19 December 2018
RSS Facebook Twitter   

උල්පතෙන් අලූත් ගඟක් !

 

awardසයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන උළෙල 2015

2014 වසරේ තම ප‍්‍රථම නවකතාව/ කෙටිකතා සංග‍්‍රහය/ කාව්‍ය සංග‍්‍රහය මුද්‍රණයෙන් පළ කළ සාහිත්‍යකරුවන් අතරින් අනාගත විශිෂ්ට සාහිත්‍යකරුවා තෝරා සම්මාන ප‍්‍රදානය කෙරෙන සාහිත්‍ය සම්මාන උළෙලක් www.tidbilanka.com මෙහෙය වීමෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 

දිවයිනේ ප‍්‍රසිද්ධ පොත් ප‍්‍රකාශන සමාගම් අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ දි 2014 වසර තුළ තම ප‍්‍රථම නවකතාව/ කෙටිකතා සංග‍්‍රහය/ කාව්‍ය සංග‍්‍රහය මුද්‍රණයෙන් එළි දැක්වූ සාහිත්‍යකරුවන්ගේ කෘති සම්මානය සඳහා සලකා බැලේ.

ප‍්‍රමාණික උගත් සමීක්ෂණ මණ්ඩලයක් මගින් තෝරනු ලබන කෘති 2015 සැප්තැම්බර් මාසයේ පවත්වන උත්සවයක දී සම්මානයට පාත‍්‍ර කෙරේ. මීට සමගාමී ව 2014 වසරේ මුද්‍රණයෙන් එළි දැක් වූ පාසල් සිසුන්ගේ නිර්මාණාත්මක කෘති අතරින් එක් කෘතියක් සම්මානයට පාත‍්‍ර කිරීමට කටයුතු යොදා තිබීම ද මෙම සම්මාන උළෙලේ විශේෂත්වයකි.

මෙම සම්මානය සඳහා සලකා බැලීමට තමන්ගේ කෘති ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සාහිත්‍යකරුවන්ට සහ ශිෂ්‍ය හිෂ්‍යාවන්ට පහත දුරකතන අමතා විස්තර ලබා ගත හැකිය.

0774606900- ගුණසිරි 0725022970 තිඹිරි 0715316568 අනුරසිරි

 

 

 

සිව් මංසල