැසිරීම් රටාවන් හා එහි සංකීර්ණතා හඳුනා ගන්නටත් ඉතා සූක්ෂම ලෙස ඔහු සමත් වී ඇත.
එසේම ගෝතමී ඇතුලු සෙසු චරිත හරහා ද විවිධ සමාජීය පසුබිම් විවරණය කරන්නට, අපූර්වත්වයෙන් හසුකර ගන්නට ඔහු සමත් වී ඇත. ගෝතමී විශේෂයෙන් හැම හදවතකම විශේෂයෙන් ලැගුම් ගන්නේ එම චරිතයේ ඇති ජීවමාන බව නිසාය. ඒ සමාජ යථාර්ථයයි. එය අපට වසන් කර සුදු හුණු ගා වසා දැමිය නොහැක.
ලාංකේය සමාජය තුල ලිංගිකත්වය ලොවට රහසකි. එය හැංගිය යුතු විවෘතව කතා කළ යුතු නැති පටු මායිම් ඇති කාරණයකි. නමුත් මෙවැනි මනෝ ලිංගික සංකීර්ණතා විවෘතව කතා කළ යුතු දෙයක් මිස බැහැර කළ යුතු දෙයක් නොවේ. එය අතිශය මානුෂීය කාරණාවකි. එය ඇතමුන් හුදු අසංවර ක්රිායාවක් ලෙස අර්ථ දැක්වීමට පුලුවන. නමුත් එය එසේ කළ යුත්තක් නොවේ. අප යථාර්ථය සඳහා මුහුණ දීමට මෙතරම් අකමැති මන්දැයි අප විසින්ම තේරුම් ගත යුත්තකි.
ඒ දරුවා දුම්රියපොළක දමා රට හැර යන ගෝතමී නැවත තම රටට පැමිණෙන්නේ කුටුම්භයක් තුළ තම ජීවිතය මනා ලෙස ගෙනයාම සඳහායි. නමුත් කර්මය නිතැතින් ඇය පසුපස හඹා එන්නේ දරුණු ලෙසය. ගෝතමීට ඩෙස්මන් ( පසුව විවාහ වන ස්වාමිපුරුෂයා) මගින් ලැබෙන්නට සිටින දරුවා ස්වභාවික ගබ්සාවකින් මිය යන්නේ ඇයට ඇගේ ජීවිතය පිළිබඳ තවත් ප්ර්ශ්න ගොනු කරමිනි. විපුල විසින් තමාට දාව උපන් දරුවා දමාගිය හෙයින් මෙවන් අන්ත දුකකට ගෝතමියට ජීවිතයම නියඟයක් කරන්නේ කාගේ පවකට ද? තම පවුල හොඳින් ගොඩනඟන්න වෙර දරන ඩෙස්මන්ගේ කලින් බිරිඳ හා දරුවා ඔහුට ලං වෙන්නට යන බව දැන එය දරාගන්න බැරිව නිවසින් ගෝතමී පිටවී යාම වරදක් නොවන්නේ ඇයට අහිමිව ගිය දේවල් නැවත ලැබෙන විට එම සබඳකම් උපන්ගෙයිම මියැදෙන්නට උත්සාහ දරන නිසාවෙනි.
තමා හැරදා ගිය දරුවා සොයා යන ගෝතමීට දරුවා සොයා දෙන්නට වෙහෙස දරන කාන්තාව ‘ඔයාට ඔය දරුවා ලැබුනේ දූෂණයකින් ද? නැත්නම් පෙම්වතා දැල ගියා ද? ’ කියා අසන කළ පොළොව පවා උහුලාගත නොහී දුකකින් ‘මට වද දෙන්න එපා’ කියා ඇය හඬන්නේ මා තුළ ඇය කෙරෙහි වැඩුණු දුක තව තවත් සනාථ කරමිනි. ඇය මැරුණා නම් එය අවසානය. විඳවීම අවසානය. එය ඊට වඩා යහපත් නොවේ ද?
තමාට ලැබුණු ප්රේ‘මය, ලිංගිකත්වය, සුරක්ෂිතභාවය, පිළිගැනීම තම ජීවිතයට ලැබෙන්නට පටන්ගත් කළ කර්මය ඇයට මෙතරම් බලපෑම් කිරීම මසිතේ ඇතිකලේ දරුණු කණස්සල්ලකි. මම ඇයව මගේ සිත තුළ සුරක්ෂිත කළෙමි. මෙතැන ඇත්තේ ගැහැණුකම පිරිමිකම පිළිබඳ ප්ර ශ්නයක් නොව මනුෂ්යෂත්වය හා ජීවිතය පිළිබඳ ප්රෂශ්නයකි.
ජීවිතයේ නිරතුරුවම දිනුම අපේක්ෂා කළත් කොතරම් නම් අප පරාජය වෙමු ද? සුන්දර බව ඇතුළේ කොතරම් කර්කශ බවක් ඇත් ද? ජීවිතයේ අන්ත දුක් වින්ඳ ගෝතමී පසුව ජීවිතය පියවරින් පියවර ගොඩනඟා ගනිද්දී සුන්දර සැප හිමිවී තිබූ මංගලාට අවසානයේ ලැබෙන දුක සමාජය උඩු යටිකුරු කරයි. අප ජීවිතයේ සියලු දේ ලැබේවායි පැතුවත් අප තුළ කොතරම් දරුණු හිස් බවක් ඇත් ද?
ප්රේවමය, ලිංගිකත්වය හා විවාහය යන ත්රිඇවිධ කාරණා හමුවේ ගොඩනඟා ඇති “බොරදිය පොකුණ” චිත්ර්පටය අවසානයේ මා තුළ ඇති කරන්නේ දැඩි කම්පනයකි. අප ජීවිතයේ මොනතරම් නම් අන්ත අසරණ වෙමුද? මෙවන් රළු සමාජ දේශපාලන රටා අප මනසින් බැහැර කළ හැකි ද?


ගාර්දිවසම් දෝන පද්මා ආරියලතා නොහොත් ගෝතමී හරහා මම මගේ ලෝකයට එබිකම් කළෙමි. එහෙයින් මම මගේ ජීවිතය හරහා ගෝතමීට බද්ධ විය. “බොරදිය පොකුණ” සෑම තත්පරයක් පාසා මම ජීවිතය කියෙව්වෙමි. ජීවිතයේ මූසල පැතිකඩක් හඳුනා ගතිමි. ජීවිතයේ ගලපන්න දුක, අඳුරු, ගුප්ත, සියුම් මානයන් සොයන්න වෙහෙස ගත්තෙමි. අවසානයේ සමස්ත චිත්රමපටයම මට මගේ ජීවිතය මෙන් විය.


ඉන්ද්‍රජිත් මහවඩුගේ.

 

ලංකාවේ ඩීල් දේශපාලන කලාව

index

ලංකාවේ දේශපාලනය වැඩකරන කලාවක් තිබේ. ඒවා තේරැම් ගැනීම රොකට් තාක්ෂණය තේරැම් ගන්නවා තරම් අමාරැ නෙවේ. අවශ්‍ය වන්නේ මාධ්‍ය විසින් පළකරන රෑප ටිකක් බැලීම පමණි.

එදාළ කලාවට අනුව ලංකාවේ දේශපාලඥයන් කිසිවෙකු ජනතාවක් විශ්වාස නොකරයි.මෙය ලාංකීය දේශපාලන වමේ පක්ෂ වලටද අදාළය. ඒ ක්‍රමයට අදාළව ලංකාව යනු "ඩීල් දේශපාලනය" ක්‍රමයක් වූ රටකි.

උදාහරණයක් ලෙස හිරැ ටීවී ප්‍රධානියා රනිල් වික්‍රමසිංහට විකාශණ කාලයක් ලබාදී අගමැති වීමෙන් පසු ප්‍රථම සම්මුඛ සාකච්ඡාව හිරැ වෙත ලබා ගන්නේ ඒ නිසාවෙනි. එය ඩීල් එකකි. රනිල්ට සිරසෙන් ගහන ගැහිල්ලට ඇටෑක් කරන්නට ටීවී චැනලයක් ඕනෑය. රේනේට තමන්ගේ මලයා කුඩු දුමින්ද බේරා ගැනීමට රනිල් ඕනෑය.

කඩු චෝදනා ඇත්ත වෙමින් තිබියදී දුමින්ද අත්අඩංගුවට නොගෙන සිටින්නේ රනිල්-රෙනේ ඩීල් මත බව දන්නෝ දන්නා බව වටින් ගොඩි එති.

දේශපාලන අනාථයන් වන විමල් වීරවංශ තවත් මිනීමරැ දේශපාලන අනාථයෙකු වන රාජපක්ෂ සමග ඩීල් දමන්​ෙන් වෙනත් එකකට නොව තමන්ගේ මන්ත්‍රීකම් රැකගන්නටය. විමල්ට මන්ත්‍රීකම ඕනෑය. (මන්ත්‍රීකම යනු සැප) . මිනිමරැ මහින්ද බලය ඕනෑය.

අනෙක් පැත්තෙන් රනිල් සහ ​මෛත්‍රී ඉන්නේද එකිනෙකාට එරෙහිව වුත් ඔවුන්ද ව්‍යාජ ලෙස ඔහෝ සුහද බව මවා පාමීන් ඩීල් දමමින් සිටින්නේ දෙදෙනාටම බලය ඕනා නිසාවෙනි.

ෆන්ට් ලයින් නිදහස්කර උතුර සමග ඩීල් දාන්නට රනිල් හදන්නේ ඊළග මැතිවරනය ඉලක්ක කරගෙනය. උතුරේ හමුදාව අඩුනොකරන බව රනිල්-​මෛත්‍රී කියන්නේ දකුණ සමග ඩීල් දමන්නටය.

මේ කිසිවෙකු ජනතා මත කියා කිසිවක් විශ්වාස නොකරන අතර සියල්ලෝ කටයුතු කරමින් සිටින්නේ පුංචි නැපෝලියන් මානසික තත්ත්වය සමගිනි.

මේ ඩීල් සමබන්ධ ප්‍රශ්ණ ගැන අපට කථාකරන්නට වෙන්නේ ලංකාවේ පුරවැසියන් කියා කොටසක් නොමැති වීම නිසාවෙනි. එම නිසා ජන මත සෑදෙන්නට විදිහක්ද නැත.

ඒ අනුව ලංකාවේ දේශපාලන කලාව ඩීල් දේශපාලන කලාවක් වීමට හේතුව පුරවැසියන් හිග වීම නිසාවෙනි. දැනට ඉන්නේ යටත් වැසියන් නිසා අප පත්කර ගත යුත්තේ අලුත් පාලකයන්ට වඩා අලුත් පුරවැසියන්නය.

 

ARI WASANTHA 

නුගේගොඩ තේරැම් ගැනීම

Happy-Devil-Sun

" නිදහස " කියන වචනාර්ථෙ අබමල් රේණුවක් තරම්වත් නොදැන ජනතා ඡන්දයෙන් නැසී ගිය ඒකා- අධිපතියෙක් ගෙ පින්තූරෙකින් යටි බඩ වහගන්න හදන ' කොණ්ඩෙ බැඳපු ලන්කන් සැට්ටෙකක් ' නුගේගොඩ චයිනීස් රෝඩ්ඩෙකක ඉන්නවා අහම්බෙන් වගේ දැක්කා. එක එක විදිහට - පිවිතුරු විදිහට - විසිතුරු විදිහට - වටකුරු විදිහට...ළංවෙලා බලද්දි ' සුදු රෙද්දයි - සුදු හැට්ටෙයි ' එක ම විදිහට... එන අතරමඟදි ' ආනන්ද සමරකෝන් ' කියන නිදහස් මනුස්සයා හම්බෙලා ලස්සන කතාවක් කිව්වා...

' ලියු යූ ටැංග් ' කියන ලේඛකයා ' විස්ඩම් ඔෆ් චයිනා ' කියල පොතක් ලියනවා. මේකෙ වැඩිපුර ම තියෙන්නෙ චීනෙ හිටපු දාර්ශනිකයො ගැන. මට මේ වෙලාවෙ කොච්චර අමතක කරන්න හැදුවත් චීනය ම මතක් වෙන්නෙ ' තල්පතින් තල්පත සිඳිනවා ' වගේ ; විසෙන් ම විස නසන්න ඕනි නිසා වෙන්නැති. ඒ ලල් එක බෙදාගමු!

ඉතින් ඔය පොතේදි " ලාඕට් සේ " කියන දර්ශනවාදියා මරු කතාවක් කියනවා.

ප්‍රශ්න අසන්නා : අධිරාජයා නිදහසට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?

ලාඕට්‍ සේ : " නිදහස ඉල්ලා කෑ ගැසුව ජනතාව මරා දැමීමෙන්. "

ප්‍රශ්න අසන්නා : එතකොට ජනතාව නිදහසට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?

ලාඕට්‍ සේ : " නිදහස ඉල්ලා මැරුම් කෑමෙන් "

*-------------------*-------------------------------------*-----------------------------------*

එතකොට ඇත්තටම නුගේගොඩට ආවෙ ජනතාව ද ?

එතකොට මැරුම් කෑවෙ ? අමු අමුවෙ වෙඩි කෑවෙ ? හිරබත් කෑවෙ ? පැහැරගත්තෙ ? අතුරුදහන් කළේ ???

Kasun Mahendra Heenatigala 

රාජ්‍යය හමුවේ පුරවැසි කාර්ය කියා දෙන ඒ අමරණීය සුදු රෝස පත්‍රිකා

Shophi

ජර්මනියේ නට්සිවාදය නැග එන බව කල් තියාම දුටු ඇතැම් අය ඒ ගැන අනතුරු ඇ`ගවූහ. ජාතිවාදී කියාපෑම් හටගන්නා විටම ඒවා ගැන ප‍්‍රශ්න ඇසීම කළ යුතු කාරියකි. ඒ ප‍්‍රශ්න කිරීම් නිසා කුපිත වන බාලයෝ නොයෙකුත් අවලාද කියති. එහෙත් අවශ්‍ය තැන ප‍්‍රශ්න නැගීම නැවැත්විය යුතු නැත.

ජර්මන් නට්සිවාදය නැග එමින් තිබූ අවස්ථාවේ ඒ ගැන නොබියව ප‍්‍රශ්න අසන්නට ඉදිරිපත් වූ කුඩා තරුණ කණ්ඩායමකි සුදු රෝස කණ්ඩායම. වයිට් රෝස් රෙසිස්ටන්ස් ගෲප් යනුවෙන් ඒ අය අමරණීය වූහ. නට්සින් විසින් යුදෙව් ජනයා කිසිදු හේතුවක් නැතිව මරාදැමෙන බව දුටු මේ කණ්ඩායම මේ අපරාධ ගැන විචාරවත්ව බලන්නැයි ජර්මන් ජනයාගෙන් ඉල්ලා සිටියහ. එය ඉතා සාමකාමී විරෝධතා දැක්වීමක් විය. මේ තරුණ ශිෂ්‍ය පිරිසකි. එක් ප‍්‍රකට මහාචාර්යවරයෙක්ද එහි උන්නේය. කුඩා කණ්ඩායමක් වුවත් මේ පිරිස ලෝක ශිෂ්‍ය සටන් ඉතිහාසයේ අමරණීය පිරිසකි. අදත් තරුණ දේශපාලනයේදී ආදර්ශයට ගත හැකි කණ්ඩායමකි.

මේ කණ්ඩායම හිට්ලර්ගේ ජාතිවාදයටද හිංසනයටද විරුද්ධව පත‍්‍රිකා මුද්‍රණය කර බෙදා හැරියහ. එකකින් පිටපත් 9000 ක් තරම් බෙදාහරින්නට ඔවුන්ට හැකි වුවද එය ජර්මනියේ විශාලත්වය හා සලකන කල ඉතා කුඩා ප‍්‍රමාණයකි. ඔවුන්ට මෙසේ බෙදා හරින්නට හැකි වූයේ පත‍්‍රිකා 6ක් පමණි. අත් අඩංගුවට පත් ඒ කණ්ඩායමේ නායකයෝ රාජ්‍යද්‍රෝහීවී යැයි මරා දමන ලදහ.

හැන්ස් ෂොල් සහ සොෆී ෂොල් ඒ කණ්ඩායමේ ක‍්‍රියා කළ අය්යා-නංගී දෙදෙනෙකි. ඔවුහු නට්සි පොලීසිය විසින් එකම දිනයක මරා දමන ලදහ. ඔවුන් දෙදෙනා මියුනිච් සරසවියේ පත‍්‍රිකා බෙදමින් සිටිද්දී පොලීසියට හසු වූහ.

ඔවුන්ගේ එක් පත්‍රිකාවක එන අදහසක් මෙසේය: ”යම් ශිෂ්ටසම්පන්න යැයිද ශිෂ්ටාචාරවත් යැයිද සැලකෙන ජාතියක් නින්දා සහගත අරමුණු හඹා යන පාලක කල්ලියක් අතට පත්වී ඇති විට ඊට විරුද්ධත්වය නොපාන්නේ නම් ඒ ජාතියේ ශිෂ්ටසම්පන්නභාවයෙන් සතපහක වැඩක් නැත.”

සුුදු රෝස කණ්ඩායම ලියූ පළමු පත්‍රිකාවේ මෙසේ එයි: නිදහස් කැමත්ත යනු මිනිසා අනික් සතුන්ගෙන් වෙන් කරන ගුණයක්ද මිනිසා විසින් රැුකිය යුතු ප‍්‍රතිපත්තියක්ද වේ. ඉතිහාසයේ රෝදය කැරකැවීමට මිනිසා සහභාගි විය යුත්තේ තම තර්ක ඥානය මෙහෙයවා සියල්ල සිතා බලමින් මිස පාලකයන්ගේ වචන දේව වාක්‍ය සේ ඇදහීමෙන් නොවේ. තමන්ගේ පුද්ගලභාවය පවා අත්හැර දමා චිත්තබලයක් නැති බියගුළු මිනිස් ?නක් බවට පරිවර්තනයවීමේ මාර්ගයට එළඹ ඇත් නම් ඒ ජනතාව නැති භංග වී යන එක හොඳය. හැමෙකාම අනෙකා පටන්ගන්නා තෙක් සිටින්නේ නම් සිදුවන්නේ ඒකාන්තභාවයේ මාර දූතයා අප වෙත ටික ටික ළංවීම පමණි. ඒ නිසා ඔබ කොතැන සිටියත් සාමකාමී විරෝධයක් පාන්න. තමන් කැමති පාලක පිරිසක් බලයේ රඳවන්නට සෑම පුරවැසියාටම අයිතියක් ඇති බව කිසි විටෙක අමතක නොකරන්න.

අද අපට මේ ප‍්‍රකාශය දැනෙන්නේ හුදෙක් නට්සින්ට විරුද්ධවීමට ලියූවක් සේ නොව සක‍්‍රීය පුරවැසිභාවය යනු කුමක්දැයි කාටත් මතක් කරදීමට ලියූවක් සේය.

සුදු රෝස කණ්ඩායමේ පළමු විරෝධතා පත‍්‍රිකාව අවසන් වූයේ ජර්මන් දාර්ශනික සහ කිවි ශිලර්ගේ කියමනකිනි. ඒ මෙසේය: රාජ්‍යය නම් ආයතනය වැදගත් වන්නේ මනුෂ්‍ය වර්ගයාගේ මහා අරමුණ සාධනය කළ හැකි ආයතනයක් සේ එයට ක‍්‍රියා කළ හැකි නම් පමණි. මේ මහා අරමුණ කුමක්ද? එය නම් මානව වර්ගයාගේ සකලවිධ බලය සංවර්ධනය කිරීමද එම බලයේ ප‍්‍රගතිය ඇති කිරීමද වේ. කිසියම් රාජ්‍යයක් මනුෂ්‍යා තුළ ඇති හැකියාවන් වර්ධනය කිරීමට බාධා කරයි නම් මනුෂ්‍ය චිත්ත ශක්තිය ප‍්‍රගතිය ලබද්දී ඊට මග අහුරයි නම් ඒ රාජ්‍ය කොතරම් හොඳින් සංවිධානය වී තිබුණත් එය නින්දා සහගත රාජ්‍යයකි. එවැනි රාජ්‍යයක චිර පැවැත්ම යනු දිගුකාලීන භීෂණයේ පදනම වන්නේය.

ශිලර්ගේ මෙම කියමනත් පත්‍රිකාවේ එන අනික් කරුණුත් වැදගත් කරුණක් අපට මතක් කර දෙයි. රාජ්‍යය යනු ප‍්‍රශ්න කරමින් පරීක්ෂා කළ යුතු ආයතනයකි. නියම රාජ්‍යය සියලූ මිනිසාගේ මිනිස් විභවතා පොහොණි කළ යුතුය. මිනිස් විඥානයේ හා විභවතාවල වර්ධනය පිළිගත යුතුය. එසේ පිළිගැනීම සඳහා ස්වයං-සංස්කරණයට ලක් විය යුතුය. ස්ත‍්‍රියද පුරුෂයාද සුළුජාතිකයාද යන්න වැදගත් නැත. ඒ සියලූ දෙනාගේ මිනිස් ශක්‍යතා වර්ධනය රාජ්‍යයේ කාර්යයි. ඒ කවුරුන් හෝ පීඩාවට හෙළන හෝ ඒ කාගේ හෝ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරන රාජ්‍යයක් හිංසක ආයතනයකි.

සුදු රෝස කණ්ඩායමේ තුන් වෙනි පත්‍රිකාව මෙසේ කියයි: “පුද්ගලයාගේ නිදහස සේම සමස්තයේ යහපත රකින යුක්ති සහගත රාජ්‍යයකට හිමිකම් කියන්නට කවුරුත් කැමති වෙති.”

පුද්ගල නිදහසද සමස්තයේ යහපතද යනු කුමක්දැයි යන සාකච්ඡුාවේ ආධිපත්‍යය රාජ්‍යයට අයිති කර දිය යුතු නැත. ඒ සාකච්ඡුාවට සක‍්‍රීයව දායකවීම පුරවැසිකාර්යකි; පුරවැසි අයිතියකි. ජාතික රූපවාහිණියත් හඞ්සන්ගේ රේඩියෝවත් ලංකාවේ කරන්නේ පුරවැසියන්ට හතුරු ඒකපාර්ශවික ප‍්‍රචාරණයක් බව අපට පෙනිය යුතුය. තෝරාගත් මැති ඇමති පිරිසකට ඩෑශ් ගසන්නට උස්ස උස්සා බෝල අල්ලන නිවේදක නිවේදිකා පිරිසක් අපට සිටිති. ඒ ජනමාධ්‍ය වෘත්තියට පමණක් නොව පුරවැසිභාවයටවත් සුදුසු පිරිසක් නොවේ.

සුදු රෝස කණ්ඩායම අපේක්ෂා කළේ නට්සි ඒකාධිපතිවාදය නැග ඒම වැලැක්වීමේ හෘද සාක්ෂිය ඇති පුරවැසි පිරිසක් ජර්මනියේ ඉතිරිව ඇතැයි කියාය. ඒ නිසා නට්සින්ගේ පරාජයෙන් පසුව ඇති වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජර්මනිය ඔවුන් දැක්කේ මෙසේය: අදහස් පළ කිරීමේ නිදහස, ආගම් ඇදහීමේ නිදහස, ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල යෙදෙන අපරාධ කල්ලිවල හිතුවක්කාර ක‍්‍රියාවලින් පුරවැසියන් බේරා ගැනීම ආදිය අලූත් යුරෝපයක් සඳහා පදනම දැමීමක් වනු ඇත.

නීතිය අතට ගෙන දාමරිකකම් කරන ආගමික කල්ලිවලින් පුරවැසි නිදහස ආරක්ෂා කිරීම රාජ්‍යයේ කාර්යකි. එවැනි කල්ලි සමග හැංගිමුත්තං කෙලින එකා දෙය්යන්ගේ මල්ලි වුවත් ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පමණක් නොව ඒ ආගමික කල්ලි අයත් ආගමේ යහපත් ඉගැන්වීම්වලද හතුරෙකි.

සුදු රෝස කණ්ඩායමේ දීප්තිමත් ක‍්‍රියාකාරිකයන් වූ හෑන්ස් ෂොල් සහ සොෆී ෂෝල් දෙදෙනාගේ මරණය ගැන වසර තිහකට පසු යෙදෙන ඔවුන්ගේ සහෝදරිය ආවර්ජනයක යෙදුණාය: “ලොව කොතැනකත් පොදු මානව අවශ්‍යතා කිසියම් ජාතියකට පමණක් සීමා වූ අවශ්‍යතාවලට වඩා ඉහළින් ඔසවා තැබිය යුතු වෙයි.”

ඒ නිසා දිවි පිදූ සහෝදරයා හා සහෝදරිය අමරණීය වන බව ඈ කීවාය.

ඔවුන් අමරණීයත්වයට පත් වී ඇත්තේ ඒ කුඩා කණ්ඩායම දේශද්‍රෝහීන් සේ සලකා මරා දැමූ හිංසකයන්් වුකලි නියම දේශද්‍රෝහීන් බව ජර්මනියම පවා පිළිගත් පසුබිමකය.

ලියනගේ අමරකීර්ති -

"දසේ" උඹේ මාලින්ද ඒ තරම් අහිංසක නැත

 

Malinda

 

පහත සටහන අප දුටුවේ මුහුණු පෙ​ාතේ කරක්ගසමින් සිටින වෙලාවකය. ප්‍රින්ට්‍රර් නැති වුනත් අත් අකුරෙන් සටහන කුරැටුගාගෙන පැමිණි සංඛ්‍යා, කාමරේ අද දවල්වරැවම සංවාද මේසය ඇවිලු​ෙව් මාලින්දලා සහ කවිය සමගිනි. මාලින්ද යනු ද්විභාෂික කවියෙකු සහ ලේඛකයෙකු යන්න සම්බන්ධයෙන් අපට විවාදයක් නැත. අපද ඔහු​ෙග් කවි සටහන් සම්බන්ධයෙන් අවධානයේ සිටින රසිකයන් අතර වෙමු. නමුත් මාලින්දලා සහ අප වෙනසක් ඇත. එය බොහෝදුරට ආරිවංශ රණවීර සමග අපට තිබෙන දේශපාලනමය අරෝවට සමානකම් ඇත. රණවීර දක්ෂ කවියෙකි. දෙමළ වර්ග සංහාරයට ආරක්ෂක ලේකම්කමක් දරමින් අණදුන්නෙකි. මාලින්ද දක්ෂ කවියෙකි. ලේඛකයෙකි.දෙමළ වර්ග සංහාරය සාධාරණය කරන්නට කවි ලියන පෑනෙන්ම කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නෙකි.

වරක් මාලින්ද සමග සංවාදයක පැටලුනු විට මාලින්ද අප කියූ කිසිවක් අසන්නට සූදානම් නොවූ අතර තර්කයේ පදනම වී තිබුණේ අයිටීඑන් ප්‍රවර්ගයට අයත් තර්කයක් වන උඹලා කොටි, ඩයස්පෝරා සල්ලි යනුවෙනි.

මාලින්ද ජනීවා ගියේය. දෙමළ ජන ඝාතනය සාධාරණය කරන්නට මොහාන් පීරිස් සමග එකට ඉදිගෙන තර්ක ඉදිරිපත් කලේය.

දසේ ගැන අනුප​මේය කවියක් රචනා කරන මාලින්දට උතුරේ දහස් ගණනක් ඝාතනයන් නොපෙනීමම සිය ආදරණීය මිත්‍රයාට යුක්තිය ඉෂ්ඨ කරන්නට බැරී වීමේ බාධාවයි.සිය ආදරණීය මිත්‍රයා ඝාතනය කළ උන් සමග එකට සම්භාෂණ පැවැත්වූ මාලින්දලාගේ හෘද සාක්ෂිය පැහැදිලි නැත හෝ එවැනි දෙයක් මාලින්දලාට නැත.

තවමත් අප හමුවේ ලොප් වී ඇති ප්‍රශ්ණය දහස් ගණනක් සහෝදරවරැ ඝාතනය කලවුන් සමග සම්භාෂණයේ යෙ​දුනේ යෙදෙන්නේ කෙසේද යන්නයි.

පැහැර ගත් විට දැනුනිද
පහර දෙන විට රිදුනිද?
විය යුතු මුත් නොවුණු සිහින
මැකුවා ද ඒ රිදුම්?

මේ කවිය මෙලෙසම උතුරේ ගනේෂන්ලටා , තාරකීලාට, තංගමනීලාට අභිමුව වන විට මාලින්ද සිට ගෙන සිටින්නේ ​ෙකාතැනද ? කවිය තරම් මාලින්ද අහිංසකද ?

මාලින්දට අවශ්‍යනම් මේ ගැන අකුරැවලින් අප සමග ඇවිලිය හැකිය.

- අටේ කාමරය, ජ'පුර -


මාලින්ද සෙනෙවිරත්න 'ද නේෂන්' පුවත්පතේ කර්තෘවරයාය. ග්‍රේෂන් සම්මානයෙන් පුද ලද ඉංග්‍රීසි බසින් ලියන කවියෙකි. ක්‍රෝනල් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ කවි ගායනා තරගයක් ගැන මාලින්දට අසන්නට ලැබුණි. පසුව මාලින්ද කවි තරගයට ඉදිරිපත් වෙයි.ඔහු තම කවිය කියවන්නට පෙර විනිශ්චය මණ්ඩලය සහ රසික සභාව අමතා මෙසේ කියයි.
මගේ නම මාලින්ද සෙනෙවිරත්න. පුළුවන් නම් හරියට උච්චාරණය කරන්න බලන්න. (සභාවෙන් සිනා) මා මෙහි පැමිණ සිටින්නේ ඉන්දියාවේ දකුණු කෙළවරේ පිහිටි, ශ්‍රී ලංකාව නැමැති කුඩා දිවයිනකින්. ඒ නිසා මගේ ඉංග්‍රීසි හැසිරවීම ගැන සමාවෙන්න. මා ඔබලාටත් සමාව දෙනවා වගේම, (යළිත් සභාවෙන් සිනා) කනගාටුයි කියන්න, මගේ කතාවේ උපහාසය මෙපමණයි.
මගේ කවිය මගේ මිතුරෙකු ගැනයි. ඔහුගේ නම දසනායක. අපි ඔහු ඇමතුවේ 'දසේ' යනුවෙන්. කාලයකට ඉහතදී ලංකාවේ භීෂණයක් පැවැති කාලයකදී දසේව පැහැරගෙන ගොස් වධදී කැබලි හතරකට කපා දමා ඝාතනය කෙරුණා. ඔහුගේ සිරුරේ කොටස් ගසක එල්ලා ප්‍රදර්ශනය කෙරුණා.
මාලින්ද හැඟීම්බර ලෙස සිය කවිය කියවා නිම කරත්ම සභාව මොහොතකට නිහඬ වුණි.

දසේ

දරාගත නොහැකි දේ පෙරා ඉවතලා
ඉවසිය හැකි දුක් පමණක් ඉතිරි කොට
ප්‍රමාණය ගුණය අනුව
ඒ ඒ රාක්කවල අහුරා
කඳුළ සුසුම සදහටම පිටමං කොට
කාල-මකනය ට අකුරටම
ඉටු කරන්නට සිය වගකීම
දස වසක් මදි වුණා දසේ...

බොලීවියා වේ උසම උස කඳු මුදුන් වලින්
අත් තටු කියත්
කපමින් අහඹු ගිම්හානයක
අහඹු රාත්‍රියක්
මා වෙත පැණියේ
බිඳුණු පතක් සේ
දේදුන්නක පෙඟවුණු
ඒ උඹ මයි දසේ....

ඉතිහාසයේ සදාතනික පැන
දබරැඟිලි දිගු කරමින්
වද දුන්නා මට දසේ...

මතකයෙන් තෙත බරිතව
ප්‍රශ්න කිරීමට සිදු වුණ මට
පිළිතුරු නොදී නික්ම ගිය උඹෙන්:

කියපන් දැන්
විස්තර කරපන්
ඒ වේදනාබර මොහොත

ඉටු නොවූ
දුප්පත්ම දුප්පත්
පැතුමක් දෙකක්
සිහි වුණේද,
මතක් වූවාද
හදිස්සියේ තෝරපු
දුප්පත් සටන් පාඨ උඹට?

පැහැර ගත් විට දැනුනිද
පහර දෙන විට රිදුනිද?
විය යුතු මුත් නොවුණු සිහින
මැකුවා ද ඒ රිදුම්?

කැපුම් සීරීම්
කැඩුම් බිඳුම්
එතූ සුළං වෙළුම්
පැමිණුනේ කැටුවද
කිරි සුවඳ?

වධකයාගේ සතුට සොරකම් කළ
ඒ කාලකණ්නි මොහොත
ඉතින් විස්තර කරපන්.

වා තලයට දන් දුන්
ඒ අවසන් හුස්ම ‍පොද
කොහේ කොතැනක
ලැගුම් ගත්තේද?
අත් පා අතු බවට පෙරළා
‍පොතු සාදා උඹේ හමෙන්
සැදූ ගසේ කොළ අතරේ
හැංගුනාද එය?
අවසන් ගමන් ගියේද එය
උඹේ ලස්සනම ලස්සන දෑසින්
අනන්තයට ගලා ගිය
උඹටම උරුම වූ
දුක්මුසු බැල්ම දිගේ
අවසන් උත්මාචාරයක් ලෙස
අධිෂ්ඨානයට හෝ අවනත වීමට?

මතකයන් සහ පැරණි කතා අතරින්
උඹ එන්නේ කොටස් වශයෙන්
දුර ඈතක සිටයි දසේ
දිග හැරෙන වෙළුම් පටයක් දිගේ
කඳුළු බින්දුවක සැඟවී...
ඉතින් කියපන් තව කිසිත්
කියන්නට ඉතිරි නැති තෙක්
කියපන් දසේ
කියපන් මට
නැවත වැළඳ ගත නොහැකි නිසා
උඹව

ලක්බිම පුවත්පතේ පළවූ කපිල කුමාර කාලිංග ගේ සටහනකින් උපුටා ගැනුනි.

 

අද කලාව ගැන සුනිල් සහ නිරිඇල්ල කථා කරයි

kalava

 

 

පසුගිය කාල වකවානුව තුළ ලංකාවේ කලා ක්‍ෂෙත‍්‍රයන් අතරින් ප්‍රබල අර්බුද ගණනාවකට මුහුණ දුන් ක්‍ෂෙත‍්‍රයක් ලෙස ලංකාවේ වේදිකා නාට්‍ය කලාව හැඳන්විය හැකියි. පැවති ආණ්ඩුව වෙනුවට අලූත් ආණ්ඩුවක් පත්කිරීම සඳහා බොහෝ කලාකරුවන් සක්‍රීයව මැදිහත් වන්නේ, වේදිකා නාට්‍ය කලාව ඇතුළු සමස්ත කලා ක්‍ෂෙත‍්‍රය මුහුණ දුන් මෙම අර්බුදයන්ගෙන් මිදීමේ අරමුණින්.


වේදිකා නාට්‍ය කලාව තුළ පවතින අර්බුද සහ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දැක්මක් මේ. සාකච්ඡාව චමිල ප්‍රියංක විසින්.

බොහෝ කලාකරුවන්ට ඕනෑ වැඩවසම් රජෙක් – ආචාර්ය සුනිල්විජේසිරිවර්ධන

අපි ආණ්ඩුවක් මාරුකරලා ආණ්ඩුවක් පත්කළේ අලූත් දිශාවක් සඳහා ගමන් කිරීමට. මෙහිදී ජනතාව විශේෂයෙන්ම යහපාලනය සම්බන්ධයෙන් අවධානය යොමුකරලා තිබෙනවා. බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහසත් සමග යහපාලනය පිළිබඳව සාකච්ඡුා කළොත් මේ තුළ ප‍්‍රධාන වශයෙන්ම අවධානය යොමුකරන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් පමණයි. නමුත් අපේ රටේ පුරවැසි ජීවිතය සහ සමාජ ජීවිතය සාර්ථක වීමට නම් මෙම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණක් ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ. දින සියයේ වැඩසටහන තුළ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් වඩා වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. නමුත් ගැඹුරු අර්ථයෙන් යහපාලනය දිනාගැනීමට නම් උඩින් ව්‍යවස්ථා, නීති ප‍්‍රතිසංස්කරණ පමණක් සිදුකිරීම පමණක් ප‍්‍රමාණවත් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වන රටවල යහපාලනය සත්‍ය වශයෙන්ම මුල් අදින්න නම් පුරවැසියෙක් සිටීම මූලික අවශ්‍යතාවක්. යහපාලනය තුළ පුරවැසියෙක් බිහිකරගන්නෙ කොහොමද කියලා අපි සිතිය යුතුයි. යහපාලනය සමග පුරවැසි යහජීවනය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. පුරවැසි යහජීවනය ඇතිවීමට සහ පුරවැසි විඥානය වර්ධනය වීමට ප‍්‍රධාන බිම් තුනක් සකස් විය යුතුයි. අධ්‍යාපනය ඉන් එකක්. අද ලෝකයේ වැදගත්ම තවත් ක්‍ෂෙත‍්‍රයක් තමයි මාධ්‍ය. මාධ්‍ය විසින් පුරවැසියා සකස් කරනවා. ඉතාමත්ම වැදගත් තවත් අංශයක් තමයි කලාව කියන සාධකය. කලාව තමයි ගැඹුරින්ම අපි අපිව සොයාගන්නා ස්ථානය. පසුගිය රජය වකවානුවේ විනාශ වුණේ මේ බිම් තුන. පුරවැසියෙක් හැදෙන්න තිබෙන කොන්දේසි නැති කළා. යටත්වැසියෙක් බිහිකිරීමට අවශ්‍ය කොන්දේසි බිහිකළා.
අපි තවම ශ‍්‍රී ලාංකික ජාතියක් නොවීම පසුගිය අවුරුදු හැට ගණන තුළම විසඳානොගත් ගැටලූවක්. ශ‍්‍රී ලාංකික මනුස්සයෙක් බිහිවීමට නම් සංස්කෘතික ප‍්‍රතිපත්තියක් සැකසිය යුතුයි.

අපේ සමාජයේ සංස්කෘතික අයිතීන් රැුකෙනවාද සොයා බැලිය යුතුයි. මෙහිදී කාරණා දෙකක් පිළිබඳව සාකච්ඡුා වෙනවා. එකක් තමයි, රටේ සියලූම පුරවැසියන්ට ඒ රටේ සංස්කෘතික ජයග‍්‍රහණයන් සම්බන්ධයෙන් අයිතියක් තිබෙනවාද? කලාව, සංස්කෘතික ජයග‍්‍රහණයන්ට රටේ සියලූම පුරවැසියන්ට සමානාත්මතාවක් තිබෙනවාද? අනිත් කාරණය තමයි සංස්කෘතික අයිතිය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සෑමදෙනෙක්ම වේවා, ප‍්‍රාදේශීය ජන කොටස් වේවා ඒ අයට තමන්ගේ සංස්කෘතිය සම්බන්ධයෙන් පවතින අයිතිය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒවා රැුකගැනීමට ඉඩක් තිබිය යුතුයි. එකිනෙකාගේ තීරණයන්ට අනුව ඒවා පවත්වාගෙන යෑමට, දියුණු කරගැනීමට ඉඩකඩ තිබිය යුතුයි. සංස්කෘතික ප‍්‍රතිපත්තියක් සකසන විට මෙවැනි නිර්ණායක ඇසුරින් දිශානත විය යුතුයි. මෙම ප‍්‍රතිපත්තිය ලේඛනගත කළාට පසුව ඒවා ක‍්‍රියාත්මක වීමට නම් යම් ආයතනික ප‍්‍රවේශයක් තිබිය යුතුයි.

රාජ්‍යය රටේ සංස්කෘතික ජීවිතයට මැදිහත් විය යුත්තේ, මැදිහත් නොවිය යුත්තේ කිනම් අවස්ථාවේද කියන කාරණා දෙකම ප‍්‍රතිපත්ති සැකසීමේදී සැලකිලිමත් විය යුතුයි. අවශ්‍ය නැති තැනට මැදිහත් වෙන, අවශ්‍ය තැනට මැදිහත් නොවන තත්ත්වයක් අද දකින්න ලැබෙනවා.
1950 ගණන්වල ආරම්භ වූ අවස්ථාවේ සිට සංස්කෘතික අමාත්‍යාංශය කියන්නේ වරදවා වටහාගනු ලැබූ ස්ථානයක්. සංස්කෘතිය කියලා අපේ සමාජය හෝ මේ අමාත්‍යාංශය හරි වටහාගෙන තිබෙන්නේ කිසියම් පැරණි දෙයක් රැුකගැනීමක් කියලා. නමුත් සත්‍ය වශයෙන්ම අද ජීවත්වන මිනිසාගේ සංස්කෘතික ජීවිතය අභියෝගයකට ලක්වෙලා තිබෙනවා. එවිට අතීතයේ උරුමය තිබෙන්න ඕනෑ අද ජීවත්වන මිනිසා වෙනුවෙන්. අද ජීවත්වන මිනිසාගේ සංස්කෘතික ජීවිතය දියුණු කිරීමට මෙම අමාත්‍යාංශය කටයුතු කළ යුතුයි. අද්‍යතන ජන ජීවිතයේ සංස්කෘතිය සම්බන්ධයෙන් ගොඩනැගුණු නිර්ණායකයන් කිසිවක් අපිට නැහැ. ඒ නිසා සංස්කෘතික අමාත්‍යාංශය ඉතාම කුඩා දෙයක් බවට පත්වෙලා තිබෙනවා. අපට තිබෙන අභියෝගයන් මැද්දේ මේක කේන්ද්‍රීය අමාත්‍යාංශයක් විය යුතුයි.
කලාව සම්බන්ධයෙන් අපේ රටේ තිබෙන්නේ එකම එක ආයතනය කලා මණ්ඩලයයි. මේ ආකෘතිය ලැබෙන්නේ බි‍්‍රතාන්‍ය ආකෘතිය යටතේ. ආණ්ඩුවට පරිබාහිරව කිසියම් ස්වායත්ත ආයතනයක් විදිහට පනත තුළ කලා මණ්ඩලය හඳුන්වලා තිබෙනවා. සමහර රටවල ඉතාම හොඳින් කලා මණ්ඩලය දියුණු වෙලා තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ කලා මණ්ඩලය බි‍්‍රතාන්‍යයටත් වඩා දියුණු, ප‍්‍රබල ආකාරයකට ක‍්‍රියාත්මක වෙනවා. ඒ වගේම කලා මණ්ඩලයට අනුබද්ධව අතිවිශාල අරමුදල් හස්තයක් තිබෙනවා. පාරදෘශ්‍ය වැඩපිළිවෙලක් තිබෙනවා. කලාකරුවන්ගේ නිර්මාණවලට මහජනයාගේ මුදල් සම්පාදනය වීමක් තිබෙනවා. බදුවලින් කලා නිර්මාණ සඳහා මුදල් එකතු වෙනවා. ඒවා කලාකරුවන්ට ලබාදෙන යම් කිසි ක‍්‍රමික වැඩපිළිවෙලක් තිබෙනවා. අපේ රටේ ඒ ආකාරයට අරමුදලක් නැහැ. අපිට ඉතුරු වෙලා තිබෙන්නෙ වාණිජ ප‍්‍රාග්ධනය පමණයි. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ නාට්‍ය කලාව වගේ දෙයක් කොහොමද රැුකුණෙ කියන එක හරි පුදුමයි. නාට්‍ය කලාව පවතින්නේ වාණිජ ප‍්‍රාග්ධනය සමග නෙමෙයි. 1976ට පෙර නාට්‍ය කලාව සඳහා ඉතාමත් සුළු පිරිවැයක් තමයි තිබුණේ. ඒ වාගේම නාට්‍ය කලාවේ නිරත වුණු හැමෝටම වාගේ රැුකියා තිබුණා. විවේක කාලයේ විනෝදයට කළ දෙයක් විදියට තමයි නාට්‍ය කලාව රැුකුණේ. 1976ට පසුව නව ලිබරල්වාදී ආර්ථිකයත් සමග මෙම ක්‍ෂෙත‍්‍රයේ වියදම වැඩිවෙනවා. යම්කිසි වෘත්තිකමය තලයකට පැමිණෙනවා. එවිට යම්කිසි ආයෝජන අවශ්‍යතාවක් ඇතිවෙනවා. නමුත් නාට්‍ය කලාවට එවැනි අනුග‍්‍රාහකයන් සිටීමට ඉඩක් නැහැ. මොකද ඒක ලාභදායී කර්මාන්තයක් නෙමෙයි. නාට්‍යයකට මුදල් යොදනවාට වඩා පාරට බස් එකක් දාන එක ලාභයි කියලා ආයෝජකයො දන්නවා. ඒ නිසා ඒක වාණිජ ප‍්‍රාග්ධනය මත යැපීමට නොහැකි දෙයක්. අද වාණිජ පරමාර්ථයෙන් නාට්‍ය හැදෙනවා. රටට අවශ්‍ය එවැනි කලාවක් පමණක් නම් ප‍්‍රශ්නයක් නැහැ. රටේ ජන ජීවිතයට සම්බන්ධ, වගකියන දියුණු නාට්‍ය කලාවක් අවශ්‍ය නම් අපි වෙනත් ක‍්‍රමවේදයක් පිළිබඳව සිතිය යුතුයි.

ලංකාවේ කලා මණ්ඩලය සංස්කෘතික අමාත්‍යාංශය යටතට ගෙනැල්ලා ඒකේ තටු කපලා දමලා තිබෙනවා. ක‍්‍රමානුකූලව ඒකේ මුදල් නැතිවෙලා ගිහින් අරමුදලූත් නැති, නාමික පුවරුවක් බවට පත්වෙලා තිබෙනවා. පසුගිය කාලය වන විට විශ‍්‍රාමික මහාචාර්යවරයෙකුට තමන්ගේ තොප්පියේ ගහගන්න පිහාටුවක් බවට මේ ආයතනය පත්වෙනවා. කලා මණ්ඩලයේ තිබෙන අනුමණ්ඩල අතරින් නාට්‍ය අනුමණ්ඩලය පමණයි යම් කිසි පණක් තිබෙනවා කියලා පෙන්වලා තිබෙන්නේ. එම අනුමණ්ඩලයටත් නාට්‍ය උත්සව සංවිධානය කිරීම හැර වෙන කිසිවක් කිරීමට හැකියාවක් නැහැ. නාට්‍ය අනුමණ්ඩලයේ ස්වාධීනත්වයත් පසුගිය රජය සමයේ සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. මෙවන් පරිසරයක කලාව සම්බන්ධයෙන් රජය මැදිහත්විය යුතු ආකාරය පිළිබඳව කිසියම් නෛතික පටිපාටියක් තිබිය යුතුයි. ඉන්දියාවේ රාජ්‍ය ආයතන තුනක් හරහා කලාවට මැදිහත් වෙනවා. ඒවා මූලික වශයෙන් කලාකරුවාගේ පෝෂණයට අදාලව සැකසිලා තිබෙනවා. ඉන්දියාවේ සාහිත්‍ය කලා ඇකඩමිය තුළ රට ඇතුළේ විවිධ භාෂාවලින් ලියැවුණු කෘති බොහොමයක් පරිවර්තනය කෙරෙනවා. නාට්‍ය පාසල් පවත්වාගෙන යනවා. මේ ආකාරයට නාට්‍යකරුවාට බිහිවෙන්න ආයතනික ක‍්‍රියාදාමයක් තිබෙනවා. නාට්‍ය නිෂ්පාදනය සඳහා අරමුදල් තිබෙනවා. නාට්‍ය රසිකයා දියුණු කිරීම සඳහා නොයෙකුත් ක‍්‍රම තිබෙනවා.
ලංකාවේ කලා මණ්ඩල පනතේ තිබෙන බලයවත් ක‍්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති වෙලා නැහැ. මේක විශාල වශයෙන් බල ගැන්වීමට සහ දියුණු කිරීමට අවශ්‍යයි. එක් පැත්තක් ප‍්‍රතිපත්ති සැලසුම්, වැඩකිරීම ආදියෙන් සමන්විතව පැවතිය යුතුයි. එම කොටස කලාකරුවන්ට භාර දිය යුතුයි. අනිත් පැත්ත වන විධායක කොටස රජය විසින් කළ යුතුයි. සංස්ථාවක, එහෙමත් නැත්නම් පදනම් ආයතනය වගේ පාලනයක් මෙහි තිබෙන්න පුළුවන්. මේ විදියට පියාපත් දෙකෙන් තමයි පියාඹන්න පුළුවන්. ප‍්‍රධාන අනුමණ්ඩල කිහිපයක් පමණක් ප‍්‍රමාණවත් වෙනවා. විශාල සංඛ්‍යාවක් අවශ්‍ය නැහැ.

සමාජයේ එක්තරා පිළිගැනීමක් සාහිත්‍ය කලාවන් සම්බන්ධයෙන් තිබෙනවා. ඊට වඩා ගොඩක් පහළ ස්ථානයක් තමයි ප‍්‍රාසාංගික කලාව සම්බන්ධයෙන් ඇත්තේ්. පිළිගැනීමක් නැහැ, මධ්‍යම පාන්තික දරුවන්ව ඒවා ඉගෙන ගැනීමට යොමු කරන්නේ නැහැ. මෙය එතරම් වැදගත් වැඩක් නොවේය කියන අදහස අපේ ඔළුවේ තිබෙනවා. නාට්‍යය, සිනමාව, නර්තනය සම්බන්ධයෙන් තිබෙන්නෙ මෙවැනි පිළිගැනීමක්. මේක නිසාම මේ ක්‍ෂෙත‍්‍රයට මුදල් ලැබෙන්නේත් නැහැ. මෙම තත්ත්වය නැතිකරලා මෙම ක්‍ෂෙත‍්‍රයට අවශ්‍ය බලය අපි ලබාගත යුතුයි.

අද ලංකාවේ කීදෙනෙකුට හොඳ නාට්‍යයක් බලන්න පුළුවන්ද? ශාලා නැහැ. කොළඹ ලයනල් වෙන්ඞ්ට් එකට සමාන කරන්න පුළුවන් ශාලා දහයක් ලංකාවේ නැහැ. ලයනල් වෙන්ඞ්ට් එකේ පෙන්වන නාට්‍යයක් වෙන තැනක ගිහිල්ලා පෙන්වන්න බැහැ. අන්තර් ව්‍යුහය ගොඩනැගීම මුලින්ම සිදුවිය යුතුයි. දැනට වැඩක් සිදුවෙන්නේ නැති ප‍්‍රාදේශීය සංස්කෘතික ආයතන ගණනාවක් රට තුළ තිබෙනවා. ඒවාට නිශ්චිත වැඩසටහනක් නැතිව නාස්ති වෙමින් තිබෙනවා. ප‍්‍රාදේශීයව එම ආයතනවලට අවශ්‍ය ශක්තිය දීලා එම ස්ථාන ප‍්‍රාදේශීය කලාකරුවන්ගේ ස්ථාන බවට පත්විය යුතුයි. අමාත්‍යාංශය විසින් සලකා බැලිය යුත්තේ විධායක පැත්ත පමණයි. අද එම සංස්කෘතික මධ්‍යස්ථානවලින් කලාකරුවො ඉවත් කරලා තිබෙනවා.

අපේ බොහෝ කලාකරුවන්ගේ ඔළුවල ආණ්ඩුව පිළිබඳව තිබෙන්නේ වැඩවසම් අදහසක්. වැඩවසම් රජකෙනෙක් අනුග‍්‍රහය දැක්වූ ආකාරයට අපට අනුග‍්‍රහය දැක්විය යුතුයි කියලා මේ අය සිතනවා. ගම්බිම් දෙන්න ඕනෑ, ගෙවල් දෙන්න ඕනෑ, නළල්පටි පළඳන්න ඕනෑ, සන්නස් ලියලා අපිව උඩට දාන්න ඕනෑ වාගේ අදහසක් තමයි නායකයා සම්බන්ධයෙන් රටේ කලාකරුවන්ගේ තිබෙන්නේ.

කලාකරුවෝ කියන්නේ අමුතු පිරිසක් නෙමෙයි. කලාකරුවන්ටත්, ගුරුවරු, වෛද්‍යවරු වගේ අයිති නිශ්චිත වැඩක් තිබෙනවා. අපිට කලාකරුවො ඕනෑද කියලා අපි ඇසිය යුතුයි. කලාකරුවො අවශ්‍ය නම් මේ සමාජය සකස් කළ යුතු ආකාරයක් තිබෙනවා. අභිමානයෙන් කලාකරුවාට අවශ්‍ය ආකාරයට කලාකටයුතුවල යෙදීමට අවශ්‍ය වටපිටාව සැකසිය යුතුයි. කලාකරුවාට අවශ්‍ය ඒ පරිසරය පමණයි. වෙනත් විශේෂ අනුග‍්‍රහ අවශ්‍ය නැහැ.
වෙනස ක‍්‍රියාත්මක කිරීමට මැදිහත් විය යුතුයි – නාට්‍යවේදී පරාක‍්‍රමනිරිඇල්ල

ලංකාවේ වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් වූ රාජ්‍ය මැදිහත්වීම පිළිබඳව වූ ව්‍යාජය දශක පහක කාලයක් පුරා දිව යනවා. නාට්‍ය කලාවට විශිෂ්ට සේවාවක් කිරීම කියලා පෙන්වන්නේ අවුරුද්දට වතාවක් කරනු ලබන නාට්‍ය උත්සවයක් පැවැත්වීම පමණයි. නාට්‍ය කලාව වෙනුවෙන් නාට්‍ය උත්සවයක් සංවිධානය කිරීම ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ අවශ්‍යතාවල දහවැනි ස්ථානයේ පමණ තිබෙන දෙයක්. මීට වඩා හදිසි අවශ්‍යතා ගණනාවක් ලංකාවේ නාට්‍ය කලාව සම්බන්ධයෙන් තිබෙනවා. නාට්‍යකරුවාට නිර්මාණ සඳහා අවශ්‍ය පසුබිමක් සකස් කිරීම මෙම අවශ්‍යතාවලින් පළමුවැන්න වෙනවා. නිර්මාණකරණයේ ස්වාධීනත්වය, පහසුකම් සැපයීම, නිර්මාණ රසවින්දනය සඳහා අවශ්‍ය රසික පිරිසක් බිහිකිරීම, නාට්‍ය කලා අධ්‍යාපනය දියුණු කිරීම, නාට්‍ය කලාව සමාජගත වෙන උපරිව්‍යුහයන් සැකසීම මෙම යටතට ගැනෙනවා. අද ලංකාවේ රසිකයන් බිහිවන අධ්‍යාපන ක‍්‍රමයක් තිබෙනවාද? ඒ වාගේම නාට්‍ය කලාවට අවශ්‍ය වන විභවයන් පළාත් මට්ටමෙන් තිබෙනවාද? පළාත් සභා, ප‍්‍රාදේශීය සභා, නගර සභා වගේ පළාත් පාලන ආයතනවල ප‍්‍රතිපාදන මේ සඳහා වෙන් වෙනවා. නමුත් ඒවා කලා කටයුතු සඳහා කොයිතරම් යෙදවෙනවාද? ඒ වගේම නාට්‍ය කලාව කොයිතරම් දුරට ලංකාවේ ජාතික අවශ්‍යතාවක්ද? මේ සම්බන්ධයෙන් කළ යුතු බොහෝ දේවල් තිබෙන නමුත් සිදුවෙන්නේ නැහැ. නාට්‍ය කලාවට පමණක් නෙමෙයි සෑම කලාවකටම මේ තත්ත්වය පොදුයි. සාහිත්‍යය, සංගීතය, චිත‍්‍ර මේ හැමදෙයක්ම පාසල් විභාගවලට පමණක් සීමා වෙලා තිබෙනවා. ඉන් එහාට මේවා සමාජගත වෙන්නේ නැහැ. නාට්‍යයක් නිර්මාණය වූවාට පසුව ඒ සඳහා පේ‍්‍රක්ෂකාගාරයක් නැත්තේ මේවා සමාජගත වීමේ ඌනතාවක් තිබෙන නිසා. නාට්‍ය කලාව සමාජගත වීමට අවශ්‍ය අවම පහසුකම්වත් නැති තත්ත්වයක් තුළ අවුරුද්දකට වතාවක් පවත්වන නාට්‍ය උත්සවයකින් තේරුමක් නැහැ. තරගයක් ඇතිකරලා නාට්‍යකරුවන් අතර එදිරිවාදිකම් ඇතිකිරීම පමණයි මේ නාට්‍ය උත්සවවලින් සිදුකරන්නේ.

1952 සම්මත කළ මහා බි‍්‍රතාන්‍යයේ තිබෙන කලා මණ්ඩලයේ පිටපතක් ආකාරයට තමයි ලංකාවේ කලා මණ්ඩලය බිහිවෙන්නේ. ඉතිහාසයේ මෙම ආයතනයට යම් ස්වාධීනත්වයක් තිබුණා. නමුත් අද වෙනකොට මේක පෙනුමට පමණක් තිබෙන ආයතනයක් විතරයි. ලංකාවේ කලාව වෙනුවෙන් මෙම ආයතනය විසින් සිදුකෙරෙන දායකත්වය අවමයි. ඒ වගේම කිසිම ස්වාධීනත්වයක් නැහැ. ඕස්ටේ‍්‍රලියාවෙ සිඞ්නි ඔපෙරා හවුස් එක පාලනය වෙන්නේ ඕස්ටේ‍්‍රලියානු කලා මණ්ඩලයෙන්. ඒ වාගේම කලා මණ්ඩලය යටතේ ප‍්‍රාදේශීයව ආයතන සංවිධානය වෙලා තිබෙනවා. අපේ රටේ මෙවැනි සැලසුම් සහගත ක‍්‍රියාමාර්ගයකට පැමිණීමට අවශ්‍ය ආයතන තිබෙනවා. නමුත් ඒවා අතිශයින්ම දේශපාලනිකකරණය වෙලා. මේවා තුළින් කවදාවත් කලාවේ ස්වාධීනත්වයක් හෝ වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශය තුළින් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. අවුරුදු 30ක් පුරා ජනවර්ග දෙකක් අතර ඇතිවුණ පරතරය අවම කිරීමට නම් භෞතික සංවර්ධන කටයුත්තත් සමග සංස්කෘතික සංවර්ධන කාර්යයත් සිදුවිය යුතුයි. ඒක බද්ධ විය යුතුයි. අලූතින් පාරවල්, ගොඩනැගිලි, තාක්ෂණික සංවර්ධනයක් ඇතිවුණාට වැඩක් වෙන්නේ නැහැ. අනිත් අයට ගරුකරන මිනිසුන් සිටින සමාජයක් නිර්මාණය විය යුතුයි. මේවා ක‍්‍රියාත්මක වෙන්න නම් දැන් තියෙන ක‍්‍රමවේදය සම්පූර්ණයෙන්ම කණපිට හරවලා නැවත සකස් කරන ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. එවැනි වූ වැඩපිළිවෙලක් අපි යෝජනා කරනවා. එය ක‍්‍රියාත්මක නොවී කිසිම කලාවක්, සමාජ ඒකාබද්ධතාවක්, යහපාලනයක් අපට බලාපොරොත්තු වෙන්න බැහැ. සමාජය තුළ සංයමයක් ඇති කිරීම, චින්තන රටාවන් වෙනස් කිරීම, රසඥතාව වර්ධනය කිරීම හා ඒ තුළින් කලාවට වෙළෙඳපොළක් බිහිකිරීම මේ තුළින් සිදුකළ හැකියි.

ඉන්දියාවේ 1962 වර්ෂයේදී ජාතික නාට්‍ය ආයතනය හදනවා. එතැනින් නිර්මාණකරුවො බොහොමයක් බිහිවෙනවා. මෙතැනින් බිහිවෙන උගත්තු තම තමන්ගේ ප‍්‍රාන්තවලට ගිහින් නාට්‍ය පාසල් හදනවා. මේ සෑම දෙයකටම මධ්‍යම රජය, ප‍්‍රාන්ත රජය මුදල් ලබා දෙනවා. එම ආයතන වර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් සපයනවා. කේරලයේ රංගන කලා ඇකඩමිය තමයි කේරලයේ රංගන කලාවේ කේන්ද්‍රස්ථානය. මෙම ඇකඩමිය කේරලයේ ස්වාධින සංගීත කණ්ඩායම් තිහකට මුදල් ආධාර ලබා දෙනවා. ඒ ප‍්‍රාන්ත ආණ්ඩුවේ මුදල්. මීට අමතරව මධ්‍යම ආණ්ඩුව වෙනත් ආකාරයකට මුදල් ලබා දෙනවා. අපේ රට කුඩා රටක්. ඒ නිසා අපේ රට තුළ මෙවැනි වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට පහසුයි. අපේ රටට ගුරුවරු අවශ්‍ය වෙනවා, ඉංජිනේරුවෝ අවශ්‍ය වෙනවා, ගෘහ නිර්මාණ ශිල්පියෝ අවශ්‍ය වෙනවා. ඉතින් අපේ රටට කලාකරුවෝ අවශ්‍ය නැද්ද? කලාකරුවෝ අවශ්‍ය නම් මේ රටේ කලාව සහ රසඥතාව දියුණු වෙන වැඩපිළිවෙලකුත් අවශ්‍ය වෙනවා. කලාකරුවො රටේ වටිනා සම්පතක් හැටියට පිළිගැනිය යුතුයි. ඒ වාගේම ඒ අයට අවශ්‍ය මොනවාද යන්න සොයා බැලිය යුතුයි. කලාවෙන් කලාකරුවාට යැපෙන්න පුළුවන් ආකාරයට කලා කේෂත‍්‍රය දියුණු විය යුතුයි. නිදහසක්, අභිමානයක් සහිතව කලාකරුවෙකුට තමන්ගෙ කාර්ය සිදුකිරීමට හැකිවෙන්නේ එවිටයි. අපිට කලාකාරයා අවශ්‍යද, නැද්ද කියන කාරණය විසඳගන්නෙ නැතිව මේවා හදන්න බැහැ.

පැවතුණු රජයත් සමග කලාකාරයෝ කණ්ඩායමක් සිටියා. ඒ අය බොහෝ ප‍්‍රයෝජන ගත්තා. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ කාලයේත් මේ ප‍්‍රශ්නේ තිබුණා. පේ‍්‍රමදාස ජනාධිපති ටවර්හෝල් රහහල පදනම ආරම්භ කළා. මේ සඳහා පැරණි නූර්ති ශිල්පීන් සම්බන්ධ කරගත්තා. මේ අය ටවර් නළුනිළියන් ලෙස ලියාපදිංචි කරලා ගෙවල්, අවශ්‍ය තනතුරු ලබා දුන්නා. ඒක වැරදියි කියලා මම කියන්නේ නැහැ. මේ විදියට අනිත් දේවලූත් සිදුවිය යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේදීත් මේ දේම සිදුවෙනවා. ඉඩම් දෙනවා, ගෙවල් දෙනවා, විශ‍්‍රාම වැටුපක් දෙනවා. කලාවට කරන සේවා විදියට මේවා හුවා දක්වනවා. මේවා ඇත්තටම කලාවේ වර්ධනයට සිදුකරන දේවල් නෙමෙයි. කලාකරුවා වන්දිභට්ටයෙක් කිරීම සඳහා කරන දේවල්. ඊට පසුව ප‍්‍රශස්ති ගීත ගායනා කිරීම ආරම්භ කරනවා. පසුගිය මැතිවරණ සමයේ සමහර කලාකරුවන් පොදු අපේක්ෂකයාට එරෙහිව වස් කවි පවා ගායනය කළා. වැඩවසම් යුගයකට නැවතත් කලාකරුවා ගෙනිහින් තිබෙනවා කියලා මෙයින් පැහැදිලි වෙනවා. ඉතිහාසයේ රජවරු කලාකරුවන්ට වරදාන දුන් ආකාරයට අදත් දෙනවා. ඒ වෙනුවට රජතුමා වෙනුවෙන් ප‍්‍රශස්ති ගී ගායනා කරනවා. කලාකරුවාගේ චින්තනයත් අරගන්නවා. මහින්ද චින්තනයට අනුව කලා නිර්මාණ කරන්න කියලා බලපෑම් කරනවා. කලාකරුවාට කාගේවත් චින්තනයකින් වැඩක් නැහැ. කලාකරුවාට ස්වාධීන චින්තනයක් තිබිය යුතුයි.

ඕස්ටේ‍්‍රලියාවේ ආදීවාසීන් සිටින නාට්‍ය කණ්ඩායමක් තිබෙනවා. මෙම නාට්‍ය කණ්ඩායම ඉතා දැඩි ලෙස ආදිවාසීන්ට සිදුවන අසාධාරණකම් පෙන්වනවා. ආණ්ඩුවේ සමහර ආයතන ඉතා දැඩි විදියට විවේචනය කරනවා. ඒ සඳහා ආණ්ඩුවේ මුදල් දෙනවා. නාට්‍යකරුවෝ යමක් පෙන්නලා දෙනවා. එය තේරුම්කර දීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ සඳහා නාට්‍ය කණ්ඩායමට කලා මණ්ඩලයෙන් මුදල් ලබා දෙනවා. කිසි තහනමක් නැහැ. පොලීසිය දාලා ගහලා එලවන්නේ නැහැ. ප‍්‍රාදේශීය දේශපාලකයො ඇවිත් පිස්තෝල පෙන්නලා ගහන්නේ නැහැ. ඔගොස්ටෝ බෝල් බ‍්‍රසීලයේ ප‍්‍රධාන නගරයක නගරසභිකයෙක් වෙලා සිටියා. ඔහු නගර සභාවේ වැඩකරන සේවකයො එකතු කරගෙන වැඩමුළු පවත්වලා ලෙජිස්ලේටිව් තියටර් කියන ක‍්‍රමවේදය හඳුන්වලා දෙනවා. මේ පාලනයේ තිබෙන දුර්වලතා සහ ඒවා වෙනස් විය යුතු ආකාරය සාකච්ඡුාවට භාජනය වෙනවා. ඒ ආශ‍්‍රයෙන් නිවැරදි ක‍්‍රමවේදයන් ඔහු හඳුන්වලා දෙනවා. ඒ අනුව පනත් පවා සම්මත වෙලා තිබෙනවා. අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් නිර්මාණය කිරීමට නොහැකි තත්ත්වයක් අපේ රටේ තිබෙනවා. විවේචනය කිරීම, අඩුපාඩු පෙන්වා දීම වරදක් හැටියට පාලකයො දකිනවා. මෙය වෙනස්වෙන තත්ත්වයකට අපේ රටේ දේශපාලකයො, නිලධාරීන් සහ සමාජය පත්විය යුතුයි.

අද පාලනය මාරු වුණාට ක‍්‍රමවේදය මාරුවෙලා නැහැ. යල්පැන ගිය ක‍්‍රමයේ වෙනසක් සිදුකිරීමට නම් සිවිල් සංවිධාන සහ කලාකරුවන් මැදිහත්වෙමින් අරගල කළ යුතුයි. ක‍්‍රමයේ පවතින අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා මගහැරීමේ දිශාවට තල්ලූ කළ යුතුයි. ඒක ඇනහිටියොත් නැවතත් පෙර තත්ත්වයට සමාජය ගමන් කිරීමට නියමිතයි. අද සිදුවෙලා තිබෙන දේශපාලන වෙනසත් සමග නීතිය සම්බන්ධයෙන්, පොලීසියට ලැබෙන විධානයන්, ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට ගනු ලබන උත්සාහයන් සම්බන්ධයෙන් යම් යහපත් තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. යම් යම් තත්ත්වයන් නිවැරදි වන බව පෙනෙනවා. එසේ නම් අනිත් දේවල් නිවැරදි කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් මේ සඳහා ජනතාව නිහඩව සිටීම පිළියමක් නෙමෙයි. ඡුන්දය දැමීමෙන් පමණක් වෙනසක් බලාපොරොත්තු විය නොහැකියි. ඒ වෙනස සඳහා යොමු කළ යුතුයි. ඒ සඳහා ශක්තිමත් වගේම අර්ථසාධක බලවේගයක් තිබිය යුතුයි. ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලය තුළ කලා නිර්මාණ සම්බන්ධයෙන් තහනමක් වෙනුවට වර්ගීකරණයක් කිරීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා. මෙහිදී යම්කිසි කලා නිර්මාණයක් තහනම් කරන්නේ නැහැ. එම නිර්මාණය රසවිඳීමට සුදුසු පේ‍්‍රක්ෂක පිරිසට යොමුකරනවා. මේ ආකාරයට අපගේ අනිත් අවශ්‍යතාවන් ඉටුකරගැනීමට යම්කිසි උසිගැන්වීම් කිරීමට සිදුවෙනවා.
සිවිල් සංවිධානවලට සහ කලාකරුවන්ට විශාල බලයක් තිබෙනවා. යම් යම් දේවල් සිදුවෙන්නේ නැත්නම් පාරට බහින්න සිදුවෙනවා. අරගල කිරීමට සිදුවෙනවා. ඒවා සඳහා සංවිධානගත වීමට සිදුවෙනවා. තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකරගෙන නිශ්ශබ්දව සිටිය යුතු නැහැ. දූෂණයට වගකිවයුත්තන් දඟගෙට දක්කවනවා කියලා හැමෝම බලයට පත්වෙනවා. නමුත් අවසානයේ දඟගෙට දක්කවනු ලබන්නේ ජනතාවමයි. අවසානයේ චූදිතයන් වන්නේ ජනතාව, එහෙමත් නැතිනම් ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණු මිනිසුන් පමණයි. අපි හැමෝම නිශ්ශබ්දව සිටියොත් ඒ දේ සිදුවෙනවා. ඉතිහාසය තුළ ඒ දේ සිදුවෙනවා අපි දැකලා තිබෙනවා. නැවත ඒ දේ සිදුනොවෙන්න නම් මැතිවරණයට මැදිහත්වූවාටත් වඩා වඩා වැඩි බලයකින් මේ වෙනස ක‍්‍රියාත්මක කිරීම සඳහා මැදිහත්විය යුතු වෙනවා.

උපුටා ගැනීම රාවය - Ravaya

 

නිවැරදි ඉලක්කය කරා හඹා ගිය ‘‘ඊ’’

e-eනිදහස් කාව්‍ය ආර සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට හඳුවා දුන් ජී. බී. සේනානායක කවීන්ද්‍රයා එකී කාව්‍ය ආර පාඨක ප්‍රජාව වෙත දායාද කළ පළමු කෘතිය වන ‘‘පළිගැනීම’’ කෘතියේ ‘‘පරිශිෂ්ටය’’ (ඌනපූරණය) ආරම්භයේ මෙබඳු සටහනක් තබයි. Read more...

‘කුඩමසෙකි ඔබ මහ සයුර කැලඹූ’

nimalasiriසැණෙකින් කුණාටු සයුරක් සේ කැලඹී, සුනාමියක් සේ උස්ව නැගි ආවේග, වෙරළත වැදී විසිර ගිය රළ පහරක් පරිද්දෙන් සන්සුන් විය. ඒ ඔහු පිළිබඳව නිරායාසයෙන් උපන් ඉහත හයිකුමය සිතිවිල්ලේ ආනුභාවයෙනි. Read more...

පවුරු බැඳගෙන සිතක වැජඹුණු - රසවතා නෑ කොයි ගියා

indrani sisira

 

දශක පහකට ආසන්න කාලයක් හෙල ගී කෙත එකලු කළ තවත් රන් ස්වරයක් නිහඬ වී ඇත. සිසිර සේනාරත්නයන් දශක 5 ක් පුරා ගෙවා ආ තිමිර චාරිකාවේ ඔහුගේ අත්වැල වූයේ ඉන්ද්‍රාණි සේනාරත්නයන්ය. ඔහු අන්කිසිදු ගායිකාවක් සමග යුග ගී ගයා නැත. ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය ‘සිසින්ද්‍රා' නම් විය.

Read more...

වැලිකඩ ඝාතනය | ‘මිලිටරිකරණ ක්‍රියාදාමය තුළ, ‘උන්ව මැරුවට කමක් නෑ’ කියන එක සමාජය තුල හැදුවා‘ - ධර්මසිරි බණ්ඩාරනායක

 

walikada 1රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව වැලිකඩ සිරමැදිරයට කඩා වැදී අමු අමුවේ මෙසේ ඝාතනය කළේ ආණ්ඩුවේ සිර මැදිරියක් තුළ සිටි රැදවියන්ය.

Read more...

 

 

සිව් මංසල