20 November 2018
RSS Facebook Twitter   

මනෝ කැටුව එන‘ මන්දගාමී පෙම්වතා'

 

mandagamiලේඛකයෙකු, නාට්‍ය නිශ්පාදකවරයෙකු, රංගධරයෙකු වශයෙන් දිගුකලක් මුළුල්ලේ ස්වකීය සෞන්දර්යාත්මක ප්‍රකාශනයන් රසිකයන් හමුවේ තැබූ ජයලත් මනෝරත්නයන් නව මාධ්‍යක් ඔස්සේ ශ්‍රාවක රසිකයන් අතරට පිවිසීමට සැරසේ.

 

ඒ ජයලත් මනෝරතන්යන්ගේ  ගායනයෙන් ඔප් නැංවෙන ගීත ඇතුළත් සංයුක්ත ගී තැටියක් නිකුත් වීමට නියමිත වීමයි. සිනමාවේ සහ රූපවාහිනියේ සහ සිනමාවේ නිරන්තර සම්මානයන්ට පාත්‍රවන කලාවේදී ආනන්ද අබේනායක විසින් මෙම ගී තැටිය සම්පාදනය කර ඇත්තේ ‘මන්දගාමී පෙම්වතා' නමිනි.

ප්‍රධාන ධාරාවේ කවීන් සහ ගේය පද රචකයන් වන රත්න ශ්‍රී විජේසිංහ, වසන්ත කුමාර කොබවක, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, බණ්ඩාර ඇහැලියගොඩ, ධම්මික බණ්ඩාර සමග මනෝද ගී සංකල්පනා තුලින් නිර්මාණය වන  ‘මන්දගාමී පෙම්වතා' හි තනු නිමැවුම් සහ සංගීත අධ්‍යක්ෂණය සිදුකරනුයේ ආචාර්ය රෝහන වීරසිංහ, ජානක ෆොන්සේකා, නවරත්න ගමගේ දර්ශන රුවන් දිසානායක ඩැනිස්ටර් පෙරේරා සහ රංජිත් බාලසූරිය විසිනි.

අනුර රණසිංහ නාද ශික්ෂණයෙන්ද ජානත ෆොන්සේකා අධීක්ෂණයෙන්ද නිර්මාණ දායකත්වය සපයා ඇති මන්දගාමී පෙම්වතා මැයි මාසයේදී කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේදී මුල්වරට එළිදැක්වීමට නියමිත වේ.

80 කණ්ඩායම

 

 

 

සිව් මංසල