18 August 2018
RSS Facebook Twitter   

නිහඬ කළ කටහඬ සබීන් මහමුද්

 

prabshvara2

1975 ජුනි 20 වැනි දින පාකිස් ථානයේ කරච්චි නුවරදී උපත ලැබූ සබීන් මහමුද් සිය ප‍්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කරච්චි ග‍්‍රැමර් පාඨශාලාවෙහි. උසස් පෙළ සමත්වීමෙන් පසු ලාහෝර්හි කින්නෙයාඞ් සරසවියට ඇතුළත් වුණු ඈ එහිදී තම ශාස්ත‍්‍රවේදී උපාධිය දිනාගත්තාය. ඉනික්බිති යළි කරච්චියට පැමිණි ඇය, ‘සොලූෂන්ස් අන්ලිමිටඞ්’ නමැති තාක්ෂණික සමාගමේ විධායක සහකාරවරියක ලෙස සේවයට බැඳුණාය. 1990 අගභාගයේදී එතැනින් ඉවත්වුණු සබීන් මහමුද්, BITSනමැති තමන්ගේම වන මෘදුකාංග හා තාක්ෂණ විසඳුම් සමාගම කරච්චි නුවර තුළ ස්ථාපිත කළාය. ඇමරිකාවේ ‘සිලිකොන් වැලි’ පුරවරය වෙත නිතර නිතර ගමන් කළ ඇය සිය තාක්ෂණික ඥානය යාවත්කාලීන කරගැනීමට මහත් උනන්දුවක් දැක්වූවාය. එහි ප‍්‍රතිඵලයක් ලෙස, ඇමරිකානු ව්‍යාපාර ප‍්‍රාග්ධන සමාගම් විසින් කළමනාකරණය කරන TIE නමැති ජාත්‍යන්තර ව්‍යවසායක සංවිධානයෙහි පාකිස්ථාන ශාඛාවේ සභාපතිනිය ලෙස තේරී පත් වූවාය. රටවල් 18ක් පුරා ක‍්‍රියාත්මක වන BITS සංවිධානයේ සාමාජිකත්වය 11000 ඉක්මවයි. ලොව කොතැනක වුව වෙසෙන නැඟී එන ව්‍යවසායකයන්ට, ගෝලීය වෙළඳපොලහි සාර්ථක ලෙස තරගකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය හා ප‍්‍රාග්ධනය සැපයීම TIEහි ප‍්‍රධාන කාර්යභාරයයි. සුළු හා මධ්‍යම පරිමාණයේ පාකිස්ථානු ව්‍යවසායක යන්ට, සිය මෙහෙයුම් ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා ප‍්‍රසාරණය කිරීම පිණිස TIE සංවිධානයේ පාකිස්ථාන සභාපතිවරිය ලෙස සබීන් මහමුද් සුවිශාල මෙහෙවරක් සිදු කළාය. ව්‍යාපාරික විශේෂඥවරියක ලෙස සබීන් අත්පත් කරගත් ජාත්‍යන්තර කීර්තිය, පාකිස්ථානයේ වෙසෙන බහුතරයක් (පුරුෂ මූලික) දැඩි මතධාරීන්ට ඇල්ලූවේ නැත. නිවසේ සිට කාර්යාලය වෙත බොහෝ විට තම යතුරුපැදිය පදවාගෙන යන ඇය පුරුෂ ආධිපත්‍යය නොතකන දඩබ්බර කාන්තාවක ලෙස හඳුන්වන්නට ඔවුහු පෙළැඹුණහ.

උඩුගං බලා පිහිනීම

ප‍්‍රචාරණ ආයතනයක ප‍්‍රධානියකු වූ සබීන්ගේ ඉහළ මධ්‍යම පාන්තික පියා සහ අධ්‍යාපන උපදේශකවරියක වූ මව නිදහසේ සිතීමට අවශ්‍ය අවකාශය කුඩා කල සිටම තමාට නොපැකිලව ලබාදුන් වග ඈ හැමවිටම කෘතවේදීව සිහිපත් කළාය. කරච්චි ග‍්‍රැමර් පාඨශාලාවේ තොරතුරු තාක්ෂණ ගුරුවරිය, සබීන් එම විෂයයට දුර්වලයැ’යි පන්තියේ අනෙක් ළමුන් ඉදිරියේ සමච්චලයට ලක් කළ මොහොතේ පරිගණක විද්‍යාව හොඳින් ප‍්‍රගුණ කළ යුතුය යන දැඩි අධිෂ්ඨානය ඇය තුළ හටගත්තේය. වයස අවුරුදු 14වන විට පරිගණක යන්ත‍්‍රයක් කෑලිවලට ගලවා යළි නියමානුකූලව එකලස් කිරීම, ඇයට කජු කනවා වැනි ලෙහෙසි දෙයක් බවට පත්වුණේ අදාළ විෂය පරතෙරටම උගත් හෙයිනි. ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම කාන්තාවන්ට නුසුදුසුයැ’යි පිළිගැනුණු වකවානුවක ඇය තම අසල්වාසී පිරිමි ළමයින් සමග එහි නියැලූණේ ඔවුන්ගේ හිසට උඩින් හයේ පහරවල් එල්ලකරමිනි. තම පරිගණක දැනුම ව්‍යාපාර සංවර්ධනය සඳහා පමණක් යොදාගැනීම නොසෑහේ යැයි සිතූ ඇය පාකිස්ථානය පුරා ඔඩුදුවා තිබෙන නාස්තිය, දූෂණය හා සමාජ අසාධාරණයට එරෙහිව ජනතාව අවදිකිරීම පිණිස එය යොදාගත යුතුයැ’යි නිතර කල්පනා කළාය. මේ සඳහා බුද්ධිමතුන්, කලාකරුවන් හා සමාජ ක‍්‍රියාකාරිකයන්ට ජාති, ආගම්, කුල හා පන්ති භේදවලින් තොරව නිදහසේ අදහස් ප‍්‍රකාශ කළ හැකි විද්වත් සාකච්ඡුා මණ්ඩපයක් ඉදිකළ යුතුයැ’යි ඇයට හැඟුණි. ඒ අනුව, 2007 වසරේදී කෝපි හා පොත් වෙළඳසැලක් ද සහිත හොඳ ඉඩකඩක් ඇති T2F නමැති කලාගාරය කරච්චි නුවර තුළ ස්ථාපිත කිරීමට ඇය ක‍්‍රියා කළාය.

T2F ජනප‍්‍රිය වීම

කලාව, විද්‍යාව, සාහිත්‍යය, දේශපාලනය වැනි මෙකීනොකී ඕනෑම දෙයක් ගැන සංවාද කිරීම පිණිස T2F වෙත විද්වතුන් මෙන්ම සාමාන්‍ය මිනිසුන්ද පැමිණියේ ෆේස්බුක් හා ට්විටර් හරහා කෙරෙන කතාබහ ‘මුුහුණට මුහුණ’ සිදුකිරීම වඩාත් උචිතයැ’යි ඔවුන් සිතූ නිසාය. මැතිවරණවලදී සමාජ මාධ්‍ය හරහා ප‍්‍රගතිශීලී දේශපාලනඥයන්ට සහාය පළකිරීම, දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම පිණිස පාලකයන්ට බලකෙරෙන විරෝධතා අවුළුවාලීම සහ පාකිස්ථානය තුළ පැනනඟින විවිධ සමාජ ආර්ථික ප‍්‍රශ්නවලට අඛණ්ඩව නිරවුල් විසඳුම් සොයන දැවැන්ත කතිකාවක් ගොඩනැගීම යනාදියT2F හරහා සාර්ථකව හා අඛණ්ඩව සිදුකෙරිණි. 2007 වසරේදී පාකිස්ථාන ජනාධිපති පර්වේස් මුෂාරෆ්, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකාරවරුන් කිහිපදෙනකු සිය විධායක බලතල යොදවා නෙරපා දැමූ අවස්ථාවේ ඊට එරෙහිව සටන් සංවිධානය කිරීම පිණිස ප‍්‍රගතිශීලී විනිසුරුවන්ගේ හා නීතීඥවරුන්ගේ එකමුතුව දිවා රෑ සාකච්ඡා පැවැත්වූයේ T2F වහල යට රැඳෙමිනි. බලධාරීන්ගේ වාරණයට ලක්වූ රැඩිකල් නාට්‍ය හා චිත‍්‍රපටT2Fතුළ ප‍්‍රදර්ශනයද වරින්වර සිදු කෙරිණි. පාසල් ශිෂ්‍යයකුට වුවද තම චිත‍්‍ර ප‍්‍රදර්ශනය හෝ කුළුදුල් නාට්‍යය මෙහි පැවැත්වීම සඳහා ඉඩකඩ සලසාදීමට තමා සූදානම් වග සබීන් හැමවිමට අවධාරණය කළාය. සමහර සංගීතඥයන් තම නව නිර්මාණ අත්හදා බැලීම පිණිස T2F වෙත පැමිණියේ, නොමිලේ ලැබෙන ඉඩකඩ උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනිමිනි.

හවුලේ ගැටලූ විසඳීම

කුණු බැහැර කිරීම, විරැකියාව, ජල හිඟය, නිවාස නැතිකම යනාදී විවිධ සමාජ ප‍්‍රශ්න ගැඹුරින් විශ්ලේෂණය කළ හැකි සුවිශේෂී සාකච්ඡා මණ්ඩපයක් ද T2F ඔස්සේ ස්ථාපිත කෙරිණි. මහපාරේ තැන තැන සමාජ උද්ඝෝෂණවල නියැලීමට වඩා ආණ්ඩුවේ බලධාරියෙකුද T2F වෙත ගෙන්වාගෙන අදාළ සමාජ ප‍්‍රශ්නවලට සාර්ථක විසඳුම් යෝජනා කළ හැකි දක්ෂ වෘත්තිකයන් සමග බරසාර කතිකාවක් ගොඩනැගීම මෙම මණ්ඩපයෙහි ඒකායන අරමුණ විය. මුලින් මුලින් මේ සංවාදයට සම්බන්ධ වීමට ආණ්ඩුවේ බලධාරීන් දැඩි මැලිකමක් දැක්වූවද, පිළිසඳරේ සුහදශීලීබව පිිළිබඳ වන අවබෝධය පුළුල් වෙත්ම, විෂය භාර මැති ඇමතිවරු ද ඊට සහභාගි වූහ. මෙකී හරවත් සංවාද මණ්ඩපය හරහා සබීන් මහමුද්ට විශාල සමාජ පිළිගැනීමක් ඇතිවීම බොහොමයක් ප‍්‍රතිගාමී බලවේගවල සතුටට හේතු වූයේ නැත. කතිකාවට බඳුන් වූ බහුතරයක් ජනතා ප‍්‍රශ්න සති කිහිපයක් ඇතුළත විසඳාලීමද නිරන්තරයෙන් සිදුවූ හෙයින්, සමහර ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ සබීන් දුටුවේ තමන්ගේ බල ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීමට පැමිණි හැතිරියක ලෙසය. සාමාන්‍ය ජනයාද තමන්ගේ එදිනෙදා ප‍්‍රශ්න T2Fවෙත ලැබෙන්නට සැලැස්වීමත් සමග ප‍්‍රතිගාමී බලවේගයන් සබීන් මහමුද් වෙත දැක්වූ සතුරු ආකල්ප දිනෙන් දින තීව‍්‍ර වීම නොවැළැක්විය හැකි විය. T2Fසංවාද මණ්ඩපයට රැස්වෙන විශිෂ්ට වෘත්තිකයන්, විවිධ සමාජයීය ගැටලූවලට ඉදිරිපත් කරනු ලබන ඉතා ප‍්‍රායෝගික හා ස්ථානෝචිත විසඳුම් නොපමාව ක‍්‍රියාත්මක කිිරීම මගින් තමන්ටද මහත් සෙතක් සැලසෙන බව තේරුම් ගත් ප‍්‍රබුද්ධ දේශපාලනඥයන් මෙතැනට පැමිණ පිළිසඳරේ යේදීම තම භාග්‍යයක් කොට සැලකූහ. කලාකරුවන්, ව්‍යාපාරිකයන් හා විද්වතුන් විසින් T2F වෙත ස්වේච්ඡුාවෙන් පිරිනැමූ මූල්‍ය ආධාර සබීන් විසින් නොපැකිළව භාරගත් නමුත්, දේශපාල නඥයන්ගෙන් එවැනි උපකාර ලබා නොගැනීමට ඈ හැමවිටම පරෙස්සම් වූවාය.
දෙස් විදෙස් කලාකරුවෝ් හා ව්‍යවසායකයෝ ද T2F සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා අත දිගහැර උදව් පදව් කළහ. සබීන් මහමුද්ගේ අවංක සමාජ සේවය ගැන ඔවුන් සියලූ දෙනා පැහැදී සිටි හෙයිනි. T2F වැනි රැඩිකල් වේදිකාවක් කරච්චිය වැනි අන්ත පසුගාමී නගරයක් තුළ තිබීම පවා විදේශීය කලාකරුවන්ට විස්මය දනවන අත්දැකීමක් විය. පාකිස්ථාන යුද හමුදාවේ සැක කටයුතු අවි ගනුදෙනු ගැන පොතක් ලියා පළ කළ ලේඛකයකු වරෙක T2F වෙත දේශනයක් සඳහා කැඳවූ සබීන් මහමුද් ඊට පාකිස්ථානු ආණ්ඩුවේ අන්තර් සේවා බුද්ධි අංශයෙහි උසස් නිලධාරීන් කිහිප දෙනකු ද සහභාගි කරවා ගැනීමට සමත් වූවාය. බුද්ධි නිලධාරීහු ද ඉතා ක‍්‍රියාශීලීව එකී සංවාදයට එක්ව සතුටින් විසිර ගියහ. පාකිස්ථානය වැනි රටක් තුළ මෙවැනි සංවාදයක් සංවිධානය කිරීම සැබැවින්ම නිර්භීත ක‍්‍රියාවකි.

මරණ තර්ජන ගලා ඒම

බලූකිස්ථානය යනු පකිස්ථානය තුළ තිබෙන නොදියුණුම ප‍්‍රාන්තයයි. වර්ගවාදී හා ආගමික කෝලාහල නිසා අතොරක් නැතිව ලේ හැලෙන මෙහි ගෝත‍්‍රික අන්තවාදය මුල් බැස ඇති අයුරු නිතර දැකිය හැකිය. සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි සිවිල් ක‍්‍රියාකාරීන් සහ විද්වතුන් සියයකට අධික ප‍්‍රමාණයක්, බලූකිස්ථානය ප‍්‍රාන්තයේ වෙසෙන විවිධ සන්නද්ධ අන්තවාදීන් අතින් පසුගිය දෙවසර තුළදී ඝාතනයට ලක්විය. බටහිර අධ්‍යාපනය හා නව තාක්ෂණය පිළිකුල් කරන මෙම අන්තවාදීන් සබීන් මහමුද් වෙත දුරකථනය හරහා නිතරම මරණ තර්ජන එල්ල කළේ පසුගාමී බලූකිස්ථානය ඉදිරිගාමී ප‍්‍රාන්තයක් කළ හැක්කේ කෙසේද යන්න ගැන විද්වත් සංවාද මාලාවක් ඇයT2Fහරහා ආරම්භ කිරීමත් සමගය. තුවක්කුවක් සහිත ආරක්ෂකයෙකු ඇය වෙත සපයාදීමට ආණ්ඩුවේ ආරක්ෂක බලධාරියකු යෝජනා කළද සබීන් ඊට එකඟවූවේ නැත. තර්ජන ගර්ජනවලට බියවී හැකිළෙන කෙනකුට, ගිනි අවි බහුල පාකිස්ථාන සමාජය තුළ කිසිදු සමාජ සේවා කටයුත්තක් ඉෂ්ට සිද්ධ කළ නොහැකි බව ඈ දැඩිව විශ්වාස කළාය. තුවක්කු කටවලින් කෙරෙන විසංවාදය, මනුෂ්‍ය කටවලින් සිදු කෙරෙන සංවාදයක් බවට පත් කිරීමට වෙරදරන තමාට තුවක්කුවක් සහිත ආරක්ෂකයකු සිටීම කිසිිසේත් නොගැළපෙන වග ඈ අවධාරණය කළාය. 2015 අපේ‍්‍රල් 24 දින බලූකිස්ථානයේ සමාජ ආර්ථික ප‍්‍රශ්න හා අදාළ විද්වත් කතිකාව නිමා කොට සබීන් ඇගේ මව සමග සිය මෝටර් රථයට නැඟුණේ නිවස බලා යෑම සඳහාය. එහෙත් ඇයට රථය පදවාගෙන යා හැකි වූයේ ඉතා කෙටි දුරකි. යතුරුපැදියකින් පැමිණ අවිගත් පුද්ගලයන් දෙදෙනකු සබීනා මහමුද් වෙත එල්ල කළ වෙඩි ප‍්‍රහාරයෙන් ඈ රියදුරු අසුනෙහිම ජීවිතක්ෂයට පත්වූවාය. සමාජ ප‍්‍රගතිය වෙනුවෙන් තව බොහෝ දේ ඉටුකළ හැකිව තිබූ 40 හැවිරිදි දිරිය දියණියකගේ අර්ථවත් දිවිපහන නිවී ගියේ ඒ අයුරිනි. භාගවාන්් රාජ්නීෂ්ගේ දාර්ශනික කියමනක් මේ මොහොතේ මගේ සිහියට නැෙඟ්. ‘පිම්මේ දුවන සුවච කීකරු මිනිස් රැුළට ඇවැසි අයුරින් දරුවන් හැඩගැස්වීම නවත්වා, ඔවුන්ගේ පෞද්ගලික නිදහස සුරැුකෙන අන්දමේ නිවහල් අධ්‍යාපනයක් ඒ අයට පිරිනැමුවහොත් සොක‍්‍රටීස්, යේසුස්, බුදුන්වහන්සේ වැනි ශ්‍රේෂ්ඨයන්ගෙන් පිරුණු ලස්සන ලෝකයක් ගොඩනැගීමේ හැකියාව අපට නොමඳව හිමිවනු ඇත.’
T2F වැනි රැඩිකල් සංවාද මණ්ඩපයක් ශ‍්‍රී ලංකාව තුළ ඉදිකිරීම උදෙසා අද අපට ඕනෑකරන්නේ සබීන් මහමුද් වැනි විශිෂ්ටයන් බව මෙහි අවධාරණය කිරීම වටී.

 

ප්‍රභාෂ්වර

 

 

රිම්බෝඩීය උන්මාදය

crazy loveකොපුල නො තලා ආදරයෙන් යමක් පවසමි. එය ඔබට ද එසේත් නැතිනම් අන් කවරෙක්ට ද යන්න කියා දන්නේ ප්‍රේමයේ විස බඳුන පමණි. මම එය දෑතින් බදා ගනිමි. විස නො විසිරෙන සේ හැකි තරම් පරෙස්සමට එය රිම්බෝඩීය ලක්ෂ්‍යය මත තබමි. දැන්! ගිමන් හරිනු ලබන ප්‍රේමණීය විස බඳුනට රිම්බෝඩීය ලක්ෂ්‍යයයේ සිට ප්‍රේමය යළි නිපදවීම සහ එය ආරක්ෂා කිරීම පිළිබඳව පිඹුරුපත් දැමිය හැකිය. Read more...

සංහිදියාවේ එකම මග යුක්තිය පමණි !!!

 

mother

"අපිට අවශ්‍යවන්නේ යුක්තිය ඉෂ්ඨ වීම. යුක්තිය නැතිව සංහිදියාවක් හෝ බිදුනු සිත් තුළ පහන් හැගීම පිළිබද බල​ාපොරොත්තු දල්වන්න බෑ. ඒ සදහා වන මාවතක වෙත පැමිණිය යුතුයි. යුක්තිය පසිදලීම නම්වූ මාර්ගයේ ගමන් කිරීම පමණයි, සංහිදියාව ඇති කිරීමට එකම මග. සියලු දේ අහිමි වූ ජනතාවක් තවදුරටත් රැවටීම තුළින් සිදුවන්නේ සාමය සදහා වන මාර්ගයන් තවදුරටත් පටුවීම පමණයි"

කිලිනොච්චිය ධර්මපුරම් හී පැවති සරාජීවන් පියතුමන් ඇතුලු යුද්ධයෙන් මියගිය ජනයා අනුස්මරණ කිරීමේ අවස්ථවේදී එයට සහභාගී වූ පියතුමෙකු මේ අදහස අප සමග පැවසූයේ මීට වසර තුනකට පමණ පෙරදීය. ඒ 2012 වර්ෂයේ මැයි 18 වැනිදාය.

කාම්බෝජයේ පොල්පොට් ඇතුලු කම්පුචියා කොමියුනිස්ට් පක්ෂය නමින් හැදින්වූ මිනීමරැ කල්ලිය ඊනියා සමාජවාදය නාමයෙන් සිදුකළ මිලියන ගණනක් වූ ඝාතනයන් සම්බන්ධය සිදුකරන අන්තර්ජාතික යුධ අපරාධ විමර්ෂණයේදී ඝාතනයට ලක්වූ පුද්ගයන්ගේ ආදරණීයයන් ඉල්ලා සිටින්නේද යුක්තිය පමණි.

වයස අවුරැදු 92 ක් වන ක්්්‍යු සම්පන් වැනි ඉතා මහලු කෙමරෑජ් නායකයන් වෙත දඩුවම් ලබාදුන් කාම්බෝජියා යුධ අපරාධ අධිකරණය සභාව සිය දඩුවම් නියම කිරීම සම්බන්ධයෙන් අර්ථ දක්වා සිටියේ සමාජයේ යුක්තිය පිළිබද වන බලාපොරොත්තු නොබිදීම බවත් එසේම නැවත එවැනි ව්‍යසනයක් ඇති නොවීමට යුක්තිය සදහා වන නොනවතින සමාජය අභ්‍යාසයක් වෙනුවෙන් බවත්ය.

කම්බෝජයේ රත්නාකිරි කදුකරයේ හමුවූ සිය දරැවන් සහ සහෝදරයන් සියලු දෙනාම කැමරැජ් කල්ලිය විසින් මරා දැමූ වියට්නාම සම්භවයක් සහිත මවක් පවසා සිටියේ ද ලංකාවේ උතුරේ මව්වරැවන් පවසන ආකාරයෙන්ම මාරාදැමූ සිය දරැවන් සහ ආදරණීයන් වෙනුවෙන් යුක්තිය අවශ්‍ය බවයි.


එසේම පසුගිය අප්‍රේල් 21 වැනිදා ජර්මනියේ නූරෙම්බර්ග් යුධ අපරාධ ටිබුයනය විසින් එවක අවුෂ්විට්ෂ් නාසි වදකදවුරේ සිරකරැවන් ලියාපදිංචි කරන්නකු ලෙස කටයුතු කළ දැන් 93 වැනි වියේ පසුවන මහල්ලෙකු හට දඩුවම් කරමින් අධිකරණය දඩුවම අර්ථ දක්වා සිටියේ වසර ගණනක් ගෙවී ගිය පසු හෝ වින්දිතයන් වෙනුවෙන් යුත්තිය ඉටු කිරීම ඇති සමාජ වගකීම ලෙස බවයි.


යුක්තිය වෙනුවෙන් වන සමාජ වගකීම

ඉහත උදාහරණ වලින් මතුකරන ප්‍රධාන කරැණනම් සමාජයක් ලෙස සුවපත් වීමට නම් යුක්තිය ඉටුකිරීම අනිවාර්්ය සාධකයක් බවයි. විශේෂයෙන් සමාජය අරගල 3 ක් අවියෙන් මර්ධනය කර දහස් ගණනක් තරැණ ජීවිත ඝාතනය කළ රටකට සැබෑලෙස යුක්තිය පසිදලීමේ ක්‍රියාමාර්ගයකින් මිස ඉන් මෙහා රොමෑන්තික සැමරැම් වලින් පමණක් කිසිවක් වෙනස් වීමට නියමිත නැත.

විශේෂයෙන් දෙමළ සමාජය තුළ 60 ක් තිස්සේ වන විමුක්ති උදෙසා වන අභිලාෂයට අනිවාර්්‍යයෙන් කොළඹ මූලික දේශාපාලන විසින් ආමන්ත්‍රණය කළ යුතු අතර නැවත ව්‍යසනයක් ඇති වීම වළක්වා ගත හැක්කේ දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශයට සහ දෙමළ වර්ග සංහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමෙන්ම පමණි.

දෙමළ ජනයා තමන්ගේ නිදහස සහ යුක්තිය වෙනුවෙන් වන ඉතිහාස ගත මැදිහත් වීම සිදුකර ඇති අතර උතුරේ ජනයාට යුත්කිය ඉටුවීමට යනු දකුණේ මරාදැමූ දහස් ගණනක් ​තරැණ ජීවිත සදහාද යුක්තිය පසිදලීමට ඇති මාර්ගය උදාවීම බව අප වටහා ගත යුතුව තිබේ. එම නිසා යුක්තිය ඉටුකිරීම සහ ඒ සදහා අභ්‍යාස කිරීම යනු එක් වාර්ගික වගකීමක් නොව සාමූහික සමාජ වගකීමකි. එමෙන්ම සාමූහික අභ්‍යාසයකි.

ූඋතුරේද දකුණේද යුක්තිය සදහා වන අභිලාෂය දේශපාලන අධිකාරිය විසින් තමන්ගේ බලව්‍යාපෘතිය වෙනුවෙන් ඉතිහාසය පුරා පාවිච්චි කරමින් සිටී. උදාහරණ ලෙස 94 දී චන්ද්‍රිකා බණ්ඩරනායක බලයට පැමිණියේ 88-89 සමයේ සිදුවූ ව්‍යසනයට යුක්තිය ඉටුකිරීමේ මැතිවරණ පොරොන්දුව සමගිනි. නමුත් සිය බලය අත්පත්කරගැනීමෙන් පසු එය හුදු මාධ්‍ය සංදර්ශණයක් බවට පත්වූ අයුරැ අප අත්දැක්කෙමු. එසේම 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති සිරිසේන බලයට පැමිණියේද උතුරේ ජනයාට යුක්තිය ඉටුකිරීමේ මැතිවරණ පෙ​ාරොන්දුව නිසාවෙනි. එම පොරොන්දුව සම්බන්ධයෙන් දැන් පවතින්නේ දෙගිඩියාවකි.

එම නිසා යුක්තිය සදහා වන උතුරැ දකුණු අභිලාෂය එක් ලක්ෂයක් මත ගෙන ආ හැක්කේ සිවිල් පුරවැසි බලවේගයකටම පමණි. උතුරේ ජනයා අනවරතර යුක්තිය සදහා වන අරගලයක නිරත වෙමින් සිටින අතර එයට දකු​ෙණ් යුක්තිය සදහා වන අරගලය සම්බන්ධවීම සහ වෙනුවෙන් ස​යෝගීත්වයේ දෑත් දිගුකිරීම තුළින් පමණක් සහෝදරත්වයේ පාලම නිර්මාණය කරගත හැකි එකම අභ්‍යාසය වෙයි.

අන්තර්ජාතික රාජ්‍ය මිත්‍යාවෙන් මිදීම

අන්තර්ජාතික රාජ්‍ය ප්‍රජාව විසින් දෙමළ ජනායට යුක්තිය ඉටකරනු ඇතැයි බලාපොරොත්තු වීම මිත්‍යාවක් බව නූතන භූ-දේශපාලනික තත්ත්වයන් ගණනය කිරීමේදී ඉතා පැහැදිළි වන කරැණකි. ඒ සදහා සජීවී උදාහරණ මේ මොහොතේද ඕනෑතම් වෙයි. 8000 පමණ වන රොහින්ගාවරැ සාගර ජලය මත මරණය සමග පොරබදිමින් සිටියදී අන්තර්ජාතික රාජ්‍ය විසින් සිදුකරමින් සිටින ඔවුන්ගේ දේශපාලනික සෙල්ලම අප මතුකරන මිත්‍යා සම්බන්ධයෙන් වන කරැණු දැක්වීමට ළගම උදාහරණය සපයයි. සිරියා, පලස්ථීනය, කුර්දි අරගල මෙන්ම නොවිසිදුනු කොසොවෝ අරගලද අදාළ මිත්‍යාවට උදාහරණ සපයයි.

ලංකා රාජ්‍යයේ හමුදා දෙමළ ජනයා දහස් ගණනක් ඝාතනය කරනු ලැබූ අවස්ථාවේදී අන්තර්ජාතික රාජ්‍ය හැසිරැණු ආකාරය අප අමතක කළ යුතු නැත. ජාත්‍යයන්තර දේශපාලන තුළ සතුරැ මිතුරැ වෙස් දැරෑ රාජ්‍ය දෙමළ ජනයාට එරෙහි වර්ග සංහාරක යුද්ධයේදී සිය සතුරැ සීමාවන් ඉක්මවා එක පෙරමුණකට පැමිණ ආකාරය සම්බන්ධයෙන් වඩා සියුම් අධ්‍යයනයක් කිරීමට අප යෝජනා කරමු. උදාහරණ ලෙස ඉන්දියාව සහ පකිස්ථානය අන්තර්ජාතික දේශපාලනය තුළ කදවුරැ දෙකක සිටියත් දෙමළ විමුක්ති අරගලය සම්බනධයේ වන සන්දර්භයේදී ඔවුන් සිටියේ එක පෙරමුණකය. ඊශ්‍රායල්-ඉරාන සිට ගැනීමද දෙමළ ජනයා සම්බන්ධයෙන් එලෙසමයය. ඇමරිකානු-චීනය ආස්ථානයද එසේමය.

එම නිසා යුක්තිය සම්බන්ධයෙන් අන්තර්ජාතික රාජ්‍ය මත යැපීම වෙනුවට අන්තර්ජාතික පුරවැසි සහයෝගීතාවය ගොඩනැගීම මගහැර යා නොහැකි කරැණක් වෙයි.

 

සිරිසේන - රාජපක්ෂ සහ වික්‍රමසිංහලා

 

රාජපක්ෂ ආණ්ඩුව දෙමළ දේශපාලන සහ යුක්තිය සම්බන්ධයෙන් වන අභිලාෂය මිලිටරි මගින් මර්ධනය කළ අතර ​​මෛත්‍රි-රනිල් ආණ්ඩුව වටේ යමින් දෙමළ ජනයා තවත් වරක් රැවටී​මට උත්සහ කරන බව දැනට ගොඩනැගෙමින් පවතින තත්ත්වයන් සාක්ෂි සපයයි. දෙමළ ජනයා සිරිසේන වෙනුවෙන් ඡන්දය භාවිත කරනු ලැබුවේ යුක්තිය සහ නිදහස වන අභිලාශය පමණක් මත බව අප නැවතත් අවධාරණය කර සිටිමු.

විශේෂයෙන් මෛත්‍රි-රනිල් ආන්ඩුවේ හැසිරීම ගණනය කිරීමට මෑතම උදාහරණ කීපයක් සෑහෙයි. යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින වර්ග සංහාරක යුද්ධයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 53 වැනි සේනාකංයට අණදුන් ජගත් ඩයස් වැනි මිනීමරැවන් හමුදා අණදෙන්නන් හමුදා මාණ්ඩලික අණදෙන තනතුරට පත්කිරීම සහ රාජපක්ෂ විසින් ජගත් ඩයස් ජර්මනියේ නියෝජ්‍ය තානාපති කිරීම අතර වෙනසක් නැත.

එසේම ජනාධිපති සිරිසේන විසින් පසුගිය දා ඊනියා යුධ ජයග්‍රහණ සැමරැ​ෙම්දී සිදුකළ කථාව පටන්ගන්නේම හමුදා සහ ජාතිවාදී ගැලරියේ විසිල් ලැබෙන ආරම්භයකිනි. ඔහුට අනුව මැයි 18 ඓ
තිහාසික වන්නේ ඊනියා ජයග්‍රහණයක් නිසාවෙනි. එසේ නොමැතිව දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය වූ නිසාවෙන් නොවේ.

එසේම දෙමළ වර්ග සංහාර ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන උතුරැ පළාත් සභා යෝජනාව සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ භූමිතෙල් ගෑ ගැරඩියෙකු ලෙස දගලමින් උතුරැ පළාත් සභා මහ ඇමතිවරයාට එරෙහිව ගැලරි ප්‍රකාශය මගින් රගදක්වා සිටියේ යුක්තිය ඉටුකිරීම නොව අවම වශයෙන් යුක්තිය අවශ්‍යයැයි පිළිගැනීමට පවා ඇති අකමැත්තයි.


එසේම ඊනියා විජයග්‍රහණ නොපවත්වන බව පවසමින් සන්නාහ සන්නද්ධ රථ සමග දෙමළ ජනයාට එරෙහිව ක්‍රියාත්මක වූ යුධ යාන්ත්‍රණය නැවත වෙනත් නමකින් උත්කර්ෂයට නංවන ජනාධිපති සිරිසේනලා, ජෝන්ගේ පොලීසිය ලවා උතුරේ මුල්ලි​​වෛයිකාල්හිදී මියගිය දෙමළ ජනයා සිහිකිරීමට එරෙහිව අධිකරණ නියෝග ලබාදෙයි.

දෙමළ ජනයාට එරෙහිව දැන් ඇසෙන හඩ මිලිටරිය මෙන් වූවද වූවද අත සිරිසේන-වික්‍රමසිංහලාගේ බව අප අවධාරණය කරමු.


අවසාන වශයෙන් වසර 60 ක දමිළ වර්ග සංහාකර ක්‍රියාවලියට එරෙහිවද දකුණේ දෙවරක් සිදුවූ තරැණ සංහාරයටද යුක්තිය පසිදලිය යුතුය. යුක්තියෙන් තොරව ලංකීය සමාජය සුවපත් කළ නොහැකිය.

රාජ්‍ය විසින් කිසිවෙකුට මැජික් එකක් ලෙස යුක්තිය ලබානොදෙන අතර එය පුරවැසි බලපෑමෙන් පමණක් සිදුවන්නකි.

උතුරේ ජනයා දශක 6 ක් තිස්සේ සිය නිදහස සහ යුක්තිය සම්බන්ධයෙන් වන මැදිහත්වීම සිදුකරමින් සිටින අතර මේ මොහොත පැමිණ ඇත්තේ දකුණේ සිට ඒ වෙනුවෙන් වන ප්‍රගතිශීලි පුරවැසි මැදිහත් වීම වෙනුවෙනි.

අප නැවතත් අවධාරණය කරන සිටින්නේ සංහිදියාවේ එකම මග යුක්තිය පමණක් බවයි. එය කෙතරම් දුෂ්කර වූවද ඒ සදහා කෙටි හෝ වෙනත් මාර්ග නොමැත.

 

- පසන් ජයතිලක | (AP Photo/Eranga Jayawardena)

 

යුද සැමරුම වෙනුවට මනුෂ්යත්වය සමරමු.

 

Remembering

දඩයම් යුගයේ විසූ මානවයා සිය ආහාර සපයා ගැනීම වෙනුවෙන් සතුන් දඩයමේ යෙදුනි. එහෙත් ඒ තමන්ගේ ආහාරයට ප්රමාණවත් පරිදිය. සතෙකු දඩයම් කර එය පිළිස්සෙන තුරු එහි සතුට බුක්ති විඳීමට එම ගිනිමැලය වටා විවිධ ශබ්ද නිකුත් කරමින් නර්තනයන් ඉදිරිපත් කලේය. ඇතැම් විට එය සිය ආහාරය සපයා දීම පිළිබඳව දෙවියන්ට කල ස්තූති කිරීමක්ද විය හැකිය.
අපි සියවස් ගණනාවකට පසු සමාජය තුල මේ මොහොතේ වෙසෙන්නේ සංස්කෘතික මිනිසෙකු ලෙසිනි. අපේ සංස්කෘතිය තුල සතුන් මැරීම පිලිනොගන්නා දෙයකි. සතුන් මරා පිළිස්සෙන තුරු නර්තනයක නියැලෙන්නේ නම් එය අතිශය ජුගුප්සාජනක, අමානුෂික ක්රියාවක් ලෙස අපේ සමාජය විසින් පිළිකුලෙන් යුතුව ප්රතික්ෂේප කරන බව නොකිව මනාය.
යුද්ධයක් යනු මිනිසා විසින් මිනිසාට එරෙහිව බලය වෙනුවෙන් කරණු ලබන මානව විරෝධී අති අමානුෂික ක්‍රියාවලියකි. අප එවැනි අති අමානුෂික ක්‍රියාවලියක දශක 3ක් පුරා නියැලී සිටියෝ වෙමු. අවසන එය එක් පාර්ශවයක පරාජයෙන් නිමාවට පත්විය. 2009 මැයි මස 17 වෙනි දින එල්ටීටීඊ ය පරාජය විය. එවකට ජනාධිපතිවරයා මැයි 19 වෙනිදා එය පාර්ලිමේන්තුවට නිළ වශයෙන් දැනුම් දුනි. එය ජය - පරාජ විසඳුමකි. සාමාන්යයෙන් ගැටුමක් විසඳීමේදි එය තිරසාර විසඳුමක් බවට පත්වන්නේ "ජය - ජය" ක්‍රමයට විසඳාගත හැකි නම් පමණි. නමුත් අපට එවැනි විසඳුමක් කරා යාමට නොහැකි වූයේ දෙපාර්ශවයම දැක්වු අනම්යශීලී ප්‍රතිපත්තිය නිසාය. සයිලොක් මස් රාත්තලම ඉල්ලා සිටීමත්, අප මස් කලඳක් හෝ දිමට අකමැති විමත් අවසානයේ නිමාවූයේ අතිවිශාල මිලක් ගෙවීමෙනි. යුද්ධයේ වියදම දැරූයේ අප විසින්ය. ඒ අප සියලු දෙනාගේ දරුවන්ගේ අනාගතයෙන් කොටසක් කපා ඉවත් කිරීමෙනි.
දැන් මහපොළොවේ යථාර්ථය වන්නේ කොටසක් ජයග්‍රහණය භුක්තිවිඳීමත්, කොටසක් පරාජයේ වේදනාව අත්විඳීමත්ය. එහිදී පරාජය වූයේ ශ්‍රී ලාංකික එක් ජන කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටි සන්නද්ධ කණ්ඩායමක් වුවද යුද්ධයේ දී ඝාතනය වූයේ සිංහල, දෙමළ, මුස්ලිම්,බර්ගර් ඈ සියලු ජනකොටස්ය. "යුද්ධයේදි පළමුවෙන් මිය යන්නේ සත්‍යයයි" කියමනක් තිබේ. යුද්ධයේ දරුණුතම අත්දැකීම වින්දේ දෙමළ ජනතාව බව අප අවංක නම් පිළිගතයුතුය. වසර 30ක් පුරා මරණය අතින්ගෙන, නිශ්චිත හෙටක් නොදැන, කුසට නිසි අහරක්, ගතට නිසි පිළියක් නැතිව ජීවත් වූයේ උතුරු හා නැගෙනහිර ප්රදේශයන්හි ජනතාව බව අප පිළිගත යුතුය. දකුණේ බෝම්බ පිපුරුණේ නැතිදැයි කෙනෙකුට ජනප්‍රිය ප්‍රශ්ණයක් නැගිය හැකිය. නමුත් අප බඩට කෑවේය. ගතට ඇන්දේය. දරුවෝ පාසැල් ගියෝය. අපි රැකියාවන්ට ගියෙමු. විශාල මිනිස් ඝාතනයකින් පසු යුද්ධය නිමාවිය. අප නිමාකලේ දීර්ඝකාලීන සමාජ ගැටලුවක ඵලය පමණක් බව කිසිවෙකු නොකීවෝය.

එතැන් පටන් බලයේ සිටි දේශපාලකයන් යුධ ජයග්‍රහණය තමන්ගේ දේශපාලන බල වයාපෘතියේ ප්‍රධානම දැති රෝදය බවට පත් කර ගනිමින් යුද උපකරණ ප්‍රදර්ශණය කිරීමටත්, යුද ජයග්‍රහණ සැමරුම් දිනයක් යොදා ගනිමින් එය තවත් උත්කර්ෂයට නංවා සිංහල ජන මනස යුද උන්මාදයෙන් ආලෝලනය කිරීමටත් යොදා ගත්තේය. යුද්ධය යනු සැමවිටම පරාජයක් බව කිසිවෙකුත් කීවේ නැත. යුද්ධය නිසා ගොඩනැගුණු අවිශ්වාසය, සැකය, වෛරය සමනය කොට බිඳුනු ජන මනස සුවපත් කිරීමටත්, ගිලිහුණ සහෝදරත්වයේ අත්වැල යළි නගා සිටුවීමටත් තඹ දොයිතුවක දෙයක් සිදු කරන්නට රට කරවු දේශපාලකයන් ඇතුළු කිසිවෙකුත් ඉදිරිපත් නොවීය. එසේ ඉල්ලා සිටිනවුන්ට දෙමළාට එල්ල කළ තුවක්කුවම ආපසු සිංහලයාගේ හිසට තබා ඔවුන් රටින් පිටුවහල් කලෝය. දැන් ජන මනස සුවපත් කරපල්ලායැයි ඉල්ලාසිටියවුන් ජාති ද්‍රෝහීන්, NGO කාරයන්, ඩොලර්කාක්කන් යැයි ලේබල් කෙරිනි. සිත් ගොඩනගනු වෙනුවට පාරවල්, පාලම්, බෝක්කු, ගොඩනැගිළි ඉදිකලෝය. දෙමළාගේ ඉඩකඩම් කොල්ලකෑහ. වසරක් පාසා දෙමළාගේ බිඳුනු හිත යළි යළිත් පාරමින් ආයුධ ප්රදර්ශනය කරමින් "දැනගනිල්ලා මෙන්න තොපි ගැහුව බඩු " හැඟීමෙන් ජයග්‍රහණය සැමරීය. එයින් සිදුවූයේ දකුණේ සිංහලයා තවත් උද්දාමයට පත්වෙන අතර දෙමළා අපෙන් තව තවත් වියෝ වූයේය.

මේ යථාර්ථය වටහා නොගෙන 2015 වසරේත් යුද සැමරුමක් ඉල්ලා සිටින ජනතාවක් තවමත් අප අතර සිටීම මෙම යුද සැමරුම් සැනකෙළියේ ප්‍රතිඵලයක් විනා අන් කුමක්ද? රෙදිපිළි හැඳ, අව් කන්නාඩි පැළඳ, ස්මාර්ට් ෆෝන් අතෙහි රඳවා සිටියාට අප එදා දඩයම වටා ගී ගයමින් සතුටුවූ ගෝත්‍රිකයාට වඩා අඟලක් හෝ ඉදිරියට පැමිණ තිබේද? මේ ගෝත්‍රික මනස නූතන මනසක් බවට පත්වන්නේ කවදාද? ජාතිය, ආගම, කුලය වැනි සාධක වලින් මිනිසා භින්න කරනවාට වඩා මනුෂ්යත්වය පෙරට ගෙන දියුණු මානව සබඳතා ගොඩනගා ගන්නේ කවදාද? මේ මහ පොළොව අප සියලු දෙනාගේ තාවකාලික නවාතැනක් බව අපට පිලිගන්නට තව කොතරම් මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලි දියයුතුද?
සහෝදරවරුනි, යුද්ධයෙන් මියගිය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඈ සියළු ජනකොටස් සිහි කරමින් මැයි 18 හෝ 19 යන ඕනෑම දිනක සවස තමන්ගේ නිවසේ පහනක් දල්වන්න. ඒ අනෙකක් නිසා නොව යුද්ධයෙන් මිය ගියේ අපේ අනෙකා නොව මනුෂ්යයින් වන බැවිනි.

කපිල එම්. ගමගේ

 

"හොරබොලා" : බෝවන රෝගය ලංකාවේ

news 1412857636

රැසියාවේ ​වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නවතම පර්යේෂණයකින් ​පෙන්වා දෙන්නේ ඇමරිකානු නව ව්‍යාපත්වාදය සදහා නවතම උපක්‍රමයක් ලෙස භාවිත කරන රෝගයක් ශ්‍රී ලංකාවෙන් හදුනාගෙන තිබෙන බවයි.

මේ වනවිටත් ​ මොස්කව් නුවර සිට ​වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් කීපයක් ​කොළඹ බලා පැමිණ අතර ඉදිරි දින තුළදී රෝගය පිළිබද තවත් කරැණු අනාවරණය කරගැනීමට බලාපොරොත්තු වන බව අදාළ ​වෛද්‍ය කණ්ඩායම පවසා සිටී.

​එම ​වෛද්‍ය කණ්ඩායම විසින් මෙතෙක් එළිදක්වා ඇති කරැණුවලට අනුව මූල්‍ය දුෂණ චෝදනා සහ ඕනෑම චෝදනාවක් මත අත්අඩංගුවට ගන්නා ලංකාවේ සියලු දේශපාලඥයන් ලෙඩවීම එම රෝගයේ ස්භාවය වෙයි. රැසියානු භාෂාවෙන් එම රෝගය හදුන්වන්නේ "හොරබොලා" යනුවෙනි.

ඉදිරියේදී පක්ෂ බේදයකින් තොරව හොරබොලා වැළදීමට ඉඩ ඇති අතර අදළ ​වෛද්‍ය කණ්ඩායම අනතුරැ අගවා සිටින්නේ දැනට ජාතික මට්ටමේ ඇති මේ රෝගය ඉතා ඉක්මනින් පලාත් සභා, නගර සභා, ප්‍රදේශීය සභා මට්ටමටද බෝ වීමේ අනතුරක් ඇති බවයි.

ලංකාවේ දේශපාලඥයන් වැලි මුවන් ලෙස හදුන්වන මීමිනන් තරම් අහිංසක නිසා ​පොලිස් අත්අඩංගුවට පත්වීම වැනි දැඩි කම්පනයට පත්වන සිදුවීමක් තුළදී මෙම රෝගය තත්ත්වයට භාජනය වන බවයි.

ලංකාවේ ස්​​වෛරීත්වය අස්ථාවර කිරීමේ අමුණින් ලංකාවේ අහිංසක දේශපාලඥයෙකු ඇමරිකාවට ගිය අවස්ථාවේදී ඇමරිකානු රහස් ඔත්තු ​ෙස්වා මගින් ඔහුගේ ශරීරයට මෙම රෝග කාරකය ඇතුළත් කර ඈති බවත් ඔහුගෙන් එම රෝගය ​අනෙක් දේශපාලඥයන් බෝවී ඇති බවත් රැසියානු ඔත්තුසේවා තොරතුරැ අනාවරණය කර සිටී.

මෙහි අවසාන අරමුණු වී ඇත්තේ ලංකාවේ සුපිරිසුදු , අහිංසක නිරෝගී දේශපාලඥයන් අඩපණ කර ඔවුන්ගේ අධිරාජ්‍යවාදී පිළිවෙත ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම බවයි.

මේ හා සමාන තත්ත්වයක් රැසියාවේ දේශපාලඥයන් අඩපණ කිරීමට ඇමරිකානු ඔත්තු​ෙස්වා උත්සහ කලද රැසියානු ඔත්තුසේවා විසින් එම උත්සහය අසාර්ථක කළ බව ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති.

රැසියානු ඔත්තුසේවා සහ මොස්කව් ​​වෛද්‍ය පර්යේෂණ ආයතනය ලංකාවේ ජනයාට අනතරැ අගවා සිටින්නේ මේ පිළිබද අවදියෙන් සිටින ලෙසයි.


පසුව සටහන -

ඒ අනුව බන්ධනාගාර ​​වෛද්‍ය ආරංචිමාර්ග සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂට ඇතුලු සියලු අත්අඩංගුවට පත්වූ දේශපාලඥයන්ට බෝ වී ඇත්තේ "හොරබොලා" රෝගය බවයි.


BY - කීර්ති වර්ණකුලසූරිය ​නොව LMG විසිනි.

කදුකර කදුලු තවමත් එලෙසමය

 

Photo1

වතුකරයේ දෙමළ ජනතාව යනු පරම්පරා ගණනක් අපට කැඹුරූ, වසර සිය ගණනක් මේ මහපොළොව ඔවුන්ගේ දහදියෙන්, කඳුළින් හා රුධිරයෙන් පෝෂණය කල ජන කණ්ඩායමකි. මේ රට කරවූ හෝ ඔවුන්ගේ කරමතින් රාජ්‍ය පාලනයට පැමිණ සත් මහල් පායවල් ඉදිකළ වතුකරයේ දේශපාලන නායකයින්ගෙන් හෝ ඔවුන්ට සාධාරණයක් ඉටුවූයේ නැත. මිනිසෙකුට ජීවත් වීමට අවැසි අවම මූලික පහසුකම්වත් ඔවුන් හට නොලැබුණු අතර ඔවුන්හට ජීවත් වීම සඳහා ලැබී තිබුණේ ඉංග්‍රීසීන් විසින් ඉදිකර දුන් ලැයිං කාමර පමණී. ඇතිකරණ කුකුළා, එළුවා, හරකා පවා ජීවත්වූයේ මේ කුඩා ලැයිං කාමර තුල සමෝසමේය. මිනිසාගේ මූලික උවමනාවක් වන සිය වර්ගයා බෝ කිරීමේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සඳහාවත් අවශ්‍ය පෞද්ගලිකත්වය රැකෙන ඉඩක් වත් එම නිවාස තුල නොතිබිණි.

මාගේ වෘත්තීය ජීවිතයේ විවිධ පර්යේෂණ කටයුතු සඳහා මේ ජීවිත තුලට කිහිප වතාවක් එබී බැලීමට මට අවස්ථාව ලැබුණ අතර ඒ හැම මොහොතකම මා තුල ඇතිවූයේ බලවත් කම්පනයකි. මොවුන් ජීවිතය දකින්නේ කවදාදැයි මම නිරන්තරව සිතන්නට වීමි.

සීත කඳුකරයේ තේවතු අතර ඉපිද අහම්බෙන් මෙන් උසස් අධ්‍යාපනයට යොමුව රැකියාවන් සොයන මේ දෙමළ තරුණ තරුණියන් කිහිප දෙනෙකුට රැකියාවන් ලබා ගැනීම සඳහා උදව් කිරීමට මට අවස්ථාවක් ලද අතර මා එය සිදුකලේ අපමණ තෘප්තදායක හැඟීමකිනි. මගේ මතකයේ හැටියට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ පාලන සමයේ මේ අහිංසක දෙමළ ජනතාවට කුඩා මහල් නිවාස ඉදිකර දී ඔවුන්ට නීත්‍යානුකූල බිම් කඩක අයිතිය ලබා දීමේ වැඩපිළිවලක් ගෙන ගිය අතර එයට විරුද්ධව එකල සිංහල ජාතිවාදීන් අවි අමෝරාගත්තේය. ආරම්භ කළ දෙයක් අභියෝග මැඩගෙන අවසානය කරා ගෙනයාමේ ශක්තිය නොමැති දේශපාලකයින් එය අතැර දැමුවාදැයි සැක සහිතය. මේ වැඩ පිළිවෙලට මගේ සිතතුල වූයේ අප්‍රමාණ ගෞරවයකි. සතුටකි. නමුත් ඒය වතුකරය පුරා පැතිරී ගොස් සාර්ථක නොවීය. මම කම්පාවට පත්වීමි.

පසුගිය දිනක මෙම වතුකර ප්‍රජාවට නීත්‍යානුකූල හිමිකමක් ඇති පර්චස් 7ක් වෙන්කොට දී එහි කුඩා නිවසක් ඉදිකර දීමේ ව්‍යාපෘතියක් වත්මන් රජය විසින් ආරම්භ කල බව වාර්ථා වෙනු දකින්නට ලැබුණි. මගේ සිතට කිසියම් උද්දාමයක් ඇතිවිය. එය එසේ විය යුතුමය. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට ලබා දිය යුතුය. ඒ වැඩසටහන අවසානය කරා රැගෙන යාම සඳහා පාලකයින් හට අප බලකර සිටිය යුතුය. එපමණක් නොව වතුකරයේ දෙමළ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, ආහාර වැනි මූලික අවශ්‍යතා සපුරා දිය යුතු යැයි මේ ධනපති පාලකයින්ට කෑගසා බල කර සිටිය යුතුය. ඔවුන් වෙනුවෙන් අපි එය මොවුන් ලවා ඉටුකරවා දිය යුතුය.

ඒ අනෙකක් නිසා නොව, මාද, මගේ දරුවන්ද නිදහස් අධ්‍යාපනය ලබමින් අපට අවශ්‍ය මූලික පහසුකම් වලින් සංතෘප්තව සිටින්නේ මේ මිනිසුන් තේ පඳුරු අතර හෙළන දහදිය කඳුළු හා රුධිරයට පින්සිදු වන්නටය. අපි ඔවුන්ගේ ණය කාරයින් වෙමු. ඒ ණය වහා ගෙවා දැමීම අපේ යුතුකම හා වගකීමද වන බැවිනි.

කපිල එම්. ගමගේ

 

සිංහල-බෞද්ධයන්ගේ ලෝක දර්ශණයේ දිග පළල

 

nepal-man-rubble-reuters-650 650x400 51430213935

ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධකරණය අරම්භවූ දා සිටි වර්ණවත් සහ බහු සංස්කෘතික රටක් වීමට තිබූ අවකාශයන් ඉතා ඉක්මනින් මකා දමමින් විශ්වීය මිනිසෙකු වීම වෙනුවට ලිංමැඩිකරණය තෝරාගෙන තිබේ. ඒ සදහා අවශ්‍යනම් ඕනෑතරම් ඉතිහාස ගත සාක්ෂි ගෙනහර දැක්විය හැකි අතර අාසන්නතම උදාහරණය සිංහල බෞද්ධයන්ගේ ලෝක දැක්මේ දිග පළල මොනවාට විදහා දක්වයි.

දැනට දින කීපයකට පෙර 2004 සුනාමියට පසු දකුණු ආසියාතික කලාපය මුහුණු දුන් දරැණුතම ස්භාවියක ව්‍යසනයට සහෝදර නේපාල වැසියන් මුහුණ දුන්හ. මිහිපිට ඇති එක් සුවිශේෂී සජීවී පෞරාණික සාක්ෂි නගරය කන්මන්දු නුවර සහ සමස්ථ නේපාලයම පසුගිය දා ඇතිවූ භූමිකම්පාවෙන් වසර සිය ගණනක් ජීවිත සමග බද්ධ වූ ශ්‍රේෂ්ඨ ඉතිහාස සාක්ෂි එක් මොහොතකින් බිම හෙලා සුනුවිසුණු කර දැමූහ. එම විනාශය දුටු මිහිපිට කිසිදු මිනිසෙකුට කම්පා නොවී සිටිය නොහැකි අතර නෙතට කදුලක් එක්වන්නේ නිරායාසයෙනි. විශේෂයෙන් එහි දිවි ගෙවූවෙකු ලෙස මේ මොහොතේ දැනෙන හැගීම ඉතා බරය.

නේපාල වැසියන් සිය ජීවිත සහ මරණ අතර මාරාන්තික සටනක නිරතව සිටියදී ලංකාවේ සිංහල-බෞද්ධයන් කීවේ කුමක්ද?

ඔවුන්ගේ කීවේ මෙන්න මේ වගේ අදහසකි. එය ඉතා පැහැදිලිව ඊනියා සිංහල-බෞද්ධයන්ගේ ලෝක දැක්මේ වර්ග ඵලය ලකුණු කරන්නකි.

ඔවුන්ට අනුව නේපාලය භූමිකම්පාවට සිදුවී ඇත්තේ ඊට පෙර දිනයේදී දහස් ගණනක් ගවයන් කපා යාගයක් පැවැත්වීම නිසා බවයි. දහස් ගණනක් මියගොස් මිලියන ගණණක් අවතැන් වී සිටින මේ මොහොතේ ලංකාවේ සිංහල බෞද්ධ මැඩියන් කථාකරන්නේ ලුම්බිණියේ බුදු පිළිමයකට කිසිදු හානියක් වී නොමැති බවයි. මේවැනි විකාර මත ප්‍රචාරය කිරීමට මාහාමාන්‍ය මාධ්‍යයැයි කියාගන්නා ලංකාදීප වැනි පුවත්පත් ද වෙයි.

මේ සියවසේ සිදුවූ බිහිසුනු ස්භාවික ව්‍යසනයක් ඉදිරියේ සිය මානුෂත්වයේ තරම සිංහල බෞද්ධයන් ​​පෙන්වමින් සිටී.

මේ සිංහල-බෞද්ධයන් ​ලෝකය තේරැම් ගන්නේ මේ විදිහටනම් අප ඔවුන් සලත වන කරැණක් මතක් කිරීමට කැමතිය.

නේපාලයට මෙතරම් ස්භාවික විනාශයක් පැමිණියේ දහස ගණනක් ගවයන් ඝාතනය කල නිසානම් දහස් ගණනක් දෙමළ මිනිසුන් ඝාතනය කිරීමට ආවැඩූ සිංහල-බෞද්ධයන්ට වීමට නියමිත ස්භාවික නස්පැත්තිය ගැන ඔවුන්ට සිතා ගත හැකිය.

නමුත් දේශපාලනය තුළ විසදා ගැනීමට අවශ්‍ය ප්‍රශ්ණයක් අප එවැනි විකාර තැනකට තල්ලු නොකර සිටින්නේ අප විශ්වාස කරන්නේ දෙමළ ජනයා ඝාතනයට ආවැඩූ සිංහල-බෞද්ධයන් සමග අපට එය බේරා ගත හැක්කේ දේශපාලනයෙන් පමණක් බවයි.

ඒ අතරමේ සිංහල බෞද්ධ ලිංමැඩියන්ගේ දැනුම සදහා මේ කරැණු ටික සටහන් කිරීමද වටින්නේය.

​බිලිපූජා පැවැත්වූ ආගමික උත්සවය පැවැත්වෙන්නේ සෑම වසරක දෙසැම්බර් මාසයේදීය. ඔබ නොදන්නවා වූවාට අප ගතකරමින් සිටින මාසයට කියන්නේ අප්‍රේල් මාසය කියාය. අනෙක් නේපාලයේ ගවයා යනු ශ්‍රද්ධ වූ සතෙකි. එම නිසාම ලංකාවේ සිංහල බෞද්ධයන් ගවමස් කෑවාට නේපාල වැසියන් ගවමස් කන්නේ නැත. කත්මන්දු නිම්න්යෙන් පිට ජීවත්වන බොහෝ ජනයා බොහෝ විට කිසිදු මාංශයක් ආහාරයට ගන්නේ නැත.

එ​ෙස්ම සිංහල බෞද්ධයන් වසර 2500 ක් සංස්කෘතියක් කියා කියන්නේ ගල්කණු සහ ​චෛත්‍ය කීපයකට පමණි. ​නේපාල වැසියන් ගේ සංස්කෘතිය කියා කියන්නේ වසර දහස් ගණනක සිට තවම සජීවීව ​​දෛනික ජීවත්වන සංස්කෘතියකටය. සමස්ථ ලෝකයම නේපාලය ව්‍යසනය ලෝක ව්‍යසනයක් ලෙස සලකන්නේ එලෙසිනි.

කත්මන්දු, ලලිත්පූර් සහ භක්ථපූර් යන පැරණි නගර ත්‍රිත්වයම වසර දහස් ගනණක සිට තවමත් සජීවීය. වසර ගණනක් වාරි මාර්ග තවමත් සක්‍රීයය.

නමුත් මේ කිසිවක් නොදන්න​ා ඊනියා සිංහල-බෞද්ධයන් තමන්ගේ නොදන්නා කම ප්‍රදර්ශණය කරමින් සිටී. මේ බොහෝ ඇයෝ ඇමරිකන් ඩෙනිම් ඇදගෙන පෙම්වතියට බුදුසරණයි කියා ගල් යුගයේ ජීවත් වන්නෝ වෙති.

මෙයින් හැගෙන අදහස ඉතා පැහැදිලිය මේ නරැම පිරිස් ලංකාව තුළ සිදුවන ඕනෑම ව්‍යසනයකදීද හැසි​රීමට නියමිත ඇත්තේ මේ ලෙස නොව වෙනත් ආකාරයකට නොවේ.

2004 සුනාමි පැමිණි දහස් ගණනක් ජනයා මියයද්දී ඔවුහු නැගෙන හිර සහ දකුණේ නොකැඩුනු බුදු පිළිම සෙවූහ. 2009 දෙමළ ජනයා දහස් ගණනක් ඝාතනය කරද්දී ඔවුහු මිනීමරැවන්ට පිරිත් නූල් බැන්දූහ.
මේ සියල්ලෙන් පෙන්නුම් කරමින් සිටින්නේ සිංහල බෞද්ධයන්ගේ ලෝක දැක්මේ දිග පළලය.

ඇත්තෙන්ම අවසානය අපට පෙනී යන්නේ සිංහල-බෞද්ධ ජාතික ව්‍යාපාර විසින් සිංහල බෞද්ධයාට ඥානනය කර ඇති දැනුමේ වටප්‍රමාණයේ තරමය.

පසන් ජයතිලක

 

ආචාර ධර්ම කියන්නෙ හෘදය සාක්ෂියයි - දිලීප අබේසේකර

deleepaදිලීප අබේසේකර යන නාමය මෙරට පාඨකයන්ට අමුතුවෙන් විස්තර කර හඳුන්වා දිය යුතු නැති තරම් ය. පිටපත් රචකයකු නිර්මාණ අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු, ලේඛකයකු ලෙස ක්ෂේත්‍ර ගණනාවක් පුරා ඔහු තම වපසරිය ශ්‍රී ලංකා සමාජය මත මුදාහරිමින් සිටි. ජාත්‍යන්තර සම්භාවනාවට පත් ෂෙහාන් ගුණසේකරගේ,

Read more...

ඉන්දීය සාහිත්‍යය හා කලාව හමුවේ ඇති ලොකුම අභියෝගය - බොලිවුඩ් සිනමාව!

ar0710285ඉන්දීය ලේඛක මනෝජ් කුමාර් හෙවත් ෆ්‍රෑන්ක් එම්. හුසූර්

ඔබ ගැනත් ඔබේ නිර්මාණ කටයුතු ගැනත් වගේ ම ඔබේ නිර්මාණ හේතුවෙන් ඔබට විඳින්නට වූ කරදර පිළිබඳවත් දැන ගන්න අප කැමැතියි.

දැනට මම ඉන්දියාවේ ‘සහරා ටයිම්’ (SAHARA TIME) පුවත්පතේ පුවත්පත් කලාවේදියෙක් විදිහට කටයුතු කරනවා. සාහිත්‍ය, කලාව, සංස්කෘතිය සහ දේශපාලනය සම්බන්ධ විෂයයන් ගැන තමයි මම ලියන්නෙ. ඊට අමතරව මගේ සාහිත්‍ය නිර්මාණ කටයුතුත් දිගටම කරගෙන යනවා. පාසල් කාලයේ සිටම මම කවි ලිව්වා, නාට්‍ය නිර්මාණය කළා. අදටත් මම මේ නිර්මාණ කටයුතු කරනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ විගසම මා නිර්මාණය කළ ‘හිට්ලර් ඉන් ලව් විත් මැඩෝනා’ (HITLER IN LOVE WITH MADONNA) නමැති එක් නාට්‍යයක් විශාල ආන්දෝලනයකට තුඩු දුන්නා. එහි පුහුණුවීම් කටයුතු කරගෙන යන විට හැම අතින්ම විවිධ බලපෑම් එල්ල වෙන්න පටන්ගත්තා. වැඩිකල් නොගිහින්ම පුහුණුවීම් අතරමඟ නතර කරන්න සිද්ධ වුණා. ඒ නිසාම නාට්‍යය වේදිකාගත කරන්න ඉඩ ලැබුණෙත් නැහැ. මේ නාට්‍ය පිටපතේ විදිහට ඇඩොල්ෆ් හිට්ලර් එක්තරා අවස්ථාවකදී මැඩෝනා නමැති සුරූපිනිය සමඟ පේ‍්‍රමයෙන් බැඳෙනවා.

ඉන්පසුව ඔහුගේ දේශපාලන ජීවිතය තුළ ඒ පේ‍්‍රමය කි‍්‍රයාත්මක වන ආකාරය සහ එයින් ඔහුගේ ජීවිතයට එල්ල වන බලපෑම යනාදිය ඔස්සේ සමාජ දේශපාලනික කරුණු සහ මනුෂ්‍යත්වය පිළිබඳව කෙරෙන විග‍්‍රහයක් හැටියට තමයි මා මේ නාට්‍යය නිර්මාණය කළේ. සත්‍යය සහ කල්පිතය යන දෙකම මා මේ නිර්මාණයට පාදක කරගත්තා. මේ නාට්‍යයෙන් සාකච්ඡා කළ ඇතැම් දේවල් ඉන්දියාවේ ඇතැම් දේශපාලනඥයින්ටත් වලංගු, ඔවුන්ගේ ඇත්ත ජීවිතයේ හැංගුණු පැති අනාවරණය කරන ආකාරයේ ඒවා වූ නිසාම ඔවුන් මේ නිර්මාණයට එරෙහිව කටයුතු කරන්නට පටන්ගත්තා. නාට්‍යය තහනමට ලක්වුණා. මට බොහෝ කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජීවිතය ගලවාගන්න පලා යන්නත් මට සිද්ධ වුණා. මුල් කාලයේදී මා නිර්මාණ කටයුතු කළේ මනෝජ් කුමාර් යන නමින්. පසු කාලයකදී මගේ ආරක්ෂාව සඳහා මනුස් ඛාන් යන නමකින් පෙනී සිටින්නට මට සිදුවුණා. ඊටත් පසු කාලයකදී ෆ‍්‍රෑන්ක් හුසූර් යන නමින් නිර්මාණ කටයුතු කරන්නට මා පටන්ගත්තා. ඒ නම තමයි අදටත් මා පාවිච්චි කරන්නේ.

ඔබ නිර්මාණ කාර්යයේ යෙදෙන්නේ කුමක් සඳහා ද?

නිර්මාණකරණයට මා පෙලැඹුණේ කුඩා කාලයේ සිටම මට අත්විඳින්නට සිදුවූ අමිහිරි සමාජ අත්දැකීම් ඔස්සේයි. මා ඇසූ දුටු සමාජ අසාධාරණයන්ට එරෙහිව තමයි මගේ නිර්මාණ බිහි වුණේ. සමාජ දේශපාලන කරුණු සම්බන්ධයෙන් මා තුළ වූ කලකිරීම, අතෘප්තිකරබව හඬ නඟා කියන්නටයි මා නිර්මාණ කළේ. ඇති හැකි අය සහ නැති බැරි අය අතර මා දුටු පරතරය, දරිද්‍රත්වය නිසා බොහෝ වරප‍්‍රසාද අහිමි වූ පිරිස්, කුල ක‍්‍රමය, වංචාව සහ දූෂණය, දේශපාලන මැරකම් වගේ දේ මගේ නිර්මාණ සඳහා අමුද්‍රව්‍ය වුණා. මෙවැනි විවිධ විෂයයන් ඔස්සේ මා රචනා කළ නිර්මාණ ඇතුළත්, ‘ලේ රත් වෙමින් තිබේ’ යන අදහස ඇති ‘බ්ලඩ් ඉස් බර්නින්’ (Blood is Burning) නමැති කාව්‍ය සංග‍්‍රහයක් 2002 වර්ෂයේදී පළ වුණා. නමුත් එයත් ඉතාම කෙටි කාලයක් ඇතුළත තහනම් කෙරුණා.

නිර්මාණ දිවියට එවැනි බාධක එල්ල වන විට ඔබට ඇති වුණේ මොන වගේ හැඟීමක් ද?

එක්තරා ආකාරයක වේදනාවක්, කලකිරීමක් දැනුණා. ඒත් කොයි තරම් බාධක, දුෂ්කරතා සහ තර්ජන මැද වුණත් නිර්මාණ කටයුතු දිගටම කරගෙන යෑමේ වුවමනාව මට තිබුණා. තහනමට ලක්වූ මගේ නිර්මාණ කෙසේ හෝ කවදා හෝ ජනතාව අතරට ගෙන යා යුතුම ය යන හැඟීම මා තුළ ඇති වුණා. ඒ හැඟීමත් හිතේ දරාගෙනම දිගින් දිගටම මා නිර්මාණ කටයුතු කළා. ඒ අතරම අලුත් ආරක විමර්ශනාත්මක සඟාවකුත් පටන් අරන් කාලයක් පවත්වාගෙන යන්නත් මට පුළුවන් වුණා. ඉන්දියාවේ පාඨක විචාරක පිරිස් අතර ජනපි‍්‍රය වූ ‘යුටෝපියා’ (UTOPIA) නමැති ඒ සඟාව කලාප හත අටක් පමණ පළ කිරීමෙන් පසු නොයෙකුත් විරෝධතා සහ අර්බුදකාරී තත්ත්වයන් නිසා එය තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ඉන්දියාවේ සමාජ දේශපාලනික වටපිටාව එවැනි සඟාවක පැවැත්මට හිතකර ආකාරයේ එකක් නොවෙයි.

ඔබ එයින් අදහස් කරන්නේ සාහිත්‍ය කටයුතුවලට ඔබේ රටේ දේශපාලනයෙන් බලපෑම් එල්ල වන බව ද?

ඔව්. දේශපාලනය සහ දේශපාලනඥයන් අපේ රටේ සාහිත්‍ය නිර්මාණ කටයුතු අවුල් කරනවා. සුසාධිත සාහිත්‍යය වෙනුවට ජඩ දේශපාලනයට සහ අමන දේශපාලනඥයන්ට අභිමත ආකාරයේ ප‍්‍රශස්ති සාහිත්‍යයක් බිහිකිරීමට ඇතැමුන් කටයුතු කරනවා. සාහිත්‍ය කලා කටයුතු ඉදිරියට ගෙන යෑමට උදව් කරන පරිසරයක් අද අපේ රටේ නැහැ. බොළඳ, නිසරු වල්පල් ඉස්මතු වෙමින් හරවත් සාහිත්‍යය කලාව සමාජයෙන් දුරස් කරන තත්ත්වයක් අද ඇති වෙමින් පවතිනවා. සත්‍යය, යථාර්ථය යටපත් කරමින් අසත්‍යය නැගී සිටින බවක් තමයි අද අපට දකින්නට ලැබෙන්නේ. බොහෝ විට නිර්මාණ නමින් අද බිහි වන්නේ සත්‍යයෙන් සහ යථාර්ථයෙන් බොහෝ දුරස්ථ වූ ව්‍යාජ දේ. මේ තත්ත්වය වෙනස් කරන්නට මට අවශ්‍යතාවක් තියෙනවා. මගේ මුල්කාලීන නිර්මාණවලින් පවා මා උත්සාහ කළේ සැබෑව, යථාර්ථය හුවා දක්වන්න. එහෙත් ඒකට බොහෝ අය කැමැති නැහැ. කැමැති නැතුවා පමණක් නෙවෙයි, බොහෝ අය එවැනි නිර්මාණවලට එරෙහි වෙනවා. මගේ මුල් නිර්මාණවලට සිදුවූයේ එයයි. එහිදී නිර්මාණ වෙනුවෙන් හෝ මා වෙනුවෙන් පෙනී සිටින්න, ඒ නිර්මාණ සහ මා ආරක්ෂා කරගන්න බොහෝ අය ඉදිරිපත් වුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ නිර්මාණකරුවකු ලෙස මා ඉතා අසරණ වුණා. දැඩි හුදෙකලා බවක්, තනිකමක් වැනි හැඟීමක් මට දැනෙන්න පටන්ගත්තා. එහෙත් පරාජිත නිර්මාණකරුවකු ලෙස කරබාගෙන සිටීම නිර්මාණකරුවකු විසින් නොකළ යුතු දෙයක් බව තේරුම් ගෙන තවදුරටත් නිර්මාණ කටයුතු කරන්න මා තීරණය කරගත්තා.

සාහිත්‍යයට ඔබේ රටේ රජයෙන් ලැබෙන්නේ මොන වගේ අනුග‍්‍රහයක් ද?

ලැබෙන්නේ ඉතාම අඩු සැලැකිල්ලක්. සාහිත්‍යය නගා සිටුවන්න ප‍්‍රමාණවත් තරම් දායකත්වයක් අද වන විට රජයෙන් ලැබෙන්නේ නැහැ. දේශීය සාහිත්‍යකරුවන් සහ ප‍්‍රකාශකයන් වෙනුවෙන් කළ හැකි සහ කළ යුතු බොහෝ දේ රජයෙන් කෙරෙන්නේ නැහැ. ඉතා විශාල රටක් වන ඉන්දියාවේ විශාල වෙළෙඳ පොළක් තිබුණත් අද වන විට අපේ රටේ සාහිත්‍යකරුවන් යම් තාක් දුරකට අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා. හැබැයි විදෙස් සාහිත්‍යකරුවන්ට සහ ප‍්‍රකාශක සමාගම්වලට රජයෙන් යම් යම් සහන ලැබෙනවා. මේ තත්ත්වය වෙනස් විය යුතු බවයි මගේ විශ්වාසය. විදෙස් සාහිත්‍ය කෘතීන් හෝ විදෙස් සාහිත්‍යකරුවන් හෝ ප‍්‍රකාශන සමාගම් අපේ රටේ ස්ථාපිත කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. එය කළ යුතු දෙයක්. හැබැයි අපේ රටේ සාහිත්‍ය කෘතීන්, සාහිත්‍යකරුවන් සහ දේශීය ප‍්‍රකාශකයන්ටත් අනුග‍්‍රහය දැක්වීම රජයේ වගකීමක්.

ඔබේ රටේ සාහිත්‍යය හමුවේ ඇති අභියෝග මොනවා ද?

ලොකුම අභියෝගය ජනපි‍්‍රය බොලිවුඩ් සිනමාව. අද අපේ රටේ සාහිත්‍යය සහ කලාව යටපත් කරගෙන බොලිවුඩ් සිනමාව නැඟී සිටිනවා. අද තරුණ පරම්පරාව සාහිත්‍යය ගැන සුළුවෙන්වත් උනන්දුවක් නොදැක්වූවාවට ඔවුන් ඉතා ශීඝ‍්‍රයෙන් ජනපි‍්‍රය සිනමාව වෙත ඇදී යමින් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය ජනපි‍්‍රය සිනමා තරු බවට පත්වීමට පමණයි. තවත් පැත්තකින් රූපවාහිනිය මේ තරුණ පිරිස් ග‍්‍රහණයට ගෙන තිබෙනවා. මේ හේතුව නිසා අද ඉන්දියාවේ පාඨක සහ සාහිත්‍ය රසික පිරිස් අඩුවීගෙන යනවා. අද වන විට අපේ රටේ කවිය කියන සාහිත්‍යාංගය නැත්තටම නැති වී යන ලකුණු පහළ වෙමින් තියෙනවා. ඉන්දියාවේ විතරක් නෙමෙයි මේ තත්ත්වය අද ලෝකය පුරාම දකින්න පුළුවන්. කවි ලියලා ජීවිකාව උපයාගන්න පුළුවන්කමක් කොහොමටත් නැහැනෙ. කවිය කියන්නේ අලෙවි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ප‍්‍රකාශකයො වුණත් කවි ප‍්‍රතික්ෂේප කරනවා. මේ තත්ත්වය තුළ කවිය සහ කවීන් බිහි වන්නේ නැහැ. කවිය වෙත තරුණ පිරිස් යොමු කරවන වටාපිටාවක් අද අපේ රටේ නැහැ.

මේ අර්බුදකාරී තත්ත්වය ජයගැනීමට කළ යුත්තේ කුමක් ද?

කවිය ඇතුළු සියලු සාහිත්‍යාංග අද දවසේ මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වය වෙනස් කරන්න නම් කවීන් සහ සෙසු සාහිත්‍යකරුවන් ඒකරාශී වෙලා කිසියම් ආකාරයක කාව්‍ය සාහිත්‍ය ව්‍යාපාරයක් දියත් කළ යුතු වෙනවා. ඒ හැම කෙනෙක්ම තම තමන්ගේ දායකත්වය කිසියම් ආකාරයකින් මේ සඳහා ලබාදිය යුතුයි. පාඨක සහෘද පිරිස් සහ ප‍්‍රකාශකයන් ආකර්ෂණය කරගත හැකි කිසියම් වැඩපිළිවෙළක් ඇරැඹිය යුතුයි.

ජනතාව ඉතාම අපි‍්‍රය කරන දේශපාලනඥයන්ටත් පුළුවන්නම් බොරු කිය කියා හෝ ජනතාව තමන් වෙත ආකර්ෂණය කරගන්න, ඇත්ත කතා කරන නිර්මාණ හරහා ඇයි අපට බැරි ජනතාව අප වෙත කැඳවාගන්න? විය යුත්තේ එයයි. අපි නිර්මාණ ඔස්සේ ජනතාවට ආමන්ත‍්‍රණය කළ යුතුයි. ඔවුන්ට දුරස්ථ වූ, ඔවුන්ට නොදැනෙන නිර්මාණ වෙනුවට ඔවුන්ට සමීප, ඔවුන්ට දැනෙන ආකාරයේ නිර්මාණ බිහි කළ යුතුයි. ඔවුන් අපේ නිර්මාණ කාර්යයේ කොටසක් බවට පත් කරගත යුතුයි. එවිට ඔවුන් ඒ නිර්මාණ ආදරයෙන් වැලැඳ ගනීවි. රජය හෝ වෙන කවුරුන් හෝ අපට උදව් කරාවි යැයි යන සිහිනයේ ගිලී නොසිට අපි අපිම එකතු වී මේ තත්ත්වය ඇති කරගත යුතුයි. සාහිත්‍යකරුවන්ට තවදුරටත් හුදෙකලා වී සිටිය නොහැකියි. තම තමන්ගේ නිර්මාණ පමණක් ගැන නොසිතා සියලු නිර්මාණකරුවන් සහ නිර්මාණ ගැන සාමූහිකව සිතන්නට නිර්මාණකරුවන් හුරුපුරුදු විය යුතුයි.

සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් අද ඔබේ රටේ පවතින්නේ මොන වගේ තත්ත්වයක් ද?

මාත් සාහිත්‍ය සහ කලා විචාර ලියනවා. හැබැයි අද වන විට විචාරය ගැන සතුටු විය හැකි තත්ත්වයක් නම් අපේ රටේ නැහැ. මැදිහත් විචාර කරන විචාරකයො අද නැහැ. බොහෝ අය විචාර නමින් කරන්නෙ ප‍්‍රචාර. හරයක් නැති කෘති පුම්බා තබන ඔවුන් වැඩි දෙනෙක් කරන්නෙ තමන්ට හිතවත් ලේඛක ලේඛිකාවන් අගය කරන ලියවිලි ලියා පුවත්පත් පිටු පිරවීම පමණයි. විචාරයට හසු විය යුතු සැබෑ කෘතීන් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ නැහැ. හරවත් විචාරයක් කළ හැකි, දැනුමෙන් සන්නද්ධ විචාරක පිරිස් අද ඉන්දියාවේ ඉතා අඩුයි. කිසියම් නිර්මාණ කෘතියක් කියවා එය නිසි ආකාරයෙන් විචාරයට ලක්කිරීමට හැකියාවක් සහ ඕනෑකමක් අද විචාරකයන් නමින් පෙනී සිටින බොහෝ අයට නැහැ. ඇත්තම කියනවානම් අද අපේ රටේ හරවත් සාහිත්‍ය කලා විචාරයක් ඇත්තේම නැති තරම්. මේ තත්ත්වය තුළ සාහිත්‍ය සහ කලාව පිළිබඳ සැබෑ ඇගැයීමක් සිදුවන්නේ නැහැ. සාහිත්‍යය සහ කලාව ජනතාව වෙතින් තව තවත් දුරස් වීමට මෙයත් එක්තරා හේතුවක්.

ඔබේ රටේ සාහිත්‍යය අප හඳුනාගන්නේ පරිවර්තන මඟින්. ඉන්දියාවේ පරිවර්තන සාහිත්‍යය ගැන ඔබේ අදහස කුමක් ද?

සාහිත්‍ය කලාවේ උන්නතියට පරිවර්තන ඉතා වැදගත්. මා බොහෝ දුරට නිර්මාණ කටයුතු කරන්නේ ඉංගී‍්‍රසි භාෂාවෙන් නිසා මගේ නිර්මාණ වෙන භාෂාවන්ට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවක් මට ඇතිවෙලා නැහැ. ඉංගී‍්‍රසි බසින් කෙරෙන නිර්මාණ ලොව පුරා විවිධ රටවල පාඨක පිරිස් අතරට ගෙන යන්න පුළුවන්. නමුත් අපේ රටේ විවිධ භාෂාවලින් කෙරෙන නිර්මාණ වෙනත් රටවල පාඨක පිරිස් අතරට ගෙන යෑම සඳහා පරිවර්තනය අවශ්‍ය වෙනවා. ඒ වගේම ඉංගී‍්‍රසි භාෂාවෙන් ලියැවී ඇති නිර්මාණ අපේ රටේ ඉංගී‍්‍රසි නොදන්නා පාඨක පිරිස් අතරට ගෙන යෑමටත් පරිවර්තනය වැදගත් වෙනවා.

මේ පරිවර්තන කටයුත්ත යම් ප‍්‍රමාණයකට අපේ රටේ දැනට කෙරෙමින් පවතිනවා. නමුත් එය ප‍්‍රමාණවත් නැති බවයි මගේ නම් හැඟීම. සාහිත්‍ය කෘති පරිවර්තනයට මුල් බසත් ඉංගී‍්‍රසි බසත් එක සේ උගත් පිරිස් අවශ්‍යයි. එවැනි පිරිස් අපේ රටේ ඉතා හිඟයි. මේ හේතුව නිසා හොඳ සාහිත්‍ය පරිවර්තන කෙරෙන්නේ ඉතා අඩු ප‍්‍රමාණයක්. අපේ රටේ ඉතා විශිෂ්ට මට්ටමේ සාහිත්‍ය කෘති බොහොමයක් තවමත් ඉංගී‍්‍රසියට හෝ වෙනත් විදෙස් භාෂාවකට පරිවර්තනය වෙලා නැහැ. එය කනගාටුවට කරුණක්. මේ තත්ත්වය වෙනස්වීමට නම් සාහිත්‍යයට ඇල්මක් දක්වන, ද්විභාෂා ඥානයෙන් පිරිපුන් නිර්මාණශීලී සාහිත්‍ය පරිවර්තකයන් පිරිසක් බිහි විය යුතුයි.

සාහිත්‍යයේ හෙට දවස සහ නව පරපුර ගැන ඔබේ අදහස?

අලුත් පරම්පරාව ගැන මා තුළ ඇත්තේ විශාල කනගාටුවක්. ඔවුන් සාහිත්‍යය ඇසුරු නොකරන, ජනපි‍්‍රය සහ බාල බොළඳ දේ පසුපස යමින් මං මුළාවක වැටී සිටින පිරිසක් බවට පත්වෙලා. ඔවුන් පොතපත කියවන්නේ නැහැ. ඒකට ඔවුන්ට කාල වේලාවක් හෝ ආසාවක් ඇත්තේත් නැහැ. ඔවුන් සාහිත්‍ය කලාව වෙත යොමු කරවන්නට උවමනාවක් කිසිවකුට ඇත්තේත් නැහැ. මෙවැනි තරුණ පරපුරකින් හෙට දවසේ සාහිත්‍යයට යමක් එක් වේයැයි බලාපොරොත්තු විය නොහැකියි. එහෙත් මේ නව පරපුරේ ඉතා විශාල නිර්මාණ හැකියාවකින් සහ ජවයකින් පොහොසත් පිරිස් කොතෙකුත් සිටිනවා. ඔවුන්ට මඟ හෙළි පෙහෙළි කර දෙමින්, ඔවුන් සමාජයට වැඩදායක සාහිත්‍ය නිර්මාණකරුවන් පිරිසක් බවට පත්කිරීමට අප කටයුතු කළ යුතුයි.

මේ තරුණ පරපුර සාහිත්‍යය වෙත යොමු කරවීම අද දවසේ වැඩිහිටි සාහිත්‍යකරුවන්ගේ වගකීමක් වී තිබෙනවා. පොතපත කෙරෙහි ඔවුන්ව යොමු කරවමින්, සාහිත්‍යය පිළිබඳව ඇල්මක් උනන්දුවක් ඇති පිරිසක් ඔවුන් අතරින් බිහි කරගැනීමට වැඩිහිටි පරපුර උත්සාහ ගත යුතුයි.

සංලාපය - අජිත් නිශාන්ත | Silumina

මනෝ කැටුව එන‘ මන්දගාමී පෙම්වතා'

 

mandagamiලේඛකයෙකු, නාට්‍ය නිශ්පාදකවරයෙකු, රංගධරයෙකු වශයෙන් දිගුකලක් මුළුල්ලේ ස්වකීය සෞන්දර්යාත්මක ප්‍රකාශනයන් රසිකයන් හමුවේ තැබූ ජයලත් මනෝරත්නයන් නව මාධ්‍යක් ඔස්සේ ශ්‍රාවක රසිකයන් අතරට පිවිසීමට සැරසේ.

Read more...

පීකේ සහ ෆායි ගේ ජීවිතයේ සිට පීප්ලි ලයිව් දක්වා

pkආගම සකස් කරන්නේ මිනිසා බවත්, මිනිසා සකස් කරන්නේ ආගම නොවන බවත්, මාක්ස් වරෙක ලීවේය. එසේනම් මිනිසාගේ භාවිතාව දෙවියන් හමුවේ ද්විතීක(Advanced)වන අතර දෙවියන් නිර්මාණය කිරීම මිනිසාගේ ප්‍රාථමික(Primary)භාවිතාවකි. මේ දිනවල ලොව පුරා ආදායම් වාර්තා තබමින් තිරගත වන pk බොලිවුඩ් චිත්‍රපටය ද තේමාත්මක වශයෙන් ආගම සහ මිනිසා අතර පවතින බැඳීම විවේචනයට හසු කර ගනු ලබන කොමර්ෂලීය චිත්‍රපටයකි. Read more...

 

 

සිව් මංසල