19 August 2017
RSS Facebook Twitter   

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

booksශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා වලින් රචිත ලාංකීය නවකතා වෙනුවෙන් පිරිනමන නව සාහිත්‍ය ත්‍යාගයක් ‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යාගය‘ නමින් මෙම වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

Read more...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

bandula sunil madawaගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල

උදය කාලය

අසූව දශකය මුල් භාගය
නිශ්කාෂණ කවුන්ටරය

චෙක් පත් තැන්පතු භාරගන්නා ලිපිකරු ගනුදෙනුකරුවෙකු භාරදුන් චෙක්පතක අණකරු අත්සන් පරීක්ෂා කරයි

Read more...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

gunasiri silvaගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29 වන දින ජනගත කෙරේ.
 
ප්‍රවීණ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා සියරට පුවත්පතට ලියූ කතුවැකි සහ තීරුලිපි එකතුවක්  සංගෘහිත කර සැකසූ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග)  කෘතිය 2015-ජූලි 29 වන දින සවස 03.00 ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී ජනගතකිරීමට කටයුතු යොදා ඇත. Read more...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

victoriaනවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා යමක් ඉදිරිපත් කරනවා වෙනුවට, එය කියවන පාඨකයාට යම් යම් දේ සිතන්නට, යම් යම් දොරටු හා මානයන් ඒ ප‍්‍රබන්ධය තුළින් විවර කරදීම ෟ මෙන්න මේ කාරණය ඉතා සියුම් ලෙස හෙළි පෙහෙළි කරන කෘතියක් ලෙස ලෙස මම මොහාන් රාජ් මඩවලගේ ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාව හඳුන්වා දෙන්න කැමතියි. Read more...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ayrinජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ ගීත රචකයකු වූ හේම ශ්‍රී ද අල්විස් අද අන්ත අසරණ තත්ත්වයට පත් ව ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණා 173, වලපල, පන්සල පාර ,පාණදුර යන ලිපිිනයේ ඔවුන් මේ වනවිට පදිංචිව සිටිනවා.

Read more...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

drohiyage diyaniyaඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය හා සටන් කළාය. දේශපාලන හස්තයෙන් මුග්ධභාවයටද කුහකත්වයෙන් අන්ධභාවයටද පත් මිනිස් වර්ගයා වෙත සානකුම්පිත වූ ඇය, පොදු මිනසි් චිත්තධාරාවන් හා අරගල කළාය. ඇය නමින් ‘ඊන්නා අලෙක්සන්දාව්නා ප්‍රෝහරවා’ය. Read more...

නදීකාගේ ‘රතු සපත්තු’ 28දා

rathu sapaththu 11 07 2015නදීකා බංඩාරගේ පළමු සිනමා කෘතිය ‘රතු සපත්තු’ ජූලි මස 28 වන අඟහරුවාදා සවස 6.30ට රාජගිරියේ ත‍්‍රිකෝණ් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප‍්‍රදර්ශනය කෙරේ. Read more...

සුරේඛාගේ ​'මේ කතාව' හෙට එළිදකී

Sureka

 

කොටහළුව හෙට...!

නිදහස් මාධ්‍යවේදිනී සුරේඛා සමරසේන ගේ ප්‍රථම නවකතාව වන 'මේ කතාව' දොරටවැඩීම සිදුවන්නේ, ජුලි 9 වැනිදා (බ්‍රහස්පතින්දා) පස්වරු 3.00 ට කොළඹ මහජන පුස්තකාලයේ දී ය.

පෙකණිවැල් කෑලි දෙකකින් එකම තුන්පත් රෑණකට ගැටගැසුණු, 'කිරිඅම්මෙක් - අම්මෙක් - දුවක් හෙවත් මිණිබිරියක්' යන ප්‍රධාන චරිත ත්, සෙසු ස්ත්‍රී චරිත ත්, සමඟ අත්වැල් බැඳගන්නා 'සුරේඛා සමරසේන' ද එහි ම චරිතයක් බවට පත් වෙමින්, අපට කියන්නට හදන 'මේ කතාව', පරිපූර්ණ මනඃකල්පිතයක් ලෙස නොව, අර්ධ සත්‍යයක් ලෙස ගෙන කියවිය යුතු කතාවක් බව එහි පෙරවදනින් ම අවධාරණය කර ඇත. එමෙන් ම මෙම කෘතිය, සහමුලින් ම 1971 න් පසුව ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම් වලට සංවේදී වන අතර, විශේෂයෙන් නව වමේ දේශපාලනයට ඇයි හොඳයිකම් කී ස්ත්‍රීන් ගේ මානයෙන් ශ්‍රී ලංකාවේ නව වමේ සහ විකල්ප ගෝත්‍රයේ සමාජ දේශපාලනික සංස්කෘතික හැසිරීම් විවරණය කරයි.

සමන් වික්‍රමාරච්චි, කේ.කේ. සමන් කුමාර යන දේශකයින් විසින්, කෘතිය දොරටවැඩීමට සමගාමී ව කෘතිය පිළිබඳ සිය විවේචන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වී සිටී. කුමාරි කුමාරගමගේ විසින් පොත උපුටා කියවමින් ද සම්පත් පෙරේරා විසින් පූරක කටයුත්ත කරමින් ද අවස්ථාව හැඩ ගන්වනු ඇත.

'මේ කතාව', 'සයුර ප්‍රකාශන' යකි.

ධර්මසිරි පාරාදීසය සොයමින් සරයි

Darmasiri

කලාව යනු කුමක්ද යන්න නිර්වචනය කරන ටෝල්ස්ටෝයිගේ මතය සම්පිණ්ඩනය කොට පහත පරිදි දැක්විය හැකිය. කලාව වූ කලී කලාකරුවා විසින් සිතාමතාම කරනු ලබන මානව ක්‍රියාවලියක් මිස ඉබේ පහළවන්නක් නොවේ. කලාකරුවා විසින් වින්දනය කර ගනු ලැබූ වේදයිතයන් ඒ අයුරින්ම අන්‍යයන් (එනම් පාඨක ප්‍රේක්ෂක ආදීන්) තුළ දැනවීම කලාවේ කාර්යයකි. කලාව මඟින් ජනිත කෙරෙන වේදයිතයෙහි අන්‍යයන් ආස්වාදනය කිරීමේ ශක්තිය තිබුව මනාය. කලාව වූ කලී එකම වේදයිතයක් මඟින් මිනිසුන් සුසංයෝග කෙරෙන මාධ්‍යයකි.

අවසාන වශයෙන් කලාව මිනිසාගේ පැවැත්ම සහ අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය මාධ්‍යයකි. ලොව සියලු පරම්පරාවන්ට ඥානය සන්නිවේදනය කරන්නා වූ සියලු විද්‍යාවන්ගේ රැජිණ කලාව යනුවෙනුයි ලියනාඩෝ ඩාවින්සි පවසන්නේ. කලාව පිළිබඳ ඉහත නිර්වචන හෝ ලොව විසූ දාර්ශනිකයන්, ශ්‍රේෂ්ඨ කලාකරුවන් විසින් අර්ථ නිරූපණය කොට ඇති පරිදි අවසාන වශයෙන් කලාව හා ජනතාව අතර අත්‍යන්තයෙන්ම බැඳුණු සම්බන්ධයකින් වියුක්ත වූ කලාවක් ලොව පැවතිය නොහැක්කේය.

මේ පසුබිම මත හිඳිමින්, අපගේ ජනසමාජයේ පුළුල් හරස්කඩක් තම ලේඛන මාධ්‍යයෙන් හා සිනමා මාධ්‍යයෙන් ප්‍රකාශ කළ කලාකරුවන් දෙදෙනෙකු පිළිබඳවත් වෙසෙසින්ම සිනමාව තම ප්‍රකාශන මාධ්‍යය ලෙස තෝරාගෙන සිටින සිනමාකරුවකු ගේ විශිෂ්ට නිර්මාණයක් පිළිබඳවත් කෙටි සටහනක් හෝ ලියා තැබිය යුතු යයි මට සි‍තුනේ, ධර්මසිරි බණ්ඩාරනායක සිනමාවේදියා විසින් මිථ්‍යාමතික අතීතයේ සිට බණ්ඩාරනායක ඝාතනයේ යථාර්ථය දක්වා ඉතිහාසයෙන් බිඳක් ගෙන හැර පෑ පාරාදීසය සොයා නම් වූ වාර්තාමය චිත්‍රපටයේ සිංහල පිටපත නැරැඹීමෙන් පසුය.

කඳුළු සලන පාරාදීසය වික්ටර් අයිවන් නම් මාධ්‍යවේදියාගේ රූපාකාරයෙන් කළ ප්‍රතිනිර්මාණයක් සේ (Pictorial re – creation) සේ හැඳින්වීමට කැමැත්තෙමි. 2006 දී ප්‍රකාශයට පත් වූ මේ කෘතියෙහි ශ්‍රී ලංකාවේ ඉතිහාසයට හා එහි මෑත කාලීන විකාශය දක්වා අදාළ කළු සුදු ඡායාරූප හාරසියයක් පමණ ඇතුළත් ය. විජයාවතරණය, මහින්දාගමනය සිට 1959 බණ්ඩාරනායක ඝාතනය තෙක් අප රට තුළ සිදු වූ සමාජයීය, දේශපාලනික, ආගමික, ආර්ථික වෙනස්වීම්, ප්‍රධාන ජාතීන් අතර වූ සංහිඳියාව බිඳ වැටී ජාතිවාදී, වර්ගවාදී ගැටුම බිහිවී වර්ධනය වීම, පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතීන්ගේ ආක්‍රමණ හා නිදහස ලබාගැනීම තෙක් මෙරට දේශපාලන, ආර්ථික සංසිද්ධීන් හා පශ්චාද් නිදහස් ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා රට තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා කළා වූ ඡායාරූපාවලිය තුළින් වික්ටර් අයිවන් මාධ්‍යවේදියා විසින් කැන්වසයක අඳින ලද මහා චිත්‍රය ධර්මසිරි බණ්ඩාරනායක සිනමාවේදියා විසින් අපූරු සිනමාරූපාවලියකට පරිවර්තනය කරගනිමින් කැමරාවට හසුකොටගෙන ප්‍රේක්ෂකයනට පිරිනමන්නේ වාර්තා චිත්‍රපටයක් යයි කීවද, එය දෙහෝරාවකුත් අඩක් පමණ දිවෙන වෘත්තාන්ත චිත්‍රපටයක් ලෙසින් ප්‍රේක්ෂක ග්‍රහණය රඳවා තබාගන්නා නිර්මාණයක් ලෙසිනි. නිශ්චල ඡායාරූපාවලියක්, ඓතිහාසික කාලවකවානු සිද්ධි, අනුපිළිවෙළ නොබි‍ඳෙන ලෙස ද, ඉතිහාසය පිළිබඳ දැනුවත් ප්‍රේක්ෂක සමූහයාගේ විශ්වාසනීයත්වය නොබිඳෙන අයුරින් ද රූගත කිරීම හා අධ්‍යක්ෂණය කිරීම අතිශයින් දුෂ්කර කටයුත්තකි. අභියෝගයකි. තිරරචනයේ ඇතැම් තැනක අඩු ලුහුඬුකම් දැනුණ ද, සමස්ත නිර්මාණයේ කලාත්මක ඒකාග්‍රතාවයට හානි නොවන ලෙසින් අධ්‍යක්ෂණය කොට තිබීම මඟින් ධර්මසිරි බණ්ඩාරනායක නම් වූ අධ්‍යක්ෂවරයාගේ සිනමා කාර්යයේ ප්‍රතිභාව මොනවට පෙන්වයි. වගුරට නරනිඳුගේ රාජ පරම්පරාවේ ප්‍රභවය පිළිබඳ චිත්‍රය ඔස්සේ මෙරට දේශපාලන, ආගමික, ආර්ථික හා සමාජයීය විකාශය පෙළගස්වා ඇති ආකාරය ප්‍රශස්තය.

පූර්ව හා පශ්චාද් නිදහස් ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය, අධ්‍යාපනය, ආර්ථිකය මෙහෙයවූ පරම්පරා උඩරට, පහතරට භේදය, ආගමික හා ජාතික ගැටුම් හා විෂමතා වර්ධනය වීම, ඉංග්‍රීසි පාලකයන්ගේ මැදිහත් වීම ආදී අනුමාතෘකා ‍රැසක් ඔස්සේ විකාශය කරනු ලබන මූලික සිද්ධි දාමය තුළ අන්තර් සම්බන්ධතාවය රැකෙන’යුරින් අධ්‍යක්ෂණය වී තිබීම නිසා වාර්තා චිත්‍රපටයක් නැරඹීමෙන් ඔබ්බට ගිය අත්දැකීමක් විඳගැනීමට ප්‍රේක්ෂකයනට අවස්ථාව සැලසේ. මෙරට ආර්ථිකයේ මර්මස්ථාන භාරව සිටි පහතරැටියන් අරක්කු රේන්දය සමඟ උඩරටට සංක්‍රමණය වී සමාජගතවීම මෙම නව ධනපති පංතිය මෙරට විශිෂ්ට දානපතියන්ගේ භූමිකා තුළට පිවිස බෞද්ධ අධ්‍යාපන ආයතන පිහිටුවීමෙහිලා මුල් වී ක්‍රියා කළ ආකාරය උත්ප්‍රාසාත්මකව ඉදිරිපත් කිරීමට තිරරචකයාත්, අධ්‍යක්ෂවරයාත් සමත් වෙයි. අරක්කු රේන්දයේ කළමනාකාරීත්වය දරමින් අමද්‍යප ව්‍යාපාරයේ සෙන්පතියෙකු ලෙස කටයුතු කළ ඇතැම් පුද්ගල චරිත පිළිබඳ තොරතුරු දැනගන්නා ප්‍රේක්ෂකයා ඔවුන්ගේ ඊනියා සිංහල බෞද්ධකම පිළිබඳ දානපතිත්වය පිළිබඳ යටි සිතින් සිනාසෙයි. මුද්‍රිත ග්‍රන්ථයකින් කියවා ලබාගත නොහැකි ආකාරයේ අගනා තොරතුරු සම්භාරයක් දුලබ, ඓතිහාසික ඡායාරූප මඟින් ද ඒවාට වඩාත්ම උචිතතම කථනය ඔස්සේ ද ගොඩනැංවීමට ධර්මසිරි තම මාධ්‍ය භාවිතයේ දැනුම හා පරිචය මනාව උපයෝගී කර ගනී. එවකට පැවැති රජයට මුහුණපාන්නට සිදු වූ වෘත්තීය සමිති විරෝධතා වැඩ කරන ජනතාවගේ පිබිදීම පිටුපස සිටි මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාර හා නායකකාරකාදීන්ගේ දේශපාලන දර්ශනය පාර්ලිමේන්තු මැතිවරණ කෙරෙහි කරනු ලැබූ බලපෑම ඔස්සේ අගමැතිවරයෙකුගේ ඉල්ලා අස්වීම මහ මැතිවරණයකදී පංච මහා බලවේගය සංවිධාන කොට බලමුළුගන්වා, බලයේ සිටි බලගතු ධනවාදී නැඹුරුවකින් යුත් ප්‍රධාන දේශපාලන පක්ෂයේ බලය පාර්ලිමේන්තුව තුළ නොවැදගත් සාධකයක් බවට පත්කිරීමේ සිදුවීම් පෙළ මනා සංවිධානයකින් කුළුගන්වා අවසානයේ 1956 දී මෙරට දේශපාලනයේ සිදු වූ ඓතිහාසික වෙනස්වීම, පොදුජන ජයග්‍රහණය පිටුපස හුන් බලවේග ඉතා කෙටි කලකින් තමන් විසින් බලයට පත් කරනු ලැබූ රජයට හා අගමැතිතුමාට තර්ජනයක් වන ලෙස හැසිරීම අද දවසේ මෙරට දේශපාලනය තුළ සිදුවෙමින් පවත්නා තත්ත්වයන්හි පූර්වගාමී ස්වභාවය පෙන්නුම් කරන බවයි ප්‍රේක්ෂකයන්ට හැ‍ඟෙන්නේ.

පාරාදීසය සොයා ධර්මසිරි බණ්ඩාරනායක සරන මේ ගම‍නේ දී ප්‍රේක්ෂක අපි ද ඔහු සමඟ එක්වන්නෙමු. බණ්ඩාරනායක අගමැතිතුමාගේ සිරුර වෙඩි උණ්ඩයකින් නිසල වූ අවස්ථාවෙහි සමීප රූපයකින් වාර්තාවේ කූටප්‍රාප්ත අවස්ථාව සටහන් කරනු ලබන ධර්මසිරි විසින් පවසනු ලබන්නේ මෙය අවසානයක් නොව ආරම්භයක් පමණක් බවයි. එදින ඝාතනයෙන් ඇරඹුණු අප රටෙහි වර්තමාන ඉතිහාසය වාර්තා චිත්‍රපටයකට නගන්නෙකුට, පාරාදීසයක් නම් සොයා යන්නට නොලැබෙන බව අපි දනිමු. පාරාදීසය යනු හුදු අතීතයට එක්වූ විශේෂණයක්ම නොවන්නේදැයි අපට කල්පනා වේ. ධර්මසිරිගේ මේ චාරිකාව රූප මාධ්‍යයෙන් පවසන්නට ඔහුට තිරරචනයෙන් දායක වූ ගාමිණී වියන්ගොඩ, සංගීතය නිර්මාණය කළ හර්ෂ මාකලන්ද නිෂ්පාදනය කළ සහජීවන මධ්‍යස්ථානයත් ඉදිරිපත් කරනු ලැබූ ත්‍රිකෝණ සංස්කෘතික පදනමත්, ඉටුකොට ඇත්තේ අමිල කාර්යභාරයකි. පාරාදීසයක් ලෙස හැඳින්වූ වර්තමාන ශ්‍රී ලංකාව තවමත් වෙළාගෙන ඇති ජාතිවාදී අඳුරු සෙවණැලි කවදා කෙසේ මැකී යාවිදැයි යන සිහිනය පමණි අද අපට ඉතිරිව ඇත්තේ.

බුද්ධදාස ගලප්පත්ති | Dinamina

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ටෝනි

tony-Ranasinghe

ටෝනි රණසිංහගේ නික්මයාම ටිකක් බරට මගේ හිතට දැනුනේය. එය බරපතළ අහිමිවීමක් ලෙස මගේ හදවත කියයි. ටෝනි යනු රංගන ශිල්පීන් ගුරුකොට ගත යුතු චරිතයකැයි හඟිමි. ඔහු රංගනය ඇෙඟ් වැඩක් විතරක් නොව දැනුමේද බුද්ධියේ ද මනා සංකලනයක් බව සිය ජීවිතයෙන්ම ඔප්පුකොට පෙන්වීය. ටෝනි කලාකරුවෙකු ලෙස කි‍්‍රයාකාරීව සිටි අවධිය ශිල්පයක් වටා දැනුම එ්ක රාශි වූ යුගයකි. ටෝනි, ගාමිණී, ජෝ, විජය ඔය කවුරුත් පාහේ අවශේෂ කලාවන් ඇසුරු කරමින් තමාගේ ශිල්පයන් පොහොසත් කිරීමට වැර වෑයම් කළෝ වෙති. ටෝනි හා ගාමිණී ද්විභාෂික උගතුන්ද වූහ. ජෝ ගැමි සංස්කෘතිය ගැන අපූරු සංවේදිතාවයන් තිබූ නළුවෙකි. විජේ බුද්ධිමතුන් ඇසුරට පි‍්‍රය කළ ඔවුන්ට ගෞරවය දෙමින් නිහතමානීව යමක් ඉගෙන ගැනීමට පි‍්‍රය කළ නළුවෙකි.
රංගනය පිළිබඳව ඉගෙනීමට ආයතනයක් නොමැති ලංකාවේ දී ටෝනි එය පොත පතින් හැදෑරූ අයුරු එක් රූපවාහිනී වැඩ සටහනකදී හෙළි දරව් කළේ ය. මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා මුල් අවධියේ ටෝනිට ලබා දුන් පොත පත පේලියෙන් පේලිය දෙතුන් වර කියවමින් අවබෝධකරගත් අයුරුත් ඒවා රංගනයේදී උපයෝගී කරගත් ආකාරයත් හෙළි කළේ ය.
2002 වසරේ දී එක්තරා දිනයක මා සේවය කළ ආයතනයේ ප‍්‍රචාරක කටයුත්තකට සහාය ලබා ගැනීම ගැන සාකච්චා කිරීමට ගාමිණී ෆොන්සේකා හමුවූයේ අද රටේ සිටින ප‍්‍රබල චරිත තුනක් ද කැටිවය. ලෙඩ ඇඳේ සිටි ගාමිණී සමග සතුටු සාමිච්චියේ දී අප සමග ගිය එකී මහතෙකු පහත ප‍්‍රශ්නය ඔහු වෙත යොමු කළේ ය. එ් මෙසේ ය. ‘අපි දන්නවා සිංහල සිනමාවේ මහ නළුවා ඔබයි. එහෙත් ඔබට කිව්වොත් දෙවැන්නා නම් කරන්ට කියලා ඔබ නම් කරන නළුවා කවුද?’
ගාමිණී මදක් සිනාසී ඔහුගේ සුපුරුදු බැ?රුම් මුහුණින් මෙසේ පැවසීය. ‘ඔයාලා හිතන්නේ ජෝ අබේවික‍්‍රම කියලා වෙන්න ඇති... ජෝත් දක්ෂ නළුවෙක්. ඒත් මගේ තේරීම නම් රෝනි රණසිංහ කියලා...’
ඔහු ඒ සඳහා පාදක වූ කරුණු ගණනාවක් අපට පෙන්වා දුන්නේය... ගාමිණී කී දේවල් ඇත්ත යයි මටද සිතුණි. එහෙත් මට නම් ජෝ හා ටෝනිගේ දක්ෂතා ගැන ඇත්තේ සමාන හැඟීමකි.
අපේ සිතේ නැගෙන ප‍්‍රහර්ශය රූපමය භාෂාවකට නැඟීමට ඕනෑ තරම් නළුවෝ සිටිති. එහෙත් අපේ පශ්චාත්තාපයත්, සාංකාවත්, පපු තුල දැල්වෙන ගින්දර, ඊර්ෂ්‍යාව මේ සියල්ලේ අනේක විධ ප‍්‍රබේදයන් රූපමය භාෂාවකට නැඟීමට හැම නලූවාටම නොහැකිය. එ් දුෂ්කර හැඟීම් රූපමය භාෂාවකට නැගීමට සමත් වූ ඉහළම නළුවා ටෝනි රණසිංහ යයි මට සිතේ. එ් කරුණේ දී ගාමිණී ෆොන්සේකාද සිටින්නේ ඊට පසුව යයි මට සිතේ. එකී භාව විෂයයන් නිරූපණය උදෙසා ටෝනි විශේෂ කැමැත්තක් දැක්වූවා යයි සිතෙන්නේ නාට්‍ය නිෂ්පාදනයේදී ඔහු තෝරා ගන්නා ලද පරාසය ගැන සිතෙන විටය. ශේක්ෂ්පියර් නාට්‍ය ඔහුගේ නාට්‍ය පරාසය විය. ශේක්ස්පියර් නාට්‍ය භාවමය රූපනයට විශේෂ තැනක් දුන් නාට්‍ය ලෙස සැලකිය හැකිය.
මධ්‍යම පාන්තික මැදි වයස් මිනිසාගේ පේ‍්‍රමය සිංහල සංස්කෘතිය තුළ ගර්හිත එළඹුමකි. එහෙත් එයට කාව්‍යාත්මක චමත්කාරයක් දනවන ලෙස රූපනය කිරීමට ටෝනි සමත් වූ ආකාරය පවුරු වළලූ චිත‍්‍රපටයෙන් පෙනේ. එහි තරුණ කාලයේ තම පෙම්වතිය වූ තැනැත්තිය වයස්ගත අවධියේ යළි හමු වූ විට ඈ (නීටා ප‍්‍රනාන්දු) මෙසේ විමසයි.
‘මහත්තයාගේ ළමයි දැන් හුඟක් ලොකු ඇති’ එ විට පිළිතුරු දෙන ටෝනි මෙසේ පවසයි.
‘ලොකු ළමයි ඉන්න කසාද බඳින්න එපැයි’
මේ සරල වාක්‍ය ඛණ්ඩය පැවසීමට ටෝනි දක්වන රංගන හැකියාව එය නරඹා පහළොස් වසරකට පමණ පසුවත් මසිතෙහි මැවී පෙනේ.
දුහුලූ මලක් චිත‍්‍රපටයේ ලිංගික ඊර්ෂ්‍යාවන් හිතේ දරාගෙන බිඳී යාමට ආසන්න සිය කුටුම්භය රැුක ගැනීමටත්, සිය වෘත්තියේ ගෞරවය රැුක ගැනීමටත්, වෙර දරන මැදිවියේ කථිකාචාර්යවරයාගේ චරිතය දුහුලූ මලක් චිත‍්‍රපටයේ ටෝනි විසින් නිරූපණය කළ අයුරු ඔබට මතකද? එවැනි චරිතයක් ඒ තරම් උසස් ලෙස නිරූපණයට හැකි සමතෙකු ගැන ඔබට වැටහීමක් තිබේද?
ටෝනි ඇසුරු කළෝ ඔහුගේ බරසාර බව ගැන මහත්සේ කතා කරති. ඔහුගේ දැනුම හා ඇසූ පිරූ තැන් ඇති බව පසුකර යා හැකි කිසිවකු රංගන ක්ෂේත‍්‍රයේ විශේෂයෙන් සිනමා රංගන ක්ෂේත‍්‍රයේ බිහිවී ඇතැයි මම නොසිතමි.
ලංකාවට ෂේක්ෂ්පියර් නාට්‍ය හඳුන්වාදීමේ පුරෝගාමියා ටෝනි රණසිංහය. ඔහු සතු පෘථුල ඉංගී‍්‍රසි හා සිංහල දැනුමත්, පර්යේෂණ ලැදියාවත් නිසා ප‍්‍රමුඛ ෂේක්ෂ්පියර් නාටක බොහොමයක් නාට්‍ය වශයෙනුත් නිෂ්පාදනය විය. සමහරක් පෙළ වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරිණි. වැනීසියේ වෙළෙන්දා නිෂ්පාදනය ද පරිවර්තනය ද කරමින් ෂයිලොක් චරිතයට පනදුන් අයුරු අපූරුය. මා හිතන අන්දමට ඔහුගේ ෂේක්ෂ්පියරියානු නාට්‍ය පෙළකට ඔහුටත් වඩා සාධාරණය ඉෂ්ට කළේ හෙලේනා ලෙහෙත්මකී (එකල පින්ලන්ත තානාපතිවරයාගේ බිරිඳ* යයි සිතමි. ටෝනි රණසිංහ පරිවරත්නය කළ හෙලේනා නිශ්පාදනය කළ ඵසා ීමපපැර භසටයඑ ෘරු්ප නාට්‍යයේ සිංහල නම වූයේ ගිම්හානයේ දුටු සිහිනයක්’ ය. එය පරිවර්තනයයක් මෙන්ම පොහොසත් නිෂ්පාදනයක් ද විය.
ටෝනිගේ මහත්මා පෙනුමද, මහත්මා රඟපෑම්ද කලාව විෂයයේ මහත්මා දායකත්වයද අපගේ භාවමය ලෝකය පිනවූයේය. සැබැවින් ම ඔහු පරමාදර්ශී නළුවෙකි.

-http://iranamvila.blogspot.ca/2015/06/blog-post.html

ප්‍රශ්ණය ඇත්තේ "දේදුණු පින්තුරයේ" පිටුපස ය.

 

pic


මේ දවස්වල හැම කෙනාගෙම ෆේසු බුක් ප්‍රොෆයිල් දේදුනු වර්ණ වෙලා. හේතුව තමයි ඇමරිකා එක්සත් ජනපදය තුළ සම-ලිංගික විවාහ නීතිගත වීම. ඒක ​ෙඑතිහාසික තීන්දුවක්. ඒකේ කිසිදු ​තර්කයක් හෝ සැකයක් නෑ. තමන්ගේ ආදරය බෙදාගන්නා ඈය හෝ ඔහු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රාජ්‍යයට ඉඩක් නෑ. ඒ නිසයි ඒ තීන්දුව ඉතිහාසගත වෙන්නෙ. ඒ තීන්දුවත් සමගම ​ෆේසු බුක් ඈප්ස් එකක් එළියට දැම්මා තමන්ගේ ප්‍රොෆයිල් පින්තූර දේදුණු වර්ණ ගන්වලා එම තීන්දුවට සහය පළකරන්න. ආසියාවේදී බොහෝ දේවල් වෙනවා වගේම මේ කැම්පේන් එක දුවන විදිහ බලාගෙන ඉන්න එක හරි වටිනවා. විශේෂයෙන්ම ලංකාව වගේ දූපතක මේ කැම්පේන වැඩේ දුවන විදිහ දෙස බැලීම සමාජය සම්බන්ධව වෙනස් විදිහක අධ්‍යයනයක්. මේ පින්තුරේ වෙනස් කලේ සමාජයේ විකල්ප කියලා හදුන්වන කොටස් විතරක් නෙමෙයි රාජපක්ෂලා වැනි පිස්සුන් වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන අය, සිංහල ජාතිකවාදයේ පියවරැ සහ පුත්තු ලෙස පෙනී සිටින අය පවා මේ පින්තුර වෙනස් කිරීමේ කැම්පේන් එකේ ඉන්නවා.

ඒ නිසා කවුරැහරි පිටින් බැලුවොත් පෙන්නේ මාරයි නේ !! ලංකාව කියන තරම් නරක නෑනේ. සම-ලිංගික විවාහවලට පවා කැමතියි. එකට සමාන්තර අපට ලංකාව විග්‍රහ කරන්න වෙන්නේ ලංකාව කියන්නේ තවම කිසිදු තියරියකට දාන්න බැරි මොකද්දෝ අච්චාරැවක්. මේක වෙන්නේ 77 ජේ ආර් උන්නැහේ කරපු අච්චාරැවත් එක්ක. නමුත් මේ වෙද්දි කිසිදු හැඩයත් නැති වෙලා ඔක්කොම එකට කැලතිච්ච සමාජයක් බවට පත්වෙලා.

රාජපක්ෂලා ව​ෙග් හරක්ට, ඥාරසාර වැනි පිස්සන්ට වැදපුදන ගමන්නම සම-ලිංගික විවාහ වෙනුවෙන් සහයත් පලකරනවා. මේ ඔක්කොම එකට තියලා බලන්නකෝ කොහොමද අචාච්රැවේ තරම කියලා.

ඇත්තටම ඔය පින්තූර වෙනස් කරපු අයගෙන් කෙනෙක්ගේ පවුලේ කෙනෙක් සම-ලිංගික වුනොත් හරි ලංකාවේ සම-ලිංගික විවාහ නීතිගත කරන්න ගියොත් ඔය පිරිස් ඇත්තටම භූමියේදී සම-ලිංගිකත්වයට ගරැ කරයිද? එතකොට ඔය ඇමරිකාවම ලංකාව නම් වූ තව්තිසාව විනාශ කරන්නට පැමිණෙන අන්තර් ජාතික කුමන්ත්‍රණයක් වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා.

සම-ලිංගික නොමෙයි විශම ලිංගික දෙන්නෙක් එකට කොහේ හරි හිටියොත් අශෝබන හැසිරීම් කියලා ඔය කියන ජනයාම 119 කොල් කරලා අල්ලා දෙන රටක් මේක.

ලිංගික ශ්‍රමිකයන් දඩුකදේ ගසන්න ඕනේ විතරක් නෙමයි අර රත්නපුරේ බට්ටි නම් කන්තාවගේ ප්‍රශ්ණයේදී ඊට ඇයට නීති සහ සමාජ රැකවරණ සපයන්නට ඉදිරිපත් වූ තරැණු පිරිස පවා දඩු කදේ ගසන්න ඕනේ කිව්ව රටක් මේක.

උතුරේ දෙමළ තරැණියන් දුෂණය කරලා බල්ලො ව​ෙග් මරලා දාද්දි දකුණේ සාජ්ජ දැපු රටක් මේක.

ඒඩ්ස් මර්ධනය කරන්න කොණ්ඩම් බෙදන කොට එ් බෙදන මිනිස්සු සම ලිංගිකත්වය වෙනුවෙන් ප්‍රවර්ධන කාර්්‍යයේ යෙදෙනවා කියලා ඒ අයව සී අයි ඩී එක්ට ගෙනල්ලා පීඩාවට පත්කරපු රටක් මේක.

කො​ටින්ම දහස් ගණනක් අහිංසකයන් අමු අමුවේ මරලා දාලා ආදරයේ අංශ්‍රමාත්‍රික වටිනාකමත් අහිමිකරගත් රටක් මේක.

එහෙව් රටක් එහෙව් රටක් හදන්න ඉහමොළ හෝදපු ජනතාවක් පින්තූර වෙනස් කරගත් පමණින් කිසිවක් වෙනස් වීමට ඉඩ නෑ.

නමුත් මේක හොද අවස්ථාවක් සංවාදයක් ගොඩ නගන්න.

මට මතකයි එක වතාවක් කයන්න වියන්න කවය ඉසුරැ චාමරගේ කවිපොතක් සංවාදයට ගන්ත අවස්ථාවක ලංකාවේ ප්‍රධාන සම-ලිංගික ක්‍රියාධරයන් කීපදෙනෙක් එයට සහභාගී වුනා. හරි ලස්සනට ආදරයට ලිංග බේදයක් නෑ කියලා නිල අල්ලන බොහෝ කවි ඉසුරැගේ කෘතියේ අන්තර්ගත වුනා.

එතැනදීත් අපේ අදහස මේ විදිහටම ඉදිරිපත් කලා. අපි කියන්නේ සම-ලිංගිකත්වය සමාජය තුළ සාමාන්‍ය මනුෂ්‍ය සම්බන්ධතාවයක් ලෙස ස්ථාන ගත කරන්නට එළියේ සමාජයට වගේම ඔවුන්ටත් විශාල වැඩකොටසක් කරන්න තියෙනවා.

ඒකෙදි සම-ලිංගිකත්වය සම්බන්ධයෙන් තියෙන මැජික් සෙන්ටිමෙන්ටල් එකට කඩන්නේ කොහොමද කියලා ක්‍රම උපාය විදි හොයාගන්න වෙනවා. තමන්ව සමාජය තුළ සාමන්‍යකරණය කරන්න වෙනවා. ලිංගික සම්බන්ධතාවයකට එහා ගිය මානව සම්බන්ධතාවයක් වෙත සංවාදය දිගු කරන්න වෙනවා. එහෙම කරන්න ගියාම සම-ලිංගිකයන්ට සමාජය තූළ තම අනන්‍යතාවය සහිතව පෙනී සිටින්නම වෙනවා. ඔවුන් සමාජ රැකවරණය හදන්න වෙන්වෙන් සමාජ තුළින්ම නිසා අදාළ කොටස වලට සමාජයේ අනෙක් දේශපාලනික සත්වයන් හා සම්බන්ධ වීමට නියමිත වෙනවා.

නමුත් ලංකාවේ සම-ලිංගික සංවාදය තියෙන්නේ තවම ලිංගික සංවාදයක් තුළ. අපි නැවතත් කියන්නේ ඒ සංවාදය මානව සම්බන්ධතාවයක් වෙත දිගුකර යුතුයි.ඔවුටද සමාජයේ සමාජ දේශපාලන ප්‍රශ්ණ මගහැර යා නොහැකියි. තමන්ගේ අයිතීවෙනුවෙන් සටන් කරන්න වෙනවා කියන්නේ එක් තියුණු දේශපාලන ලක්ෂයක් සලකුණු කරන්න වෙනවා කියලා.

නැතිනම් වෙන්න නියමිත ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාරයට වෙච්ච දේම පමණයි. මුලධාර්මික් අගයන් අහිමී ගොස් විලාස්තාවක් වෙත විතැන් වීම.

එම නිසා අප අවසානෙයේ නැවතත් කියන්නේ ප්‍රශ්ණය තියෙන්නේ දේදුණු රෑපයට යටින් කියා.

පසන් ජයතිලක

 

 

 

සිව් මංසල