19 December 2018
RSS Facebook Twitter   

White Tiger ; ඉන්දියාව උස්සා පොළවේ ගැසීම

 

White tiger

සල්මන් රැෂ්ඩි එයාගේ මැදියම් දරැවෝ ​කෘතියේ එක තැනක ඊනියා නිදහස් මැදියම් රාත්‍රියෙන් පසුව එළබෙන "නව ඉන්දියාව" සම්බන්ධව මෙන්න මේ විදිහට සදහනක් කරනවා.

"දෙවියන් සහ මුදල් ; ඉන්දියාව කියන්නේ ඉතා බලවත් සහ සමව පවතින ෆැන්ටසි දෙකකට උපමා කරන්න පුලුවන් ඕනෑම දෙයක් සිදුවිය හැකි මිත්‍යා-ප්‍රබන්ධ සමූහයක එකතුවක්."

1947 පස්සේ එළබෙන පශ්චාත් අධිරාජ්‍යවාදී යුගයෙන් පසුව එන නව ඉන්දියාව තුළ පවතන තවත් ඉන්දියාවන් ගණනාවක සමාජ සංගටකයන් වැඩ කරන ආකාරය සම්බන්ධව අර්වින්ද් අඩිගා විසින් ලියන "White Tiger" නවකථාව අපේ භාෂාවෙන් කියනවානම්, ඉන්දියාව උස්සා පොළවේ ගැසීමක්.

ඉන්දීය සමස්ථ සමාජයම වෙළාගෙන ඇති දුප්පත්කම, කුළවාදය, වාර්ගික බෙදීම්, සමාජ ප්‍රශ්ණ, ලිංගික පීඩනය, මේ සියල්ලක් අර්වින්ද් සිය කෘතිය තුළ හරි ලස්සනට අතිශය උපහාසත්මක විදිහට අපි ඉස්සහට ​ගේනවා.

එක පැත්තකින් ඒක හරි අමාරැ වැඩක්. මොකද ඉන්දීයාව වැනි විසිරැ පැතිරැණු ගතියන් සහිත සමාජයක් සංස්කෘතික විවේචනයක් දක්වා දිගුකිරීමට ලේඛණයක් වෙත ගෙනයාමට කථාකරයෙක් දරන උත්සහය තුළ ඔහුට හෝ ඇයට මගහැරිය හැකි තැන් බො​​හෝමයක් නිසා. නමුත් අර්වින්ද් ඒ අභියෝගය ජයගන්නවා කියලයි මට හිතෙන්නේ.

White Tiger හී කථා සංරාංශයට අනුව සමස්ථ කථාව කියන්නේ ඉදිරියේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත චිනයේ ප්‍රධානියාට. ඒ ලියන හැම වචනයක් එක්කම ඉන්දියාව නිරැවත් වෙනවා. ඉන්දියාව විතරක් නෙමෙයි, සමස්ථ දකුණු ආසියාවම නිරැවත් වෙනවායි කියලයි මගේ අදහස. මොකද දකුණු ආසියාව පුරාම මේ මොඩල් අඩු වැඩි විදිහට ක්‍රියාත්මක වෙන නිසා.

කථාවට එළඹීම,

උපන් සෑම අයෙක්ටම විශේෂ වූ නමක් දුන්නද මුන්නාට විශේෂ නමක් තිබ්බේ නැත. මුන්නා කියන්නේ උගේ භාෂාවෙන් කොල්ලාටය. ඒ නිසාම මේ කොල්ලාට අනෙක් කොල්ලන් සහ කෙල්ලන් විසින් කථාකලේ කොල්ලා කියාය. දහසකුත් ප්‍රශ්ණ තියෙන තැලෙන පොඩිවෙන මුන්නාට නමේ ප්‍රශ්ණය එන්නේ ඉස්කොලේ ගිය දවසේය. ගුරැවරයා විසින් හැමෝගෙම නම් අසමින් සිටින විට එක් කොල්ලෙකු තමන්ගේ නම කොල්ලා කියා කියයි.එක් නමක් නොවේ කියා කියමින් ගුරැවරයා විසින් මුන්නා "බාල්රාම්" ලෙස නමක් තිබයි.

හල්වායි නම් "රසකැවිලි කුළයේ" රික්ෂෝ තල්ලුකරන්නෙකුගේ පුතකුව ලෙස ඉපිද බැං​ගලෝරයේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය << ඉන්දීය ක්‍රමය >> පිළිබද විස්තර ඔහු එකින් එක චීන ආණ්ඩුවේ ප්‍රධානියාට විස්තර කරයි. ( අප ඒ ඉන්දීය කුමය දකුණු ආසියාතික ක්‍රමය කියා නම් කරමු)

ඉතා දිළිදු රික්ෂෝ තල්ලුකරන්නෙකු වූ පියාගේ පරම්පරාවට පමණක් නොව තමන්ගේ පරම්පාරාවටද මුහුණ දීමටට සිදුවන කටුක අත්දැකීම්ද ලෝකයේ ඊනියා විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ ප්‍රජාතන්වාදය මුදල් ඇති තැනට පමණක් සීමා වීමේ කටුක යථාර්ථය එකින් එක බාල්රාම් විසින් විස්තර කරනු ලබයි.

ඔහු තම ජීවිතය හදුන්වනු ලබන්නේ "හාෆ්බේක් හෙවත් බාගෙට පිළිස්සූ ඉන්දියානුවෙකුගේ ජීවිත කථාව ලෙසය"


<< මං විතරක් නෙවෙයි. මේ රටේ ඉන්න දහස් ගණනක් උන් මං වගේම බාගෙට පිලිස්සුන උන්. මොකද අපිට සම්පූර්ණ අධ්‍යාපනයක් ලබාගන්න අවසර නෑ. අපේ ඉස්කොලෙකට පුංචි ​පෑන් ලයිට් එකක් ගහලා බලන්න. කෘතුකාගරයක තියෙන්න ඕනේ තරම් පැරණි අදහස් වලින් තමයි ඒවා පිරිලා තියෙන්නේ. >>

ලෝකයේ විශාලම ප්‍රජාතන්වාදය කියනා ඉන්දියාවේ නමට ඉස්කොල දහස් ගණනක් තිබුණද අධ්‍යාපනයේ සම අයිතිය සැමට නැත. අධ්‍යාපන ප්‍රතිපත්ති ගල් යුගයේ ඒවාය. දකුණු ආසියාතික අධ්‍යාපනය යනු ප්‍රශ්ණ කිරීමේන් තොරයටත් වීමකි. පවතින සියලු සමාජ සංස්කෘතික යන්ත්‍රයන් බාල්රාම්ට පමණක් නොව මේ මොහෙ​ාතේ අපට බලකර සිටින්නේ එවැනි ගනයේ යටත් වීමකි.

කථාවේ එක කොටසක එක් තැනක බාල්රාම්ගේ සිය පියාට අවම වශයෙන් ගෞරවනීය මිනිසෙකු ලෙස මියැදීමටද අහිමි වීම විස්තර කරයි. ​ඊනියා නිදහස් සෞඛ්‍ය සේවය කෙසේ වෙතත් ඉන්දියාව යනු දැවැන්ත ඔෟෂධ මාෆියාවක මූලස්ථානය වෙයි. එම නිසා මුදල් ඇති අයට පමණක් ජීවත් වීමේ අයිතිය හිමි අතර අනෙක් සියල්ලෝ නිරැවත් මහ පොළව මත දැගෑවී මියැදීමට නියමිතය.

සුදු කොටියෙකුගේ සිට සුදු කොලර් සමාජයට


"White Tiger" හෙවත් මේ සුදු කොටියා තමන්ට බැංගලෝරයේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට හැකි වූ අයුරැ මොනවාට පැහැදිලි කරයි. දුෂ්කර ගමක තේ කඩයක ටී-​ෙකාලුවෙකු ලෙස වැඩකර දිල්ලියේ සල්ලිකාර නිවසක රියදුරෙකු වීමේ සිට සිය ස්වාමියා ඝාතනය කර එම මුදල් රැගෙන සාර්ථක ව්‍යාපාරිකයෙකු වීම දක්වා වන ගමනේ සෑම සුවිෂේශී සංධිස්ථානයක්ම ඔහු චීන ප්‍රධානියාට ලියන ලිපියේ සදහන් කරයි.
එ් තුළ සුවිශේෂීම තැන වෙන්නේ දේශපාලනය සහ මුදල් අතර තියෙන සම්බන්ධය හෙළිදරව් වන අයුරැය. ඉහතින් සදහන් කල රැෂිඩිගේ මැදියම් දරැවෝ හී කියන ලෙසම දෙවියන්ට සහ මුදල් වලට සියලුම දේවල් වෙනස් කළ හැකිවන ලෙසය ගාන්ධිලා විසින් ඉන්දියාව ගොඩනැගුහ.

ටැක්ස් වංචා වලින් බේරීමට දහස් ගණනක් සන්තෝසම් මුදල්, මැතිවරණ සදහා වියදම් කිරීම වැනි ඉතා සාමාන්‍ය "දකුණු ආසියාතික ව්‍යෘපාරික" උපක්‍රම සුදු කොටියා විසින් පොත් තුළ හරි ලස්සනට විස්තර කරනවා.

කුණු වුනු දේශපාලන - සමාජ සම්ප්‍රදායට සමාන්තරව සමාජය කුණු වීමේ යථාර්තය පොත පුරා එක රේඛාවක් විදිහට නොකඩවා ගමන් කරනවා.ඉන්දියාවේ පමණක් නොව දකුණු ආසියාතික සමාජය තුළ අඩු වැඩි විදිහට අපට යෝජනා කරන ප්‍රධානම කාරණය "සල්ලි වලින් ඕන ගේමක්" ගහන්න පුලුවන් කියන එක.

ඒ සදහා වන "White Tiger" හී උදාහරණය අපට මේන්න ​ෙම් විදිහට සංෂිප්ත කරන් පුලුවන්.

>> බාලරාම් හෙවත් "White Tiger" ගේ ස්වාමියා මිස්ටර් අශෝක් ටැකස් වංචා වහන්න මුදල් විසිකරා වගේම රසකැවිලි කුලයේ බාල්රාම් එයාගේ ස්වාමියා මරලා ඔහුගේ මුදල් අරගෙන ඒ මිනීමැරැම වහන්න තමන්ව සොයන පොස්ටරයක් ගහලා තියෙන පොලීසියටම ගිහින් සල්ලි දීලා පොලීසිය ෂේප් කරගෙන බැංගලෝරයේ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් වෙනවා. <<

මේක පොත් කියවනගෙන යද්දී හින්දි චිත්‍රපටයක් වගේ පෙනුනත්, මේ ක තමයි ඉන්දියාවේ විතරක් නෙමෙයි අපි පවා අත්විදිමින් ඉන්න ගද ගහන සත්‍ය.

ඒකට ළගම උදාහරණ සපයන්නේ නූතන ඉන්දියාවේ අගමැති. නරේන්ද්‍රා මූඩි. මූඩිගේ ඉතිහාසය සහ අපේ කථානායකයාගේ ඉතිහාසය එකට තියලා බැලූවාම අරවින්ද්ගේ "White Tiger" කෘතියේ බාල්රාම් අනාගතය හැටියට අපට උපකල්පනය කරන්න පුලුවන් වෙන්නේ ඉන්දියාවේ නූතන අගමැති සහ පත්වීමට නියමත සියලු අගමැතිවරැ.

තේහදපු, RSS නම් අත්වාදී සංවිධානයේ වසර 10 ක් ෆුල්ටයිම් කරපු, ගුජරාටයේ දහස් ගණනක් මුස්ලිම්වරැවන් ඝාතනයට වගකිවයුතු මූඩි අවසානයේ අම්බානිලාගේ සල්ලි බලයෙන් ඉන්දියාවේ අගමැති වෙනවා. ඒක තමයි සත්‍ය.

"White Tiger" කියවනගෙන යද්දී මට එකදිගටම දැනිච්ච දේ තමයි අර්වින්ද් 2008 දී ලියුපු "White Tiger" පොතේ කථානයකයා හෙවත් බාල්රාම්ගේ කථාව ඉන්දියාවේ අලුත් දේශපාලන තූල තවත් දිගටම ගලාගෙන යනවා කියලා.

එක තැනක බාල්රාම් තමන්ව සොයන පොස්ටරය දිහා බලාගෙන මෙන්න මේහෙම කියනවා.

" මේ පොස්ටරේ තියෙන්නේ මගේ රෑපේ වුනාට මේ තියෙන්නේ දහස් ගණනක් ඉනිදියානුවගේ රෑපේ."

මුදල් සහ දෙවියන් එකක් වෙච්ච ​ෙලා්කයක ඒ තියෙන් අපි හැමෝගෙම රෑපේ වෙන්න ගත වන්නේ තත්පර ගානක විතරයි.

ඉන්දියාවේ විතරක නෙමෙයි දකුණු අාසියාවෙම අලුත් දේශපාලනය සහ නිදහස ගැන බාල්රම් මෙන්න මෙහෙම චීන ප්‍රධානියාට විස්තර කරනවා.

" ඉන්දීය විප්ලවය ??

සමාවෙන්න සර්. ඒක වෙන්න නියමිත එකක් නෙමෙයි. මේ රටේ මිනිස්සු තවම විශ්වාස කරන්නේ එයාලගේ නිදහස ලබා ගන්න කරන්න වෙන යුද්ධය කොහෙන් හරි උඩින් පත්වෙයි කියලා. කන්දකින් හරි , කැලෑවකින් හරි එහෙම නැත්නම් චීනයෙන් , නැත්නම් පකිස්ථානයෙන්. ඒ හිංදා මේවා එකක්වත් වෙන්න නියමිත දේවල් නෙමෙයි. ඒ නිසා හැම මිනිහම තමන්ගේ බරණැසක් හදාගතු යුතුයි."

ඉන්දියාවෙන් පමණක් නොව දකුණු ආසියාව පුරාම නිදහස සම්බන්ධව ඇත්තේ මෙවන් අදහසකට වැඩි යමක් නොවේ. බොහෝ මිනිසුන් සිතන්නේ නිදහස උඩින් පාත්වේයැයි හෝ තමන්ගේ සතුරෙකු විසින් තමන්ගේ නිදහස පැහැරගෙන ඇති බවයි.

කෙසේ හෝ අර්වින්ද් අඩිගා එයාගේ "White Tiger" කෘතිය හරහා කරන්නේ සමස්ථ සමාජ යාන්ත්‍රණය නිරැවත් කිරීමක්. එක් එක විදිහකින් පවත්න සිසිටම් එකට කරන විවේචනයක්.


බාල්රාම් අපි උඹගේ ​විවාහයේ සියලු වියදම් දරන්නම්

බාල්රාම් අපි උඹගේ ​විවාහයේ සියලු වියදම් දරන්නම්

අපි උඹගේ බිරිදටත් හුකන්නම්

අපි උඹගේ බිරිදටත් හුකන්නම්

පවතින ක්‍රමය ඇතුලේ කිසිදු දෙයක් නිකමට හෝ අහිංසක ලෙස සිදුවීමට නියමිත නෑ . පොතේ සමස්ථ කථාව කියන්නේ අන්න ඒක.


කතෘ ගැන හැදින්වීමක් - අර්වින් අඩිගා ඉපදෙන්නේ 1984 දී චෙන්නායි හිදීය. ඉන්දීයාවේ මෙන්න ඕට්‍රේලියාවේ,ඇමරිකා එක්සත් ජනපදයේ,එක්සත් ජනපදයේ වරින් වර ජීවත් වූ ඔහු මේ වනවිට මුම්බායි හී ජීවත් වෙයි. "White Tiger" කෘතිය 2008 වර්ෂයේ Man Booker සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානනීය කෘතිය විය.


පසන් ජයතිලක

 

 

 

සිව් මංසල